Back to Top

Monthly Archives: October 2016

1nm transistorය පැමිනෙනු ඇත.

                  පරිගණක උපාංග පිලිබදව නිරන්තරයෙන් චලනය වන්නට අවශ්‍ය එක් මානයක් වන්නේ වඩාත් කුඩා බව දෙසටය.  හදාරන්නන් පෙන්වා දෙන්නේ Transistorය යනු මෙහිදී එක් ප්‍රධාන පාලනය කරන්නෙකි. නැනෝමීටර පහ යනු කලක සිටිම මෙහි එක් පාලනීය සාධයක්ව පැවතුනි. මෑතකදී අවධානයට ලක්වූ එක් ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වූවේ molybdenum disulfide නැතිනම් MoS2 ය. පෙර කී සීමාව ඉක්මවන්නට මෙම නව පැමිනුම සමත්වෙමින් ඇති බවටයි දක්නට ලැබෙන්නේ.  සිලිකන් මූලිකව ට්‍රන්සිස්ටරය නිර්න්මාණය වීමේදී 5nm ඉක්මවීමේදී සිදුවන  randomly leak across a transistor හානිය හමු නොවෙමින් වඩාත් කුඩා ට්‍රාන්ස්සිස්ටරයකට පැමිනෙන්නට මෙම නව හමුවීම උපකාර වනු ඇති බවටයි මේ වන විට හදාරන්නන්ගේ බලපොරොත්තුව වන්නේ. Moore’s Law යලිත් සක්‍රිය කරවන්නට සමත් වනු ඇති බවට බලපොරොත්තු වන මෙම හඳුනා ගැනීම තවමත් අත්හදා බැලීමේ මට්ටමක පැවතුනද සාර්ථකව ඉදිරියට යමින් පවතිනවා.

Windows 10 build 14393.321 නව යාවත්කාලීනයක් ….

        Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙක සදහාම වන මෙම යාවත්කාලීන ගොනුව Windows 10 build 14393.321 ලෙසට නම්ව තිබෙනවා. වඩාත් ආරක්ශිත මෙන්ම පහසු ගලායාමක් නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධති වෙතට සහතික කරනු වස් Microsoft ආයතනය වේගවත් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන ක්‍රියාවලියක් Windows 8, 10 සමග ක්‍රියාත්මක කල අතර ලොවපුරා විසිරුනු වැඩි අවධානයක් ඇති දස දහස් ගනනකගේ භාවිතයට ලබා දීම ඔස්සේ වඩාත් හොඳින් අත්හදා බැලීමකට ලක් කරවිමෙන් අනතුරුව තම මහැයුම් පද්ධතිය ඉදිරියට ගෙන යන්නට මේ වන විට සමත්ව තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ නව යවත්කාලීනය සමග හඳුනා ගෙන තිබූ ෆ්හුර්වලතා කිහිපයක් පිලිසකර කරන්නට කටයුතු කර ඇති බව මෙන්ම දියුනු කිරීම් කිහිපයක්ද සමන්විතව නව නිකුතුව පැමින ඇති බවයි. පසුගියදා නිකුතුකරනු ලැබූ ප්‍රධාන යාවත්කාලීනයක් වූ Anniversary Update වලින් පසුව පැමිනෙන දෙවන යවත්කාලීනයක් ලෙසට මෙම නිකුතුව ගනන් ගැනෙනවා. නව යවත්කාලීනයද සුපුරුදු පරිදි ස්වංක්‍රීයව ස්ථාපනය වන්නට නියමිත ආකාරයට පැමින තිබෙනවා.
හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 සාර්ථකව භාවිතාකරන්නන් සදහා පිවිසෙමින් ඇති බව වන අතර වඩාත් ආරක්ශිත මෙන්ම සාර්ථක හා පහසු භාවිතාවන් ගෙනෙන්නට නව මෙහෙයුම් පද්ධතිය සමත්ව ඇති බවට පිලි ගැනෙනවා.  – Pubudu Siriwansa

Posted in Microsoft, Windows, Windows 10 |

‘Windows 10 Creators Update’

        පැවත් වෙමින් ඇති windows 10 හමුවේදී මේ වන විට ‘Windows 10 Creators Update’ ලෙසට මීලග windows 10 ප්‍රධාන යාවත්කාලීනය 2017  ආරම්භයේ දී පැමිනෙනු ඇති බවට නිවේදනය කර සිටී. මීට පෙර හෙලිව තිබූ පරිදි ඒ සදහා වන දින වකවානුව 2017 මාර්තුමාසය වනු ඇති බලාපොරොත්තු විය හැක. මෙම යාවත්කාලීනයත් සමග වඩාත් දියුනු කල virtual realaty භාවිතාව 3D සමග සැඩි වපසරියකට එනු ඇති අතර මෙහෙයුම් පද්ධතියේ මතුපිටටම පැමිනෙන හැකියාවල් ලෙසට පවුලේ මෙන්ම ලගම හිතවතුන් සමග සබඳතා පහසුව  ඩෙස්ක් ටොප් එක මතටම පැමින වඩාත් සජීවිව සහය වනු ඇති බවට පැහැදිලි කෙරමින් සිටී. සරලව ඔවුන් පැහැදිලි කරන කරුන නම් windows Creator update සමග ඔබව සඩාත් සජීවී කරන්නට තමන් සූදානම් බවයි. මීලග surface book නිකුතුව හඳුනවා දෙමින් දෙගුනයක ග්‍රැ‍ෆික් හැකියාවක් සමග දෙගුනයක ක්‍රියාත්මක හැකියාවක්ද, පැය 16ක බැටරි හැකියාවක් ගැන පොරොන්දු වෙමින් ඇත. දැනට නිර්මානය වී ඇති අඩුම ගනකම ගෙනෙන ඩ්වෙස්ක් ටොප් මොනිටරය සමග මිලියන 13.5 ක ‍ෆික්සල් හැකියාවක් සමග වඩාත් සජීවී වර්නවත් හැකියාවක් පොරොන්දුවෙමින් සිටී. -Microsoft Surface studio-

Posted in Microsoft, Windows 10 |

තොරතුරු ලෝකයේ හෙට දවස…

                   අපි මේ වන විට පැහැදිලිවම හඳුනාගෙන ඇති කාරනයක් තමයි තොරතුරු අවකාශය ප්‍රධාන මාවත් දෙකක් ඔස්සේ ඉදිරියට යමින් සිටින බව. එකක් වන්නේ වඩාත් සංකිර්න ගනනයන් ඔස්සේ භාවිතාකරන්නා වෙතට වැඩි බුද්ධිමත් මැදිහත් වීමක් කිරීම. කෙටියෙන් A.I ලෙසට නම් වන මේ මාවත ඔස්සේ දැනටමත් ප්‍රධාන පෙලේ සියලුම තොරතුරු තාක්ශන සේවා ආයතනයන් තමන්ගේ අනන්‍යතාවයන් සටහන් කොට තිබෙනවා. “ඩිජිටල් සහකරුවෙකු” නැතිනම් සහකාරියක නමින් මේ බව Microsoft, Apple මෙන්ම Google ආයතනයන්ද මේ වන විට තම විසදුම් ඉදිරිපත් කරමින් සිටිනවා. මෑතකදී සිදුවුනු සියලුම ප්‍රධාන පෙලේ හඳුන්වාදිම් හමුවවල් වලදී ඔවුන් මේබව ආශ්‍රිත වන හඳුවාදීමකට නැතිනම් දියුනු කිරීම තොරතුරු නිරන්තරයෙන් ගෙන ආ බව දකින්න පුලුවන්.
අනෙකුත් ප්‍රධා හැරවුමක් වන්නේ ක්ලවුඩ්-Cloud computing- දෙසට වන චලනයයි. වේගයෙන් වර්ධනය වන වඩාත් අඩු බැලැති උපාංග ඔස්සේ භාවිතාකරන්නා වෙතට වඩාත් සංකිර්න භාවිතාවන් වෙතට ගෙන යන්නට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. සරලව සැලකීමේදී දත්ත ගබඩා හැකියාවේ විට සංජීර්න ගනනයන් දක්වා වන නෙක ආකාරයේ හැකියාවන් මේ ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ගෙනෙන්නට කටයුතු කරනවා.මෑතකදී සිදුවුනු Microsoft හමුවේදී පැහැදිලි කරසිටියේ ඉතා ආරක්ශිත මෙන්ම වඩාත් සංකීර්නව කාර්යාලීය කටයුතු සදහා මැදිහත් වන්නට මේ වන විටත් සූදානම් බවයි. Google ආයතනය ප්‍රකාශ කර සිටියේ සරල සෙවුම් ප්‍රථිපලවල සිට භවිතාකරන්නගේ වඩාත් පෞද්ගලික තොරතුරු අවශ්‍යතාවය දක්වා සංකීර්න මැද්හත්විමකට තමන් සූදානම් බවයි. සරලව පැහැදිලි කල ඔවුන් පැවසුවේ භාවිතකරන්නාගේ ඉදිර් සැලසුම් සටහන ඇසුරෙන් අවශ්‍යවන ඊමේල නැතිනම් SMS වැනි කෙටි පනිවිඬ ස්වංක්‍රීයව යැවීමේ සිට එම පුදගලය්යන්ගේ හෝ ආයතනයන්ගේ ඉදිරි සැලසුම් විවෘතව ඇත්නම් සිදුවිය හැකි හදිස්සි වෙනස් වීම දක්වා වන බොහෝ කාරනා සදහා අවධානයෙන් සිටින්නට තමන් සූදනම් බවයි.  – Pubudu Siriwansa

Posted in Digital life styles |

Windows 10 event අදට නියමිතය….

       Windows 10 ඉලක්ක ගතව තිබූ විශාල උපාංග වපසරිය  servers, desktop PCs, laptops, tablets, phones, connected devices ( Internet of Things) ලෙසට සැලකීමේදී තම සාර්තකත්වය මේ වන විට හොඳින් සටහන් කර තබන්නට සමත්ව ඇති බව බොහෝ හදාරන්නන්ගේ මතයය. September 30, 2014 වන විට තම පලමු නිවේදනය කල windows 10 හි පලමු නිල නිකුතුව July 29, 2015 දිනට නියමිත විනි. සාර්ථකව පලමු වසර පසු කරමින් windows 7 හා windows 8.1 සදහා නොමිලේ එම වසර පුරාම windows 10 වෙතට නොමිලේම පිවිසෙන්නට අවසථාවක්ද ලබා දෙන්නට Microsoft ආයතනය කටයුතු කල අතර ආයතනය බලපොරොත්තු තැබූ ඉහලම ඉලක්කයන් කෙසේ මුත් සැහෙන සාර්ථකත්වයක් ලබා ගන්නට සමත්ව තිබෙන බවටයි මධ්‍යස්ථ හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ. Windows 10 for Phones වල පෙර සංස්කරනයක් February 12, 2015 වල දී පැමිනි අතර මේ වන විට බාවිතාකරන්නන තර ප්‍රසාදයක් ලබමින් භාවිතයට පැමිනෙමින් ඇති බවත් දක්නට හැක. windows XP, windows 7 ලෙසට වන ප්‍රසාදයක් දින ගත් microsoft මෙහෙයුම් පද්ධති සටහනේ මීලග ස්ථානය සටහන් කර ගන්නට windows 10 සමත් වෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් ඇත.
අදට නියමිත Windows 10 event  වලදී Windows 10 වල මීලග දිගහැරුම් පිලිබඳව තොරතුරු බලාපොරොත්තු පලවෙමින් ඇති අතර  “Redstone 2”  ලෙසට නම් වෙමින් මීලග පැමිනෙනු ඇති බවට වන ප්‍රධාන යවත්කාලීනය ගැන පැහැදිලි විමක් ප්‍රධාන වේ. 2017 මාර්තුවේදී නිකුතුවක් සිදුවනු ඇති බවට බලාපොරොත්තු වන මෙහිදී HomeHub, HoloShell, UWP File Explorer වැනි නවාංග පිලිබදව දැනටමත් කථා බස්වෙමින් ඇත.

Posted in OS, Windows 10 |
× How can I help you?