Back to Top

Monthly Archives: April 2017

වීරසුන්දර බණ්ඩාර -2-

මේකාලය වන විට එකව්නා රාජසිංහ රජුගේ තර්ජන නිසා කෝට්ටේ රාජ්‍යය ආරක්ෂා සහිත ස්ථානයක් වූවෙන් ධර්මපාල රජුද කොළඹ පෘතිගීසී කො‍ටුවේ ආරක්ෂාව ලබමින් සිටියේය. කොනප්පු බණ්ඩාරට පෘතුගීසීන් හා කිට්‍ටු ඇසුරක් ඇති කර ගැනීමටත් ක‍තෝලික ආගම ගැන අවබෝදයක් ලබා ගනීමටත් මෙය හොඳ අවස්ථාවක් විය. වීදියේ බණ්ඩාරගේ මලනුවන් වූ තම්මිට බණ්ඩාරගේ දියනියක් අවාහකරගෙන දොන් ජෝන් නමින් බෞතීස්ම වී කතොපලික ආගම වැලන්ද ගති. කරලියැද්දේ රජුගේ දියනිය වූ දෝන කතිරිනා (කුසුමාසන දේවි) කුමරිය හා බෑනා වූ දොන් පිලිප් යමසිංහ බණ්ඩාර සමග කිට්‍ටු ආශ්‍රයක් පවත්වාගෙන යාමටද ඔහුට අවස්ථාව ලැබෙන්නට ඇත. තමා සමග කොළඹට පැන ආ සල්ලප්පු නැමති අය මැරීම නිසා කොනප්පු බණ්ඩාර ගෝවට යවන ලදී. එහි තුන්වසරක් පමන කාලයක් සිටි කොනප්පු බණ්ඩාර කරන ලද වීර ක්‍රියා නිසා ගෝවේ ප්‍රථිකාල් වීසුරේ ගේ ප්‍රසාධයද දිනා සිටියේය.
සීතාවක රාකසිංහ රජු කොළඹ කො‍ටුව වටලෑම නිසා ඉතා අසරන තත්වයට පත්ව සිටි පෘතුගීසී සේනාව බේරා ගැනීමට නම් උඩරට කැරළි ඇතිකර රජුගේ අවධානය වේනත් අතකට යොමුකල යුතු බව තේරුම් ගත් විසුරේ උඩරට රජ්‍යය උරුමය ඇති කරලියැද්දේ ගේ බෑනා වූ දොන් පිලිප් යම සිංහ බණ්ඩාර සමග කොනප්පු බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් පෘතුගීසී හමුදාවක් එවීය. මන්නාරමට පැමිනි මේ පිරිසට උඩරටට යාමට බාදාවක් ඇති වූ බව නොපෙනේ. උඩරට ප්‍රභූවරුන්ගේ හා වැසියන්ගේ සහයෝග මොවුනට ලැබෙන්නට ඇත. කිසිදු බාදාවකින් තොරව මහනුවර අල්ලාගත් ඔවූහු දොන් පිලිප් යම සිංහ බණ්ඩාර රජකමෙහි පිහිට වූහ. අභිනව රජුගේ ආරක්ෂාව සදහා පෘතුගීසී හමුදාවක්ද උඩරට ‍රැන්ද වින. ටික දිනකින් යමසිංහ කුමරු මියගිය විට ඔහුගේ පුත් ජෝන් කුමරුට රජකම පැවරිනි. දොන ජොන් කුමරු රජකමෙන් පහකල කොනප්පු බණ්ඩාර විමලධර්ම සූරිය නමින් උඩරට රජවිය. එකවන රාජසිංහ රජු උඩරට යටත් කර ගැනීමට සේනාව සන්නද්ධව පැමිනි නමුත් බලනේ සටනින් පසුබැස , “මෙදා උඩරට පැමිනි අය පින් ඇති කෙනෙකැයි ” කියා සීතාවකට ආපසු යන අතර මගදී පෙතංගොඩ උයනේදී උන ක‍ටුවක් ඇනී මරනයට පත්විය. සීතාවක රජ්‍යයේ එඩිය ක්‍රමයෙන් අඩුවී යන විට රාජසූරිය කුමරුගේ මරණයෙන් පසු මාන්නප්පෙරුම මොහොට්ටිද ධර්මපාල රජුට එකතු වීම නිසා තව තවත් දුර්වල විය.විමලධර්ම සූරිය රජු උඩරට රාජ්‍යය ලබ ගත්තද රාජ්‍යයේ ස්ථාවර බවක් නොලැබූ බව පෙනේ. උඩරට රජ්‍යය ලබා ගැනීමට විමලධර්මසූරිය රජුට උරුමයක් නැති යන අදහස උඩරට ප්‍රභූවරුන් හා වැසියන් තුල වඩෙමින් තිබූ බව සිතිය හැකිය. කුසුමාසන දේවිය (දඔන කැතරිනා) ට උඩරට රජ්‍යය ලබා දීමට ධර්මපාල රජතුමා ඉදිරිපත් වූයද මේ අදහස මුල්කරගෙනය. ධර්මපාල රජු ජයවීර බණ්ඩාර හා පෘතුගීසී කපිතන් තැන කථකා කරගෙන දෝන කතිරිනා කුමරියට උඩරට රජකම ලබ දීම සදහා විමලධර්ම සූරිය රජුට එරෙහිව සේනා මෙහෙය වූහ. දෝන කතිරිනා කුමරිය සමග ගිය සේනාව දන්තුරේ වාඩිලා ගත්හ. උපායකින් සතුරු සේනාව පරාජය කිරීමට විමලධර්ම සූරිය රජු සම්ත්විය. පලායන කතිරනා කුමරිය අල්ලා ගත් ඒකනායක මුදලි ඇය විමලධර්මසූරිය රජු ඉදිරියට ගෙන ගියේය. උඩරට රජකම ලබා සිටි කරලියැද්දේ රජුගේ දියනිය වු නිසා කුසුමාසන දේවිය(දෝන කතිරිනාට) උඩරට රජ්‍යයේ අයිතිය තිබිනි. විමලධර්මසූරිය රජු මෙම කුමරිය සරණ කර ගැනීමෙන් උඩරට රජ්‍යයේ උරුමය තහුවුරු කර ගත්තේය.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

පනස් එක් වන කොටස

ජීවිතයේ හමුවූ වඩාත්ම අපූරු දවස් ගොනුව වේගයෙන් ගෙවී යමින් තිබිනි. සාර්ථක දේශන මාලාව වෘතීය තෘප්තිකර බව මනා ලෙසට ගෙනෙමින් තිබිනි. සමහර දිනවලදී මධ්‍යම රාත්‍රිය වන තෙක් අපගේ සටහ් පෙල සමග කටයුතු කරන අතර ඉන්පසුව තොරතුරු ලෝකයේ නවතම් හැසිරීම්, හැරවුම් පිලිබදව හදාරන්නට අවශය විය. විටක ඉඅ කටයුතු අවසන් වන විට ඉලග දිනය උදාව තිබිනි. ඉතා සුලු විවේක ගැනීමකින් අනතුරුව දේශන කටයුතු ඇරබුවද වෙහෙසකර බව නොදැනෙන්නාක් තරම් විය. ප්‍රබෝධය සියල්ලට ඉහලින් ජීවිතය වෙතටට දැනෙමින් තිබිනි.
මිනිස් වර්ගයා අත නොගැසිය යුතුම විෂය අවකාශයක් වෙතට අප පිවිසෙමින් සිටියෙමු. “ශාස්තෲවරුන්” එම මාතෘකාව විය. පෘතුවිය මත ගොඩ නැගෙන මිනිස් ශිස්ථාචාරයේ ප්‍රදාන හැරවුම් ඔවුන් විසින් ගෙනෙන ලදී. ඒ නිසාමදෝ මිනිස් අධ්‍යාත්මයේ ඉහලම තලයේ වඩාත් සුපැහැදිලිව එම අනන්‍යතාවයන් සටහන්ව තිබිනි. ලොව පුරා සිදුවූ බොහෝ මිනිස් අර්බුදවලට මෙම අනනයතා නිරන්තරයෙන් පාදකවූවා පමනක් නොව හෙට දිනයේදීද එසේම වන බවට කිසිදු සැකයක් නැති තරම් විය. “ඔවූහු කොහෝ සිට හෝ පැමිනෙන්නෝද>? නැතිනම් මිනිස් සමාජ අවකාශයන්ගෙන්ම ඉහලට ගොඩ නැගෙන්නෝද? ” අදී නෙක ආකාර ගත් විමසීන් අප වෙතට සටහන් කරන්නට අවශ්‍යව තිබිනි. ලොවපුරා විවිධ හැදෑරුම් ආයතනවල සිටින මිතුරන් හරහා වඩාත් නවතම තොරතුරු ‍රැස්කරන්නට අප කටයුතු කරමින් සිටියෙමු.
ලෝකයේ වන සංවේධීම අවකාශයක් අප පසුකරමින් සිටියෙමු. මිනිස් වර්ගයාගෙන් වැඩියෙන්ම රුධිරය ගලා යන්නට හේතුවූ මාතෘකාවක වූ නිසාම බොහෝ හදාරන්නන් එම විෂය වෙතට පැමිනියේම භක්තිය මූලිකව විනා මධ්‍යස්ථව නොවී තිබිනි. මිනිස් ජීවියාගේ මුල් ස්වභාවයෙන්ම හිමි පෘතුවි සිරකරු බවෙන් මිදෙන්නට ඔවුනට වන ආශාව කැමැත්ත හා උවමනාව සියලු ඉගැන්වීම් වල කැපී පෙනෙන බව අපගේ එක් ස්ථාවරයක් විය. “ඔවුනට අවශ්‍ය වනවා වලාකුලු ඉක්මවමින් අනන්තයට පියාබා යන්නට”. “ඔවුනට අවශ්‍ය වනවා තම ජීවිතය පාලනය කරන භෞතික, සමාජීය කාරනාවලින් ඔබ්බෙන් වන අවකාශයක් නිර්මානය කර ගන්න”. තවත් විටකදී “ඔවුනට අවශ්‍ය වනවා තමන් තම මුල් ප්‍රාථමික ස්වභාවයෙන් පැමිනෙන ගුනාංග වඩාත් අර්ථවත් ඒවා වෙතට නංවා ගන්නට අවශ්‍ය සහයක්”.
– siriwansa

වීරසුන්දර බණ්ඩාර -1-

එකවන රාජසිංහ රජ උඩරට එකසත් කරගෙන අය බදු සීතාවකට ගෙන්වා ගෙන උන් සඳ පේරාදෙනියේ වලියෙන් පැවත එන වීරසුන්දර බණ්ඩාර කන්ඳ උඩ පෙරලි කර …. යනුවෙන් රාජාවලිය වීරසුන්දර බණ්ඩාර ගැන සඳහන් කරයි. රාජාවලි වර්ථාව අනූව ඔහු පේරාදෙනි රජ පෙලපතකින් පැවත එන්නෙකි. පෙරාදෙනි රජ පෙලපතක් ගැන අපේ වංශ කථාවල සඳහන් නොවේ. ශ්‍යාමෝපසම්පදාවෙහි ඔහු ගම්පොල රජවංශයට අයත් යැයි සදහන් වේතත් ඥාතිසම්බන්ධ ගැන විස්තරයක් නැත. රාජසිංහ සිරිතෙහි ඔහු ජයවීර රජුගේ මුහුපුරෙක් බව සදහන්වේ. මේ සම්බන්දය කුසුමාසන දේවිය (දෝනකතිරිනා කුමරිය) ගේ පාර්ශවයෙන් සත්‍ය වුවද පිය පාර්ශවයේ සත්‍ය නොවේ.
ලංකාවේ රජවරුනට රාජකීය ඥාති සම්බන්දයක් තිබුය යුතු යන ආකල්පය මුල් බැස ගෙන තිබූ නිසා මෙසේ සඳහන් කලා විය හැක. මේ සියල්ල පසෙක තබා සාමාන්‍ය චාරීත්‍ර හා රීතිය අනූව සැලකූ විට වීරසුන්දර බන්ඩාර උඩරට රදල පෙලපතකට අයත් ප්‍රාදේශීය නායකයෙකු බව සැල්කීම වඩාත් යෝග්‍යවේ. 1580 වන විට ඔහු උඩරට ප්‍රදේශයේ පිලිගත් නායකයෙකු බවට පත්ව සිටියට සැකයක් නැත. එකවන රාජසිංහ රජුට මොහුගේ සහය ඇතිව එවකට උඩරට රජව සිටි කරලියැද්දේ බණ්ඩාර පහකිරීමට හැකි වූවේ ඒ පිලිගැනීම උඩය. එහෙත් සීතාවක රජුගේ පාලනය යටතේ සිටීමට ඔහු කැමැත්ත නොදැක්වූ නිසා උඩරට කැරලි ඇතිකර නිදහස් රාජයයක් ගොඩ නැගීමට උත්සාහ කල හෙයින් උපායෙන් ඔහු මැරවීමට රජ්සිංහ රජු කටයුතු කලේය. අලගම වට්ටාරම දෙනවායි කිව්වට වල කපා දුන් බව රාජාවලිය සඳහන් කරන් පරිදි ගොලෑ බොක්කේ බොරුවලක ලා මරවන ලදී. උපයෙන් තම පියාගේ මරනය සිදුකල බව දත් ඔහු පුත් කොනප්පු බණ්ඩාර ආරක්ෂාව පතා උඩරටින් පැන ගොස් කෝට්ටේ ධර්මපල රජතුමාගේ ‍රැකවරනය පැතීය.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

නන්තිරම හා කුමතේරුවා

පතල් තිහ – හතලිහක් කෑපූ පතල් පොලක නන්තිරම ගැන නිතර නිතර කියැවේ. පතලක දී හරා ගත්ත නොහැකිව ඉතිරිවන ඉල්ලම් නත්තිරම්ය. පොලවේ මතුපිට ස්වරූපය කොතරම් වෙනස් වුවද එසේ ඉල්ලම් ඉතිරි වූ – නත්තිරම් පතල් කරුවන්ට කිසිසේත්ම අමතක නොවේ. යම් පතලයක හතර පැත්තේම පතල් හතරක ඉඩ ප්‍රමානය එම පතලයට අයිතිය. එය නත්තිරම් හතර නමින් හැඳින්වේ. වසර 25- 30 තරම් පැරණි නත්තිරම් සොයා යන උදවියද හිඟ නැත. නත්තිරම කපනවා , නන්තිරමට වල දැම්මා යනු වෙන් ඒ ගැන විස්තර කෙරේ. අනුන්ගේ නත්තිරමක් කැපීම නීති විරෝධීය. එවන් අවස්ථවලදී නන්තිරම තහනම් කරවීමට පුළුවන.
පතල් පොලක් බලා කියා ගැනීමට පත්කල තැනැත්තෙක්ද වෙයි. හේ කුමතේරුවාය. අද කුමතේරුකාරයෝ වෙනු වට සිටින්නෝ මැණේජර්ලාය. ඔහුගේ රාජකාරිය වන්නේ පතල් වල ඉල්ලම් ගැනීම ගැරීම වැනි කටයුතු ගැන විපරමින් සිටීමයි. එසේ නොකලහොත් කොයි මොහොතක හෝ වටිනා ගලක් බකයා ගහ ගැනීමට හෙවත් සොරකම් කර ගැනීමට ඉඩ ඇත. මේ කටයුත්ත ජනවහරේ එන්නේ කුමතේරු කරනවා, කුමතේරුවට එනවා යනුවෙනි.
මිනිහා දැන් අහවල් මුදලිගේ පතල් මැනේජර ආදි වශයෙන් ඇතමුන් කියන්නේ කුමතේරුකාරයන් ගැනය.
සැම ඉඩමකම මැනික් ඉල්ලම් නැත. මැණික් ඉල්ලම් ඇති ඉඩම් මැණික් ඉඩම්ය. ඇතැම් මැණික් ඉඩම්වල ඉල්ලම ඇත්තේ පොලව මතුපිට කුනු පස් තට්‍ටුවක් සමගය. ඒවා ගොඩ ඉල්ලම්ය. ඇතැමුන්ට උඩ ඉල්ලම්ය. යට ඉල්ලමාඩි 10 -20 සහ ඊටත් වඩා ගැබුරින් පිහිටයි.
– පොත පත ඇසුරෙනි

Posted in Gems | Leave a reply

පනස් වන කොටස

එය මද සීතැති සැදෑවක් විය. කඳු මුදුනත වෙත අප පැමිනියෙමු. නොකඩවා ගලා ගිය දෙසතියකට ආසන්න සටහන් කරනයට මද විරාමයක් දී කඳු මුදුනත දිවෙන පා මාවත ඔස්සේ ඇවිඳිමින් මද සැහැල්ලුවක් ලබන්නට අප තර එකගතාවයක් පැමින තිබිනි. පලමු හෝරාව පුරාවටම අපගේ ප්‍රධාන මාතෘකාව මග හැර සිටින්නට අපට හැකි විනි. “එතකොට ඇයි දැන් ශාස්තෲවරුන් බිහි නොවන්නේ”. සටහනේ එලබෙන මාතෘකාව පිලිබදව දෙබසකට ඇයට වන අවශ්‍යතාවය තව දුරටත් මග හැර සිටින්නට නොහැකිව ඇතුවා සේය. “මම හිතන්නේ වර්ථමානය වන විට මිනිස් වර්ගයාට තම මනස හා කය පිලිබදව වන ගැටලුව පිලිබදව අවධානය තමන් අවට වන පරිසරය වෙතට වැඩි යෙන් යොමුවෙලා ඉවරයි. ඔවුන් තව දුරටත් තමන්ගේ අභියෝග හා ඉලක්ක ජය ගන්නට තමන්ගේ පරිසරය වැඩි වැඩි යෙන් භාවිතාකරමින් සිටිනවා. අනික අද වන විට ඔවුන් අසරන වීම තම තම සමාජයන් ඇසුරෙන් ගොඩ නගා ගන්නා විසදුම් සමග අවම කරගන්නට සමත් වෙලා තියෙනවා වගේම තව තවත් එසේ කරගන්නට කටයුතු කරමින් සිටිනවා. තව දුරටත් ඔවුන්ට ඉහල අහසේ වලාකුලු ඉරා ගෙන එන , මිහිකත දෙබෑ කරමින් එන තමන්ට වඩා අපමන ශක්තියක් තියෙන සංකල්ප අවශ්‍ය වන්නේ නැහැ. අනික සාමාන්‍යයෙන් ඔවුන්ගේ විමසුම් හැකියාවත් ඉහල මට්ටමක පවතිනවා. මම හිතන්නේ මේ හැම කාරනයක්ම එකතුවෙලා ඔවුන් තවදුරටත් එවැනි බලාපොරොත්තු තබන්නේ නැති ජීවිත අවකාශයක් නිර්මානය කරගෙන තිබෙනවා”. වරක් ටිබෙටියානු මිතුරා යාබද ගම්මුන් පිලිබදව පැහැදිලි කිරීමක් මතකයට නැගේ. “ඔවුන් අහසට ගරුකරනවා. අනන්ත අපමන තරුකැට සාගරය බාවනා නිමිත්තක් වගේ භාවිතාකරනවා. හැබැයි ඔවුන් කිසිවක් බලාපොරොත්තු වෙමින් සිටින්නේ නැහැ. සරලව කිව්වොත් ඒ වෙතට බලයක් ආරෝපනය කරන්නට උත්සාහ කරන්නේ නැහැ. එක් අතකින් ඔවුන් ඒ වෙතට දක්වන්නේ “පසුකල ආදරනීය ලබැඳියාවකට වන සුහඳ බවක්” වගේ දෙයක්”. ඇය තම පියවර වේගය අඩුකරමින් මා ගත් නිහැඩියාවේ අරුත විමසන්නාසේ විය. “ඇත්තටම ඔවුන් ත්ම ගැටලු සදහා තම පරිසරය, ඔවුන්ගේ කායික මානසික හැකියාවන් ගැන විස්වාසය තබනවා විනා ඇදිහිලි විස්වාශ පද්ධති වෙතට එතරම් නැබුරුවක් නැහැ. මම හිතන්නේ ඔවුන්ට තම ශක්ති හැකියාවන් විමසා ගන්නට තවදුරටත් කැඩපත් අවශ්‍යව නැතුවා වෙන්නට පුලුවන්.”
– siriwansa

සමාන මිනිස් රසායනයන් එකිනෙකා හමුවීම….

අපූරු අත්දැකීමක වූවාය. ඉන්දියානු මිතුරියගේ භාෂා හැසිරවීම සිතුම් පැතුම් විලාසය බෙහෙවින් මාසිත්ගෙන තිබිනි.වරක් යමෙකුගේ සටහනක වූ අපූරුවැකියක් යලි සිහිගන්වන සුලුය. “සමාන මිනිස් රසායනයන් අතරේ භාෂාවතුල අර්ථයන් සමග හොඳින් ගැලපෙනවා පමනක් නොව වචන අතරේ එන නිහඬ අවකාශයේ අර්ථ තුලද පීලි නොපනින සුලුය..” විසුලු ගතියක් පෙන්වන මුත් අපූරු අර්ථයකින්ද එම වැකිය සමන්විතවුවාය.
ඇය විසින් අහබුලෙස හමුවූ සමාජ ජාල පිලිබද ලිපියක් මාගේ ටීටාව වෙත යොමුකර තිබිනි. එම ලේඛකයා අපූරු ලෙස සමාජ ජාලාවන් ගේ උපත හා වර්ධනය විස්තරකර තිබිනි. “එය විවිද ලෝහ හා ප්ලාස්ටික් ආදීවූ භෞතික උපකරන මත විද්‍යුත් රටාවන් සමහ නිර්මානය වී තිබූ බව සැබෑමුත් තවදුරටත් එම භෞතික අර්ථ මතින් පමනක් වටහා ගත නොහැකි මිනිස්මය අවකාශ නිර්මානය කරමින් සිටියාය. ඒ අතර සමාජ ජාලායනු අරම්භයේදී පාසල්කලයේ හමුවූ මුත් පසුව සැතපුම් සියදහසක් දුරින් සිටින නිසාවට සබදකම් ගිලිහීයන මිත්‍රත්වයක් යලි සජීවි කරන්නට සහය වන අවකාශයකි වැනි සරල අර්ථ ඉක්මවා ක්‍රමයෙන් සමාජ යාන්ත්‍රනයේ ඉලෙක්ට්‍රොනික පිටපත බවට පත්වන්නට විය.අව්‍යාජ අනන්‍යතාවය අනිවාර්යවීම එම පරිවර්ථනයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂය විය. ලාබ උපයන අර්ථයෙන් ක්‍රියාත්මක වන විනෝදය සපයන සේවා සමාගමක හිමිත්වයේ සිට ස්වාධීන විද්වත් මඩුල්ලකගේ මෙහෙයවීමට යටත්ව විශාල සමාගම් කිහිපයක එකතුවෙන් සමාජ යාන්ත්‍රනයේ වගකිව යුතු සේවාවක් නැතිනම් කේන්ද්‍රස්ථානයක් සටහන් කරන කාරනවක් බවට සමාජ ජාලාව පත්වීම මිනිස් ජීවිත වඩාත් පහසුකරවන සුලු අත්දැකීමක් වූවාය.
ආරම්භයේදී අසැබි දෑ පමනක් ප්‍රධාන කොට තහනම් කොට තිබූ සමාජ ජාලාවල ආගමික කාරනා වැනි අති පෞද්ගලික දෑ පිලිබද කථා බස් කරන්නට යෑම වඩාත් අසෑබි බව මිනිස් වර්ගයා තේරුම් ගැනීම එම ජාලාවන් සමස්ථ තලයේදී ඒකට එක්වී පෘතුවි වැසියන්ගේ සාමාජ මෙන්ම පෞද්ගලික ජීවිතවලට වඩාත් පහසු කරවන සුලු අවකාශයක් නිර්මානය කර දෙන්නට එයට මහත් පහසුවක් විය. මගේ ආගම මගේ ජාතිය මට උසස් මුත් එය ඔබගේ ජාතිය හෝ ආගම යටපත් කරන්නට යොදාගන්නක් නොවිය යුතු බව මෙන්ම පෘතුවි වැසියන් ලෙසට මගේ දෑ ‍රැක ගන්නටනම් මුලින්ම අපේ දෑ ‍රැකගැනීම වැදගත් බව මිනිස් වර්ගයා පිලිගැනීම මිනිස් ශිස්ඨාචාරයේ වෑතකදී සනි‍ටුහන්වූ අපූරුතම හා වටිනාතම සටහන ලෙසට ඉදිරි සියවස් කිහිපයක් පුරාවට පවතිනු ඇති බව අනිවාර්යය”. ලෙස ඔහු සටහන් කර තිබිනි.
– siriwansa
– (දත්ත මිනිසා)

අන්තර්ජාලය භාවිතාකරන්නන් මූලිකවම දෙවර්ගයකට….

අන්තර්ජාලය භාවිතාකරන්නන් මූලිකවම දෙවර්ගයකට වෙන්කර ගත හැකිය. ඉන් එක කොටසකට අනූව අන්තර්ජාලය යනු තමන්ගේ සැබෑ ජීවිතය සමග කිසිදු සම්බන්දයක් නැති තමන්ගේ සැබෑ අන්‍යතාවය සගවා ගෙන මනසේ අඳුරු මුලුවල සැගවී ඇති අසංස්කෘතික ආශා මුදා හැරීමට ඇති කදිම අවකාශයකි. අනෙක් කොටසනම් තමන්ගේ සැබෑ ජීවිතය හා මගහැරිය නොහැකි සම්බන්දතා ඇති සැබෑ තොරතුරු වලින් පෙනී සිටින අයවලුන්ගෙන් සමන්විත කොටසයි. හදාරන්නන් පවසන්නේ තමන්ගේ වෘතීයමය ජීවිතය හා සම්බන්ද නිසාම අන්තර්ජාලය හා සම්බන්ද වන්නන් මෙම දෙකොටසටම වඩා බාහිරින් සිටින බවයි.
ඔවුන් උදාහරනයකට පවසන්නේ සමහරක විටක ඔබ ඔබගේ යතුරු පැදියේ නැගී ඔබගේ ගම්මානය වටාම උඩුකය නිරුවතින් සංචාරය කිරීම අරුමයක් නොවන්නෙක් විය හැක.එහෙත් එම ඡායාරුව ඔබගේ සමාජ ජාලාවේ ‍රැදවූ විට තත්වය වෙනස් විය හැක.එය දැන් ලෝකය පුරාවටම දැක ගැනීමේ හා ඔබගේ ගම්මානයේදී එලෙස සැරි සැරීමට ලැබෙන අර්ථයට වඩා වෙනස් තේරුම් ලබාදිය හැකි විශාල අවකාශයකට විවෘතවීම සිදුවේ. එය ගැටලුකාරී විය හැක. ඔවුන් පවසන්නේ ඔබ ඔබගේ පෙම්වතා වෙත පමනක් හෙලිය යුතු බැල්ම සහිත ඡායාරුවක් ඔබගේ සමාජ ජාලාවේ ප්‍රධාන ඡායාරුව ලෙස යොදා ගැනීමෙන් අනතුරුව පැමිනෙන අනවශ්‍ය බලපෑම් වලට දොස් තැබීම එතරම් සාධාරන නොවන බවයි. කාන්තාවන් කරා සමාජජාලාවන් ආශ්‍රිතව පැමිනි බොහෝ විපත් පසු පස මෙවන් තත්වයන් දැකිය හැකි බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
අනෙක් බහුලවම දැකිය හැකි අනතුර නම් ඔබගේ ඔන් ලයින් ගිනුම් සදහා භාවිතාකරන අවසරපදය පිලිබද නොසැලකිලිමත් කමයි.තවමත් සමහරු තම ගිනුමේ අවසර පදය සදහා 123456 වැනි සරල යෙදුම් භාවිතාකරනු දැකිය හැකි බවටයි පවසන්නේ. එවන් සරල යෙදුමක සිට ඔබගේ උපන්දිනය ඔබගේ දුරකථන අංකය නැතිනම් වාහනයේ අංකය වැනි තවකෙකුට පහසුවෙන් උපකල්පනය කල හැකි යෙදුම් යොදා ගැනීම පහසුවෙන් ඔබ ගිනුම සදහා තවකෙකුට අනවසර ලෙස පිවිසීමට දොර විවෘතව තැබීමක් විය හැක.මේ වන විට ඔබට පහසුවෙන්ම සංකීර්න අවසර පද නිමවා දෙන මෘදුකාංග වල සිට අවසර පද කලමනාකරනය කරදෙන වෙබ් සේවා දක්වා විවිධ විසදුම් ලබාගත හැක.
අවසානයේ ඔවුන් පවසන්නේ භාවිතා නොකරන ගිනුම් වසා තැබීමට ඔබ කල්පනාකාරී වීම වැදගත් බවයි. හදාරන්නන් අතර සුලබ කියමනක් නම් “කොතරම් සංකීර්න අවසර පදයක් උවත් ඉක්මවායාම කාලය හා කැපවීම පිලිබද ප්‍රශ්නයක් පමනක්ය” යන්නය. එලෙසම ඔබ අත්හැර දමන ලද එම ගිනුම් බොහෝ විට හුදකලා තනි ගිනුමකට වඩා තවත් ගිනුම් කිහිපයකට සම්බන්ද ගිනුමක් වන විට තත්වය තවත් බැරෑරුම් වේ. භාවිතය අත්හැර ඇති ගිනුම් නියමිත පරිදි වසා දැමීම නිසිතූ මොහොතක එම ගිනුමට සම්බන්දව ඇති දැනට භාවිතාකරන ගිනුමකට පවා අනවසර පිවිසීමක් සිදුකිරීමට ඇති ඉඩ කඩක් ඇහිරීමක්ද විය හැක.
– Siriwansa

Posted in Tech | Leave a reply

Facebook හෙට දවස වඩාත් දිදුලනු ඇත….

Mark Zuckerberg තම Facebook වල සැබෑ වපසරිය මහත් පුලුල් එකක් වනු ඇති බව පැහැදිලි කරමින් F8 ආරම්භය ලබා දෙන ලදී. ඔහු යලිත් වරක් තම දස වසරක ඉදිරි සැලසුම් පැහැදිලි කරමින් artificial intelligence, ubiquitous internet connectivity, හා virtual මෙන්ම augmented reality පිලිබඳව සැල්සුම් යලි පැහැදිලි කරන ලදී. විශේෂයෙන් augmented reality සමග තොරතුරු අවකාශයේ ඉදිරි ගමන තීරනාත්මකව වෙනස් කරමින් සරල හා පහසු ඇප් කිහිපයක් බවට, දැනට මිළ අධික භාවිතාවන් ගෙන ඒම ගැන පැහැදිලි කරන්නට යෙදිනි. විසිත්ත කබරයේ වන රූපවාහිනිය ඩොලර් සිය ගනනක උපකරනයක් වනවා වෙනුවට ඩොලරයක දෙකක App එකක් බවට ඌනනය වීමේ සිට ස්මාර්ට් දුරකථනය, ටැබ් යන්ත්‍රය වැනි ඔනෑම දෛනික දත්ත උපාංගයකට පහසු පිලිතුරක් වන්නට augmented-reality වලට වන හැකියාව පැහැදිලි කරන ලදී. glasses වැනි පැලදුමක් ඔස්සේ තොරතුරු ලොව භාවිතාව උඩු යටිකුරු කරවන සරල යෝජනා ලොව ප්‍රබල පෙලේ තොරතුරු උපාංග සමගම් වෙතට අභියෝගයක් එල්ල කර ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.
එකි නෙකා යාවන පුද්ගලත්වයේ සිට වඩාත් තරවන සමාජීය සබඳතා දක්වා තම සමාජජලාවේ මීලග ප්‍රමුකතාවය ලාබා දෙමින් ලොව පුරා ආගමික හා ජාතික ලෙසට වන වෙන් වීම වෙනුවට එකිනෙකා අවබෝදයට වඩාත් සහයවන්න ට තම ආයතනයට අවශ්‍යව ඇති බව පැහැදිලි කරමින් මෙවර හමුව ඇරඹූ Mark Zuckerberg ව්‍යසනයකදී සහය වන්නට හැකි සරලව ගුවන් ගත කරන උපාංගයක සිට අන්තර්ජාලය සැපයීම වැනි විසඳුම් පිලිබඳවද පැහැදිලි කරන ලදී.

Posted in Tech | Leave a reply

මුක්කරු පතල්

රත්නපුරයේ සමහරු උදය වරුවේ රබර් කිරි පැපීම බඳු වෙනත් ජීවන උපායකද යෙදෙති. සවස් වරුවට පතල් කපති. ඒවා වරු පතල් බව ජනවහරේ කියවේ.
ගොඩ බිම පමනක් නොව ගංඟා ඇල දොල පතුලේදී මැණික් ඉල්ලම් පිහිටයි. ඒවා ගරන්නේ විශාල උදලු තලයක් දිගු රිටක අමුනා ගඟ මැඳ ඇදී මෙනි. ඒ කාරිය කරන්නේ ඇදුං උදැල්ලෙනි. මේ පතල් විවාහාරයෙහි එන්නේ ඇදුම් පතල් යනුවෙනි. ඇදුම් පතල් වල වැඩ කරන අය ඔලුගංතොටට නුදුරු වලවේ ගඟද නිවිතිගල පිහිටි කරවිට ගඟ සහ නිරිඇලි ගඟේද කුරුවිට ගඟේද ඉඩෝර සමයට කළු ගඟේද ඇදුම් පතල් දැකිය හැකිය.
මැණික් මතුවන අඩවියෙහි වහරට අනූව පතලක් යනු මැණික් සහිත පස් ස්ථරය හෙවත් ඉල්ලම ගොඩ ගැනීම සදහා කනින වලකි. පතල් කැපීම යනු වෙන් ජනවහරෙහි එන්නේද මෙබඳුම කැනීම් ය. මැණික් පතලක් කැනීම වූ කලී මැණික් අඩවියට අනන්‍ය වූ ක්‍රම ශිල්පයද තාක්ෂණ ඥාණයද සංස්කෘතික අංගද සහිත පොඳු ජන කර්මාන්තයකි.
මැණික් පතල් ගැන කථා කරනවිට මුක්කරු පතල් ද අමතක කරන්නට බැරිය. මීට වසර සිය ගනනකට පෙර මැණික් ගැරීමට පැමිනි මුස්ලිම්වරු මුක්කරු යනු වෙන් හැඳින් වෙති. ඔවුන්පතල් කැපූ ස්ථාන මුක්කු පතල්ය. ඔවුන් ගැරු ස්ථාන මක්කරු ගරාපු තැන්ය. එවන් ස්ථාන හඳුනාගන්නේ එම ඉල්ලම සමග ඇති කොරොස් කැබලි වලනි. මුක්කරු මැනික් ගැරුවේ කොරස් වලන් බව ප්‍රකටය. එම ඉල්ලම් සමග හමු වන කොරොස් කැබලි මුක්කරු කොරොස් කෑලිය. මුක්කරු ගැරූ තැනක ගැරීම වාසිය. ඒ තැන්වල ආර්නූල් වෛරෝඩි යන මැණික් වැඩි පුර ලැබේ. අර්නූල් නම් මැණික කට නූල් හයකි.
වෛරෝඩියේ දිලිසෙන නූලකි. මේ ගල්වල පනුවන් සිටිති ඇදහූ මුක්කරු ඒවා ගැරූ තැන්වලම දමා යන්නට ගියහ.
මුක්කරු ගැරූ ඇතැම් තැනක් මුක්කරු ගොඩනැගිල්ලක් වශයෙන්ද ජනවහරේ එයි. යම්කිසි තැනක පතල් කපන්නට එන්නැයි අසල්වැසියෙකුට ඇරයුම් කරන ගැමියෙක් ඔහුගේ කනට ලංවී රහසින් මෙන් මෙසේද කියයි. එතන මුක්කරු ගොඩනැගිල්ලක්. මුක්කරු ගොඩැල්වල මැණික් ගරන්නට කවුරුත් බොහොම කැමතිය.
– පොත පත ඇසුරෙනි

Posted in Gems | Leave a reply

යහපත් සමාජ ජාල භාවිතයකට…..

සමාජ ජාලා භාවිතය අපූරු අත්දැකීමකි.දුර හා කාලය බාදකයන්ට අබ මල් රේනුවක වත් සමාවක් නොතබා දුර බැහැරක වෙසෙන හිතවතෙකු හා සබදතාවන් පවත් වන්නට , සම අදහස් දරන අයවලුන්ට බොහෝ දේ ගැන කථා බස් කරන්නට , දේශපාලනික වෙළඳ සමාජ සංවිධාන යන්ට තමන් පිලිබදව තොරතුරු සපයන්නට අපූරුතම ‍තෝතැන්නක් මේතුල නිර්මානය වී ඇත. අවාසනාවකට තත්වය මෙතැනින් අවසන් නොවෙයි. හානිකර භාවයන් පතුරන්නන් හටද තන හානිකර බව හදුනාගෙන ඉවත්කරන තෙක් හානිකර මතවාද , හානිකර මෘදුකාංග , පෞද්ගලික තොරතුරු සොරා ගැනීම් ආදී බොහෝ දේ සදහාද මෙම අවකශය විවෘතව ඇත.
හදාරන්නන් පවසන්නේ මෙම සමාජ ජාලා හරහා හානීන් කැදවා ගැනීමට භාවිතාකරන්නන්ගේ දුර්වලතා බොහෝ විට බලපාන බවකි.මෙම පදනම මත ඔවුන් භාවිතාකරන්නෙකු පිලිපැදිය යුතුයැයි යෝජනා කිහිපයක් ‍රැගෙන එයි. පලමුව ඔවුන් පවසන්නේ සමජ ජාලවක් යනු ඔබගේ පරිගනකයේ සීමාව නොවන බවයි.සැකසුම් වලින් සීමා කලද එහි රදවන දෑ බොහෝ විට අප අවසර නොදෙන බොහෝ අය වෙතට අත්පත්වීමේ අනතුර ඇත.ඒ නිසාම සමජ ජාලාව වෙත ඔබ රදවන දෑ පිලිබදව බෙහෙවින් සැලකිලිමත්වීම ඉතාවැදගත් වේ.පෞද්ගලිකත්වය සීමා රහිතව එයට විවරකිරීම අනතුරකට අත වැනීමක්ද විය හැක.
ඔබගේ අදහස් සමාජ ජාලාවක්තුලදී ඔබ සිතනවාට වඩා විශාල පිරිසක් වෙත විවෘතවේ. දේශපලනික ආගමික වැනි තලවදී මේ අදහස් දැක්වීම් ඔබට බෙහෙවින් අනතුරුදායක විය හැකි බවයි ඔවුන් පවසන්නේ.සමහර විටක විරුද්දවාදීන් වේගයෙන් ‍රැස්කරගන්නා කවුලුවක් බවට ඔබගේ සමාජ ජාලා ගිනුම පත්වීම අනවශ්‍ය කරදරයක් කැදවා ගැනීමක් විය හැක.
ඔබගේ වෘතිමය ජීවිතය වැනි තත්වයන් පිලිබදව වැඩි තොරතුරු හා නිතර තොරතුරු සපයන්නට යාම පිලිබදවද ඔවුන් අනතුරු අගවනවා. කාලාතුරකින් මෙම තොරතුරු සැපයීම් පදනම් කරගනිමින් නෛතික ක්‍රියාවලීන්ට එලබුනු ආයතන හිමිකරුවන් පිලිබදව පුවත් නැතුවාම නොවන බව අමතක නොකලයුතු බවටයි පවසන්නේ.
සමාජ ජාල භාවිතය ඇබ්බැහිවීමක අනතුර භාවිතාකරන්නා වෙත ‍රැගෙන එන කාරනයක්ද විය හැකි බවටයි පැවසෙන්නේ. දැනට එතරම් කථා බහකට ලක් නොවූවද ආයතනයන්හි කාර්යාල පැය කිහිපය තුල ෆේසුක් අඩවිය වෙත පිවිසීම සීමා කර තබන්නට සිදුවීම අමතක නොකල යුතු අත්දැකිමකි. සමහර විටක ඔබද ඔබගේ පාලනයෙන් තොරව සමාජ ජාලාවන්හි නෙක ගලායාම්වල සිරකරුවෙකු වීමේ අනතුරු ගැන සැලකිලි මත්වන්නට යැයි ඔවුන් පවසනවා.
විටක සීමාවන් ඉක්මවා ඡායාරූ පල කිරීම පිලිබදව ඔවුන් අනතුරු අගවනවා. වැඩිපුරම කාන්තාවන් වෙත උපදෙස් දෙන ඔවුන් පවසන්නේ බොහෝ විට තමාගේම ඡායාරූ සැම දිනකට වරක් පලකරන්නට පෙලබෙන විට ඔවුන් වෙත අනෙකුත් භාවිතාකරන්නන් ගේ අවදානය ඒතරම් යහපත් නොවන ලෙසට එල්ලවීමේ අනතුරු ගැන සැලකිලිමත් වන ලෙසටයි ඔවුන් පවසන්නේ.
– siriwansa

Posted in Tech | Leave a reply

හතලිස් නම වන කොටස

ක්‍රමයෙන් මුත් අහබු ලෙසට පැමිනි ශීත බව අපගේ සිත් හෑදෑරුම් සටහන වෙතට වඩාත් ඇද බැද තබන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන්නාය. සමහර දිනවල පෙර සටහන වෙතට පි‍ටු විස්සක් පමන එක්කරන්නට අපට හැකිවිය. අපගේ පොඳු ඉලක්කය වෙතට වන නාභිගත බව වැඩි වෙත්ම සටහන් පෙල වඩාත් පෝශනයෙන් පිරුන එකක් බවට පත්වෙමින් තිබෙන බව පැහැදිලි වන්නට විය. ඇය තම අධ්‍යාපනය සම්බන්දව කටයුතු කරන ප්‍රධාන පෙලේ හැදෑරුම් ආයතනයක ආචාර්යවරයෙක් එම සටහන් නැවත කියවමින් නිවැරදිකර දෙන්නට කැමැත්තෙන් ඉදිරිපත්වීම මහත් පහසුවක් විය. ආශ්‍රමයට ඔබ්බෙන් වන ගම්මානය එම සටහනේ ප්‍රස්තූතය විය. ඒ ඇසුරින් මිනිස් වර්ගයාගේ කථාන්දරයේ සමහර හැරවුම්, තීරනාත්මක ස්ථානයන් පිලිබදව අප නැවත නිර්වචන ගෙනෙන්නට කටයුතු කෙරෙවෙමු. “හෙට දවස වඩාත් අර්ථවත් කරගනට නම් මිනිස් කථාන්දරය වඩාත් ඵලදායී ලෙසට නැවත අර්ථදක්වා ගන්නට සිදුව තිබේ” සටහනෙහි ප්‍රධාන පෙලට යටින් නිරන්තරයෙන් කෙලින්ම මෙන්ම ව්‍යංගාර්ථයෙන් නැවත නැවතත් යෝජනා කරන්නට අපට අවශ්‍ය විය. ශීත බව ඉඩ දෙන තරමට වඩාත් පැහැදිලි දවස් වල කඳු මුදුනතටද , ඊලග දවස් වල නගරයේ උද්‍යානයටද, අපහසුම දිනවල සුපුරුදු අවන්හල වෙතටද යමින් නොකඩවා කටයුත්ත ඉදිරියට ගෙනයන්නට අප කටයුතු කරමින් සිටියෙමු.
නගරයේ අවන්හල් හිමිකරු අප වෙතට වඩාත් සහය සදහා ඉදිරිපත් විය. සතිඅන්තයන් වලදී අප දවස පුරා කටයුතු කරන විට දහවල් ආහාරය උද්‍යානය වෙතට එවන්නට, අපගේ ඇනවුම් කෙසේ වෙතත් අප ප්‍රියකරන ආහාරයන් එක්කරන්න ටත් ඔහුට අවශ්‍ය විය. විවේකයක් ලැබුනු විගස අප සමග කථාබහකරන්නට ඔහු කාර්යාලයෙන් පිටතට පැමිනීම සිදුවිය. මීලග නිවාඩුවට ඔහු ආශ්‍රමය වෙතට යන්නට සැලසුම් කරන්නට පටන් ගෙන තිබිනි. දුරස්ථ දේශන මාලාව නිසා විය පැහැදැම් ගැටලුවක් නොවිනි. සාර්ථක දේශනමාලාවක් සදහා නිරන්තරයෙන් නව දැනුම යාවත්කාලීන කරගන්නට සෑම දිනකම උදෑසන හෝරා තුන හතරක් වැය කරන්නට අවශ්‍ය විය. සහභාගී වන්නන්ගේ ධනාත්මක ප්‍රථිචාර ඒ සදහා මහත් උත්තේජකයක් විය. සමහර සිසු සිසුවියන් ඊමේල්, ‍ටුවිටර්, සමාජ ජාලා ඔස්සේ වැඩි දුරටත් සම්බන්ද වෙමින් වැඩි දුර තොරතුරු විමසන්නට මෙන්ම අපගේ හැදෑරීම් සටහන් කටයුත්ත තොරතුරු ලබා දෙන්නට පවා ඉදිරිපත්වීම මහත් සතුටක් විය.
– siriwansa

දුවන පතල් සහ නහින පතල්

මැණික් ගැරීම පිනිස දුර බැහැර ගොසින් එන අය නිතරම පාහේ කරදර ගැන කථා වෙති. එහෙ කරදරද? කරදර නැද්ද? යනුවෙන් විමසා බලති. මාතලේ දිස්ත්‍රික්කයට අයත් ඇලහැර සහ කළු ගඟ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ඔක්කම් පිටිය නක්කල වැනි කැලෑ බද්දර ප්‍රදේශවල පතල් කපන්නේ අනවසරයෙනි. ජනතාව ඒවා හඳුන්වන්නේ හොර පතල් යනුවෙනි. බලධාරීන්ගේ අවසරය සහිතව කෙරෙන පතල් ලයිසන් පතල්ය. හොර පතල් වටලා අනවසර ගැරුම්කරුවන් අත්වඩංගුවට ගැනීම පොලිස්සියේ රාජකරියයි. මේ නිසා පොලිස්සියන් පනින වාරයක් වාරයක් පාසාම දුව දුවා වැඩ කිරීමට ඔවුන්ට සිදුවේ. ඒවා දුවන පතල් යැනුවෙන් උපහාසාත්මකව හඳුන්වති.
පොලිස්සිය පමනක් නොව මැණික් අධිකාරියේ නිලධරීන්ද හොර පතල් අල්ලන්නට යති. එවිට සැගවී සිටින ඔත්තුකරු හූ කියති හූ හඬ ඇසුනු විගස අතට අසුවුනු කුමක් හෝ පතල් ආයුධයක් හෝ උපකරනයක් ‍රැගෙන පැන දිවීම හොර පතල් වල සම්ප්‍රධායයි. දැන්නම් ඒවා කෙරෙන්නේ ජංගම දුරකථනවල සහයෙනි. හොර පතල් සොයා මැණික් අධිකාරියෙන් හෝ පොලිස්සියේන් පැනිල්ල ජනවහරට එක් වී ඇත්තේ කරදර යනු වෙනි.
ජනවහරේ එන හැටියට මැණික් පතල් වර්ගද කිහිපයක් වේ. එතරම් ගැබුරට නොවිහිදෙන පතල් ගොඩ පතල්ය. තට්‍ටු හතලිය පනහක් සවිකර ගැබුරට හාරන පතල් ගැබුරු පතල්ය. ඇතැම් ගැබුරු පතලයක දෝනා හෙවත් පොලව යටින් දිවෙන උමංද කපති. එවිට ඒවා දෝනා පතල්ය. රත්නපුර දිසාවේ පැල්මඩුල්ල කුරුවිට නිවිතිගල පානගම දෑල ගලතුරේ සහ හතර භාගේ යන ප්‍රදේශ කවදත් ගැබුරු පතල් වලට ප්‍රසිද්ධය.
පතලක් ගැබුරින් වැඩි වන විට එහි කනින පස් මතුපිටට ගෙන ඒම සදහා දබරයක්(කප්පියේ මූලධරමය පදනම් වූ) සවි කෙරේ එවිට ඒවා දබර පතල්ය. පොලව යට වැලි අදික පතල්, වැලි පතල්ය. හාරා වසා දැමූ පැරනි පතල් පුහු පතල්ය. පතලක් කැපීමේදී ඊට පලපුරුදු පත කරුවන් හය දෙනෙකු අවශ්‍යය. එසේ නැතුව නුපුරුදු කරයන් සමග පතල්කපන්නට බැරිය. ඒසේ වු විට අනික් අයට වැඩි පුර වෙහෙසෙන්නට සිදුවේ. එවිට නහින පතල් කියා කියති.
ඇතැම්හු වතුර අඩු නොගැබුරු ස්ථාවල සම්මත දිග – පලලින් තොරව පතස් හාරති. පතස්ය කියන්නේ මහා පරිමාන වලවල් සේ කනින පතල් වලටය. දෙදෙහස් පහ වසරේදී බැකෝ යන්ත්‍රද යොදා ගනිමින් හැටන්, බගවන්තලාවේ පතස් කැනීම මහත් ආන්දෝලනයකටද තුඩු දුන්නේය.
– පොත පත ඇසුරෙනි.

Posted in Gems | Leave a reply