Back to Top

Monthly Archives: March 2015

BIOS security අවධානයෙන් ගිලිහෙමින් ඇත….

  හදාරන්නන් පෙන්වා දෙන්නේ නිසිපරිදි යවත්කාලීන නොවන BIOS ඔස්සේ ඉතා පහසුවෙන් පහර දෙන්නන් පරිගණක පද්ධති වෙතට පිවිසීම සිදුකරමින් සිටින බවයි. මෑතකදී “How many million BIOSes would you like to infect?” නමින් සිදුකල හමුවකදී ඔවුන් පැහැදිලි කර සිටියේ ඉතා ප්‍රාථමික මට්ටමේ භාවිතා කරන්නෙකුට පවා මෙම පහරදීම් ඔස්සේ පද්ධති වෙතට පිවිසීම, ඒවා සම්පූර්නයෙන් අක්‍රියකර දැමීම වැනි උත්සාහයන්ට දොර විවෘතව ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ විනාඩි දෙකක් වැනි සුලු කාලයක් තුලදී ආසාධිත පරිගණකයක් ඔස්සේ USB stick එකක් සමග තොරතුරු ලබා ගැනීම ඉතා සරල කටයුත්තකව ඇති බවයි. බොහෝ පිරිස් අතින් BIOS security යන්න අමතකව ඇති කාරනයක් වන බවත් Lenovo, Dell. HP වැනි ආයතන කිහිපයක් හැරුනු විට නිෂ්පාදකයින් අතින්ද මේ පිලිබදව නිසි අවධානය ගිලිහි ඇති බවත් ඔවුන් පෙන්වා දෙන්නට කටයුතු කරන ලදී. – Pubudu Siriwansa

Posted in Malware, Privacy |

නව Cryptolocker පරිගණක ක්‍රීඩා දෙසට..

   Cryptolocker වලදී සිදුවන්නේ ඔබගේ පරිගණකයේ වන ගොනු අනවසරව encrypts කර දැමීමය. මෙම ගොනු නැවත decryption කිරීම සදහා ඔවුන් bitcoins ඔසේ වන ගෙවීමක් බලාපොරොත්තුවේ. මෙම හානිකරයේ නවතම සංස්කරනය gamers දිසාවට වන බවටයි තොරතුරු හෙලි වන්නේ. මෙම Cryptolocker ransomware ව drive-by download attack ආකාරයට ක්‍රියාත්මක වීම සදහා භාවිතාකරන්නාව ආසාධිත අඩවියක් කරා ගෙන යමින් එම අඩවිය ඔස්සේ පරිගණකය වෙතට හානිකරය ස්ථාපනයට කටයුතු කෙරෙන අතර දැනට හඳුනා ගෙන ඇති පරිදි පරිගණක ක්‍රීඩා ගොනු වර්ග 185 (file extensions) සදහා මෙම හානිකරය ක්‍රියාත්මක වෙමින් ඇති බවටයි විස්තර කෙරෙන්නේ. Call of Duty, StarCraft, Diablo, Fallout, Minecraft, Assassin’s Creed, Half Life 2, Bioshock 2 වැනි ප්‍රකට මට්ටමේ ක්‍රීඩා රාශියක් සදහා මෙම ආසාධිතය ක්‍රියාත්මක වන අතර අදාල ක්‍රිඩා මෘදුකාංගය නැවත ස්ථාපනයෙන් වත් ආසාධනයෙන් ගැලවිය නොහැකි බවටයි පැහැදිලි වන්නේ. වැඩි දුරටත් සදහන් වන්නේ RPG Maker, Unity3D, Unreal Engine වැනි ක්‍රීඩා සංවර්ධන මෘදුකාංග ඉලක්කවන මෙම හානිකරයෙන් ඔස්සේ තමන්ගේ දත්ත අහිමිවීම වලක්වා ගැනීමට හැකි හැම විටම භාහිර දෘඩ තැටියක් ඔස්සේ backup එකක් තබා ගැනීම වැදගත් වන බවයි.

Posted in Malware |

මීලග Windows 10 for phones වැඩි devices ප්‍රමානයකට..

        Windows 10 for phones නිකුතුවක්මේ වන විට සිදුව ඇති මුත් එය සීමිත උපාංග කිහිපයකට පමනක් සීමාව පැමින තිබීම බොහෝ භාවිතා කරන්නන්ගේ අප්‍රසාධයට හේතුව තිබුනි. මේ වන විට හෙලිවෙමින් ඇති තොරතුරු පවසන්නේ Windows 10 for phones වල මීලග සංස්කරනය පෙර සංස්කරනයට වඩා වැඩි උපාංග ප්‍රමානයකට විවෘතව පැමිනෙන්නට නියමිතව ඇති බවකි. වැඩි දුර තොරතුරු රහිත වූවද මේ වන විටත් Microsoft ආයතනය මේ වන විට තම මීලග Phone සංස්කරනය සමග Spartan වන බවට නිවේදනය කර ඇති අතර පැහැදිලි UI එකක සමග භාවිතාකරන්නා ගට වඩාත් සිත්ගන්නා සුලු වෙබ් අත්දැකීමක් ගෙනෙන්නට එය සමත්වනු ඇති බවටයි පෙන්වා දී ඇත්තේ.

Posted in Microsoft, Smart Phone |

Cortana පහසුව Android හා iOS වෙතටද පැමිනෙනු ඇත…

    Microsoft වෙතින් එන ඩිජිටල් සහයකයා Cortana පලමුව නිවේදනය වූවේ Windows Phone 8.1 වෙතටය. පසුව Windows 10 සමග ඩෙස්ක් ටොප් පරිසරය වෙතටද පැමිනි එහි මීලග පිවිසුම standalone app එකක් ලෙසට Android හා iOS දෙසට වන්නට කටයුතු සිදුවෙමින් ඇති බවටයි ‍තෝඅතුරු පැවසෙන්නේ. ආයතනයේ ‘Project Einstein’ ව්‍යාපෘතිය යටතේ වන දියුනු කිරීමක් ලෙසට මෙම නිමැවුම සිදුවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි artificial intelligence හැකියාවක් ඔසේ දියුනු කරමින් සිටින මෙහි අනාගත සංස්කරනයන් සමග පහසුවෙන් Email එකක් කියවා තේරුම් ගන්නට හැකි වන භාවිතාවක් ගෙනෙන්නට හැකිවනු ඇති බවට මේ වන විටත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. තම සම තරගකරුවන් වන Siri හා Google Now සමග තරග කරමින් වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට Cortana සමත්වනු ඇති බවටයි විචාරකයින්ගේද අදහස වන්නේ.

Posted in Android, iOS, Microsoft |

special ROM ඔස්සේ Android , Windows 10 phones බවට…

  Microsoft වෙතට Android devices ගෙනෙන්නේ ප්‍රබල අභියෝගයකි. ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Android හමුවේ Windows Phones තම අනන්‍යයතාවය ‍රැක ගන්නට ප්‍රබල උත්සාහයක යෙදෙමින් සිටී. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ special ROM එකක් හරහා Android ධාවනය වන උපාංග වෙතට Windows 10 ගෙන ඒම සාර්ථකව අත්හදා බලා ඇති බවකි. චීන ස්මාර්ට් දුරකථන සමාගමක් වන Xiaomi සමග ඔවුනගේ Mi4 flagship සමග මෙම උත්සාහය සිදු වෙමින් ඇති බවටයි වැඩි දුරටත් පලවන්නේ. මෙහෙයුම් පද්ධති අතර සරලව හුවමාරු වීමේ හැකියාව පසුගිය කාලයේ සිට වැඩි අවධානයක් දිනා ගත් කාරනාවක් වූ අතර වඩාත් තරගයට අවතීර්නය වෙමින් Microsoft සමාගමද එක් ප්‍රමානයකට වඩා අඩු උපාංග සදහා Windows මෙහෙයුම් පද්ධති නොමිළේ ලබා දෙන්නටද තීර්නය කරන ලදී.   – Pubudu Siriwansa

Posted in Android, Windows 10 |

Windows 10 build 10041 පැමිනේ. ගැටලු සහිතය…

    Windows 10 වෙනස් වන්නේ බොහෝ ආකාරවලටය. මෙහෙයුම් පද්ධතියක් ලෙසට එහි අභ්‍යන්තරව පමනක් නොව පෙර නිකුතූන් පැමිනීමේදීද පෙරදාට වඩා වේගවත් ස්වරූපයක් ගෙන ඇත. හදාරන්නන් පෙනවා දෙන්නේ ආසන්නව මසකට එක් සංස්කරනයක් වන සේ එම පැමිනීම් පෙල ගැසෙමින් ඇත. icons වල සිට බ්‍රවුසරයේ නව මුහුනුවරක් ගත් Spartan දක්වා මෙහි වන වෙනස්කම් බොහෝය. සමහර වෙනස්කම් දැනටමත් පැමින ඇති අතර සමහර ඒවා නිවේදනය වී ඇත. කෙසේ වෙතත් Windows 10 වල නවතම පෙර සංස්කරනයක් මේ වන විට නිකුත්ව තිබේ. Windows 10 build 10041 සංස්කරනය ලෙසට එය නම් වේ. හදාරන්නන් බලාපොරොත්තුවූ Spartan නැතිනම් Microsoft වෙතින් පැමිනෙන්නට නියමිත බ්‍රවුසරය මෙහිදීද පැමින නැති අතර නොනිලව පැවසෙන්නේ තවමත් එය ආයතනය අභ්‍යන්තරව අත්හදා බැලෙමින් ඇති බවකි. මෙම නව Windows 10 Technical Preview සංස්කරනය සමග හඳුනාගෙන ඇති ගැටලු වන බවටද මේ වන විට තොරතුරු හෙලි වෙමින් ඇති අතර logging inවලදී ඇතුලු අවස්ථා කිහිපයකදී ඒවා අත්දකිමින් ඇති බවටයි වාර්ථා වන්නේ.

Posted in Windows 10 |

Spartan බ්‍රවුසරය මීලග Win 10 පෙර නිකුතුව සමග…

   Microsoft වෙතින් පැමිනෙතැයි බලාපොරොත්තුවන නව බ්‍රවුසර නිකුතුවක් පිලිබද කථා බහ වෙතට නව පනක් දෙමින් පසුගියදා ප්‍රකාශ කර සිටින ලද්දේ Windows 10 මීලග පෙර සංස්කරනය සමග Project Spartan පැමිනෙනු ඇති බවකි. මේ දිනවල පැවැත්වෙමින් ඇති Mobile World Congress වලදී මේ බව ප්‍රකාශ කෙරුන ලද අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙතින් සම්පූර්නයෙන් වෙනස් මගක් ගන්නා මෙම බ්‍රවුසරය අඩු දෘඩාංග භාවිතාවක් සමග වැඩි වේගවත් ක්‍රියාකරමක් පෙන්වන බ්‍රවුසරයක් වනු ඇති බවටයි පොරොන්දුව වන්නේ. Windowa 10 සදහා අවසාන පෙර නිකුතුවක් පැමිනියේ පසුගිය ජනවාරියේ වන අතර නව බ්‍රවුසරය ‍රැගත් මීලග පෙර නිකුතුව මෙම මාසයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු පලවනවා. – Pubudu Siriwansa

Posted in Browser, Microsoft |

IE 11 නතර වේවි. Spartan ඉදිරියට යනු ඇත…

   Microsoft වෙතින් කඩිනමින් නිමවෙමින් ඇති Windows 10 සමග බලාපොරොත්තුවෙමින් ඇති නව අංගයන් අතර බ්‍රවුසර වෙනස වැදගත්ම අංගයකි. මේ වන විට Microsoft වෙතින් නිවේදනය වෙමින් ඇත්තේ ඔවුනගේ අනාගත ප්‍රධාන බ්‍රවුසරය Spartan වීමට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Trident engine එනම් Internet Explorer 11 හ් පදනමම වඩාත් දියුනු කර මේ සදහා භාවිතාවන බවය. “modern web” සදහා වඩාත් දියුනු කර ඇති මෙම යාන්ත්‍රනය මත නිමවන දැනට Spartan ලෙසට නම් වන අනාගත බ්‍රවුසරය සදහා වෙනත් නමක් අනාගත අවසන් නිකුතුව සදහා වීමට ඇති ඉඩකඩද විවෘතව පවතිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Internet Explorer 11 නොවෙනස් ව පවතින අතර Spartan වෙනත් නමකින් පැමිනෙන මෙම නව බ්‍රවුසර සංස්කරනය වැඩි දියුනු වෙමින් ඉදිරියට යනු ඇති බවකි. එනම් I.E 11 සංස්කරනය Windows 8.1 සමග අවසන් වනු ඇති බවකි. මෑතකදී නිකුත් වූ Windows 10 සංස්කරනය සමගද නව බ්‍රවුසරය දක්නට නොලැබුනු අතර පැමිනෙන්නට නියමිත නුදුරු සංස්කරනයක් සමග මෙම නව නිකුතුව අත්දකින්නට භාවිතකරන්නන්හට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. – Pubudu Siriwansa

Posted in Browser, Windows 10 |

VLC Player 2.2.0 නිකුත්වේ..

  ඔබ මොන ආකාරයක දත්ත උපාංග භාවිතාකරන්නෙකු වුවද Media Player ඔබ වෙතට වන ප්‍රධාන අනිවාර්ය අවශ්‍යතාවයන් වන්නේය. මේ සදහා මොනතරම් විසඳුම් වූවද භාවිතාකරන්නන් අතරවඩාත් සිත්ගත්, භාවිතාවක් දිනාගත් Media Player ලෙසට පිලි ගැන්නේ VLC Media Player ය. විවෘත ගනයේ මෘදුකාංගයක් ලෙසට ගැනෙන මෙහි VLC Media Player 2.2.0 සංස්කරනය පසුගියදා නිකුත්කරන්නට එම ආයතනය කටයුතු කරනු ලැබුවා. ආයතනය පැහැදිලි කලේ වසරකට වඩා කාලයක කටයුතු ඔස්සේ දියුනු කර ඇති මෙහි හඳුනා ගෙන තිබූ දුර්වලතා දහස් ගනනක් පිලිසකර කරන්නට මෙන්ම සහය දක්වන formats ප්‍රමානය වැඩි කරන්නට නව සංස්කරනය සමග හැකිව ඇති බවයි. මෙම නිකුතුව PC සංස්කරනයට අමතරව OS, Android, Android TV, WinRT, Windows RT, හා Windows Phone ලෙසට වනාශ්‍රිත සංස්කරනයන්ගෙන්ද සමන්විත වන බවට ඔවුන් පවසනවා.නව සංස්කරනය Ogg, MP4, හා WMV සමග කටයුතු කිරීමේදී වැඩි දියුනු කර ඇති අතර resume playback හා පෙර නැරබූ වීඩියෝවක් පහසුවෙන් නැවත විවෘත කිරීමේ හැකියාව ආදිය වන බවටත් පැවසෙනවා.

http://www.videolan.org/vlc/releases/2.2.0.html

Posted in Software |

Tencent PC Manager

   ආරක්ශක මෘදුකාංගයක් යනු නිමා නොවන අවශ්‍යතාවයකි. දිනෙන් දින වඩ වඩාත් සංකීර්න හානිකරයන් පැමිනෙනවා සේම විවිධ හැඩගත් ආරක්ශක මෘදුකාංගයන්ද පැමිනේ. මෙම Tencent PC Manager මෘදුකාංගය පිලිබදව පැහැදිලි කෙරෙන්නේ එය scanning engines හතරක එනම් Tencent Cloud Protection, Tencent Antivirus Engine II, Avira Local Antivirus හා Tencent System repair යන ඒවායේ සහයෙන් ක්‍රියාත්මක වන පරිගණක සදහා වන viruses, spyware, malware, rootkits ඇතුලු හානිකරයන්ට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වන ආරක්ශක මෘදුකාංගයක් ලෙසටය. මීට අමතරව ඔවුන් සදහන් කරනවා anti-phishing, link scanner, secure browsing, webcam protection, USB protection, හා hacking detection ආකාරවලටද එය ඔබගේ සහයට පැමිනෙන්නට සූදානම් බව. Updates හා upgrades සදහා ස්වංක්‍රීයව සූදානම්ව පසුබිමේ සිට ක්‍රියාත්මක වෙමින් වඩාත් පූර්න ආරක්ශාවකට තම මෘදුකාංගය සූදානම් බවටයි මෙහි නිපැයුම්කරුවන් පවසන්නේ.

Tencent PC Manager 10.4.25461.501

Posted in Software |

Firefox 36.0.1 සංස්කරනය පැමිනේ…

   Mozilla Firefox ලොව බ්‍රවුසර භාවිතාවේ සැලකිය යුතු අවධානයක් ලබා සිටින්නකි. pop-up blocking, tab-browsing, integrated Google search, simplified privacy controls, a streamlined වැනි කැපී පෙනෙන ක්‍රියාකාරකම් වලින් සමන්විතව පැමිනෙන මෙම විවෘත ගනයේ බ්‍රවුසර මෘදුකාංගයේ මීලග සංස්කරනයන් නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. හඳුගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම පිලිසකරව ඇති අතර නව සංස්කරනය සමග වඩාත් faster, secure හා customizable වෙබ් භවිතාවකට අවස්ථාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. add-ons 5000 වඩා එකතුවක් සමග වඩාත් නම්‍ය බ්‍රවුසර භාවිතාවකට පහත දැක්වෙන සැබැදියාවන් ඔස්සේ ඔබට අදාල නව සංස්කරනය ලබා ගැනීම ඔස්සේ හැකි වනු ඇත. – Pubudu Siriwansa

Firefox 36.0.1 for Windows

Firefox 36.0.1 for Linux

Firefox 36.0.1 for MacOS

Posted in Browser, Software |

WPS Office 2015 නව සංස්කරනයක් පැමිනේ..

    පෙර Kingsoft Office ලෙසට වූ Free office suite ගොනුව දැන් පැමිනෙන්නේ WPS Office ලෙසටය. මෙහෙයුම් පද්ධතිය හැරුනු විට බහුලතම භාවිතාවක් ලබන Office මෘදුකාංග පද්ධතියක් සදහා නොමිළේ පැමිනෙන කදිම විසදුමක් වන මෙම නිකුතුව Writer, Presentation හා Spreadsheets යන් අංගයන්ගෙන් සමන්විතව පැමිනෙන බවටයි විස්තර කෙරෙන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ WPS Office Free 2015 ආයතනික මට්ටමේ මෙන්ම පෞද්ගලික මට්ටමේ භාවිතාවන් සදහා මනාව නිමාවී ඇති බවකි.මෙම නව ස්ංස්කරනය සමග සිය ගනනක් වන online templates නොමිළේ ලබා ගන්නට හැකි වන අතර spell check හැකියාව WPS Cloud වැනි පහසුකම් වලින් සමන්විතව වන බවටයි විස්තර කෙරෙන්නේ. නොමිළේ භාවිතාවට එන සංස්කරනයක් සේම මුදල් ගෙවා ලබා ගත හැකි වැඩි පහසුකම් සහිත සංස්කරනයක් ලෙසටද මෙම මෘදුකාංගය ලබා ගන්නට හැකි වන බවටයි විස්තර කෙරෙන්නේ. – Pubudu Siriwansa

WPS Office 2015 v9.1.0.4942

Posted in Software |
× How can I help you?