Back to Top

Monthly Archives: May 2016

KumariElla, kunari ella falls

Kumari Ella Falls

      පුවක්පිටිය නගරයෙන් හැරී තුම්මෝදර මාවත දීගේ කිලෝ මීටර තුනක් පමන යන විට අඹන්ගම ඔය ගල්කුලකින් ඇද හැලෙමින් නිර්මාණය කරන කුමාරි ඇල්ල කොළඹ දිස්ත්‍රික්කයේදී හමුවන විසිතුරුම තවත් ස්වාභාවික සම්පතක් බව හදාරන්නන්ගේ අදහසයි. උසින් අඩි පහලොවක පමන වන මෙම දිය ඇල්ලේ දිය පහර ඇස්වත්තෙදී කැළණි ගඟට එක්වන අතර සීතාවක රාජසිංහ සමයේදී මෙම කුමාරි ඇල්ල ස්ථානය රජ කුමාරියන් දිය කෙලිය සදහා භාවිතාවූ ස්ථානයක් ලෙසට පිලිගැනේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ සීතාවක රාජසිංහ රජිදුන්ගේ දූකුමාරිය නමින් මෙම ඇල්ල නම්වන බවත් පුවක් පිටිය අවට වන Pittukanda හා Dukkalahelena කඳු දෙක ඔස්සේ පැමිනෙන ජල පහර දෙකක් ප්‍රධානව එක්විමෙන් මෙම ඇල්ල නිර්මානය වන බවකි.  මෙතැන් සිට පුවක් පිටිය නගරය ආසන්න වන තෙක්ම ගල් පර අතරින් ඇදහැලෙමින් විසිතුරු රටා මවමින් ගලා බසින මෙම දිය දහර සමග දෙපසින් වන ඉවුරු වල වන මීවන ඇතුලු ශාකයන්ගෙන් ගැවසී ඇති අතර පැමිනෙන්නන් වෙතට වඩාත් නෙත්කලු බවක් ගෙන දේ. නගරය ආසන්නයේ වීම සමග නිතර නරබන්නන්ගෙන් ගැවසගත් ස්ථානයක් ලෙසට මෙම ස්වභාවික ස්ථනය හඳුනවා දිය හැකි අතර නොසැලකිලිමත් නරබන්නන් අතින් නිතර අපවිත්‍රවන තැනක් ලෙසටද හඳුන්වා දෙන්නට සිදුවේ.

Maniyangama Rajamaha Viharaya (Article)

      මානියම්ගම රජමහා විහාරය පිලිබදව වන ඓතිහාසික කථා පුවත ඇරබෙන්නේ අනුරාධපුරයෙහි රජකම් කල වලගම්බා රජු සමයේදීය. එතුමා රාජත්වයට පත්ව නොබෝ කලකින්ම ඇතු වූ ඇබුදකාරී බව සැලවූ දකුනු ඉන්දියාවේ දමිල ආක්‍රමනිකයන් පිරිසක් පැමිනීමත් සමග තම රාජයයෙන් පලා යන වලගම්බා රජතුමා වසර 14ක් තිස්සේ රටේ විවිධ ප්‍රදේශවල සැගවෙමින් තම සේනාව සංවිධානය කිරීම සිදු කලහ. එම කාලය තුල තමන් වෙතට සැගව සිටින්නට සහයවූ ගල් ගුහ බොහොමයක් ආශ්‍රිතව පසුව ලෙන් විහාර බවට පත්කල බව ඉතිහාසයේ සදහන්ය. මානියම්ගම රජමහා විහාරයේද පුවත ඇරබෙන්නේ මේ ආකාරයටය.
මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඉතිහාසය ලියවෙන්නේ ඊටද වඩා පෙර සිට බව හදාරන්නන්ගේ මතයයි.ක්‍රි.පූ.1 කාලයට අයත් තිබිරිපොල රජ ලෙන නම් විශාල ගල් ලෙනෙහි ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි මීට සාක්ෂි සපයයි. එසේම පොලොන්නරු යුගයේදී පලමු විජයබාහු රජුගේ සේනාධිපතිවරයෙක් සේනවක් සමග මානියම්ගම හරහා ගමන් කල බවත් සරුසාර කෙත්වතු යායවල් ව්ලින් මෙම ප්‍රදේශය වැසී තිබුන බවටත් සටහන් හමුවේ.
15 හා 16 සියවස් වන විට වේගයෙන් වලගම්බා රජුගේද සහයෙන් දියුනුව ඇරබෙන මානියම් ගම රජමහා විහාරය තුන්කෝරලයේ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානයක් වූ බවට පිලි ගැනේ. ගිරි, වන ,ජල දුර්ග වලින් ආරක්ෂිත මනියම්ගම ආශ්‍රිතව රාජයක් පිහිටවන්නට විජයබා කොල්ලයෙන් අනතුරුව මාය දුන්නේ කුමරුට ආරාධනා කරන්නටද ඇත්තේ මෙම විහාරය ආශ්‍රිත ස්වමීන්සේලා ව්ය හැකි බවටද උපකල්පනය කල හැක. ක්‍රි.ව. 1521 දී බිහිවූ සීතාවක යුගයේදී 18 රියන් සැතපෙන පිලිමය මෙන්ම වඩු හත් රියන් විෂ්ණු දේව ප්‍රථිමාව ඇතුලු ප්‍රථිමා රාශියක් ආදිය කරවා සිතුවමින් හා කැටයමින් විසිතුරු කරන්නට මෙන්ම ගම් බිම් ‍රැසක් විහාරය වෙතට පූජා කරවන්නට මෙම රාජධානියේ අනුග්‍රහය ලැනෙන්නට ඇත.

Gallery

Map

Hanwella Fort – හංවැල්ල බලකොටුව ( ගුරුබැවුල බලකො‍ටුව)

        හංවැල්ල නගරයේ තානායම පිහිටි භූමි භාගයේද අතීතයේ බල කො‍ටුවක්ව පැවතුන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.අතීතයේද කොළඹ සිට සීතාවකට එන මාර්ගයත් අනෙක් දෙසින් කැළණි ගඟත් අතර පිහිටි මෙම ස්ථානයට ගුරුබැවුල බලකො‍ටුව ලෙසට භාවිතාවූ බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.මායාදුන්නේ මෙන්ම රාජසිංහ රජවරුන් මෙම ස්ථානයේ සිට පෘතුගීසී විරෝධී අරගල මෙහෙයවන්නට කටයුතු කොට තිබෙන බවට පිලි ගැනේ. රාජ සිංහ රජතුමාගේ අභාවයෙන් අනතුරුව පෘතුගීසීන් විසින් මෙම ස්ථානය අත්පත්කරගන්නට කටයුතු කල බවත් එදිරිල්ලේරාල හා කුරුප්පුආරච්චි වැනි වීරවරයන්ගේ නායකත්වයෙන් එය යලුත් මුදවා ගන්නට කටයුතු කල මුත් පසුව එය ලන්දේසීන් විසින් අත්පත්කර ගත් බවත් සඳහන්වේ. එකල මෙහි ආරක්ශාව වඩාත් තරකරගනු වස් ගොඩබිමින්ද ගැබුරු අගලක් කපා තිබූ බවක් පිලි ගැනේ. අවසානයේ ඉංග්‍රීසීන්ගේද බලකො‍ටුවක් බවට මෙම ස්ථානය පත්ව තිබ ඇති අතර කන්ඳ උඩරට හමුදාවෝ මෙතැනට පහරදීමට පැමිනිමුත් පරාජය වූ බවත් සේනාධිපත් ලෙව්කේ දිශාව මරනයට පත්වූ බවත් ඉතිහාස සටහන් පවසයි.
අනතුරුව උඩරට ආක්‍රමනයට ඉංග්‍රීසීන්ගේ සහයට ඇහැලේපොල අධිකාරම් එක්වූවේද මෙ ස්ථානයේදි බවට පිලි ගැනෙන අතර සිරබාරයට පත් කන්ද උඩරට රජතුමා කොළඹ කරා ‍රැගෙන යාමේදීද මෙම ස්ථානයේ රඳවා සිටින්නට ඇති බවට විස්වාස කෙරේ. අදද මෙම ස්ථානයේ ගල් ආසන, ප්‍රණි ප්‍රකාරයේ කොටස් මෙන්ම දිය අඟලේ සලකුනු දැකිය හැක.
ශ්‍රී ලාංකීය අතිතයේ වැදගත් සිදුවීම් මෙන්ම කැපී පෙනෙන චරිත රාශියකම සබදතා සීතාවක පුරය නොහොත් වර්ථමාන අවිස්සාවේල්ල අවටින් සඳහන් වේ. පොලොන්නරු යුගයේ දිදුලන නාමයක් ලෙසට සටහන් වන මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ උපත සිදුවූවේද අවිස්සාවෙල්ලට නුදුරු දැදිගම කොටවෙහෙර නම් ස්ථානය ආශ්‍රිතව බව පිලිගැනේ. මෙතුමන්ගේ උපත සිහිවීම පිනිස වෙහෙරක්ද ඉදිකල බවට සඳහන් වේ. වරක් මෙතුමාට එරෙහිව ඇතිවූ කැ‍රැල්ලක් මැඬලීම  සදහා මානියම්ගමු රට නොහොත් නියම් ගම් දහසකින් සමන්විත සතර කොන හඳුනා ගැනීම සදහා කනු සතරක් සිටවා ඇති වර්ථමානයේ මානියම්ගම  ප්‍රදේශය හරහා සේනාංකයක් රුහුනට ගිය බවට වන “කඩ ඉම්පොතේ විමර්ශන” නම් ග්‍රන්ථය පෙන්වා දේ.
ක්‍රි.ව. 1521 දී විජයබා කොල්ලය ඇතිවන්නට පෙර සිටම මායා දුන්නේ කුමරු මානියම්ගම රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලා සමග සබදතා පවත්වා ඇති බවත් 1519දී මායා දුන්නේ කුමරා මෙම රජ මහා විහාරයේ බුදු පිලිම හා විෂ්නු දේවරූපය නිමවා සිතුවම්ද කරවා පෙතන්ගොඩ කුබුරු යායද සමග පූජා කල බවට තඹ හස්නක් විහාරයේ වේ.
මීට පෙර ගම්පොල රාජධානිය ලෙසට ගත් පස්වන බුවනෙකභාහු රජතුමාද 1382දී තමන්ට පක්ෂපාතීව සිටි වැල්ලබුරේ ජයසුන්දර මුදලිට පෙතංගොඩ නින්දගම හා සීතාවක මුදලි තනතුර ප්‍රධානය කල බවට වන අතර “ගොවිතැනට සම්බන්ද නිලධාරියා” යන අර්ථය මෙහිදී සීතාවක යන නමට වූ අර්ථය ලෙසට පැවතුන බව හදාරන්නන්ගේ මතයයි.
ක්‍රි.පූ. 103-77 කාලයවූ වලගම්බා රජතුමාද අනුරාධපුරයේ තම රාජධානියට සිදුවූ ද්‍රවිඩ ආක්‍රමනය හමුවේ සල්ගල, හකුරුගල මෙන්ම මානියම්ගම ආශ්‍රිත ගල්ලෙන්වල සිට සේනාව සංවිධානය කරමින් නැවත සතුරා පැරදවීමට ක්‍රියා කල බවද ඉතිහාසය පවසයි.
Posted in History | Leave a reply

සමහර අවසර පද වෙතට පිවිමට ගතවන්නේ milliseconds ය..

       හදාරන්නන් පවසන්නේ අවසර පද වෙතට අනවසර පිවිසීමක් සිදුවීම සදහා ගතවන කාලය සමහර අවස්ථාවලදී milliseconds තරම් අඩුකාලයක් ගන්නා බවකි. විටක භාවිතාකරන්නන් තම පහසුව සදහා  ‘123456’ නැතිනම් ‘password’ වැනි සරල අවසර පද භාවිතාවේදී මෙම අනතුර පවතින බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. හදාරන්නන් උදාහරන ලෙසට පෙන්වා දෙන්නේ “abcdefg”  ලෙසට වන අවසර පදයක් යාන්ත්‍රනයක් මගින් බිඳ දමන්නට .29 මිලිසෙකන්ඩ් තරම් කාලයක් ගන්න අතර “abcdefghilk” ලෙසට වන අවසර පදයක් සදහා විශාල කාලයක් ගන්නා බවයි. මෙම හැදෑරීම සදහා  length හා character types සාධක මත සිදුව ඇති අතර ‘password’  නැතිනම්  ‘birthday’ වැනි අවසර පදයක් සදහා 0.25 Milliseconds තරම් අඩු කාලයක් ගන්නා බවට ඔවුන් පෙන්වා දෙනවා. එම හැදෑරීම් යාන්ත්‍රනයට අනූව  ‘password69’ වැනි අවසර පදයක් වෙතට අනවසර පිවිසීමක් සදහා අට වසරක් වැනි දිගු කාලයක් ගන්නා බවද පෙන්ව අතර රාජ්‍ය නායකයෙකුගේ වැනි උදාහරනයක් ලෙසට ‘malcolmturnbull’ වැනි අවසර පදයක් වෙතට පිවිසෙන්නට විශාල කාලයක් ගන්නා බවටයීම යන්ත්‍රනයට අනූව පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් මෙම යාන්ත්‍රනය නිර්මානය කිරීම සදහා යොද අගෙන ඇති ක්‍රම වෙදයට අමතර තවත් ආකාර එනම් ඉලක්ක වන ගිනුම් ආශ්‍රිත තොරතුරු මෙන්ම පෞද්ගලික තොරතුරු ලබා ගනිමින් භාවිතා කිරීම තුලදී මෙම ආකාරයේ හැදෑරීමකට හසු නොවන මුත් සරල අනවසර පිවිසීමකට අවශ්‍ය අවස්තාව බහුලව වන බව අමතක නොකල යුතු අතර අකුරු ඉලක්කම් හා සංකේථ වල මිශ්‍රනයක් අහඹු ලෙසට ගෙන භාවිතාකිරීම තවමත් මේ සාම්ප්‍රධායික අවසර පදයක් නිර්මානය කර ගැනීමේ දී භාවිතා කිරීම තවමත් සැලකිය යුතු  ආරක්ශාවක් ගෙනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.

තුම්මෝදර රන්මුදු ඇල්ල…

     තුන්මෝදර ප්‍රදේශයේ වන පාරිසරික අපූරු ස්ථාන අතර සරන ඔබට හමුවන තවත් විසිතුරු දිය ඇල්ලක් වන්නේ තුමෝදර රන්මුදු ඇල්ලය.ලබුගම කල‍ටුවාව රක්ෂිතයෙන් ඇරබෙන බිසෝවක ඇලෙන් පණ ගැන්වෙන මෙම දිය ඇල්ලේ විසිතුරුම දසුනක් ගෙන එයි. ගල්තලා මතින් ඇදීයන මෙම ජල කඳ අවසානයේ කැළණි ගග වෙතට එක්වේ. රබර් වතු යායක් මැද පිහිටි මෙම ඇල්ලේන් එන ජලධාරාව ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාවන් සදහා මහත් සේවයක් කරමින් ගලා යමින් සිටී. ශාක හා සත්ව විවිධත්වයටද තවමත් හිතකර පරිසරයක් අඩු වැඩි වශයෙන් සලසමින් තිබෙන මෙහි අවට වන ස්වාභාවික බව ‍රැක ගැනීම වැදගත් වනු ඇත.

Posted in Nature | Leave a reply

අලගියවන්න මුකවෙටිතුමා ( ALAGIYAWANNA MUKAWETTI)

     සීතාවක යුගය සාහිත්‍ය, කලා කටයුතු අතර එතරම්ම දිදුලන තැනක් හිමි නොකර ගන්නට නිරන්තරයෙන් වූ කලබල කාරිත්වය බල පාන්නට ඇත. ආරක්ශාව හා සතුරා මැඬලිමට වැඩි අවධානයක් නිරන්තරයෙන් යොදන්නට වීම හේතුව වන්නට ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ සැවුල් සංදේශය, කුස ජාතක කාව්‍ය, සුබාශිතය, තීතිසාරය, පරන්ගි හටන වැනි සාහිත්‍ය සටහන් කල දක්ෂතම පඬිවරයෙක් වූ වර්තමාන කිරිඳිවැලට නුදුරුහිස්වැල්ල ගමේ එවකට ප්‍රධානියා වූ ධර්මද්වජ පඬිතුමාගේ පුත් රුවණ වූ පසුව රජවාසලේ මුකවෙට්ටි තනතුර සමග අලගියවන්න මුකවැටිතුමාව සීතාවක යුගයේ සාහිත්‍ය කටයුතු වලදී කැපී පෙනෙන බවයි.
රාජසිංහ රජු කාලයෙන් පසුව පෘතුගීසීන්ට එකතුව කිතු දහමද වැලද ගන්නට මෙතුමා කටයුතු කර ඇති අතර ලෙල්ලුපිටියේ හටන වැනි සාහිත්‍ය සටහන් තබන්නට මෙන්ම පෘතුගීසී ප්‍රදේශවල පුද්ගලයන් හා ඉඩකඩම් පිලිබදව ‍තෝම්බු සටහන් තබන්නටද කටයුතු කලබවට සටහන් වේ. පසුව ලන්දේසීන් සමගද එකතුව ‍තෝම්බු ලිවීම වැනි කටයුතු කල අතර සමස්තයක් ලෙසට සැලකීමේදී සීතාවක යුගයේ සාහිත්‍ය කටයුතු අතර දිදුලන නාමයක් ලෙසට සටහන් වන්නට මෙතුමාට හැකිවීම හදාරන්නන්ගේ පිලි ගැනීමකි.
Posted in History | Leave a reply

සීතාවක රාජසිංහ ( Seethawaka Rajasinghe )

ක්‍රි.ව. 1412- 1467 වකවානුවේ ඒකීය රාජ්‍යයක් වූ කෝට්ටේ බෙදී යාම නිසා 16 වන සිය වසේදී සීතාවක රාජධානිය බිහි විය. යාපා ප‍ටුන – කොලොන්තොට හැර අනෙක් ප්‍රදේශ සීතාවක නිසා ගිනියම් විය.
මායා දුන්නේ රජ – කැලිකට් හි – සැමොරින් “මොසල්මානුවරුන්ගේ” උපකාරයෙන් සතර කෝරලේ – තුන් කෝරලේ – දෙවන – කුරුවිට කෝරලය හා හේවාගම් කෝරලය තුළ අනසක පතුරා ඔහුගේ ඇවෑමෙන් ටිකිරි කුමරු රාජසිංහ සම්ප්‍රාප්තිය සිදුවිය. මේ කුමරුගේ ප්‍රසූතියදා පරංගි කො‍ටුවේ බැමි පුපුරා ගියේලු.
“කු‍තෝක්වෙරෝස්, ස්පිලිබර්ජන්, බාල්දියෙස්, පර්ගසන්” වැනි යුරෝපීය ලේඛකයෝ කුමරුගේ සහජාත, අවජාතභාවය ගැන විග්‍රහ කර ඇතත් “මන්දාම් පුර පුවත” කෘතියෙහි සාක්ෂීන් අනූව ටිකිරි කුමරු මායාදුන්නෙගේ සහජාත පුත්‍රයෙකි . ඔබටදා උපනා – තෙදයැයි බෙලෙන් දිලිනා දම් සිප් දැනෙනා – මෙකල රජෙකි බවෙකි හොබනා” එහි එන මෙකවිය ඊට සාක්ෂිවේ.
“රාජාවලිය- අලකේශ්වර යුද්ධය” කෘතීන්ට අනූව රාජසිංහ තුළ යක්ෂ මායම් බලවේග, ද්වාත්මක බලය, දේවාත්මක බලය, මනෝප්‍රභවය, මිනිස්කම අභිබවා ක්‍රියා කිරීම හා අද්විතීය ශාරීරික මානසික බලයක් ආරෝපණය වී තිබීම හා උත්පත්ති වාසනා ගුනය තිබී ඇත.
දශ්මා කඩු ශිල්පය ප්‍රගුණ කොට යුගාන්ත මාරුතය විනිවිදව යන අසරුවකු ලෙස රණකාමී යුද්ධයේ කෙළ පැමිණියෙකු ලෙස රාසිං නම් දැරීය. ” සැවුල් සංදේශයේ අලගියවන්න මුකවෙටිතුමා ඒ ගැන මෙසේ වර්ණාකරයි.
සොබන නකුල සරඹ දත් මෙහිමි ගෙන තට
ලෙසට විදුලි ලෙළවන රිසිනි අසු පිට
දෙපිට සිය දහස් වර වීදිය පිට පිට
මොහුට ඉන්සරි කවුරුද කගක පිට
රාජසිංහ රජු ශිව භක්තිකයෙකි. එනිසා බුදු සසුනට වෛර කළේය. ශාසනය වැනසුවේය. ශ්‍රමණධාරීන් කණාමැදිරි වලේ හැට ඈදුත්තක් ගිල්වා මරා දැමුවෝය. පීතා ඝාතකයෙකි. කෲර පාලකයෙකි. යන අදහස් ඔහුගේ සතුරන් පතුරවා හරි කටකථා වන්නට පුළුවන.
ටිකිරි කුමරුගේ පළමු සටන “අළුත් නුවර” මුල් කරගෙන වීදීය බණ්ඩාරට එරෙහිව සිදුවිය. දොන් ජුවන් ධර්මපාල , පෘතුගීසි , කන්ද උඩරට පෙරමුණු තුනට එරෙහිව එක්වර සටන් කරන විට ඔහුගේ වයස අවුරුදු 11-12-13 විය. රටේ එකීය භාවය ඉහළින්ම ඇති කළ පාලකයෙකි.
රාජ සිංහ රජුගේ දේශපාලනමය, සමාජමය පැත්ත බැලීය යුතුව ඇත. ජීවිත කාලයම යුද්ධයට කැපවීම නිසා ධර්මයට, කලාවට , ලේඛණ කලාවට කාලයක් තිබී නැත.නමුත් තල්දූවේ මුස්ලිම් පරම් පරාවලට “වෙදනම්බුනාම දී” ජාතිවාදී හැගීම් නොතිබුනු බව ඔප්පුකර ඇත. දෙල්ගමුවේ වැඩසිටි දළඳා හාමුදුරුවන්ට සිරිත් විරිත් ප්‍රකාර පෙරහැර පවත්වාද , සමන් දේවාලය ඉඩම් පිරිනමාද , අගමික හැගීම් පෙන්වාදී ඇත. සබරගමුව කන්ද උඩරට-කොළඹ සිට දිවෙන මාර්ගයේ කේද්‍ර කරගෙන වූ “සීතාවක” ආර්ථිකයේ මිශ්‍ර වෙළඳ රටාවන කෝපි- රබර්- කරදමුන්ගු- මැණික් – අලි ඇතුන් සරුවට තිබී ඇත. කැළණි නදී නිම්නය ආශ්‍රිතව සරු කෙත්වතු මගින් කෘෂිකර්මාන්තය නගා සිටවා ඇත. ඒ සදහා කුඩා වැව් තැනූ ඒවායේ නටබුන් අදත් ගැටහැත්ත- මානියම්ගම -පින්නපොල – ඇස්වත්ත-පෙතන්ගොඩදී දැක ගත හැක. පශු පාලනයද මැනවින් සිදුවී ඇත. කෘෂිකර්මන්තයේ මල් ඵල දැරූ “ඓතිහාසික මනියම්ගම කරල් පෙරහැර” අදද වාර්ෂිකව සිදුවේ. සීතාවක යුගය සාහිත්‍ය කලාවට අදුරු යුගයක් බව කීවත් මානියම්ගම වැඩ විසූ සිටිනා මලුවේ ධම්මපාල හිමි, හිස්වැල්ලේ ධර්මද්වජ පඬිතුමා , අලගියවන්න මුකවැටි තුමා ඒ සමයේ ප්‍රවීන ලේඛකයන් වූ අතර සැවොල් සංදේශය, කුසදාවක, සුභාෂිතය , මුණිගුණරත්න මාලාව ඔවුන් අතින් ලියවුන ඉහල පෙළේ කෘතීන්ය.

Posted in History | Leave a reply

“අවිස්සාවේල්ල” නම් ලැබීම…

      ලක් ඉතිහාසයේ සීතාවක රාජධානිය යනු ඉතා කෙටිකලක් පැවති මුත් දීප්තිමත් සටහනක් තබන ලද රාජයයක් ලෙසට පිලි ගැනේ. පෘතුගීසී ආක්‍රමනයන් හමුවේ මැද පෙරදී ලත් අති දරුනුතම පරාජයන් කැදවන්නට සීතාවක පලමු රාජ සිංහ හෙවත් සීතාවක රාජසිංහ රජුක් කටයුතු කල බවටයි ඉතිහාසය පවසා සිටින්නේ. අතීතයේ කීර්තිමත් මෙම රජදහන ආසන්නයේම වර්ථමානයේ පවතින නගරය වන්නේ අවිස්සාවේල්ල නගරය වන අතර මෙම නගරයේ නාමය නිර්මානය වීමේදී මෙම අතීතයට අයත් සිදුවීම් කිහිපයක් පාදකවී තිබිය හැකි බවටයි  විවිධ ජනශ්‍රැති හෙලිකර සිටින්නේ.
                            පෘතුගීසීන් වෙතට අනුග්‍රහය දක්වමින් සිටි ලාංකීය විවිධ ප්‍රභූවරු අතරට සීතාවක පලමුවන රාජසිංහ රජු මහත් අභියෝගයක්ව පැවති බැවින් ඔවුනගේ වහරට අනූව “දුෂ්ඨ” අයෙකු හදුන්වන “අවිසෝ” යන වදනත් ප්‍රදේශය යන්නට”වෙලා” යන  වදනත් ඇසුරින් “අවිස්සාවෙල්ල” යන නාමය නිර්මානය වූ බවටයි එක් මතයකට අනූව පිලිගැනෙන්නේ. එසේම වර්තමානයේ ශාන්ත මරියා පාසැල අසලින් වූ මාර්ගය පැරනි භාවිතාවේදී ඉදිකර තිබූ වෙල්ලක් නිරන්තරයෙන් ජල පහරල බිඳ වැටෙන්නට වූ බැවින් අවිස්වාස වේල්ල යන්න පසුව අවිස්සාවෙල්ල ලෙසට විවහාරයට පැමිනි බවට පැවසේ. මීට අමතරව උඩරට දෙවන රාජ සිංහ රජුගේ කාලයේ පෘතුගීසීන් හා ලන්දේසීන් හට වරින් වර රහසින් තොරතුරු සැපයූ රාජ්‍ය ද්‍රෝහීන් පිරිසක් මෙම අසලවූ වෙල්ලකට තබා මැටිගැසූ බවත් ඒ ඇසුරින් “අවිස්වාස අය මැටි ගැසූ වෙල්ල” නැතිනම් “අවිස්වාසයන්ගේ වෙල්ල”  පසුව “අවිස්සාවේල්ල” ලෙසට භාවිතයට පැමිනි බවටත් පිලි ගැනීමක් පවතී. කාල වකු වානු සැලකීමේදී 1850දී පමනසිට මෙම විවහාරය පැවති බවටයි හමුවන තොරතුරු පැහැදිලි කර සිටින්නේ
Posted in History | Leave a reply

සීතාවක රාජධානිය බිහිවීම….

    කෝට්ටේ රාජධානියේ පිරිහීම වේගවත් වන්නේ හයවැනි සිරි පැරකුම්බා රජුගේ අභාවයත් සමගිනි. විජයබාහු රජු රජකමට පත්වීමත් සමග තම මුල් දරුවන් සිටියදී කීරවැල්ලේ බිසවගේ සහෝදරයෙකු ලෙස සැලකෙන දේව රාජසිංහ කුමාරයාහට රජකම ලබා දෙන්නට කටයුතු කිරීම තත්වය පුපුරවා හරින්නට සමත්විය. අවසානයේ විජයබා රජුගේ මරනයත් සමග වැඩි මහලු බුවනෙකබාහු කුමරු කෝට්ටේ රජකමටද, රාජසිංහ කුමරුට රයිගම් ප්‍රදේශයද, මායාදුන්නේ කුමරුට සීතාවක ප්‍රදේශයද බාර විය. පසුව රයිගම් පාලකයාද මිය ගිය හෙයින් එම ප්‍රදේශයද මාය දුන්නේ කුමරුට බාරවූ බවටයි තොරතුරු හෙලි වන්නේ. පෘතුගීසීන්ට හිතැති පාලනයකට ඉතිරිව සිටි බුවනෙකබාහු රජුද වැඩි කැමැත්තක් දැක්වුව මුත් මාය දුන්නේ රජු එයට එතරම් එකග නොවීය. අනෙක් අතට ධර්මපාල නම් බුවනෙකබාහු රජුගේ දියනියකගේ පුත්‍රයෙකුට තම රාජ්‍ය හිමිකර දෙන්නට කටයුතු කිරීමද මායාදුන්නේ කුමරුගේ සිත් පාරවන කාරනාවක් විය. මෙම තත්වයන්ගේ ප්‍රථිපලයක් ලෙසට1530දී පමන සීතාවක උපරාජ්‍යය බිහිවිය. මෙම තත්වය වරක් මායාදුන්නේ කුමරුගේ අධික බල තන්හාව ලෙසට විග්‍රහ වන විට තවත් අතකින් මෙම පසුබිම යටතේ සිංහල ජාතියක් ගැන සිතන්නට ඉතිරිව සිටියේද මායාදුන්නේ කුමරුන් පමනක් බවට විග්‍රහ වේ.

Posted in History | Leave a reply

සීතාවක ඉතිහාසය බොහෝ දුරට විහිදෙන බව….

     සීතාවක අතීතය හදාරන්නන් වෙතට හමුවෙන්නේ  වසර 30000 තරම් දුරක සිට බව ඔවුන්ගේ අදහසය. කුරුවිට බට දොඹලෙනත්, බටතොට ලෙනත්, කිතුල්ගල බෙලි ලෙනත් මෙන්ම කොස්ගම අකරවිට වන අස්මඬල ලෙනත් හදාරන ඔවුන් ඒවායින් හමුවෙන ගල් ආයුධ මෙවලන් හා ඔවුන් ආහාරයට ගත් සත්වකොටස්වල ශේෂයන් හදාරමමින් මේ බව පෙන්වා දෙයි. තවත් විටක සංස්කෘතික සාහිත්‍ය ඉතිහාසය උපුට දමමින් පෙන්වාදෙන්නේ අවිස්සාවෙල්ල තානායම අසල වන සීතා ලෙන වෙතට සීතා දේවිය ‍රැගෙන විත් සගවා තැබීම සදහා භාවිතාකල අතර එම සිදුවීම ඇසුරෙන් මෙම පෙදෙස සීතාවක ලෙසට නම් වෙන්නට පටන් ගත් බවකි. රාමායනයට අනූව ලංකාධිපත් රාවන රජතුමා විසින් එසේ කරන ලද්දේ රාම කුමරු රාවන සොයුරියට කල අවමානයකට පලිගැනීම පිනිස බවටයි කිය වෙන්නේ.
තවත් දෙසකින් කරුනු දක්වන ඔවුන් දෙහිඔවිට තිබිරිපොල ගම්මාවනයේ වන රජ ලෙන හි වන බ්‍රාහමීය අක්ෂර සහිත ශීලා ලේඛන ඇසුරින් පැහැදිලි කරන්නේ ක්‍රි.පූ දෙවන සියවසේ එනම් අනුරාධපුර යුගයේත් ආරම්භක යුගයට වන්නට මෙහි වූ ගම් ප්‍රධානීන් කටාරම් කරවා භික්ෂූන් වෙතට මෙම ලෙන් පුජා කරන්නට කටයුතු කර ඇති බවයි. එසේම ක්‍රි.පූ. 103 ආසන්නයේ විසූ වලගම්බා රජතුමා ආනුරාධපුර සමයේ සිදුවූ ද්‍රවිඩ ආක්‍රමන වලින් සැග වෙන්නට පලා විත්  සල්ගල හකුරුගල මෙන්ම මානියම්ගම ප්‍රදේශවල වන ගල් ලෙන් ඇසුරේ හිඳිමින් සේනාව සංවිධානය කල බවයි.  

Posted in History | Leave a reply

Thibiripola Raja Lena

       තිබිරිපොල පිහිටි රන්පත්ගල ආසන්නයෙන් සීතාවක ඔය තරනයකර කිලෝ මීටර එකක් පමන යකහ‍ටුව කන්දේ ගමන් කල විට කටාරම් කොටා සකස් කරන ලද විශාල ගල් ලෙන් දෙකක් හමුවේ.හත්තක හැඩයට පිහිටි මෙහි එක වර දහස් ගනනකට වුවද නොතෙමි සිටින්නට ඉඩකඩ වේ.බිම් මලු දෙකකට සකස් කර තිබූ බවට ලක්ෂන ඇති මෙහි එක් කොටසක් ආරාමයක් ලෙසට භාවිතාකරන්නට ඇති බවට උපකල්පනය කල හැක. එහි වන කෙටි බිත්ටිවල කොටස් අදද දකින්නට හැක.මෙම ලෙන් දෙකෙහිම කි.පු. දෙවන සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත ලිපි දෙකක්ද වේ. එම ලිපියට අනූව තිස්ස නම් උපාසකයෙකු විසින් මෙම ලෙණ සංඝයාට පූජා කරන ලද බවක් කියවේ. අසලින් වන කුඩා ලෙනෙහිද එකවර පනහක පමන පිරිසක් සිටිය හැකි විශාලත්වයක් වන අතර ගල් කුලෙහි වන කුඩා වලවල් වලින් මෙහි දැව වහලයක්ද කරවා තිබූ බවට උපකල්පනය කල හැක.අසලින් ගල යන කුඩා දිය පහර මෙම ස්ථානයේ සුන්දරත්වය වඩාත් ඔප්නංවයි. මෙම තොරතුරුද ඇසුරෙන් සැලකූ විට ක්‍රි.පූ. දෙවන සියවස පටන්ම සිතාවක ආශ්‍රිතව යෝගාවචර භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට වඩාත් තහවුරු වේ.

Posted in History | Leave a reply

මානියම්ගම බෙලිලෙන – Maniyamgama Belilena

       ඉස්මාලයේ කඳු වැටිය පිහිටන්නේ පනාවල මාර්ගයේ බෝමලුවට මංසන්ඳියට යාබදවය. මෙම කඳු වැටියේ දුෂ්කර ගමනකින් පිවිසිය හැකි තරමක විශාල ගල් ලෙනක් පිහිටා ඇත. පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව මගින් 70 දශකයේ සිදුකල කැනීම් මගින් අතීත මානවකයන් භාවිතාකල ගල ආයුද මෙවලම් සමග ආහාරයට ගත් සත්ත කොටස් හමුව ඇති බවට වාර්ථා වේ. මේ අවටින් බහුලව බෙලි ක‍ටු බහුලව හමුවන නිසාම ප්‍රදේශවාසීන් මානියම්ගම බෙලි ලෙන ලෙසට මෙම ස්ථානය හඳුන්වන්නට කැමති වෙති. අඩි 10x16x30 ප්‍රමානයේ මෙම ලෙන ආශ්‍රිතවම ගලා ගෙන යන සිත් කලු ජල පහරක්ද වනා තර බොහෝවිට අතීත මානවයන්ගේ ජල අවශ්‍යතාවය සපුරා ලන්නට එය භාවිතාවනට ඇතැයි සිතිය හැක. මෙම ස්ථානය ආශ්‍රිතව වසර දස දහසකට පෙර අතීත මුතුන් මිත්තන් සිටින්නට ඇති බව පිලිගැනේ.

× How can I help you?