Monthly Archives: January 2017

හන්දිපත් රුදාව ගැන සෘෂිවරුන් කිව්වේ මෙහෙමයි…. 3

සංඳිවේදනා හට ගැනීමේ හේතූන් අතර එක් මූලික හේතුවක් දැක්වේ. එනම් සමෙහි යට සිවිවල අධික ද්‍රව ඇති වීමයි. මෙසේ වීමටද ප්‍රධාන හේතුවක් තිබේ. එම හේතුව අවස්ථා පහත දක්වයි. ඒ තදබල ලෙස ඇතිවන්නා වූ  හෘදයාබාධ , වකුගඩු, ශොථය , ශිරා ගුටිකා රෝගය, ලකද්චන  ශෝථය ගර්භනී අවස්ථා වන් හිදී ඇතිවන විශවීම සහ නීරාහාර වීම යන අවස්ථානුවයි.
ආමාවාතය සහ වාතරක්ථය ඇතිකරන සංඳිරුදාවේ, ආමවාත සංඳිරුදාව බහුලව ඇති වන්නේ දනිස් සංඳිය වැනි විශාල සංඳිවලයි. මෙහිදී ඇතිවන එම වේදනාව සංදියෙන් සංදියට ගමන් කිරීම විශේෂ ලක්ෂනයක් සේ හඳුන්වා තිබේ. මෙසේ ඇති කරන සංදිරුදාව, අභ්‍යන්තර මෙන්ම බාහිරව හෘදය ධාරා කලාවන්ගේ ප්‍රධාහයන් ඇති කරනු ලබයි.
ආයුර්වේද මතය මෙම තත්වය මනාව පැහැදිලි කර තිබේ. ඒ ආම හෙවත් නොදිරවූ ආහාර මත සංදිරුදාව ඇති වන බවයි. ශරීරයේ සංදීස්ථාන වල පිහිටා තිබෙන ශ්ලේෂ්ම ධාරා කලා සහ ස්නායු ප්‍රධාහය කර සංඳි ස්ථානයෙහි ශ්‍රාව්‍ය ඇති කරයි. එවිට ඇතිවනුයේ වේදනාවයි. ශෝථයයි.
මෙම රෝගා බාධයබොහෝ රෝගීන් කෙරෙහි අහිතකරව් බලපායි. එම තත්වය තුල හෘදය ධාරා කලාවන්ගේ ප්‍රධහයන් ඇති වෙයි. සමහර අවස්ථාවන් හිදී පුප්පුෂධාරා කාලාවන්ගේද ප්‍රදාහය ඇති වෙයි. හෘදය පේෂීන්ගේ ආබාධ ඇතිවේ. මෙම ආමවාත රෝග තත්වය ඇතිවීමට පෙර පූර්ව රූප පහල වෙයි. ඒ යටතේ උගුරේ ප්‍රධාහයන් හට ගනී. එම තත්වය ඉක්මගිය දින 10ක් තුල රෝගියාට සංඳීන්ගේ රුදාවක් දැනෙන්නට ගනී. ඇතිවන මෙම රුදාව ශරීරයේ සෑම සංඳියක් සංඳියක් පාසාම පැතිර යයි. මෙහිදී විශේෂයක් තිබේ. එක් දිනක එක් සංඳිරුදාවක හට ගන්නා සංඳිරුදාව සුව වී ඊට පසුදින වෙනස් සංදිය ස්ථනයක එම සංඳිරුදාව හට ගනී. මෙම ආකාරයට ඇතිවන මෙම රුදාව ඉතා සුළු වේදනාවක් ගෙන දෙනු ලබයි. එම තත්වයබරපතල ලෙස නොසැලකීම ගැබුරු වේදනාකාරී තත්වයකට මුල පුරන්නට සමත් වෙයි.
සංඳි රුදාව ඇතිවූ විට සිදුවනු යේ මොනවාද? එවිට බොහෝ දේ සිදුවේ. එම සිදුවන බොහෝ දේ ඉතා අමිහිරි බවක් ගෙන දේ. මේයටතේ විශාල සංඳිස්ථාන පීඩිත වෙයි.  ඉදිමෙයි. රක්ත වර්නයට හැරෙයි. උනුසුම් වෙයි. අධික වේදනා ගෙන දෙයි. මෙහි අතුරු උපංද්‍රවයක්ද තිබේ. එනම් ජ්වරය හට ගැනීමයි. ඒ සමගින් අධිකව දහදිය ද  දමයි. මෙසේ ඇති වන්නාවූ දහදිය අධික   දුගදකින් යුතුවෙයි. මෙහිදී රෝගියාගේ සමමතුපිටට ශරීර අභ්‍යන්තරයේ පිහිටියා වූ ද්‍රව ගලා යයි. එවිට පාන්ඩු රෝග ලක්ෂන පෙන්නුම් කරයි. දිවද ආබාදිත වෙයි. එය අපිරිසිදු බවකින් වැසුනාක් මෙන් වන දැනීමයි. මෙම අවස්ථාවන් නොසලකා සීටිම තුල කලගත වීමෙන් සුළු ප්‍රමානයක හතියක්ද ඇති වෙයි.
දෝෂයන් කෝපවීමෙන් ඇති වන්නාවූ සංඳිරුදාව තෙවර්ගයකට දැක්වෙයි. එනම් ආමවාත සංඳිරුදාව, ආහාර දෝෂ සංඳි රුදාව සහ වාතරක්ත සංඳිරුදාව යනුවෙනුයි. මෙහිදී දෝෂකපයෙන් හටගන්නා වූ ආමවාත සංඳිරුදාවට ද්වේශ සමනය කල යුතුයි. ආකාරදඔෂ සංඳි රුදාවට දීපන පාචනකම් කල යුතුයි.
වාත රක්තයෙන් හටගන්නාවූ සංඳි රුදාව ඇතිවනුයේ ඇගිලි පුරුකක් වැනි කුඩා ස්ථාන වලයි. එහිදී සමෙහි පැලීමක් දක්නය්ට නොලැබෙයි. සංඳි ඉදිමෙයි. අරුචිය වැඩෙයි. පපුවේදාහය හට ගනී. මල බද්ධය වැඩෙයි. ජ්වර තාපයද හට ගනී. මෙම තත්වයේ රෝග ලක්ෂන වනුයේ සංඳිවල වේදනවක් නොදැනීමයි. වාත රක්ත සංඳි රුදාවේදී ප්‍රධාන වනුයේ පෙරිමැස්ටියම් නම් අස්ථි සම්බන්ද කලාමයයි. මෙම තත්වයට හේතූන් ලෙස අධික ලුනු මිරිස්, අච්චාරු වැනි අහිතකර ආහාර ගැනීම බලපායි.

හන්දිපත් රුදාව ගැන සෘෂිවරුන් කිව්වේ මෙහෙමයි…. 2

සුශ්‍රැත සංහිතාව දක්වන සටහනක් පිලිබඳවද විමසීම වටී. ඒ අනූව, අර්ශස් ග්‍රහනි, වාත රක්ත මහා රෝග ලෙස වන හැදින්වීමයි. මෙහිදී වාත රක්ත රෝගය සුශ්‍රැත සංහිතාවෙහි හැදින්වනු යේ වාත ව්‍යාධි යන නමිනුයි. එහිදීම මෙම රෝගය සහජ රෝග ලෙසට දක්වා තිබේ. මෙය යාපත්‍යයි නිතර නිතර ප්‍රථිකාර ගනිමින් පාලනය කල යුතුයි. එහිදී ජීවිතය ‍රැකෙයි. එසේ නොවීම තුල විවිධ උපංද්‍රව ඇති වෙයි. ජීවිතය නැසී යයි. රෝගය හඳුනා නිසි ප්‍රථිකාර නොලැබීමෙන් රෝග ලක්ෂන උග්‍රවෙයි. එසේ උග්‍රවීම තුල එනම් ඖෂධ, ආහාර විහරන නිවැරදිව නොගැනීම තුල ආමය සංධිගත ව පැතිරෙයි. එය සංධිගත වාත රෝගය ඇති කරවයි.
ආමය සම්බන්ද විශේෂ මතයක් දක්වා තිබේ. ඒ ආමය, හෘදය සහ සංධිත් ආශ්‍රය කරන බවයි. මෙය විශේෂ ඉගැන්වීමක් ලෙසට දක්වා තිබේ. එම විශේෂය තුල වන සෘෂිවර ශ්ලෝකය මෙසේ කියයි. ආමංතු විෂ මුච්‍යතේ. මෙයින් කියනුයේ හෘදය ඇසුරු කරන ආමය විසජ ආමය නම් ගන්නා බවයි. මෙම ආමා විෂ නම් හෘදය ආසාදනය කරන ආසාධිතයා ලෙස එය හදුන්වයි.
වඩා වැදගත් අවස්ථාවක් මෙහිදී දැක්විය හැකියි. ඒ සංධිවාත රෝගය ඇතිවන අවස්ථාවක් පිලිබඳවයි. සෙම් ගෙඩි ප්‍රදාහයට,  ආමවාතයට කිටීහයට, අතීසාරයට, මලබද්ධයට නිසි ලෙස ප්‍රථිකාර නොකිරීම තුල ආමය දිගුකාලීනව පැතිරෙයි. එය ක්‍රමානුකූලව අස්ථි සහ සංධිගතව පැතිරෙයි. මෙම තත්වය තුල ජථරාග්නිය , සප්ත ධාත්වද්නිය, පංච භූතාග්නිය දූෂිත වේ. මේ හේතුව මත ශරීරයේ පෝෂන ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවෙයි. දේහ ධාරනය නියමානු කූලව සිදු නොවෙයි.
සංධි ශෝථය හෙවත් සංධ්වේදනා රෝගයක් ලෙස වන හැදින්වීම තුල මෙසේ දැක්වෙයි. එනම් අග්නිය මදකම හෙවත් අග්නි මාන්ධ්‍ය ඇති වීම එම තත්වයට නිසි ප්‍රථිකාර නොකිරීමෙන් අජීර්න අවස්ථාව ඇතිවී ආමය, සංධිගතව පැතිර යෑමෙන් මෙම රෝගය ඇතිවන බවයි.
සංධි වේදනා රෝගයේ රෝග ලක්ෂන යටතේ මෙසේ දැක්වෙයි.මෙම රෝග තත්වයේදී සංධීම්ගේ ආකුංචන ප්‍රසාරන ක්‍රයාවන් නැති වෙයි. එහි පැවතීමට අවශ්‍ය වෙයි. සංධීන්ගෙ ශෝථවත් බව ඇතිවේ. වේදනාව ඇතිවේ. ශරීරය වාතයෙන් පුරවා දමයි. මෙහිදී රෝගය ප්‍රවෘද්ධ වෙයි. එසේ වූ විට සංධීන්ගේ අංකුංචන ප්‍රසාරන ක්‍රියාවෙන් ස්ථිරව නැතිවෙයි. අතිශයින් වෙහ්ව්සට පත්වෙයි.

සීතාවක රාජධානියේ ව්‍යාප්තිය 2

කොලොම් තොටින්ද පෘතූගීසීන් පලවා හැරීමට මායාදුන්න හා රාජසිංහ ප්‍රමුඛ සීතාවක හමුදාවෝ ක්‍රි.ව. 1579 අප්‍රේල් 27 වන දා කොළඹ කො‍ටුව වැටලූහ. ඇලක් කපා බේරේ වැව හිංදවා සන්නාහ ඇඳුම් ඇඳුම් ඇදි යුධ ඇත්තු කො‍ටු පවුරට පහර දුන්හ. දිවි නොතකා සීතාවක හේවායෝ ලනු හා ඉනිමං යොදා ගෙන කො‍ටුව තුලට කඩා පැන්හ. ක්‍රි.ව. 1581 ජනවාරි 18 වනිදා දක්වා පුරා මාස 22ක් පැවති මෙම යුද්ධයෙන් පෘතුගීසීන් කොළඹ කො‍ටුවටම සීමා කිරීමට සීතාවක වීර යන්ට හැකි විය.
ක්‍රි.ව. 1580 පමන වන විට කන්ද උඩ රට පාලකයා වූ කරලියැද්දේ බංඩාර රජතුමා දොන් ජුවන් නමින් බෞතීස්ම ලබා ගෙන පෘතිගීසීන්ට පක්ෂපාතී වුවේය. කන්ද උඩරට ජනතාව, උඩරට රජුට එරෙහි වූ අතර , රාජසිංහ ප්‍රමුක සීතාවක හමුදාවෝ කන්ද උඩරට අල්ලා ගත් අතර, කරලියැද්දේ රජ පලවා හැර සීතාවකට පක්ෂ පාතී වීරසුන්දර බංඩාර නම් පාලකයාට උඩරට බාර දුන්නේය. ක්‍රි.ව. 1582 වන විට නැගෙන හිර වෙරලතීරය දක්වා සීතාවක රාජධානිය ව්‍යාප්තවිය.
සීතාවක රජකම රාජසිංහ රජතුමාට පවරා ක්‍රි.ව. 1580 දී මායාදුන්නේ රජතුමා විශ්‍රාම ගත් අතර, ක්‍රි.ව. 1581 මායාදුන්නේ රජතුමාගේ අභාවය අසා පෘතුගීසී හා කෝට්ටේ සේනාවෝ ක්‍රි.ව. 1583 ඔක්තෝබර මාසයේ මුල්ලේරියා වෙල්යායේ කඳවරු බැදගත්හ. සිව්-රඟ සේනාව පිරිවරා පෘතුගීසීන් වෙත කඩා පැන්න රාජ සිංහ රජතුමා පිලිබඳ රාජාවලි කතුවරයා පවසන්නේ “රාජසිංහ රජ අසුට නැගී විහිදුවා සේනාව වටකර දුවමින් රණ යුධගිනි කෙලි කොටන විට දුරුතුමස මීදුම මෙන් වෙඩිදුම් පටලා ගෙන සිටින සඳ මුල්ලේරියා වෙළ මැද ලේ වතුර කොට ප්‍රතිකාල් සේනාවට අඩියක් පස්සට යන්නට නෑර කොටා….” යනු වෙනි.මෙසේ බටහිර ජාතීන් පෙරදිගදී ලැබූ දරුනුම පරාජය මුල්ලේරියාවේදී පෘතිගීසීහු ලැබූහ.
ක්‍රි.ව.1587 ජූනිමාසයේදීද 50000ක යුධ හමුදාවක් යුධ ඇතුන් 2200 පිරිවරා කොළඹ කො‍ටුව ආක්‍රමනය කල සිතාවක හමුදාවෝ යලිත් වරක් පෘතිගීසීන් කොළඹ කො‍ටුවටම සීමා කලහ. යුධ නැව් හා කුඩා යාත්‍රා සිය ගනනක් කොළඹ කො‍ටුව මුහුද දෙසින් ආක්‍රමනය කිරීමට රාජසිංහ රජතුමා යෙදවීය.සීතාවක යුධබලයේ උපරිම අවස්ථාව කොළඹ කො‍ටුව ආක්‍රමනය බව ඉතිහාඥයෝ පවසති.
වන්නි ප්‍රදේශයයේ පාලකයන් 18 දෙනෙකු යටතේ පාලනය වූ අතර වන්නි පාලකයන්ගේ පක්ෂපාතීත්වයද සීතාවක සීතාවක පාලකයාට ලැබූ බව පිලිගත හැකිය. රාජාවලිය අලකේශ්වර යුද්ධය හා සීතාවක හටන කතුවරු වන්නි ප්‍රදේශ වල පක්ෂපාතීත්වය පිලිබඳව විස්තර කරන අතර සැවුල් සංදේශය රාජසිංහ රාජසභාවේ වන්නි ප්‍රධානීන් සිටිබව තහවුරු කරයි.
ක්‍රිව 1521 දී තුන් හා සතර කෝරලයද සබරගමුවද ප්‍රදේශය මුල් කරගෙන බිහිවූ සීතාවක රාජධානිය ක්‍රි.ව. 1592දී යාපනයත් කොළඹ කො‍ටුවේ සුලු බිම් තීරයක් හැර මුළු ලංකාවම සීතාවක රාජධානිය බවට ව්‍යාප්තවූ බවට පැහැදිලිය.

සීතාවක රාජධානියේ ව්‍යාප්තිය 1

ක්‍රි.ව. 1521 දී සිදුවූ විජයබා කොල්ලයෙන් පසුව බුවනෙකබාහු රයිගම් බන්ඩාර හා මායාදුන්නේ කුමාරවරු කෝට්ටේ රාජධානිය කෝට්ටේ , රයිගම , සීතාවක වශයෙන්  වෙන් කරගෙන පාලනය කලහ. කාර්ය ශූර හා යුධකාමී බාලම නායාදුන්නේ කුමරු ක්‍රි.ව. 1521 ට ආසන්න කාලයේදී සීතාවක නුවර, ප්‍රධාන නගරය කරගත් සීතාවක රාජධානිය පිහි‍ටුවා ගත්තේය. මුල්ම සීතාවක රාජධානියට සතර කෝරය , (කෑගල්ල) දෙනවක(සබරගමුව) තුන් කෝරලය හා හේවාගම් කෝරලයෙන් අඩක්ද අයත්විය. ක්‍රි.ව. 1527 පමන වන විට කෝට්ටේ 7 වන බුවනෙකබා හා සීතාවක මායාදුන්නේ යන සොයුරන් අතර මත ගැ‍ටුම් ඇති විය. මායාදුන්නේ , දකුනු ඉන්දියාවේ කැලිකට් රාජ්‍යයේ පාලකයා වූ සැමොරින් ගේ සහය ඇතිව කෝට්ටේ රාජධානියේ සිමාව ආක්‍රමනය කලේය. එම නිසා සීතාවක රාජධානියේ සීමාවන් , විශාල වන්නට විය.
රයිගම් රාජධානියේ පාලකයා වූ රයිගම්බන්ඩාර රජතුමා , මායදුන්නේ රජතුමාට සහය දැක්වීය. ක්‍රි.ව. 1538 දී රයිගම් පාලකයාගේ මරනයත් සමගම රයිගම් රජධානියට අයත් රයිගම් කෝරලය , පස්දුන් කෝරලය හා බලල්ලාවිට කෝරලය යන විශාල බිම් ප්‍රමානයක් සීතාවක රාජධානියට උරුම විය.
ක්‍රි.ව. 1559 වන විට කෝට්ටේ යුධබලය අභිබවා යාමට මායාදුන්නේ රජතුමාට හැකි විය. කෝට්ටේට පක්ෂපාතී මනම්පේරී ආරච්චි මාතොට (මාතර) දිසාව පාලනය කරන බව අසා වික්‍රමසිංහ සෙනවිතුමා සමග යුධසේනාවක් මාතරට යවා ක්‍රි.ව. 1559 නොවැම්බර් මාසයේ , මාතර ජයගෙන සීතාවකට පක්ෂපාතී වූ ඒකනායක මුදලිට භාරදුන්නේය. මේ නිසා සීතාවක රාජධානියේ සිමාවන් දකුනු මුහුදු සීමාව දක්වා විශාල විය.
යුධ බලයෙන් පිරුනු සීතාවක හමුදාවෝ , මායදුන්න රාජසිංහ හා වික්‍රමසිංහ යන අභීත නායකයන් යටතේ කෝට්ටේ නුවර ආක්‍රමනය කලහ. කෝට්ටේ නගරය ලෙඩ දුක් වසංගත දුර්භික්ෂ ආදියෙන් පීඩිත වූ අතර තව දුරටත් කෝට්ටේ ‍රැකගත නොහැකි වූ කෝට්ටේ පාලකයෝ ක්‍රි.ව. 1567 ජූලිමාසයේදී කෝට්ටේ නගරය අත හැර කොලඹ කො‍ටුවට පසු බැස්සාහ. සීතාවක හමුදාවෝ කෝට්ටේ නගරය සහමුලින්ම විනාද කරද දැමූ අතර කෝට්ටේ නුවරට අයත් විශාල බිම් ප්‍රමානයක් සීතාවකට අයත් විය.

7th Century plan of Sitawaka Fort

මායදුන්නේ කුමරු සීතාවක අගනුවර කර ගැනීමට හේතු වූ කරුනු.

1. කොළඹ සිට එන ප්‍රධාන මාර්ගයට සීතාවකදී කන්ද උඩ රටින් හා සබරගමුවෙන් එන ප්‍රධාන මාර්ග මුනගැසින.  එම නිසා සෑම ප්‍රදේශයකින්ම පැමිනිය හැකි ජනාකීර්න හා වෙළඳ භාන්ඩ හුවමාරු වන වෙළඳ නගරය වීම.
2. මානියම්ගම රජ මහ විහාරය වලගම්බා රජදවසේ සිට ප්‍රදේශයේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයයි. මෙහි වාසය කල ප්‍රබල භික්ෂූන් වහන්සේලා විජයබා කොල්ලයට පෙර සිටම මායාදුන්නේ කුමරුට සහය දැක්වීය. එම නිසා ජනතා සහය මයාදුන්නේ කුමරුට ලැබීය.
3. සීතාවක ප්‍රාදේශීය ජනනායකයෝ විජයබා කොල්ලයට පෙර සිටම මයා දුන්න කුමරු සමග සම්බන්දතා පැවැත්වු අතර භික්ෂූන් වහන්සේලාගේ අශිර්වාදය මයාදුන්න කුමරුට හිමිවීම නිසා ජන නායකයන්ගේ පක්ෂපාතීත්වය ලැබින.
4. සීතාවක නුවර පිහිටියේ කැලනි ගංඟා මිටියාවතේය. සීතාවක ගඟ, ගැටහැති ඇල, ආදී ජල මාර්ග වලින්ද අතුරු වාරිමාර්ග වලින්ද වී ගොවිතැන සරුසාර විය. ගොඩ ගොවිතැනද දියුනුව පැවතීම නිසා කෘෂිකර්මාන්තයේ ‍තෝතැන්නක් බවට සිතාවක පත්ව තිබීම.
5. රජදරුවෝ රාජධානි ඉදිකිරීමේදී ආරක්ශාවට මුල්තැන දුන්හ. ඒ බව සීගිරිය, දඹදෙනිය, යාපහුව වැනි රාජධානි උදාහරන වෙයි. එක පසකින් අහස් අරා නැගී මනියම්ගම ගිරිදුර්ගයෙන්ද , සැඩ දිය කදක් සයුරට ගෙනයන සීතාවක හා කැලනි ගංඟා ජල දුර්ගයේන්දක‍ටුපදිරි සහිත වනාන්තර පිරි වන දුර්ඝයෙන්ද නිරන්තර මඩ ගොහොරු සහිත වගුරු බිම් සහිත පංකජ දුර්ගයෙන් යුත් ස්වභාවික ආරක්ශක ස්ථානය මායදුන්න කුමරු අගනගරය කර ගත්තේය.
මායදුන්න කුමරුගේ නියෝග මත , ආර්ය නම් ඇමතිවරයා රජමාලිගාව, රාජසභාව, පරිවාර මාලිගාවන් , මංමාවත් මල් උයන් ආදියෙන් පිරි සුන්දර නගරයක් බවට සීතාවක නුවර පත්කලේය. එතැන් සිට මායාදුන්නේ රජතුමා හා එතුමාගේ පුත්සීතාවක රාජ සිංහ රජතුමා මව්බිම විනාශ කිරීමට පැමිනි පෘතුගීසීන් හා ඔවුන්ට පක්ශපාතී කෝට්ටේ හා කන්ද උඩරට පාලකයන් පලවා හරිමින් ක්‍රි.ව. 1592 වන විට කොලඹ කො‍ටුව හා යාපනයේ සුලුබිම් තීරයක් හැර මුලු ලංකාවම සීතාවක රාජධානියට අයත්කර ගත්හ.
ක්‍රි.ව. 1592 සීතාවක රාජසිංහ රජතුමාගේ අභාවයත් සමගම සීතාවක නුවර පරිහානිය ආරම්භවිය. රජකමට පත්වූ රාජසූරිය කුමරු හා යුවරජ ජයසූරිය යන කුමාරවරුන් අරිට්ඨි කීවෙන්ඩු ලවා  ඝාතනය කර රාජසිංහ රජතුමාගේ සොයුරියවන මහාබිසෝබන්ඩාර දේවියගේ “මත්තමගොඩ දේවිය, රත්නාවලී දේවිය” මුබුබුරු පස් හැවිරිදි නිකපිටිය බංඩාර කුමරු රජකමට පත්කර ගන්නා ලදී. මහා බිසෝ දේවිය රාජ අනුශාසක වූ අතර අරිට්ඨි කීවෙන්ඩු මහා සෙන්පති තනතුරට පත්විය. රජකම පිලිබඳව අරිට්ඨි කීවෙන්ඩු ද වැයම් කල නිසා සිතාවක රජ පවුලත් සමග අමනාප වූ අරිට්ඨි කීවෙන්ඩු ක්‍රි.ව. 1593 දී කෝට්ටෙට පලා ගොස් පෘතුගීසීන්ට එකතු විය. පෘතුගීසීන් හා කෝට්ටේ සේනාව සමග පැමිනි අරිට්ඨ කී වෙන්ඩු ක්‍රි.ව. 1594දී බිහිසුනු සටන් කොට සිතාවක අගනුවර යටත්කර සීතාවක රජ පවුල සිරබාරයට ගත්තේය. කෝට්ටේ ධර්මපාල රජතුමා සීතාවකට කැදවා රජ බවට පත්කලේය.  දුමිඝු කොරයා හෙවත් එදිරීල්ලේ රාල විමලධර්මසූරිය රජතුමාගේ සහය ඇතිව පෘතුගීසීන්ට විරුද්දව සේනාව මෙහෙයවා සීතාවක බෙරාගෙන පෘතුගීසි විරෝධී බලවේගයක් බිහිකලේය.එහෙත් ක්‍රි.ව. 1596දී මෙම විරෝධාර සිංහලයා පෘ.තුගීසීන් විසින් මරාදමන ලද අතර ක්‍රි.ව. 1603 දී අන්තෝනියෝ බරෙන්තු හෙවත් කුරුවිට රාල සීතාවක , කුරුවිට මධස්ථානයක් කරගෙන පෘතුගීසී විරෝධී නිදහස් සටන ක්‍රි.ව. 1618 දක්වා බිහිසුනු සංග්‍රාමය කරමින් පෙරටම ගෙන ගියද , රත්නපුර ලෙල්ලුපිටියේදී සිදුවූ බිහිසුනු සටනේදී මරනයට පත්විය. පෘතුගීසී විරෝධී නිකපිටියේ බන්ඩාර ක්‍රි.ව. 1616දී පෘතුගීසී විරෝධී සීතාවක බලවේගය පෙරටම ගෙන ගිය අතර , නිකපිටියේ බංඩාරයන්ගේ මරනයත් සමග සීතාවක වීරවරයන් හා රාජධානිය පිලිබඳ මතකය ඉතිහාසයේ සැගවී ගියේය.

හන්දිපත් රුදාව ගැන සෘෂිවරුන් කිව්වේ මෙහෙමයි….

සෘෂිවර ශ්ලෝකය මෙසේ කියයි. අනුයායත් ප්‍රතිපදං සර්ව ධර්මේෂු මධ්‍යමාත් නීච රෝම නබග්මශ්‍රැ , නිර්මලා ඩිධි මලයානං , ධාරයේත් සතත සිද්ධ මන්ත්‍ර මහෞෂධං
එහි සිංහල තේරුම වන්නේ සර්ව ප්‍රකාර ආචාර විවහාරයන්හිදී මධ්‍යම ප්‍රතිපදාව අනූසරය කල යුතුයි. ලොම්, නිය, ‍රැවුලු යන මේවා නිසිසේ කොටකල යුතු අතර , දෙපය සහ මල මාර්ගයද නිරන්තරයෙන්ම පිරිසිදුව තබාගත යුත්තේය. නිතර ඉස්නානය කලයුතු අතර , සුවද ද්‍රව්‍ය නිතර පරිහරනය කල යුතුය. නිරහංකාරවූ , දීප්තිමත්වූත් , මනෝඥවූත්, වෙස් දැරීම කලයුත්තේය. නිතර රන්, මැනික් සිද්ධ, මන්ත්‍ර, මහ ඖෂධ වර්ගඩ්ග අත් , ගෙල, පැලදිය යුත්තේය.
මේවා නිරෝගී සුවයට හේතූවෙයි. එම තත්වය ලගා කර ගැනුවමට පිලිපැදිය යුතු කරුනු අතරින් එකක් වෙයි.
ශරීර රෝගාබාධයන්ට වයස බල නොපායි. උපතට පෙර මව් කුස පිලිසිඳගත් දා සිට රෝගවලට ගොදුරු විඅ හැකියි, එය එසේ වෙනවාම් මෙන්ම සමහර රෝග වැලඳීම සදහා නිශ්චිත වයස් සීමාවක්ද දක්වා තිබේ. මේ එම තත්වයන්ට උදාහරනයයි.
ශරීරයට වයස අවුරුදු 16 ඉක්මවූ විට වැලදෙන රෝගයක් තිබේ. ඒ සංධිවාත හෙවත් සංධිගත වාතයි. සංධිරුදාව යනුවෙන් සරලව කියැවෙන මෙම රෝගය අවුරුදු 16 ඉක්මවූ ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට වැලදෙයි. මෙය එක්දෙයක් කියයි.
ඒ මෙයයි. ඔබේ වයස අවුරුදු 16යට වැඩි ද? එසේනම් පරිස්සම් වන්න. හන්ධිපත් රුදාව ඔබටද වැලදිය හැකියි. මෙම රෝගය අවස්ථා දෙකකට බෙදේ. එහි පලමු අවස්ථාව හදුන්වනුයේ රෝගයක් ලෙසටයි. දෙවන අවස්ථාව හදුන්වනුයේ රෝගයක උපද්‍රව්‍යයක් ලෙසටයි. එය මේ කුමන අකාරකට හඳුන්වනු ලැබුවත් එහි එක් ඇත්තක් තිබේ. ඒ රෝගයක් යන්නයි. එනම් උප්පත්තිය හෙවත් ආරම්භය යන්නයි.
සන්ධි රුදාවේ උප්පත්තිය හේතු දෙකක් මත ඇති වෙයි. එක් හේතුවක් හඳුන්වනු ලබනුයේ සහජ හේතූන් ලෙසටයි. අනෙක් හේතුව හදුන්වනු ලබනුයේ සාමාන්‍ය හේතූන් වශයෙනුයි. මෙම සහජ හේතූන් ද ආකාර තුනකින් ඇති වෙයි. ග්‍රහනී , අර්ශස් සහ වාත රක්ත රෝගයන්ගේ මූලික වීමෙනුයි. සාමාන්‍ය හේතූ යටතේ සධි රුදාව ඇතිවනු යේ දීර්ග කාලීනව පවත්නා අජීර්න, සෙම් ගෙඩි ප්‍රධාහය, ආමවාත රෝගය, කිටීභ රෝගය , අතීසාර රෝගය, මල බද්ධය රෝ තත්වයන් මූලික වීමෙනුයි. මෙහිදී මල බද්ධය පිලිබද විශේෂ හැදින්වීමක්ද යෙදෙයි. එනම් ආමය නිසා මලබද්දයද, මල බද්ධය නිසා ආමයද ඇති වන බවයි.

සීතාවක අතීතය

අවිස්සාවේල්ල නගරය වර්ථමානයේ ප්‍රධාන නගරය බවට පත්වුවද , පැරනි සිතාවක රාජධානියේ අගනුවර වූ , සීතාවක නුවර ඒ ආසන්නව ම පිහිටා ඇත. තුන්කෝරලයට අයත් දෙහිගම්පල්-අටළුගම්-පනාවල් කෝරල තුනෙන්ද හේව ගම් කෝරලයද , කුරුවිට කෝරලයද මෙම පැරනි නගරයේ මායිම් වලට හසුවේ. මානියම්ගම කඳු වලල්ලෙන්  වට වුනු අතර අනෙක් පසින් කැලනි ගං මිටියාවත තෙක් විහිදී ගිය සරු සාර ජය භූමීන් සීතවක ගඟ අසල සීතාවක නුවර දිකර තිබුනි. සීතාවක නුවර අතීතය වසර 30000 ක පමන පෙර ආදී මුතුන් මුත්තාවන බලන්ගොඩ මානවයා ජීවත්වූ කාලය දක්වා දිව යයි. ඔවුන් ජීවත්වූ කුරුවිට බලදොඹලෙන හා බටතොට ලෙනත් , කිතුල්ගල බෙලි ලෙනත් සීතාවක නගරයට ආසන්නව තිබේ. ඉහල මානියම්ගම බෙලි ලෙනත් – කොස්ගම අකරවිට – අස්මඩල ලෙනත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකර කැනීම් වලදී අතීත මිනිසුන්ගේ ඩල් ආයධ මෙවලම් මෙන්ම ආහාරයට ගත් සත්ව කොටස් ද හමුවී තිබේ. එම නිසා වසර 30000 කට අධික කාලයක සිට මානව ජනාවාස සීතාවක ප්‍රදේශයේ තිබූ බව තහවුරු වේ.
රාමයන ය නම් සංස්කෘත සාහිත්‍ය ඉතිහාසයේ මාහා කාව්‍යයේ ලංකධිපති රාවන රජතුමා රාමකුමරු රාවන සොයුරියට කල අවමානයට පලිගැනීමට සීතා දේවිය ‍රැගෙන විත් ලංකාවේ සඟවා තැබූ බව දක්වයි. සීතාදේවිය සඟවා තැබූ ස්ථානයක් ලෙස අවිස්සාවේල්ල තානයම අසල කඳුගැටයේ සීතා ලෙන හඳුන්වන අතර, සිතා දේවිය නිසාම මෙම ප්‍රදේශය සීතවක වූ බවද ජනප්‍රවාදයක් පවතී.
ක්‍රි.පූ. 3 වන සියවසේ මහිංදාගමනයත් සමග විශාල බෞද්ධ  ප්‍රබෝධයක් ලංකාව පුරාම ඇතිවිය. දහස් ගනනක් වූ භික්ෂූන් වහන්සේලා වෙනු වෙන් ආරාම වශයෙන් ගල්ලෙන් පූජා කලහ. කොරතොට රජමාහා විහාරය, අඟුරුවැල්ල සෝනගිරි ලෙන මෙන්ම දෙහිඔවිට තිබිරිපොල  ගම්මානයේ පිහිටි රජ ලෙනත් එහි සදහන් බ්‍රහ්මීය අක්ෂර සහිත ශිලා ලිපි පරික්ෂා කිරීමේදී ක්‍රි.පූ. දෙවන සියවස ට (අනුරාධපුර මුල් යුගයට) අයත් බවත් එම කලයේ සිටි ගම් ප්‍රධානීන් මෙම ලෙන් කටාරම් කොටවා භික්ෂූන් වහන්සේලාට පුජා කල බවත් සදහන් වේ.
අනුරාධපුර යුගයේදී  ලංකාව ආක්‍රමනය කල ද්‍රවිඩ සේනාව නිසා මායා රටට පලා ආ වලගම්බා රජතුමා (ක්‍රි.පූ. 103-77) මායා රටේ ගල් ලෙන් වල සිට සේනා සංවිධානය කලේය. සල්ගල හකුරුගල මෙන්ම මානියම්ගම ගල්ලෙනෙහි සිට සේනා සංවධානය කල ,සතුරා පැරද වූ රජතුමා මානුයම්ගම ගල්ලෙන් විහාරය කරවූ බව ජනප්‍රවාදයයි.
අනුරාධපුරයේ රජකම් කල පස්වන මිහිඳු රජතුමාගේ කාලයේ චෝල ආක්‍රමනිකයෝ අනුරාධපුර රාජ්‍ය බලය අල්ලා ගත්හ. රජ දරුවන් රුහුනට පල ගිය අතර කීර්ති කුමාරයා හෙවත් පලමු විජයබා රජතුමා බොහෝ දුෂ්කරතා මැද සේනා සංවිධනය කර සතුරා පලවා හැරියේය. විජයබා රජතුමා රජරට සිටි සතුරාට පහරදීම සදහා සේනාංක දෙකක් යැවූ අතර එක් සේනාංකයක් මහානියාම  රට්ඨිය(මානියම්ගමු රට) හරහා ගමන්කල බව වංශකථාවේ  සඳන් වේ.
පොලොන්නරුවේ අසහාය පාලකයා වූ මහා පරාක්ක්‍රමභාහු රජතුමා උපත ලැබුවේ සීතාවක නගරයට නිදුරු දැහිගම කොට වෙහෙර නම් ස්ථානයේ බව මූලාංශ්‍රවලින් දැක්වෙන අතර එතුමා තම උපන් ගම සිහිපත්වීම සදහා සුථිඝර නම් වූ දාගැබ ඉදිකරා ඇත. එතුමාට එරෙහිව කැරලිගැසූ දකුනේ මනභරන නම් පාලකයා මර්ධනයට මානියම්ගම රට්ටිය හරහා සේනංකයක් රුහුන ට ගිය බවත් , එකල මෙම ප්‍රදේශය ගබඩ ගමක් බවත් වංශකථාවේ දැක්වේ. මානියම්ගමු රට යනු , වර්ථමාන මානියම්ගම ප්‍රදේශය බවත් සතර කොන මායිම් කනු හතරක් ඇති නියම්ගම් දසදහසකින් යුත් ප්‍රදේශයක් බව , ආචාර්ය එච්.ඒ.පී. අභයවර්ධන මහතගේ කඩ-ඉම් පොත් විමර්ශනය නම් නම් ග්‍රන්තයේ සදහන් වේ.ගම් පල රාජ්ධානිය කරගත් පස්වන බුවනෙකබා රජතුමා ක්‍රි.ව. 1382 දී පමන තමන්ට පක්ෂපතී සියනෑ කෝරලයේ වැල්ලබුරේ පදිංච්ව සිටි ජයසුන්දර මුදලිට පෙතන්ගොඩ නිදන්ගම හා සීතාවක මුදලි තනතුර ප්‍රධානය කිරීම කියවෙන සීතාකඩ සන්නස හමුවේ. සීතාවක අන නමට ගොවිතැනට සම්බන්ද නිලධාරියා යන අර්ථය යොදී ඇති බව මෙම සන්නසින් හමුවන වැදගත් තොරතුරකි.
ක්‍රි.ව. 1521 විජයයබා කොල්ල ඇතුවීමට පෙර සිටද මායාදුන්නේ කුව්මරු මානියම්ගම රජමාහා විහාරයේ භික්ෂූන් වහන්සේ සමග සම්බන්දකම් පවත්වා ඇත. ක්‍රි,ව. 1519 දි මයාදුන්න කුමරා මානියම්ගම රජමහා විහාරයේ බුදුපිලිම හා විෂ්නු දේව රූපය නිමවා සිතුවම් අන්දවා පෙතන්ගොඩ කුඹුරු යාය පූජාකල බව , රජමහා විහාරයේ ඇති තඹ සන්නසේ සදහන්ය. ක්‍රි.ව. 1521 දී විජයබා කොල්ලයෙන් පසු මයාදුන්න කුමරා තුන්කෝරලය සතරකෝරලය හා සබරගමුව හේවාගම් කෝරලයේ කොටසක්ද ඇතුලුව සිතාවක අගනුවර කරගත් සීතාවක් රාජධානිය පිහි‍ටුවා ගත්තේය.

සුබ Thai Pongal සැමරුමකට AVISSAWELLA.COM වෙතින් ආසිරි.

Thai Pongal සමය මෙම වසරේ සැමරෙන්නේ January 14, 2017  සිට January 17, 2017 දක්වාය. දින හතරක් පුරා පැවැත් වෙන මෙම උත්සවයේ තේමාවන්නේ සශ්‍රීක බවය. ද්‍රවිඩ සමාජයේ  ඇදගත් තැනක් ගන්නා මෙම උත්සවය තුලදී සතුට හා සෞභාග්‍යය  අර්තවත් වන අතර හිරු දෙවිදුන් වෙත තම ප්‍රනාමය පිදීම මෙහිදී සිදුවන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. කෘෂිකර්මාන්තයේදී වැදගත්ම වන හිරු ශක්තිය මෙහිදී සැමරීම කරනු ලබන බවට සදහන් වෙනවා. මෙහිදී ඔවුනගේ විස්වාශය වන්නේ හිරුගේ north දෙසට වන සයමස් ගමන ඇරබෙන බවයි.
දීර්ඝකාලීන සංස්කෘතික සබඳතාවලින් ශක්තිමත් ලාංකික ද්‍රවිඩ- සිංහල ජන කොටස් අතරට සුලු කාලීන බල ලෝභී දේශපාලකයන්ගේ අවාසනාවන්ත අදහස් උදහස් ඉක්මවා ගොස් එක් රටක් ලෙසට හෙට දිනයේ ලෝකය සමග පැහෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ඉපැදවෙන සුබ Thai Pongal සැමරුමකට AVISSAWELLA.COM වෙතින් ආසිරි.

ආයුර්වේදය හා යහපත් ආහාර රටා

මේ හැඳින්වීමේ විදිහට ආහාර දිරවීම වාගේම පරිවෘතික ක්‍රියාවලියට හේතුවෙන්නේ පාචක පිත. ඒ ආමාශය සහිත අන්ත පවනව්‍යුහය හරහා රංජක පිත අක්මාව , පිලාව හරහා ලේ , මල මුත්‍ර, ඇට මිදුළු වර්නවත් කිරීම කරනවා. සාධක පිත, හදවත හරහා ණුවන ධාරන ශක්තිය, අභිමානය වර්ධනය කරනවා. පෙනීම පිලිබඳ වන නේත්‍රා ආලෝචක පිත හරහයි වෙන්නේ. හමේ ද්විතීය ප්‍රභාව ආරක්ශා කරන්නේ භ්‍රාජක පිත .
කළු කරන කටයුතු මේ වාගේයි. සිරුරේ එකා බද්ධකම ඇතිකරනවා. සිරුරක තියෙන හැම සිව් අවයව ඒකාබද්ධ කරන්නේ මේ ශ්ලේෂ්මාව. සිරුරේ බලය වෙන්නේ විකෘති වූ නොවූ කළු ධාතුව. සිරුරේ සිනිඳු බව වාගේම ඇට ශිරා ස්නායු එකට බැඳිලා තියෙන්නේ කළු හින්දයි. කළු කරන අනෙක් කටයුත්ත තමයි බලය රෝග නිවාරන ශක්තිය. ඉවසීම , චිත්ත ධෛරය, උත්සාහය, ඥාණය වාගේ බලයන් ලබා දීම.
ආයුර්වේධය කළු කොටස් පහකට යොදනවා. ඒවාගේම ඒ කොටස් පහෙන් කරනු ලබන ක්‍රියා දක්වනවා ක්ලේදක කළු, ආමාශයේ උඩ කොටස සම්බන්දවයි. එතැනදී කරන්නේ ආහාරය තෙතමනයෙන් තබා ගැනීම. තෙල්ගතිය වාගේම සෙවල ගතියත් පවත්වා ගැනීම. උර ප්‍රදේශයට සම්බන්ද අවලම්භක කළු කරන්නේ හෘදය වාගේම පෙනහලු ක්‍රියාවන්. බෝධක  කළු රස දැනීම කරන්නේ දිව මුල වාගේම උගුරේ තර්පක කළු ක්‍රියාකරන්නේ මොලයට සම්බන්දව. ශ්ලේෂක කළු සංඳි ස්ථානය හරහා සන්ධි වියලෙන්නට නොදී පවත්වා ගන්නවා.
සම තත්වයේ තියෙන ත්‍රිදෝෂ කිපීමට මූලිකවම බලපාන හේතුව තමයි ගනු ලබන ආහාර. මේ ආහාර සම්බන්දව වැදෑරුමක් තියෙනවා. ඒකට කිඅන්නේ අටවැදෑරුම් ආහාර කියලා. මේකට අමතරව ආහාර ගැන වැදගත් කරුනු කිහිපයක් තියෙනවා. ආහාර ගැනීමේදී මේ කරුනු අනිවාර්යෙන්ම සලකා බලන්න ඔනෙ වාගේම පිලි පදින්නත් ඔනේ. ඒ කරුනු අයත් වෙන්නේ හිත ආහාර යටතට. ඒ යටතේ ස්වභාවයෙන්ම හිත ආහාර , අධික මහත අයට හිත ආහාර, අධික කෙට්‍ටු අයට හිත ආහාර, ඒ ඒ වෘතුවලදී හිත ආහාර විදිහට . ඒ වගේම අහිත ආහාර, විරුද්ධ ආහාර , විරුද්ධ ආහාරත් එයට ඇතුලත්. මෙතැනදී වැඩි පුරම වැදගත් වනදේ තමයි හිත ආහාර ගත්තොත් ලැබෙන්නේ හිත ප්‍රථිපල කියන කාරනය. ඒවාගේම අහිතකර ආහාර ගත්තොත් අහිතකර ප්‍රථිපල ලැබෙන බව.
සක් දෙවිඳු උගැන්මෙන් පින්වත් සෘෂිවරයන් අකුරු කල පුස්කොල පොත්වල ආහාර ගැනීමේ නියමයන් දක්වලා තියෙනවා, ඒ නියමයන් මේ විදිහටයි.
පලමු ගත් ආහාරය දිරවීමට පෙර  තවත් ආහාර නොගන්න. එයින් සියලු දෝෂයන් වහ වහා කිපෙයි. එබැවින් යලි බඩගින්න එනතෙක්, මලපහ පිට වනතෙක්, මුත්‍ර පහව යන තෙක්, ආහාර රුචිය ඇති වන තෙක් තවත් ආහාර නොගන්න.
වැඩි පුර ආහාර නොගන්න. ඝන ආහාර, ද්‍රව්‍ය ආහාර හිත හැටියට කෑමෙන් වාත, පිත්ත, කළු දෝෂ වහ වහා කෝප වෙයි. නොදිරවන ලද ආහාර වමනයයෙන් හෝ ගුද මාර්ගයෙන් පිට වෙයි. ශරීරයේ වේදනාව උදරයේ වේදනාව, බඩ පිපුම,. ක්ලාන්තය, කැරකැඑවිල්ල, දෑල වර වේදනා, තුනටිය වේදනා වැරදි ආහාර ගත් විට වාතය කිපීමෙන් ඇති වෙයි.
වැරදි ආහාර ගැනීමෙන් පිත කෝප වූ විට උණ, අතීසාරය, ශරීරයේ දැවිල්ල, ත්පාසය, මත්බව, කලකැවිල්ල, මුලාවට පත්වීම ඇති වෙයි.
වැරදි ආහාර ගැනීමෙන් සෙම කෝපවූවිට අරුචිය, බඩගින්න මද කම, සීගඩු රෝග, කම්මැලිකම, ශරීරයේ බර බව ඇති වෙයි.
ශක්‍ර දේවේන්ද්‍රයා තුන්කල්දක්නා ඉසිවරුන්ට ඉගැන්වූ ආයුර්වේදය රචනාකල පුස්කොල පොත් පත්වල ආහාර පාන වැරදි ලෙස ගත්තොත් වා, පිත්, සෙම් කිපීමෙන් රෝග ඇති වන බව පැහැදිලිවම දල්වලාතියෙනවා. ඒ දැක්වීම අනූව වැරදි ආහාර රටා හේතුවෙන් ඇතිවන රෝග අතරින් විශේෂිත ලෙඩරෝග කිහිපයක් මේ විදිහට දක්වන්න පුලුවන්.
ඒ පිලිකාව, පක්ෂගාතය,අංශභාග්ය, අර්ශස්, ගෑස්ට්‍රයිටීස් , දරුපල අහිමිවීම්, ගර්භාෂ ගෙඩි( හයිබ්‍රොයිඩ්), ආතරයිටීස්, අධිරුධිරපීඩනය , පපුවේ කැක්කුම, දිය වැඩියාව, වකුගඩු ආබාද, අක්මාවේ ගැටලු, තරබාරුව , කෘශවීම,ලමා රෝග  , ඇදුම හතිය, පීනස , සංඳිවේදනා මුත්‍රා ගල් විශේෂිතයි.
පාරම් පරික ස්ර්වාංග වෙදැදුරෙක් විදිහට මම දෙන අවවාදය මෙන්න මේකයි.
ආහාර ගැනීමේදී මද පමනට බඩගින්නේ ප්‍රමානයට අවශ්‍ය ප්‍රමානයට පමනක් ආහර ගන්න. වාත පිත සෙම කෝපවන විදිහට වැරදි විකෘති අහිත ආහාර ගැනීමෙන් වලකින්න.ජීවත් වෙනවා කියන්නේ කෑම කාලා බෙහෙත් බොන එකම නොවෙයි. ඒ හින්දා තියෙන ලෙඩ සනීප කරගෙන උපරිම මිනිස් පරමායුෂ විදින්න.
DR MMM IRSHAD

සීතාවක නම හැඳින්වීම….

වර්ථමාන අවිස්සාවේල්ල නගරය ආසන්නයේ පැරනි සීතාවක රජධානියේ අගනුවර වූ සීතාවක නුවර පිහිටා තිබුනි. සෑම ගමක් , නගරයක්, ප්‍රදේශයක් නම් කිරීම අතීත මුතුන් මිත්තෝ යම් හේතු සාධකයක් තොරා හත්හ. ගම් වල නම් විමසා බැලීමේදී, නම් තැබීමට හේතු සාධක හමුවන අතර ඒවා අද දක්වාම ජනප්‍රවාදයේ පවතී. මෙම ජනප්‍රවාද හා වෙනත් මූලාශ්‍ර සහය කරගෙන සීතාවක ප්‍රදේශය සීතාවක වශයෙන් නම් කිරීමට හේතු සාධක විමසා බැලීම වැදගත්ය.
රාමායනය නම් ඉන්දීය වීර කාව්‍යයේ ලංකාව හා ලංකාධිපති රාවන රජතුමා පිලිබඳ තොරතුරු සදහන් ය. රාම කුමරු රාවන සොයුරියට කල අපහාසයට පලිගැනීමට රාවන රජතුමා සීතා දේවිය පැහැරගෙන දඬුමොනර යානයෙන් ලංකාවට ‍රැගෙන ආ බව සදහන්ය. සීතා දේවිය වරින් වර නොයෙක් ප්‍රදේශවල සගවා තැබූ බවත් අවිස්සාවේල්ල තානායම අසල කඳු ගැටයේ පිහිටි ගල් ලෙනද එම ස්ථානයකි. සීතා දේවිය සිටි නිසා මෙම ගල් ලෙන “සීතා ලෙන” වශයෙන්ද , සීතාදේවියගේ ජල අවශ්‍යතා ඉ‍ටු කර දුන් දිය පහර සීතා පීල්ල ” වශයෙන්ම් හදුන්වයි. ඇය දිය නෑ ගඟ සීතා ගඟ ලෙසද පසුව සීතාවක ගඟ ලෙසද හඳුන්වයි. සීතා දේවිය සිටි නිසා මෙම ප්‍රදේශය සීතවක නම් විය. මාඔය අසල පල්ලම්සේන නම් ස්ථානයේ රාමරාවනා මහා සංග්‍රාමයක් සිදු වූ අතර , රාවනගේ සෙන්පති ඉන්ගරුතිල එහිදී මිය ගියේය. එම දේහය කොබෝතුරා පර්වතයේ ගුහාවක තැන්පත්කර විශාලපර්වතයකින් වස තැබූබව පෝල් ඊ . පීරිස් මහතාගේ “ලංකාව පෘතුගීසි යුගය” නම් පොතේ දක්වා ඇත. මෙම යක් සොහොන “යකහ‍ටුව” කම්ද ලෙස වර්ථමානයේ ප්‍රසිද්ධය. මේ අනූව සීතාවක අතීතය රාම රාවනා යුගය දක්වා විහිදී යයි.
සීතාවක හටන ලියූ අලහප් පෙරුම කවියාද සීතාවක පිලිබඳ ජනප්‍රවාදයක් ඉදිරිපත් කරයි. රාවන රජතුමා ලංකාව පාලනය කල අනෙකුත් රාජවරුන් ඝාතනය කර රජකමට පත්විය. ඝාතනය කල සෑම රජකුගෙන්ම ලේ කලය බැගින් ගත්තේය. ඒක් රජ කෙනෙකු පලා ගොස් තපසයෙකු ලෙස ජීවත් විය. එතුමා සොයා පැමිනි රාජ පුරුෂයෝ තපසයෙකු නිසා නොමරා කලව ප්‍රදේශයෙන් ලේ කලයක් ‍රැගෙන ගියහ. රාජ සභාවේ සිදුවූ අද්භූත සිද්ධියක් නිසා ලේ කලය වල දැමීය. පසු කලෙක කුඹුරු සීසෑම කල ගොවීන්ගේ නගුලකට මෙම කලය හසු විය. විවෘත කොට බලන විට කුමාරුකාවක් හමුවිය. හීවැලකදී හමුවූ කුමරිය සීතා නම්න් ප්‍රසිද්ඪ්ජ වූ අතර ඇය සිටි ප්‍රදේශය සීතාවක නම් විය.
සිරිපා අඩවියෙන් ගලා එන ගංගාව කනාමැදිරියන් වල අසල දී අංශක 45  පමන වක්වී ගල බසී. මෙම වක් වූ ස්ථනයේ ජලය ඉතා සීතලය. සීතල +වක පසුකලෙක “සීතාවක” නමින් හැදින් විය.
ක්‍රි.ව. 1521 සිතාවක රාජධානිය බිහිවීමට පෙර සිටම මෙම කැලනි මිටියාවත සාරවත් ගොවි බිමකි. ගම්පොල රජකම් කල පස්වන බුවනෙකබා රජතුමා (ක්‍රි.ව, 1371-1408) සියනෑ කොරලයේ වැල්ලබුරේ ජයසුන්දර මුදලිට සීතාවක මුදලිකම හා පෙතන්ගොඩ නිදන්ගමද ප්‍රදානය කර ඇත. සීතාවක යනු සිතා + අඩක සංඳිවීමෙන් සැදුනු බවත් සීතාවක (හීතා) යනු වී ගොවිතැන සම්බඳ වචනයකි. අඩක හෙවත් අදෙක යනු අධ්‍යක්ෂ යන අර්තය දෙයි. ඒ අනූව මෙම ප්‍රදේශය වී ගොවි තැන හා සම්බන්ද පරිපාලන නිලඪ්ජාරියෙකු යටතේ තීබූ සාරවත් ප්‍රදේශයක් බවත් , එම නිලධාරියාගේ තන තුරු නාමයෙන් “සීතා ඩක” පසුව සීතාවක වූ බවත් “මහචාර්ය රිසිමන් අමරසිංහ” මහතාගේ මතයයි.