Back to Top

Monthly Archives: November 2014

Facebook වර්ධන වේගය බෙහෙවින් අඩුවෙමින් ඇති බවට…

    Global Web Index අලුත්ම වාර්ථා හෙලි කරන්නේ මාසිකව භවිතාකරන්නන් බිලියන 1.35ක් යනෙන Facebook තවමත් ලොව විශාලතම සමාජ ජාලාව වූවද Tumblr ලොව වැඩිම වේගයකින් වර්ධනය (Growth in active users) වෙම්න් තිබෙන සමාජ ජාලාව බවය. එම වාර්ථා පැහැදිලි කරන්නේ පසුගිය මාස 6 සැලකීමේදී Facebook වල වර්ධන වේගය 2%ක් වන විට Tumblr වල වර්ධන වේගය 120% වන බවය. Pinterest හා Instagram පිලිවලින් 111%ක හා 64% ක වර්ධන වේගයක් දරමින් සිටින බවටයි එහි වාර්ථාවෙමින් ඇත්තේ. අනෙකුත් ප්‍රධාන සමාජජාලා සැලකීමේදී LinkedIn (54%), Twitter (26%), YouTube (25%) හා Google+ (16%) ලෙසටත් එම වාර්ථාව හෙලිකර සිටිනවා. Facebook වෙතට වන අවධානය අඩුවීම වාර්ථා වූ තවත් සටහනක් හෙලි කර සිටින්නේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය භාවිතාකරන්නන්ගේ 50%ක්ම 2013 වසරට සාපේක්ශව එහි පැමිනීම ඉතා අවම කරන්නට පටන් ගෙන ඇති බවයි. මේ අතර Facebook වෙතින් පලවූ තවත් නිවේදනයකට අනූව තමන් තම අඩවියේ පලවන ප්‍රවර්ධන වෙළඳ දැන්වීම් වල සංක්‍යාත්මක ප්‍රමානය අඩුකිරීමේ වැඩපිලිවලක් පිලිබදව මේ වන විට සලකමින් සිටින බවටයි දැක්වූවේ. ඉහත කී Global Web Index වාර්ථාව වැඩි දුරටත් හෙලි කරන්නේ නව සාමාජිකයින් පැමිනීමේ වේගයද 6%ක් වන විට Pinterest 57% Tumblr (45%), Instagram (36%), LinkedIn (27%), Twitter(18%) ලෙසට වාර්ථා වෙමින් ඇති බවයි.

වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට…

  වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට වන බලාපොරොත්තුව තවමත් වලංගුය. හදාරන්නන් අනාවැකි පලකරන්නේ මෙතෙක් ලොව පහලවූ කිසිඳු තාක්ෂනයක් අත්පත් කර නොගත් තරමේ භාවිත අවකාශයක් එය දැනට මත් අත්පත් කරගෙන තිබෙන මුත් එහි හැකියා වපසරිය තවමත් නව යොවුන් වියේ වෙමින් වඩාත් පැහැබර අනාගතය හෙට වනු ඇති බවට නෙක ආකාර ලෙසින් බලාපොරොත්තු දෙමින් සිටින බවකි. ජීවිතය වටා වූ බොහෝ කාරනාවන් සදහා එය පැහැදිලිවම සාර්ථක මැදිහත් කරුවෙකු වෙමින් සිටිනවා සේම හෙට දිනයේ මිනිස් සිරුර මෙන්ම මිනිස් මනස විනිවිද යන්නට ඇගිලි ගනිමින් සිටින බවකි ඔවුන්ගේ යෝජනාව වන්නේ. තවමත් සමහර දෑ සිනමා වැනි නිර්මාණකරුවන්ගේ සීමාවේ වන මුත් පෙරදී මෙන්ම වෙනත් තාක්ෂණයන් වලදී මෙන් ඒවා දස වසර සංක්‍යාවලින් පැමිනීමේ දින මැනීම මෙම විෂයේදී වලංගු නොවන බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. විටක අයෙක් නිඳි යහනට ගොඩවන විටක වන සිහිනයක් සැබෑ භෞතිකයක්ව පවතින ලොවකට අවදිවීමේ හැකියාව තවදුරටත් සිහිනයක් නොවන බවට ඔවුන් පැහැදිලිවම කියා සිටිනවා. – Pubudu Siriwansa

BleachBit 1.6 සමග Hard Disk නිදහස් කර ගනිමු…

  පරිගණකයේ දෘඩතැටිය(Hard Disk) පිරී යන්නේ ඔබගේ දැනුවත්ව සිදුකරනු ලබන ගොනු හුවමාරු වලින්ම පමනක්ම නොවේ. ඔබ විසින් කරනු ලබන බොහෝ ක්‍රියාවන් සමග තාවකාලික ගොනු(temporary files) , cache , cookies , Internet history , junk ආදී වන නෙක ආකාරගත් ගොනු වර්ග වලින් එය සිදුවේ. මේවයින් සමහරක් ගොනු වර්ග ඔබට ඉවත්කිරීමට මෙහෙයුම් පද්ධතිය විසින්ම ලබා දෙන Tool වලට හැකි වන නමුත් සමහර විටක එම ගොනු සැගව ඇති ස්ථාන සොයා ගන්නට පවා අපහසු විය හැක. තවත් විටක පැහැදිලි අවබෝධයකින් තොරව ඒවා මකාදමන්නට කටයුතු කිරීම අමතර ගැටලු ගෙනෙන්නට හේතුවක්ද විය හැක. BleachBit නම් මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ මෙවැනි අවස්ථාවල් වලදීය. Linux හා Windows මෙහෙයුම් පද්ධති සමග ක්‍රියාත්මක වීමට සූදානම්ව පැමින ඇති මෙම මෘදුකාංගය Firefox, Internet Explorer, Adobe Flash, Google Chrome, Opera ඇතුලු applications 90ක් සමග නිර්මානය වන එවන් ගොනු මකා දමන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවද මෙම මෘදුකාංගය සමග එන shredding files වැන්නක් ඔස්සේ recovery කරන්නට නොහැකිවන ආකාරයට ගොනු මකා දැමීම සිදුකරන්නටද හැකි වන බවටද පැවසෙනවා. නොමිළේ භාවිතා කල හැකි ආකාරයට එන විවෘත මෘදුකාංගයක් වන මෙහි නවතම සංස්කරනය පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ පිවිසෙන ඔබටද පහසුවෙන් ලබා ගන්නට හැකි වනු ඇත.

http://bleachbit.sourceforge.net/download/file?file=BleachBit-1.6-setup.exe

Posted in Software |

Windows 10 හි build 9888 නිකුතුව සමග kernel සංස්කරනයද ඉහලට….

   Microsoft සමාගම තම Windows 10 සමග ගෙනෙන ලද තවත් කාරනයක් වූවේ OneCore යන්නය. එහිදී ඔවුන් පැහැදිලි කර සිටියේ තම සියලු මෙහෙයුම් පද්ධති සදහා එකම පදනමක් නැතිනම් kernel version එකක ගෙන ඒමය. Windows 8 සමග මෙම කථිකාව අරබමින් එම ආයතනය සියලු උපාංග සදහා එකම UI එකක් හදුන්වාදෙන්නට කටයුතු කරන ලදී. එහිදී මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තරය ඒ ඒ උපාංග අවකාශයේ හැකියා මට්ටම් වලන අනූව පවතින ලදී. පසුව ක්‍රමයෙන් සියලු මෙහෙයුම් පද්ධති සදහා එකම app store එකක් හඳුන්වා දෙන්නටද එම ආයතනය කටයුතු කලේය.
Microsoft සමාගම තම windows 10 වල build 9888 සමග kernel සංස්කරනය 10 දක්වා ඉහල දමා ඇති බවටයි දැක්වෙන්නේ. Vista වල සිට පැමිනි 6.0 kernel සිට සිදුව ඇති මෙම පොලා පැනීම හුදු සංක්‍යාත්මක වෙනසකට වඩා වැඩි යමක් සිදුවෙමින් පවතින්නක් බවටයි හැගෙන්නේ. පෙර කී සියලු පද්ධති සදහා එක පදනමක් ඉලක්කය වෙතට වඩාත් සමීපවීමක් මෙයින් අදහස් විය හැකි බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ. – Pubudu Siriwansa

Windows 10 සමග සියලු උපාංග සදහා එකම මෙහෙයුම් පද්ධතියක(Continuum) බව පැමිනෙමින් ඇත…

   Microsoft ආයතනයට Windows 8 සමග අවශ්‍යවූ ප්‍රවනතාවයක් වන්නේ Desktop මතට සිරව තිබූ ප්‍රධාන තොරතුරු තාක්ෂණ භාවිතය ඉන් මිදී ජංගම උපාංග අතර නිදහස් වන මෙහෙයුම් පද්ධතියක් ‍රැගෙන ඒමය. ආරම්භය මදක් වැඩි දුර පියවරකින් ඇරබෙන ලදී. සියලු පද්ධති සදහා එකම UI භාවිතාවකට කැදවන්නට මෙන්ම ප්‍රධාන ස්ථාන ගතවීම වඩාත් ජංගම ගතියෙන් යුත් දෘඩාංග පරිසරයකට කැදවන්නට ඔවුන් කටයුතු කරන ලදී. Surface වැනි ඔවුනගේ ම දෘඩාංග හදුන්වාදෙමින් තම නව නිකුතුව වඩාත් භාවිතාකරන්නන් අතර තහවුරු කරන්නට සැලසුම් වන ලදී. සමහර විටක ඔවුන් සැලසුම් කරන්නට යොදාගත් දත්ත නියැදිය වැරදුනා විය හැකිය. Windows 8 මෙන්ම Surface උපකරනය එතරම් සාර්ථක නොවිනි. ආයතනික මට්ටමේ භාවිතාව XP වලින් ඉවතට ගැනීම ඉබිගමනින් සිදුවූ අතර සාමන්‍ය භාවිතාකරන්නන් අතරWindows 8 භාවිතාව ක්‍රමයෙන් මුත් සෙමින් ඉහල පැමිනෙමින් තිබේ.
Windows 10 සැලසුම් වූවේ වඩාත් සැලකිලිමත්ව විය යුතුය. windows 8 සමග සැලසුම් වූ එකම UI සීමාව ඉක්මවමින් එකම app store එකකට මෙන්ම සාම්ප්‍රධායික ඩෙස්ක් ටොප් භාවිතාව හා Modern මුහුනත අතර වූ වෙනස් කම් සමනය කරන්නට Modern appඑකක් සංක්‍රියකරවන්නට පැරනි DeskTop මුහුනත ඉඩ ලැබීම මෙන්ම අහිමිකර තිබූ Task Bar පහසුව එහිම පසු සංස්කරන ඔස්සේ නිවැරදි කර දමන්නට කටයුතු කෙරින. Windows 10 සමග එකම මෙහෙයුම් පද්ධතියක් සියලු උපාංග සදහා සංකල්පය නැවත වඩාත් ප්‍රායෝගිකව පැමින තිබේ. ස්ථාපනයේදී අදාල දෘඩාංග සදහා වඩාත් ගැලපෙන මෙහෙයුම් පද්ධති අංගයන් ස්වංක්‍රීයව සැලසුම් වෙමින් පැමිනීම(Continuum) ප්‍රධාන තම කැපී පෙනෙන ලක්ෂනයක් බව හදරන්නන් පවසමින් සිටී. දැනට පැමිනෙමින් ඇති පෙර සංස්කරන ඔස්සේ මෙහි යම් යම් ස්වභාවයන් හදාරන්නන් මේ වන විටත් හඳුනාගන්නට උත්සාහ කරමින් සිටී.

“air signature” ඔස්සේ අනන්‍යතා තහවුරු ක්‍රමවේදයක් නිවේදනය කරයි….

   තොරතුරු උපාංගය හා භාවිතාකරන්නා අතර නිවැරදි තහවුරුව නොම අවසන් වන ආකාරයේ අරගලයකි. ආයතනයන් නෙක ආකරයේ තාක්ශනයන් ඔස්සේ භාවිතාකරන්නා හා උපාංගය නිවැරදිව එකිනෙකා හඳුනාදෙන්නට කටයුතු කරනවා සේම වෙනකෙකුගේ දත්ත උපංගයක් වෙත අනවසරව පිවිසීමට උත්සාහ කරන්නන්ද දිනෙන් දින එම ආරක්ශක උපංක්‍රම ඉක්මවායන්නට උත්සාහ කරමින් සිටී. තායිවාන ආයතනයක් නිවේදනය කරන්නේ තමන් මෙම අවසර පද ගැටලුව සදහා වෙනස් ආකාරයක විසඳුමක් ‍රැගෙන එන්නට කටයුතු කරන බවයි. එනම් “air signature” අකාරයේ විසදුමක් ‍රැගන් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එනම් උපාංගයේ වන  gyroscope හැකියාව ප්‍රයෝජනයට ගනිමින් භාවිතාකරන්නාට උපාංගය විවෘත අවකාශයේ නිශ්චිත රටාවකට චලනය කිරීම ඔස්සේ එකගතාවයක් නිර්මානය කර ගන්නටත් පසුව යලිත් උපාංගය වෙතට පිවිසෙන්නට අවශ්‍ය විටකදී එහත කී air gestures ඔස්සේ එම පිවිසීමට තමන් වෙතට ඇති අවසරය තහවුරු කර ගන්නටත් හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම චලනයන්ගේ නිවරදි බවද අවශ්‍ය පරිදි ආසන්න මට්ටමේ සිට වඩාත් නිශ්චිත මට්ටමක් දක්වා වෙනස් කරගන්නට අවශ්‍ය සැකසුම් ද පැමින ඇති නිසා අදාල කාරනාව අනූව වඩාත් සුරක්ශිත  බවේ සිට  ආසන්න මට්ටම දක්වා වෙනස් කර ගැනීමටද හැකි වන බවයි.

Images ලෙසට එන Android Malware වක්

Android ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. මේ නිසාම පැමිනෙන අතුරු කාරනාවක් වන්නේ හානිකරන්නෙගේද වැඩි අවධානයක් මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ලැබීමය. හැදෑරුම් වාර්ථා හෙලිකරන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති අතරින් ලොව වැඩිම හානිකරයන් සදහා ලක්වන්නේ Android මෙහෙයුම් පද්ධතිය වීමය. මෑතකදී හදාරන්නන් පිරිසක් හෙලිකර සිටියේ PNG හා JPEG ගොනු ආකරයට මෙම මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කර ගනිමින් එන malwareවක් තමන් හඳුනා ගත් බවකි. ඔවුන් හෙලිකර සිටියේ Security app පවා මෙම ස්වභාවය සමග පහසුවෙන් මග හරින්නට හැකිවනවා පමනක් නොව Play Store වලදීද Bouncer වලින් මග හරින්නට සමත්වන බවකි. උපාංගයේ වන Emails , Photes වැනි දත්ත පහසුවෙන් මෙම හානිකර appමෘදුකාගය ඔස්සේ පැහැරගන්නට සමත්ව ඇති බවටයි ඔවුන් පැහැදිලි කරනු ලැබුවේ.
මෙම තොරතුරු හෙලි කරනු ලැබුවේ Google වෙතින් එම අදාල දුර්වලතාවය සදහා පිලිසකර නිකුත්කිරීමෙන් අනතුරුව වුවද නිසි පරිදි යාවත්කාලීන ලබා නොගන්නා භාවිතාකරන්නන් සදහා තවමත් මෙම අනතුරු විවෘතව ඇති අතර තමන්ගේ උපාංගයයේ යාවත්කාලීන තත්වය පරික්ශා කිරීම සදහා Setting ඔස්සේ පිවිස “About Phone” වෙතින් system Update හෝ Software Update වල Your System ia Upto Date මට්ටම දක් වෙන්නේ දැයි විමසා බැලීම වැදගත් වනු ඇත. සමහර නිෂ්පාදකයින් හරහාද යාවත්කාලීනයන් පැමිනීමේ ප්‍රමාදය ගැන විමසිලිමත්වන ලෙසට යෝජනා කරන ඔවුන් Android 4.4.4 සංස්කරන මට්ටමේ නොමැති Android උපාංග ඔස්සේ images විවෘත කිරීමේදී කල්පනා කාරී වන ලෙසට උපදෙස් දෙනු ලබනවා. – Pubudu Siriwansa

Android Wear ගැන තොරතුරු කිහිපයක්…

    Android Wear පැමිනෙන්නේ Google විසින් Wearable උපාංග සදහාම සැලසුම් වන ලද අඩු බ‍රැති මෙන්ම Android 4.3 එනම් Jelly Bean වලින් ඉහල වන Android මෙහෙයුම් පද්ධති සදහා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්ව එන මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. නව පරම්පරාවේ උපාංග වල ප්‍රධාන ඉලක්කයක් ලෙසට සැලකෙන අඩු බල වැය වන සරල නිමැවුමක් ඇති සහය උපංගයකට අවශය නිමැවුම මෙම මෙහෙයුම් පද්ධතිය ගෙනෙන බවටයි පෙනෙන්නට ඇත්තේ. සරලව ඔවුන් තම මෙහෙයුම් පද්ධතිය පැහැදිලි කරමින් දැක්වුවේ තම Android ස්මාර්ට් දුරකථනය පිටතට නොගෙන notifications , Caller ID හඳුනා ගැනීම වැනි කාරනා සදහා මෙම මෙහෙයුම් පද්ධතිය සහය දක්වනු ඇති බවය. කෙලින්ම අන්තර්ජාලය වෙතට සම්බන්ද නොවීම හා Bluetooth සරල සබඳතාවයක් සමග ක්‍රියාත්මක වීම ඔස්සේ ක්‍රියාත්මක වීම ඔස්සේද මෙම සහයක බව ප්‍රමුක නිමැවුම පැහැදිලිව දැකිය හැක.
හැසිර වීම සඳහා සරල ඇගිලි හැසිරවීමක් පමනක් සෑහෙන මෙම නිමැවුම සමග Google වල Voice Recognition සමග පහසුවෙන් උපාංගය හැසිරවීමේ සිට මිතුරෙකු වෙතට Text පනිවිඬයක් යැවීම, පසුව පැමිනිය යුතු මත්කයන් ගබඩා කොට තැබීම වැනි කාරනාවල සිට පැමින ඇති මෙන්ම පැමිනෙන app සමග බොහෝ කාරනා සදහා විවෘත වීමේ හැකියාවද එයට වේ. Basic fitness තොරතුරු සදහ සහය දක්වන pedometer සමග දවසේ භාවිතාකරන්නා තබන පියවර සංක්‍යාව ගනනය වීම , Heart rate ගනනය වීම වැනි අදාල උපාංගයේ දෘඩාංග මට්ටම සහ දක්වන්නේ නම් ලබා ගත හැකි අමතර පහසුකම් සදහාද මෙම මෙහෙයුම් පද්ධතිය සහයට පැමිනෙන්නට සූදානම් බව කියවේ. මෙම මෙහෙයුම් පද්ධතිය ස්ථාපිතව එන සමහර දෘඩාංග මට්ටම් සමග GPS වැනි පහසුකම් ඇති විට වඩාත් ස්වාධීනව කටයුතු කරන්නට මෙම මෙහෙයුම් පද්ධතියට හැකි බවටයි විස්තර වන්නේ. වැඩි දියුනු විය යුතු Music Player වැනි අමතර පහසුකම්ද සමන්විත මෙහි ස්වංක්‍රීයව ඔබගේ අවධානයෙන් තොරවන විටදී අඩු බලවැය ක්‍රියාත්මක වීමකට පිවිසෙන්නත් පැලඳ ඇති අත ඔසවීම වැනි සරල චලනයක් හදුනා ගෙන නැවත අවදි වීමකට කැදවන්නටත් මෙම මෙහෙයුම් පද්ධතිය සහය වනු ඇත. තවමත් පලමු පරම්පරාවේ පවතිනමෙම මෙහෙයුම් පද්ධතියේ අනාගත සංස්කරන ඔස්සේ වඩාත් දියුනු සරල මුත් සංකීර්න ක්‍රියාත්මක බවක් ගෙනෙන නිමැවුමක් බලාපොරොත්තු විය හැකි බවටයි විචාරක මතය වන්නේ. – Pubudu Siriwansa

VLC Media Player නවතම සංස්කරනයක් පැමිනේ…

    කවර මට්ටමක භාවිතාකරන්නන් අතර වුවද පොදු මෘදුකාංග අවශ්‍යතාවයන් අතර Media Player මෘදුකාංගය වැදගත් තැනක වේ. audio මෙන්ම video ගොනුවක ධාවනය බොහෝ විට මේ සියල්ලන්ටම වන අවශ්‍යතාවයක් වීම මෙයට හේතුවේ. මීලගට හමුවන ගැටලුව වන්නේ බොහෝ විවිධාකාර ගත් ගොනු රටා සදහා එකම Player එකක් නොසෑහීමය. සමහර භාවිතාකරන්නන් මේසදහා විසදුම ලෙසට යොදාගන්නේ විවිධ ගොනු සදහා සහය දක්වන Players කිහිපයක් තම පරිගණකයේ ස්ථාපනයට කටයුතු කිරීමයි. මෙම භාවිතාවද ගැටලු සහගත වන්නේ මේවා අතර මතුවිය හැකි සංකීර්නතා මෙන්ම ඒවා යාවත්කාලීන වීමට ස්වංක්‍රීයව ක්‍රියාත්මකවීම වැනි කාරනා බොහෝ විට මතුවීමය. සාමානය භාවිතාකරන්නෙකුට මේ සදහා වන හොඳම විසඳුම වන්නේ වඩාත් වැඩි ගොනු වර්ග ප්‍රමානයකට සහය දක්වන Player මෘදුකාංගයක් තොරා ගැනීමය. Vlc Player යනු මේ සදහා ඇති ප්‍රධානතම තොරා ගැනීමක් ලෙසටයි පිලි ගැනෙන්නේ. streaming server දක්වා වන බොහෝ පහසුකම් සහිතව එන මෙම Playerය MKV/Opus/VP9, H.265, Ogg/VP8, CAF, raw H.265 වැනි නවීන ගොනු වර්ග සදහාද හොඳින් සහය දක්වන බවටයි දැක්වෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ එම වෙන් අඩවිය වෙතට පිවිස එම මෘදුකාංගයේ නවතම සංකරනය දැන් ලබා ගන්නට ඔබට හැක.

http://www.videolan.org/

Posted in Software | Leave a reply

Windows phones සදහා වන VLC media player බීටාවට දැන් අයදුම් කල හැක…

  VLC media playerය භාවිතාකරන්නන් අතර වඩාත් සිත්ගත් මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ. x86 devices අතර වඩාත් භාවිතා වෙමින් ඇති මෙහි windows 8 සදහා වඩාත් අපූර්ව සංස්කරනයක් “modern” style app එකක් ලෙසට පැමින තිබුනු. ARM devices මට්ටම මේ භාවිතාකරන්නන් සදහා පැමිනෙන සංස්කරනයක් පිලිබද විටින් විට නිල නොවන තොරතුරු පලවෙමින් තිබුනු මුත් මේ වන විට එහි නිපැයුම් කරුවන් Windows Phone සදහා වන VLC Media Player සංස්කරනයේ beta test සදහා සහභාගී වන්නට කැමති අය සදහා අයදුම් කරන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. අයඩ්ගුම් කරන්නන් මතක තබා ගත යුත්තක් වන්නේ මෙම සංස්කරනය පෙර අත්හදා බැලීමේ මට්ටමේ එකක වන බැවින් bugs මෙන්ම broken ගැටලු සදහා සූදානම්ව එය ස්ථාපනයට සූදානම් විය යුතු බවයි. ඒ සදහා පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිස අදාල Formය ඔස්සේ අයදුම් කල හැකි වනු ඇත.

Participate to the VLC for WP Beta

පසු තොරතුරු යුගය….

  පසු තොරතුරු යුගය විවිධ ආකාරයට අර්ථ දක්වනු දක්නට පුලුවන්. කෙසේ මුත් මා එය දකින්නේ තාක්ශනයක් ලෙසට එය දිදුලන යුගයේ සිට භාවිතාවක් ලෙසට තීරනාත්මක වන යුගය ලෙසටය. සැබවින්ම එය තාක්ශනයකි. තාක්ශනයක් ලෙසට දිදුලන යුගයේදී එය මිනිසා වෙතට අත්පත්කර දී ඇති වටිනාකම් බොහෝය. දෛනික ජීවිතය වටා වූ බොහෝ මිනිස් හැකියාවන් තියුනු වේගවත් යාන්ත්‍රික බවකින් තීව්‍රකර දෙන්නට එය යසට මුල්වී ඇත.
පසුගිය එතරම් වර්ණවත් නොවනු ඇති බවට නිගමනය කල හැකි පෙර සලකුනු ලොව දසතින් දැක්වෙමින් ඇත. බොහෝ තාක්ශනයන්ට වඩා පුලුල් පරාසයක් මෙම තාක්ශනයේ විෂය සීමාව වීම මෙම ගැටලුවේ පදනම ලෙසට සැලකිය හැක. එනම් තොරතුරුය. එක් කෝනයකින් විමසන විට සමස්ත ලෝක විෂයටම පොදු අවකාශයක් මත එය ක්‍රියාත්මක වෙමින් ඇත. දේශපාලනය , ආගමින , ආර්ථික ,සංස්කෘතීක වැනි මෙකී නොකී සියලුම විෂයන් මත්තේ එය ක්‍රියාත්මක වෙමින් ඇත. සංස්කෘතික, ආගමික මෙන්ම දේෂපාලන තලයේදී තත්වය වඩාත් සංකීර්න වේ. ඒවා පලනය වන පසුබිමවන් ඉතා සාම්ප්‍රධායික හා සෙමෙන් චලනය වන ඒවා වීම මීට වඩාත් හේතුවනු අදැකිය හැක. තත්වයේ වඩාත් සංස්කීර්න අවස්ථාවේදී එය අභියොගයට ලක්වෙමින් දෝලනය වන්නක් බවට පත්වීම කෙමෙන් දක්නට ලැබෙමින් ඇත. වඩාත් තීරනාත්මක අවස්ථාවලදී එම සාම්ප්‍රධායික ආයතනයන් විසින් තොරතුරු තාක්ශනය ‍රැගෙන විත් ඇති මිනිස් වර්ගයා පාලනය වීමේ වැදගත්ම සාධකව තිබූ දුර හා කාලය පිලිබද සාම්ප්‍රධායික මානයන් පිලිබද ප්‍රමිතීන් නොසලකා හැරීම නොරුස්සනු ඇත.                               – Pubudu Siriwansa

එය අසිරිමත් තාක්ෂනයකි..

තොරතුරු ලෝකයේ නිරන්තර චලනය විසිතුරුය.බොහෝ මිනිස් අත්පත්කර ගැනීම් පරයන ගැබුරු අවකාශයක් එය නිරන්තරයෙන් අත්පත් කර ගනිමින් සිටී. දල ලෙසට සැලකීමේදී සෑම දෑ වසරකටම වරක් මෙම විෂයේ හැකියා වපසරිය දෙගුන කරගනිමින් මිනිස් විෂයක් ලබා ගන්නා උපරිම වේගයක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් සිටින මෙම අපූර්ව තාක්ශන විෂය අද මනසක ඇ‍ඳෙන සිහිනය හෙට අත්පත්කර දෙන්නට නොපැකිල වන ජවයකින් යුත්ත බවට නිරන්තරයෙන් ඔප්පු කරමින් සිටී. එවන් අපූර්ව විෂයක පිලිබදව සාම්ප්‍රධායික ආකාරයක අත්පොත් බලාපොරොත්තු වීමද විසුලු සහගත අවශ්‍යතාවයක් වනු ඇත.
බරපතල ලෙස විශාල ශාලාවක් වසා සිටිනා උපකරනයක්ව ඇරබි තම පරිනාමය අද අතැගිලි අතරට පමනක් නොව උපැස්යුවලකටද සංයුත්තව එන්නට තරම් වෙගවත් වර්ධනයක් හිමී කර ගන්නට මෙම විෂයට ගතව ගොස් ඇත්තේ දශක කිහිපයක් බව නොරහසකි. හෙට දිනයේ වඩ වඩාත් දෛනික ජීවිතය තුල ගිලී යන , සැගවයමින් භාවිතාකරන්නා ගේ ජිවීතය වඩා වර්ණවත් කරන්නට සපත වෙමින් ඇති මෙම පරිගණ හැකියාව එලබෙන දශකය වන විට තව දුරටත් වෙනම හඳුනා ගන්නා උපකරනය වනවා වඩා හැකියාවක් පමනක් වෙමින් දෛනික ජීවිතය වටා ඇති උපාංග තුල සැගවන්නට සූදානම් බව දීනෙන් දින හදාරන්නන් පැකැදිලි කරමින් සිටී.
ඉතා සරල පදනමකින් ඇරබෙන මුත් මිනිස් මනසකට සාපේක්ෂව අපූර්ව වේගයක් හා නිවැරදි බවක් ගෙන එන මෙම විෂය ගනිතමය හා තාර්කික හැකියා වේ දිගුවක් නැතිනම් මිනිස් මනසේ එම හැකියාවන්ගේ දිගුවක් ලෙසට පිලිගැනේ. සාමාන්‍ය භවිතයට පැමිනීමේදී යතුරු පුවරුවක් , තිරයක් , මවුසයක් වැනි උපාංග ඔස්සේ මිනිසා සමග ගනු දෙනු කිරීමට සීමාව තිබූ මෙම උපකරනය අදවන විට සිරුරේ අංගයන් චලනය , මිනිස් කටහඬ වැනි වඩාත් සංවෙඳී අංග ඔස්සේ සම්බන්ද වීමට සූදානමින් සිටින අතර එලබෙන යුගයේදී මිනිස් මනසක් සමග ගනුදෙනු කරන්නට හැකි විෂයක් දක්වා වර්ධනය වනු ඇති බව හදාරන්නන්ගේ මතයයි.
විටක මෘදුකාංග ලෙසට විටක දෘඩාංග පමනක් නොව අන්තර්ජාල සේවාවන් ලෙසට වැනි බොහෝ අංගයන් ඔස්සේ දෛනිකව වර්ධනය වන මෙම විෂය අදවන විට ලොකයේ දේශපාලනික , ඈථික , සංස්කෘතික වැනි තීරනත්මක සීමාවන් කරාද නව අර්ථ ඉල්ලා සිටින්න්නට තරම් වර්ධනය වී ඇති ආකාරය දැකිය හැකිය. සාම්ප්‍රධායික මිනිස් සබදතාවල සිට , ගනුදෙනු , නිෂ්පාදන වැනි නෙන සාමජ අර්ථයන් සදහා නව රටාවක් යෝජනා කරන එය හෙට දිනයේ වඩාත් විවෘත , නිදහස් මිනිස් සාමාජයක් සදහා ආරාධනා කරමින් සිටී.
මිනිසුන්ගේ සංස්කෘතික කථාන්දරයේ එක් කියවීමක් තොරතුරු කලාමනාකරනය පිලිබදව අත්පත් කර ගත් ප්‍රගතිය ලෙසට හඳුනා ගත හැක. තොරතුරු හඳුනා ගැනීම ඒවා මතක තබා ගැනීම අවශ්‍ය විටකදී වඩාත් වටිනා තොරතුරු වලට ඒවා නැවත සකස් කර ගැනීම මෙන්ම විවිධ ස්වරූප වලින් ඒවා නැවත ලබා ගැනීම මෙන්ම අවශය විටකදී දුරබැහැරකට පවා සංනිවේදනයට හැකිවීම එම ප්‍රගතීන් ලෙස වඩාත් පැහැදිලි කර ගත හැක. මිනිස් ප්‍රගති කථාන්දරයේ වැදගත් මෙම ක්‍රියාදාමයට පැමිනෙන යාන්ත්‍රික වීම නැතිනම් පැමිනෙන තාක්ශනික මැදිහත්වීම “තොරතුරු තාක්ශනය ” ලෙසට නම් කෙරේ.
මූල ද්‍රව්‍යයක වන පාලනය කල හැකි සරල ද්විතීක බව ඔස්සේ වර නගා ගන්නා විෂයක් ඔස්සේ ගොඩ නැගෙන ට්‍රාන්සිස්ටරය ප්‍රමුකව ඉදිවන මෙම තාක්ශනය වර්තමානයේ උපාංගයක් ලෙසට මෙන්ම භාවිතාවක් ලෙසටද මහත් සංකීර්න බවක් ලබා ගෙන ඇත. ආරම්භයේදී විශාල ගොඩ නැගිල්ලක් තරම් වෙමින් යාන්ත්‍රික සැකසුම් සදහා ඇතුලත ඇවිද යමින් මෙහෙයවුනු එම යාන්ත්‍රික පරිගණකය අද වන විට උපැස් යුවලකට , අත් ඔරලෝසුවකට නැතිනම් තවත් විටක පාවහන් යුවලකට සංයුක්තව පැමිනෙන්නට තරම් හැකිව ඇත. ආරම්භයේ ඉතා ආයාසයෙන් සකසන කරන වැඩසටහන් ගත කිරීම් සදහා ලබා දෙන දත්ත සැකසීමකට සීමා වූ එම හැකියාව අද වන විට මිනිසාගේ පෞද්ගලික ජීවිතය, විනෝද ජීවිතය, සමාජ ජීවිතය පමනක් නොව වෘතීය ජීවිතය ලෙසටවන වන සියලුම ජීවිත පැතිකඩ ඔස්සේ මග හැරිය නොහැකි තරමේ වැදගත් මැදිහත් වීමක් ගෙනෙන තීරනාත්මක භාවිතාවක්වී අවසන්ය. එපමනකුදු නොව අද වන විට ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් නිවසක කාර්යාලයක මූලික අවශ්‍යතා පාලනය සදහා එම උපාංග සමග මිනිස් මැදිහත්වීමකින් තොරව තොරතුරු හුවමාරු කර ගනිමින් සිටින පද්ධතියක් දක්වා දියුනු වෙමින් ඇත. මාවතක දිවෙන රථයක් වෙතට පැමිනෙන මෙම විෂය රියදුරෙකු රහිතව ධාවනය වන රථයක් නිර්මානය කරදෙන්නට සමත්ව ඇත.
අප ජීවිතය අවට වන අවට වන බොහෝ උපාංග හා මතුපිටවන් මතට පැමිනෙන මෙම හැකියාව එවාට “ස්මාර්ට්” නමින් නවීකරනයක් ලබා දෙමින් ඒවායින් මිනිසා වෙතට ගෙනෙනු ලබූ මුල් පහසුව දත්ත කරනය සමග වඩාත් කාර්යක්ශම කරදි ඇත. මුදල් භාවිතය කඩදාසි හා ලෝහ සංකේත වෙනුවට “e” කරනය කරමින් දේශශීමා රහිත විශ්ව තලයක සිදුවන භාවිතාවක් බවට ගෙනැවිත් ඇත. කාර්යාල මෙන්ම පෞද්ගලික භාවිතාවේ තිබූ දිනකට ටොන් ගනනක කඩදාසි භාවිතාව අවසන් කරමින් දිනාපතා පුවත් පතක සිට නිමවෙන පොත් පතක් දක්වා දෑ “e” කරනය කරන්නට මැදහත්ව සිටී. වෙළඳ පොල වෙතට එහි බල පෑම අසීමිතය. අනවශ්‍ය අතර මැදියන් ඔස්සේ අවසාන පාරිභෝගිකයා වෙතට වන බර පැටවීම් විශාල ප්‍රතිශතයකින් අවමකර දමන්නට අන්තර්ජාලය නමින් වන මැදිහත් වීම සමත්ව ඇත. දියුනු රටකදී ගොවිපලක නිෂ්පාදනය ඉදිරි කන්න කිහිපයක් සදහා සැලසුම් වන්නේ තොරතුරු තාක්ශනය හරහා පැමිනෙන අනාගත කාලගුන අනාවැකි වල මෙන්ම අනෙකුත් ගොවි මහතුන්ගේ ඉදිරි සැලසුම්ද අනූවය. වෙළඳ පොල අවශ්‍යතාවය සමග මනාව කලමනාකරනය වෙමින් සමබර නිෂ්පාදනයක් ඔස්සේ සැලසුම් වන්නට මෙම තාක්ශනය ඔවුනට ගෙනැවිත් අත්තේ මහත් පහසුවකි.
තම සංස්කෘතික ගමන් මගේ මිනිසා අත්පත් කරගත් අපූර්ව හැකියාවන් අතර වඩාත් දිදුලන හැකියාවක් ලෙසට පිලිගැනෙන මෙම හමුවීම මිනිසෙකුගේ උදෑසන අවදියේ සිට රාත්‍රියේ නින්ද දක්වා වන හැම නිමේශයක් සදහාම සුව පහසුවක් කාර්යක්ශමතාවයක් ‍රැගෙන විත් ඇත. සිරුරේ නිරෝගීකම පිලිබදව එය අවදිමත්ය , නිවසේ ආරක්ශාවේ සිට හෙට දවසේ කාලසටහන වඩාත් කාර්යක්ශම හා හිතකර ආකාරය ට පවත්වාගෙන යන්නට සහය වන්නට තරම් එය අවදිමත්ය, සමස්තයක් ලෙසට පවසන්නේනම් ඔබ යන එන , කන බොන , කියන කරන, හිතන පතන සියලු දැ සමග වෙමින් මතක් කර දෙන්නට, මග පෙන්වන්නට , තොරතුරු සොයා දෙන්නට හැකිව සූදානම්ව පැමිනෙන සහකරුවෙකු වන්නට එය මේ වන විට සමත්ය.

Pubudu Siriwansa

× How can I help you?