Back to Top

Monthly Archives: April 2017

අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් – මාන්නප්පෙරුම මොහොට්ටි ජයවීර බණ්ඩාර

” සොලී රටින් ආඬි ඇවිත් උන් අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් කියන අයට මාන්නප්පෙරුම මොහොට්ටි කමුත් දී රාජ හෙට්ටියාගේ දුව යකඩ දෝලියට අරගෙන උන්නාහ. ”
යන රාජාවලි පාඨයෙන් අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් සීතාවක රාජ්‍යයට සම්බන්ද වී සිටි අයුරුත් සොලී රටෙහි සිට පැමිනි බාත් දැක්වෙයි. ශිව භක්තිකයන් වූ මේ අඬි ගුරුන් සීතාවක රාජ්‍යයේ ආරම්භයේ සිටම සම්බන්ද වී සිටි අයුරු රාජාවලියේ සදහන් වන වෙනත් තොරතුරු අනූවද සීතා ගත හැකිය. මායාදුන්නේ රජු පලමුවෙන්ම සීතාවක රාජ්‍යයේ ආරම්භක කටයුතු කලේ ආර්ය මන්ත්‍රී නම් ඇමතියෙකුගේ ආධාර ඇතිවය. උඩරට ජයවීර රජු ඇතිකල කැ‍රැලි මැඬලීමට සේනාව යැවුවේ ආර්යමන්ත්‍රී ගේ නායකත්වයෙනි. ආර්ය යනු සොලී නාමයකි. ඔවූහු ශිව භක්තිකයෝය. සීතාවක රජ්‍යයේ එදා තිබූ තත්වය විස්තර කරන මහා වංශය –
” පියා මැරූ පාපයෙන් මිදෙනු බැරි බව ඒ රජුට භික්ෂූන් දැන්වූ විට හේ බුදු සමය අත හැර සිව සමය වැලඳ ගත්තේය. එපමනකින් නොනැවතුනු ඒ රජ භික්ෂූන් මරවා වෙහෙර විහාර නැතිකර දමා බෞද්ධ පොත් පත් පුලුස්සා දැමීය. මේ අවාසනාවන්ත කාලයේ සීතාවක සිටි භික්ෂුහු සිවුරු හැර ගියහ” යනු වෙන් සඳහන් කරයි.මේ තත්වය යටතේ ” …. කෝට්ටේ විහාර කැඩී පල්ලි ගොඩ නැගී ආ හැටිත් සීතාවක් විහාර කැඩී කෝවිල් නැගී ආ හැටිත් දැක්ක හැකිය” මේ අනූව සීතාවක රාජ්‍යයේ සිව සමය පැතිරෙමින් තිබූ අයුරුත් ආඬිගුරුන් වඩ වඩාත් රාජ්‍ය පාලනයට සම්බඳ වී බලයට පැමිනෙමින් තිබූ සැටිත් පැහැදිලි වේ. මෙය උච්චතම අවස්ථාවට පත්වූයේ අරිට්ඨකි වෙන්ඩු පෙරුමාල් මහ ඇමති කමට පත්වී මෙනි.
සීතාවක මහ ඇමති වික්‍රමසිංහ මුදලිට වස දී මරණයට පත්කිරීමෙන් පසු මහ ඇමති කමට පත්කර ගැනු ලැබුවේ අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල්ය. සිංහල මහ ඇමති කෙනෙකු වෙනු වට ආඬි ගුරෙකු පත්වූයේ සිව සමය තදින් පැතිරී තිබූ නිසා යැයි සිතිය හැකිය.මෙහුගේ පත්වීමත් සමග බුද්ධාගමට ලැබූ කල දශාව සොචනීය වේ. ශ්‍රී පාදස්ථානය වැනි බෞද්ද සිද්දස්ථාන වල අයිතිය පවා ආඬි ගුරුන්ට පැවරීය.
අරිට්ට කීව් එන්ඩු පෙරුමාල් මහ ඇමතිකමට තොරා ගැනිමට තවත් හේතුවක් තිබිය හැකිය. ඔහු කාර්ය ශූර පුද්ගලයෙක් ලෙස කටයුතු කරන්නට ඇත. කී මෙහි බිණීමෙහි දක්ශයක් වන්නට ඇත. ඒ සැමටම වඩා අනුන් වශීකර ගැනීමේ දක්ශයෙක් වන්නට ඇත. වික්‍රමසිංහ මුදලිගෙන් පසු රාජ්‍ය නයක බවට පත් මොහු එකවන රාජසිංහ රජුට පමනක් දෙවැනි වූ බව පසුව සිදුවී ඇති කරුනු වලින් පෙනේ.
– පොත පත ඇසුරෙනි.

Posted in History | Leave a reply

හතලිස් අටවන කොටස

“මිනිස් වර්ගයාගේ අකුරු හැකියාව තිරයක් මත චලනය වන දෑතේ මහපට ඇගිලි වල චලනයන් බවට පමනක් ඌනනය වෙමින් ඇත” දිනක් විෂය තුලට වන දේශනයක් ද ඊලග දිනයේදී විෂයෙන් ප්‍රායෝගිල ලෝකය දෙසට වන ආකාරයට දේශන පෙල සැකසී තිබුනි. දෙවන දිනයේ මාතෘකාව එලෙසට යෙදී තිබිනි. වේගයෙන් භාවිතයට පැමිනෙමින් ඇති ජංගම උපාංග සමග වන වර්චුවල් යතුරු පුවරුව මෙහෙය වන වඩාත් පහසුම අකාරය නිසාම එම භාවිතය බහුල වෙමින් ඇති බවට වන නිරීක්ශනය මතම මා එම මාතෘකාව ‍තෝරා ගන්නට තීර්නය කලෙමි. වර්චුල් ඇසිස්ටන්ට් වල පැමිනිම වඩාත් සංකීර්නව හා දෛනික ජීවිතයේ සියලුම පාහේ භාවිතාවන්ට වඩාත් නම්‍යව සිදුව තිබුනද මිනිස්වර්ගයාගේ අකුරු කිරීමේ හැකියාව තවමත් ප්‍රධානව තිබීම සමහර විද්වතුන්ගේ පුදුමයත් තවත් සමහරක්ගේ සතුටටත් කාරනයක්ව තිබිනි. තම ගල්ගුහාවක බිත්තිය මත රලු ගල් කැටයකින් ඇදෙන රලු ඉරි කැබලි කිහිපයකින් ඇරබෙන දිගු කථාන්දර අනාගතයේදී යලිත් ඔහුගේ පැරනිතම හා සමීපතම සංනිවේදන හැකියා වෙතට ඌනනය වීම අනිවර්ය බව පැහැදිලි කරමින් එම දේශන දෙකම අවසන් කරන්නට කටයුතු කලෙමි. පසු දේශන ගැටලු විමසීම් ඔස්සේ සිදුවෙමින් ඇති මෙම පරිවර්ථනය පිලිබදව ගැටලු කිහිපයක් නැගුනද වසර කිහිපයකට පෙරදී මෙන් දැඩි විරෝධී ස්වභාවයේ ඒවා නොවීම පැහැදිලිව දැකිය හැකි විය. අවසානයේ පරිනාම අවශ්‍යතාවය සමග එකග වන්නට මිනිස් වර්ගයාට සිදුවීම අතීතයේ සිටම අදටද වලංගුව පවතින බව පැහැදිලිය. තවමත් පැහැදිලි නොවුනද ඉදිරි දශක කිහිපය පසුකරමින් ඉදිරියට යන මිනිසාට තම සිතුවිලි නැතිනම් මිනිස් මනසින් නිකුත්වන තරංග ඔස්සේ එකිනෙකා සමග සංනිවේදනය සාමාන්‍ය වනු ඇති බව ඉතා පැහැදිලිය. වේගයෙන් කුඩා වෙමින් යන දත්ත උපාංග තව තවත් කුඩා වන්නට වන එක් බාදාවක් වෙමින් ඇති Iණ්ඵ්Uඨ්-OUඨ්ඵ්Uඨ් හැකියාවන් ගේ ගැටලුව ඉන් විසදෙනු ඇත. “එක් දෙසකින් වේගයෙන් වැඩෙමින් ඇති ශිස්ථාචාර අසහනය මිනිස් වර්ගයා පෘතුවිය මතින් අතුගා දමන්නට තරම් දරුනු නොවීමේ කොන්දේසිය මත මෙම ඉලක්ක වෙතට ඔවුන් පැමිනීම කිසිවෙකුට වැලක්විය නොහැක”. දවසේ දේශන අවසානයේ සාමන්‍යයෙන් සිදුවන ‍ටුවිටර් සටහන එලෙස තබන්නට කටයුතු කලේ බොහෝ සිසු සිසුවියන් කියවන එම පනිවිඬය ඔස්සේ යම් අවදිකීරීමකට වන අවස්තාව වඩා ඵලදායීව කිරීම යුතුකමක්ම වන බැවිනි.
– siriwansa

Redstone 3 නිකුතුව එලබෙන සැප්තැම්බරයේ…

මේ වන විට Microsoft සමාගම තම Windows 10 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීනය පිලිබඳව තොරතුරු හෙලිකරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ Redstone 3 නිකුතුව මේ සැප්තැම්බරයට නියමිත බවටයි. තම මෙහෙම් පද්ධති සදහා වෙගවත් යාවත්කාලීන නිකුතුවකට එලබ ඇති එම ආයතනය තම windows 10 වල පලමු සංස්කරනය එනම්  Windows 10 (1507) සදහා සහය දැක්වීමද නිකුතුවෙන් මාස 22ක කලයකින් අනතුරුව අවසන්කරන බවට මේ වන විට නිවේදනය කර ඇති අතර සෑම මාස18 කදීම ඉදිරියේ තම කල් ඉකුත්විමේ ක්‍රියාවලිය සිදුවන බවටයි පැහැදිලි  කරන්නේ. 2017 වසරේ මුල් භාගයට මෙම නිකුතුව බලාපොරොත්තු විය හැකි අතර එම නිකුතුව සමග පැමිනෙන්නට නියමිත නවාංග පිලිබඳව තවමත් විස්තර පැමින නොමැත. ( දැනටමත් පවසා ඇත්තේ තම Windows 10 Mobile නිකුතුව උපාංග 13 කට පමනක් සීමාවන බව හා මේ මාසයේ නිකුතුව ඇරබෙන බව යි.) එලබෙන මැයි 10 ට නියමිත 2017 developer conference වලදී Redstone 3 පිලිබඳ වැඩි විස්තර බලාපොරොත්තු විය හැකි බවටයි හදාරන්නන් බලාපොරොත්තු වන්නේ .

ඔබට වඩා වන “ඔබව” නිර්මාණය වෙමින් තිබේ……

ඔවුන් උත්සාහ කරමින් සිටින “දෙය” මෙසේ පැහැදිලි කරන්නට හැකියි. එනම් “ඔබ” මතට “නැවත නිර්මාණිත” ඔබව ‍රැගන් ඒම ලෙසට. මම හිතන්නේ මේ හැරවුම මිනිස් කථාන්දරයේ තවත් තීරනාත්මක ඉසව්වකට පිවිසීමක් වේවි. සියලු සාම්ප්‍රධයික අවකාශ නැවත අභියෝගයකට ලක් කරන මොහොතක් වේවි. දේශපාලනික, අර්ථික, සංස්කෘතික සියලු අර්ථ සදහා නැවත විවරනයන් ඉල්ල සිටින අවස්ථාවෙක් වේවි. අපි දන්නවා සියලුම පාහේ තොරතුරු අවකාශයේ පෙර ගමන්කාර සමාගම් වලට අවශ්‍ය වෙලා තියෙනවා ඔබ මතට වඩාත් පෞද්ගලික වෙමින් ඔබ සදහා වඩාත් සැසදෙන වර්චුවල් “ඔබව” නිර්මාණය කරන්නට. තවත් දෙසකින් පවසන්නේ නම් ඔබ වෙනුවට තවත් “ඔබ” කෙනෙක් වර්චුවලි නිර්මාණය කර ගන්නට. මූලිකවම මේක වෙළඳ කරනවක් බවට කිසිදු තර්කයක් නැහැ. හැබැයි ඒහා සමාන්තරවම ඔවුන් දක්ශ වෙමින් තිබෙනවා ප්‍රාථමික වෙළඳ ස්වභාවය ඉක්මවන ස්වරූපයේ අනන්‍යතාවයකින් මේ අවකාශය නිර්මාණය කරන්නට.
ඔවුන් ක්‍රමයෙන් කරමින් සිටින්නේ අනාගතයේ ඔබගේ සමාජජාලා සර්වරයේ නිර්මාණය වන “වර්චුවල්” ඔබව නිර්මාණය කිරීමයි. ඔබගේ දත්ත අනන්‍යතා සර්වරයේ “ඔබව නියෝජනය වන වර්චුවල් ඔබව” නිර්මාණය කර තැබීමයි. මේ වර්චුවල් ඔබට සැබෑ ඔබගේ සිතුම් පැතුම්, අවශ්‍යතා “අධි ඔබ කෙනෙකු” ඔස්සේ ඉ‍ටුකර දෙන්නට හැකි වේවි. මේක සංකීර්න අවස්ථාවක් වනවා නිසකවම. දේශපාලනික මෙන්ම සංස්කෘතික විතැන්වීම් පරිධියේ කෙරවල අවකාශයන්ට විශාල ගැටලුවක් වේවි. හැබැයි මේක භ්‍යානක තත්වයක්ශ නැතිනම් ආශිර්වාදයක්ද යන්න ප්‍රයෝගිකව නිර්වචනය කරන්නට දැනට අප සතුවන ආර්ථික දේශපාලනික අර්ථයන්ට හැකිවේවිද යන්න ප්‍රශ්නයක්. ඒකට හේතුව මේ විෂයන් නොවෑඩෙන හරිම සාම්ප්‍රධායික සීමා වල තවමත් සිටීම.
– Pubudu Siriwansa
– www.siriwansa.life

Posted in Tech | Leave a reply

මැණික්කාරයෝ….

මැණික් කැට මතුවන අඩවියේ ජන බසට, ජන වහරට අනූව , රත්නපුරයේ වෙසෙන වැඩි දෙනා මැණික් කාරයෝය. ඔවුනට වාසනාව ගෙන දෙන්නේ ගල් වලිනි. ගල් යනු නැණික් ය. ඒවායින් ධනය ලැබ සරුසාර වන්නෝ බොහෝය. එබැවින් මැණික්කාරයෙන් වූ කලී ලක් කරයන්ය. ගල් හෙවත් මැණික් ගල් ගැරීමට නම් පතල් කපන්නට ඔනෑය. පතලක් කපනවා යන්නෙහි තේරුම මැණික් මතුවන භූමියක පතලක් කනිනව යන්නය. ඒ කාරිය කරන්නේ පතකාරයන්ය. ඔවූහු පතල් කපා ගල් ගරති. මැණික් මුදලාලිලා හෙවත් මැණික් කාරයන් පැමින ඒවා මිළඳී ගනිති. ඔවුනට ගල හොඳට වැදුනහොත් පතල් කාරයාගේ ලක් එකය. මැණික් මතුවන අඩවියේ ගමකට ගිය විට හරි අපූරු කථා අසන්නට ලැබේ.
ඇතැම් හු පතල් කපති. සමහරු පතල් යති. තවකෙක් ගරන්නට ගොසිනි. මොකද මේ දවස්වල? යැයි විමසූ විට පතල් යනව අයනුවෙන් පිලිතුරු දෙති. මේ වචන සියල්ලෙන්ම විස්තර කෙරෙන්නේ මැණික් මතුවන අඩවියේ ජීවනෝපායයි. එනම් මැණික් ගැරීමේ කර්මාන්තයෙහි නියැලී සිටීමයි.
පතල් යාම හෙවත් මැණික් ගැරීම වූකලී රත්නපුරය ප්‍රමුක මැණික් මතුවන අඩවියේ ප්‍රධානතම සහ පැරනි තම කර්මාන්තයයි.
මැණික් ලැබීම වාසනාවන්ත වුවද පතල් කැපීම නම් ඉතාමත් දුක් බර රස්සාවකි. ඒ නිසා පතල් නිතරම බරපතල්ය. කොයි හැටි වෙතත් යමක් කමක් හදා ගන්නට නම් ගල් කෑල්ලක් සොයන්නටම ඔනෑය. හොඳ ගල් හම්බවන තැන් වල මිනිසුන් දාහ හමාර වැටී වැඩ කරන්නේ ඒ නිසාය.
ඉස්සර රත්නපුරයේ විසුවෝ මැණික් ගරන්නට ඇලහර ගියහ. අප කුඩා වුන් සන්දියේ බොහෝ දෙනා කථාකලේද ඇලහැර යාම ගැනය. ඇලහැර ගියෝත් ඉතින් ගල් කෑල්ලක් ගරා ගෙන එන්නට පුලුවනි. ඔවූහ ඇදවූහ.
මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාවුලට නුදුරු ඇලහැර අඹන්ගඟ ආශ්‍රිතවත් මාතලේ කළු ගඟ ආශ්‍රිතවත් පැතිර ගිය භූමි භාගයකි. ඒය හොඳට ගල් හම්බවෙන ප්‍රදේශයක්ද වේ. ඇලහැර යාමෙන් හොඳට වාසි වුන අය බොහෝය. කොතැනින් හමු උනත් ගල් බලන්නේ උඩට අල්ලා හිරු එලියට හසු කිරීමෙනි. එහෙත් උඩ බලන්නටවත් දලං කෑල්ලක් නොලැබ ආපසු ගමට ආ අයද එකල වූහ. දලං කෑලි කියන්නේ බොහෝම කුඩා මැණික් වලටය. නිතර නිතර ගල් හම්ම්බ වන අය චාන්ස් කාරයන් හෙවත් වාසනාවන්තයන්ය. ඔවුන්ට කොතන ගියත් චාන්ස්ය.
ලගපත තැනක පැතල් කෑපීම පතල් යනවා කියා හැදින් වුවද ඇලහැර වැනි දුර බැහැරක යාම ජනවහරට එකතු වූවේ ගරන්නට යනවා යනුවෙනි. අපේ මනුස්සයත් ගරන්නට ගිහින් එකල කාන්තාවෝ කීහ. මෙසේ දුර බැහැරක ගරන්නට යන පිරිස නඩයකි. නඩක් සංවිධානය කරන්නේ වියදම් කාරයෙකි. වියදම්කාරයා යැයි කියන්නේ මුලුනඩයටම මුදල් වියදම් කරන පුද්ගලයාටය. ගැරුම් උපකරනද සමග නියමිත ස්ථානයක ලගා වන නඩය මුලින්ම කරන්නේ වාඩියක් ගැහීම හෙවත් නෑවතීම පිනිස තාවකාලික මඩුවක් තනා ගැනීමටය. එය නැවතුම් වාඩිය යැයි ඔවුන්ගේ අහර පිනිස වාඩි බත් වඩි හොද්දත් ඉදීන්නේ එහිදීය. ඉයුම් පිහුම් කටයුතුද දිනකට එකා බැගින් මුලු නඩයටයම බෙදී යයි.
මෙසේ ටික කලක් ගත කරන විට වාසි හෙවත් මැනික් ලැබෙන්නේත් නැත. ඒ මදිවාට වියදම් හෙවත් හාල් පහේද ඉවර වේ. එවිට නඩයේ දෙතුන් දෙනෙක් වියදම් ගෙන යන්නට හෙවත් මුදල් ටිකක් ගෙන යන්නට ආපසු ගමට එති. මැණික් ගරන්නට දුර බැහැර ගිය අය අපසු ගමට එන්නේ බොහෝ විට වාසිඋනාමය. එනම් වටිනා මැණික් ගල් ලැබුනාමය. එබැවින් ගමට එන ගැරුම් කාරයන් දකින සමහරු කොමද වාසි වෙලා වගේ යනු වෙන් විමසති. තවම කිසිදු වාසියක් නැති බැවින් ඒ ප්‍රෂ්නයට පිලිතුරු ලැබෙන්නේ නැහැ තාම ඒ හැටි වාසියක් නෑ. මේ වියදම් ගෙනියන්න ආවා යනුවෙනි.
– පොත පත ඇසුරෙනි.

Posted in Gems | Leave a reply

මුන්නිල වඩ්ඩක්කරු -2-

මෙහි පැමිනි මුස්ලිම් හමුදාව පිලිබඳව විස්තරය-
” මායාදුන්නේ රජ්ජුරුවෝ බ‍ටුගෙදර තුන් අවුරුද්දක් වැඩ ඉඳ සීතවකට වැඩ කෝලිකට්‍ටුවෙන් වඩ්ඩක් කරුවන් ගෙන්වා කුඩලිමරක්කලයන් ඇතුලු නිලමක්කාරයින් දෙන්නෙක් බොහෝ වඩාක් කරුවනුත් සීතාවකට ගෙන්වා යුද්ධය ආරම්භ කලාහ.”
යනුවෙන් රාජාවලිය වාර්ථා කරයි. මායා දුන්නේ රජු 1637 දී යුද්ධාධාර පිරිස කැලිකට් පාලක සැමෝරියන් වෙත දූතයන් යැවූ බවත් එහි ප්‍රථිපලයක් වශයෙන් පයිව්මර්ක තුන්හෙල මර්ක යන සොහොයුරන්ද අලි අබුහෙම් ද යන තිදෙනා හමුදා සහිතව ලංකාවට එවන ලද බව කූ‍තෝ, කේරෝස් යන දෙදෙනාම දීර්ඝ වශයෙන් විස්තර කරයි.
පෘතුගීසී ඉතිහාස කරුවන්ගේ විස්තරයක් රාජාවලි පාථයත් එකිනෙකට සංසන්දනය කිරීමෙන් කුඩලිමරක්කලයන් නම් කවුරුන් දැයි දැන ගත හැකිය. කෝලිකට්‍ටුව ලෙසින් ඉතිහාස කරුවන්ගේ වාර්ථාවලින් තහවුරු වේ. නිලමක්කාරයින් දෙදෙනෙක් ගැන රාජවලිය සදහන් කරතත් , පෘතුගීසී හා වෙනත් වාර්ථා අනූව තිදෙනෙක් පැමිනි බව පෙනේ. මේ අනූව කුඩලිමරක්කලයින් යනු වෙන් රාජාවලියේ සඳහන් වන්නේ ෆයිව්මර්ක, තුන්හලේ මර්ක යනුවෙන් පෘතුගීසී වාර්ථාවල සදහන් දෙදෙනා බව පැහැදිලිය. මේ පෘතුගීසී භාෂාවෙන් ලියන ලද මේ නම් දෙක ද්‍රවිඩ උච්චාරනය අනූව පච්චෙයි මරික්කාර් හා කුන්හාලේ මරික්කාර් කුශයෙන් උච්චාරනය කලයුතු බව පැහැදිලිය. තුනවන නිලධාරියා වූ අලි අබුහෙම් නම් අලි ඊබ්‍රාහිම්ය.
මේ නිලධාරීන් තිදෙනා සමග පැමිනි මුස්ලිම් හමුදාවක් සමග මායාදුන්නේ රජු කෝට්ටේ රාජ්‍යයට එරෙහිව සටන් වැදුනත් පරාජයට පත්ව දැරනියගලට පසු බැස්සේය. කෝට්ටේ හමුදාව සීතාවක ගිනිබත් කලහ. කෝට්ටේ රාජ්‍යය සමග සමාදානයකට කැමති බව දැන්වූ විට බුවනෙකබාහු රජුගේ ප්‍රථිචරය වූවේ වඩ්ඩක්කරුන් දුරුකල විට සාමදාන වියහැකි බවයි. කිසිවක් කරකියා ගත නොහැකි තත්වයට පත්ව සිටි නිසා බුවනෙකබාරජුගේ ඉල්ලීමට මයාදුන්නේ කමැත්ත දැක්වීය. වඩ්ඩක් කරුන්ගේ නරක හැසිරීම නිසා මායාදුන්නේ ඔවුන් සමග අමනාප වී සිටි බවද පෙනේ. පච්චෙයි මරික්කාර් හා කුන්හාලේ මරික්කර් යන සහෝදර මුස්ලිම් සෙනවියන් දෙදෙනා කෝට්ටේ නුවරට භාරදී සාමදානය ඇතිකර ගැනීමට මායාදුන්නේ රජු ඉදිරිපත් විය.
මායාදුන්නේ රජුට සහය පිනිස පැමිනි මේ මුස්ලිම් හමුදාවේ සෙසු අය තල්දූව, නාපාවල, ගුරුගල්ල වැනි සීතාවක රාජ්‍යයට අයත් ගම්වල පදිංචි කර වූහ. කෝට්ටේ රාජ්‍ය තුල සිටි මුස්ලිම් වරුන්ද පෘතුගීසීන් ගේ කරදර හිරිහැර නිසා සීතාවක රාජ්‍ය සීමාව තුල පදිංචියට ආහ. මේ ආ පිරිසටද ඉහතකී ගම්වල පදිංචියට අවස්ථාව සලසා දුනි. සමහර මුස්ලිම්වරුන්ට පටබැඳි නාමයන් පවා ප්‍රධානය කරන ලදී. දූවේගොඩ රණසිංහ මුදියන්සේලාගේ වැනි සිංහල පෙලපත් නාමයන් හිමි මුස්ලිම්වරු අදත් මේ ගම් වල සිටිති.
– පොත පත ඇසුරෙනි.

Posted in History | Leave a reply

Facebook වෙතින් යෝජන වන helicopter-drone එකක්

මෙවර Facebook වල F8 Developer Conference වලදීද පැමිනි නව තොරතුරු අතර කැපී පෙනෙන එකක් ලෙසට වූයේ ව්‍යසන අවස්තාවලදී පිහිටට පැමිනිය හැකි helicopter-drone එකක් ගැනය. අඩි සියගනනක් උඩින් සිටිමින් cellular හෝ WiFi ආකාරයට අන්තර්ජාල සබඳතාවය සපයන්නට හැකි වන ලෙසට මෙම දියුනු කිරීම සිදුව ඇති බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් යෝජනා කරන්නේ electricity බලය tether powers ආකාරයට ලබා දීම ඔස්සේ එක දිගට සති කිහිපයක් වුවත් අහසේ ‍රැ‍ඳෙමින් තම සේවය සපයන්නට මෙම උපකරනයට හැකි බවයි. අදාල ප්‍රදේ ශයේ fiber හා electricity lines ක්‍රියාත්මක වන අවස්ථාවකදී මෙම සේවාව සාර්ථක වනු ඇත.
කෙසේ වෙතත් තවමත් පැය 24 කට වඩා එක දිගට අත්හදා බැලීම් සිදුකර නැති මෙම විසඳුම දැඩි සුලඟ නැතිනම් අකුනු සහිත අවස්ථාවලට ගැලපෙන ලෙසට දියුනු කිරීම ආදි අභියෝග ‍රැසක් සමග තිබෙන අතර 2014 දී Facebook යෝජන කල solar-powered drone විසඳුමද එතරම් සාර්ථක නොවුනද අකංඩ දියුනු කිරීම් ඔස්සේ සර්ථක වීමකට ඇති අවස්ථා පිලිබඳව දැඩි බලපොරොත්තු පල වෙමින් තිබෙනවා.

Posted in Tech | Leave a reply

හතලිස් හත්වන කොටස

දුරස්ථ දේශකයෙකු ලෙසින් ඇරබෙන කෙටි කාලපරිච්ඡේදයේ ආරම්භක දිනය සාර්ථක එකක විය. උදෑසනම ඇයගෙන් සුබපැතීමේ කෙටි පනිවිඩයක්ද ජංගම දුරකථනයට බැරව තිබිනි. එකි නෙකා අතර පරතරය සැතපුම් දහස් ගනනක් වුවද ත්‍රිමනීයව හමුවන්නට අවශ්‍ය තාක්ශනය පහසුවෙන් යොදා ගන්නට හැකිව පැමින තිබීම මහත් පහසුවකි. හුදු ඡායා ලෙසට නොව වඩාත් සවිස්තර ආකාරයට පැමිනෙන එම ප්‍රක්ශේපනයන් එකිනෙකාගේ හැගීම් ආවේගයන් හඳුනා ගත හැකි තරමට පැහැදිලිව තිබිනි. දෙපැයක දේශනයන් දෙකක් එකි නෙකින් සැතපුම් දහස් ගනනක් දුරස්ථ ආයතනයන් දෙකක් සමගම සැලසුම්ව තිබුනු අතර එම ආයතනයන් දෙක වෙතින්ම පත්කර තිබූ භාහිර අධීක්ෂන ආයතනයන් දෙකෙන්ම සාර්ථක බව අගයන සහතික දෙපැයක් ඇතුලත පැමිනීම වඩාත් සැහැල්ලුවක් ඇති කරවන්නට විය. ” කලකට පසුව සුපුරුදු මහත්සේ ප්‍රියකරන ප්‍රදේශයක සැදෑ සක්මනකට අවස්තාව ලැබුනා වැනි සතුටක් දැනෙනවා” අවසානයේ ලද හැහැල්ලුව දුරකථන ඇමතුමක් සමගින් ඇය සමග බෙදා ගන්නට අවශ්‍ය විය.
සැදෑවේ අපගේ හමුව සුපුරුදු අවන්හලේදී යොදාගෙන තිබිනි. “ඔබ හොදටෝම නිහඬ වෙලා, මට වෙලාවකට ඒක මහත් අපහසුවක්!” ඇය සුහද චෝදනාවක් එල්ල කලාය. “අපි කාගෙත් ජීවිත රචනාවල හිස් පි‍ටු කලා තුරකින් හෝ තිබීම සාමාන්‍ය දෙයක්. ඒත් මට දැනෙනවා මම පසුකරමින් ඉන්නේ වඩාත් නිහඬ ජීවන ප්‍රදේශයක් බව. සමහර වෙලාවට ආශ්‍රමය, යාබද ගම්මානයේ හරයන්ගේ වඩාත් ගැබුරු අර්ථ පැහැදෙලි වෙමින් තිබෙනවා වැනි යමක් මට දැනෙනවා.ඇත්තෙන්ම මට මහත් සතුටක් සැහැල්ලුවක් දැනවා. හැබැයි ඒක මහත් පහන් හැගීමක්. මේ අපූරු මානසික අවකාශය ඔබත් සමග බෙදා ගන්නටත්, ඉන් පසුව ඒක වඩාත් කල්පනාවෙන් අකුරු කරන්නටත් අපි පටන් ගමු”. ඇයව වඩාත් ගැබුරු අවධානයන් යුත් පෙදෙසකට කැදවාගෙන යන්නට අවශ්‍යය. “අපට ස්පර්ශකල හැකි උපරිම අර්තය අකුරු කරන්නට මට අවශ්‍ය වෙලා තිබෙනවා. අපේ අවසාන සටහන සදහා තබන උප සවිස්තර මාතෘකව -අප ජීවිත සංචාරයේ උපරි සංෂිප්තය- ලෙසට නම් කරන්නට මම යෝජනා කරනවා”. ඇය සියල්ලට සවන් දෙන්නේ ධ්‍යානයකට සම වැදුනා ලෙසටය. “ඔබ දන්නවද, මට සමහර වෙලාවට මහත් බයකුත් දැනෙනවා. කාලය විසින් මේ අර්ථ වඩාත් පැහැදිලි වෙනකොට කියන්න වෙන්නේ මහත් සරල කෙටි අදහසක් පමනක් වේවි කියලා. මම කියන්නේ – ඒක මහ හිස් කඩදාසියක් විතරයි- වගේ යමක්. ජීවිතය නිර්මාණය කර ගෙන තිබෙන සංස්කෘතික අර්ථ එකින් ව්ක වේගයෙන් බල විරහිත වෙමින් යාම එක අර්ථයකින් මහත් සැහැල්ලුවක් සහනයක් වෙනවා සේම තවත් අර්ථයකින් මහත් හුදකලා වීමක්. මම දන්නවා ඔබ එක පාරටම යෝජනා කරාවි එසේ කීම මානසික බිඳ වැටීමක ලක්ෂනයක් කියලා. මට තේරෙන විදිහට ජීවිතයේ විවිධ අවස්ථාවලදී පැමිනෙන එකම අර්ථ දැක්වීම් පි‍ටුපසින් තියෙන්නේ විවිධ මානසික තලයන්.මට මතක් වෙනවා මෑතකදී මම නැරබූ වේදිකා නාටයයක පැමිනි දෙබසක්.”මේක මහත් දිග සිහිනයක් පමනී.අතර මැදදී අවධි උනොත් ඔබ තරගයෙන් ඉවත්කරනවා ඇත කියලා” බුදු දහම ගැන ඔබට අවබෝධයක් ඇති නිසාම මගේ අදහස හුදු පිස්සුවක් ලෙසට ඔබට නොවැටහෙතැයි මම සිතනවා”. සමහර වෙලාවට ඇය අර්ථ ග්‍රහනය කරගන්නේ විඳුලි වේගයෙනි. ඇය අපූර්ව සහකාරියකි.
– siriwansa

හෙට දවසේ බිහිවන දත්ත මිනිසා ගැන කෙරෙන අපූර්ව සටහන කියවන්නට…..

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. “ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි…. මම බීටාව.
– siriwansa

මුන්නිල වඩ්ඩක්කරු -1-

පෘතුගීසීන් පෙරදිග පැමිනෙන අවස්ථාවේ දකුනු ඉන්දියාවේ කැලිකට් තොටින් හා පොන්ඩිචරි වැනි ස්ථාන වල මුස්ලිම්වරු වෙළඳ බලය ලබා ගෙන සිටියෝය. පෘතුගීසීන් හා මුස්ලිම් සටන් ඉන්දියාවේ ඇති වූ මේ වකවානුවේ ක්‍රි ව 1505 දී ශ්‍රීලංකවේ සිටි මුස්ලිම් වරු කලබල වූහ. පෘතුගීසි සේනාවට විරුද්ධව කෙරුනු සටන් වලදී කෝට්ටේ රජුට සහයෝගය දීමට ඉදිරිපත් වූහ. මේ නිසා සීතවක මායාදුන්නේ රජුට මුස්ලිම් සේනා සහය ලබා ගැනීමට පහසු විය.
පෘතුගාලයේ මහරජුගේ උපදෙස් පරිදි දෙවැනි වර ගෝවේ ආන්ඩුකාර ධූරයට පත් වෙළෙඳෝද පැසින්ඩා කොළඹ පෘතුගීසි හමුදාව ඉවත්කර වෙළඳ ගබඩාවක් පමනක් තබා ගැනීමට කටයුතු කලේය. ගබඩාවේ ආරක්ෂාව සදහා හමුදා නිළධාරීන් කිහිපදෙනෙකු පමනක් කෝට්ටේ රාජ්‍යයේ ආරක්ෂාව යටතේ නතරකර ගනු ලැබීය. සීතාවක මයාදුන්නේ රජුගේ ආරාධනය පරිදි කොළඹ පෘතුගීසි බලකො‍ටුව විනාශ කිරීම සදහා කැලිකට් හි මුස්ලිම් රජහමුදාවක් එවීය. මුස්ලිම් සෙන්පතියා කෝට්ටේ රාජසභා වට ගොස් පෘතුගීසී හමුදාව ලංකාවෙන් පිටමං කිරීම ගැන ප්‍රශංසා කර ඉන්දියාවේ සටන් වලින් පෘතුගීසීන් පරාජය වූ බවද දන්වා සිටියේය. මෙහි සත්‍ය සහ අසත්‍ය විමසා බැලීමට් කොච්චීන් වරායට ගිය සිංහල දූත පිරිසට පෘතුගීසි සෙන්පතිද මෙම සේනාව අතින් මුස්ලිම් නාවුක හමුදාව විනාශ වූ බව දැනගන්නට ලැබුනි. මාස තුනකට පමන පසු කොළඹ වරායට පැමිනි මුස්ලිම් නාවික හමුදාවක් කොළම සිටි පෘදුගීසී හමුදා භටයින් අට දෙනා ඔවුනට භාරදෙන ලෙස බුවනෙකභාහු රජු ගෙන් ඉල්ලා සිටියේය. තමාගේ ආරක්ෂාව යටතේ සිටි හේවායන් පාවා දීම ප්‍රතික්ෂේප කල බුවනෙකභාහු රජු පෘතුගීසී භටයන් ටදෙනාගේ සහය ඇතිව සිංහල සේනාවක් යවා මුස්ලිම් හමුදාව පරාජය කලේය. දිවිගලවා ගත් මුස්ලිම් වරු සීතාවකට ගොස් මායාදුන්නේ රජු හමුවුහ. කෝට්ටේ රාජ්‍යයට විරුද්ධව සටනට මුස්ලිම් වරුන්ගේ සහය ලැබුනොත් ලංකවෙ වෙළඳ පහසුකම් ලබා දිය හැකි බව මයාදුන්නේ රජ මේ පිරිසට දැන්වීය. මේ අදහස දැනගත් කැලිකට් හි සැමෝරියන් රජ සෙනවියන් තුන්දෙනෙකුගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් හමුදාවක් මායාදුන්නේ රජුට සහය වශයෙන් ලංකවට එවීය.
– පොත පත ඇසුරෙනි.

Posted in History | Leave a reply

ලොව හෙල්ලූ අපේ මැණික් -4-

අලි කකුලක් තරම් මහත අඩි දෙකක් පමන උස “අඹතේස්ත” වර්ගයේ මැනික් ගෙඩියක් සිය සින්ම දැක බලා ගන්නට 2006 වසරේ ජූලි 21 දා රත්නපුරයට පැමිනි බොහෝ දෙනෙකුට හැකි විනි. ඒ මැනික් කර්මාන්ත ක්ෂේත්‍රයේ නව නිපැයුම් කරුවෙකු වූ රත්නපුරේ ව්‍යාපාරික මහතෙකුගේ මිනිපුර මැණික් ලිත දොරට වැඩුමේ උත්සවය පැවති අවස්ථාවේය. එම උත්ස්වය රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ ශ්‍රවනාගාරයෙහි පැවත් විනි. මෙහිදී එම ව්‍යාපාරිකයා හා මිතිරන් සංවිධානය කල මැණික් ප්‍රදර්ශනයට අලිකකුලක් බඳු මැණික් ගෙඩියක්ද ඉදිරිපත් කර තිබුනි.
එහි පිට පැත්ත හරියටම අලිකකුලක් මෙන් කලු පාටය. ඇතුලත නලයක් මෙන් කුහරයකි. ඒ මිනිස් අතක් රිංගවිය හැකි තරම් විශාලය. කුහරයෙහි ඇතුළු පැත්තෙහි විවිධ හැඩැති ලාදම් පාට අඹතේස්ත ගල් දහස් ගනනකි. මේ මැණික් ගෙඩිය එසවීමට නම් දෙදෙනෙකු වත් අවශ්‍යය. එය ඒ තරම්ම බරය. ජ්‍යොතිෂ්‍යය අනූව බැලුව හොත් පෙබරවාරි මාසයේ උපන් අය පැලඳිය යුත්තේ අඹතේස්ත මැණික් ය.
අලිකකුලක් බඳු මැණික් ගෙඩියද සමග ගෙවුඩ වර්ගයේ මැණික් සම්භාරයක් ඇතුලත් තවත් මැණික් ගෙඩියක්ද විය. සිමෙන්තිකොට්ට භාගයක් තරම් විශාල එය එසේවීමට දෙදෙනෙකු ඔනෑය. මේ මැණික් ගෙඩිය මේ දැනුත් පුලුස්සා විකිනිය හැකි සජීවී ගෙවුඩ මැණික් වලින්ද, කොට්ටර ගෙවුඩ (අඩක් මිය ගිය ගල්) සහ කට්ට ගෙවුඩ (මියගිය ගල්) රාශිය කින්ද සමන්විතය. සජීවී ගෙවුඩ මේ දැනුත් විකුනා රුපියල් කෝටිගනනක් ඉපයිය හැකිය.
මේක පිහිටල තිබුනේ වැල්ලවායේ මැණික් ඉල්ලමක කලු ගලක් ඇතුලෙයි. ගල් පිටතට ගන්නා විට ටිකක් කැඩී ඇති අතර ගෙවුඩ මැණික් ගෙඩිය වාහන යන එන පාරකට ගෙන එන්නට දවස් දෙක තුනක්ම ගිය බවටයි එහි හිමිකරු පවසා තිබුනේ.
ලොව වසර මිලියන ගනනක් පැරනි වතුර බුබුලක් සහිත පලිඟු වර්ගයේ මැණික් ගලක්ද එහි විය. අර්තාපල් ගෙඩියක් තරම් විශාල මැණික් ගල ඇතුලේ ඇති වතුර එහා මෙහා සෙලවනුද පෙනේ.
මෙබදු ඉතා දුර්ලභ ගනයේ මැණික් ගල් විශාල සක්‍යාවක් පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ එකතු අතර දකින්නට පුලුවන.
හිටපු බස්නායක නිලමේ කෙනෙකු පැවසූ කථාවකට අනූව වන ජනප්‍රවාදයකින් කියවුනේ මෙතෙක් ලොව සොයගත් ලොකුම පුෂ්පරාග මැණික අලුත් නුවරින් හමුවූ බවත් ය. එහිදී කියවෙන්නේ 1960 වසරේ දිනක අළුත් නුවර කතරගම දේවාලයට නුදුරුව තොටපල්ල වෙල්යාය නැමති කුඹුරක කැපූ පතලයකින් රාත්තල් හතක් හෙවත් කිලෝ ග්‍රැම් තුනකුත් ගෑම් 40ක් බරති පුෂ්පරාග මැණිකක් හමුවී ඇති බවය. රාත්තල් හතයක් යනු කැරට් 15200 කි.
– පොත පත ඇසුරෙනි.

Posted in Gems | Leave a reply

හතලිස් හය වන කොටස…

මනසේ තීව්‍රතම අවකාශය අපුර්වතම මිනිස් අත්දැකීමකි. සමහර විට එය මිනිස් අවකාශයේ නිර්මානය වන අපූර්වතම අත්දැකීම විය හැක. “සහෞර්දයන් දෙදෙනෙකුගේ දෙබස් අතර හඬ නොනැගෙන, වර නොනැගෙන වචන අදහස් මෙන්ම මේ කිසිවකට අයත් නැතිදෑ බොහෝය. එහෙත් ඒවා අපතේ නොයයි. දෙදෙනාම ඒවා මනාව තේරුම් ගැනීම සහෞර්ද බව යැයි කියනු ලැබේ”. අවසන් වර ආශ්‍රම සංස්චාරය ස්ථීර බවට පැවසූ දා සැදෑවේ ඇය යොමු කර තිබූ ඉලෙක්ට්‍රොනික කෙටි පනිවිඬයක් එලෙස විය. “එතකොට ඔබ යෝජනා කරන්නේ විෂය පථයකින් තොරව සටහන් ඉදිරියට යායුතු බවද? එතකොට අපි ඉදිරියට පැමිනෙන්නේ අනන්ත අවකාශයක්. අපට හැකිවේවිද මේ බුද්ධිතලය හොදින් කලමනාකරනය කරමින් අලුත් මතවාදයක් නිර්මාණය කරන්නට. මම කියන්නේ.. මිනිස්සුන්ට වඩාත් ශක්‍යතාවයක් තියෙන නව අර්ථ යෝජනා කරන්නට”. මනාව සුසරවූ මනස දෑ ග්‍රහනය කර ගන්නේ මෙන්ම විග්‍රහ කෙරෙන්නේ විදුලි වේගයනි. වසර සිය ගනනක් මිනිස් වර්ගයාගේ කායික මානසික ශක්තිය අපමනක් ඔස්සේ පිවිසෙන්නට බැරිවූ බුද්ධි අවකාශ ක්ශනයෙන් විවර වන්නේ මෙතක් කල් නිසි අවධානයකින් තොරව මුත් සිතුවිල්ලක දුරින් තිබු බව පසක් කරමිනි. ” මම හිතනවා.. කොහොමත් අපිට ඒ ඔස්සේ ආර්ථික අරමුනු නොමැති වීම විශාල ශක්ති ප්‍රමානයක් ඉතිරිකර දෙන නිසාම…”
දිගු පා-මාවත සම්පූර්න වටයක්ම අප අවසන් කරමින් සිටී. කෙමෙන් මැකෙමින් ඇති හිරු මඬල අවසන් කෙදි දහර තුරු ගොමු මුදුනතෙහි දැවටෙන්නේ සිත් ප්‍රබෝධමත් කරන රු රටා මවමිනි. පසක වූ අසුනකට ආරාධනා කල මම ඔබ්බෙන් වූ කුඩා අවන්හලෙන් බීමට මද උනුසුම් යමක් ගෙනෙන්නට ඒ වෙතට ගොඩ උනෙමි. එහි වන සේවක මහතුන්ගේ ප්‍රබෝධමත් බව දවසේ වෙහෙසින් අඩපනකර දමන්නට නොහැකී ඇතුවා සේය. ප්‍රබෝධමත් සිනාවේ සිට ක්‍රියාකාරීත්වය දක්වා එය තවමත් සංක්‍රීයව ‍රැදී තිබීම පැමිනෙන්නන් වෙතටද මහත් සහනයකි. වරක් ඇයද මේ බව පැවසුවා මතකය.”ඔබ දන්නවාද මම මේ නගරයට වඩාත් කැමති මෙහි මිනිසුන් බොහෝ ප්‍රදේශවලට වලට වඩා ප්‍රබෝධයෙන් හැසිරෙන නිසා. සමහර වෙලාවට ඔවුන් ඉවර නොවන ශක්ති ගබඩා වාගෙයි කටයුතු කරන්නේ. මේ වාගේ මිනිසුන් හට සේවය කරන්නට ලැබීමත් මහත් ප්‍රබෝධයක්”.
– siriwansa