Monthly Archives: May 2017

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (3)

රාජසූරිය කුමරගේ හා නිකපිටිය කුමාරයාගේ නම් චූලවංශයේ සදහන් නොවේ. රාජාවලිය විස්තරය අනූව මායදුන්නේ අවුරුදු 70ක් රජකම් කර තිබේ. මායාදුන්නේ 85 වසරක් ජීවත්වූ බව කේරෝස් කියයි. රජු මියයන විට වයස 80ක් බව කූ‍තෝ කියයි. රාජවලියේ වාර්ථාව සත්‍ය වීමට නම් මායාදුන්නේ වයස 10 දී රජ විය යුතුයි. ඒ පිලිගත හැක්කක් නොවේ. මායාදුන්නේ අවුරුදු (1581 – 1521) 60 ක් රජකම් කර ඇති නිසා කූ‍තෝ ගේ වාර්ථාව වඩා නිවැරදි බව සිතිය හැකිය. එය කවර ලෙස පිලිගත හොත් වයස 20 දී මායා දුන්නේ රජවී තිබේ. කේරෝස්ගේ වාර්ථාව පිලිගත හොත් වයස අවුරුදු 25 දී රජවී තිබේ..
මායාදුන්නේට සාමකාමී ජීවිතයක් ගත කිරීමට මායාදුන්නේ රජුට අවස්ථාව තිබූ බව නොපෙනේ. එක් පසකින් කෝට්ටේ රාජ්‍ය හා පෘතුගීසී අතර ආරවුල් හා අනිත් අතින් සීතාවක රාජ්‍ය තුලෑති වූ අභ්‍යන්තර වියවුල් හා කැරළි කෝලහල නිසා නිදහස් සාමකාමී ජීවිතයක් ගත කිරීමට මායාදුන්නේ රජුට අවස්ථාව නොලැබුනි. ක්‍රි.ව. 1531දී රයිගම් බන්ඩාර මිය ගිය පසු රයිගම් ප්‍රදේශය සීතාවක රාජ්‍යයට අයත් කර ගති. ඒ අතර බුවනෙකභාහු රජු, කෝට්ටේ රජ්‍ය ධර්මපාල කුමාරයාට පැවරීමට කටයුතු පිලියෙල කල නිසා මායාදුන්නේ කෝට්ටේ රජ්‍ය කෙරෙහි තදින් කිපුනේය. මේ නිසා මායාදුන්නේ නිතර නිතර කෝට්ටේ රජ්‍යයෙහි ආරවුල් ඇති කලේය. මේනිසා සීතාවක හා කෝට්ටේ අතර සටන් ඇවිලිනි. මායාදුන්නේ මැඩපැවත්වීමට සිතූ බුවනෙකභාහු රජු පෘතිගීසීන්ගේ උදවු ඇතිව සීතාවක ආක්‍රමනය කර, මායාදුන්නේ රත්නපුරයේ බ‍ටු ගෙදරට පලවා හරින ලදී. බුවනෙකබා රජු කිහිප දිනක් සීතාවක සිට ආපසු ගිය විට සීතාවකට පැමිනි මායාදුන්නේ නැවතත් කෝට්ටේ ආරවුල් ඇති කලේය. මේ අවස්ථාවේ පෘතුගීසී හු සීතාවක ආක්‍රමනය කර නගරය ගිනිතබා විනාශ කලහ. මායාදුන්නේ ‍රැකවරනය පතා දැරනියගලට ගොස් කෝට්ටේ හා සීතාවක අතර සාමධානයක් ඇතිකර ගති. මේ සාමධානයද වැඩිකල් නොවීය.
– පොත පත ඇසුරෙනි

intel වල i9 නිවේදනය වේ….

මෙම මාසය ආරම්භයේදී AMD ආයතනය තම මීලග Processer හැකියාව පිලිබන්දව තොරතුරු ප්‍රකාශකර සිටියේ 16 cores හා 32 threads වලින් සමන්විත හැකියාවක් ලෙසටය. මේ වන විට intel ආයතනය්ද තම මීලග ප්‍රොසෙසර් හැකියාව ( X-Series chips) පිලිබන්දව් අකරුනු හෙලිකරන්නට කටයුතු කරමින් සිටී. Core i9 processor පරම්පරව ගැන පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ 18 cores හා 36 threads හැකියාවක් ගැනය. මෙම  X-Series වලදී තම ප්‍රොසෙසරයන් විවිධ හැකියා මට්ටමින් ලබා ගනට හැකිවන පරාසයකදී නිකුත්වන අතර ඩොලර් 999 සිට 1999 දක්වා විවිධ මිල ගනන් වලට වන බවට ප්‍රකාශ කර සිටිනවා. මූලිකව clock speed පිලිබන්දව සැලකීමේදී 3.3GHz වන අතර 10, 12, 14, හා 16 cores වලින් සමන්විත වන බවටයි පැහැදිලි කරන්නේ. මෙම X-Series chips  සදහා Intel වල  x299 chipset ආශ්‍රිත මව්පුවරු අවශ්‍යවන අතර එම x299-based motherboards එලබෙන නුදුරු කාලයේම වෙළඳ පොලට පැමිනෙන බවටයි නිවේදනය වන්නේ.

පනස් නම වන කොටස

“ඒක සංකීර්න කරනාවක්. මිනිස්සු හැටියට අද අපි භාවිතා කරමින් සිටින සියලු දැනුම් පද්ධති තියා ඉන් අඩක් වත් විද්‍යාත්මක ක්‍රම වේදය ඇතුලේ අත්හද බලන්නට හෝ තහවුරු කරගන්නට බැරි වේවි. අනික සම්ප්‍රධායික භාවිතාවන් බොහොමයක අවසාන ඉලක්ක වෙතට අප දන්නා ක්‍රම වේද ඔස්සේ පිවිසෙන්නට නොහැකියි. ඒවා විටක හරිම සරල වෙනවා සේම තවත් විටක හරිම සංකීර්න වෙනවා. අවසාන වශයෙන් සැලකුවත් විද්‍යාව කියන්නෙත් සියයට සියයක්ම නිරපේක්ෂ දැනුමක් නෙමෙයි.” වඩාත් සංකීර්න හැදෑරීමකට පිවිසෙමින් සිටින බවක් පල වෙමින් තිබේ. වඩාත් පුලුල්ව එහි විෂය  වෙතට නාභිගත වෙමින් තිබෙන බව පැහැදිලිය. ඇයද ක්‍රමයෙන් තම මූලික විෂය පතය මතින් වඩාත් පුලුල් දැක්මකට පැමිනෙමින් තිබීම අපූර්ව හැදෑරීම් ආකාරයේ අත්දැකීමකි. ටිබෙටියානු මිතුරාගේ නිරන්තර වදන් වැලක් මතකයට පැමිනෙන්නේ නිසැකින්ය. “ඇත්ත.. සීමිත බව සැහැල්ලුවක්. හැබැයි අසීමිත බව ඊට වඩා සැහැල්ලුවක්. මේ අප පසුකරමින් සිටින සාමාන්‍ය ජීවිත ආකෘති පදනම අපට බල කරනවා සීමිත වෙන්නට කියලා. මම කියන්නේ ආර්ථික දේශපාලනිකව මෙන්ම සංස්කෘතිකවත් ඒක එහෙම කරමින් සිටිනවා”. ඔහු හා මා වරක් සැන්දෑවක ආශ්‍රමයේ සිට ඔවුන්ගේ වගා බිම් අතර ඇවිද යමින් සිටියෙමු. විශාල භූමිය් මැදින් දිවෙන සරල මාවතේ අයිනකට වන්නට ඉතිරි කර තිබූ විශාල වෘක්ෂයක සෙවනේ වන සරල දැව අසුනක අසුන් ගන්නට ඔහුට අවශ්‍ය විය. අප අතර වූ දෙබස ඔහු ඉදිරියට ගෙනියමින් සිටී. “ඇත්තටම මේ ගැමි මිනිසුන්ගේ ජීවන රට අකෘතිය මට දැන්නේ ඈත අභ්‍යාවකාශයෙන් පැමිනි නොදන්නා නොහදුනන මෙන්ම හඳුනාගන්නට අප භාවිතාකරමින් සිටින කිසිදු තාක්ශනයකට හසු නොවන ලෝහ මිශ්‍රනයක් නැතිනම් ප්‍රාතමික ජීව ගොනුවක් වගෙයි.
-siriwansa

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් ( 2 )

“සීතාවක” යන නාමය ප්‍රසිද්ධියට පත් මුල් කාලයේදී රාජ්‍ය පාලනය අතින් වැදගත් ප්‍රදේශයක් වශයෙන් සැලකීමට ඓතිහාසික සාධක මෙතෙක් හමුවී නැත. ගජබාහු රජුගේ මරනින් පසු ක්‍රි.ව. 1153 දී එක්වන පරාක්‍රමභාහු රුහුනේ අධිපතිව සිටි මාණාභරනට එරෙහිව දකුනු දෙසින්ද සේනාව මෙහෙය වීය. කේෂ ධාතු දේවිල හා කේෂධාතු ලෝක යන නායකයන් දෙදෙනාගේ හමුදාව පලමුව කදවුරු බැඳ ගත්තේ ‘මහනිය්‍යම’ ප්‍රදේශයේ බව චූල වංශය කියයි. මහාපරාක්‍රමභාහු රජුගේ කාලය වන විට සීතාවක ප්‍රසිද්ධ ස්ථාන නාමයක්ව නොතොබූ බව “මහානිය්‍යම” -මහානියම්ගම- මානියම්ගම- සදහන් කිරීමෙන් මනව පැහැදිලි වේ.
සීතාවක , වැදගත් ස්ථානයක් වශයෙන් ලංකා ඉතිහාසයේ සදහන් වන්නේ ක්‍රි.ව. 1521න් පසුවය. ක්‍රි.ව. 1521 ඇති වූ විජයබා කොල්ලය නමින් හඳුවනු ලබන රාජ්‍ය පෙරලිය නිසා විජයබාහු රජු මරනයට පත්වූ අතර කෝට්ටේ රාජ්‍ය ඔහුගේ පුතුන් තිදෙනා අතර බෙදී ගියේය. වැඩි මහල් පුත් බුවනෙකභාහුට කෝට්ටේ රාජ්‍යයත් දෙවන පුත් රයිගම්බණ්ඩාරට රයිගම්පුර ප්‍රදේශයත් මායාදුන්නේට සීතාවක රාජ්‍යයත් වෙන්කර ගැනිනි. කෝට්ටේ ප්‍රධාන රාජ්‍ය අතර රයිගම හා සීතාවක ප්‍රාදේශීය රාජ්‍යය විය. මායාදුන්නේ සීතාවක සිට ප්‍රදේශය පාලනය කිරීමට ආරම්භ කිරීමත් සමග සීතාවක රාජ්‍යයේ ආරම්භය ඇති වූවේය.
සීතාවක රාජයය කාලය අවුරුදු හැත්තෑ තුනක් පමන සුලු කාලයකට සීමා වූ අතර ප්‍රධාන වශයෙන් රජවරු දෙදෙනෙකුගේ කාලයට එය සීමා වූයේ යැයි කියුවද වරදක් නැත.
1. මායාදුන්නේ රජු – ක්‍රි.ව. 1521 – 1581 අවුරුදු 60
2. එක්වන රාජසිංහ රජු ක්‍රි.ව. 1581 – 1592 අවුරුදු 11
3. රාජසූරිය කුමරා ක්‍රි.ව. 1592
4. පස් අවුරු කුමාරයා ( නිකපිටියේ අදහසින්)
– පොත පත ඇසුරෙනි

පනස් අටවන කොටස

විසිරුන මනසට එලබෙමින් ඇති කර්ය බහුල කාලය ඔසුවක් වැනිය. අන්තර්ජාලය හරහා ‍රැස්කරගත යුතු තොරතුරු ප්‍රමානයද අපමනය. ඒවා ක්‍රමවත්ව නැවත නැවත සකසමින් වඩාත් හරවත් සටහන් පෙල කරා සූදානම් කරන්නට වන කටයුත්ත විටක මහත් සංකීර්නය. දේශපාලනික, ආර්ථික මෙන්ම සංස්කෘතික අර්ථවලින් නැවත නැවත විග්‍රහ කරමින් වඩාත්ම අලුත්ම තත්වයන් පිලිබඳව දැනුවත් වීමට අදාල විද්වතුන්, හදාරන්නන් සමග සම්බන්දවීමටද සිදුවේ. මෙම සීමිත කාලය තුලදී අපමන පෙර සූදානමක අවශ්‍යතාවය හදිස්සියේම පැමින තිබේ. “ඇත්තෙන්ම මම බලාපොරොත්තු වූවාට වඩා අපමන තොරතුරු සංක්‍යලේඛන ප්‍රමානයක් ‍රැස්කරගන්නට හැකි වුනා. මිහිපිට වෙසෙන තවත් සරල මිනිසුන් දෙදෙනෙකු ලෙසට අපට දැරිය හැකිදැයි විටක සැක සිතෙන තරම් මතවාද අතරින් සීරුවෙන් ගමන් කරමින් මේ සටහන් පෙලට පිවිසෙන්නට සිදුවීම විටක සතුටකුත් විටක තරමක තිගැස්මකටත් හේතුවෙමින් තිබේ”. සර්ථකව අවසන් කල හැදෑරීම් අවස්ථාවෙන් අනතුරුව ඇය නැවත පැමිනෙන ගමනේදී කුඩා අමතර දුරකින් වන තම නිවෙස වෙතට යන බව දන්වා තිබිනි. සැහැල්ලු සරල මනසකින් මේ තොරතුරු කන්දරාව වෙතට පිවිසීම වැඩි කාලයක් තිස්සේ හා බොහෝ දුරක් තිස්සේ එක හුස්මට යන්නට සහයක් වනු ඇත.
“අපි දන්නවා ලංකාව කියන්නේ ප්‍රමානයෙන් කුඩා වුවද අපූරු රටක්. ඔවුන් අත්විඳිමින් සිටින ස්වාභාවික දරුනු ව්‍යසනයක් පිලිබඳව මේ දිනවල වාර්ථා වෙමින් තිබෙනවා. මහත් ධනවත් රටක් නොවුනද, මහත් දේශපාලනික අර්ථවලින් හැසිරෙන රටක් නොවුනද, ඔවුන් සතු තොරතුරු තාක්ෂන පදනම මේ ව්‍යසනයේදී මැදිහත් වෙන්නේ ඉමහත් ලෙසට බව මගේ අත්දැකීමයි. විටකදි දියුනු යැයි සම්මත රටකට පවා අළුතින් ඉගන ගත හැකි බොහෝ සරල මෙන්ම පහසු භාවිතාවන් මේ මොහොතේ එහි භාවිතා වෙමින් තිබෙනවා. පුද්ගල අර්ථයෙන් මෙන්ම සමාජ අර්ථවලින් පමනක් නොව රාජ්‍ය අර්ථයෙන්ද මේ භාවිතාවන් පිලිබඳව යම් සංශිප්ත සටහනක් ඉදිරි දවසකදී ඔබට ගෙනෙන්නට මම බලා පොරොත්තුවන්නේ ඉන් බොහෝ වටහා ගැනීම් වලට ප්‍රායෝගික සහයක් ලැබෙන නිසා වෙනි”. උදෑසන දේශන දෙකෙහිම වඩාත් සමීප එම අත්දැකීම බෙදා හදාගන්නට අවශ්‍ය විය. තොරතුරු තාක්ෂනය වඩාත් ධනාත්මකව භාවිතාකිරීම තුල මිනිස් වර්ගයාට අත්පත්කරගත හැකි ශක්‍යතාවයන් අපමනක්ය යන අදහස නැවත නැවතත් අවධාරනය කරන්නට හැකිවීම පෞද්ගලික සතුටක් උපදවන්නකි.
-siriwansa

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් ( 1 )

ලංකා ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී වු සිද්ධියක් මුල් කරගෙන සීතාවක යන නාමය ඇති වූ බව පිලිගන්නා පක්ෂයක්ද වේ. රාම බිරිය වූ සීතා කුමරිය බලහත්කාරයෙන් ලංකාවට ගෙනැවුත් සගවා තැබූ එක් ස්ථානයක් නිසා සීතාවක යන නාමය ඇතිවූ බව මේ පක්ෂයේ අදහසය. වාල්මිකී ගේ රාමායනයේ සදහන් රාම සීතා කථා ප්‍රවෘතියත් ලංකාවේස්ථාන කිහිපයක් හැඳින්වෙන සීතාවක, සීතා එලිය, සීතාවක ගඟ, රාවනා එලිය, රාවනා ඇල්ල වැනි නාමත් පදනම් කරගෙන මේ මතය ගොඩ නැගී තිබේ. පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාධක පදනම් කරගෙන මේ මතය සනාත කිරීමට තරම් ප්‍රමානවත් විමර්ෂනයක් මෙතෙක් කිසිවෙක් කර නැත.
ගම්පල රාජධානී සමයේ පස්වන බුවනෙකබා රජු දියුනු කල ගම් රටවල් අතර මායාදුනු රටද මහා වංශයේ අනූවන පරිච්ඡේදයේ දැක්වේ. මේ සදහන් මායාදුනු රට අද සතර කෝරලයට අයත්ය. එය විශාල ප්‍රදේශයකි. මෙහි උපුල් වන දෙවිදු සදහා විශේෂ දේවාලයක්ද තිබූ බව මහාවංශයේ සදහන් වේ. අද මේ දේවාලය අළුත් නුවර දේවාලය නමින් හැඳින්වේ. “මායාදුන්නේ” නම් ලත් අධිපතියෙකු මේ නගරයේ විසූ නිසා මායාදුනු නුවර වී යැයි විස්වාසයක්ද පවතී. ශ්‍රී පරාක්‍රමබාහු රජුගේ සහෝදරයෙකු මායාදුන්නේ පරාක්‍රමභාහු නමින් මෙහි විසූ බවත්, ඒ මායාදුනු නුවර සීතාවක බවත් ඊ.ඩබ්. පෙරේරා මහතා අදහස් කරයි. කෙසේ වෙතත් මායාදුනු නුවර ගම් නියම්ගම් වලින් සැදුම් ලද බව “මහා ප‍ටුනු ගම්වලින් සැදුම් ලදරට මායාදුන්න යැයි දත යුතු” යනුවෙන් ත්‍රීසිංහලයේ කඩයිම් හා විත්ති නම් පොතේ දැක්වේ. කෙසේ නම ඇති වුනත් ගම්පල යුගයේ සිට සීතාවක යන නාමය ව්‍යවහාරයට පැමිනි බව පැහැදිලිය.
– පොත පත ඇසුරෙනි

ශිලා ලේඛන

ශ්‍රීලංකාවේ ඓතිහාසික යුගයක් ගවේෂනයේදී සෙල් ලිපි මූලාංශ්‍ර වලට විශේෂ තැනක් හිමිවන අතර වංශ කථාවලින් මග හැරුනු ඇතැම් තොරතුරු හා වකවානු නිගමනය කිරීමෙහි ලා සෙල් ලිපි වැදගත් මෙහෙයක් ඉ‍ටුකරන බව කිව යුතුය. සිතාවක යුගය පිලිබඳව මෙතෙක් ඓතිහාසික පුරාවිද්‍යා ගවේෂනයක් සිදු නොකිරීම නිසා මෙම යුගයට අයත් ශිලා ලේඛන සොයා ගැනීම උගහට වී ඇත.
දැනට සීතාවක මාලිගයට නැගෙනහිරින් සීතාවක ගගෙන් ඉහලට කිලොව මීටරයක් ගිය තැන තිඹිරිපොල ගම්මානයට අයත් ගගේ වම් ඉවුරේ පිහිටි ගලක මතුපිට නෙලා ඇති “දකුනු ශ්‍රී පාද ලංඡනය” විශේෂ අවධානයට ලක්විය යුතු ඓතිහාසික සටහනකි. අලංකාර නෙළුම් මලින් සමන්විත මෙම ශ්‍රීපද ලාංඡනය හා බැදී පවතින ජනංප්‍රවශයක් අනූව සීතාවක රජුගේ තිඹිරිගෙය පිහිටි මෙම ගම තිඹිරිපොල වේ. ශ්‍රීපාදය වන්දනා කිරීම සදහා වන රජබිසවකට වැලඳී දොලදුක සංසිදවීම සදහා රජ අනින් ගඟ අසබඩ ශ්‍රීපාද ලාංඡනය කොටා පුදසත්කාර කිරීමට සැලසූ බවක් කියවේ. මෙම ශ්‍රීපද සලකුන නැගෙනහිර දිසාවට විහිදී තිබීමත් එතැන් සිට ගගේ දකුනු ඉවුරෙන් යාර 500 දුර ගල්පව්වක් මත රජ ලෙන පිහිටා තිබීමත් මෙම රජ ලෙන අතීතයේදී භික්ෂූන් වාසයස් අදහා පැවතීමත් අතර කිසියම් ආගමික සම්බන්ධතාවක් අතීතයේ සිට පැවති බවට ශාක්ෂි ගෙනේ.
යක් පැවති බවටද ශෛඉ උස් ගල් පව්වක පිහිටි රජ ලෙන එකල පිහිටි විශාල ලෙන් දෙකකින් ස්මන්විතය, මෙම ලෙන් භික්ෂූන් සදහා පූජාකරන ලද බවට වන කටාරම් කොටා සෙල්ලිපි යොදා ඇති අතර ලෙන තුල විහාර ගෙයක් පැවති බවටද ශාක්ෂි ඇත.
මෙහි කොටා ඇති සෙල්ලිපිය නෙසේය
(1) ලෙන ” ගමික කඩක කුලශ ලෙණෙ ශගශ නියතේ”
(2) ලෙන ” උපශක මෙරය තිශහ ලෙණෙ ශගශ නියතෙ”
කඩක කුල ගමකයාගේ ලෙණ සඝ සතු කර පිදූ බවත්, උපාසක මෙර නිසගේ ලෙන සඝ සතුකර පිදූ බවත් මින් කියැවේ. එකම පවුලකට අයත් දෙදෙනෙකු මෙම ලෙණ් පූජා කර ඇතැයි සිතිය හැකි අතර මෙහි සටහන් ව ඇති බ්‍රාහ්මී අක්ෂර විකාශය අනූව ක්‍රි.පූ එක්වන සියවසේට අයත් බව කිව හැක. මේ අනූව ක්‍රි.පූ යුගයට අයත් ජනාවාස මෙහි තිබී ඇති බවද ඔප්පු වේ.
සීතාවක යුගයේ ඓතිහාසික තොරතුරු පිලිබඳව මෙතෙක් අයිතිහාසික සයහන් තුලින් ලබා ගෙන ඇති විස්තරයන් පූර්ණ පරීක්ශනයන්ට යොමු කිරීමේ වගකීම ඉතිහාස ගවේශකයන්ට අයත් කාර්යයකි. දැනට රාජධානිය තුල ඇති පුරාවිද්‍යාත්මක වස්ථූන් පමනක් නොව පෘතුගීසී නිලධරයන් විසින් ලිස්බින් නුවර සමග හුවමාරුකරගත් ලිපි ලේඛන පරික්ෂාකිරීමෙනුත් මෙතෙක් අදුරින් වැසී ගිය ඉතිහාස තොරතුරු අනාවරනයට මග පෑදෙනු ඇත. එවිට මෙහි දක්වා ඇති ඇතැම් තොරතුරු වෙනුවට හාත්පසින් වෙනස් තොරතුරුද අලුත් තොරතුරුද අනාවරනට කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් ලෙස අවධරනයට ලක්විය යුතු රාජ්‍ය යුගය පිලිබඳව පුළුල් ගවේෂනයක් කිරීමට වත්මන් යුගයේ ජාතික වගකීමක් විය යුතුව ඇති බවටද අවසාන වශයෙන් සටහන් කරමි.
– පොත පත ඇසුරෙනි

ගනේගොඩ යාදින්න -3-

විජයබා කොල්ලයෙන් පසු කෝප වූ වීරසූරිය කුමරු හා මනම්පේරි සෙනවියන් විසින් හාපිටිගම හා අළුත්කූරු කෝරලවල කැරළි ගැසූ විට එම කැරළි මැඬ පවත්වා කෝට්ටේ රාජ්‍යයේ සාමය ඇති කලේ මායාදුන්නේ විසිනි. එදා වීරසූරිය සමග හාපිටිගම් කෝරලයේ ඇති වූ සටන දින දෙකක් පැවති අතර එහිදී ගනනින් විශාල පිරිසක් මිය ගියෙන් ගනේ ගොඩ නමින් මෙම ගම ප්‍රසිද්ධ වූ බවත් සටන සිදිවී ඇත්තේ මලිගා තැන්නට ආසන්න වැව් කන්ඩිය අසල බවත් මෙම ගමේ පදිංචි විශ්‍රාමික අධ්‍යාපන නිලධාරී j වනිගසූරිය මහතා ප්‍රකාශකර සිටී. සාමය ‍රැකීම හා ගැ‍ටුමින් පසුව මායාදුන්නේ කලක් එහි ‍රැදීඉ සිටින්නට ඇත. ටිකිරි කුමරු ලම විය ගෙවුනේ මෙම මාලිගාව තුල බවත් රජ්වූ පසු විහාරස්ථානයට ගම්බිම් පූජාකල බවත්, අද දක්වා එම කුඹුරු පංසල් දේපල ලෙස පවතින බවත් , ශ්‍රී විද්‍යාසාගර විහාරවාසී පූජ්‍ය හොරම්පැල්ලේ උපනන්ද හිමියන් ප්‍රකාශකර සිටී. රාජසිංහගේ විශේෂ ගෞරවයට පත් විහාරස්ථානය රජු මිය යාමෙන් පසු ගනේ ගොඩ දෙවියන් විසින් ආරක්ෂා කරන බවත් වර්ෂික ගම්මඩු උත්සව පවත්වා බාර හාර ඔප්පු කරන බවත් ප්‍රදේශ වාසී හු ප්‍රකාශ කර සිටී.
රාජසිංහ රජු ගනේ ගොඩ දෙවියන් ලෙස මැදගොඩ පත්තිනි දේවාලයේද පුද සත්කාර ලබයි. මේ අනූව කඹුලුමුල්ල දේවාලයේ “ගනේගොඩ යාදින්න” සීතාවක යුගයේ ඓතිහාසික සටහනක් ලෙස බැදී පවතින බව කිව හැක. රජුගේ ලමා කාලය ගෙවූ මීරිගම ප්‍රදේශයේත්, සීතාවක් ආසන්නවත් ගනේගොඩ දෙවියන් නමින් ගැනෙන පුද්ගලයා රාජසිංහ රජු නමින් මෙම රජු ශිව ආගම වැලද ගැනීම වෙනුවට දේවකායට පැමින ජනතාවට සේවය කරන අයෙකු ලෙස සැලකිය නොහැකිද යන්න සටන් කරමු.
– පොත පත ඇසුරෙනි

ගනේගොඩ යාදින්න -2-

මෙම සටහන් අනූව මහයා දිනූ අරුත් ඇති මායාදුන්න කෝරලය හිමි කුමරුගේ නම “ශ්‍රී විජයබ” වන බව කියවේ. ඒ අනූව මයාදුන්නේ නම ශ්‍රී විජයබා වියහැකි බවට මේ මගින් ඓතිහාසික සාධක ගෙන එයි. එපමනක් නොව මහ බලැති රාජසිංහ රජු රජපැමින සත්වසරකට පසුව දේවකායට පැමිනි බවත් අනතුරුව ඒ දේවකායෙන් යුතුව මාපිටිගම පිරිතකදී සඝුන් 60ක් ” ඔට්‍ටු කර මොට්‍ටු ඇන – දව සුනු විසුනු කර ” යනුවෙන් විනාශකල බවත් කියැවේ. රාජසිංහ රජුන් භික්ෂූන් විනාශකල බවට ඇති ජනංප්‍රවාදයේත් මෙම යාදින්නේ විස්තරයක් අතර සමාන බවක් පෙන්නුම් කරයි. මැදගොඩ දේවාලයද කන්නත්තොට ගනේගොඩ දේවාලයද රාජසිංහ රජු ගනේගොඩ දෙවියන් ලෙස බැල්ම හෙලන බව විස්වාශ කරයි.
මේ අතර හාපිටිගම් කෝරලයේ මීරිගමට ආසන්න ගනේගොඩ බොකලගම පිහිටි ගනේගොඩ දේවාලය රාජසිංහ රජුගේ බැල්ම සහිත ගනේගොඩ දෙවියන් වැඩ සිටින බැව් එහි වාර්ෂික උත්සව පවත්වා කරන දේවාල කන්නලව්වේ සදහන් වේ. රාජසිංහ රජු මෙම විහාරස්ථානය සදහා ඉඩම් ලබාදී ඇති බවත් ටිකිරි කුමරා කුඩා කල වාසය කලේ එම ප්‍රදේශයේ බවත් ප්‍රදේශවාසීන් අතර විස්වාසයක් පවතී. උඩරට පහතරට වෙන්කරන කඩවතක පිහිටි බොකල ගම ග්‍රාමයේ පැරණි රජමාලිගයක හා දිය තටාක සහිත නටබුන් අදදක්වා ඇත. එහි අක්කර 4ක පමන ප්‍රමනයේ පිහිටි මාලිගා තැන්න භූමියේ රජමාලිගයක නටබුන් ඇත. අඩි හතරක පමන පලල් ගල් කුළුනු වලින් යුත් ගොඩනැගිලි අත්තිවාරම්ද, සදකඩ පහනක් හා විශාල ප්‍රමානයේ ගඩොල් හා ගල් කනුද, රජු දිය නෑ පොකුන ලෙස ගැනෙන දිය නොසිදෙන ගල්පොකුනද මේ අතර වේ. ගමට ආසන්නව පිහිටි විශාල වැවක විනාශ වූ වැව් බැම්ම අදදක්වා ඇත. ශ්‍රී විද්‍යා සාගර විහාරස්ථානය හා ගනේගොඩ දේවාලය සහිත පූජා බිමේ අද දක්නට ඇති ගල්කනු හා ඇතුන් දෙදෙනෙකු සහිත ලියවැල් කැටයමින් යුත් ගල් උළුවස්සක් ඓතිහාසික වශයෙන් ඉත අවැදගත්වේ.
– පොත පත ඇසුරෙනි

ගංවතුර අවදානම්!!!!!

2017.05.28 දින 1200 පැයට නිකුත් කරනු ලැබු තත්ව වාර්තාව අනුව ආපදා තත්ත්වය
2017.05.28 දින 1200 පැයට නිකුත් කරනු ලැබු විශේෂ තත්ව වාර්තාව අනුව අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා නිසා පුද්ගලයන් 146 දෙනෙකු මියගොස් 112 දෙනෙකු අතුරුදන්ව ඇත. පීඩාවට පත් වූ සංඛ්‍යාව 442,299 ඉක්මවා ඇත. ආරක්ෂිත ස්ථාන 319 පුද්ගලයන් 101,638 පමණ රැදි සිටි.

(2017-05-26 5.20PM)කැළණි ගඟ පිටාර ගැලීමේ අවධානම වඩාත් ඉහල යමින් තිබෙන බවට අවවාද කෙරෙමින් පවතී. ජල බලාගාර ආශ්‍රිත  ජලාශවල වාන් දොර‍ටු විවෘත කිරීමත් සමග තත්වය වඩත් බලාපොරොත්තු වියයුතු  බවටයි නිවේදනය වන්නේ.

නැවත ගංවතුර අවධානමක් ඇති වෙමින් පවතී.සුදානමින් සිටින්න
රාජ්‍ය නිවේදන,ෆේස්බුක් දැන්වීම් වෙනත් ආකාරයේ දැනුවත් කිරීම් ගැන අවධානය යොමු කරන්න ..
තමාගේ ආරක්ෂාව සලසගැනීමේ යුතුකම අප සැම සතුව ඇත.
1.ෆෝන් එක චාර්ජ් කර තබාගන්න
2.අතවශ්‍ය ලියකියවිලි ගෙන යාමට පහසු ලෙස තබාගන්න
3.ගමන් බිමන් යාමෙන් වලකින්න
4.අනෙක් අය දැනුවත් කරන්න

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක හා අදාල ප්‍රදේශය භාර නිලධාරීන්ගේ විස්තර මෙසේය
Dilan Ranuka
01 I.K.A. Nandasiri Colombo +94 11 2325511
+94 11 2437242
+94778819389

02 A. Sedara Galle +94 91 2247175
+94 91 2247175
+94 77 1761692

03 Kusumsiri Gampaha +94 33 2234142
+94 33 2222900
+94 77 4342786

04 Krishan Kaluthara +94 77 6368763

05 Widanage Matara +94 41 2222284
+94 41 2222234
+94 71 8245180

06 K.Kumara Rathnapura +94 45 2222233
+94 45 2222140
+94 71 4408835

නාය යෑමේ අවදානම පවතින ප්‍රදේශ –
ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම, යක්කලමුල්ල, නාගොඩ
කෑගල්ල දිස්ත්‍රික්කය – බුළත්කොහුපිටිය, දෙහිඕවිට
රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පෙ, අයගම, කහවත්ත…..
කැළණි ගං මිටියාවතද පෙරද පරිදිම අවදානම් සහිතය …
පෙර වතාවට වඩා සුදානමින් සිටිමු…

මේ සියල්ල fb පොස්ට් එකතු කිරීමකි …..ඔබේ අවධානයෙන් සිටීම තවත් අය බේරාගැනීමට හේතු විය හැක …