Monthly Archives: March 2017

තිස්පස් වන කොටස

ඔවුනගේ ආගන්තුක කුටි සුව පහසුද නැතිද යන්න සමහර විටක ඔබට විමසන්නට හැක. එවිට මට ඔබගෙන් අසන්නට වන්නේ ඔබගේ ජීවිත රටාවට සාපේක්ශවද? යන්නය. අලංකර දැව දඩු මතට කිසියම් ස්වභාවික ආලේපනයක් යොදා නිමකර ගෙන ඒ මතට ඇතිරෙන ස්වාභාවික පත්වර්ගයක් ආවරනය වන පරිදි ඔවුන් විසින්ම ස්වභාවික දෑ ඔස්සේ නිම කරගන්නා රෙදි විශේෂයක් එලා සකසා ඇත. අලංකාර දැව දඩු වලින් නිම වන මේසය මත වන වතුර භාජනය සියල්ල ස්වභාවික දෑ වලින් නිමවා ඇතුවා සේම ඒවා ඉතා ප්‍රාථමික පෙනුමැති රලු ඒවා නොවෙයි. සමහර විටක ඔවුන් ඔවුන් කාර්යක්ශමතාවය, පහසුව සොය ගොස් ඇත්තේ තම ස්වාභාවිත්කත්වය ‍රැකෙන පරිදිවීම පලමු රීතිය වන්නට ඇත. බිම පවා ස්වභාවික මැටියෙන් නිමවා ඒ මතට යම් ආලේපනයක් යොදා ඇත්තේ අති නවීන ගෙබිමක දක්නට ලැබෙන පිරිසිදු බව පැහැදිලි බව ‍රැකෙන පරිදිය. බිත්ති නිමවෙන්නේ ද ඒ අයුරුන්මය. අපූරත්වය වන්නේ පෙර කී ආලේපනයට පෙර ඒවායේ තැනින් තැන වියලා සකස් කර ගත් අපූරු හැඩැති පත්‍ර ඔබ්බවා තිබීමය. විටක ඒවායේම වන විසිතුරු බව පෙනෙන සේ නිමවා ඇති අතර තවත් විටක ඒවායින් වෙනත් අලංකාර හැඩතල නිමවන්නට ඔවුන් කටයුතු කර ඇත. අනෙකාගේ ජීවිත වලට එබී බැලීම නැතිනම් අනෙකාගේ දෑ සොරකම් කරන්නට උත්සාහ කිරීම වැනි ක්‍රියාකාරකම් ඔවුනට සිනාවට කාරනයකි. සමහර විටක ඔවුන්ගේ සංස්කෘතික ගොඩ නැගීමේදී එවන් මානසිකත්වයන් ගොඩ නැගෙන අඬුලුහුඬුකම් මග හැරී ඇතුවා විය හැක. “සමහර විටක අපි අපේ සංස්කෘතික ගමන් මග එක් තීරනත්මක ලක්ෂයකදී අපේ ජීවවිද්‍යාත්මක අවකාශයෙන් ටිකක් අන්තවාදී විදිහට බාහිර පරිසරය පැත්තට සීමාන්තික විදිහට යොමු කලා වන්නට පුලුවන්. ඒ ඔස්සේ අපි ක්ශනික වාසීන් ගැන සතු‍ටු වූවා මිසක අපගෙන් ඒ නිසාම අපගෙන් අහිමිවෙන වඩා වටිනා ජීවවිද්‍යාත්මක වටිනා කම් බොහොමයක් නොසලකා හැරියා වන්නට පුලුවන්” ඒ මොවුන් ගේ ජීවන රටා පිලිබදව ටිබෙටියානු මිතුරාගේ අදහසකි.(73)

උදා හිරු මඩල දවස අරබන විට ආශ්‍රමයේ ප්‍රධාන දොර‍ටුව දකින මානයට පැමිනෙන්නට හැකිවිය. “ඔබ ඔවුන්ගේ දවසේ වර්ණවත්ම හොරා කිහිපයේදී කබන සැබෑ ගරුත්වයට හිමිකරුවෙක් වන්නේ ආගන්තුකයෙකු ලෙසට නොව ඔවුනගේ පවුලේ අයෙකු ලෙසට සම සමව රාත්‍රී ගිනි මැලය වටා අසුන් ගන්නට අවස්ථාවක් ලැබීමෙනි” ටිබෙටියානු මිතුරාගේ උපදෙස සත්‍යය. ගෘහපතියාගේ අසුනට ඔබ්බෙන් අසුන් ගනිමින් ඔවුනගේ අත් වැල සමග එක්ව ශාන්තිමත් හෝරාව හෝ දෙක අත්විඳින්නට ලැබීම අපූර්වය. අපගේ සංස්කෘතියේ වන අනෙකාට එරෙහිව කර ගනි ලබන ධන බල ‍රැස්කිරීමේ අර්ථය වෙනුවට අපගෙ සංස්කෘතීන්ගෙන් ගිලිහී ගොස් ඇති අපුර්ව ශාන්තිමත් අත්පත් කර ගැනීම් හැකියාවල් අත්විඳින්නට අවස්ථාවක් ලදිමි. “සමහර විටක ඔවුන් ප්‍රාතමික යැයි ඔබ සිතනවා විය හැකියි. අප රාත්‍රී ගිනි මැලය වෙනත් කාර්යක්ශම ආකාරයකට හිමිකරගෙන සිටිනවා විනා ඉන් ඉදිරියට චලනය වී නැති බව එහිදී අත්විඳින්නට හැකි වනු ඇත. සමහර විටක දියුනු යැයි අප විස්වාස කරන්නේ අපගේ ප්‍රාථමික වටිනා කම් නැවත නැවත වෙනස් පැහැයන්ගෙන් අත්විඳීමට වඩා යමක් නොවන බව වටහා ගැනීම ඔවුන් ගැන වන ඔබගේ හැදෑරීමේ එක් ඉහල අත්පත්කර ගැනීමකි” ටිබෙටියානු මිතුරා නිවැරදිය. ඔවුනගේ එම පූජනීය දෙපැය මගේ මනස වඩාත් තියුනු කර පැහැදිලි කර දෙන්නට සමත්ව ඇති බවක් හැගෙමින් ඇත. “ජීවිතයට මුල් ස්වභාවයෙන් අර්ථ නැත. ඒවා අප වඩාත් පරිස්සමින් අත්පත්කරගත යුතුවා ඇත” ප්‍රකට නාට්‍ය දෙබසක් මනසට පැමිනෙනේ නිතැතින්මය.(74)

අලංකාර ඵලබර ගෙවත්ත නිවසේ පලමු ආභරණයය.

වර්ණවත්, සාරවත්, ඵලබර ගෙවත්ත නිවසක ට විය හැකි අපූර්වතම ආභරනයයි. නිවැසියන්ගේ කයික, මානසික නිරෝගී බවට මෙන්ම සතුටට පමනක් නොව පැමිනෙන අමුත්තෙකු වෙතට එවන් ගෙවත්තක් ගෙනෙන්නේ මහත් සැහැල්ලුවකි. ඇති ඉඩකඩ ප්‍රමානය, දැරිය හැකි වියදම හෝ වෙන්කල හැකි කාලය පිලිබඳව වන සීමාවන්ට ඔබගේ අලංකාර ගෙවත්ත පැමිනීම සීමාකල හැක්කේ සැබෑවටම ඔබට ඒ ගැන වන අවශ්‍යතාවයේ ප්‍රමානය අනූව වනු ඇත. අලංකාර මෙන්ම ආර්ථික වාසි ගෙනෙන විසිතුරු මල් හා කොල වර්ග මෙන්ම නිරෝගී හා ආර්ථික වාසි ගෙනෙන්නට හැකි පළතුරු හෝ එලවළු සදහා දිනකට හෝරාවක් නැතිනම් සතිඅන්තයට හෝරා කිහිපයක් වෙන් කිරීම ඔබ නොසිතන තරම් පලදායී  අත් දැකීමක් වනු ඇති බවට සහතික විය හැක. එවන් අපූරු අත්දැකීමක් සදහා ඔබට සහය වීමේ අරමුනින් වෙන් වන මෙම ඉඩ කඩකි මේ.

– www.avissawella.com

World Backup Day සමග දත්ත වල සුරක්ෂිත බව තහවුරු කර ගනිමු.

හදාරන්නන් පවසන්නේ සෑම තප්පර 60 ක් සැලකීමේදී ලොව පුරාවට දුරකථන 113ක් පමන අස්ථාන ගත වීම් සිදුවන බවයි. ඔබගේ ජංගම මට්ටමේ කවර දත්ත උපාංගයක් සැලකුවද නෙක ආකාරගත් කිනම් අනතුරක් ඔස්සේ හෝ මෙසේ භාවිතය අහිමි වීම වඩාත් දැනෙනු ඇත්තේ ඒවායේ වන දත්ත අහිමි වීම ඔස්සේ බවටයි හදාරන්නන් අවධාරනය කරන්නේ. වසනාවකට මෙන් Microsoft, Apple, නැතිනම් Google වැනි ආයතනයන් සමග වන සබන්දතා ඔස්සේ මෙසේ අහිමි වන උපාංගවල දත්තයන්ගේ Backup ඔස්සේ සු‍රැකෙන මුත් තවමත් සැලකිය යුතු තරමක හානියක් බොහෝ භාවිතාකරන්නන් එසේ වන සැලසුමක් සමග නොවීම තුල විඳින්නට සිදුවන බවටයි පෙන්වා දෙන්නේ. එසේම ransomware වැනි හානිකර ඔස්සේද දෛනිකව සැහෙන භාවිතාකරන්නන් පිරිසක් අපහසුවට පත්වන තර සැම March 31 දිනකටම යෙදෙන World Backup Day ඔස්සේ මේ පිලිබඳව අවධානය යොමුකර සිටිනවා. තාක්ශනික මිත්‍ර නොවන භාවිතාකරන්නන් වඩාත් ඉලක්ක කරමින් මෙදිනට වන අවධානය සමග ඔවුන් හට cloud solutions,  offsite backups. local NAS devices වැනි නෙක ආකරයේ විසඳුම් වලට අවධානය යොමුකරවමින් තම දත්ත දිවියේ අඛංඩ පැවැත්ම තහවුරු කර ගැනීමෙ අවැදගත් කම පැහැදිලි කෙරෙනවා.

ඔබේ සුනඛ සුරතලාගේ සිතැගි හඳුනා ගනිමු.

ඔබේ නැතිනම් නිවසේ සුරතලා ඔබගේ මෙන්ම නිවසේ සැහැල්ලු වාතාවරනයකට මනා සහයක් ගෙනෙනු අනිවාර්යය. විනෝදය මෙන්ම, සැහැල්ලිව පමනක් නොව, හිතවත් කමක් මෙන්ම සාමුහික බවකට මග කියන්නට සමත් මෙවන් සුරතලෙකු තොරා ගැනීමේදී සුනඛයෙකු වෙතට හිමිවන්නේ වැඩි අවස්ථාවකි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙසේ ජීවිතයට සමීප කරගන්නා සුනඛ සුරතලෙකු සමග නිරෝගී සබඳතාවයකට ඔහුගේ හෝ ඇයගේ සිතැගි පිලිබඳවද අවබෝදයකින් සිටීම වැදගත් වන බවය. සුනඛයෙකු සැලකීමේදී “වල්ගය” ට විශේෂ තැනක් හිමිවන්නේ ඔවුන්ගේ හැගීම් පලකිරීමේදී “එය ” වෙතට වැඩි අවධානයක් ලැබෙන බැවිනි. පහත දැක්වෙන්නේ හදාරන්නන් විසින් යෝජනා කරනු ලබන සුනඛ සුරතලුන්ගේ සිතැගි හැදුනා ගැනීමට සහය වන එවැනි අවස්ථා කිහිපයකි (body language). ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ඔබගේ සුනඛයා සති දෙක තුනක අවධානයකින් හැදෑරීමෙන් මෙම තේරුම් ගැනීම් වලට පහසු වන බවත් වසර සිය දහස් ගනක ආශ්‍රිත පැවැත්ම ඔස්සේ subconscious මට්ටමින් මේ සදහා මනා නම්‍යතාවයක් මේ දෙකොටස අතරම ඇති බවත් මෙන්ම ඔවුන් අතර වෙනම අනන්‍යතාද පැවතිය හැකි නිසා වඩාත් අවධානයකින් හැදෑරීම ඔස්සේ ඔවුන් ගැන අවබෝදය පැහැදිලි කර ගැනීම වඩාත් වැදගත් විය හැකි බවයි.

1) ඔබගේ සුනඛයා සැහැල්ලු වල්ගය වැනීමක් ඔස්සේ ඔබට හඟවන්නේ ඔහු සැහැල්ලු බවත් මෙන්ම යම් සිදුවීමක් නැතිනම් අපේක්ෂාවකින්ද සිටින බවය. සමහර විටක සුනඛ සුරතලා ඔබ සමග ‘සැහැල්ලු ඇවිදයාමකට සූදානම් බවක් හෝ ඔබට කරන ආරාධානාවක් විය හැකි බවට හදාරන්නන් යෝජනා කරයි.

2) සුනඛ සුරතලා පහත් කර ගත් වල්ගය මද වේගයෙන් වැනීම ඔබ වෙතට කිය පාන්නේ ඔහුට ඔබව තේරුම් ගැනීමට අපහසු බව හා ඔහුගේ කැමැත්ත්ක් සදහා අවසර පැතීමක් විය හැකි බව හදාරන්නන් පෙන්වා දෙනවා.

3) තවත් අවස්ථාවකදී සුනඛ සුරතලා කෙලින් ආකාරයට ඉහලට යොමුවූ වලිගය විටින් විට වනමින් පලකරන හැගීම වන්නේ ඔහු ඔබගේ අනසක නුරුස්සන බවක් හා ඔහුගේම ආධිපත්‍ය පිලිබඳව විස්වාස තබන බව විය හැකි බවයි.

4) හදාරන්නන් පවසනවා විටක ඔබගේ සුනඛ සුරතලා පහත් කරගත් වල්ගය වෙගයෙන් වැනීම සිදුකරමින් පවසන්නේ, ඔබගේ ස්වාමීත්වයට එකගවීමට කැමති බව හා ඔබට සවන්දීමට සූදානම් බව පැවසීමට බවයි.

5) තවත් විටකදී සුනඛ සුරතලා තම වල්ගය සෘජුව, පොලවට සමාන්තරව, නිශ්චලව තබාගැනීමෙන් පවසන්නේ තමන් දැඩි අවධානයකින් සිටින බවයි.

6) තවත් විටක දී පොලවට සමන්තරව සෘජු වල්ගය හඟවන්නේ ඔබගේ අනට කීකරු වූ බව ලෙසටයි හදාරන්නන් පැහැදිලි කරන්නේ.

7) විටක ඔබේ සුනඛ සුරතලා තම වලිගය ඉහලට හා ස්ථීරව පවත්වා ගන්නා අවස්ථා කියාපාන්නේ තමන් ස්ථාවර විස්වාසනීය තත්වයක සිටින බවටය.

8) තවත් අවස්ථාවකදී ඔබගේ සුනඛ සුරතලා තම වලිගය සැහැල්ලුවෙන් පොලොව දෙසට යොමුව තිබෙන අවස්ථාවකදී හඟවන්නේ ඔහු හෝ ඇය ඔබ සමග සැහැල්ලු හා එකග මනසක සිටින බවය.

9) විටකදී ඔබ සුරතලා පහත් කරගත් හා දෙපසට සෙලවීඅක් දක්වන්නේ නම් ඔහු අවිනිශ්චිත හා අපැහැදිලි තත්වයක වන බවට කරන ඇඟවුමක් බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ.

10) සුරතල් සුනඛයා තම වලිගය පසු දෙපා අතර සහවා ගනිමින් සිටීනම් බියපත් හා වේදනාකාරී අවස්ථාවක වන බවට සලකුනක් ලෙසටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.

-අන්තර්ජාලය ඇසුරෙනි.

Online ජීවිතය

Online ජීවිතය කියන්නේ සෑබෑ ජීවිතයෙන් මහත්සේ ඈත්වූ වෙනම ජීවිතයක් ලෙසටයි තවමත් සාමාන්‍ය පිලි ගැනීම වන්නේ. බොහෝ දෙනා අතර පවතින මතයක් තමයි තමන්ගේ පෞද්ගලිකත්වය අන්තර්ජාලය දෙසට මුදා හැරීම බොහෝ සෙයින් භයානකයි කියන එක. අන්තර්ජාලය කියන්නේම මනෝව්‍යාධිකයන්ගේ පාරා දීසයක් ලෙසට ඔවුන් ඉස්මතුකර පෙන්වන්නට බොහෝ විට කැමති වනවා. නමුත් ඇත්ත තත්වය එලෙසමද? හැම විටම සැග වී සිටිමින් කලා තුරකින් පමනක් ඉස්මතුව යලි සැගවීම අන්තර්ජාල දෙසට දැක්විය යුතු සැබෑ ආකල්පයද?
එක් හේතුවක් තමයි තවමත් Online භාවිතාව සාමන්‍ය ජීවිතයට සාපේක්ශව බොහෝ සෙයින් ලාබල එකක් වීම. විටක තවමත් තොරතුරු තාක්ශනයට සම්බන්ද විද්වතුන් පවා තමන්ගේම කියා online ජීවිතයක් නඩත්තු කිරීමට අකමැති වීම දක්නට පුලුවන්. තවමත් ඔවුනට online ජීවිතය අමතර අංගයක් පමනයි. මෙතැනදී සැබෑ සත්‍යනම් සැබෑම Digital පුරවැසියන් තවමත් තවමත් බහුතරව පාසැල් මට්ටමේ සිටීම වන්නට පුලුවන්. මිතුරෙකු සැබෑ ජීවිතයේදී හමු වෙනවා හා Online ජීවිතය තුලදී හමුවීම අතරේ ඔවුනට විශාල පරතරයක් තිබෙනවා වීම . සමහර විටකදී online ජීවිතයකදී සිදුවන එවන් හමුවක් අවශ්‍ය තරම් හැගීමක් ගෙනෙන්නට අසමත්විම ඔවුනගේ අත්දැකීම වනවා වෙන්නට පුලුවන්. නමුත් එලබෙන හෙට දවස ඉල්ලා සිටින වෙනස මග හරින්නට මෙය හේතුවක් නොවනවා ඇත.
කඩදාසියක් මත පෑන් තුඩකින් අකුරු කරනවාට වඩා පහසුවෙන් ස්පර්ශක තිරය මත තම ඇගිලි මෙහෙයවන සැබෑ Digital පුරවැසියන් බිහිවීමේ ක්‍රියා වලිය තුලම දැනට වඩා ස්වං විනයක් online ජීවිතය දෙසට වේවි යැයි අපට බලා පොරොත්තු වන්නට පුලුවන්. භෞතික හමුවීමක් කෙරෙහි විස්වාසය සමග වැඩුනු අර්ධ Digital පුරවැසියන්ට වඩා එම පූර්න Digital පුරවැසියන් මුල් ස්වභාවයෙන්ම ඒ සදහා වැඩි වැඩි ගෞරවයක් හා භක්තියක් ‍රැගෙන එනු ඇති බවටයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ. Online ජීවිතය සැගවී සිටිමින් සමාජ සංස්කෘතික විරෝධී හැගීම් පිටකරන්නට ‍තෝතැන්නක්ය වැනි හැගීමකට වඩා තමන්ගේ සැබෑ ජීවියේ තීරනාත්මකම සාධකයක් ලෙසට එය සලකමින් වඩාත් ගෞරවයෙන් එයත් සමග කටයුතු කරන හැගීමක් සමග පැමිනෙන ඔවුන් සමාජය භාරගන්නා හෙට දවසේදී අද මේ පවතින අන්තර්ජාලය දසට වන අර්ධ සංස්කෘතික ක්‍රියාකාරකම් වෙනස් වනු ඇති බවටයි අපහට බලාපොරොත්තු තැබිය හැකි වන්නේ.

www.digilk.com

තිස් හතරවන කොටස

ප්‍රධාන නගරයේ සිට අශ්‍රම භූමිය වෙතට පාගමන ඇරබෙන කුඩා නගරය දක්වා දිවෙන මාවද කඳු හෙල් වලින් ගහන දුෂ්කර එකකි. බස් රථය මද වෙගයකින් හැල්මේ ධාවනය වේ. වට පිටාවේ වන නෙක අසිරිගත් අලංකරවත් සොබා දහම ගමන් වෙහෙස හෝ කන්සිය නිවා දමයි. පෙර කී අපූරු වේදිකා නාට්‍යයේ වූ වඩාත් සිත්ගත් දෙබසක් මතකට පැමිනේ ” ඇත්තටම ජීවිතේ සදහා පැමිනෙන නිරපෙක්ෂ අර්ථයක් නැහැ. මම ඔබෙන් ඉල්ලනවා කරුනා කරලා සිය වස් ගනනාවක් තිස්සේ තම වර්ගයා අමාරුවෙන් ගොඩ නගා ගත් අර්ථ විනාශ කරන්නට ඉස්සල්ලා කල්පනා කාරීවන කියලා. මම දන්නවා තියෙන ඒ අර්ථ සමහර විටක ඔබට මහත් අපහසුව ගෙනෙන කරදරකාරී ඒවා වෙන්නට පුලුවන්. ඒත් ඔබ දන්වද? ඇථ නැති ජීවිතය ඊටත් වඩා හරිම වේදනාකාරී බව?” හත‍රැස් අඩි කිහිපයකට සීමාවන නාට්‍ය වේදිකාවේ පරිකල්පන වර්ගපලය අනන්තය.
අහබුලෙස පැමිනි ගිම්හානයකදී හමුවූ ඇය යලි ජීවිතය අවධිකරවන සීනුවක් බඳුවීම විසිතුරු අත්දැකීමක් ලෙසට දැනේ. “ජීවිතය නම් අත්කම මහත් කල්පනාවෙන් අත්කම් කරන්නට ඇයට හැම විටම අවශ්‍යව ඇතුවා සේය” දිනක් උද්‍යාන හමුවීමකින් අනතුරුව රාත්‍රීයේ දින සටහනේ ඇය පිලිබදව තැබූ සටහනක් වූවා මට මතකය. ඇගේ ජීවිතය තුලවූ අපූර්ව සංහිදියාව නිරායාසයෙන් මා සිත් ගත්තාය. කෙටි ඇසුරකදී සාමාන්‍ය මිනිස් බවට මදක් ඔබ්බෙන් වූ ඒ සංහිඳියාව අප අතරට පැමිනීම සටහන් පෙලක් වෙතට පිවිසෙන්නට ඇයට ආරාධනා කරන්නට මා පෙලබවන ලදී.(70)
ඈතින් පෙනෙන අශ්‍රම කඳු මුදුනතට වියතක දෙකක් තරම් උඩින් හිරු පෙනෙන හෝරාව වන විට අවසන් ගම්මානයේ කඳුමුදුනතට පැමිනෙන්නට හැකිවිය. විසල් යෝධයෙකු මෙන් දෙපසට විහිදෙන ආශ්‍රම කඳුයායේ පෙනුමද එහි සිදුවන අපූර්ව කටයුත්ත මනාව පිලිබිගු වනවා සේය. විශාල පොත්ගුල් , හරබර දේශන, මහත් බරපතල පෙනුමැති උපදේශකවරුන් එහි නැත. එහෙත් ලොව සොලවන වියතුන් , ධනවතුන් එහි පැමින මද කලක් ගත කොට ආපසු යන්නේ සම්පූනයෙන්ම වෙනස් පුද්ගලයෙකු ලෙසට වීම විටක මහත් විමතිය ගෙනෙනකි. ඔවුනගේ බරපතල වෙහෙසකර පෙනුම වෙනුවට සැහැල්ලු , සරල බවක් එහිදී ගෙනෙන්නේ ඉතා කෙටි කලකිනි. තවදුරටත් ඔබ ‍රැඳිය යුතුය , ඔබ දැන් යා යුතුය පවසන්න එහි කිසිවෙකු නැත. ඉතාම කලා තුරකින් අයෙක් පැමිනියාටත් වඩා වේගයෙන් පසුවදාම ආපසු යාමද සිදුවේ. වැරදීමකින් තමන්ට නොගැලපෙන පෙදෙසකට ආවා සේ ඔවුන් ආපසු දිව යන්නේ කිසිවෙකුගේ මෙහෙය වීමකින්ද නොවිම විශ්මය උපදවයි. “මෙතැන ඇත්තේ නීති රීතී වලින් පිරුනු අවකාශයක් නොව අපූර්ව රිද්මයකින් ගැවස ගත් භූමිභාගයක් පමනී. එහි වන රිද්මයට සුසර වන්නට ඔබ සමත්ද , අසමත්ද යන වග ඔබගේම තීර්නයකි. ඔබ අසමත්නම් අපහසුවෙන් එහි ‍රැදෙනවාද නැතිනම් පහසුවක් ගෙනෙන හුරු පුරුදු පරිසරයකට යනවාද යන්න ඔබගේම තීර්නයක් වනු ඇත.” පලමු ආශ්‍රම සංචාරයෙන් පසුව ආපසු හැදෑරුම් ආයතනයට ගිය විගස ඔවුනට නෙක ආකාරගත් පැහැදිලි කිරීම් අවශ්‍ය විය. ඉහත සටහන එවන් අවස්ථාවක්දී ඔවුන් වෙනු වෙන් තැබුවකි.
කුඩා මාවත දෙපස තුරු ගොමුවල දහවලට පිරීයන සියොත් හඬ කෙමින් තුනී වෙමින් ඇත. ක්‍රමයෙන් තම ගොවිබිම් වලින් අපසු එන ගැමියන් කලාතුරකින් හමුවෙමින් තිබේ. “මේක සංකීර්න අවස්ථාවක්. ඔවුන්ගේ සමාජීය බව සාමානයයෙන් අප අත්විඳින ආකාරයේ සමාජවල වන අපහසුවෙන් මෙන්ම බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවක් නොපෙන්වයි.සමහර විටක ඔවුන්ගේ ජීවවිදයාත්මකවම පැමිනෙන සමාජ පරිනාමීය බව අපට වඩා ඉදිරියෙන් තිබෙනවා විය යුතුයි.” ටිබෙටියානු මිතුරා මේ සමාජයේ වන සංහිඳියාව අර්ථ දක්වන එක් ආකාරයකි එය. “ඔබට තේරෙනවාද මේ සමාජ පරිසරයේදී තරුන ජවය සේම පැසුනු වියපත් බවද ආභරණ ලෙසට වන පිලිගැනීම. සාමානයයෙන් එය විසින්ම එය ඉදිරියට තල්ලුකර ගන්නා ජීව-සමාජ පරිනාමයක් මේ වගේ විසිතුරු අවස්ථාවක් අත්කරගන්න වසර දහස් ගනනක් වත් ගනීවි.” ඔහු මෙහි වන තත්වය වඩාත් පැහැදිලි කරයි.(71)
සිසිලැති සැන්දෑව කෙමෙන් අඳුරට ඉඩ දී මැකී යන්නට තනමින් සිටී. තව දුරටත් අශ්‍රමය දෙසට ගමන් කරනවාට වඩා රත්‍රිය ගම්මානයේ නිවසක ආගන්තුක කුටියක ගතකර උදෑසනම යලි මගට වන්නට කටයුතු කිරීම වඩාත් හිතකර වනවා පනක් නොව ඔවුන්ගේ සමානය හැසිරීම් පිලිබද ව තවත් එක කරුනක් හෝ ‍රැස්කර ගන්නට එය අවස්ථාවක් වනු ඇත. සාමාන්‍ය හඳුනා ගැනීමකින් අනතුරුව ඔවුන්පහසුවෙන් විවෘත වන මුත් ආක්‍රමනික බවක් දැනුනු විගස ආගන්තුකයාව නොසලකා හරී. ඔවුන් සමග ගැටලුවකට යාම නම් කිසිසේත් හිතකර නොවන්නේ අනෙකාගේ සිරුර මතට පැමිනෙන කුඩා සරල ඇගිලි තුඩු දෙකක චලනයකින් යොධයෙකු වුවත් බිම හෙලන්නට එහි වන කුඩා දරුවෙකු පවා සමත් වන බැවිනි. බොහෝ විට ප්‍රථිවාදියා පසුදා උදෑසන දක්වා සුහිසුන් වූවා සේ නිදිගන්විම ඔවුනට සරල කටයුත්තකි.
“ඔබ දන්නවාද? ඔවුනට මනස නාභිගතකරගන්නට අපට මෙන් බාහිර උත්තේජක අවශ්‍යනොවීම පුදුම සහගතයි. ඉද හිටක අයෙක් එක්තැන් කල මනස ඇසුරින් සරලව බාහිර දෑ චලනය කර පෙන්වන්නට වැනි දෑ පෙලබෙනු දැකිය හැකි වුවත් සාමාන්‍ය ඔවුන් එවැනි ක්‍රියා ලැජ්ජා සහගත කාරනා හැටියටයි සලකන්නේ. නමුත් ඔවුන් එම ශක්තිය තම දෛනික කාරනවලදී අපූරුවට යෝදා ගන්නා බව විමසිලිමත්ව බලන අයෙකුට පහසුවෙන් වටහා ගන්නට පුලුවන්.” ප්‍රකට හැදෑරීම් ආයතනයක පුස්ථකාලාධිපති වරයෙකු ලෙස වසර ගනනාවක ඔහුගේ හෑදෑරීම් අවකාශය මහත් පුලුල්ය. ටිබෙටියානු මිතුරා සතුව තිබු මහත් අත්දැකීම් ප්‍රමානයක් මා සමග බෙද හදා ගන්නට ඔහු කැමතිවීම මාහට මහත් පහසුවක් විය.(72)

  • Pubudu Siriwansa

සීතාවක රාජධානියේ බිඳ වැටීමට හේතු වූ කරුනු දෙකක් -4-

මෙසේ රාජසිංහයන් කල සාසනික විලෝපයෙහි ප්‍රථිපලය වූවේ එතෙක් සීතාවකට පක්ෂපතීව සිටි වූත් ජනතාවගේ පිලිගැනීමට පාත්‍රව සිටීයා වූත් මහතෙරුන් වහන්සේලා මහනුවර අළුතින් බලයට පත්ව සිටි කොනප්පු බංඩාරයන්ට පක්ෂපාතී වීමයි.
සීතාවක රාජධානියට අයත් සබරගමුවේ වැඩ සිටි දළඳා වහන්සේද උන්වහන්සේලා විසින් මහනුවරට වැඩම කරවන ලදී. දළඳා වහන්සේ මෙරට රාජ්‍යය උරුමයෙහි සංකේතය වූ බව මෙහිලා අප විසින් අමතක නොකල මනාය. පසුකලේක මහනුවර පලමුවන විමලධර්මසූරිය නමින් රජබවට පැමිනියේත්, සීතාවක රාජසිංහයන් ඔහුගේ ජීවිතයට අවසානම සටන වූ බලන සටනේදී පරාජයට පත්කලේත් ඉහත සදහන් කල භික්ෂූන් වහන්සේගේ පක්ෂපාතීත්වය දිනා ගත් කොනප්පු බංඩාරයන්මය. රාජසිංහයන්ගේ මරනය සිදුවූවේත් මෙ සටනින් පැරදී සිත් තැවුලෙන් යුතුව පසු බසිද්දී පෙතන්ගොඩ උයනේදී බව කියවේ. “බුද්ධ සාසනයටත් භික්ෂූන් වහන්සේලාටත් අත තැබූවෙකුට විපත්නම් නියතය” යන්න සනාතකල තවත් අවස්ථාවක් ඉතිහාසයේ එලෙස සනි‍ටුහන් විය.
සීතාවක රාජසිංහයන් කොතරම් යුද්ධයෙහි දක්ෂයෙකු වුවද නිර්භීත කමින් අග තැන්පත් වුවද ඔහු තම ජයග්‍රහනය නිත්‍යකර ගැනීමෙහි ලා උපාය ශීලී වූ ශූර පලකයෙකු නොවීම සිංහල ජාතියේම අවාසනාවකි. ඔහු සතුව තිබූ විදේශිකයන් පි‍ටු දැක දේශය ගලවා ගැනීමේ උදාර අරමුනත් සමගම දේශීය චින්තනය හඳුනාගෙන ජනහදවත් දිනා ගැනීමේ ශක්තියත් එක් විනි නම් ශ්‍රීලංකාවේ ඉතිහාසයට අදට වඩා වෙනස් ව යන්නට ඉඩ තිබිනි. කොතරම් බලවත් නාවික හමුදා සහ පාබල හමුදා පෘගීසීන් සතුවූවද භික්ෂූන් වහසේ ප්‍රමුක දේශීය ජනබලය දිනා ගන්නට රාජසිංහයන් සමත් විනි නම් ශ්‍රීලංකා ඉතිහාසයෙහි බටහිර යුගයක පි‍ටු පෙරලන්නට අපට අවස්ථාව නොලැබී යනවා නොවනු මානය.

Windows 10 Mobile update පැමිනීම අප්‍රේල් 25 සිට

Microsoft ආයතනය පවසන්නේ තම windows 10 වල Creators Update සදහා වන PCසංස්කරනය මෙම අප්‍රේ 11 සිට ක්‍රමයෙන් නිල ලෙසට නිකුත්වන්නට පටන් ගන්නා බවයි. කෙසේ මුත් මෙතෙක් එම ආයතනය තම මෙහෙයුම් පද්ධතියේ Mobile සංස්කරනය පිලිබඳව නිශ්චිත දිනවකවානු ඉදිරිපත් නොකල අතර පවසා සිටියේ එය “පසුව” නිකුත් කරන බව පමනය. පැමිනෙන නවතම හෝඩුවාවක් පවසන්නේ  Windows 10 Mobile updateය අප්‍රේල් 25 වන විට නිකුත්වන්නට සූදානම් බවය. වැඩි දුරටත් පැහැදීලි කරන ඔවුන් ප්වසන්නේ මෙම නිකුතුව ස්ථාපනය මදක් සංකීර්න වන්නේ එය manufacturer, model, country or region, mobile operator නැතිනම් service provider මත පමනක් නොව ස්ථාපනය වී ඇති මෘදුකාංග මෙන්ම දෘඩාග මතද සීමා වන බවය. තවමත් Microsoft ආයතනය නව යාවත්කාලීනය සදහා නියමිත Windows 10 minimum hardware requirements වෙනස් කර නැති අතර මෙම සංස්කරන දෙකම නව දෘඩාංග සදහා ප්‍රථම කොටම ස්වංක්‍රීය ස්ථාපනය සිදුවනු ඇති බවය.

සීතාවක රාජධානියේ බිඳ වැටීමට හේතු වූ කරුනු දෙකක් -3-

මෙවැනි කුරිරුකම් හමුවේ කවර නම් පාලකයෙකුගේ පාලනයක් දිගුකල් පවතීවායි ජනතව පතත්ද? එදත් අදත් ශ්‍රීලංකාව බුදු සමය සියපන දෙවැනි කොට තැනූ ජනතාවක් වාසය කරන රටකි. බුදු සමයට පි‍ටුපා යන අය කොතරම් බලවතුන් වුවද ජනතාවගේ පිලිකුලට ලක්වීමත් එවැන්න වුන්ගේ බිඳ වැටීම ජනතාව විසින් ප්‍රර්ථනය කරනු ලැබීමත් ශ්‍රීලංකාවේ ඉතිහාසය නැමති රේඛාවෙහි අඛංඩව දක්නට ලැබෙන ලක්ෂනයකි. විදේශිකයන් පි‍ටු දැකීම රාජසිංහයන්ගේ උත්තරීතර අරමුන වුවද එයම ලක්ජනතාවගේ පොදු පරමාර්තය ව පැවතුනද බුදු සමයට එරෙහිව රාජසිංහයන් කල කටයුතු නිසා ඔහු පසුපස පෙල ගැසෙන්නට ජනතාව මැලි වූහ.
රාජසිංහයන් ගෙන් බුදු සසුනට වූ විනාශය මහ වංශය මෙසේ විස්තර කරයි. “දිනක් දන්දුන් රජ මහා තෙරුන් වෙතින් ප්‍රීතෲ ඝාතක පාපයෙන් මිදෙන්නේ කෙසේ දැයි විචාල කල්හි ඉන් මිදිය නොහැකි යැයි උන්වහන්සේලා පෙන්වා දුන්හ. සර්පයෙකු සේ කිපුනු රජ ශිව භක්තිකයන් වෙතින් ඉන් මිදිය හැකියැයි ලැබූ උපදෙසට පැහැද ශිව භක්තිය වැලඳ ගෙන සඝුන් මරමින්, දහම් පොත් ගිනිබත් කරවමින් , ආරාම බිඳුවමින් , බුදු සසුන විනාශ කලේය. සුමන කූටයෙහි (සිරීපාදයෙහි) සියළු ලාභයන් මිසදු‍ටුවනට පවරා දුන්නේය. රාජ භයෙන් බියපත්වූ බොහෝ භික්ෂූන් සිවුරු හැර ගිය අතර සෙසු භික්ෂූහු තැන තැන ගොස් සැගවුනහ (මහාවංශය). රාජසිංහයන්ගෙන් වූ සාසනික විනාශය මහා වංශ කරු ඔහු හැදින්වීමට යොදා ඇති පාපීයා (පාපකෝ) යන වචනයෙන්ම මනාව සංක්කේතවත් වේ.
රාජසිංහයන් සිව ආගම කෙරේ පැහැද වූවේ අරිට්ට කී වෙන්ඩු නම් ආඬි ගුරු විසිනි. “අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් කියන ආඬියනට මාන්නන්ප්පෙරුම මොහොට්ටි කමුත් දී යකඩ දෝලියට ඇරගෙන උන් රජ හෙට්ටියාගේ දුව මන්නප්පෙරුම මොහොට්ටියාට දී බොහෝ කරුනා ඇතිව ඉඳිනා සඳ”. යනුවෙන් ඔහුට මාන්නප්පෙරුම මොහොට්ටාල යන නම දී රජ හෙට්ටියාගේ දුවද සරන කර දුන් බව රාජාවලියේ (99 පි‍ටුව) සඳහන් වේ. මොහුගේ උපදෙස් පරිදි රාජසිංහයන් විසින් කල එතෙක් ලියවී තිබුනු පුස්ථකයන් ගිනිබත් කරවීම නිසා සිංහලයන් සතු උදාර සාහිත්‍ය කෘති විශල සංක්‍යාවක් මුළුමනින්ම විනාශ වී ගිය බවට සැකයක් නැත. “කඳු මෙන් ගොඩකර බන පොත් ගිනි දී සසුනද වනසමිනා” යනුවෙන් මන්දාරම් පුර පුවත් කවියා එය වාර්ථාකර ඇත.රාජසිංහයන් භික්ෂූන්වහන්සේලාට කල විපත ද මන්දාරම් පුවත් කවියා “සිල්වත් සඝන මරවන ” ” බික් සඝුන් මරමිනා” ආදී වසයෙන් සදහන් කර ඇත.

නොකල වරදකට විසි වසරකට පසු සිර දිවියෙන් නිදහස ලබයි

Marco Contreras නම් අයෙකු පසුගියදා Los Angeles වල අධිකරනයෙන් නිදහස ලබන්නේ 20 වසරක් තිස්සේ තමන් නොකල අපරාධමය වරදකට දඩුවම් ලබමින් සිටය. පලවන වාර්ථා පවසන්නේ 41 හැවරිදි මොහු Los Angeles අධිකරනයෙන් එසේ නොකල වරදකට දඩුවම් ලබමින් සිටින නිවැරදි අයෙකු බව පිලිගෙන පසුගිය සති දෙක තුල අධිකරනය විසින් නිදහස් කරන ලැබූ දෙවැන්නාද වන බවකි. පසුගිය දිනවලදී Andrew Wilson නම් අයෙක්ද තමන් විසින් නොකල වරදකට නිදහස ලැබූ වේ 32 වසරකට පසුවය. මෙම දෙදෙනාම සදහා නිදහස ගෙනෙ එන්නට සහය වූවේ Loyola Law School වල ව්‍යාපෘතියක් යටතේ නව සාක්ෂි සමග කල නව අධිකරන ක්‍රියාවලියක් යටතේය.
පෙර කී Mr Contreras නැමැත්තා මිනීමැරීම් හා පැහැරගැනීම් යනා වරදවල් යටතේ 1996 දී ජීවිතාන්තය දක්වා දඩුවම් ලැබූ අයෙක් වූ අතර අදාල නව අධිකරන ක්‍රියාවලියෙන් අනතුරුව සැබෑ අපරාධකරු හඳුනාගෙන ඇති බවටයි විස්තර කෙරෙන්නේ. නිදහසින් අනතුරුව ඔහු පවසා සිට ඇත්තේ තමන් එම කාලය තුලදී අධ්‍යාත්මික, ධනාත්මක හා සහයෝගයෙන් කටයුතු කරන්නට පෙලබි බවයි.