Monthly Archives: April 2017

මුල්ල හරෝන අඬුව ගේන්න ගිහින්…

මැණික් පතලක වැඩට ගන්නා ආයුධ සහ උපකරනද ගනනාවකි. ඒවා බොහෝ විට මැණික් අඩවියටම ආවේනිකය. පතල් උදැල්ල සහ ඉල්ලම් කූර ඉන් ප්‍රධානය.
පතල් උදැල්ලේ මිට කෙටිය. එහෙත් බාස් උදැල්ල ඊට වෙනස් ය. එහි මිට රියනකට වඩා දිග නැත. වැඩ කිරීමෙන්ම පයටම ගෙවුනු උදලු තලයක් ඊට සවිකර තිබේ. පතලේ බාස්ට පමනක් පැවරෙන සීග්‍ර වැඩ හෙවත් බොහොම ප්‍රවේශමෙන් කල්පනාවෙන් කල යුතු වැඩ සදහා ඔහු මෙම උදැල්ල භාවිතා කරයි. ඇතැම් කලබල අවස්ථාවක කෝ බාසා කොහාට උනාද? යනු වෙන් සොයන්නේ බාස් උදැල්ල මිස පතලේ බාස් උන්නැහේව නොවේ.
ඉල්ලම් කූර සහ කම්මිලි කූර මැණික් පතල් වැඩට නැතුවම බෙරි උපකරන දෙකකි.
ඉල්ලම් කූර කුඩා ගල් ඉන්නක් බඳුය. එහි දිග අඩි තුනක් පමන වේ. එක් පැත්තක් තියුනු උලක් ලෙසද අනික් පැත්ත පැතැලි පෙත්තක් වශයෙන්ද තනා ඈති ඉල්ලම් කූර භාවිතකරන්නේ ඉල්ලම් කැඩීමටය. ඊට අමතරව පතලේ බිත්ති සමතලාව සකස් කර ගැනීමටද ඉල්ලම් කූර භාවිතා කෙරේ.
කම්බිලි කූරද අපූරු උපකරනයකි. දිගිම් අඩි 12ක් වන එය අතේ ඇගිල්ලක් තරම් මහත යකඩ කූරකි. එහි එක් පැත්තක තියුනු උලකි. අනෙක් පැත්තේ යකඩය නමා වලල්ලක් සදා තිබේ. එයින් අල්ලා පොලොව යටට ඇන මැණික් ඉල්ලම් ඇති නැති බව සොයා ගැනීම කම්ම්ලි කූරෙහි රාජකාරියයි.
ඉල්ලම් කූර ඇතැමුන්ට යකඩය. එය ගෙවී කෙටි උන විට යකඩ කොටේය. ඉල්ලම් කූරක් නැති ගෙයක් දොරක් මැනික් අඩවියේ නැත. ලන්ඩේ යනු පතල වලදී පොලොව විඳීම සදහා භාවිතාකරන විශාල ප්‍රමනයේ ගල් ඉන්නකි.
කුඩා ප්‍රමානයේ වේවැල් කූඩ ඉනි බස්සන අත කොලුව වැනි උපකරනද මැණික් පතල් වැඩට ඇතිවම බැරිය.
නවකයන් වැඩ කරන පතල් වල භාවිතාවන තවත් උඅපකරනයක් වේ. ඒ මුල්ල හරවන අඬුවයි. පලපුරුදු පතල් කරුවෝ ඒහා පතලට ගිහින් මුල්ල හරවන අඬුව අරන් වරෙන් යැයි නවක පතල් කරුවන් එහා පතලට යවති. අපේ එකත් එකා පතලට ගෙනිච්චා යයි කියා ඒ පතලේ අය නවකයා අනික් පතලට යවති. ඒ පතලේදී ඔහුට ලැබෙන්නේ එවැනිම පිලිතුරකි. පතල් පොලේ සෑම පතලකටම ගියත් නවකයාට මුල්ල හරවන අඬුවක්නම් ලැබෙන්නේ නැත. මෙය විහිලුවක් මිස එබඳු අඩුවක් නැති බව නවකයාට වැටහෙන්නේ පතල් පොල වටේටම ගිය පසුව ය.
මැණික් පතල් වල ඇති තවත් ජනප්‍රිය විහිලුවක් වන්නේ තෙත්තියන් ඉල්ලාගෙන එන්නට පතලෙන් පතලට යැවීමය. කොතෙක් ගියද ඔහුට කිසිදු පතලෞයකින් තෙත්තියන් නොලැබේ.
තත්තියන් ඉල්ලන ඇතැමෙකුට ඇතැම් වැඩි හිටියෙකුගෙන් ලැබ්න්නේ තමුසෙට පයිත්තියන්ද වැනි ක‍ටුක පිලිතුරකි.
තත්තියන් තියනවා යැයි කියන්නේ කපන කොටන ආයුධවලට මුවහත තැබීමටය. එසේ වුවත් පතල් පොලවල් ආශ්‍රිතව මේ වචනය වෙනත් ගුප්ත අසැබි අරුත්ද පට බැඳ ගෙන තිබේ.
– පොත පත ඇසුරෙනි

තොරතුරු යුගයේ පසු භාගයකදී සම්ප්‍රදායික කම්කරුවා අස්ථාන ගත වීම

තොරතුරු යුගයේ පසු භාගයකදී සම්ප්‍රදායික කම්කරුවා අස්ථාන ගත වීම සාමාන්‍ය කාරනාවකි. කාර්මික යුගයේදී පැමිනි එම උත්කෘෂ්ටය තොරතුරු යුගයේ මැද භාගයේදී බහුලවන “යාන්ත්‍රික බව හා තොරතුරු බවේ මිශ්‍රිත උත්කෘෂ්ඨය” ගිල ගැනීම අනිවාර්යය. සාම්ප්‍රධායික දේශපාලකයා මෙන්ම ප්‍රාග්ධන හිමිකරුවා කොතරම් අකමැති වුවද ක්‍රමයෙන් මෙම පරිවර්ථනය සිදු වීම අනිවාර්ය වනු ඇත. දේශපාලන කෝනයෙන් සැලකීමේදී සාම්ප්‍රධායික හා පහසු අමුද්‍රව්‍යය තමන් වෙතට අහිමි වීම ඔවුනට ගැටලුවක් වීමේ වේදනාව කොතරම් උත්සාහකලද ක්‍රමයෙන් සිදුවිය යුතු එම පරිවර්ථනය අනිවාර්යය.
එය නව යුගයක් වීම ධනාත්මක බලපොරොත්තුවකි. බොහෝ සාම්ප්‍රධායික විෂයන් අභියෝගයට ලක්වීම එහිදී අනිවාර්යය. මිනිසුන් පාලනය කල බොහෝ සීමාවන් යලි විමසන්නට සිදුවීම මිනිසෙකුට තම ධාරිතාව සමාජය මත නිදහසේ දියත්කරවන්නට වැඩි වැඩියෙන් අවකාශදෙනු ඇත. සාම්ප්‍රධායික දේශපාලන මෙන්ම ආර්ථික රටාවන් ක්‍රමයෙන් බිඳ වැටමින් නිර්මානශීලී මිනිසා පාලනය කල බොහෝ සාම්ප්‍රධායික සාධක අඩපන වීම ඔස්සේ පැමිනෙන මෙම නව යුගයක් ගැන බලපොරොත්තු තබන්නට මෙන්ම වඩාත් විධිමත්ව අත්පත්කර ගන්නට උත්සාහ කිරීම අපගේ වග කීමක්ද වනු ඇත.
– siriwansa

එය ඩිජිටල් තොරතුරු පරිසරයට ඔබින මිනිසා සදහා වන පරිනාමයක් ලෙසට නම් කරන්නට හැක…

ඔබ පිවිසෙන්නේ ප්‍රධාන මාවතින් ඔබගේ ගෙවත්තටය. ඔබගේ පලමු මට්ටමේ පෞද්ගලිකත්වය ඇරබෙන්නට පටන් ගනී. දැන් ඔබ පිවිසෙන්නේ නිවසේ මැද සාලයට වන විට ඔබගේ නිවසේ සාමාජිකයන්ට පමනක්ම සීමාවන පෞද්ගලික බව ඔබ වෙතට එනු ඇත. දැන් ඔබ පිවිසෙන්නේ ඔබගේ නිවසේ ඔබ වෙනුවෙන් වෙන්ව ඇති ඔබගේ කාබරයටය. සාමාන්‍යයෙන් මිනිස���කුට ලැබිය හැකි උපරිම පෞද්ගලික බවවින් මේ වන විට ආරක්ශිතය. ගිමන් නිවීමකින් අනතුරුව ඔබ දැන් පිවිසෙන්නේ ඔබගේ පරිගණක …කාබරයටය. එය අන්තර්ජාලයට සම්බදවී සෙවුමකට හෝ බෙදා ගැනීමකට දැන් ඔබ සහභාගී වෙමින් සිටී. පරිගණකයක් සමග හුදකලාව ගනුදෙනු කරමින් සිටින ඔබ වෙනත් තලයකදී දැන් ලොවට විවෘතවී ඇත. ඔබ භාවිතාකරමින් සිටින apps, මෙන්ම බ්‍රවුසරය ඇතුලු එහි ක්‍රියාත්මක වන නෙක ආකාරයේ මෘදුකාංග ඔස්සේ විවිධ මට්ටමින් ඔබව හදාරමින් සිටින්නේ සමහර විටක ඔබ කිසිසේත්ම නොදැනුවත්වය.
තවත් දෙසකින් තත්වය විග්‍රහ කෙරෙනුයේ වෙනස් ආකාරයකටය. ඔවුන් යෝජනා කරන්නේ තව දුරටත් පෞද්ගලිකත්වය සාර්ථක සංකල්පයක් නොවන බවකි. ඔබ කරන කියන, අසන බලන දෑ සගවන්නට උත්සාහ කරන්නේ ඇයි දැයි ඔවුන් විමසා සිටී. තවත්වය දැන් වඩාත් සංකීර්නය. තොරතුරු බව බරපතල Desktop පරිසරයට පමනක් තව දුරටත් සිරවී නැත. ස්මාර්ට් දුරකථනය ඔස්සේ එය ප්‍රථමයෙන් හා ඉතා හොඳින් ජංගම වී ඇත. දැන් පහසුවෙන් ඔබ යනෙන, ගනු දෙනු කෙරෙන ආකාරය විවෘත වී ඇත. වරක් වාර්ථා වැඩ සටහනක් මෙහෙවමින් අයෙකු ජනාකීර්න වීදියක් මධ්‍යයේදී පවසා සිටියේ තම ජංගම උපාංගය Wi-Fi ජාල හත්කට පමන විවරව ඇති බවකි. උපාංගයේ IP ලිපිනය ඔස්සේ ප්‍රමුකව ඔබව හදාරාගන්නට අන්තර්ජාලයට ඇති හැකියාව අති විශාල බව ඔහු පැහැදිලි කර සිටියාය.
එක් දෙසකින් වඩාත් සුරක්ශිත සෙවුමකට ආරක්ශිත බ්‍රවුසර පැමිනෙයි. තවත් විටක අමතර මෘදුකාංග ඔස්සේ ඔබගේ වෙබ් සැරිය සුරක්ශිත කර දෙන්නට ඔවුන් පොරොන්දුවෙයි. තවත් විටක වඩාත් සාර්ථක තාක්ශනයන් ඔස්සේ ඔබගේ දත්ත හුවමාරුව කලහැකි ක්‍රමවේද දියුනු කරමින් සිටී. වඩාත් දියුනු මිනිසෙකු වඩාත් නිවැරදි පිලිතුර වනු ඇති බවට මම විස්වාස කරමි. විටක ඔබ නොදැනුවත්වද එය සිදුවෙමින් පවතී. එය ඩිජිටල් තොරතුරු පරිසරයට ඔබින මිනිසා සදහා වන පරිනාමයක් ලෙසට නම් කරන්නට හැක. එය බොහෝ දුර ඉලක්කයක් වන මුත් වඩාත් සාර්ථක විසදුම එයම පමනක් වනු ඇත. එවිට ඒ මිනිසා ගෙන් සැදෙන ආයතනික මෙන්ම පෞද්ගලික මට්ටමේ තොරතුරු හුවමාරු පරිසරයන් වඩාත් සැහැල්ලු සහනශීලී එකක් වනු ඇති බවට විස්වාසය තැබිය හැක. තවමත් ලොව බහුල නීති පද්ධති වල මේ ආකාරයේ සිදුවන අපරාධ සදහා ඒ සදහා වඩාත් ඉලක්කවන නිතිරීතීන් පැමින නැත. මැතකදී ප්‍රධාන පෙලේ රටක් කෙටි පනිවිඬයක් මගින් කෙරෙන තර්ජනයක් සදහා වසර කිහිපයක් දක්වා දඩුවම් ගෙනෙන නීති පරිසරයක් නිර්මානය කරන්නට කටයුතු කල අතර ඒ දක්වා එවන් ගැටලුවකදී නීති සහනය පැමිනියේ ඒ ආශ්‍රිත තත්වය සදහා වන නීති කෙ‍ටුම් පත්වලින් වීම විටක නිවැරදිව අදාල වරද අර්ථ දක්වා ගන්නට මෙන්ම ඔප්පු කිරීමේ ක්‍රම වෙද වලට අපහසුකම් තිබිනි.
පැන වෙන නීති රීති මෙන්ම සමාජීයව පිලි ගැනෙන සිරිත් විරිත් වැනි බොහෝ දිශාවන් ඔස්සේ පෙර කී තොරතුරු තාක්ශන පරිසරය හිතැති මිනිසා නිර්මානය වීමට අවශ්‍ය වට පිටාව නිර්මානය කෙරෙනු ඇත. ඔහු දැනට අප දකින ආකාරයේ මහත් සේ යාන්ත්‍රික වූ මිනිසෙකුට වඩා තාක්ශනය වඩාත් විනයවත්ව තම ජීවිතයට කැදවා ගත් මිනිසෙකු වනු ඇත.
– siriwansa

වීරසුන්දර බණ්ඩාර -2-

මේකාලය වන විට එකව්නා රාජසිංහ රජුගේ තර්ජන නිසා කෝට්ටේ රාජ්‍යය ආරක්ෂා සහිත ස්ථානයක් වූවෙන් ධර්මපාල රජුද කොළඹ පෘතිගීසී කො‍ටුවේ ආරක්ෂාව ලබමින් සිටියේය. කොනප්පු බණ්ඩාරට පෘතුගීසීන් හා කිට්‍ටු ඇසුරක් ඇති කර ගැනීමටත් ක‍තෝලික ආගම ගැන අවබෝදයක් ලබා ගනීමටත් මෙය හොඳ අවස්ථාවක් විය. වීදියේ බණ්ඩාරගේ මලනුවන් වූ තම්මිට බණ්ඩාරගේ දියනියක් අවාහකරගෙන දොන් ජෝන් නමින් බෞතීස්ම වී කතොපලික ආගම වැලන්ද ගති. කරලියැද්දේ රජුගේ දියනිය වූ දෝන කතිරිනා (කුසුමාසන දේවි) කුමරිය හා බෑනා වූ දොන් පිලිප් යමසිංහ බණ්ඩාර සමග කිට්‍ටු ආශ්‍රයක් පවත්වාගෙන යාමටද ඔහුට අවස්ථාව ලැබෙන්නට ඇත. තමා සමග කොළඹට පැන ආ සල්ලප්පු නැමති අය මැරීම නිසා කොනප්පු බණ්ඩාර ගෝවට යවන ලදී. එහි තුන්වසරක් පමන කාලයක් සිටි කොනප්පු බණ්ඩාර කරන ලද වීර ක්‍රියා නිසා ගෝවේ ප්‍රථිකාල් වීසුරේ ගේ ප්‍රසාධයද දිනා සිටියේය.
සීතාවක රාකසිංහ රජු කොළඹ කො‍ටුව වටලෑම නිසා ඉතා අසරන තත්වයට පත්ව සිටි පෘතුගීසී සේනාව බේරා ගැනීමට නම් උඩරට කැරළි ඇතිකර රජුගේ අවධානය වේනත් අතකට යොමුකල යුතු බව තේරුම් ගත් විසුරේ උඩරට රජ්‍යය උරුමය ඇති කරලියැද්දේ ගේ බෑනා වූ දොන් පිලිප් යම සිංහ බණ්ඩාර සමග කොනප්පු බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් පෘතුගීසී හමුදාවක් එවීය. මන්නාරමට පැමිනි මේ පිරිසට උඩරටට යාමට බාදාවක් ඇති වූ බව නොපෙනේ. උඩරට ප්‍රභූවරුන්ගේ හා වැසියන්ගේ සහයෝග මොවුනට ලැබෙන්නට ඇත. කිසිදු බාදාවකින් තොරව මහනුවර අල්ලාගත් ඔවූහු දොන් පිලිප් යම සිංහ බණ්ඩාර රජකමෙහි පිහිට වූහ. අභිනව රජුගේ ආරක්ෂාව සදහා පෘතුගීසී හමුදාවක්ද උඩරට ‍රැන්ද වින. ටික දිනකින් යමසිංහ කුමරු මියගිය විට ඔහුගේ පුත් ජෝන් කුමරුට රජකම පැවරිනි. දොන ජොන් කුමරු රජකමෙන් පහකල කොනප්පු බණ්ඩාර විමලධර්ම සූරිය නමින් උඩරට රජවිය. එකවන රාජසිංහ රජු උඩරට යටත් කර ගැනීමට සේනාව සන්නද්ධව පැමිනි නමුත් බලනේ සටනින් පසුබැස , “මෙදා උඩරට පැමිනි අය පින් ඇති කෙනෙකැයි ” කියා සීතාවකට ආපසු යන අතර මගදී පෙතංගොඩ උයනේදී උන ක‍ටුවක් ඇනී මරනයට පත්විය. සීතාවක රජ්‍යයේ එඩිය ක්‍රමයෙන් අඩුවී යන විට රාජසූරිය කුමරුගේ මරණයෙන් පසු මාන්නප්පෙරුම මොහොට්ටිද ධර්මපාල රජුට එකතු වීම නිසා තව තවත් දුර්වල විය.විමලධර්ම සූරිය රජු උඩරට රාජ්‍යය ලබ ගත්තද රාජ්‍යයේ ස්ථාවර බවක් නොලැබූ බව පෙනේ. උඩරට රජ්‍යය ලබා ගැනීමට විමලධර්මසූරිය රජුට උරුමයක් නැති යන අදහස උඩරට ප්‍රභූවරුන් හා වැසියන් තුල වඩෙමින් තිබූ බව සිතිය හැකිය. කුසුමාසන දේවිය (දඔන කැතරිනා) ට උඩරට රජ්‍යය ලබා දීමට ධර්මපාල රජතුමා ඉදිරිපත් වූයද මේ අදහස මුල්කරගෙනය. ධර්මපාල රජු ජයවීර බණ්ඩාර හා පෘතුගීසී කපිතන් තැන කථකා කරගෙන දෝන කතිරිනා කුමරියට උඩරට රජකම ලබ දීම සදහා විමලධර්ම සූරිය රජුට එරෙහිව සේනා මෙහෙය වූහ. දෝන කතිරිනා කුමරිය සමග ගිය සේනාව දන්තුරේ වාඩිලා ගත්හ. උපායකින් සතුරු සේනාව පරාජය කිරීමට විමලධර්ම සූරිය රජු සම්ත්විය. පලායන කතිරනා කුමරිය අල්ලා ගත් ඒකනායක මුදලි ඇය විමලධර්මසූරිය රජු ඉදිරියට ගෙන ගියේය. උඩරට රජකම ලබා සිටි කරලියැද්දේ රජුගේ දියනිය වු නිසා කුසුමාසන දේවිය(දෝන කතිරිනාට) උඩරට රජ්‍යයේ අයිතිය තිබිනි. විමලධර්මසූරිය රජු මෙම කුමරිය සරණ කර ගැනීමෙන් උඩරට රජ්‍යයේ උරුමය තහුවුරු කර ගත්තේය.
– පොත පත ඇසුරෙනි

පනස් එක් වන කොටස

ජීවිතයේ හමුවූ වඩාත්ම අපූරු දවස් ගොනුව වේගයෙන් ගෙවී යමින් තිබිනි. සාර්ථක දේශන මාලාව වෘතීය තෘප්තිකර බව මනා ලෙසට ගෙනෙමින් තිබිනි. සමහර දිනවලදී මධ්‍යම රාත්‍රිය වන තෙක් අපගේ සටහ් පෙල සමග කටයුතු කරන අතර ඉන්පසුව තොරතුරු ලෝකයේ නවතම් හැසිරීම්, හැරවුම් පිලිබදව හදාරන්නට අවශය විය. විටක ඉඅ කටයුතු අවසන් වන විට ඉලග දිනය උදාව තිබිනි. ඉතා සුලු විවේක ගැනීමකින් අනතුරුව දේශන කටයුතු ඇරබුවද වෙහෙසකර බව නොදැනෙන්නාක් තරම් විය. ප්‍රබෝධය සියල්ලට ඉහලින් ජීවිතය වෙතටට දැනෙමින් තිබිනි.
මිනිස් වර්ගයා අත නොගැසිය යුතුම විෂය අවකාශයක් වෙතට අප පිවිසෙමින් සිටියෙමු. “ශාස්තෲවරුන්” එම මාතෘකාව විය. පෘතුවිය මත ගොඩ නැගෙන මිනිස් ශිස්ථාචාරයේ ප්‍රදාන හැරවුම් ඔවුන් විසින් ගෙනෙන ලදී. ඒ නිසාමදෝ මිනිස් අධ්‍යාත්මයේ ඉහලම තලයේ වඩාත් සුපැහැදිලිව එම අනන්‍යතාවයන් සටහන්ව තිබිනි. ලොව පුරා සිදුවූ බොහෝ මිනිස් අර්බුදවලට මෙම අනනයතා නිරන්තරයෙන් පාදකවූවා පමනක් නොව හෙට දිනයේදීද එසේම වන බවට කිසිදු සැකයක් නැති තරම් විය. “ඔවූහු කොහෝ සිට හෝ පැමිනෙන්නෝද>? නැතිනම් මිනිස් සමාජ අවකාශයන්ගෙන්ම ඉහලට ගොඩ නැගෙන්නෝද? ” අදී නෙක ආකාර ගත් විමසීන් අප වෙතට සටහන් කරන්නට අවශ්‍යව තිබිනි. ලොවපුරා විවිධ හැදෑරුම් ආයතනවල සිටින මිතුරන් හරහා වඩාත් නවතම තොරතුරු ‍රැස්කරන්නට අප කටයුතු කරමින් සිටියෙමු.
ලෝකයේ වන සංවේධීම අවකාශයක් අප පසුකරමින් සිටියෙමු. මිනිස් වර්ගයාගෙන් වැඩියෙන්ම රුධිරය ගලා යන්නට හේතුවූ මාතෘකාවක වූ නිසාම බොහෝ හදාරන්නන් එම විෂය වෙතට පැමිනියේම භක්තිය මූලිකව විනා මධ්‍යස්ථව නොවී තිබිනි. මිනිස් ජීවියාගේ මුල් ස්වභාවයෙන්ම හිමි පෘතුවි සිරකරු බවෙන් මිදෙන්නට ඔවුනට වන ආශාව කැමැත්ත හා උවමනාව සියලු ඉගැන්වීම් වල කැපී පෙනෙන බව අපගේ එක් ස්ථාවරයක් විය. “ඔවුනට අවශ්‍ය වනවා වලාකුලු ඉක්මවමින් අනන්තයට පියාබා යන්නට”. “ඔවුනට අවශ්‍ය වනවා තම ජීවිතය පාලනය කරන භෞතික, සමාජීය කාරනාවලින් ඔබ්බෙන් වන අවකාශයක් නිර්මානය කර ගන්න”. තවත් විටකදී “ඔවුනට අවශ්‍ය වනවා තමන් තම මුල් ප්‍රාථමික ස්වභාවයෙන් පැමිනෙන ගුනාංග වඩාත් අර්ථවත් ඒවා වෙතට නංවා ගන්නට අවශ්‍ය සහයක්”.
– siriwansa

වීරසුන්දර බණ්ඩාර -1-

එකවන රාජසිංහ රජ උඩරට එකසත් කරගෙන අය බදු සීතාවකට ගෙන්වා ගෙන උන් සඳ පේරාදෙනියේ වලියෙන් පැවත එන වීරසුන්දර බණ්ඩාර කන්ඳ උඩ පෙරලි කර …. යනුවෙන් රාජාවලිය වීරසුන්දර බණ්ඩාර ගැන සඳහන් කරයි. රාජාවලි වර්ථාව අනූව ඔහු පේරාදෙනි රජ පෙලපතකින් පැවත එන්නෙකි. පෙරාදෙනි රජ පෙලපතක් ගැන අපේ වංශ කථාවල සඳහන් නොවේ. ශ්‍යාමෝපසම්පදාවෙහි ඔහු ගම්පොල රජවංශයට අයත් යැයි සදහන් වේතත් ඥාතිසම්බන්ධ ගැන විස්තරයක් නැත. රාජසිංහ සිරිතෙහි ඔහු ජයවීර රජුගේ මුහුපුරෙක් බව සදහන්වේ. මේ සම්බන්දය කුසුමාසන දේවිය (දෝනකතිරිනා කුමරිය) ගේ පාර්ශවයෙන් සත්‍ය වුවද පිය පාර්ශවයේ සත්‍ය නොවේ.
ලංකාවේ රජවරුනට රාජකීය ඥාති සම්බන්දයක් තිබුය යුතු යන ආකල්පය මුල් බැස ගෙන තිබූ නිසා මෙසේ සඳහන් කලා විය හැක. මේ සියල්ල පසෙක තබා සාමාන්‍ය චාරීත්‍ර හා රීතිය අනූව සැලකූ විට වීරසුන්දර බන්ඩාර උඩරට රදල පෙලපතකට අයත් ප්‍රාදේශීය නායකයෙකු බව සැල්කීම වඩාත් යෝග්‍යවේ. 1580 වන විට ඔහු උඩරට ප්‍රදේශයේ පිලිගත් නායකයෙකු බවට පත්ව සිටියට සැකයක් නැත. එකවන රාජසිංහ රජුට මොහුගේ සහය ඇතිව එවකට උඩරට රජව සිටි කරලියැද්දේ බණ්ඩාර පහකිරීමට හැකි වූවේ ඒ පිලිගැනීම උඩය. එහෙත් සීතාවක රජුගේ පාලනය යටතේ සිටීමට ඔහු කැමැත්ත නොදැක්වූ නිසා උඩරට කැරලි ඇතිකර නිදහස් රාජයයක් ගොඩ නැගීමට උත්සාහ කල හෙයින් උපායෙන් ඔහු මැරවීමට රජ්සිංහ රජු කටයුතු කලේය. අලගම වට්ටාරම දෙනවායි කිව්වට වල කපා දුන් බව රාජාවලිය සඳහන් කරන් පරිදි ගොලෑ බොක්කේ බොරුවලක ලා මරවන ලදී. උපයෙන් තම පියාගේ මරනය සිදුකල බව දත් ඔහු පුත් කොනප්පු බණ්ඩාර ආරක්ෂාව පතා උඩරටින් පැන ගොස් කෝට්ටේ ධර්මපල රජතුමාගේ ‍රැකවරනය පැතීය.
– පොත පත ඇසුරෙනි

නන්තිරම හා කුමතේරුවා

පතල් තිහ – හතලිහක් කෑපූ පතල් පොලක නන්තිරම ගැන නිතර නිතර කියැවේ. පතලක දී හරා ගත්ත නොහැකිව ඉතිරිවන ඉල්ලම් නත්තිරම්ය. පොලවේ මතුපිට ස්වරූපය කොතරම් වෙනස් වුවද එසේ ඉල්ලම් ඉතිරි වූ – නත්තිරම් පතල් කරුවන්ට කිසිසේත්ම අමතක නොවේ. යම් පතලයක හතර පැත්තේම පතල් හතරක ඉඩ ප්‍රමානය එම පතලයට අයිතිය. එය නත්තිරම් හතර නමින් හැඳින්වේ. වසර 25- 30 තරම් පැරණි නත්තිරම් සොයා යන උදවියද හිඟ නැත. නත්තිරම කපනවා , නන්තිරමට වල දැම්මා යනු වෙන් ඒ ගැන විස්තර කෙරේ. අනුන්ගේ නත්තිරමක් කැපීම නීති විරෝධීය. එවන් අවස්ථවලදී නන්තිරම තහනම් කරවීමට පුළුවන.
පතල් පොලක් බලා කියා ගැනීමට පත්කල තැනැත්තෙක්ද වෙයි. හේ කුමතේරුවාය. අද කුමතේරුකාරයෝ වෙනු වට සිටින්නෝ මැණේජර්ලාය. ඔහුගේ රාජකාරිය වන්නේ පතල් වල ඉල්ලම් ගැනීම ගැරීම වැනි කටයුතු ගැන විපරමින් සිටීමයි. එසේ නොකලහොත් කොයි මොහොතක හෝ වටිනා ගලක් බකයා ගහ ගැනීමට හෙවත් සොරකම් කර ගැනීමට ඉඩ ඇත. මේ කටයුත්ත ජනවහරේ එන්නේ කුමතේරු කරනවා, කුමතේරුවට එනවා යනුවෙනි.
මිනිහා දැන් අහවල් මුදලිගේ පතල් මැනේජර ආදි වශයෙන් ඇතමුන් කියන්නේ කුමතේරුකාරයන් ගැනය.
සැම ඉඩමකම මැනික් ඉල්ලම් නැත. මැණික් ඉල්ලම් ඇති ඉඩම් මැණික් ඉඩම්ය. ඇතැම් මැණික් ඉඩම්වල ඉල්ලම ඇත්තේ පොලව මතුපිට කුනු පස් තට්‍ටුවක් සමගය. ඒවා ගොඩ ඉල්ලම්ය. ඇතැමුන්ට උඩ ඉල්ලම්ය. යට ඉල්ලමාඩි 10 -20 සහ ඊටත් වඩා ගැබුරින් පිහිටයි.
– පොත පත ඇසුරෙනි

දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා

……දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට වන්නේ ඔබගේ සැබෑ ජීවිතය ආශ්‍රිත දත්තයන් වීමය. තවත් වැදගත් සාධයක්ද ඇත. එහි බොහෝ සේවාවන් ‍රැගෙන එන්නේ වෙළඳ ආයතනයන් වීමය. ඒවා විසින්ද තම වෙළඳ අරමුනු වෙනුවෙන් දත්ත ‍රැස්කර තබා ගැනීම ඒවා භාවිතාකිරීම සම්පූනයෙන් කිසි දිනක අවසන් නොකරනු ඇති බවය. තවත් සාධකයක් වන්නේ මේ සුවිසල් අවකාශයේ සාමය බිඳින්නන්ගෙන්ද අඩුවක් නොවීමය. විවිධ අරමුනු වෙනුවෙන් එහි සාමය බිඳින්නට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ගෙනවිත් ඇති නව අවකාශ ආකෘතිය සාම්ප්‍රදායික වෙනත් ආකෘති සමගද නිරන්තරයෙන් ගැටමින් ඇත. දේශපාලනික යාන්ත්‍රන එයින් මුල් තැනක් ගනී. දත්ත අවකාශය ගෙනවිත් ඇති නිදහස් ආකෘතිය හුදකලාවක් නොවේ. දේශපාලනික ආකෘතිය නොරුස්සන බොහෝ නිදහස එයට කරදරයක් වන අවස්ථා ඔවුන් සමනය කර ගන්නේ එය පාලනය කිරීමෙනි……
…..ජාති ආගම් බොහෝ වටිනා පෘතුවිය මතට අපූර්ව විසිතුරු බවක් ‍රැගෙන එන කාරනා බව සත්‍යයකි.එහෙත් මේ කාරනා ඉක්මවා සිටින මිනිස් සංකෘතිය තවදුරටත් අවිඥානිකව නොතිබිය හැකි තරමේ ක්ශනික විවර කිරීමක් තොරතුරු ලෝකය මිනිස් භාවිතවට ගෙනවිත් අහවරය. දුර හා කාලය මිනිස් වර්ගයාගේ පාලන සාධකයක් වීම සැහෙන දුරකට එය අවසන් කොට ඇත. තම රට හෝ ජාතිය තවකෙකුට එරෙහි කිරීම අවාසනාවන්ත කුඩා මනෝ භාවයක් බවට සාමන්‍ය දැනුම ඇත්තෙකුට පවා තව දුරටත් විහිලුවක් නොවී තිබිය නොහැකි තරම්ය. දකුනත , වම් අත නැතිනම් දකුනුපය, වම්පය ලෙසට බෙදා ගන්නවාට වඩා සමස්ථ මිනිස් වර්ගයා හමුවේ ඇති අභියෝග බොහොමයකි. අහස් කුස , පොලව අභ්‍යන්තරය පමනක් නොව සුලි කුනා‍ටුවක් , භූචලනයක් වැනි දහසකුත් ස්වභාදහමේ අභියෝග ඉදිරියේ ඔවුන් තාම අගු‍ටු මිට්ටන් ලෙසට අසරනව කදුලු සලන්නට වන තරමේ ජීවින් කොටසකි……
-Siriwansa
– www.siriwansa.life

ජයවීර රජු හා කරලියැද්දේ -2-

ජයවීර රජුගේ දියනිය සරන කර ගැනීමට එක්වන රාජසිංහ කුමරුගේද කැමැත්තක් විය. කරලියැද්දේ මෙයට විරුද්ධ විය. අවසානයේ ඇය කෝට්ටේ ධර්මපාල රජුට විවාහ කර දෙනු ලැබුවාය. මේ සරණ බන්ධනය නිසා රාජසිංහ හා කරලියැද්දේ අතර අමනාපයක් හට ගැනුනි. පැලැඳ නුවරින් පැනගිය වීදියේ බණ්ඩාරට ආරක්ශාව සපයා ආධාර කලේද මේ නිසාය.
1573 කරලියැද්දේගේ සොහොයුරිය වූ ධර්මපාල රජුගේ බිසව මියගියාය. කරලියැද්දේගේ දියනියද නෑදෑකම් වරද්දා ධර්මපල රජුට සරණකර දෙනු ලැබුවාය. මේ වන විට කරලියැද්දේ දොන් ජෝන් නමින් බෞතීස්ම ලැබ සිටියේය. ඇගේ දියනිය දෝන මාර්ගරීධා නමින් බෞතීස්ම ලැබුවාය. කරලියැද්දේ (දොන් ජෝන්) ක‍තෝලිකයෙකු වීම නිසා උඩරට රදලයන්ගේ අප්‍රසාධයට ලක්විය. එක්වන රාජසිංහ රජුද මේ අවස්තාවේන් ප්‍රයෝජන ගත්තේය. වීරසුන්දර බණ්ඩාරගේ සහයෝගය ඇතිව කරලියැද්දේ පලවා හැරියේය. 1582 ඒ රජුගේ (කරලියැද්දේගේ) කුමරයාත්, බෑනාත් සෝවි කුමාරිකාවත් තමාගේ බිහෝ අදහසිනුත් තමා පිරිවරත් යාපා ප‍ටුනට කිට්‍ටුව ක‍ටුපත හෙලිකර ගෙන හුන්හ යනුවෙන් ඔහු පලාගිය අයුරු රාජාවලිය විස්තර කරයි. කරලියැද්දේ සමග, බිසව, පුතුන් දෙදෙනෙක්, දියනිය හා බෑනා පලා ගිය බව රාජාවලි විස්තරයෙන් පැහැදිලිය. කුමාරයෝ දෙදෙනා කන්ද උඩරට අල්ලන්න ගොසින් වන්නි පත්තුවට ගොසින් මලාහ. යාපනේ රජුගේ තර්ජන නිසා පෘතුගීසීන්ගේ ‍රැකවරන පැතීමට සිදුවිය. කරලියැද්දේ හා බිසව ත්‍රිකුනාමලයේදී මියගියහ. දෝන කතිරිනා නම් දියනියද බෑනා වූ යමසිංහ ද පෘතුගිසී ‍රැකවරන යටතේ මන්නරාමේ සිටියහ. පසුකලකදී ආරක්ශාව සදහා යන සිංහ හා දෝනකතිරිනා කුමරිය පෘතුගීසීහු කොලඹට කැඳවා ගත්හ.
– පොත පත ඇසුරෙනි

පනස් වන කොටස

එය මද සීතැති සැදෑවක් විය. කඳු මුදුනත වෙත අප පැමිනියෙමු. නොකඩවා ගලා ගිය දෙසතියකට ආසන්න සටහන් කරනයට මද විරාමයක් දී කඳු මුදුනත දිවෙන පා මාවත ඔස්සේ ඇවිඳිමින් මද සැහැල්ලුවක් ලබන්නට අප තර එකගතාවයක් පැමින තිබිනි. පලමු හෝරාව පුරාවටම අපගේ ප්‍රධාන මාතෘකාව මග හැර සිටින්නට අපට හැකි විනි. “එතකොට ඇයි දැන් ශාස්තෲවරුන් බිහි නොවන්නේ”. සටහනේ එලබෙන මාතෘකාව පිලිබදව දෙබසකට ඇයට වන අවශ්‍යතාවය තව දුරටත් මග හැර සිටින්නට නොහැකිව ඇතුවා සේය. “මම හිතන්නේ වර්ථමානය වන විට මිනිස් වර්ගයාට තම මනස හා කය පිලිබදව වන ගැටලුව පිලිබදව අවධානය තමන් අවට වන පරිසරය වෙතට වැඩි යෙන් යොමුවෙලා ඉවරයි. ඔවුන් තව දුරටත් තමන්ගේ අභියෝග හා ඉලක්ක ජය ගන්නට තමන්ගේ පරිසරය වැඩි වැඩි යෙන් භාවිතාකරමින් සිටිනවා. අනික අද වන විට ඔවුන් අසරන වීම තම තම සමාජයන් ඇසුරෙන් ගොඩ නගා ගන්නා විසදුම් සමග අවම කරගන්නට සමත් වෙලා තියෙනවා වගේම තව තවත් එසේ කරගන්නට කටයුතු කරමින් සිටිනවා. තව දුරටත් ඔවුන්ට ඉහල අහසේ වලාකුලු ඉරා ගෙන එන , මිහිකත දෙබෑ කරමින් එන තමන්ට වඩා අපමන ශක්තියක් තියෙන සංකල්ප අවශ්‍ය වන්නේ නැහැ. අනික සාමාන්‍යයෙන් ඔවුන්ගේ විමසුම් හැකියාවත් ඉහල මට්ටමක පවතිනවා. මම හිතන්නේ මේ හැම කාරනයක්ම එකතුවෙලා ඔවුන් තවදුරටත් එවැනි බලාපොරොත්තු තබන්නේ නැති ජීවිත අවකාශයක් නිර්මානය කරගෙන තිබෙනවා”. වරක් ටිබෙටියානු මිතුරා යාබද ගම්මුන් පිලිබදව පැහැදිලි කිරීමක් මතකයට නැගේ. “ඔවුන් අහසට ගරුකරනවා. අනන්ත අපමන තරුකැට සාගරය බාවනා නිමිත්තක් වගේ භාවිතාකරනවා. හැබැයි ඔවුන් කිසිවක් බලාපොරොත්තු වෙමින් සිටින්නේ නැහැ. සරලව කිව්වොත් ඒ වෙතට බලයක් ආරෝපනය කරන්නට උත්සාහ කරන්නේ නැහැ. එක් අතකින් ඔවුන් ඒ වෙතට දක්වන්නේ “පසුකල ආදරනීය ලබැඳියාවකට වන සුහඳ බවක්” වගේ දෙයක්”. ඇය තම පියවර වේගය අඩුකරමින් මා ගත් නිහැඩියාවේ අරුත විමසන්නාසේ විය. “ඇත්තටම ඔවුන් ත්ම ගැටලු සදහා තම පරිසරය, ඔවුන්ගේ කායික මානසික හැකියාවන් ගැන විස්වාසය තබනවා විනා ඇදිහිලි විස්වාශ පද්ධති වෙතට එතරම් නැබුරුවක් නැහැ. මම හිතන්නේ ඔවුන්ට තම ශක්ති හැකියාවන් විමසා ගන්නට තවදුරටත් කැඩපත් අවශ්‍යව නැතුවා වෙන්නට පුලුවන්.”
– siriwansa