Back to Top

Monthly Archives: June 2016

Nawagamuwa Pattini Devalaya

       අවිස්සාවෙල්ලේ සිට කොලඹ දෙසට වන පැරනි මාර්ගය ඔස්සේ ගමන් කරන්නෙකුට හමුවන නවගමුව විහාරය හා පත්තිනි දේවාලය හමුවේ. නවගමුව නාමය නිර්මානය වන්නේ නා ගස් බහුලව වූ නිසා බවටයි පිලි ගැන්න්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ අනුරාධපුරවරයේ රජකම් කල ගජබා රජතුමා 24000ක් වන සෙබලුන් ‍රැගෙන සොලී රට සිට නැවත පැමිනීමේදී පත්තිනි සලඹද සහිත නැව කුනා‍ටුවකට හසුවූ බවත් එය කැලනි ගන ඔස්සේ නවගමුව ප්‍රදේශයට පැමිනි බවත් ගංඉවුරේ නවාතැන් ගත් ස්ථානයෙන් නැවත එම සලඹ ගත නොහැකි වන සේ නාගයන් විසින් ආරක්ශා කරන්නට වූ නිසා එම සලම තැන්පත්කර මෙම දෙවාලය කල බවටත් සදහන්වේ. පසුව සීතාවක රජ දවස නවගමුව විහාරය හා දේවාලය දියුනු කරන්නට කටයුතු කල බවත් පැමිනුන ආක්‍රමනික පෘතුගීසි, ලන්දේසි මෙන්ම ඉංග්‍රීසීන් විටින් විට මෙහි වූ වස්තුව කොල්ලකමින් පුද බිම විනාශ කල බවත්ක්‍රි.ව. 1964දී කල ඉදිකිරීම වර්ථමානය දක්වා වන බවත් පිලි ගැනෙන අතර දෛනිකව දස දහසක් බැති මතුන් වෙතට මහත් සේවයක් සලසන මෙම දේවාලය වෙතට ලෙඩරෝග , දරුවන් ගැන වන ගැටලු ආදී දහසක් ගැටලු වලදී පිහිට ලබා ගන්නා බවටයි දැක්වේ.

පිවිසුම

St. Mary’s Church Avissawella

        හදාරන්නන් පෙන්වා දෙන්නේ කිතුදහම සීතාවකපුරය මත ස්ථාවර වීම සීතාවක මායා දුන්නේ රජු සමය දක්වා දිවෙන බවකි. සීතාවක රාජසිංහ රජතුමන් පානදුර, ගොරකන, සරක්කාමුල්ල වැනි ප්‍රදේශයන් ගෙන් ගෙන්වා ගත මුර සෙබලුන් පිරිසක් ගුරුගල්ල ප්‍රදේශයේ රදවා සිටි බවත් එම කඳුරුවල සිටි පියතුමන්ලාගේ ආභාශයෙන් ගුරුගල්ල වාසීහු කිතු දහම වැලද ගත් බවත් පෙන්වාදේ. අදද මේ පිරිසගෙන් පැවත එන්නන් කැළණි ග‍ඟෙන් එගොඩ තරාල ප්‍රදේශයේ වන බවට ඔවුන් පෙන්වා දේ.1656 වන විට ලංකාව ආක්‍රමනය කරන ලද ලංදේසීහු පෘතුගීසීන් පලවා හැරීම හා ක‍තෝලික දෙව්මැදුරු විනාශකරමින් අදහන්නන් මරණීය දන්ඩනයට නියම කරන්නට වූ විට මුහුදු බඩ ප්‍රදේශවල සිටි කිතුනුවන් ක්‍රමයෙන් රට අභයන්තරයට පැමිනෙන්නට පටන් ගැනීමත් එ සදහා බහුලව භාවිතාවූ අවිස්සාවේල්ල හරහා කන්ද උඩරටට වූ මාර්ගය භාවිතාවූ බවටත් පිලි ගැනෙන අතර එසේ පැමිනි පිරිස අතරින් කොටසක් සීතාවක රාජධානියේ නතර වන්නට පටන් ගත් බවත්, සිහල රජවරුන්ගෙන් මොවුන් වෙතට සහනශීලී පිලිවෙතක් පලවීම මෙයට වඩාත් හේතුවක් වූ බවටත් ඔවුන් පෙන්වා දේ.1692දී සිතාවක ප්‍රදේශයට පැමිනි ජුසේවාස් පියතුමා මෙම අදහන්නන් සදහා වඩාත් උත්තේජකයක් වූ බවටත් ඔවුන් පැහැදිලි කර සිටී.
ඉන් පසුව 1806 දී පමන ‍තෝමස් මෙට්ලන්ඩ් ආන්ඩුකාරතුමා ක‍තෝලික ආගමට එරෙහිව වූ සියලු බාදක ඉවත්කරන්නට කටයුතු කරන ලද අතර 18 වන සියවස මුල් භාගය වන විට අවිස්සාවේල්ල ආශ්‍රිතව මීසමක් පිහිටවන්නටද කටයුතු කරන ලද බවට පිලි ගැනේ. 1863 වන විට අවිස්සවේල්ල මීසම මූලිකව ප්‍රධාන දෙව්මැදුරක් තනා ධර්ම ප්‍රචාරක කටයුතු සදහා ක්‍රමවත් අඩිතාලමක් දමුනු බවටත් කියවෙන අතර 1890 දශකය අවසන් වන විට බුරුතවලින් නිමවන ලද අඩි 4.5ක දේවමාතා ප්‍රථිමාවක් සවිකල බවටත් එය වර්ථමාන දේවස්ථානය ස්ථානය වනතෙක් පැවති බවටත් තොරතුරු කියවේ. 1912දී පමන නැවත අවිස්සවේල්ල නමින් මීසමක් ස්ථාපනය කල අතර සී.එම් කර්බෝ පියතුමන් (1912-1914) මෙහි සේවයට එක්වූ පලමු පියතුමන් ලෙසට ලේඛනගතව ඇත.

Windows 10 anniversary update පැමිනීම අගෝස්තු 2ට….

     බොහෝ දෙනා windows 10 වල මීලග ප්‍රධාන යාවත්කාලීය වන Windows 10 anniversary update පිලිබදව බලාපොරොත්තු තබා සිටියේ ජුලි 29දා වෙතටය. ඒ Windows 10 වල පලමු නිකුතුවෙන් වසරක් පිරෙන දා හා එම නිකුතුව windows 7, windows 8.1වල සිට සිට නොමිලේ පිවිසෙන්නට අවස්ථාව ලැබෙන අවසන් දිනයද වනු ඇති බැවිනි. කෙසේ මුත් මේ වන විට microsoft වෙතින් නොනිලව ප්‍රකාශව ඇත්තේ windows 10 වල මෙම වර්ෂ පූර්න ප්‍රධාන යවත්කාලීනය අගෝස්තු දෙවනදා පැමිනෙනට නියමිත බවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය තුල මෙම නව සංස්කරනය පරිගණක නිෂ්පාදකයින් වෙතට නිකුත් කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවකි.
මීට අමතරව මෙතෙක් Microsoft ආයතනය Windows 10 වෙතට පිවිසෙන්නට ආසන්න නිකුතූන් දෙක භාවිතාකරමින් සිටින්නන් වෙතට කරමින් සිටි දැඩි බලපෑම මදක් ලිහිල් කරන්නට කටයුතු කරමින් සිටින බවට පැවසෙනවා. සමහර භාවිතා කරන්නන් වෙතින් ඒ සදහා පලවෙමින් ඇති විරෝධාත්මක ආකල්ප මෙයට හේතුව ඇති බවටයි කරුනු දැක්වෙන්නේ.

Posted in Microsoft, Windows 10 |

LinkedIn ද Microsoft යටතට…

    ප්‍රධානතම වෘතිකයන්ගේ මට්ටමේ ජාලාවක් ලෙසට ගැනෙන LinkedIn සමාජ ජාලය මිලියන 433ක භාවිතාකරන්නන්ගෙන් සමන්විත වනවා. Microaoft ආයතනය මෙම සමාජ ජාලය ඩොලර් බිලියන 26.2 ක වටිනාකමකට මිළඳී ගැනීමකට සැරසෙමින් සිටිනවා. Microsoft හි CEO වරයා වන  Satya Nadella පවසන්නේ තමන්ගේ අවධානයක් දිනා ගත් ආයතනයක් ලෙසට මෙම සමාජජාලාව දීර්ග කාලින හැදෑරීමක් සිදුවූ බවයි. දැනට සිදුවන එකගතා වලට අනූව එහි ප්‍රධාන විධායක Jeff Weiner  ඉදිරියටද එම තනතුරෙහි සිටින්නට නියමිත අතර  නව සැලසුම් වලදී පුද්ගල මට්ටමේ මෙන්ම ආයතන මට්ටමේ තව තවත් භාවිතාකරන්නන් මෙම සමාජ ජාලයට කැදවා ගැනීමට බලාපොරොත්තු වන අතර ඉලක්කගත දැන්වීම් කරනය ලාභ ලැබීමේ ප්‍රධාන අංගය ලෙසට යොද අගන්නට නියමිතව තිබෙනවා. දැනට ඩොලර් 196ක කොටස් මිළක් මෙම ආයතනය සදහා වන අතර 2011දි ඩොලර් 45 ගනනේ වන කොටස් මිළකට කොටස් වෙළඳ පොලට පිවිසෙනට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය මට්ටමේ අනුමැතියෙන් අනතුරුව LinkedIn ආයතනය Microsoft හි වෙළඳ ධාරාවට එක්වනු ඇත.

Posted in Microsoft, Social Networks |

Orlando ආශ්‍රිතව Facebook වල Safty Chack සංක්‍රීයවේ….

         පසුගිය ගංවතුර සමයෙහි facebook භාවිතකරන්නන් අතරින් අදාල පෙදෙස්වල වෙසෙන්නන්ගේ ගිනුම් භාවිතාවෙදී හමුඩූ භාවිතාවක් ලෙසට Safety Chack අංගය ආම්තක විය නොහැක. 2011 කාලයෙහි ජපානය මුහුන දුන් දරුනු ගනයේ භූමිකපාවේදී මහත් භාවිතාවක් ගෙනෙන අංගයක් ලෙසට හඳුන අගන්නා ලද  මෙම අංගය ඊයේ දිනයේදී ඇමරිකාවේ Orlando වලදී සිදුවූ සමූහ වෙඩි තැබීමට අනතුරුව අදාල ප්‍රදේශය සදහා සංක්‍රීය වූ බවටයි දැක්වෙන්නේ. වාර්ථා පෙන්වා දෙන්නේ 2016 මැයි මාසය දක්ව කාලය සැලකීමේදී මෙම අංගය 28 වතාවක් සංක්‍රියව ඇති අතර ඉන් 17 වතාවක්ම මෙම වසරට අදාලව සංක්‍රියව ඇති බවට කිය වෙනවා. 2015 නොවැම්බරයේ පැරීසියේදි සිදුවූ ත්‍රස්ථවාදී බෝම්බ පුපුරවා ගැනීමේදී පලමුව ත්‍රස්ථ ක්‍රියාවක් ආශ්‍රිතව පලමු සංක්‍රිය වීම සිදුවුනු අතර පසුව ස්වභාවික විපත් ආශ්‍රිතවද සංක්‍රිය වන්නට කටයුතු කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.  සමාජජාලා භාවිතයේදී බොහෝ පිරිස් තම වෙසෙන පෙදෙස දක්වන්නට අකමැත්තක්ද දක්වන මුත් මෙවැනි අංග ඇසුරෙන් පහසුවෙන් තම හිතවතුන් සමග ගැටලුකාරි අවස්ථාවකදී තමන්ගේ නිරුපද්‍රිත බව හෝ ගැටලුකාරී බව පහසුවෙන් දන්වා සිටින්නට හැකිවිම පහසුවක් වනු ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.

Posted in Facebook |

සීතාවක යුගයේ දේව ඇදහිලි..

     නොපෙනෙන බලවේගයන් වෙතට විස්වාසය තැබීම මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම පැවතෙන්නකි. විද්‍යාත්මක ඇසකින් විමසීමේදී ලැබෙන අර්ථ පමනක් නොව සංස්කෘතික වටිනාකම් පිලිබදව විමසීමේදී මේවා ජනජීවිතය වෙතට කිදා බැස සිදුකරමින් සිටිනා සේවය කිසි විටකත් මග නොහැරිය හැකි තරමේ බවට කිසිදු සැකයක් නැත. ඔනෑම සංස්කෘතියකදී සිදුවූවාසේම  ලාංකික ඉතිහාස කථාවේදීද මේවා බහුලව හමුවේ. සීතාවක යුගය සැලකීමේදීද හමුවන දේව ඇදහිලි පිලිබදව හදාරන්නන් සටහන් තබන්නට අමතක කොට නැත. මෙසේ සීතාවක යුගයේදී හමුවන ප්‍රධාන දෙවි දේවතාවන් අතර
කතරගම දෙවියෝ,
සමන් දෙවියෝ,
පත්තිනි දෙවියෝ,
ගනේගොඩ දෙවියෝ,
රන්වල දෙවියෝ,
                 පිලිබදව තොරතුරු කැපී පෙනෙන බව ඔවුන් පෙන්වා දෙයි.

Sri Sumana Saman Devalaya

        හදාරන්නන් පෙන්වා දෙන්නේ සමන්දේවාලයේ දියුනුතම යුගය ලෙසට සීතාවක සමය ගත හැකි බවයි. ධම්මාලංකාර හිමියන් සමග එකතුව රාජසිංහ රජතුමන් දෙල්ගමුවෙන් දළඳා සමිඳුන්ව සමන් වෙහෙරට වැඩමවා උත්කර්ෂවත් පෙරහැර 11ක් කරවූ බව සඳහන්වේ. එපමනක් නොව සමන් වෙහෙර අංගසම්පූර්න විහාර සංකීරනයක්, නින්දගම් රාශියක්, දළ ඇතෙක්, දෙවියන් වැඩම වීමට රථයක් පමනක් නොව අනුරාධපුරයෙන් ගෙන්වාගත් බෝ පැල හතරක් රෝපනය කරවන්නටද කටයුතු කල බව පැවසේ.රත්නපුර පානදුර මාර්ගයේ කිලෝමීටර 3ක් පමන ගිය පසු හමුවන දෙවැනි පැරකුම්බා රජතුමන් විසින් ක්‍රි.ව. 1258 මෙම ස්ථානය ආර්ය කාමදේව ඇමතිවරයා ලවා කරවූ බවටයි පිලි ගැන්නේ. සමන් දේවාලය, සමන් වෙහෙර මෙන්ම සබරගමු වෙහෙර ලෙසටද නම් වන මෙම ස්ථානය කෝට්ටේ හතරවන පැරකුම්බා රජතුමන් විසින් තුන්මහල් ලෙසට නිමවා විහාරංග සම්පූරන කරන ලැදැයි සටහන් වන අතර රාජසිංහ රජතුමන්ගේ අභාවයෙන් අනතුරුව කඩා වැදුනු පෘතුගීසීහු සමන් වෙහෙර විනාශ කොට බුද්ධ ප්‍රථිමා දේව ප්‍රථිමා හා සෙල්ලිපි ඇතුලු විශාල පූජා බාන්ඩ ප්‍රමානයක් කලු ගගට ඇද දැමූ අතර තම බල කො‍ටුවක් ඉදිකරන්නට මෙම භූමිය යොදා ගත් බවට තොරතුරු පැවසේ.පසුව දෙවන රාජසිංහ රජතුමා එම බල කො‍ටුව විනාශ කොට වර්ථමානයේ වන දේවාලය නිමවූ බවටයි පිලි ගැන්නේ.

වෙලංගල්ල හා බෝධිමලුව නම් ලැබීම…

   අතීතයේදී යම් ප්‍රදේශයක් වෙතට නමක් පැමිනෙන්නේ බොහෝ විට ස්වභාවික හේතුවක් නිසා වෙනි. තවත් විට එම ප්‍රදේශයේ සිදුවන ප්‍රකට සමාජ ක්‍රියාවක් නිසාය. මානියම්ගම ආශ්‍රිතව පවතින වෙලංගල්ල ප්‍රදේශය ඒනමින් නම් උනා යැයි සැලකෙන්නේ එම ප්‍රදේශයේ බහුලව පැවති දේශීය වෙදකමට බහුලව යොදා ගන්නා ඖෂද ගස්වර්ගයක් ඇසුරෙන් බව හදාරන්නන්ගේ පිලි ගැනීමකි. අතීතයේදී දක්ශ කුඹල් කරුවන් පිරිසක් මෙම ප්‍රදේශයේ විසූ බවත් ඔවුන් විශාල ලෙසට තම මැටි භාන්ඩ නිෂ්පාදනය කල නිසා ඒ ඇසුරෙන් වලන් ගොල්ල පසුව වෙලන්ගල්ල ලෙසට නම් ලැබූ බව තවත් මතයකි.
බෝමලුව යනුද අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ කි.මි.4 පමන ගිය විට ගම්මානයකි. ප්‍රදේශවාසීන් වැදුම් පිදුම් කල බෝ වෘක්ෂයක් මේ ප්‍රදේශය ආශ්‍රිතව පැවති බවත් පසුකාලීනව පනවල මාර්ගය සංවර්ධනය කිරිම සදහා මෙම බෝ ගස ඉවත්කල බවත් හා එම බෝධිය තිබූ ස්ථානය ආශ්‍රිතව අදටත් බෝධිමලුව ලෙසට නම් වන බවත් පිලිගැනීමකි. (ඡායා රූපය මානියම්ගම ආශ්‍රිතව ඇති Gala Balana Kanda )

Posted in History | Leave a reply

සරුසාර සීතාවක රජ දවස 2 …

      සීතාවක රජ දවස ගැන කථා කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ සබරගමු වනාන්තරවල අලි ඇතුන් බහුලව වු බවයි. යුධ කටයුතු වලට මෙන්ම බර වැඩ සදහා අලි ඇතුන් යොදා ගැනීම එකල බහුලවම සිදුවූ බවට පෙන්වා දෙන අතර කොස්ගම අකරවිට ලෙනදොර ඇත්ගාල, කඹුරාපොල අලි කඩුල්ල වැනි ස්ථාන වලින් අල්ලා ගත් අලි ඇතුන් මානියම්ගම ඇත්පංතිය ප්‍රදේශයේදී හීලෑ කරන්නට කටයුතු කල බවට පෙන්වා දෙනවා. හීලෑ ඇතුන් සදහා මෙන්ම ඇත් දළ සදහාද ඉහල මිලක් පැවති බවට පෙන්වා දෙනවා. හදාරන්නන් පවසන්නේ කුරුවේ බද්ද නමින් වෙනම දෙපාර්තමෙන්තුවක ස්වරූපයෙන් රජතුමා යටතේ අලි ඇතුන් ඇල්ලීම, හීලැකිරීම කටයුතු සදහා එකල කටයුතු කොට ඇත්ජි බවකි.
සමස්ථයක් ලෙසට සැලකීමේදී සීතාවක ප්‍රදේශය කෘෂිකර්මික අර්ථ ක්‍රමයක් මුලික ජීවනෞපාය පවත්වා ගෙන යාමට කටයුතු කර ඇති අතර පශු සම්පත, මුදු මැනික්, කුරුදු ගම්මිරිස් පොල් පුවක් මෙන්ම අලි ඇතුන් හා ඇත් දළ ද වෙළඳාම ලෙසට තොරා ගෙන සිටින්නට ඇති බවට පෙන්වා දෙනවා.

Posted in History | Leave a reply

සරුසාර සීතාවක රජ දවස…

      සීතාවක පුරවරය පෙර රජ දවස රන්වන් කරලින් බරව සරුසාරව පවතින්නට ඇති බවට හදාරන්නන් පෙන්වා දේ. කැළණි, සීතාවක ගංගා නිම්නයන් මෙන්ම පෙර රජ දවස පාලකයන් විසින් ඉදිකල වැව් අමුනු කිහිපයකම නටඹුන් අදද දකින්නට හැකිවීම ඔවුන් පෙන්වා දේ. ඒවා අතර ගැටහැත්ත, මානියම්ගම, පින්නපොල, ඇස්වත්ත හා පෙතංගොඩ ප්‍රදේශවල අදද දක්නට ලැබෙන ක්ශේෂයන් පෙන්වා දෙන්නු ලබයි. සීතාවක නාමය නිර්මාන වීමේදීද “කෙත්ගම” යන අර්ථය අඩංගුව පැවතීම පෙන්වා දෙන ඔවුන් පොලොන්නරු යුගයේදීද මෙම ප්‍රදේශය ගබඩා ගමක් ලෙසට ව්‍යවහාර වූ බව දක්වන්නට කැමති වේ. තවත් අතකින් අද දක්වාම පවත්වා ගෙන එන මානියම්ගම කරල් පෙර හැරද එදා පැවති කෘෂි දියුනුව විදහා පාන්නක් බවට පිලි ගැනේ.
                         එසේම පාශු පාලනය අතින්ද එදවස වඩාත් සරුව පැවති බවට මනා ශාක්ෂියක් ලෙසට කිරි, දී කිරි,මී කිරි, ගිතෙල් ලෙසට වන පස් ගෝ රසට කේද්‍රව පැවති අමිතිරිගල, මීතිරිගල වැනි ප්‍රදේශ පෙන්වා දේ. අමුකිරි සැපයූ නිසා අමුකිරිගල පසුව අමිතිරිගල වූ බවත්, මීකිරි සැපයූ මී කිරි ගල පසුව මීතිරිගල වූ බවටත් පිලි ගැනේ.එම ගව පට්ටි රඳවා තිබූ ප්‍රදේශය වූ උඩ කනු ගාල පසුව උඩ කනුගල වූ බවටත් පහල කනු ගාල පහල කනුගල වූ බවටත් පිලි ගැනේ.
Posted in History | Leave a reply

සීතාවකින් සටහන් වන හටන් කව්‍ය….

      සමහර හදාරන්නන් පවසන්නේ හටන් කාව්‍ය නිර්මාණවල ආරම්භය “සීතාවක හටන” වෙතින් සිදුවුන බවකි. මෙම සම්ප්‍රදාය අලගියවන්න මුඛවෙටිතුමාගේ කුස්තන්තීනු හටනෙන් ආරම්භ වෙන්න ඇතැයි සැලකුවද  වැඩි දුරටත් හදාරන්නන් පෙන්වා දෙන්නේ 1585 දී සීතාවක රජවාසලේ මුදලිවරයෙක් වන දෙණවක අත්තන්තරි විජේවර්ධන  අබය අලහප්පෙරුම නම් කවියා පලමු සටන් කව්‍ය නිර්මානය කර ඇති බවටද තොරතුරු ඇති බවකි. මොහු මයාදුන්නේ රජතුමා යටතේ මෙන්ම රාජසිංහ රජතුමා යටතේද යිධ පෙරමුණට ගිය විරු වරයෙක් ලෙසට පිලිගැනේ. එහි කෝට්ටේ ධර්ම ප්‍රාක්‍රමභාහු රජතුමාගේ සිට ටිකිරි බන්ඩාර කුමරු පලමු රාජසිංහ ලෙසට රාජාභිශේකය ලැබීම දක්වා තොරතුරු කියවෙන ලෙසට කවි 1120 කින් සමන්විතව කර ඇති මෙම නිර්මානය සමහරුන් පවසන්නේ කව්‍යකට වඩා ඉතිහාසය විස්තර කෙරෙන සටහනකට ආසන්න බවකි. ගැමි බස කවිය සදහා බහුලවම යොදා ගෙන ඇති මෙහි අවසානයේ ඒඅජසිංහ රජතුමා ප්‍රමුක මහා සේනාවට දීර්ඝායු පතමින් අවසන් කර ඇත.

Posted in History | Leave a reply

රන්වල දෙවියන්…

      කැළණි මිටියාවත හා සම්බන්ඳිතව කියවෙන ප්‍රාදේශීය දේවත්වයෙන් පිදුම් ලද නාමයකි රන්වළ දෙවියෝ.  හිසෙහි බැඳි ජටාවකින් හා අතින්ගත් සැරටියක්ද සමග මෙතුමන්ගේ ප්‍රථිමා අදද දැකිය හැක. මෙතුමන්ගේ දෙවත්වයට පත්වීමේ කථාන්දරය වඩාත් රස මුසුය. කන්ද උඩරට දෙවන රාජසිංහ-ක්‍රි.ව. 1535-1687- කාලයේදී රජවාසලට හිමි වී ගබඩාවක් කෑගල්ල ප්‍රදේශයේ රන්වල නම් ගමේ පිහිටා තිබුනු බවත් එය ආරක්ශාව භාරව සිටියේ අස්වරාල නොහොත් අලවතුරේරාල හා රන්කිරිරාල නැතිනම් ගණේගොඩ රාල බවටත් කියවෙන අතර මෙම තරුනයන් දෙදෙනා පිලිබදව ඊර්ශාවට පත්වන පිරිසක් රහසින් මෙම වී ගබඩාවට ගිනිතබා මෙම ආරක්ශකයින්ගේ වරදින් එය සිදුවූ බවට රජවාසලට දැවූ බවටත් සදහන් වේ. කෝපයට පත්වන දෙවන රාජසිංහ රජතුමා මෙම තරුනයින් කැදවාගෙන එන්නට රාජපුරුෂයින් එවන්නට කටයුතු කල අතර රජ උදහස ගැන බියට පත්වන තරුනයින් ඒම් රන්වල ගමෙන් පැනවිත් අරන්දර ප්‍රදේශයට පැමිනි බවටත් පිලි ගැනේ.
අනතුරුව මේ තරුනයින් දෙදෙනා පහුරු දෙකක් නිමවා ගෙන ගුරුගොඩ ඔය දිගේ කැළණි ගග පහලට පැමිනෙන්නට පටන් ගත් අතර අස්වන්රාල කපුගොඩ ප්‍රදේශයේත් රන්කිරිරාල සියනෑ කොරළය දක්වා පැමිනි බවටත් කියවේ. අස්වන්රාල පැමිනි නොදියුනු ගම්මානය දියුනු කරන්නට කෑළෑ එලි කොට, වැව් අමුනු  තනා ගොවිතැන් දියුනු කරන්නට මග පෙන්වමින් ගමේ නායකත්වය ගත් බවටත් සැලකේ.
එසේම උතුම්සාරධර්ම ජීවිතයක් ගතකල මෙම අස්වන්රාල කැළණි ගග අසබඩ තනා ගත් අසපුවක බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කල බවත්, නිරන්තරයෙන් ප්‍රදේශවාසීන් තම අසරනකම් වෙනු වෙන් පිහිට පතා මේ පැමින ගිය බවටත් කියවේ. රාත්‍රීකාලයේ මෙම කුටිය අසල පුහුල් පහන් දල්වන්නට මෙතුමා කටයුතු කල නිසා ගඟේයන එන ඔරු පාරු සදහා මහත් පහසුවක් ගෙන දුන් බවටත් පසුව මෙතුමා රන්වල මුත්තා ලෙසටද හැඳින්වූ බවටත් කියවේ. කාලයාගේ ඇවෑමෙන් මරනයට පත්වන මෙතුමන් රන්වල දෙවියන් ලෙසට පිලි ගැනෙන්නට පටන් ගත් අතර අදද හිගුරළ , ඇස්වත්ත, මල්වාන කපුගොඩ ප්‍රදේශවල රන්වල දේවාල ඉදිකර මෙතුමන් වෙතට පුද පූජා කරන්නට කටයුතු කරනු දැකිය හැක.

Posted in History | Leave a reply
× How can I help you?