Monthly Archives: December 2016

පත්තිනි දෙවියෝ…..

පත්තිනි දෙවියෝ සීතාවක හා කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ජනප්‍රිය දේව වන්දනාවකි. ඉන්දියාවේ දේවත්වයට පත්ව පුද පූජා ලැබූ දේවතාවියකි. ගජබා රජතුමා ඉන්දියාවට ගොස් (ක්‍රි.ව. 112-134) කාලයේ ලංකාවෙන් ගෙන ගිය සිරකරුවන් 12000 හා තවත් ද්‍රවිඩ සිරකරුවන් පිරිසක්ද පත්තිනි සලඹ ද ‍රැගෙන ආවේය. නැව කුනා‍ටුවකින් ගසාගෙන විත් කැළණි ගඟ අසබඩ වර්ථමාන නව ගමුව පත්තිනි දේවාලය පිහිටි ඉස්ථානයේ නැවතින. නාගයන් පත්තිනි සළඹ ‍රැලවල් කල හෙයින් නවගමුවේ පත්තිනි දේවාලය ඉදිකල බව ජනප්‍රවාදයයි.
මතු බුදු බව පතන පත්තිනි දෙවියෝ ලෙඩ දුක් අධ්‍යාපන කටයුතු ‍රැකී රක්ෂා හා වෙළඳ ව්‍යාපාර – ගැබිනි මව්වරුන් හා කුඩා දරුවන් විවාහය ආදී කටයුතු වලදී මවක මෙන් පිහිට වන්නීය. නවගමුව පත්තිනි දේවාලය මායාදුන්නේ රජතුමා ප්‍රථිසංස්කරනය කල අතර රාජසිංහ රජතුමා පත්තිනි දේව වන්දනාව විශාල අනුග්‍රහයක් දැක්වූ රජතුමෙකි. මැදගොඩ දේවාලය සම්බන්ද අද්දැකීම මෙයට හේතුවන්නට ඇත. පිටිහුම දේවාලයේ කපුමහත්මා සතුව ඇති දේවනීතිය නම් පුස්කොල පොතෙහි රාජ සිංහ රජතුමා කරවූ පත්තිනි දේවාල 48ක් පිලිබඳ විස්තර සඳහන්ය. ප්‍රධාන දේවාලයන්ට රනින් කල සළඹ පුජා කර ඇත. මැදගොඩ, කබුලුමුල්ල, මියනවිට, සොලොම්බුව, අමුතිරිගල, උඩුව, හපුගම්මන, අමනාවල, අරුක්ගම්මන, තඹදිය, දියබරාහේන, තැලැල්ලේගම, ගම්බලහේන මෙම දේවාල අතරින් ප්‍රධානය.

පලමුවෙන්ම මේ රෝග වෙදදුරා හඳුන ගත යුතුයි

පලමුවෙන්ම මේ රෝග වෙදදුරා හඳුන ගත යුතුයි. ඒවා හඳුනාගැනීම තමයි රෝගියා සම්බන්දයෙන් වෙදැදුරු දක්වන ප්‍රථිකාර පන්තියේ ආරම්භක පියවර. උනන්දුව, පලමුවෙන්ම වෙදැදුරා රෝගියෙකු පරික්ෂා කිරීමට ගන්නා කාලය ප්‍රමානවත් වෙන්න ඔනේ. වෙදැදුරු ලගට එන හැම රෝගියෙකුටම එකම කාල වේලාවක් වෙන් කිරීම සුදුසු නෑ. රෝගයේ හැටියටයි කාලය වෙන්කල යුත්තේ. ඒ ප්‍රමනවත් කාලය තමයි රෝගියා සුවපත් කිරීමට කරනු ලබන පලමු වැනි ප්‍රථිකාරය. පරම්පරික ආයුර්වේද වෙදැදුරන් විදිහට අපි රෝගීන් පරික්ෂා කරන චැනල් සේවාවන්ට නොයන්නේ මෙන්න මේ හේතු හින්දයි.
ආයුර්වේද වෛද්‍ය නියමයන්ට හා ප්‍රමිතීන්ට ප්‍රථිකාර වර්ග දෙකක් නියමිතයි. ඒ ශෝධන චිකිත්සාව හා ශමන චිකිත්සාවයි කියනවර්ග දෙක. මෙතැනදී ශෝධන චිකිත්සාවෙන් කරන්නේ ශරීරය ඇතුලතිනුත්, බාහිරිනුත් පිරිසිදු කිරීමක්. ඒ අපේ ගන්නා වැරදි ආහාර හේතුවෙන් ශරීරයේ දෝෂ, දුෂ්‍ය  වන නිසා. ඒ දුෂ්‍ය උනු දෝෂ ශරීරය ඇතුලත අවයවවල එකතුවීමක් වෙනවා. ඒ හේතුවෙන් රෝග ඇතිවෙනවා. මෙන්න මේ දුෂ්‍ය රෝග ඇග ඇතුලෙන් ඉවත්කිරීම තමයි ශෝධන චිකිත්සාව කියන්නේ. ආයිර්වේදයේ මේ චිකිත්සාව හඳුන්වන්නේ පංච කර්ම චිකිත්සාව කියලයි. මේ ශෝධන චිකිත්සා ව ක්‍රම පහකට කරනු ලබනවා. ඒ වමන, විරෝඛන, නස්‍ය, වස්ති, රක්ත මෝක්ෂන කියන ක්‍රමවලින්.
අනෙක් ක්‍රමය තමයි ශමන චිකිත්සාව. ශමන චිකිත්සාව කරන්නේ ශෝධන චිකිත්සාව කලාට පස්සෙයි. එතැනදී කරන්නේ ආයුවේද ඖෂධ වර්ග ප්‍රමනාත්මකව ශරීරය ඇතුලට වාගේම බාහිරිනුත් යෙදීමයි. එසේඅම් යෙදීමෙන් ශෝෂ, ධාතුමල හා අග්නි සමතාවකට පත්වෙනවා. ඒ හේතුවෙන් රෝග වලට ඔරොත්තු දීමේ ප්‍රථිශක්ති කරනය ඇත්වීම සිදුවෙනවා.
ආයුර්වේදය තවත් වැදගත් කාරනයක් ගෙන හැර දක්වනවා. එනම් මේ  ලෝකයේ උපදින සෑම සත්වයකුටම ශාකයකටම , ද්‍රව්‍යයකටම ඒවාට ආවේනික ප්‍රකෘතියක් තිබෙන බවයි. ඒය පදනම් වනුයේ පංච මහා භූතයන් මත වන බවයි. මවගේත් , පියාගේත් ඩිම්බ හා ශුක්ක්‍රානු එකතු වීමෙන් ඇතිවන කලලයට පංච මහා භූතයන් එකතුවන බවයි. ඒ එකතුවීම මත එකි නෙකාට ආවේනික ප්‍රකෘති බිහිවන බවයි. මේ බිහිවන්නා වූ ප්‍රකෘති අවස්ථා ගනනකින් යුත්ත වන බවයි. ඒවා වාත ප්‍රකෘති, පිත්ත ප්‍රකෘති, කළු ප්‍රකෘති, වාත පිත්ත ප්‍රකෘති, වාත කළු ප්‍රකෘති, පිත්ත කළු ප්‍රකෘති , වාත පිත්ත කළු ප්‍රකෘති ලෙස දැක්වෙනවා.

ප්‍රථිකාර කිරීමේදී සලකා බැලිය යුතු කරුනු…

ශක්‍ර භවනක වැඩි සෘෂිවරුන්ට සක්‍ර දේවෙන්ද්‍රයා මනුෂ්‍ය ශරීරයට අටාඅනූවක් රෝග වලට ගොදුරුවන බවයි කියා දුන්නේ. ඒ අතරින් වඩාත් වැදගත් කාරනය ලෙස සක්‍ර දේවෙනද්‍රයා පෙන්වලා දුන්නේ අහාර හේතුවෙන් තම තමන් කැදවා ගනු ලබන යම් යම් ලෙඩ රෝග ගැන විස්තරයි.
මේ කියන හේතු දෙක උඩ ඇති වන සියලු ලෙඩ රෝග සක්‍ර දේවේන්ද්‍රයා කොටස් තුනකට බෙදා අදාල නියමයන් තුනක් මේ විදිහට දක්වලා තියෙනවා.
මිනිස් ශරීරයට වැලදුනු ලෙඩ රෝග අවම කර පරමායුෂ විඳීම, රෝගය්ට අදාලව තිබෙන පරමායුෂ විඳීම, රෝග සුවකර නියමිත මිනිස් පරමායුෂ උපරිමව විඳීම.
ශක්‍ර දේවේන්ද්‍රයා දායාද කල ආයුර්වේදයේ රෝග ඇති වීමට හේතුවන හේතූන් හතරක් ඇතුලත්. ඒ ඇස, කන, දිව, නාස,සම කියන පසිදුරන්ගේ අතියෝග මිත්‍යා යෝගයයි.
ආයුර්වේදයට අනූව රෝග ඇති වීමට බලපානුයේ හේතූන් දෙකකි. ඒ දෙක වනුයේ “නිජ රෝග” හා “ආගන්තුජ රෝග” යයි. මෙතැනදී නිජ රෝග යැයි කියනුයේ ශරීරයේ තිබෙන්නාවූ දෝෂ කිපී මෙන් හට ගන්නාවූ රෝගවලටයි. “ආගන්තුජ” රෝග යැයි කියනුයේ බාහිර කරුනු මුල් කරගෙන හට ගන්නා වූ රෝගවලටයි. මේ රෝග වර්ග ක්‍රම දෙකට ප්‍රථිකාර වර්ග දේර්ගයක්ද නියමිතයි. ඒ “ශල්‍ය සාද්‍ය” හා “ඖෂධ සාද්‍ය” වශයෙනි.
මේ රෝග දේවර්ගයට ප්‍රථිකාර කිරීමේදී සලකා බැලිය යුතු කරුනු හයක් ගැන දැක්වෙනවා. ඒ මේ විදිහටයි.
මිනිස් සිරුරට වැලදී තිබෙන යම් රෝගයක්, රෝග සමූහයක් වෙත්ද, එම රෝගය හෝ රෝග, “මව්පිය පරම් පරාවෙන්” වන රෝගයක් ලෙසද, “සහජ රෝගයක්” ලෙසද, වාපිත සෙම කායික හා මානසික දෝෂ නිසා හටගත් රෝගයක්ද, සෘතු දින මාස කාලවල විපර්යාස නිසා හටගත් රෝගයක්ද, දේව කෝප , චිත්ත කලකිරීම් , ගුරු දෙගුරු සාප මත හටගත් රෝගයක්ද බඩ ගින්න, පිපාසය, නිදිමත , මත ඇතිවූ රෝගයක්ද , බාහිර හේතුවක් නිසා හටගත් රෝගයක්ද කියන කාරනා අනූවයි.
ඒ වගේම ඉසිවර නුවනින් රචනා කල පුස්කොල පොත්, මේ හඳුනාගැනීමෙන් පසු රෝග පරික්ෂා කිරීමේ ක්‍රම තුනක් දක්වනු ලබනවා. ඒ දර්ශන පරික්ෂාව, ප්‍රශ්න පරික්ෂාව හා ස්පර්ෂ පරික්ෂාව යනුවෙනි.
අපේ පරපුරේ මී මුත්තාගේ පාරම්පරික වෙදකම විදිහට මට උරුම උනු මේ වේදකම මට තාත්තා දුන්නේ මේන්න මේ ක්‍රම තුන ගැන කියලදීලා. තාත්තගේ ඒ ඉගැන්වීම අනූව රෝගීන් පරික්ෂා කරන කාමරය වෙත එන රෝගියා දකින අවස්ථාව තමයි දර්ශන පරික්ෂාව. මේකෙන් කියවෙනුවේ රෝගියාගේ බාහිර ලක්ෂන වලින් වෙදදුරුට රෝගය ගැන යම් අදහසක් ලබා ගන්න පුලුවන් කියන කාරනය. ඊලගට අවස්ථාව ප්‍රශ්න පරික්ෂාව. මෙහිදී කරනුයේ රෝගියාගෙන් රෝගය ගැන එහි අවස්ථාවන් ගැන ප්ර්ශන ඇසීම. අනෙක් කාරනය වනුයේ රෝගියාගේ නාඩි පර්ක්ෂාව. මේ නාඩි පරික්ෂාවෙන් පස්සේ රෝග පරික්ෂාව ගැන තවත් ක්‍රම දෙකක් උගන්වනවා.
ආයුර්වේදයේ මේ පලමුවෙනි ක්‍රමය. අශ්ඨස්ථාන පරික්ෂාව . මෙතැනදී අට විදිහකට රෝගියා පරික්ෂා කරනවා. ඒ අට විදිහ තමයි නාඩි, ජීවීහ නැතිනම් දිව, මල, මුත්‍ර, කට හඬ, ස්පර්ශ අක්ෂි, ආකෘති හෙවත් ශරීර ප්‍රමානය. අනිත් ක්‍රමය තමයි දස විධි පරික්ෂාව. මේ ක්‍රමය දහය වෙන්නේ දෘශ්‍ය, දේශ, බල, කාල , අනල, ප්‍රකෘති, වයස, සත්ව, සාත්ම්‍ය, ආහර ලෙසටයි.

Dr. MMM Irshad

සමන් දෙවියෝ

සබරගමුවේ ප්‍රධානතම දේව වන්දනාව වන්නේ සමන් දේව වන්දනාවයි. බුදුන් වහන්සේගේ කල ලංකාවේ සිටි දේව ගෝත්‍රික ජන ප්‍රධානියෙකු බවත් බුදු වහන්සේ මයියන්ගනයට වැඩම කල දිනයේ බන අසා සෝවාන් වූ බවත් තෙවන වර ලංකා ගමනේදී සමනල කඳු මුදුනේ සිරිපා සටහන් පිහි‍ටුවා ගත් බවත් ජාන ප්‍රවාදයයි. සුමන ” සමන් ” මහා සුමන යන නම් වලින්ද හඳුන්වන මෙම දෙවියෝ සුදු ඇතෙකු වාහනය කරගෙන ලොව සැරිසරන  බව සදහන්ය. සුමන සමන් දෙවියෝ භෞතික සැප සම්පත් උදා කර දෙන දෙවි කෙනෙකු වන අතර ශ්‍රීපාද වන්දනාවේ සමන් දෙවිආශිර්වදය බැතිමතුන් බලාපොරොත්තු වේ. මැනික්  පතල් කර්මාන්තයද සමන් දෙවිආශිර්වාදය පිලිබඳ විස්වසය තැබූ කර්මාන්තයකි. සමන් දෙවියන්ගේ [ප්‍රධාන දේවාල හතරකි
1. මයියන්ගනය සමන් දේවාලය
2. රත්නපුර සමන් දේවාලය
3.දැරනිය සමන් දේවාලය
4. බොල්තුබේ සමන් දේවාලය
රන්ත්නපුර සමන් දේවාලයේ ස්වර්ණමය යුගය සීතාවක රාජසිංහ සමයයි. සමන් වෙහෙර අංග සම්පූර්න කල රජතුමා ගම් 22ක් නින්දගම් 48ක් හා පිදවිලි ගම් 360 ඇතුලු විශාල වස්තු සම්භාරයක් පූජාකර ඇත. දෙල්ගමුව වෙහෙරෙන් දළඳා සමිදු රත්නපුර සමන් වෙහෙරට වැඩමවා පෙරහැර 11ක් කරවූ බව ද සදහන්ය. දැරනියගල හා බොල්තුඹේ සමන්දේවාලය රාජසිංහ රජතුමා ඉදිකල බව වංශ කථාවල දැක්වේ.

අපේ ක්‍රමවේද….

ඖෂධ ගැන අපේ පරපුරේ මිමුත්තා අනුගමනය කල ප්‍රථිපත්තියක් තියෙනවා. ඒ කෙන් කියන්නේ වෛද්‍යවරයාට පුලුවන් තරම් ඖෂධ හදා ගතයුතු බවයි. තවත් මේ ගැන කියනවානම් වෛද්‍යවරයා නියම කරන ඖෂධ වලින් රෝගියාට දෙන්න ඔනේ මාත්‍රාවත් වෛද්‍යවරයාම බෙදා වෙන් කර දෙන්න ඔනේ කියන එක. මේ හේතුව හින්දා අදටත් යම් යම් ඖෂධ වර්ග අප්ම හදනවා. විශේෂයෙන් පත යම් ප්‍රමාණයකට හිඳුවා තම්බා බොන්න ඔන කෂාය වට්ටෝරු අපි අවශ්‍ය තරමට සකස් කරනවා. ඒ වාගේම කල්ක, බෙහෙත් ගුලි, චූර්න වර්ගත් අපිම හදා ගන්නවා. එලියෙන් කිරලා ගන්න කෂාය පැකට් රෝගීන්ට ගන්න ඉඩ නොදීම අපේ පරපුරේ ප්‍රථිපත්තියක්. අපි එහෙම කරන්නේ ඖෂධ ගුනවත් වෙන්න ඔන හින්දා.
දේශීයව පාවිච්චි කරන ඖෂධ වගේම ඉන්දියාවෙන් ගෙන්වන විශේෂ ඖෂධ වර්ග කිහිපයක් තියෙනවා. මොකද අයුර්වේදයට අනූව අපට ආයුර්වේදය උපන් භාරතය අමතක කරන්න බැහැ. ලෝකයේ වටිනාම, බලගතු ,ඉහල ගුනාත්මක ඖෂධ ඉන්දියාවේ තියෙන බව රහසක් නොවේ. ආයුර්වේදය ලංකාවට දායද උනේ මහා භාරතයෙන් නම් මහා භාරතයේ පින්වත් සෘෂිවරුන් ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ආයුර්වේදය ඉගෙන ගෙන භාරතයෙන් ලොකෙට බෙදා දුන්නා නම්, භාරතයේ ඖෂධ භාවිතයේ වරදක් තියෙන්න බැහැ. මේකට තියෙන අනෙක් හේතුව තමයි භාරතයේ අදටත් හදන ඖෂධ වර්ග අපට හදාගන්න තියෙන අපහසුව. ඒකට හේතුව ඒ ඖෂධ වලට යොදන සමහර විශේෂ අමුද්‍රව්‍ය භාරතයේ විතරක් තිබීම.
ආයුර්වේද ප්‍රථිකාර වල මූලික ලක්ෂන ය තමයි උපාය හතරක් තිබීම. ඒ හතර හඳුන්වන්නේ රෝග සුවකිරීම සදහා රෝගය හදුන ගැනීම, රෝගයට හේතුව සොයා ගැනීම, රෝගය සුව කිරීම, රෝග සුව කිරීමේ උපාය ක්‍රම කියන කාරනා.
මිනිසා සුවපත් කරන ස්වභාවදහමේ විස්මිත දායාදය ආයුර්වේදය කොච්චර විශේෂ වෛද්‍ය  ශාස්ත්‍රයක්ද කියලා මේ විදිහට පැහැදිලි කරන්න පුලුවන්. ඒක තමයි ලෝකයේ තියෙන ගස්, වැල්, මුල්, පොතු සංක්‍යාව කොච්චරද ආයුර්වේදයත් ඒ තරම්ම විශාලයි. ලෝකයේ තියෙන ඒ ගහ කොලවල තියෙන ඖෂධ ගුනය කොච්චර විශාලද , අයුර්වේදයේ තියෙන ඖෂධ ගුනයත් ඒ තරම්ම විශාලයි. මේ ලෝකයේ තියෙන ආකාශ, වායු, පඨවි, ජල, අග්නි පංචමහා බලවේගයන්ගේ බලවන්ත කම කොච්චරද, ආයුර්වේදයේ සුවයත් ඒතරම්ම බලගතුයි. ඒකයි ලෝ පාලක ශක්‍ර දේවේන්ද්‍රයා ආයුර්වේදය නම් ඉපැරනි වෛද්‍ය විද්‍යාව බිහිකලේ.
ආයුර්වේදය කියන්නේ නිරෝගී කෙනෙකුගේ නිරෝගීබව ‍රැකීමයි. ඒ වාගේම රෝග සුව කිරීමයි. ලෝකය දිහා බලන, උනුවන,පඬුපුල් ආසනයේ වැඩ ඉන්න ශක්‍ර දේවේන්ද්‍රයා මේ මනුෂ්‍ය ලෝකේ වෙසෙන ප්‍රානීන්ට දුන්න දායාදය මේ ආයුර්වේදයයි. පින්වත් සෘෂිවරුන්ගෙන් වැඩි දියුනු උනු ඒ ආයුර්වේදය ඉසිවර නුවනින් විමසා බලා රෝග සුවපත් කරන වේදැදුරන් අපි.

Dr mmm irdhad

 

රෝග හා ඖෂධ

බලන්න කියවා මෙන්න මේ ශ්ලෝකය. “ආහාර සම්බවං වාස්තු, රෝගශ්වාහාරා සම්භවං”. මේකෙන් කියන්නේ අද වැඩි දෙනා කරන නරක, අහිතකර පුරුද්දක් ගැන. එනම් වැඩියෙන් ආහාර ගැනීම, අඩුවෙන් ආහාර ගැනීම හා වැරදි ලෙස ආහාර ගැනීම යන කාරණා තුන ගැන.
ජාති, ආගම්, කුලභේද, වංශ පැත්තකට දාලා බැලුවහම අපි ඔක්කොම මිනිස්සු. ඒ අර්ථයෙන් මම කියන්න කැමතියි ශ්‍රීලංකාවේ ජීවත්වෙන මාගේ සියලු නෑයින්ට ඉස්සරලම වැරදි ආහාර රටාවට ආහාර ගැනීමෙන් වලකින්න. දවසකට වතුර ලීටර හයක් බීමෙන් සෞඛ්‍ය පුරුද්ද ඒ විදිහටම කරන්න බැරි උනත් පුලුවන් තරම් පිරිසිදු ඇල් වතුර බොන්න. ඒ තමයි ආයුර්වෙද වෛද්‍ය ක්‍රමය, එහෙමත් නැතිනම් ස්වභාධහමේ වෛද්‍ය නියමය. යම් කෙනෙකු මේ දේ කරනවා නම්, ඒ අය පිලි පඳින්නේ ආයුර්වේදයේ පියා, නිර්මාතෲ ශංක්‍ර දේවෙන්ද්‍රයාගේ ඖෂධ ගුනය.
ශංක්‍ර දේවෙන්ද්‍රයා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය බිහිකලේ “ස්වස්ථයා” අරමුනු කරගෙන මේ ස්වස්ථයා කියලා ශංක්‍ර දේවේන්ද්‍රයා හැදින්නුවේ සමතුලිතව පවතින දෝෂ, දාතු, අග්නිය, මල ක්‍රියා කියන පසිදුරන් හා ආත්මය සහිත පුද්ගලයෙකුට. මෙතැනදී පුද්ගලයෙකුගේ ශරීරය, ශරිර ක්‍රියාකාරකම් කියන කොටස් දෙක හැදිලා තියෙන්නේ වාත්, පිත, සෙම කියන ත්‍රිදෝෂ මුල් කරගෙන කියලයි. ශක්‍ර දේවේන්ද්‍රයා දක්වලා තියෙන්නේ. මේ දෝෂ දාතු හතකට මෙතැනදී බෙදලා තියෙනවා. ඒ මේ විදිහට.
රස, රක්ත, මාංස, මේදස්, අස්ථි මජ්ජා, ශුක්‍ර ඒ හතයි. මේ හත එකක් පසු පස එකක් විදිහට එහෙමත් නැතිනම් අනුපිලිවෙළටයි ක්‍රියාත්මක වෙන්නේ. තවත් කිව්වොත් ආහාර වලින් රසයත්, රසයෙන් රක්තයත්, රක්තයෙන් මාංසත් ලබමින් . මේ විදිහට අනුපිලිවලට එනම් රසයේ ඉදන් ශුක්‍රය දක්වා ධාතු හත ක්‍රියා කරනව, එනම් ඒ උරුමය හිමිඅය කවුරු උනත් නිරෝගී කියලයි මේ ලෝකෙට ආයුර්වේදය බිහිකරපු ශක්‍ර දේවේන්ද්‍රයා කියලා තියෙන්නේ.
දක්ෂ පලපුරුදු වෙදැදුරුකුට නාඩි අල්ලපු ගමන් තියෙන ලෙඩ රෝග මොනවද කියලා දැන ගන්න පුලුවන්. මේ නාඩි , වා, පිත්, සෙම් කියන ත්‍රිදෝෂ ගැන කියනවා. රෝගයක උපත සිද්ධ වෙන්නේ මේ තුන තියෙන්න ඔනේ තත්වයෙන් වෙනස් උනාමයි. වාතයට නාඩිය ගැහෙන්නේ එක ක්‍රමයකට. පිතට නාඩිය ගැහෙන්නේ තවත් ක්‍රමයකට.  සෙම් වලට නාඩිය ගැහෙන්නේ මේ දෙකටම වැඩි වෙනස් ක්‍රමය කට. මේ තුනට අමතරව තවත් තියෙනවා ගර්භ නාඩිය. ඒ ගැබ් ගත් පසු කාන්තාවන්ට උරුම වන විශේෂ නාඩිය. මේ නාඩිය අල්ලපු ගමන් දරු ගැබක් තියෙනවද නැද්ද කියලා කියන්න පුලුවන්.
මේ නාඩි මගින් උගන්වන දෙයක් තියෙනවා. ඒක මේ මහා විශ්වය වගේ විශාලයි. සංකීර්නයි. ගුප්තයි. බලවන්තයි. ඒක එහෙම වෙන්නේ ඒ නාඩි ගැස්ම ඇතුලෙන් කියවෙන කථාව හින්දා. ඒ කථාව තමයි රෝග තියෙනවද නැද්ද කියන කාරනාව. තියෙන රෝග මොනවද, ඒවායේ විශේෂ ලක්ෂන මොනවද කියන දේවල්. ඒවගේම තවත් කාරනා දෙකක් තියෙනවා. ඒ තමයි දෙන්න ඔනේ ඖෂධ වර්ග මොනවද, ඒ කොච්චර කාලයකටද, කියන දේ. ඒ අනූව තමයි ඖෂධ ප්‍රමානය තීරනය වෙන්නේ. සාමාන්‍යයෙන් බෙහෙත් වට්ටෝරු දෙන්නේ දවස්න් හතකට. මෙතැනදී මේ දේත් කියන්න ඔනේ. ඒක වෙනස් වෙනවා. යම් යම් හේතු උඩ. එතකොට දවස් දාහතරකට ඖෂධ ලබා දීමක් කරනවා. එතැනදී ඖෂධ වට්ටෝරුව විශේෂ ඖෂධ වලින් මිශ්‍ර කරනවා.

Dr. MMM Irshad

 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය ගැන…. (2)

ශක්‍ර දේවේන්ද්‍රයා පින්වත් සෘෂිවරුන් පිරිසට ඉගැන්වීමේදී ආයුර්වේදය කොටස් අටකට බෙදුවා. ඒ අට වුනේ කාය චිකිත්සාව, බාල රෝග චිකිත්සාව, ඌර්ධවාංග රෝග චිකිත්සාව, භූත විද්‍යාව, ශල්‍ය විෂ චිකිත්සාව, රසායන සහ වාජීකරන යන අංශ. මේ ශල්‍යචිකිත්සාව ප්‍රමුකව ඉගෙන ගත්තේ පින්වත් ධන්වන්තරී සෘෂිවරයා . මේ සෘෂිවරයාට හිටියා ගෝල නමක්. ඒ සුශ්‍රැතැ. ඔහු ලියපු ග්‍රන්තය උනේ සුශ්‍රැත සංහිතා ශල්‍ය ග්‍රන්තය.
ආයුර්වේද වෙදකම අනූව මිනිස් සිරුර කොටස් තුනකට බෙදනු ලබනවා. ඒ ඌර්ධවාකාය, මධ්‍යකාය, අධෝකාය කියලා. මේ කොටස් තුනට තමයි චිකිත්සාකල යුත්තේ. ඒ සියලු කාය චිකිත්සා ඒ කොටස් තුනට අයිති වෙන හින්දා අපේ මීමුත්තා පරපුරට ඉතිරිකරලා ගිය ලෙඩ රෝග හැදුනම අපේම නෑයෝ සුවපත්කරන වෛද්‍ය විද්‍යාවේ පදනම තමයි මේක. මේ පදනම උඩ අපේ මී මුත්තා තව දෙයක් කයල දීලා තිබුනා. ඒ සාතක චිකිත්සාවක් කරන්න නම් හේතු සූත්‍ර, ලිංග සූත්‍ර, ඖෂධ සූත්‍ර ගැන ලොකු  දෑනුමක් ඔනේ කියන කාරනය. මේක ගැන මී මුත්තා මේ විදිහට තවත් පැහැදිලි කරලා තිබුනා. ඒ මේ විදිහට.
හේතු විවිධ ලෙඩ රෝග නිසා ඇතිවන බව. ව්‍යාධී වේදයට අනුකූලව ඇතිවන රූප හා ලක්ෂන ලිංගවන බව. ඖෂධයනු ප්‍රථිකාර සදහා මතුපිටින් යෝදන ඖෂධ බව එච්චරක් නොවෙයි, ඖෂධ ආහාර විහරන සුදුසු කල්හි, සුදුසු පරිදි, පමන දැන මැනවින් යෙදීමෙන් ප්‍රථිකාරය සාර්ථක වෙන බව. ඒ වගේම දෝෂ ධාතුමල, විංඥානය, ශරීර ශක්තිය, කාල පරිනාමය, අග්නිය, ප්‍රකුර්තිය හා වයස සාත්ම්‍ය. අසාමාභ්‍යතාව, තාත්වික ගුන, පරික්ෂාව සාර්ථක වෙද හෙද කමක් සදහා අනිවාරයෙන්ම කල යුතු බව.
ඒ වගේම මීමුත්තා ඉතුරුකරලා ආරක්ශා කරලා ගිය පැරනි පුස්කොළ පොත කියවද්දී මට හමු වෙච්ච දෙයක්. මේකේ කිය වෙන්නේ   මේවාගේ දෙයක්. එනම් කාලයත් එක්කම විශ්වයේ වෙනස් වීම් වලට හසුවන ජීවීන් ගේ වෙනස් විම් වලට බලපාන දෝෂ ධාතූන්ගේ ස්වභාවයත් බලයත් සම සමව සංසන්දනය කර තර්ක කර විමසා බලා ඇතිකරගත්, ගොඩ නගාගත්, අත්හදා බැලූ ප්‍රත්කාර ක්‍රමයක් මනා සිහිනුවනින් යුතුව භාවිතා කල යුතු බවයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය ගැන…..

මේ කියන්න යන්නේ අපූරු කථාවක්. ඒ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය ගැන. අදටත් බොහෝ දෙනා මොදන්නා ඉතිහාසයක් මේක. මේ ඒ ඉතිහස කථාවයි.
කාලය අදින් අවුරුදු 6000 වැඩියි. ඒ කාලයේ භාරතයේ හිමාලය අදට වඩා බලගතුයි. ප්‍රසිද්ධයි. ඒකට හේතුව උනේ ධාන්‍ය වඩපු සෘෂිවරුන් සිටීම. ඒ අයට තිබුනේ මහා බලයක්. ඒ බලය ලැබුනේ තුන්කල් දක්නා නුවන ලැබීමෙන්. මේ නුවනට කොටස් තුනයි. ඒ අතීත, වර්ථමාන, අනාගත කොටස් තුනයි. ධාන්‍ය වඩලා, තුන්කල් නුවන  ලැබුවෙකුට පුලුවන් මේ ලෝකයේ අතීතය, වර්ථමානය, අනාගතය ගැන කියන්න. එතකොට ඒ ලෝකේ ගහ කොල, සතා සිව්පවා, මිනිසුන් ගැන කියන්න පුලුවන්.
මේ පින්වත් ධාන්‍යලාභීන් සෘෂිවරුන් නුවනුන් දැකපු දෙයක් උනේ මිනිසුන් ලෙසඩ රෝගවලට හසු වීම, එ හේතුවෙන් මිය යෑම කියන කාරනා දෙක. එහෙම උනේ ඒ කාලය වන කොට පැහැදිලි නිශ්චිත ප්‍රථිකාර ක්‍රමයක් තිබුනේ නැති නිසා. මේ සෘෂිවරුන්ට මේ ගැන ඇති උනේ මහා කම්පාවක්. මහා දුකක්. එතැනදී මේ පින්වත් ධාන්‍යලාභී සෘෂිවරුන්ට වැටහුනා මේකට යම් විසදුමක් ඔනේ කියලා. එතැනදී සාකච්චාවක් ඇති උනා. ඒකේ අවසාන තීරනය උනේ ශක්‍ර දේවේද්‍රයා හමුවී විසදුමක් ඉල්ලා සිටීම. එතැනදී කිහිප දෙනෙක් ශක්‍රදේවේන්ද්‍රයා හමුවන්න තීරනය කලා.
මේ කන්ඩායමේ නායකත්වය දැරුවේ පින්වත් භාරද්වාජ සෘෂිවරයා. පින්වත් පිරිස ගිහින් ශක්‍රයා හමු උනා. කාරනය සැලකලා. පිලියමක් ඉල්ලා සිටියා. මේ කථාවට ඇහුම් කන් දීගෙන හිටපු ශක්‍රදේවේන්ද්‍රයා තමන්ගේ නුවනින් මේ ගැන සොයා බැලුවා. එතැනදී තමයි මේ අපූරු දේ සිදු උනේ.
ශක්‍රදේවේන්ද්‍රයා ඒ වෙන කොට එක් විශේෂ ශිල්ප ශාස්ත්‍රයක් හදාරලයි තිබුනේ. ඒ යම් දෙයක් හේතුවෙන් ඇති වෙන හානිය අවම කරලා දීර්ඝ කලයක් ජීවිතය පවත්වාගෙන යෑමේ විෂය ක්‍රමය හෙවත් විද්‍යාව. මේ ක්‍රමයට කියපු අනික් නම තමයි ආයුබල වැඩීම . තමන් ප්‍රගුන  කරපු මේ විෂය තුලින් මේ මිනිසුන්ට පිහිටක් වෙන්න පුලුවන් කියලා ශක්‍රයට තේරුම් ගියා. ඊලගට කලේ තමන්ගේ විද්‍යව භාරද්වාජ සෘෂිවරයා ඇතුලු පිරිසට ඉගැන්වීම.
මේ පිරිස අතර හිටියා අතිශය බුද්ධිමතෙක්. එ සෘෂි පුනර්වසු මේ ඉගන ගත්තු විද්‍යාව අග්නිවේෂ , භේල, ජතුකර්ම, පරාශර , භාරීත කෂාරපානී යන ගෝලයන්ට ඉගැන්නුවා. මේ සෘෂිවරුන් අතර හිටියා තවත් දක්ෂයෙක්. ඒ සෘෂි අග්නිවේෂ. මේ පින්වත් සෘෂි ලිව්වා අග්නිවේෂ සංහිතාව . මේක තියෙන්නේ යම් දෙයක් නොවැලදීමත්, වැලඳුනු යම් දෙය ඉවත් කිරීම යන ක්‍රමය. මේ යම් දෙය තමයි ලෙඩ රෝග.   ඒ තමයි ලෙඩ රෝග ගැන ලියවුනු මුල්ම සටහන් ගොන්න. මුල්ම ගෝල වෛද්‍යවරුන්. පස්සේ කාලෙක මේ සටහන් ගොන්න චරක සෘෂි නැවත වරක් සකස් කලා. ඒ කෙන් ඇති උනා ග්‍රන්තයක්. ඒ කට නම් දැම්මේ “චරක සංහිතාව” කියලා. මේන්න මේ චරක සංහිතාව හෙවත් ආයුබල ලැබීම , ආයු බල බෝහෝ සෙයින් ලැබීම කියන විද්‍යාව ග්‍රන්තය  තමයි පින්වත් භාරද්වාජ සෘෂිවරයා ඇතුලු සෘෂිවරුන්ට සක්‍රදේවේන්ද්‍රයා ඉ ගැන්වූ වේදකම නැත්නම් වෛද්‍ය සාශ්ත්‍රය. ඒකට කියපු නම තමයි “ආයුර්වේද වෛද්‍ය විද්‍යාව” කියලා කියන්නේ. මේකථාවෙන් කිය වෙන්නේ ආයුර්වේදයේ නිර්මාතෲ නැත්නම් පියා වෙන්නේ සක්‍රදේවේන්ද්‍රයා කියන එකයි. ආයුර්වේදයේ ඉපදුනු කථාව ඔන්න ඔකයි.

Dr. MMM Irshad

වෛද්‍ය අල්හාජ් එම් එම් එම් ඉර්ෂාඩ් නම් මහා වෙදැදුරු තුමා.

ආරාබි වෙදකමත්, ආයුර්වේද වෙදකමත්. සිංහල වේදකමත් හදාරා මිශ්‍රකර පර්යේෂණ සහ ප්‍රතිකාර ක්‍රම මගින් බිහිකල සාර්ථක වෙද හෙදකම් රෝගීන් සුවපත් කරන පාරම්පරික වෛද්‍ය අල්හාජ් එම් එම් එම් ඉර්ෂාඩ් නම් මුසල්මානි මහා වෙදැදුරු පිලිබද මව්බිම හරියටම පුරා වසර දෙකක් තොරතුරු සොයා බැලීමක යෙදිණි.
එම කාලයේ පෞද්ගලික ප්‍රථිකාර මෙන්ම ප්‍රතිකාර ගනු ලැබූවන් ගැන පසු විපරමක යෙදෙමින් සාක්ෂාත් කර ගනු ලැබූ තොරතුරු මත පිහිටා මෙම මහා වෙදැදුරු ඔබට හඳුන්වා දෙන්නට මව්බිම ගන්නා උත්සාහය මත ඔබට මහා වෙදැදුරු සතියේ දින 6ක් අවිස්සවේල්ල තල්දූව පාරම්පරික ඖෂධාලයේදීති සිකුරාදා දින පමනක් රත්න පුර ධර්මපාල මාවතේ අංක 8 හි පාරම්පරික ඖෂධාලයේදීත් හමුවිය හැකිය.
මගේ මීමුත්තා දක්ෂ වෙදදුරෙක් . ඒ දක්ෂ කමට එකතු වෙච්ච දෙයක් තිබුණා. ඒ අත්දැකීම්. ඉස්සර වෛද්‍යවරු බෙහෙත් කලේ අවට පරිසර සාධකත් එක්ක. ඒ වෙද ක්‍රමය ඇතුලේ තිබුනා දවසේ කාලනියමයන්. ඒ උදේ, දවල්, සවස, රාත්‍රී කියලා. මැදියම පෙරයම ඒකට ඇතුලත්.
පැරණි වේද පරපුරේ වෛද්‍ය ක්‍රමය එක්ක බැඳිලා තිබුනු දෙයල් තමයි විශ්වයේ රටාව. ඒ රටාවට ඉර, හඳ, තරු වගේම නැකත් රටා ඇතුලත් උනා. මේක තමයි මේ පොලවේ, ගස් වැල් , මල්, පොතු, මුල් වලින් පෙරලා හින්ඳලා ගන්න බෙහෙත් සාරය. මේ බෙහෙත්වල කිසි වසක් නෑ. විසක් නෑ. පොලවට සම්බන්ද වෙච්ච පැලෑටියක, ගසක, මුල් පද්ධතිය මේ පොලවේ සාරය උරා ගෙන ගස්වලට ලබා දෙනවා. අද පස්පංගුව, දස පංගුව කියලා කොටස් කරල තියෙන්නේ මෙන්න මේ ස්වභාදහමේ ඖෂධීය සාරය. නමුත් ඇත්ත කථාව ස්වභාදහමේ ඖෂධීය ගුනය මේ වගේ පංගුවලට බෙදන්න බෑ.
මගේ මී මුත්තා පලමු වැනි සීතාවක රාජසිංහ රජුගේ බිසවට ප්‍රථිකාර කලේ මේ හෙලබිමේ ඖෂධ වර්ග යොදා ගෙන. අරාබි වේදකමයි දේශීය ඖෂධ වර්ගයි එකිනෙකට පෑහුනා. ඒ තමයි වෙදකමේ හාස්කම.
මීමුත්තාගේ ප්‍රථිකාර වලින් රජ බිසව සනීප උනා. රජ බිසව අවුරුදු ගනනක් වින්ඳ දුක් පීඩා වලින් නිදහස් උනා. පලමු වැනි සීතාවක රාජසිංහ රජුට සතුටක් දැනුනා. අපේ පරපුරේ ලියවෙලා තියෙන රාජකීය කථාවට අනූව රජතුමා මී මුත්තාගෙන් ඉල්ලිමක් කරලා තියෙනවා. ඒ ආපහු මීමුත්තාගේ මව් රටට, අරාබියට නොගිහින් ලංකෑඅ පදිංචි වෙලා ලංකාවේ රෝගීන් සුවපත් කරන එක. මී මුත්තාට රජුගේ මේ ඉල්ලිම අහක දාන්න බැරි උනා. මී මුත්තා කැමැත්ත දුන්නා.
එතැනදී රජතුමා මෙහෙම දෙයක් කරල තියෙනවා. ඒ කාලෙත් අද වගේම තමයි. සිංහල කාන්තාවෝ ඉතා රූමත්. මේ කථාව රාහුල හාමුදුරුවෝත් වදාරලා තියනවා. අපේ සිංහල සංදේශ කාව්‍ය ඒකට හොද උදාහරන සපයනවා. එතැනදී රජතුමා ලස්සන සිංහල කාන්තාවන් ගොඩක් දෙනා ගෙන්නලා තියෙනවා. ඒකාලේ සිංහල කාන්තාවන්ට උරුම ඇඳුමින් පැලදුමින් සරසවලා පෙරහරකින් තමයි ගෙන්නාලා තියෙන්නේ. රාජ සභාවට ගෙන්නපු මේ සිංහල කාන්තාවෝ මගේ මී මුත්තාට මුන ගස්සලා තියනවා. එහෙම කරලා රජතුමා කියලා තියෙනවා කැමති ස්ත්‍රියක් වෙත් නම් කියන්න . රජතුමා සරණ මංගල්ලය කරන්නම් කියලා. මේ රජතුමාගේ ඉල්ලීමක් විතරක්ම උනේ නැහැ. රාජ අනක් වෙලා තිබුනා.
පරම්පරා ගත තොරතුරු අනූව මී මුත්තා ඒ වෙන කොට සරණ බන්දනයකට ඇතුලත් වෙලා ඉදලා නැහැ. රජතුමාගේ තීරනයට ගරු කරලා මී මුත්තා ඒක් සිංගල කාන්තාවකට කැමැත්ත දීලා තියෙනවා. එතැනදී රජතුමා ඒ කාන්තාවගේ කැමැත්තත් බලලා සරණ මංගල්ලය කරලාදීලා තියෙනවා. තොරතුරු වල හැටියට ඒ මංගල්ලය රාජකීය විදිහට තිබිලා තියෙනවා.
රජතුමා මේ නව යුවලට තෑගි විඳිහට සන්නස් පත්‍රයක් පිරිනමලා තියෙනවා.  ඒ දැන් මේ ඉන්න තල්දූව ප්‍රදේශයෙන් ඉඩකඩන් විශාල ප්‍රමානයක්. මේ ඉඩ කඩන් පිරිනමපු සන්නස අද නුවර දලඳා මාලිගවේ ආරක්ශා කරලා තියෙනවා. එතැනදී රජතුමා තවත් දෙයක් කරල තියෙනවා. ඒ තමයි අරාබිජාතික මගේ මී මුත්තාට රාජකීය පෙලපත් නාමයක් ලබා දීම. ඒ විදිහට ලබා දුන්න පෙලපත් නාමය උනේ සිංහල නාමයක් . ඒ තමයි “රාජ්‍ය වෛද්‍යසේකර දූවේගොඩ රණසිංහ මුදුයන්සේලාගේ” කියන සිංහල පෙළපත් නාමය.
මේ මුසල්මානී අපට ” මරක්කල” කියන නම ලැබුනේ ලාංකාවෙන්මයි. අපේ අය ලංකාවට ආවේ වෙළඳාමට. ඒ ආපු ගමනේදී තමයි මේ දේ උනේ. මේකථාවත් එක්කම තවත් ලංස්සන කථාවක් තියෙනවා. ඒකථාව මෙහෙමයි.
රජතුමාට මාරක අපලයක් තිබිලා තියෙනවා. ඔය අතරෙදි රජතුමා මේ අපලෙන් බේරා ගන්න හදපු කට්ටිය අතරේ අපේ මුස්ල්මානි කාන්තාවකුත් ඉදලා තියෙනවා. එතැනදී ඒ කාන්තාව රජතුමාට තිබිච්ච මාරක අපලෙන් බේරගෙන තියෙනවා. රජතුමා බේරලා දුන්නට ඒ කාන්තාවට බෙරෙන්න බැරිවෙලා තියෙනවා. ඒයා මැරිලා තියෙනවා. රජ්ජුරුවන්ට තමන් බේරුන හින්දා සතු‍ටුයි. ඒ උනාට තමන්ගේ ජීවිතේ බේරපු මේ මුසල්මානි කාන්තාව මැරුණ හින්දා දුක හිතිලා තියෙනවා. එතෙනදී ඒ කාන්තාවගේ ඇගෙන් ගිය ලේ වලින් ටිකක් අතට අරගෙන රජතුමා ඇගේ ගාගෙන තියෙනවා. ඒ ගෞරවයක් විදිහට. ඒ විදිහට ගාගත්තු රජතුමාට එකපාරටම කියවිලා තියෙනවා “මාර උකු ලේ” කියලා. ඊට පස්සේ තමයි මුසල්මානි අපේ පරපුරට “මරක්කල” කියලා නම හැදිලා තියෙන්නේ.
-මව්බිම පුවත් පතින් උපුටා ගන්නා ලදී..
=========================
මේතැනදීත් රජතුමා අපේ අයට තෑගී දීලා තියෙනවා. හැබැයි අපේ අය ඒවා බාරාරගෙන නැහැ. ඊලගට රජතුමා මෙහෙම කියලා තියෙනවා.උඹලා අඩු කුලේ අය කියලා. ඒ උනාට  කමක් නැහැ. මන් දැන් ගෙන්වනවා. රෝඩී කුලේ ගෑනුයි, රජ පරපුරේ ගෑනුයි. එකම විඳිහට ඇඳුම් ඇන්දවලා. උඹලා නැමති ගෑනු ‍තෝරා ගනිල්ලා කියලා. එතැනදී ඒකට කැමති වෙච්ච අපේ අය රජ පවුලෙ කාන්තාවෝ කසාද බැදගෙන ලංකාවේම ජීවත් වෙන්න තීන්දු කරලා තියෙනවා. එතැනදීත් රජ්ජුරුවෝ සිංහල පෙල පත් නම් දීලා තියෙනවා. අදටත් ඒ නම් එහෙමම තියෙන පරපුර ඉන්නවා. ඒ නම් තමයි කළුලියන ලේකම්ලාගේ යුහුස් ලෙබ්බේ අබ්දුල් හව්සර් රාජ  වෛද්‍ය මොහන්දිරම් පලේ කුඹුරේ වෛද්‍යතිලක, රාජකරුනා ගෝපාල මුදියන්සේලාගේ තවු‍ෆික්, වාගේ නම් මේ තල්දූවේ විතරක් නෙමේ ගල්ල, වැලිගම, වාගේ පලාත්වල  මේ නම් තියෙන අය අදටත් පදිංචිවෙලා ඉන්නවා.
මේ තමයි අපේ පරපුරේ අනෙක් කථාව. මේ කථාව වගේම අපේ වෙදකමත් අදටත් ප්‍රසිද්ධයි. පිටරටවල විශේෂයෙන්ම අදටත් අරාබියේත් වාගේම මාලදිවයිනෙත් මංගාවට ඇවිත් බෙහෙත් ගන්න රෝගීන් ඉන්නවා.
පරපුරේ වෛද්‍ය ක්‍රමය වෙන්නේ සර්වාංග රෝගීන්ට ප්‍රථිකාර කිරීම. ඒ සර්වාංග රෝගයන් අතර තියෙනවා විශේෂ රෝග කිහිපයක්. ඒ ආතරයිටීස්, අංශභාග, මුත්‍රා ගල්, දරුපල ලාබාදීම්, ඉත්‍රී රෝග, පීනස, ඇඳුම, වාත රෝග, ලමා රෝග, රුධිර පීඩනය, අර්ශෂ්, සේංගමාලය, දියවැඩියාව වාගේ රෝග කිහිපයක්.
බටහිර වෙදකමට වැඩිය මේ සිංහල වෛද්‍යක්‍රමය වෙනස්. බටහිර වේදකමේ යන්නේ නියමිත ක්‍රමයට එක පිලිවෙලකට හැඩ ගැහුනු වෛද්‍ය ප්‍රථිකාර ක්‍රමයක්. නමුත් සිංහල ආයුර්වේද ක්‍රම එතැනදී ගන්නේ වෙනස් ක්‍රමයක්. අනිත් කාරනය තමයි බටහිර වේදකමේ වාගේ සිංහල ආයුර්වේද ක්‍රමය ඇතුලේ තියෙන්නේ බෙහෙත් වර්ග විතරක් වීම. මේ බෙහෙත් වලට පිටින් කිසිම අමතර දෙයක් එකතුකරලා නැහැ. ඒක තමයි පරම්පරික වෛද්‍ය ක්‍රමයේ තියෙන විශේෂ ලක්ෂනය. ඒ අතුරු ආබාධ නොමැතිවීම. රෝගයට අදාල බෙහෙත විතරක් දීමට තියෙන හැකියාව. රෝගයේ මුල හොයා ගෙන ගිහින් මුලින්ම උදුරලා දැමීම. අතුරු ආබාද නොමැති වීම .
පාරම්පරික ක්‍රමයේ තියෙන විශේෂ ප්‍රථිකාර ක්‍රමය තමයි “යෝග ක්ෂාය” රෝගියාට ලබා දීම. රෝගියෙකුට ඇති වෙච්ච අසනීපයකදී රෝගියා පරීක්ෂා කරලා ඒ රෝගයට අදාල ඖෂධ හොයලා බලලා යෝග කරලා රොගියාට ලබා දීම තමයි මෙතැනදී කරන්නේ. මෙතැනදී කලින් හදලා තියා ගත්ත බෙහෙත් වර්ග මොනවත් දෙන්නේ නැහැ. එවලේ බොහෙත් හොයල ඒ වෙලාවෙම රෝගියාට ලබා දෙනවා. මේ ප්‍රථිකාර ක්‍රමය තමයි අදටත් අපි කරගෙන යන්නේ.
මේ යෝග කියන්නේ මිශ්‍ර කිරීම. හඳුනගත්තු රෝගයට ගැලපෙන විඳිහට ඒ ඒ ඖෂධ වර්ග මිශ්‍රකරලා අවශ්‍ය ප්‍රමාන වලින් රෝගියාට ලබා දීම.
මේ ප්‍රථිකාර ක්‍රමයට අමතරව තවත් තියෙනවා වට්ටෝරු කෂාය. මේ වට්ටෝරු කෂාය වලට කියන්නේ “ශ්ලෝක” කියලා. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රථිකාර ක්‍රමය තියෙන්නේ ශ්ලෝකවලින්. රෝගියා ගැන විස්තර , රෝගය, රෝග ලක්ෂන , ප්‍රථිකාර ක්‍රම, ප්‍රථිකාර කරන්න ඔන විදිහ මේ ශ්ලෝකවල තියෙනවා. මෙතැනදී රෝගියාට දෙන්නේ ශ්ලෝක කෂාය. ඒ කියන්නේ වට්ටෝරු කෂාය. මෙතැනදී අමතක කරන්න හොද නැහැ ඔනම රෝගයකට මේ යෝග ක්ෂායන් , වට්ටෝරු කෂායෙන් ප්‍රථිකාර තියෙනවා කියන කාරනය. දක්ෂ පලපුරුදු අත්දැකීම් තියෙන වෛද්‍යවරුන්ගෙ  යුතුකම වගකීම වන්නේ තමන් ලගට ප්‍රථිකාර ගන්න ආපු රෝගියා පරික්ෂා කරලා රෝගියාට දෙන්න ඔනේ වෙන්නේ මොන කෂයද කියන එක තීර්නය කිරීම. ඒ තීරනය වෙන්නේ යෝග කෂාය දිය යුතු රෝගියාට යෝග කෂාය ලබා දීම. වට්ටෝරු කෂාය දිය යුතු රෝගියාට වට්ටෝරු කෂාය ලබා දීම. වට්ටෝරු කෂාය දෙන්න ඔනේ රෝගියාට යෝග කෂායත් යෝග කෂාය දෙන්න ඔනේ රෝගියාට වට්ටෝරු කෂාය දීමත් වැරදී වෛද්‍ය ප්‍රථිකාරයක්.
දක්ෂ පල පුරුදු වෛද්‍ය වරයා ඉස්සේල්ලම කරන්නේ රෝගියාගේ නාඩිබලන එක. මේ නාඩි බැලීමෙන් වෛද්‍ය වරුන්ට රෝගය ගැන සම්පූර්න වාර්ථාවක් ලැබෙනවා. ඒ වාර්ථාව ලැබෙන කොටම ඒ වාර්ථාවේ තියෙන ලෙඩ රෝග මොනවද කියලා වෛද්‍ය වරයට දැන ගන්න පුලුවන්. ඒ වගේම තමයි රෝගයේ ඉතිහාසය, රෝගය ආරම්භ උනේ කොහොමද තියෙන රෝගයේ අමාරුකම් , රෝගය ඉදිරියට අඩු වැඩි වෙන හැටි. රෝගය හින්දා ජීවිතය තියෙන අනතුරු දායක තත්වය ගැන වැටහීමක් වෛද්‍යවරයාට ලැබෙනවා. වෛද්‍ය වරයාට දැන ගන්න ලැබෙන ඒ තොරතුරු එක්කම ඒ රෝගයට සම්බන්ද ශ්ලෝකය වෛද්‍යවරයාට මතක් වෙනවා.
ඒ මතක් වෙන ශ්ලෝකයේ තමයි සම්පූර්න ප්‍රථිකාර ක්‍රමය තියෙන්නේ. මේ හැම දෙයක්ම මම කටපාඩම් කරගෙනයි තියෙන්නේ. ඒවාගේම තමයි මම හැම තිස්සේම මගේ ලග තියෙන රෝග ප්‍රථිකාර ගැන ලියපු පුස්කොල වෛද්‍ය පොත් බලන එක. මෙතැනදී මම මෙහෙම දේකුත් කරනවා. රෝගියාගේ නාඩි අල්ලලා බලලා රෝග විස්තරය කියලා. පුස්කොල පොත අරගෙන ඒ ගැන තියෙන ශ්ලෝකයක් කියලා දෙනවා. මම එහෙම කරන්නේ  එක හේතුවක් උඩ. ඒ මම බෙහෙත් දෙන්නේ රෝගියාගේ ඇගට විතරක් නොවන හින්දා. මම  රෝගියාගේ මනසත් සුවපත් කරනවා.
එක පාරක් මංගාවට ආවා වයස් ගත රෝගියෙක්. ඒ රෝගියාට තිබුනේ වාත රෝගයක්. ඒක විශේෂ උනේ ඇගේ පැත්තක් පන නැති වාත රෝගයක් උනු හින්දා. මම ලෙඩේ අඳුන ගත්තා. ඒ ලෙඩේට ඔනෑ කරන ශ්ලෝකය මතක් උනා. මම ඒ ශ්ලෝකය ඒ වයස්ගත රෝගියාට ඇහෙන්න කීවා. කියලා ඒකේ සිංහල තේරුමත් කියල දුන්නා. මං දැන ගත්තා ඒ වෙලාවේ රෝගියාගේ සිතට ඒක සනීපයක් කියලා. මං හිතුවා වගේම රෝගියාත් ඒ දේම කිව්වා. මේ තමයින් ඒ රෝගයට අදාල එක් ශ්ලෝකයක්.
දත්ති මුලා, බලා සන්ත්‍රි , කෝරන්දයි, දේවදාරුභී.  මේ ශ්ලෝකයේ තියෙන්නේ බෙහෙත් වර්ග. ඒ දැත්ත අල , බැබිල මුල්, දේවදාර වාගේ ඖෂධ. මේ ශ්ලෝකවලට තියෙනවා. ඒ ඒ රෝගයට, රෝගියාගේ වයස අනූව , දෙන්න ඔනේ බෙහෙත් ප්‍රමානයන්.
මාත්‍රාවක් හොඳ වෛද්‍යවරයෙකුට කවදාවත් ඒ වෛද්‍ය නියමයෙන් පිටට පනින්න බෑ. ඒ වගේම තමයි බෙහෙත්වලට එකතු කර ගන්න ඔනෑ ඖෂධීය ගුනය තියෙන ද්‍රව්‍ය එයින් එකක් තමයි “මධුමෝ ප්‍රනීතං” කියන ශ්ලෝකය . මෙකෙන් කියන්නේ මීපැනි ගන්න කියලා.
රෝගියයි වෛද්‍ය වරයයි අතර තියෙන්න ඔන හොඳ බැදීමක්. හොඳ සම්බන්දයක්. ඒ සම්බන්දය ඇති වෙන්නේ ස්පර්ෂයෙන්. සමට සම ස්පර්ශ වෙන්න ඔන. ඒක කරන්න පුලුවන් එකම ක්‍රමය, සාර්ථක ක්‍රමය තමයි රෝගියාගේ අතේ නාඩි ගැස්ම වෛද්‍ය වරයාගේ ඇගිලි වලින් අල්ලලා බැලීම. මෙතැනදී වෛද්‍ය වරයා රෝගියාත් සම හරහා ස්පර්ශ වෙනවා. රෝගියාගේ ඇග ඇතුලේ සම්පූර්න විස්තරය වෛද්‍ය වරයාට ලැබෙනවා.
මේ බැදීමට කියන්නේ ආත්මීය බැඳීමක් කියලා. එතැනදී වෛද්‍යවරයාට දැනෙන හැගීම වෙන්නේ මේ රෝගියා මගේ කෙනෙක් කියලා. පවිලේ නෑයෙක් , ලේ නෑයෙක් කියලා. ඒකතමයි අපේ පරපුරේ නාඩි ශාස්ත්‍ර වෙදකමේ අර්ථය. මූලධර්මය. පදනම. ඒක හරියට අම්මගේ කුස ඇතුලේ ඉන්න දරුවයි, අම්මයි අතර තියෙන බැදීම වාගෙයි.ඒ තමයි  පෙකිණිවැලේ බැඳිම. නෑදෑ කමට අපේ වෙද පරපුරේ බැදීමත් එකම තමයි. වෛද්‍යවරයා, රෝගියාත් අතර මේ කියපු බැදීමට වැඩිය වෙන බැඳීමක් තවත් තියෙනවද. නෑ.. ලෝකේ කොහේවත් නෑ. අන්න ඒ හින්දා තමයි අපේ පරපුර පාරම්පරික වෛද්‍ය ක්‍රමය. එහෙම නැත්නම් මේ විශ්වයේ ස්වභාදහමේ නුමුහුන් සාරයෙන් හඳපු ඖෂධ ලබා දෙන වෙද හෙදකම කරන්නේ.
-මව්බිම පුවත් පතින් උපුටා ගන්නා ලදී..