Back to Top

Monthly Archives: January 2015

“Skeleton Key” නම් passwords මගහරවන හානිකරය…

   හදාරන්නන් අතර පිලිගැනෙමින් ඇති මතයක් වන්නේ Password ඔස්සේ Online සුරක්ෂිත බව තව දුරටත් වලංගු නොවන බවයි. සමාජජාල වැනි අවකාශයන් ඔස්සේ අනෙකාව නොමග යවමින් ලබාගන්නා තොරතුරු ඔස්සේ වල සිට මෘදුයාන්ත්‍රන ඔස්සේ ලබා ගන්නා Password දක්වා නෙක ආකාරවලට ගිනුමක අවසර පද අවභාවිතය සරල කාරනාවක් වී ඇත. පලවන නවතම පුවතක් පවසන්නේ “Skeleton Key” නම් Malwareව ඔස්සේ පහර දෙන්නෙකු ඉලක්ක වන පරිගණකයේ Active Directory කොටසේ rogue මෘදුකාංගයක් ස්ථාපනය කරවා ඒ ඔස්සේ කිසිදු අවහිරයකින් තොරව ඔනෑම ගිනුමක් වෙතට පහසුවෙන් ඇතුල් වන්නට හැකි වන බවයි. එම මෘදුකාංග කොටස තැන්පත් කිරීමේදී administrator access බලය ඔස්සේ හෝ ඒ හා සමාන විකල්ප( flaw on the server that grants such) ක්‍රමයක් අවශය විම හැර කිසිදු බාදාවක් නොමැති බවටයි විස්තර කෙරෙන්නේ. ඉතාම නිහඬ ක්‍රියාවලික් ඔස්සේ වන මෙම ආසාධිතවීම කිසිදු network monitoring ක්‍රම වේදයක් ඔස්සේ හසු නොවන්නේ මෙහිදී කිසිදු network traffic එකක් ද නිර්මානය නොවීම නිසා බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. reboot වීමකින් ඉදිරියට මෙම හානිකරයට තව දුරටත් server මත ‍රැදෙන්නට බැරිවීමත් දැනට වන හනියෙන් මිදීමේ හැකියාවක් ලෙසටද ඔවුන් පෙන්වා දෙනවා. Pubudu Siriwansa

Posted in Malware |

අන්තර්ජාලය unconscious භාවිතාවක් වන දිනය..

  internet ජීවිතය අවට වූ දැනෙන භාවිතාවක සිට නොදැනෙන භාවිතාවක් දක්වා වූ කාලය කෙමෙන් පැමිනෙමින් ඇත. පරිගණකයන් එකි නෙන යාවන ජාලයක සිට අද එය Smart Phone, Smart TV ඇතුලු නෙක ආකාර ගන්නා IoT උපාංග වලින් දෛනික ජීවිත්ය වේගයෙන් වෙලා ගනිමින් ඇත. හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ නුදුරේදීම සාමාන්‍ය මිනිසා තමන් අවට වන උපාංගවල අන්තර්ජාලය හා සැබැදිබව අමතක වන හ ඒවායේ සැබැදියාවන් ආයාසයකින් හසුරවන දිනය වේගයෙන් නිම වෙමින් පවතින බවකි. ඔවුන් යෝජනා කරන්නේ තමන්ගේ ප්‍රධාන දත්ත ගොනුව නිවසේ වන ප්‍රධාන පරිගණකයක හෝ ආයතනය්කින් මිළඳී ගන්නා අවකාශයක ස්ථාපනය කර පුද්ගලයෙකු ලෙසට වාගේම නිවසේ සියලු සාමාජිකයන්ට පොදුවන වෙනම ජාල ගතවීම් හා ඉන් බාහිරට වන සබඳතා පලනය වන දිනයක් මේ වන විටත් නිර්මාණය වෙමින් පවතින බවය.
හදාරන්නන් පවසන්නේ පුද්ගල මට්ටමේ මෙන්ම සමාජ නැතිනම් රටවල් ආකාරයේ අනන්‍යතා ඇති කෘතීම බුද්ධි රටා දැනටමත් තැනිනි තැන නෙක ආකාරවලට අත්හදා බැලෙමින් ඇති බවය. එහිදී පැහැදිලි කෙරෙන්නේ තම රටවල් වල වන නෙක ආගමික, සමාජීය අනන්‍යතා මග නොහැරෙන බුද්ධිරටාවල නිර්මානය වීම මෙන්ම ඒවා විසින් එම නිවෙස හෝ රවල්වල ප්‍රධාන යාන්ත්‍රික රටා හැසිරවීම අත්පත්කර ගැනීම දැනටමත් නොදැනීම සිදුවෙමින් පවතින බවකි. “අප දන්නවා තවමත් මේ කාරනය මිනිසුන් තුල බිය උපදවන දෙයක් ලෙසට හඳුනා ගනිමින් තිබෙනවා කියලා. හැබැයි කාලයාගේ ඇවෑමෙන් මිනිසා තියුනු පිහිතුඩක් සමග කල්පනාවෙන් හසුරව ගැනීමෙන් මහත් ප්‍රයෝජන ලැබුවා සේම අන්තර්ජාලය සමග unconscious ආකරයට කටයුතු කරන දිනයක් ලගදීම පැමිනේවි” ඔවුන් පවසා සිටිනවා.  – Pubudu Siriwansa

Posted in Digital life styles |

Oneplus One Phone දැන් නිදහසේ මිළඳීගත හැක…

  OnePlus One දුරකථනය මෑතකදී බොහෝ දෙනගේ අවධනය දිනා ගත් නිකුතුවක් විය. අධිමිලැති ස්මාර්ට් දුරකථනයක පහසුකම් සාමන්‍ය මිලැතිව වෙළඳපොලට පැමිනීම එම වැඩි අවධානය දිනා ගැනීම පි‍ටුපස වූ ප්‍රධාන කාරනය විය. එහෙත් මෙම දුරකථනය වෙළඳ පොල තුල නිදහසේ ලබා ගන්නට අවස්ථාවක් නොමැති වූ අතර ‘invite’ මූලික අකාරයට එය සිදුවන ලදී. එහිදී සිදුවූවේ දුරකථනයක් මිලදි ගතයෙකුට තවත් දෙදෙනෙකුට ඒ සදහා ආරාධනා කරන්නට අවස්ථාව සලසා දීමෙන් වූ අතර විටක ප්‍රකට online වෙළඳ අඩවි වල පව අධික මිලකට එම ආරාධනා පත් අලවි වන තරමේ ඉල්ලුමක් ඒවා වෙතට විය. පලවන නවතම නිවේදයක් පවසනේ මෙම 20 වෙනිදායින් අනතුරුව පෙරකී ආකාරයේ ආරාධනාවකින් තොරව OnePlus දුරකථනය අවස්ථාවක් ලැබෙන බවයි. එසේම මෑතකදී පැමිනි තවත් පුවතක් පවසා සිටියේ මෙම දුරකථනයේ දෙවන සංස්කරනය Oneplus Two ලෙසට Snapdragon 810 ප්‍රොසෙසරයකින් හා 4GB RAM හැකියාවකින් යුතුව අඟල් 5.5ක ප්‍රමානයකින් 2K display සහිතව පැමිනීමක් මෙම වසරේ පසුභාගයේදී නියමිතව ඇති බවකි.

Posted in Smart Phone |

OnePlus සදහා OxygenOS නම් Android ROM එකක්!!

OnePlus ගෙවී ගිය වසරේ මහත් අවධානයක් ලබාගත් නිකුතුවක් විය. තම පිවිසුම් කාලයේම වඩාත් අවධානයක් ලබන්නට සමත්වූ උපාංග අතර OnePlus වෙතට හිමිවූයේ ඉහල පිලිගැනීමකි. ඔවුන්ගේ දෙවන නිකුතුව පිලිබදව අවධානයෙන් සිටින ලෝලයින් වෙතට පසුගිය දිනවල සතු‍ටුදායක පුවතක් පැමිනියේ ආයතනය් ඒ සදහා සූදානම් වෙමින් සිටින බව පවසමිනි. මේ වන විට ආයතනය පැහැදිලි කරන්නේ තමන් OxygenOS ලෙසට නම් වන Android ROM එකක් නිවේදනය කිරීමකටද සූදානම් වන බවකි. custom Android-based ROM ආකාරයේ මෙම නිකුතුව පෙබරවාරි 12 සිදුවනු ඇති බවටයි නිවේදනය වන්නේ. පසුගිය දෙසැම්බරය අවසාන භාගයේදී පලමුවෙන්ම “early community preview” එකක් ලෙසට unnamed ROM එකක් නිවේදනයක් කල අතර එය Android Open Source වලට වඩාත් සමීප බවක් ප්‍රකට කල මුත් OxygenOS වල දී එය මනා අනන්‍යතාවයක් හිමි නිකුතුවක් වනු ඇති බවට දැනටමත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.

Posted in Android, Phone |

Google Translate යලිත් යවත්කාලීන වේ..

   Google Translate තම වැඩි දියුනු කිරීම් කිහිපයක් සමග යාවත්කාලීව ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් වේගවත් හා වඩාත් ප්‍රාදේශීය කරනයවූ භාවිතාවක් මෙම නව දියුනු කිරීම් සමග ගෙනෙන්නට තමන්ස් සමත්ව ඇති බවකි. එම යාවත්කාලීන විම සමග Google ආයතනය “Word Lens” වැනි නව අංගයන්ද හදුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. Word Lens සමග වන පහසුව පැහැදිලි කෙරෙන්නේ, උදාහරනයක් ලෙසට ඔබ Paris වල වන restaurant එකකදී හමුවන menuවක වන විස්තර පහසුවෙන් English නැතිනම් වෙනත් භාෂාවකට පෙරලා ලබා ගැනිමේ හැකියාව ලෙසටයි. දැනට Microsoft වල mobile translation application සමගද මෙවන් පහසූන් වනවා. Google වෙතින් මෙම පහසුව ලබා ගන්නට තම phone cameraව අදාල වචන දෙසට යොමුකිරීම පමනකින් හැකි වන බවට එහිදී පැහැදිලි කෙරුනා.

Posted in Google |

Elon Musk යෝජනා කරන 700 satellites ජාලය…

    internet වෙතට බොහෝ පුද්ගලයින් අතර ඇත්තේ විවිධ අර්ථය. අයෙකුට එය යමක් උපයා ගන්නට ඇති තැනක් වන විට අයෙකුට තම අසංස්කෘතික අවශ්‍යතා සපුරා ගන්නට හමුවන අවකාශයක් වේ. තවත් අයෙකුට කාලය කාදමන ජීව්හ්ටයට අහිතකර අවකාශයක් වන විට තවකෙකුට දැනුම, මිනිස් සබඳතා තරකර ගන්නට පැමිනි මහගු සහයෙක් වේ. මෙවන් අර්ථ බොහෝ මුත් හදාරන්නන් එකගවන ප්‍රධාන තම මතයක් නම් එලබෙන ලොකයේ මූලික අවශ්‍යතාවයක් ලෙසට අන්තර්ජාලය පිලිගන්නට වීම ගැනනම් කිසිදු සැකයක් නැති බවය. මීලග ගැටලුව පැමිනෙනේ විශම පිහිටීමක් ඇති ලොවපුරා මෙම සම්බන්ධය අකංඩව බොදා හදා ගැනීම පිලිබදවය. තොරතුරු ලෝකයේ ප්‍රධාන චරිත බොහොමයක් (Steve Jobs, Bill Gates, Mark Zuckerberg) මේ සදහා නෙක යෝජනා මෙන්ම ඒ සදහා පියවර ද විටින්ජ් විට ගන්නා අයුරු විටින් විට දක්නට ලැබිනි.
Paypal, SpaceX හා Tesla Motors වැනි සාර්ථක ව්‍යාපෘති කිහිපයකම නිර්මාතෘ ලෙසට සැලකෙන Elon Musk වෙතින්ද පෙර කී උත්සාහය සදහා, සැටලයිට් 700කින් සමන්විත ඩොලර් බිලියන 10ක ව්‍යාපෘතියක් ඔස්සේ ලොව සෑම පෙදෙසක්ම ආවර්නය වන ලෙසට අන්තර්ජාලය බෙදා හැරීමේ යෝජනාවක් මේ වන විට පැමින ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. එක් සැටලයිටයක් ඔස්සේ සැතපුම් 750ක් ආවරනය වන පරිදි රාත්තල් 250ක් බ‍රැති මෙම උපකරන rocket launches ඔස්සේ ගුවනේ ස්ථාපනය කරන අතර පොලව මතදී සිදුවන වාට වඩා 40%ක වැඩි වේගයකින් මෙම ක්‍රමය ඔස්සේ දත්ත බොදාහරින්නට හැකිවීම ඔස්සේ 1Gbps වේගය පහසුවෙන් අත්පත්කර ගන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.තවමත් මෙම ව්‍යාපෘතිය පිලිබද දින වකවානු ප්‍රකාශයට පත්ව නැත.  – Pubudu Siriwansa

Posted in internet |

Twitter වෙතින් video.twitter.com

  Twitter යනු කෙටි පලකිරීම් සදහා සහය ලබා දෙන ලොව බහුල භාවිතාවක් ලබා ගත් Social Network එකක් ලෙසට ප්‍රකට වෙබ් අඩවියකි. පසුගිය කාලයේ ඔවුන් පිලිබදව පලවෙමින් තිබූ තොරතුරු වලින් සමහරකින් කියවුනේ Twitter සමග තවත් සේවාවන් කිහිපයක් පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇති බවකි. මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පැහැදිලි කෙරෙන්නේ ඔවුන් Youtube සමග තරකකාරී මට්ටමක සේවාවකට සූදානම් වෙමින් තිබෙන බවකි. ප්‍රථමයන් බලාපොරොත්තු වූවේ video player හා video card සහයක් පමනක් වුවද video.twitter.com වෙතට පිවිසෙන්නෙකුට ඊට වඩා වැඩි සේවාවක් භුක්ති විඳින්නට අවකාශ සැලසෙන සේවාවක අත්විඳින්නට ඇරයුමක් ඉල්ලුම් කරන්නට හැකිවන බවටයි මේ වන විට හැගෙමින් ඇත්තේ. තවමත් ආයතනය මේ පිලිබදව වැඩි දුර තොරතුරු පැහැදිලි කර නැති වුවද විචාරනය වෙමින් ඇත්තේ advertisers සහය සපයන ඔවුන්ගේම Video library එකක මත ක්‍රියාත්මක වන උපරිමය විනාඩි 10කට අඩු Video සදහා upload පහසුව දෙන වඩාත් සුපැහැදිලි Video සදහා භාවිතාකරන්නන දිරි ගැන්වෙන තම Twitter subscribers සමග Vodeoවක් බෙදා හදා ගන්නට ඉඩ සැලසෙන සේවාවක පැමිනීම බලාපොරොත්තු විය හැකි බවකි.   – Pubudu Siriwansa

www.video.twitter.com 

Posted in Social Networks |

නව භාවිතාවක් ගෙනෙන්නට පොරොන්දුවන Win 10..

  Windows 10 පෙර පරිදි තවත් මෙහෙයුම් පද්ධති සංස්කරනයක් ලෙසටම පමනක් ගැනිය නොහැකි හැරවුම් කිහිපයක් ‍රැගෙන විත් ඇත. පලමු කොටම උපාංග විවිධත්වය භාවිතාවට බාදාවක් නොවීමේ නව ප්‍රවනතාවය එය සැහෙන දුරකට සමනය කරන්නට සමත්ව ඇත. එය පැහැදිලීවම multi-platform OS බව කියාපාමීන් සිටියි(PC, smartphone/tablet) . තවත් අතකින් Microsoft නව අනන්‍යතාවය ලෙසට ප්‍රකාශ වන products and services ස්වභාවය ප්‍රකට කරමින් සිටී. ප්‍රධාන ලෙසට මෘදුකාංග සමාගමක් ලෙසට වූ අනන්‍යතාවය අවසන් කරමින් Windows 7, 8, හා 8.1. වෙතට නොමිළේ පිවිසෙන්නට ඉඩ හරිමින් තම තරගකරුවන් වෙතට යලිත් තරගයක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටී. එසේම Continuum, Cortana, Universal Apps, Project Spartan(නව බ්‍රවුසරය), Xbox app(වැඩි දියුනු කල) වැනි පැමිනීම් ඔස්සේ වඩාත් පුලුල් භාවිතාවක් ලබා දෙන්නට තමන් සූදානම් බව කියා පාමින් සිටී.
වර්ථමාන භාවිතාව ඉල්ලා සිටින වෙළඳ හා තාක්ශනික දෘඩාංග සීමා ඉක්මවා යාමේ අවශ්‍යතාවය වෙතට නව මෙහෙයුම් පද්ධතිය සමග වඩාත් සාර්ථක පිවිසීමක් කර ඇති බවට පැහැදිලි වන අතර මෙම නව පැමිනීම Xbox One දක්වාම පැතිර යන පුලුල් අවකාශයක් ආවරනය කරමින් සිටීම වඩාත් පහසුවෙන් භාවිතාකරන්නාගේ තොරතුරු අවකාශ භාවිතාවක් ලබ දෙනු ඇත. තොරතුරු ලෝකයේ නව යුගය වඩාත් පැහැදිලි පුලුල් මෙන්ම සරල එකක් වනු ඇති බවට මනා තහවුරුවක් Windows 10 පෙන්වා දෙමින් සිටී. එසේම DirectX වල නව සංස්කරනය සමග වෙගවත් ,නම්‍ය මෙන්ම කාර්යක්ශම games භාවිතාවක් එය ගෙනැවිත් ඇති බවට පවසමින් සිටී. සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන සංස්කරනයක් new build of Windows 10 ලෙසට එලබෙන සතියේ පැමිනෙන්නට නියමිත බවටයි ප්‍රකාශ වන්නේ.   – Pubudu Siriwansa

Posted in Microsoft, Windows 10 |

Android 4.3 වඩා පැරනි සංස්කරන භාවිතය පරිස්සමෙන්!!

   ඔබ Android 4.3 හා එයට වඩා පැරනි Android උපකරනයක් මිලදී ගන්නට කටයුතු කරන්නේනම් කල්පනාකාරී වීම වැදගත් වනු ඇති බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ WebView මූලිකව ක්‍රියාත්මක වන app එකක් ක්‍රියාත්මක කිරීම ඔස්සේ පහසුවෙන් උපාංගය අසාදනය වීමට ඉහල ඉඩක් වන බවයි. Google ආයතනය මෙම ගැටලුව සදහා පවසා සිටින්නේ මේ ගැටලුව වෙනුවෙන් යාවත්කාලීනයක් නිකුත්කරන්නට තමන් කටයුතු නොකරන බවකි. ආයතනය මීට පසු සංස්කරන සදහා වෙනත් තාක්ශනයක් භාවිතාකරන්නට කටයුතු කර ඇති අතර පෙර ගැටලුව සදහා පිලිසකර නිකුත් කිරීම ඉතා සංස්කීර්න කටයුත්තක් ව ඇති බවටයි පැහැදිලි කරන්නේ. නිෂ්පාදකයින් හා සේවා සපයන්නන් අතරින් එම යාවත්කාලීන නිකුත් කරන්නට සිදු වීම ඔවුන් පැහැදිලි කර සිටිනවා. ආයතනය පවසා සිටින්නේ විකල්ප බ්‍රවුසර සහයක් ඔස්සේ WebView ආශ්‍රිත app මග හැරසිටීම වඩාත් වැදගත් වනු ඇති බවයි. මේ අනූව KitKat(4.4)ට පෙර Android සංස්කරන භාවිතාව ලොව ඇන්ඩ්‍රොයින් උපාංග වලින් තුනෙන් දෙකක් වන විශාල ප්‍රමනයක් භාවිතකරන්නන් කල්පනා කාරීවීම වැදගත් බවට යෝජනා වනවා.

Posted in Android |

Facebook භාවිතාව 13% කින් ඉහලට..

  ලොව බහුලතම භාවිතවක් ලබන සමාජ ජාලාව වන්නේ Facebook.com අඩවියයි. ඔවුන් තම 2014 වසර සදහා වන වාර්ථාව පසුගියදා නිකුත් කරමින් පවසා සිටියේ 2014 වසර තුලදී සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන්ගේ පැමිනීම සියයට 13කින් ඉහල ගොස් ඇති බවකි. එනම් මාසිකව සංක්‍රීයව අඩවිය භාවිතාකරන්නන්ගේ සංක්‍යාව 1.39 billion ප්‍රමානයක් වන බවකි. දෛනිකව සැලකීමේදී 890 million ප්‍රමානයක් ලෙසට ඔවුන් එය සංක්‍යාත්මකව දක්වනවා.
මොබයිල් භාවිතාව තුල අඩවිය වෙතට පැමිනීම වේගයෙන් ඉහල යමින් පවතින බවට පවසන ඔවුන් මේ වන විට මිබයිල් මට්ටමේ පමනක් වන භාවිතාකරන්නන්ගේ ප්‍රමානය 526 million ලෙසට දක්වා සිටිනවා. පසුගිය වසර සැලකීමේදී එම සංක්‍යාව 296 million ලෙසට සදහන් කරන ඔවුන් මෙම වසර වන විට වැඩිවීමේ ප්‍රථිශතය සියයට 78ක ඉහල යාමක් පෙන්වා දෙනවා. එසේම දෛනිකව මොබයිල් ආකාරයට අඩවිය වෙතට එන්නන්ගේ ප්‍රමානය 745 million ලෙසටද දක්වා ලනවා. පසුගිය වැසරේ ලාභ ලැබීම $701 million ලෙසට පවසන එම ආයතනය පෙර වසර සමග සැසදීමේදී සියයට 58ක ඉහල යාමක් ලෙසට දක්වා සිටිනවා. Facebook ආයතනය “Facebook at Work” හඳුන්වාදීමත් සමග ව්‍යාපාරික භාවිතාව තුලට වඩාත් පිවිසීමක් බලාපොරොත්තුවෙමින් සිටිනවා.

Posted in Uncategorized |

5th Generation Intel Core processor family නිවේදනය වේ..

    Intel වෙතින් එන්නට නියමිත බවට පෙර ප්‍රකාශවී තිබූ 5th Gen Core processors නිකුතුව මේ වන විට නිල ලෙසට නිවේදනය වී තිබෙනවා. CES වලදී සිදුවූ මෙම නිවේදනයවීම අනූව 14nm නිෂ්පාදන ක්‍රමවේදයට අනූව නිර්මානය වන මෙම නිකුතුව දියුනූ කල performance මෙන්ම graphics මෙන්ම battery life ගෙනෙනා බවටයි Intel වෙතින් පැවසෙන්නේ. පැවති Haswell ප්‍රොසෙසර් සමග සැසදීමේදී සියයට 20-30 ක බැටරි ජීවකාලය ජංගම උපාංග භාවිතය බහුල වන මෙම යුගයේ අවශයතාවය වඩාත් හොඳින් සපුරන්නට සූදානම් බවටයි දැක්වෙන්නේ. Intel පවසන්නේ තම 5th generation processors සමග 2 in 1s, ultrabooks, notebooks, Chromebooks, All-in-One PCs and mini PCs ආදී සියලුම් උපාංග සදහා වඩාත් සිහින් නිමාවක්, අඩු බ‍රැති බවක් මෙන්ම කාර්යක්ෂම භාවිතාවක් ගෙනෙනු ඇති බවත්ය. එසේම එම ආයතනය පැහැදිලි කරන්නේ තමන් Core i3, i5 මෙන්ම i7 සියලුම නිකුතූන්ට අදාල වන ලෙසට නව තාක්ෂනය සමග එන ප්‍රොසෙසර් 14 නිකුත් කරන්නට කටයුතු කරන බවයි. මීට අමතරව Intel මේ වන විට පවසා සිටින්නේ තම නව නිකුතුවේ tablets සදහා වන සංස්කරනය “Cherry Trail” නමින් නිකුතුවටද සූදනම් බවකි. මෙම SoC (System-on-Chip) නිකුතුව සමග 64-bit, දියුනුකල graphics හැකියාව , හා වැඩි battery life එකක් ගෙනෙන්නට සමත්වනු ඇති බවය.

Posted in Intel |

Windows 10 හා අනාගත Windows ගමන් මග…

   Windows 10 යනු තවමත් සම්පූර්නයෙන්ම නිරාවරනය නොවූ පැමිනීමක් වේ. මෙම වසරේ දෙවන භාගයේදී පමන අවසාන නිකුතුවක් බලපොරොත්තුවන තවමත් පෙර සංස්කරන මට්ටමේ අත්හදා බැලෙමින් තිබෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය සැලකිය හැකිය.windos8 සමග විසුරුනු DeskTop මිත්‍රබව නැතිනම් Start මෙනුව මූලික DeskTop මිත්‍ර බව යලි පැමිනීම සමග Cortana නැතිනම් වාචික මෙහෙයවීම් මිත්‍රබව මූලික වඩාත් බලවත්කරන ලද Action Center අංගය, පහසු භාවිතයට සහය වෙමින් වඩාත් එක්තැන්වන PC Settings අංගය, Continuum feature සමග උපාංගයේ දෘඩාංග හැකියාව අනූව ස්වංක්‍රීව සැකසීමේ හැකියාව ඇතුලු නව මෙන්ම දියුනු කරන ලද පැමිනීමක් එසට දැනටමත් බලාපොරොත්තු පලව ඇත. එසේම Phone , Tablet වැනි අනෙකුත් උපාංග සමග වඩාත් මිත්‍ර පරිසරයක් Windows සමග පැමිනෙන බවට පලවන අතර universal apps වැනි භාවිත්ගාවන් එය වඩාත් ශක්තිමත් කරනු ඇත. ඊටත් අමතරව ie බ්‍රවුසරය සමග භාවිතාකරන්නන් අතර වූ නොසතු‍ටු අංගයන් ඉවත්කරමින් ඔවුනගේ නව බ්‍රවුසරයක හඳුන්වා දෙමින් Spartan නම් නිකුතුවක් නිවේදනය වන අතර එය දැනට වඩාත් ජනංප්‍රිය බ්‍රවුසර භාවිතාවන්ට වඩාත් සමීප වන අත්හ්දැකීමක් ගෙනෙනු ඇති බවටයි පොරොන්දුව ඇත්තේ. windows වල අනාගත ප්‍රවනතාවන් පිලිබදව ඉගියක් දෙමින් නිවේදනය වූ Windows Holographic පිලිබදව මේ වන විට හදාරන්නන් අවධානය පලකර මින් සිටින අතර අනාගත භාවිතාව මොනිටරයෙන් ඉවතට පැමිනීමේ පෙර සලකුනක් ලෙසටද ඒ පිලිබදව කථාබස් වෙමින් තිබෙනවා. Desktop භාවිතාව ශ්‍රව්‍ය දෘශ්‍යව පිටතට පැමින වෙනත් ආකාරයකට ජංගම කිරීමක් පිලිබ්දව මේ වන විට හෝඩුවාවන් පලවෙමින් තිබෙන බවටයි පෙනෙන්නට ඇත්තේ.

Posted in Windows 10 |