Back to Top

Monthly Archives: April 2017

ඔරලෝසු හෝරා එකහමාරක් මානසික මිනිත්තු 45කට ගුලි කිරීම. (අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට)

…. මම ටීටාව ඔස්සේ අප අධ්‍යාපන ආයතනයේ පුස්ථකාලයට ගොඩ වූවා. එහි චලන පට අංශයේ ඔබ මොබ ඇවිදිමින් අප වෙත නිර්දේශිත චලන පටයක් සොයන්නට උනා. “ලිමිට්ලස්” සවිස්තර කර තිබුනේ දශක ගනනාවකට පෙර තිරගතවුනු සාමාන්‍ය ප්‍රබන්ධයකට වඩා යමක් නොවන බවට පිලි ගැනූනු නිර්මානයක් ලෙසටයි. මිනිස් මනස යනු සැබවින්ම මිනිසා විසින් පරිහරනය කරමින් සිටින ඉතා සීමිත අවකාශය මෙන් සිය දහස් ගුනයක විශාල දත්ත ගබඩාවක් බවත් යමෙක් යම් ක්‍රමයකින් සාමාන්‍ය අවදානයට ඔබ්බෙන් සැගවී ඇති මෙම ප්‍රදේශයට පිවිසීමට යතුරක් සොයා ගතහොත් පෘතුවිය මත මිනිස් වර්ගයාගේ ගමන් මග සම්පූර්නයෙන් වෙනස් වනු ඇති බවට නෙක චින්තකයන් විසින් දශක ගනනාවක් තිස්සේ විවිද ස්වරූපයන්ගෙන් කර තිබූ සටහන් ඔස්සේ යමින් කල නිර්මානයක් ලෙසට වැඩිදුරටත් සටහන්ව තිබුනා.
ධාවන කාලය සටන්ව තිබුනේ හෝරා එකහමාරක් ලෙසටයි. නිවසකරා ලගා වීමට ඇති ඉතිරි කාලය ලෙස සටහන්ව තිබුනේ හෝරාවක් පමනයි. ටීටාවේ දැක්වෙමින් තිබූ විකල්ප බටනය ඔස්සේ පිවිසුන විට යෝජනා කර තිබුනේ අධිත්වරන තත්වය ඔස්සේ මෙම සිනමා පටය විනාඩි 45ක කාලයකදී නැරබිය හැකි බවටයි.ඔරලෝසු හෝරා එකහමාරක් මානසික විනාඩි 45ක් තුල හැකිලීතිබීම අතීත මනසකට නම් අරුම පුදුම කාරනයක් වනු ඇත. ඇත්තෙන්ම ඒසදහා කල යුතුව තිබුනේ විනාඩි පහක පමන සංගීතය මුසුකරන ලද මානසික තරංගයකට සවන්දීම පමනයි.ආරක්ශිත පරිසරයකදී බවට සහතිකකර ගැනීම භාවිතාකරන්නාට පැවරෙන මෙම අත්දැකීම බහුලව යොදා ගැනෙන්නක් උනා. ….
…පලමු දිනය කෙමෙන් අවසන් වෙමින් තිබුනා. එකිනෙකා හදුනා ගැනීම් තොරතුරු හුවමාරු කරගැනීම් මැද ඉතිරි කාලය ගතව යමින් තිබුනා.ආයතනය මගින් ආපසු අප වෙසෙන පලාත්වලට සපයන ප්‍රවාහන පහසුකම් ලබ ගැනීමට කැමතිනම් ඒසදහා කාලවේලාවන් පිලිබද නිවේදනයන් එකි නෙකා වෙත අදාල පරිදි ටීටාව තුලින් දැනුම් දෙමින් සිටියා.වරක් පියාත් සමග ඔහුගේ පියා බැහැදකින්නට ගියවිටකදී සියා විසින් ලබා දුන් ඇල්බමයක තිබී මහත් උජාරුවෙන් කථා කල ඔවුනගේ පවුලේ වාහන පිලිබද පින්තූර පෙල වෙත මගේ මගේ මතකය දිවගියා. තම පවුලේ ආඩම්බරය මිල අධික වාහනයකට කැටිකර පෙන්වන්නට එකල මිනිසුන් පුරුදුව සිටිබව සියාගේ හැසිරීමෙන් පැහැදිලිව පෙන් එන්නට තිබුනා.මෑතකදී පවුලේ සංවාදයකදී පියා පවසා සිටියේ එපමනක් නොව අධ්‍යාපනය පවා බොහෝ රටවල භාවිතාවූවේ තමන්ගේ ආර්ථික සායම්මාජ තත්ව ආදීවූ සීමා ඉක්මවා යාමට විනා පෝෂනය වන කරුනෙන් කරුනට උත්තේජනය වන මනසේ සෛල ක්‍රියා වලියෙන් තෘප්තිමත් වන්නට හා වඩාත් නිර්මානශීලී වෙමින් එම කරුනු නව රටාවකට පෙලගැස්සීමේදී දැනෙන සතුට විඳගන්නට මිනිසුන් පුරුදුව නොසිටි බවයි.

siriwansa

මැණික් කැටයේ කථාව -2-

මැණික් ලැබෙන ප්‍රදේශවල භූමියෙහි පැතිර ඇත්තේ “ප්‍රීග්‍රැම්බ්‍රියානො” පාෂානයයි. මැණික් නිර්මාණය වීමේදි ඊට ඉවහල් වූ මේ පාෂානය දක්නට නොලැබෙන්නේ යාපනය අර්ධදීපයේ පමනකි. ඒය එහි හමුවන්නේ මයොසීන හුණු ගල් පාෂාන පමනකි. එබැවින් යපනය අර්ධද්වීපයේ මැණික් හමු නොවේ.
මැණික් වූ කලී ඛනිජ විශේෂයකි. පොලව තුල ඒ වා බිහිවන්නේ වසර මිලියන ගනනක සිට ක්‍රියාත්මක වන භූක්‍රියා වලීන් මගිනි. පෘතුවිය තුල ඇති ලාවා පොලව මතු පිටට පැමිනෙන්නේ ගිනි කඳු සහ භූ පැළුම් විවර ඔස්සේය. ඒවා පෘතුවි පෘෂ්ඨයට තරමක් පහලින් හෝ පෘතුවිය මත තැන්පත්වී ක්‍රමානුකූලව ඝන බවට පත්වේ. ඛනිජ වර්ග නිර්මාණය වන්නේ මෙම අවස්ථාවේදීය. පෘතිවි කබොලට පහලින් ඇත්තේ අධික පීඩනයකි. එයත් ලාවා ඔස්සේ එන අධික උෂ්නත්වය නිසා විවිධ ඛනිජ වර්ග බිහිවීම හා වෙනස් වීම සිදුවේ. මෙසේ බිහිවන ඛනිජ අතරින් විශේෂ ගතිගුන සහිත වර්ග කිහිපයක මැණික් වශයෙන් සැලකෙන බව, මැණික් විද්‍යාඥයෝ පවසති.
ලංකාවේ ස්ථාන බොහොමයක මැනික් හමුවන්නේ කඳුවැටි පාමුල පිහිටි තැනිතලවැනි පහල ප්‍රදේශවලය. මැණික්, ජලධාරා සහ ගුරුත්වා කර්ෂන බලය හේතුවෙන් ඉහල ස්ථානවල සිට පහලට ගලගෙන වුත් පොලව යට තැන්පත් වීම ඊට හේතුවයි. පොලවෙහි මැණික් සහිත පස් ස්ථරය “ඉල්ලම” යැයි මිනිසුන් මැණික් පතල් කපමින් ගොඩ ගන්නේ මෙම පස් ස්ථරයයි. එහි ඇති මැණික් ගල් ගරා මතුකරගෙන කපා ඔප දමා ස්වර්ණා භරන සහ අනෙකුත් භවිතාවන්ට යොමු කිරීම මැණික් කර්මාන්තයයි.
අනාදිමත් කාලයක් මුලුල්ලේ ශ්‍රීලංකාවට පැමිනි අරාබි, චීන, ප්ර්සියානු ආදී විදේශික වෙළෙන්දෝ මැණික් අනගි වෙළඳ භාන්ඬයක් බවට පත්කර ගත්හ. අනුරාධපුරයෙහි කල පුරා විද්‍යා කැනීම් වලදී මැණික් ගල් ඇල්ලූ ආභරන හමුවීමෙන්ද පෙනෙන්නේ ඈත අතීතයේ පවා මැණික් ගල් භාවිතාකල බවය. එකල මැණි මිළ දී ගැනීමට ලංකාවට පැමිනි අරබි ජාතික වෙළෙඳ ජනයා “මුක්කරු” නමින් හැඳින් විනි. ඔවුන් සිය වෙළහෙලඳාම් අතර තුර මැණික් ගැරීමද කලහ. “රත්න හෙවත් මතුවන බැවින් අපේ රටට රත්නදීපය” යන ගෞරව නාමයද පට බැදිනි.
ලොව මැණික් වශයෙන් ගිනිය හැකි ඛනිජ වර්ග 200 පමන සොයා ගෙන ඇත. එහින් මැණික් වර්ග 75ක් පමන ලංකවෙන් හමුවේ. මේ සියල්ලම වාණිජ වශයෙන් ඉතාම වැදගත්ය. ” කොරන්ඩම්” සහ ක්‍රිසෝබෙරිල් යන වර්ග දෙකටම අයත් මැණික් ලංකාවෙන් හමුවේ. ලංකාව අතීතයේ පටන්ම නිල් රතු සහ පද්ම රාග, ආර්නූල් වලට ප්‍රසිද්දය.
විද්‍යඥයෝ ලංකාවේ හමුවන මැණික් වර්ග පවුල් 11ට වර්ග කරති. ඒ කොරන්ඩම්, කණක, කිරින්චි, පඩියන්, තරිප්පු, ජාගුන්, රබහ, තොරමල්ලි, පළිඟු, පෙල්ඩිස්පාර්, සහ කැල්සයිට් යනුවෙනි. අතීතයේ පටන්ම මැනික් කර්මාන්තය ලංකා ආර්ථිකයේ ඉතා වැදගත් කොටසක් උසුලා ගෙන සිටින බව රහසක් නොවේ. මේ වන විට අපි ලෝකයේ රටවල් 50කට පමන (ඇමරිකාව, ජපානය, හොංකොං, තායිලන්තය, ජර්මනිය, ප්‍රංශය, එන්ගලන්තය, ස්ව්ස්ටර්ලන්තය ආදී වශයෙන් සිටින්නෙමු.
– පොත පත ඇසුරෙනි

Posted in Gems | Leave a reply

ආරක්ෂක මෘදුකාංග මග හරින නව නව Android ransomware එකක්…

හදාරන්නන් පිරිසක් පවසන්නේ තමන් නව Android ransomware ආකාරයේ හානිකරයක් හඳුනා ගන්නට සමත්ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ආරක්ෂක මෘදුකාංග මගහරින්නට සමත් ක්‍රියාකාරීත්වයක් සමග එන මෙම හානිකරය විසින් ආසාධිත බවට පත්කරන උපාංගය  සදහා ඔවුන් ඉල්ලා සිටින ගෙවීම් ලබා දුන්නද නැවත ප්‍රකෘති තතයට පත් නොවන බවයි. බාහිර app stores වක් හරහා මෙම හනිකර app ස්ථාපනය කරවාලන්නට ඔවුන්ගේ ක්‍රමවිධිය ඉතා සංකීර්න එකකි.  ඔවුන් Google Play Store වලින් හන්දුන අගන්නා ජනංප්‍රිය app සදහා, ඒවා clone හා disassemble  කොට, ඔවුන්ගේ malicious code ඇතුලු කොට භාවිතාකරන්නව ව්‍යාජ app store එකක් වෙතට ගෙන යාමෙන් මෙම පහරදීම සිදුකරන බවයි.  මින් අනතුරුව ස්ථාපනය වන ව්‍යාජ aaps ඔස්සේ කල්යල් බලා භාවිතාකරන්නාගේ administrator rights ඔස්සේ, උපාංගයේ lock screen password හැකියාව ලබා ගැනීම, monitor screen-lock attempts, auto-lock the screen වැනි අවස්ථාවන් හදාරමින් කටයුතු කරන බවයි. කෙසේ හෝ භාවිතාකරන්නා පොලබවා ගැනීමෙන් අනතුරුව සම්ස්ථ උපංගයේම පාලන සතුකර ගැනීමෙන් අනතුරුව බාවිතාකරන්නා හට රුසියානු මුදලින් ගෙවීම් ඉල්ලා සිටින බවටත් උපාංගයේ වන සබන්දත ඔස්සේ භාවිතාකරන්නා අපහසුතාවයට පත්කිරීමේ තර්ජන ආදී ඔස්සේ අදල මුදල සදහා බල කරන බවත් වාර්තා වෙනවා. හදාරන්නන් පවසන්නේ පවසන තරම් තර්ජන කටයුතු කරන්නට මෙම හනිකරය අසමත් වුවත් අදාල මුදල ගෙවීම් අනතුරුව උපාංගය ප්‍රකෘතියට පත්කරන්නටද සමත් නොවන බවයි. මෙම හානිකරය ඉවත්කරන්නට නම් උපකරනය Safe Mode වලින් boot කර administrator rights ඉවත්කිරීම ඔස්සේ uninstalling  කර දැමීමෙන් පමනක් හැකි වන බවය.

Posted in Tech | Leave a reply

තිස් හය වන කොටස

එලබෙමින් ඇති ගිම්හානයේ නගරය වෙතට ආපසුව යා යුතුව ඇත. “දැනුම කෑ ගසන විට අවබෝධය වඩාත් නිහඬ කරවයි” වරක් අප සවන් දුන් විද්වතෙක් තම අපූර්ව වාචික දේශන සංචාරයේ දෙපැය නිම කලේ එලෙසය. “ඔබ මෙතෙක් නොගොස් ඇති බොහෝ ප්‍රදේශ පෘතුවිය මත ඇත. සමහර ප්‍රදේශ වෙතට යන්නට ඔබගේ ආගම, හෑදෑරීම් බලකරමින් සිටිනවාද වන්නට හැක. මම ඔබෙන් අසන්නේ ඔබ සැරිය යුතු වඩාත්ම අපූර්ව ප්‍රදේශය පිහිටා ඇත්තේ ඔබගේම මනස තුල බවයි. එහි ඔබට ආපස්ස මෙන්ම ඉදිරියටද යන්නට අපමන අවකාශයක් ඉතිරිව තිබියදී දෛනික ජීවිතයට හුරු පුරුදු සීමිත අවකාශයක පුරුද්ද්ක් ලෙසට සරමින් ඔබ සීමා වී ඇති සැටි ඔබ නොදන්නවා විය හැකියි. මම සපත කොට ඔබට යෝජනා කරන්නට කැමතියි ඔබගේ විසිතුරුම සංචාරය වැටී ඇත්තේ ඔබගේම මනස මත්තෙන්ම පමනයි. එහි නොයන ඔබ ලොවමත කොතරම් දුරක් ඇවිද ගියද පලක් නැති බව මගේ යෝජනාවයි” ඔහුගේ දේශයනය අවසන් කොට විනාඩි කිහිපයක් ගතවන තෙක්ම දේශන ශාලාව දැහැන් ගත වූවාක් මෙන් තබාලන්නට සමත්විය.
මේ තොරතුරු වඩාත් ක්‍රමවත් කර ලෝකය වෙතට පවසන්නට අවශ්‍යය. දැනුම පැහැදිලි කල හැකි මුත් අවබෝධය මදක් අපහසුය. දැනුම පොදුවන විට අවබෝධය “පෞද්ගලික හා පොදු” අවකාශයක අතර ඉදිවන්නකි. එවිට වඩාත් නිර්මාණශීලී වන්නට සිදුවෙයි. එලබෙන ගිම්හානය අවසන් වන්නට මත්තෙන් සියලු කටයුතු අවසන් කරන්නට අවශ්‍යය. විටක ඇය තම කෙටිකාලීන හැදෑරීම් අවසන් කර නැවත නගරය වෙතට පැමිනෙන්නට සූදානම් වනවාද විය හැක. ආශ්‍රම දොර‍ටුවේ වන සියුම් කැටයම් වෙනදාට වඩා පැහැදිලිව පෙනෙනවා වැනිය. ඒව තුල මෙතෙක් නොදු‍ටු තවත් බොහෝ අරුත් ඇතුවා සේ හැගේ.
“අප බලාපොරොත්තු වුනේ ඔබ ඊයේ පැමිනේවි කියලයි” ගබඩා භාරකාරතුමා කාර්යාලයේ දොරකඩ විය. “කොහොමද ඔබගේ කටයුතු සියල්ලම සාර්තකද? ගම් වාසීන් පිලිබදව බොහෝ තොරතුරු ඔබ සතුව ඇතැයි මම සිතනවා..” ලොව ප්‍රකට විශ්ව විද්‍යලයක පුස්ථකාලාධිපති ධූරයක් දරමින් සිටි ඔහු තම ඉන්දියූනු සංචාරයකදී දැන හඳුනා ගත් දහමක් පිලිබදව වැඩි දුර අවබෝදයක් සොයමින් සිටින විටකදී අහබු ලෙස ලැබුනු හෝඩුවාවක් ඔස්සේ මෙහි පැමිනි බව මට කීවා මතකය. මෙහිවන අපූරු රිද්මය ඔහුගේ සිත්ගත් ප්‍රමානය කොපමනදැයි කිව හොත් පැමින කෙටි කලකින්ම තම් සේවාස්ථානයෙන් සමුගෙන මෙහි පැමින තිබිනි. මා ආගන්තුකව පලමුවෙන්ම මෙහි පැමිනි දිනයේදීම ඔහු සතුවූ අපූරු ගතිගුන සිත්ගත්තාය. සාමාන්‍ය මිනිස් පරිසරයකදී ආගන්තුකයෙකුට ලැබෙන සැක සහිත පිලිගැනීම මෙහි නොවිනි. විවෘතබව හා සුහඳ බව එහි විය. මේ අපූර්ව ගම්වාසීන්ගේ සිත්ගන්නා තොරතුරු පලමුවෙන්ම මම දැන ගත්තේ මොහුගෙන්ය. “ඔබ මේ ගමන්ම අශ්‍රමය මුදුනතට යනවාද , නැතිනම් දහවල් ආහාරයෙන් පසුව යනවාද? බොහෝ විට ඔබගේ මිත්‍රයා පහලට ඒවි.” පැමිනෙන්නන්ගේ සුව පහසුව ඔහුගේ රාජකාරියක්ම ලෙසට වඩා යමක් ලෙසට හැගෙනවා වැනිය. සූහඳ බව මුල් ස්වභාවයෙන්ම ඔහු සතුව තිබෙනවාක් වැනිය. සමහර විටක විශ්වවිද්‍යාල පරිසරයෙන් එය උරුම වන්නට ඇත නැතිනම් ඔහු ‍රැස්කරගෙන තිබූ අපමනක් කියවීම් ඔස්සේ මේ අපූරු විනය පැමින තිබෙනවා විය හැක. “ඔබට මොකද හිතෙන්නේ මේ ගම් වාසීන් ගැන?” මිනිස් වර්ගයා මෙපමන දුරක් ගෙන ආ ප්‍රදාන සාධයකය වූ කුතුහලය තවමත් ඔහු සතුව තිබෙනවා විය යුතුය. “මට හිතෙනවා මිනිස් කථාන්දරයේ අපට මග හැරුනු සමහර දෑ ඔවුන් සතුව තිබනවා කියලා..” මම පැහැදිලි කරන්නට විනිමි. “මිනිසුන් ලෙසට ඔවුන් තම පරිසරයත් සමග ඇති ගනු දෙනුව හරිම සරලයි. හරිම සියුම්. අපි වාගේ නොවෙයි. ඔවුන්ගේ ජීවිත කතාන්දරය පරිසරය මත ලියවෙන්නේ වඩාත් සංවේධී විදිහට. සරල උදාහරනයක් ගත හොත් ඔවුන් ඉදහිටක හෝ පැමිනෙන විශාල ජල කඳකට තම වගා බිම් වලට හානියක් වනට ඉඩ නොතැබෙන්නේ එයට එරෙහිව නොව එහි වන බලය තේරුම් ගෙන එය හා එකග වීමෙනියි” ඔහු සිහින් සිනාවකින් මා දෙස බලන්නේ මහත් තෘප්තියකින් වනිය. සමහර විට පලමු දිනයේදීම තමන් අතින් දැල්වූ කුතුහලයේ කුඩා පහන්සිල මෙතරම් වර්ධනය තිබීම ගැන සතු‍ටු වනවා විය යුතුය.

සීතාවක යුගයේ ජන සංස්කෘතිය -2-

– ඇදහිලි හා විශ්වාස
බෞද්ධ ඇදහීමට අමතරව මේ ප්‍රදේෂයේ ඇදහිලි හා විශ්වාසයන්ද පැවතිනි. සීතාවක වටා පත්තිනි දේවාල කිහිපයක් ඇත. මැදගොඩ, කබුළුමුල්ල, කඩුවෙල, නවගමුව නිදසුන්ය. භෛරන්ඩි දෙවොලද පත්තිනි ඇදහීමට සම්බන්දය. පත්තිනි පතිවතේ සංකේථයයි. ලෝකයේ නන් පෙදෙස්වල නන් අයුරින් විකාශනය වී ඇති ශක්ති වන්දනාව හෙවත් ජගන්මාතා පිදීම ලංකාවේද විවිධ ස්වරූපයෙන් විකාශයනය වී ඇත. රාම සීතා පුවතත්, විජය කුවේනි අපදානයත්, කෝවලන් – කන්නගී පුවතත්, හර-උමයන්ගන කථාවත් පත්වෘතතාව මත ගොඩ නැගුනු කථාය. කාලි යක්ෂනියද පතිවෘතියකි. මෙහි ආරම්භය බුද්ධකාලයයි. ධම්මපද අ‍ටුවාවේත් සද්ධර්ම රත්නාවලියේත් විස්තර කරන පරිදි සත්පත්තිනි රෝෂයෙන් හටගත් වෛරයත් නිසා කාලියක්ෂනිය බිහිවූවාය. බුදු බණ අසා ඇයගේ වෛරය සංසිඳුනි. ප්‍රානඝාතය නවතා ඇය ගම්වැසියන්ගේ බලිබිලි වලින් යැපුනාය. ඇය ගැමියන්ගේ ශස්‍ය වර්ධනයට උපදෙස් දුන්නාය. වසංගත රෝග ආදියෙන් ඔවුන් ආරක්ෂා කලාය. බව භෝග, ගව මහීෂාධීන් ‍රැකදුන්නාය. මෙම ඇදහීම අ‍ටුවා යුගය වන විටත් “කාලි බිරාඬි” නමින් පැවති බව සද්ධර්ම රත්නාවලිය කියයි. කාලි බිරාඬියද පත්වතියකි. බිරාඬි යනු භෛරණ්ඩියයි. දේවත්වයට පත් කාලිය, උමා, පාර්වතී, ගිරිදේවි, ගෞරි, ජගන්මාතා ආදී නම් වලිනුත් භීෂන ස්වරූපයට ගත්විට දුර්ගා, ශ්‍යාමා, කාලි, බෛරවී, වාමුණ්ඩී මොහනී ආදී නම් වලිනුත් හැඳින්වේ. කිරි අම්මාවරුන්ට දන් පිලිගැන්වීමද ප්‍රදේශයේ ජනංප්‍රිය විස්වාශයකි. කිරි අම්මා යනු ගිරි අම්මාය. පාර්වතීද වේ. වසංගත වලින් මිදීමටත්, ශෂ්‍ය වර්ධනයටත් දරුවන් ‍රැකගැනීමටත් ගිරි අම්මා පිදේ. තල්දූවේ පිහිටි කිරිඅම්මල කඳ ගැනද විමසීම වටී.
ලිහිල් වූ වස්ත්‍රය හැඳගන්නා තුරු දරුවෙකු වඩ ගන්නට දෙන අවතාරයක් ගැන්ද අප අසා ඇත. දරුවා වඩා ගත් කාන්තා අවතාරය එදා දරුවා බේරා ගැනීමට දිවු කාන්තාව නොවේද? බන්ධනයකට යක්ෂයනියක් හසු කර ගෙන සිටි ඇදුරෙකු තම දරුවා මරා කා පැන දුවන ඇය පසු පස ලුහු බැඳ ගැටහැත්තේදී අල්ලා ගත්බව ජනකථාවකින් හෙලිවේ. සීතාවකට නුදුරු උස් කඳු මුදුන යකහ‍ටුවයි. සැදෑකල කඳු මුදුන්වල පතිත වන හිරු ‍රැස් රාස්සිගේ අවුවයි. රාස්සිය මේ අවුවෙන් වි පැදුරු හතක් වේලන්නේලු. කාලිය කඳුමුදුන්වලට අරක්ගත් විට පාර්වතිය හෝ ගිරි දේවියයි. කාලි බීරාඬි ඇදහීම ඈතකල සිටම සීතාවක පැවති බවත් බිරාඬි දෙවොලද මෙතැන කාලාන්තරයක් තිස්සේ තිබූ බවත් පැහැදිලීයි. මායාදුන්න රාෂ්ට්‍රයෙහි සිව්වැනි පැරකුම් රජකල නගරයක් නිමවා එහි උස් සිඟුයෙන් හෙබි ද්විභූමියක දේවාලයක් කරවා උප්පලවන්න දෙවිදුගේ රූපය පිහිටවා පූජා පැවැත්වූ බව චූලවංශය කියයි. මෙම උපුල් වන් දෙවොල පැරනි කාලි දෙවොල භූමියේම වඩා ක්‍රමවත්ව ගොඩ නැගූ බව විශ්වාස කරන්නට තරම් හේතු ඇත. රාජසිංහයන්ගේ සිත්දිනාගත් අරිට්ට්ඨකී වෙන්ඩු ආඬි ගුරු අවස්ථාවාදීව මෙම දෙවොල තම අතට ගෙන හරඟන කෝවිලක් බවට පත්කල බව පැහැදිලිය.
– පොත පත ඇසුරෙනි.

Posted in History | Leave a reply

මැණික් කැටයේ කථාව -1-

අතීතයේ විසුවෝ මැණික් අරභයා සුමන සමන් කතරගම මංගර සහ්ග බහිරව ආදී දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වූහ. භාරහාර වූහ.
ජ්‍යොතිසයේදී ද මිනිසුන්ට මැණික් ගැන උගන්වයි. මිනිස් ජීවිතයේදී ඇතිවන විවිධාකාර විපත්, අපල උපද්‍රව ආදියෙන් මිදීම පිනිස අදත් මිනිස්සු මැණික් පලදිති. “නවරත්න” පැලඳීම ඒ අතර ප්‍රධානය. නවරත්න පලඳින්නේ නවග්‍රහයන්ගෙන් ශාන්තිය උදාකර ගන්නටය. ග්‍රහලෝක සහ මැණික් අතර විශ්වීය සම්බන්දයක් ඇති බව, මිනිස්සු විස්වාස කරති. නවරත්න මුදු හෝ මාල සදහා, රතු, නිල්, ගොමේද, පසිංගල්, කාක්නිල්, ‍තෝරමල්ලි, අර්නූල්, වෛරෝඩි, දියමන්ති හෝ සුදු නිල් යන මැණික් භාවිතකරති. නවරත්න මුදු පලදින්නේ සෙනසුරු අපලෙටය. රාහුගේ අපලයට, ගෝමේද, පුෂ්පරාග සහ පසිංගල් එකට අල්ලා පලඳින සිරිතක්ද තිබේ. පොදුවේ සෑම අපලයකටම ගෝමේද පලදින අයද, අඟහරු සහ සිකුරු අපල වලට කාක නිල් පලඳින අයද සිටිති. මේවා කෙරෙන්නේ ජ්‍යොතිසයට අනූවය.
යටගියා වෙහි සිට අද දක්වා පැවත එන මේ කථා තුලින් පසක් වන්නේ මැණික් වු කලී එකල පටන්ම අපේ ප්‍රධානතම කර්මාන්තයක් වූ බවය. මැණික් යනු අපේ ජන ජීවිතයේ කොටසක් බවය.
මුල් යුගයේදීම මැණික් බහුලවම මතුවූවේ සමනොළ කඳු වැටිය ආශ්‍රිත ගංඟා මිටියාවත් වලිනි. කළු ගඟ ආශ්‍රිතව, එහි අතු ගංඟා මංඩලය ඇසුරෙහි පිහිටි මැණික් නිධි හේතු කොටගෙන රත්නපුරයෙන් මැණික් බහුලවම මතුවීම ඊට නිදසුන්ය. මැණික් බහුලව හමුවන වලවේ ගඟ, කුරුගඟ, වේ ගඟ, සීතාවක ගඟ, කාසල්රී ජලාශයට දියවර සපයන කෙහෙල්ගමු ඔය(බොගවානා ඔය) වැනි ගඟාද පිහිටියේ සමනොළ කඳුවැටි ආශ්‍රිතවය. ශ්‍රීපාද වන්දනා සමය අරඹා සමනොළ ගිර මුදුනෙහි පහන් දැල්වූ පසුව මැණික් ලැබීම් බහුලවන බවට ඇදහීමක්ද මැණික් අඩවියෙහි ඇත.
වර්ථමානයේ මැණික් බහුලවම හමුවන්නේ රත්නපුරය, මොනරාගල, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වලිනි. එහෙත් අනුරාධපුරය, කන්තලේ, අවිස්සවෙල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ගල්පාත, දෙනියාය, පුත්තලම දිස්ත්‍රික්කයේ “වනාත විල්ලුව” යන ප්‍රදේශයෙන්ද මැණික් ලැබෙයි. ප්‍රවීන මැණික් විශේෂඥයෙකු වන රත්නපුරේ භද්‍ර මාරපන මහතා පවසන්නේ, ලංකා භූමියෙන් දහයෙන් නව කොටසකම මැණික් පිහිටා ඇති බවය. පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් භූවිද්‍යා මහාචාර්ය C.B.දිසානායක මහතා කල පර්යේක්ෂන මගින්ද හෙලිවුයේ ලංකා භූමියෙන් සියයට හැත්තෑවකම මැණික් සම්පත් ඇති බවය.

පොත පත ඇසුරිනි

Posted in Gems | Leave a reply

ඔබගේ සුරතලාටද අයිතිවාසිකම් ඇති බව අමතක නොකරන්න….

සුරතලෙකු නිවසට කැඳවීම වගකිව යුතු කටයුත්තක් වේ. ආහරපාන වල සිට නියමිත වෛද්‍ය අවධානය පවතාගෙන යාම දක්වා වන නෙක වගකීම් ඒ අතර වේ. හදාරන්නන් පවසන්නේ නිවසේ සුරතෙලෙකු සිටීම ඔස්සේ ස්වාමියාට ලැබෙන ප්‍රථිපහසුකම්ද බොහෝ බවය. විටක දීර්ඝකාලීන මානසික කායික සෞඛ්‍ය වෙතට මොවුන්ගෙන් ලැබෙන සහය අපමන බවටයි පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම මෙවන් සංකීර්න කලබලකරී ජීවිතයකදී නිරන්තරයෙන්ම උරුමවිය හැකි Stress බව සමනයට ඉන් මනා සහයක් පැම්නෙන බව හදාරන්නන් වරින් වර පෙන්වා දෙන සාධකයකි. නිරන්තරයෙන් තම ස්වාමියා සමග සිටිමින්, ඔහුට සවන් දෙමින්, සරල ක්‍රියාදාම වලට කැඳවමින් මෙසේ තම සුරතලා ගෙනෙන සහනය මහත් බව කෙටි කාලය කින්ම ස්වාමියා තේරුම් ගනු ඇත.
ඔබ ‍තෝරා ගන්නා සුරතලුන් ගේ අන්‍යතාවයට අනූව වෙනස් වන අදරය , සුහඳ බව මෙන්ම ආරක්ෂාවද වැදගත් සාධකයන් වේ. සුවය ලබමින් සිටින අයෙකුට, විශ්‍රාමික සුවයෙන් සිටින අයෙකුට පමනක් නොව කාර්ය බහුල අයෙකුටද සුරතෙලෙකගේ ඇසුර විටක වෛද්‍ය උපදෙසක්ද විය හැකි තරම් සරල ප්‍රායෝගික සහයක් වන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. එසේම මේ ආකරයට තම ජීවිතයට ලංකරගන්නා සුරතලාගේ අනන්‍යතාවයට ගැලපෙන පරිසරය නිරන්තරයෙන් තබා ලීමේ වගකීමද අමතක නොකල යුතුය. එසේම උදාහරනයක් ලෙසට සැලකීමේ සුනඛ සුරතලෙකු ගැන සිතීමේදී ඔවුන්ගෙන් තමන් බලාපොරොත්තු වන සේවාව ට අනූව වර්ගව ඇති බවද, ඒ අනූව අදාල උපදෙස් මත ඒ ඒ වර්ග ‍තෝරා ගැනීම වැනි , එනම් ආරක්ශාව, සඟයෙකු ලෙස, විනෝදය පිනිස වැනි ආකාරවල කලයුතු බවටයි හදාරන්නන් උපදෙස් දෙනු ලබන්නේ.
තවත් අමතක නොකල යුතුම කාරනයක් වන්නේ ඔහු හෝ ඇය ඔබගේ සුරතලාවීම ඔවුන්ගේ අසරන බවක් සදහා ඔබ දක්වන පුන්‍යමය සහයක් පමනක් සැලකීම දියුනු සමාජගත අපට නොගැලපෙන මෙන්ම අකටයුත්තක් බවය. සමාජයේදී මිනිසුන්ට මෙන්ම සත්වයන් සදහාද අයිතිවසිකම් ඇති බවත් ස්වාමින්ගේ නොසැලකිල්ල මෙන්ම අතපසුවීම් ඔස්සේ අපහසුතාවයට පත්ව නොසිටින්නට ඔවුන් සතු අයිතියට ගරු කිරීමද අප අමතක නොකලම යුත්තකි.

Posted in Your Pet | Leave a reply

සීතාවක යුගයේ ජන සංස්කෘතිය

– දුර අතීතය
සීතා දේවිය සිය දිවි පරදුවට තබා පතිවත රකින්නී, වරෙක රාමයන් පිලිබඳ භක්ත්‍යාදරයක් පෙර දැරි කර ගෙන උපශාන්ත ස්වරූපයකින් පසුවන්නීය. තවත් විටක රාවනයන් පිලිබඳව ක්‍රෝදය හා වෛරය මුසු අසීමිත ශෝක ප්‍රවේගයක් ඇති කරමින් භිහිෂණ ස්වරූපයක් ගන්නීය. සිතා නදියද මෙසේ වරින් වර උපශාන්ත වෙමින්, සැඬ වෙමින් නගරය හරහා වක්‍රාකාර ගමන් ගනී. සීතා නඳිය වක්ව ගලන පෙදෙස සීතාවකයි.
කොළඹ දිශාවට කෑගල්ල දිශාවට හා රත්න පුර දිශාවට අයත් අවිස්සවෙල්ල, තල්දූව, මානියම්ගම , තිඹිරිපල, මාදොල වැනි ගම් වල සීතාවකට සම්බන්ද පුරාවිද්‍යාත්මක නටබුන් විසිටී ඇත. කෝරළ තුන, සතර කෝරලය, හේවා ගම් කෝරලය හා කුරුවිටි කෝරළය ප්‍රධාන වශයෙන් සිතාවක රාජයයට අයත් විය.
මානියම්ගම කඳු බෑවුම්වල පිහිටි ලෙන්වල බලංගොඩ මානවයාට නෑකම් කියන පාශාන යුගයේ අය ජීවත්වන්නට ඇත. රාවණයන් සීතා දේවිය පැහැර ගෙන විත් මෙම ගල්ලෙන්වල සඟවා තැබුවා වන්නටද හැකිය. තිඹිරිපල රජ ලෙනට එගොඩවන තො‍ටුපල අසල සීතා ගඟ ඉවුරේ ගලක දකුනු සිරිපා සටහනක් කොටා ඇත. මෙම ගල ගැමියන් හඳුන්වන්නේ රම්පත ගල නමිනි. මෙය රාම පද ගල විය හැකිය. විෂ්ණුගේ දස අවතාරයෙන් එකකි., රාම බුද්ධ තවත් අවතාරයකි. එබැවින් රාමපාදය වශයෙන් හෝ බුදු පදලස වශයෙන් හෝ පිලිගැනීමට හැකිය. විෂ්ණු මෙතැන දකුනු සිරිපා තබා සමනොල මත වම් සිරිපා තබා දෙව්ලොවට නැගි ත්‍රිපද වික්‍රමය සිහි නොවන්නේද?
ස්තීරවශයෙන්ම ක්‍රි.පූ. 1 වැනි සියවස පමන සිටවත් මෙම පෙදෙස ආර්ය ජනාවාසයක්ව පැවති බවට තිඹිරිපල පිහිටි රජලෙන ශාක්ෂි දරයි. ලෙනගල සල්ගල මානියම්ගම මෙන් මෙම ලෙනද වට්ට ගාමිනී අඝය ආරෂිතව සිටි රජලෙනක් විය හැකිය. අඩි සිය ගනනක් දිගට කටාරම් කොටා සකස්කර ගත් ලෙන් කිහිපයක කටාරමට පහලින් මුල්යුගයේ බ්‍රාහ්මී අක්ෂර වලින් කෙ‍ටුනු ලෙන් ලිපි දෙකක් දක්නටා ඇත.
ලොකු පිරිසකට ‍රැස්ව සිටිය හැකි තරම් විශාල ලෙන තුල අඩි 25ක් පමන දිග අඩි 5ක් පමන උස වේදිකාවක් වේ. මේ මත සැතපෙන පිලිමයක් තිබුනා විය හැකියි. මේ වටා ඝන බිත්ති පැවති බවට ශාක්ෂි ඇත. සිවිලිමේ ඇති කුඩා සිදුරු වලට ලී අට්ටාලයක් සවිකොට තිබෙන්නට ඇතැයි සිතමි. නිදන් සොරු විසින් මෙම සෙනසුන විනාශ කර ඈති අයුරු සංවේගදායකය. භික්ෂූන්වහන්සේලා කිහිපනමක් විසූ වන සෙනසුනක් විය හැකි මෙය ආරක්ෂා විය යුතු තැනකි. මීට ආසන්න සීතාවක ගඟේ තො‍ටුපලට සමීපව අඩි පහලොවක් පමන උස ගලක් වේ. ගැමියන් මෙය “රම් පත ගල” නමින් හඳුන්වන බව කලින් සදහන් කලෙමි. රාජසිංහ බිසවට බුදු සිරිපා පෙන්විමට මෙය කොටවා ඇති බව ගැමියන් කීවත් වෙනත් අරුතක් ඇති බවද සිතේ. පාසටහන අඟල් 48ක් පමන දිගය. ඉදිරිපස පලල අඟල් 22.5ක් පමනද පසු පස පළල 19.5ක් පමනද වේ. ඇගිලි වල දිග අඟල් 8ක් පමන වේ. සුලගිල්ල මාපට ඇගිල්ලට වඩා කෙටිය. නෙළුම් මල් සලකුනු කැටයම් කර ඇත. මෙය ආරාම භූමියට මගපෙන්වන සංකේථයක්ද? ” ආරාම පතය පෙන්වන ගල” අරම්පත ගල ” නොවිය හැකිද?
– පොත පත ඇසුරෙනි.

Posted in History | Leave a reply

ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය…

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත. සමස්තයක් ලෙසට පවසන්නේ නම් බොහෝ විෂයන් අහිමි කරගත් “එය එය විසින්ම ” පාලනය කර ගැනීමේ අයිතිය ‍රැකගන්නට හැකිවීම මෙම විෂය මත වන වඩාත්ම දිලිසෙන සලකුන වේ.
මෙවන් විසිතුරු මෙන්ම විස්මිත විෂයක් සමග කටයුතු කරන්නට හැකිවීමම අපූර්ව අවස්ථාවක් ලැබීමකි. මෙම විෂය ආරම්භවන හුදු දෘඩතලයේ සිට මිනිස් වර්ගයා වෙතටවන තීරනාත්මක ආගමික දේශපලනික මෙන්ම ආර්ථික තලයන් දක්වාම විහිද යන්නට එය සමත්ව ඇත. හුදු සරල ගනනයක සිට සමස්ථ මිනිස් වර්ගය වෙතටම එක නිමේශයකින් බලපෑම් කරන්නට හැකි ශක්‍යතාවයක් දක්වා එහි අත්පත්කර ගැනීම් ලබන්නට සමත් වෙනත් විෂයක් වේදෑයි සැක සහිතය.
siriwansa
www.digilk.com

Posted in Tech | Leave a reply