Monthly Archives: July 2016

තෙවන සටහන.. -TharuMinisa-

       දැනුම අපූර්ව උපකරනයකි. එහෙත් එයට පාදා දිය හැකිදෑ සීමිතය. ජීවිතයට අවශ්‍ය බොහෝ දෑ ඉන් ඔබ්බටව පවතී. ලොකු ස්වමීන්වහන්සේ දැනුම යන්න පහදා දෙන්නේ වඩාත් අපූර්ව ආකාරයට. විටක ආශ්‍රමය කරා පැමිනෙන තම දැනුම පිලිබද උඩගු වන්නන් හා වාදයට පිවිසෙන්නේ නැත. මද සිනාව උන් වහන්සේගේ වඩාත් සංකීර්න පිලිතුරක වනවාය. විටක ඔවුන් භෞතික විද්‍යාව පිලිබදව වියතුන් වන අතර තවත් විටක වෛද්‍ය විද්‍යාව පිලිබදව වියතුන්ය. ඔවුන් අතොරක් නැතිව පැහැදිලි කරන සංකීර්න කාරනා ලොකුස්වමීන් වහන්සේ බොහෝ විට ඇහුම්කන් දෙන්නේ සුපුරුදු මද සිනාව සමගය. එහි අපහාසාත්මක බවක්, උඩගු බවක් හෝ නොසලකා හැරීමක් නැතිවා වැනිය. වැඩි හිටියෙකු කුඩා දරුවෙකුගේ දගකාර හැසිරීම් දෙස මැදහත් සිතින් බලා සිටිනවා වැනිය.

                          ජීවිතයට හමුවූ අපූරු චරිත අතර වරක් ආසියානු අධ්‍යාන ආයතනයක සේවය කරන අතර නැවතී සිටි නේවාසිකාගාරයට ආසන්න නගරයේ පෞද්ගලික වෛද්‍ය ආයතනයකදී හමුවූ කුඩා වෛද්‍යවරිය මතකයට නැගේ. වයසින් මෙන්ම සිරුරෙන්ද සරල තරුනියකවූ ඇය අහබු ලෙසට වරක් දහවල ආහාරය සදහා නගරයේ අවන්හලක ගොඩව සිටියදී පලමුවෙන්ම හමුවිය. ඇය වඩාත් සිත් ගන්නා ලෙසට දෑ පහදා දෙන්නට සමත් එකියක වූවාය. සාමාන්‍ය වෛද්‍යවරියක ලෙසට සේවය කරමින් සිටින අතරම ඇය වැඩිදුර අධ්‍යාපනයේ නිරතව සිටින්නක වූවාය. තම විෂයෙහි වඩාත් නම්‍යව ඔබ මොබ සරමින් මා අසන ගැටලු පහදා දෙන විටක මා මනස ඉබේම ද්විත්ව ස්වරූපයක් කරා මෙහෙයවෙයි. එක් කොටසක් ඇය මාගේ විමසීම පහදන යුරු අවධානයෙන් සිටින අතර අනෙක් කොටසින් ඇය වඩාත් ලගන්නා හඬින් එම පැහැදිලි කෙරුම කරන ආකාරය වෙතට ඉබේම සමීප වේ. ඉතා වෙහෙසෙමින් තම වෘතීය අනාගතයක් ගොඩ නගාගන්නට වෙහෙසෙමින් සිටිය ඇය වෙතට මා සිත බෙහෙවින් ඇදී ගොස් තිබිනි. තම දැනුම අතර සිට නොව දැනුමට මදක් ඉහලින්වන අවකාශයක සිට දෑ දකින්නට පැහැදිලි කර දෙන්නට ඇයටවූ හැකියාව අපූරුය. මිනිස් සිරුර , මනස, ඒවායේ ස්වභාවය, ක්‍රියාත්මක වන ආකාරය විවිධ ආකාර ගත් ආසාධනයන් චතුර ලෙස පැහැලිකරමින් වටහා දෙන්නට ඇය කැමති විය. එම මිතුදම “හැදෑරිම් ප්‍රියයන් දෙදෙනෙකු” ගේ ලෙසට හැරෙන්නට වෙනත් ආකාරයකට ඒවකට මා භාවිතාකල දින සටහන්වලට අර්ථ ගන්වා ගන්නට මට නොහැකි විය. “මිනිසුන් එකි නෙකා ප්‍රියවීමේ පදනම ඉතා සරල කායික මට්ටමේ සිට අධ්‍යත්මික මට්ටම දක්වන වන වපසරියෙහි බොහෝ නෙක පැහැ ගන්නා අවස්ථා ඇති බව ” එවකට මා සටහන් කර තැබුවා මතකය.

tharuminisa

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද?

     “ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද? සමහර විට ඔහුට නැතිනම් ඇයට පවා නැවතත් තම ජීවිතකාලයතුලදී කවරදාකවත් ඇතුලු විය නොහැකි මානසික අවකාශයකට ඇතුලුවීමද? ආශ්‍රම භූමියේ බටහිර බෑවුම පහලට වන්නට පැතිර ඇති තන බිම් කරා ගවයන් ‍රැගෙන එන ගම්වාසීන අතර සිටින අයෙකු සමහර දිනවල තම වස්දඬුව හඩවන නාදය මගේ කුටියෙහි බටහිර දෙසටවන්නට පිහිටි කවුලුවෙන් හොදින් ඇසෙන්නට පටන් ගනී. සීමිත ස්වර සමූහයක් අපූරුවට සංයෝජනය කරමින් ඔහු මනස පතුලටම ආමන්ත්‍රනය කරන්නාක්සේ දැනේ. බොහෝ විට ගබඩා භාරකරු හරහා ඔහු නිහඩකිරීමට ඉල්ලීමක් කල හැකිවනු ඇත. නමුත් තව අතකින් බලන විට මිහිරි හඩ නගන අපමනක්වූ සියතුන් ඔහුට නිහඩ කරන්නට නොහැකි වනු ඇත. කන්කලුව හඩ නගන සියතොන් හා වස්දඩු හඩ අතර පරතරය තේරුම් ගත නොහැකි තරම් නම් කලබල වන්නට තරම් කාරනාවක් මට නම් නොපෙනේ.”

දෙවන සටහන.. -Tharu Minisa-

      “හැම තැනකම ඇත්තේ තොරතුරුය. සමහර තොරතුරු වලට ස්වභාවික ලෝකයේ මූලයන් ඇත, සමහර ඒවාට කිසි සේත්ම නැත. මිනිස් සංස්කෘති කථාන්දරය තොරතුරු හඳුනා ගැනීම හා ඒවා නිසි කලමනාකරනයට මිනිස් වර්ගයා ලත් හැකියාවේ දිගු ගමන් මගයි.” වරක් අප විශ්ව විද්‍යාලයට පැමිනි ආරාධිත දේශකතුමකුගේ නිර්වචනය නැවත නැවතත් සිහියට නැගේ .”DNA අනුවක් ‍රැගෙන යන්නෙත් තොරතුරුයි. මාසිකව ඔබ ගනු දෙනු කරන බැංකුවෙන් වාර්ථාවක් එවන්නේ ඔබගේ ගිනුමෙහි සිදුවූ චලනයන්ගේ තොරතුරුයි.” එය අපූරු නිර්වචනයකි. තොරතුරු තාක්ශනය පිලිබඳ විශාරදයෙකු වූ ඔහු අවසානයේ දහම ගැනද සඳහන් කරමින් තම දේශනය අවසන් කරන්නට කටයුතු කලාය. “අන්තිමට දැන් මට අවශ්‍යයි මම නම් තොරතුරු ගොනුව සැහැල්ලු කර ගන්නට. පලමුව වේගයෙන් එහි වන තොරතුරු ‍රැස්වීම අඩපන කරගන්නටත් ගබඩා වී ඇති තොරතුරු හැකි තරම් අඩුකර ගන්නටත්”

                                             කෙමෙන් දැඩිවන හිරු කෙඳි කාර්යාල භූමියේම මදක් දුරින් ඇති විශාල නුගරුකෙහි අතු පතරින් රිංගා යමින් මිහිතලය සිපගන්නා විට මැවෙන්නේ සිත්ගන්නා අපූරු රටාවන්ය. ගබඩා භාරකරුගේ මද පමාව ඔස්සේ මදක් එදෙසට ඇවිද යන්නට සිත පෙලබේ. පෙර කී දේශකයා තොරතුරු තාක්ශනය හා පුද්ගල හා සමාජ යාන්ත්‍රන අතර තිබූ නොහැදූරුනු අවකශය පිලිබදව වඩාත් විනිවිද යන මතවාද කිහිපයක්ම පලනුවෙන් ලොවට හෙලි කල විද්වතෙකු වූවාය. මිනිසා භාෂා අත්පත්කර ගැනීමෙන් පසුව මිනිස් වර්ගයා අත්පත්කර ගත් වඩත්ම තීරනාත්මක හැකියාව තොරතුරු තාක්ශනය බව ඔහුගේ මතය විය. විටක භාෂවටත් වඩා තියුනු ලෙස මිනිස් ජීවිත විනිවිද යමින් එය මිනිස් වර්ගයා වෙතට සේවයක් ගෙනෙනු ඇති බවට අදහස් පල කොට සිටියාය. ” ඔබ ඔබගේ විෂය සීමාව ඉක්මවා යන්නෙකි” දේශයනය අවසානයේ විමසුම් යොමුකරන අවස්ථාවේදී අපගේ විශ්වවිද්‍යාලයේම කනිෂ්ඨ ආචාර්ය වරයෙකු උපහාසාත්මකව ප්‍රශ්න කොට සිටියාය. සරල පාවහන් යුගලක් හා මද අවපැහැගැන්වුනු ඇඳුමකින් සැරසී සිටි එම දේශකයා සුපුරුදු සරල මුත් තියුනු වදන් වැලකින් පිලිතුරු දුන්නාය. “මට ඔබගේ උගත්කම් පිලිබදව වන ඔප්පු තිරප්පු වැනි හිමිකම් වලින් එතරම් තේරුමක් නැහැ. මම නිදහසේ ඇවිද යන්නෙක්. හැබැයි ඔබ මා වැරදි බව පැහැදිලි කරන හැම වාරයක් පාසාම මම ඔබට ගරු කරනවා. මන්ද ඒ හැම වාරයකදීම ජීවත් වන්නට අරමුනු ගෙන එනවා. හැබැයි ඔබතුමාට මම පෙර කීවා සේ දැනුම පිලිබදව ඔප්පු තිරප්පු වල මානය මට අදාල නැහැ. තවත් පැහැදිලි කලහොත් දැනුම හා අවබෝදය පිලිබදව මගේ මානය ඔබගේ මානයන් වලට වඩා වෙනස්. කොටින්ම ඒවා එකි නෙන හමුනොවන තරම් වෙනස්”. ඔහු අපූරු මිනිසෙකි.

                            මේ විසල් නුග රුකට ඔබ්බෙන් වන ශාලාව වේ පසු පසින් වන ගල්තලාව හා ඉන් අද්දරට ඇත්තේ තියුනු ප්‍රපාතයකි. ලොකු ස්වමීන් වහන්සේ බොහෝ විවේක අවස්ථා සදහා තොර ගන්නේ මෙම අවකාශයයි. ඒ ගල් තලාව මතට ගොඩ වූ විට මහත් දුරින් වන කඳු වැටි දක්වාම විහිදෙන්නේ විසල් විවෘත අවකාශයක්ය. විටක පමනක් මහත්සේ කැලෙබෙන සියතුන්ගේ හඬ හැරුනු විට අවට වන ගසකින් ගිලිහෙන තුරුපතක් පොලොව මත ඇද වැටෙන හඬ පවා ඇසෙන තරමේ නිහඬ බව පෙර කී නිදහස් නෙතුමාන අර්ථයට වඩා බරපතල වටිනා කමක් ගෙනෙනවා වැනිය. ගබඩා බාරකරුගේ පමාව ඔස්සේ එම ගල්තලාව මත හිඳ මොහොතක් ගෙවා දමන්නට අවසර ලදිමි.
පෙර කී දේශක තුමාගේ දේශනයේ අවසාන භාගයේ සඳහන්වූ අපූරු සටහන් කිහිපයක් මතකට පිවිසේ. “ජීවිතේ කියන්නෙත් තොරතුරු ගොනුවක්. හරිම සංකීර්න එකක් හැබැයි. සිලිකන් මූලික ද්විත්ව වටිනාකම් ආකාරයට ගොඩනැගෙන යන්ත්‍රනයකට වඩා සංකීර්න ආකාරයට එතැනදී තොරතුරු ගබඩා වීම, යලි යලිත් සැකසීම, නැවත ලබාදීම සිදුවනවා වුවත් සරලව සලකන විට සමානකම් බොහොමයි. මට වැටහෙන ආකාරයට සසර වගෙ සංකල්ප පවා ගොඩ නැගෙන්නේ මේ විෂයට එකග ආකාරයට. දහම අපට යෝජනා කරනවා මේ අපිරිමිත තොරතුරු ‍රැස්වීම පාලනය කරන්නට කියා. දහම අපට යෝජනා කරනවා ‍රැස්ව ඇති තොරතුරු ඔස්සේ අපව නැවත නැවත මෙහෙයවෙමින් සිදුවන ක්‍රියා වලීන් අවසන් කර දමන්නට නොපමාව කටයුතු කරන්නට කියා. බොහෝ නම්වලින් කෘතීම සීමා පනවාගන්නා දහම් සියල්ල යෝජනා කරන්නේ මෙයයි. පරිගණක විෂය තුලද අද මේ වගෙ යෝජනා “ඩිජිටල් වෙහෙස” වගේ නම් ඔස්සේ පැමිනෙනවා දකින්නට පුලුවන්. මේ දහම පිලිබදව දේශනයක් නොවන බව මම නොදන්නවා නොවේයි. ඒ වාගේම දහම හා තාක්ශනය සසදන්නට වගේ විසුලු කරනාවකට නොවෙයි මම උත්සාහ කලේ..” නැවත ආශ්‍රමය වෙතට පැමිනෙන්නට එම දේශනය දැඩි සාධකයක් විය

Ruwanwella Jubili Ambalama

     රුවන්වෙල්ල නගරය පසුකරන ඔබට හමුවන තවත් සුත් ඇදගන්නා තැනක් වන්නේ ජුබිලි අම්බලමය. ලංකාවේදී දක්නට ලැබෙන විශාලතම අම්බලම් අතරින් එකක් වන මෙය 1901දී මිය ගිය සහකාර ඒජන්තවරයකුගේ බිරිදක් වූ ලිලී හැරියට් ඩේවිඩ්සන් සිහිවීම සදහා ප්‍රදේශෞඒ ආරච්චිවරු, කෝළාරවරු, සහ රටේ මහත්වරු ඇතුලු ඇගේ හිතව්තුන් විසින් ඉදිකරන ලද බවායි වාර්ථ වන්නේ.මෙහි වන දැව කනු නුවර මගුල් මඬුවෙහි අලංකාර බව අනූව ඉදිකර ඇති අතර මල් කැටයම් කල පේකඩවලින් කුලුනු හිස් අලංකාර කර තිබෙනු දැකිය හැක. සමස්ථයක් ලෙසට සැලකීමේදී නුවර මගුල් මඩුව, ඇම්බැක්කේ දේවාලය සිහිගන්වන මෙහි නිමැවුමට අමතරව ගලින් නිමකල විශාල දිය භාජනයක්ද වෙයි.

Windows 10 Anniversary Update පිලිබඳ සරල පිවිසුමක්…

      Windows 10 ගැන වන මීලග ප්‍රධාන යාවත්කාලීනය Windows 10 Anniversary Updateය එලබෙන අගෝස්තු දෙවන දිනට මේ වන විට නිල ලෙසට නිවේදය වී හමාරය. ඩිගිටල් සහයකාවිය නොහොත් Cortana වල මෙන්ම වඩාත් කාර්යක්ශම Edge browser ය මෙන්ම වඩාත් දියුනු කල ආරක්ශාව සමග තවත් බොහෝ දේ පෞදගලික මට්ටමේ මෙන්ම අයතනික මට්ටමින්ද එය ‍රැගෙන එන බවට නිවේදනය වී ඇත. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ ලොව පුරා පැය බිලියන 350කට අධික භාවිතාවක් ලබමින් හා ලැබෙන ප්‍රථිචාර ඔස්සේ වඩාත් හැඩ ගැන්වෙමින් Windows 10 මෙතෙක් Microsoft වෙතින් පැමිනි වඩාත් සාර්ථක මෙහෙයුම් පද්ධතිය වන්නට සුදුසුකම් ලබමින් සිටින බවකි.
අමතක වන අවසර පද බොහෝ භාවිතා කරන්නන්හට සිදුකරමින් සිටින හිරිහැරය අවම කරන්නට Windows Hello සහය වනු ඇත්තේ biometrics ආකාරයටය. Anniversary Update සමග companion devices වල සහය ඔස්සේ තම උපාංග වෙතට secured sign-ins වීමටද එය සහය වනු ඇති බවට මේ වන විට පැහැදිලි කොට තිබෙනවා. වැඩි දියුනු කරන ලද  Windows Defender ලෙසට නම්වන  free anti-malware service සේවාව පෙරට වඩා ආරක්ශාව ගෙනෙනු ඇති බවටත් මේ වන විට පැහැදිලි කර තිබෙනවා. Windows Ink සමග භාවිතා කරන්න වෙතට වඩාත් සාර්ථක හ සමීප සටහන් තබැමීමේ හැකියාව Digital World වෙතට ගෙනෙන බවට මෙන්ම පරිගණක ක්‍රීඩා අත්දැකීම් මෙන්ම Xbox හැකියාවන්ගේ වැඩි දියුනු කිරීම් රාශියියක් මේ වන විට ආයතනය පැහැදිලි කොට දී තිබෙනවා.

පලමු සටහන.. – Tharu Minisa –

          මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ වෙනස්කම් ඇත්තේය. කලකට ඉහතදී ආදරනීය ටිබෙටියානු මිතුරා මේ අත්දැකීම පැහැදිලි කලේ අපූරු උදාහරනයක් සමගය. “ඔබ නොදන්නවා උනාට ඔබට පෙනෙන ඔය ගස් වැල් වැලිකැට පස් ගල් පර්වත අතරින් නිරන්තරයෙන් සරන තවත් ජීවයක් තිබෙනවා. සුලග, ආලෝකය, ජලය ගලා යාම ඒ ශක්තිජීවියාව නිර්මානය කරනවා. සමහර විටක විසුලු බවක් පෙනුනද මද හෝ සංවේදී පරිසරයේ කරන සමහර වෙනස් කම් ඔස්සේ ඔබට ඒ අත්දැකීම ලබන්නට පුලුවන් වේවි. ෆෙන්ශූයි, තයිචි වැනි බොහෝ නම් වලින් මිනිසුන් මේ රිද්මයට ලංවෙන්නට උත්සාහ කරලා තිබෙනවා…” ආශ්‍රම භුමියද එවැන්නකැයි මම සිතමි.
කලාතුරකින් සිදුවන අපූර්ව ශක්ති සංයුතියක් මෙහි ගොනුව ඇතැයි මට හැගෙන සුලුය. ලොව නෙක බොහෝ පරිසරයන් කොතැනකදී වත් මෙවන් ශාන්තිමත් තැන්පත් පරිසරයක් මට හමුවී නොමැත්තෙමි. පලමු ආශ්‍රම ගමනේ පලමු දින දෙක තුන ගතවන විටදීම මේ ජීවිත සංචාරයේ නවා තැන වෙතට පැමිනියා වැනි හැගීමක් ඇති විය. දිගු සංසාර ගමනේ මිත්‍රයා හමුවීමක හැගීම ගෙනෙන්නට ටිබෙටියානු මිත්‍රයා සමත්විය. කදුමුනතට වන්නට වූ කුටියෙහි ගෙවූ කාලය දිව්‍ය අත්දැකීමකැයි නොසිතන්නට කිසිසේත් බැරුවා සේය. විටක අඟුරු කැටයකින් විටක සුසුදු වැලි තලය මත ඇගිලිතුඩකින් ඔහු නිමවන සරල රේඛාමය සිතුවම් නෙතද, විටක ආශ්‍රම භූමියේ බටහිර බෑවුමේ පහලින් ගලා යන විශාල ගංගාව අසබට වන්නට විත් වැලි තලය මත වැතිර ඔහුගේ අපූර්ව ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය ගායනා සවනටද ගෙන ආ වින්දනීය බව එම පරිසරය තුලදීම හැරෙන්නට ලොව අන් කිසිම තැනකදී නැවත සිදුවේවි යැයි මට විශ්වාස කල නොහැකිය. ආත්මීය දිව්‍ය අවකාශයට පිවිසෙන්නට තව ඇත්තේ පියවර කිහිපයකි. නොදැනීම පය ඉක්මන් වන බවක් දැනෙන්නට ගැනේ

       ආශ්‍රමයේ පිවිසුම සුපුරුදු පරිදිමය. නෙතට හුරු පුරුදු එහි වන සටන් පෙලවල් එලෙසමය. ගබඩාකරුගේ කුටිය හා කාර්යාල ගොඩ නැගිල්ල කාලයෙන් වියුත්තව වෙනම කාල රටාවකට යටත්ව සිටිනවා වැනිය. එහෙත් සුපුරුදු අපූරුවත් බව නම් අඩුවක් නොමැතිවා සේම එලෙසමය. “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” එනම් වෙනස අහිමිවන විටම මානසික වියවුලක් නැගෙන සුලුය. පුදුමයකි කිහිප විටක්ම පැමින බොහෝ කලක් ගතකල මෙම පරිසරය තවමත් පලමුදා මෙන්ම අපමන නැවුම්ය. තැන තැන වන විශාල රුක්ශයන් පවා දැහැනකට සමවැදී නතරවා සිටිනවා වැනිය. නැවත නැවතත් මනස අවදිකරවා ගෙන විමසා බලන්නට තැත් කලෙමි. සියල්ල එලෙසමය.
“මහත්මයා ඔබතුමා කාලයකින්…” ගබඩාකරුගේ සුපුරුදු කට හඬ කාර්යාලයේ දොර‍ටුව දෙසට මා අවධානය යොමු කර ගත්තාය. ඉන්දියානු වැසියෙකු මෙන් ඇඳ පැලඳ සිටියද ජර්මන් ජාතිකයෙකු වූ ඔහු ප්‍රකට විශ්වවිද්‍යාලයක පුස්ථකාලාධිපති වරයෙක්ව කාලයක් සේවය කරමින් සිටි අතර නිවාඩුවක් සදහා අහඹුලෙස ඉන්දියාවට ගිය විටකදී දහම ගැන අවදිවූ මනසක ප්‍රථිපලයක් ලෙසට මෙම ආශ්‍රමය තම අවසන් නවාතැන ලෙසට තොරා ගත්තෙකි. “මෙහි ඔබව හසුරවන්නට කිසිවෙකු නොමැත්තේය” ප්‍රධාන දොර‍ටුවේ වන සටහන සැබෑවකි. මෙහි වන ශාන්තිමත් රිද්මයවෙතට සුසර වන්නට බැරිවන පැමිනෙන්නන් අතරින් බොහෝ දෙනෙක් පිටව යන්නේ ස්වකැමැත්තෙන්මය. ගබඩාකරු පැමින ටික කාලයකින් පූර්න කාලීන දහම වඩන්නෙක් වන්නට තමන්ට නොහැකි බව වටහා ගෙන කැමැත්තෙන්ම ගබඩාව හා කාර්යාලයේ පූර්නකාලීනව සේවයට කැමැත්ත පල කල අයෙකි. “ඔබව දකින්නට ලැබිම සතුටක්..” පවසමින් මම කාර්යලයට ගොඩ උනෙමි. ” මම හිතන්නේ ඔබතුමා වඩාත්ම බලාපොරොත්තුවන පනිවිඬයක් තිබෙනවා. ඔබගේ හිතවත් ටිබෙටියානු මිත්‍රයා ලගදී නැවත පැමිනියා. කීපවරක්ම එතුමා ඔබ ගැනත් විමසා සිටියා” සුපුරුදු කාරුනික හඩින් ඔහු පවසා සිටින්නට විය.

කාර්යාලයේ පිවිසුම් දොර‍ටුව අද්දර වූ දැව අසුනට බර දීමි. “ඔබතුමාගේ පැමිණීම මහත් සතුටක්. මට විනාඩි කිහිපයක් දෙන්න ලොකු ස්වමීන්වහසේ හමුවෙලා එන්න.” කඩිසර ගමනින් යන ගබඩා පාලකතුමාට මා පැමිනි බව ලොකු ස්වමීන්වහසේ වෙතට සැලකරන්න අවශ්‍යව ඇතුවා විය යුතුය. මතක නිවැරදිනම් වසර 10ක් වැනි දිගු කලක් තිස්සේ අප කිහිප විටක්ම හමුව තිබේ. එය අපූරු බැදීමකි. මෙහි වන කිසිවෙකු අතර යැපීම් සිදු නොවේ. එකි නෙකා ප්‍රියකිරීම ඇරබෙන්නේ ඉහල තලකිනි. බර වචනයකින් පවසනවා නම් අධ්‍යාත්මික බැදීම යනු මෙය විය යුතුය.

පෙරවදන…

        එය දිගු දැවසැති උනුසුම් ගිම්හානයක් දෙකක් අතර ගෙවී ගිය මිනිස් නිමේෂයන් කිහිපයක් පිලිබද අකුරු කිරීමකි. හුදකලාවෙන් පිරීගිය ගිම්හාන දිනයකදී උයන් කෙරවලකදී ඔවූහු හමුවූහ. ඊලට එලබි ගිම්හනයේදී ඒ උයන් කෙරවලකදීම තාවකාලිකව හෝ ඔහුනට සමුගැනීමකට ලියැවුනු ඉරනමකට යටත්ව ඒ හමුවීම සටහන් වන බව අමතක වූවා සේය. වඩාත් අපූරත්වය වන්නේ මේ සිදුවීම් අතර කාලය ගෙවී ගියේ සාමන්‍ය හුදු මිනිස් ආශාවන් මතින් පමනක් නොවීමය. විටක වඩාත් අපූරු සෞදර්යාත්මක නිමේශයන් පැමිනෙන අතර තවත් විටක තොරතුරු තාක්ෂණ , ජීවවිද්‍යාව වැනි ගෙවී යන යුගයේ වඩාත් අසිරිමත්ව මිනිසුන් වෙතට දැනෙමින් ඇති විෂයන් පිලිබදව හැදෑරුම් සටහන් බවට පත්වෙමින් වීමය.ලොව නෙක ආකාරයේ සාමාජ, සංස්කෘතික දෑ අතරින් ඇවිද යමින් සිටි ඔහු සිත වඩාත් ඇලුනු ආශ්‍රම භූමියකට යාබදව ඇති, ඔහුම එය නම් කරන පරිදි “තරුමිනිසුන්ගේ” විස්මිත සංස්කෘතියක් පිලිබදව තොරතුරු ගොනුවක් ගෙන එලබෙන දෑ වසර නිම වන්නට මත්තෙන් නැවත හමුවන්නට වන පොරොන්දුවක් සමග ඒ සමු ගැනීම සිදුවිය. “ඔබ සැබවින්ම ගිම්හානයකි. පරිසරයෙන් වියුත්තව සීතලෙන් ගුලිව ගිය දිගු ජීවිතකාලයක් අවසන් කරමින් එය පුබුදුවා ලන්නට හැකි සුසරබවක් ‍රැගෙන ආ ඔබ සැබවින්ම ගිම්හානයකි මට” ලෙසට සමහර විටක තම දින සටහනක සටහන් තබන්නට තීර්නය කලේ ඒ තරම්ම ඇය ඔහුට දැනුන නිසා වියයුතුය.

         මේ සොඳුරු මතක සටහන් ඉලෙක්ට්‍රොනිකව සටහන් කරන්නට ඔහුට අවශ්‍ය වූවේ බොහෝ ඒ නිමේශයන් හුදු මිනිස් බවට මත්තෙන් වන අපූරු බවක් ගෙන ඇති බවට ඇති වූ විස්වාසය නිසා විය යුතුය. ඔහු දු‍ටු ඒ අපූරු මිතුරිය , හිතවතිය පිලිබද ආකෘතිය මඳ හෝ සොඳුරු බවක් ඒවා කියවන අයෙකුට පවා ‍රැගෙන එනු ඇති බවට ඇති වූ විස්වාසය නිසා විය යුතුය. ඔහුගේ ජීවිත තේමාව වඩා අපූරුවට වරනගන්නට ඒ හමුවීමටහැකිවිය. “තම පෘතුවි ජීවිත සංචාරය පිලිබදව සටහනක් තබා යෑම මෙහි පැමිනි සෑම සංචාරකයෙකුගේම වගකීමකි” . සමහර විටක මේ ඔහුගේ සමස්ථ ජීවිත සංචාර සටහනේ සංශික්ප්තය විය හැක.

එලබෙන කාලය තුල….

      එලබෙන කාලය තුල දෛනික පරිභෝජනයට අවශ්‍ය ශක්තිය නිපදවීමේ ක්‍රමවේදය තීරනාත්මක ලෙස  වෙනස් වනු ඇති බවටයි ඔවුන් යෝජනා කරමින් සිටින්නේ.විද්වතුන් පවසන්නේ “ශක්ති ප්‍රභවයන් ගැන අපේ දැක්ම හරිම සාම්ප්‍රධායිකයි. ඔබගේ පාපැදියේ කරකැවෙන රෝදය , නිවසේ නල ජල  මාර්ගය ඔස්සේ සිදුවන ජල චලනය, නිවසේ නැතිනම් ගෙවත්තට ඉහලින් හමායන සුලග, මේ සියලු චලනයන් ශක්ති ප්‍රභවයන් උනාට තවමත් අපි දියුනුවෙලා නැහැ ඒවා කාර්යක්ශමව භාවිතාකරන්න. ඒ උනාට එලබෙන කාලය තුලනම් අපිට සිදුවෙනවා මේවා දෙස වෙනස් විදිහට බලන්න.ඉහත කී ඒවා මෙන්ම ඔබේ පරිගණකයෙන් තාපය ලෙස පිටවෙන්නේත් , පාගමනය තුලදීත් නාස්ති වන ශක්තිය නැවත අපගේ එදිනෙදා පෞද්ගලික ශක්ති පරිභෝජනයෙන් විශාල ප්‍රතිශතයක් සපුරන්නට පුලුවන් වනු ඇති “. ඔවුහු පවසා සිටිනවා.
එලබෙන  අනාගතයේදී අවසර පදයනු අතාර්කික ආරක්ශක උපංක්‍රමයක් වීම වලක්වන්නට කිසිවෙකුට නොහැකි වනු ඇත. වඩාත් පෞද්ගලික මෙන්ම සංකීර්න දත්ත පද්ධති දෙසට හැරෙන්නට කලය එලබෙමින් තිබේ. ඔබ මුදල් යන්ත්‍රය දෙසට ලංවන්නට තබන පියවරවල් තුනක් නැතිනම් හතරක් තුලදී ඔබව හදුනා ගන්නට එම යන්ත්‍රය සමත්වනු ඇති බවටයි පැවසෙන්නේ. ඔබගේ ඇසේ චලනය ශාරීරික ඉරියවු මේ සදහා සෑහෙනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ.
හිසමත පලදින කුඩා උපකරනයක් විසින් ඔබගේ මොලයේ සිදුවන වෙනස්කම් හදුනා ගනිමින් ඒ අනූව ඔබ අවට ඇති උපකරන වලට  උපදෙස් ලබා දීම නුදුරු අනාගතයේ සිට වැඩි අවධානයක් දිනා ගන්නා පර්යේක්ෂනයක් වනු ඇත. පහසු වඩාත් නිවැරදි මෙන්ම කාර්යක්ශමතාවය අතින් පවා වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරන “උපකරන මෙහෙයවීම් ක්‍රම වේදයක්” ලෙසට එය කාගේත් සිත් දිනා ගනු ඇත.උපකරනයන්ගේ දියුනුවීම් පියවර කිහිපයකට පසුව අද පවතින මිනිස් දත්ත උපකරන සබදතා ක්‍රම වේද දෙස විසුලු සහගත බැල්මක් හෙලිම සාමාන්‍ය කාරනාවක් වනු ඇත.
එලබෙන කාලය තුලදී ජංගම දත්ත උපකරන පෘතුවි වැසියන්ගේ අතිමහත් ප්‍රතිශතයකගේ අත්ලට පැමිනෙනු ඇත්තේ ජීවිතය හා දත්ත ගොනු අතර පරතය තව තවත් අවම කරවමිනි. අද පවතින ඩිජිටල් ජීවිතය ඉක්මවා ගොස් උපකරනය ප්‍රධාන බව වෙනුවට භාවිතාකරන්නා ප්‍රධාන දත්ත ගොනු සෞඛ්‍ය , අධ්‍යාපනය ,‍රැකියාව පමනක් නොව මිනිස් සබදතා විෂය පවා විනිවිද යනු ඇත.
ඩිජිටල් ජීවිතයෙන් බොහෝ ශක්ති ප්‍රමානයක් අපතේ හරින්නට සමත්වන කරදරකාරී දත්ත ගොනු භාවිතයට සමුදෙන්නට නුදුරු අනාගතයේම තත්වය උදා වනු ඇත්තේ වැඩි පුද්ගල නියෝජනයක් තහවුරු කරන්නට වන බැවිනි. සරලව එය තවදුරටත් ක්‍රීඩා උපකරනයක් නොවනු ඇත. අනිත් අතින් එය වඩ වඩාත් සියුම් වෙමින් පුද්ගලත්වයට වඩාත් ලංවන බැවින් ඔබ ඔබ රවටා ගැනීමට උත්සාහ කරනවා සේ හැගෙන්නට පටන් ගනු ඇත.

www.digilk.com

රුවන්වැල්ල බලකො‍ටුව (Ruwanwella Fort)

    අවිස්සාවේල්ලේ සිට කෑගල්ල දෙසට ගමන් කරන ඔබට හමුවන ප්‍රධාන නගරයක් වන්නේ රුවන්වැල්ලයි. ඓතිහාසික වටිනාකම් කිහිපයක්ම සටහන් වන නගරයක් ලෙසට රුවන්වැල්ල සැලකීමේදී රුවන්වැල්ල බලකො‍ටුව ප්‍රධාන තැනක් ගනී. කැලණි ගඟ හා ගුරුගොඩ ඔය එක්වන ස්ථානයට ආසන්නව මෙම බලකො‍ටුව වර්ථමාන රුවන්වැල්ල නගරය තුලදී පිහිටා ඇත. සිංහල රජදරුවන්ගේ මුර කපොල්ලක් ලෙසට භාවිතාවූ මෙම ස්ථානය පසුව 1594දී පෘතුගිසීන්  විසින්ද 1665දී ලන්දේසීන් විසින්ද භවිතා කොට ඇති බවට තොරතුරු හෙලිවෙයි. පෘතුගීසී නිලධාරීන් යුධ කදවුරක් ලෙසට උඩරට ආක්‍රමයේදී මෙම ස්ථානය භාවිතාකරන ලද අතර පසුව ලන්දේසීන් ශක්තිමත් බල කො‍ටුවක් ලෙසට පරිවර්ථනය කල බවටයි තොරතුරු වාර්ථාවෙන්නේ.1802දී පෙඩ්‍රික් නෝත් ඉංග්‍රීසි ආන්ඩුකාරවරයා රුවන්වැල්ල බලකො‍ටුව ශක්තිමත් කර උඩරට ආක්‍රමනය කල මුත් පසුව සිංහල භටයන් එම කදවුර විනාශකරන ලද අතර පසුව යලිත් 1815දි පමන යලිත් වඩාත් ශක්තිමත්ව අක්කර 47ක විශාල භූමි භාගයක මෙම බලකො‍ටුව ඉදිකල බවටයි වාර්හා වන්නේ. වර්ථනායේ රුවන්වැල්ල පොලිස් ස්ථානය ආසන්න්ව මෙම බලකො‍ටුවේ පැරණි දොර‍ටුව හා ප්‍රකාර බැමි දැකිය හැකිය.

පක්ෂඝාත නොහොත් Paralysis…

ක්ෂණික බව ජීවිතය වටා ඇති සියලුම අවශයතාවයන් ආක්‍රමනය කරමින් ඇත. ආහාර පාන, ගමන් බිමන්, කරන කියන දෑ අතරට පැමිනෙන මෙම හදිස්සි බව රිනාත්මකවද ජීව්තය වෙතට පැමිනෙමින් ඇත. එවන් ක්ෂණිකව පැමිනෙන රෝගීතත්වයක් ලෙසට බටහිර වෛද්‍ය ක්‍රමයට අනූව පැරලයිසීස්( ඵරල්ය්සිස්) ලෙසට නම් වන රෝගී තත්වය හඳුනා ගත හැක. වෛද්‍ය ඹ්.ඹ්.ඹ්.ඉර්ෂාඩ් මහත හමුවන අපට පැහැදිලිකර දුන්නෙ මෙවන් රොගී තත්වයක් මතුවන පසුබිම හා එහි ස්වභාවය මෙන්ම ඉන් වැලකී සිටීමට සහය වන යහ පුරුදු කිහිපයක් ගැනය. අධිරුධිර පීඩනය, රුධිරයේ මේදය ‍රැස්වි මෂ්තිස්කයේ වම්පස නාල අවහිරවීම නිසා සිරුරේ දකුනු පස අත්පා අවසග වීම මෙම රෝගී තත්වයේ පසුබිම බවය. බොහෝ විට දකුනුපස අත් පා අප්‍රානික වීමට අමතරව එම පුදගලයාහට කථාකිරීමේ හැකියාවද නැතිවීමේ අවධානමක් වන බවටයි එතුමා පෙන්වා දුන්නේ. ආයුර්වේද ක්‍රමයට අනූව තත්වය පැහැදිලි කරන එතුමා පැවසුවේ අනු මස්තිෂ්කයේ උඩ භාගයේ මජ්ජා ක්‍රියාකරන කොටසෙහි ඇතිවන පීඩාවක් නිසා මෙම පක්ෂඝාත බව වැලදෙන බවය. තවත්විටක මොලයේ රක්ත ශ්‍රාවය නැතිනම් මේ නහරයක් පිපිරීමෙන්ද මොලය වෙතට ලේ කාන්දු වීමකින් ,මොලයේ ලේ කැටි සිරවීමකින්ද ලේ නහර අවරෝධ වීම හේතුකොට ගෙනද මෙම පක්ෂඝාතය ඇති විය හැකි බවය. මීටත් අමතරව ශරීරගතවන යම් විෂ වර්ගයන් නිසාද පෙරකී ආකාරයට මස්තිෂ්කයේ රක්ත ශ්‍රාවය විය හැකි බව පැහැදිලි කර සිටිනවා. මධ්‍යම වයස ඉක්මවන් විට මෙම රෝගීතත්වය සදහා වැඩි අවධානමක් ඇති මුත් උපාංදාංශරෝගය කලක් තිබීමෙන් මෙන්ම අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් විය හැකි මොලයේ රුධිර ගාත්‍රා දියවිමේ ප්‍රථිපලයක් ලෙසටද මෙම රොගී බව තරුන වයසේදීම පැමිනීමේ අවධානම බැහැර නොකල හැකි බවටයි අවධාරනය කර සිටියේ. තවත් විටක ,මොළයේ හටගන්නා ගෙඩියක් නිසාද අංශබාග රෝගය ඇති විය හැකි බවටයි. වෛද්‍යතුමා වැඩි දුරටත් පැහැදිලි කර දුන්නේ තවත් අවස්ථාවකදී ක්‍රමයෙන් එනම් දින දෙකක් තුනක් ඔස්සේ රෝගය වෙතට පිවිසීම සිදුවිය හැකි බවයි. මොලයේ වන ලේ කැටි ගැසීමක් ඔස්සේ අධික ශිරාශූලය හෙවත් හිසරදය සැදෙමින් භ්‍රම හෙවත් කලන්තය වමනය අත්විඳිමින් අත්පා වකු‍ටුවීම වැනි ලක්ෂන පෙන්වන තත්වයකට පත්විය හැකි බවකි.
දවසේ ඔනෑම අවස්ථාවකදී මෙම රෝගය වැලදීමේ හැකියාව ඇති අතර නිදි ඇදේදී මෙන්ම ආහාර අනුභවකරමින් සිටින විටකදී, රූපවාහිනිය නරබමින් සිටින විටකදී එය සිදුවිය හැකි බව පැහැදිලි කරන එතුමා පැවසුවේ රෝගය උත්සන්න වෙත්ම සිහි මුර්ජාවීම , දිව පැත්තකට කඩා වැටීම, විටින් විට සිරුරේ ඇති වන තිගැස්ම, එක් අතක් හෝ කකුලක් ගැහීමට පටන් ගැනීම, බෙල්ල පිටට කඩා වැටීම පමනක් නොව සමහර විටකදී මීමැස්මොර වැනි තත්වයකදී මෙනම් මුඛයෙන් සෙම ගැලීමද පෙන්විය හැකි බවය. පපුවේ “ගොර ගොර” වැනි ශබ්දයක් ඇති වෙමින් නැතිවෙමින් වරුවක් වැනි කාලයක් සිට මරනය අත්වීම දක්වා පවා ලගා විය හැකි බවය. වැඩිදුරටත් තම අදහස් පලකරන මෙතුමා පැහැදිලි කර සිටියේ ක්ෂනික ආහාර අනුභවයට වැඩි වැඩියෙන් පෙලබීම, දැඩි කලබලකාරී නිසාම මානසික මෙනම කායික නිරොගීතාවයට ඇති අවධානය අඩුවීම මෙම රෝගීතත්වය වෙතට පිවිසුමක් වනවා සේම මේවා පිලිබදව අවධානයෙන් කටයුතු කිරීම ඔස්සේ ගැලවීසිටීමට වඩාත් වැදගත් විය හැකි බවකි.

(ආයුර්වේද වෛද්‍ය M.M.M. ඉර්ෂාඩ් මහතා සමග කල සාකච්චාවක් ඇසුරෙන් සටහන් කරන ලදී)