Back to Top

Monthly Archives: May 2017

විවිධ පතල් ප්‍රමානවල්….

මැනික් පතල් කර්මාන්තයෙහි සියලුම කටයුතු කෙරෙන්නේ පැරනි ගනන් මිමි අනූවය. එනම් රියන් ගනනටය. රියනක් යනු අගල් 18කි. ඒ අනූව මැණික් මතුවන අඩවියෙහි පතල් වර්ග කිහිපයක්ම තිබේ.
මැණික් පතලයක සම්මත පලල රියන් හතරකි. එනම් හතර රියනකි. මේ කාරනාව කවුරු කවුරුත් දන්නා බැවින් දෝ පතල් ගැන කථාකරන විට ඒවායේ පලල ගැන නොකියති. පතල් හඳුන්වන්නේ එහි දිග මෙන්ම මෙතැකැයි කීමෙනි.
හතර රිය පතල්-
මෙහි තේරුම පතලේ දිගත් පලලත් හතර රියනක් වන බවය. ගැඹුරින් අඩි හතලිහ පනහ ඉක්මවන මැණික් පතල් සදහා භාවිතා කෙරෙන්නේ මේ සයිස් එකය. එවන් ගැබුරු පතල් වල දෝනා ද යති. දෝනා යන විට පතල් බිත්ති සවිමත්ව තීය යුතු බැවින් මේඅසේ හතර රියන් පතල් හාරති.
අට රියන් පතල්-
මැණික් මතුවන අඩවියෙහි ජනප්‍රියතම පතල් Size එක වන්නේ අට රියන් පතල්ය. මෙහි තේරුම වන්නේ එම පතලය හතර රියනක් පලල, අට රියනක් දිග එකක් බවයි. පතලේ හරි මැදින් මැද මුක්කු ගසා තට්‍ටු ගසන නිසා අට රියන් පතලයක කො‍ටු දෙකක් දැකිය හැකිය. පතල් කරුවන් හත් අට දෙනාට හොඳට ඉඩකඩ ඇතිව වැඩ කල හැකි බැවින් අට රියන් වලවල් බොහොම ජනප්‍රියය. එසේම බොහොම ගැබුරු පතල් කපන්නේද අට රියන් වලවල් වශයෙනි.
දිගින් රියන් 10,12 සහ 20ට පතල් කපන්නේ මැණික් ඉල්ලම වැඩිම නත් ගැබුරු නැති ස්ථාන වල පතක් කැපීමේදීය. ලොකු පතල් කපා එකවර මැණික් ඉල්ලම් වැඩි ප්‍රමානයක් ගොඩ ගැනීම මෙබඳු විශාල පතල් කැපීමේ අරමුනයි.
මීට අමතරව හයරියන් පතල්, දහ අට රියන් ආදී වශයෙන්ද පතක් කපති. පතලකට නැකතකට වැඩ අල්ලන්නේද තමන් හාරන පතලය කුමන ප්‍රමානයට කපනවාද යන කාරනය බේරුම් කරගෙනය.
– පොත පත ඇසුරෙනි

Posted in Gems | Leave a reply

කපිරිඤ්ඤා ගීත ඇසුරින් “බයිලා” නැමති ගී වෙසෙස ආරම්භ විය 2

පෘතුගීසී න් ගෙන් ආරම්භ වුනු කපිරිඤ්ඤා ගී විශේෂය පාරම්පරිකව ‍රැකගෙන එන පවුල් කිහිපයක් මීගමුව, පුත්තලම හා ත්‍රිකුනාමලය වැනි ප්‍රදේශවල අදත් සිටිති. පෘතුගීසී මුල්කාලයේදී ලංකාවට ගෙනා කපිරිඤ්ඤා ගී වෙසෙස කවරේදැයි හඳුනා ගැනිමට උපකාරීවන පැරනි කපිරිඤ්ඤා ගී කිහිපයක් මේ පවුල් කිහිපය සතුව පවතී.
මෙවැනි කපිරිඤ්ඤා ගීතවල ආභාෂය ලබමින් මෑත යුගයේ ප්‍රසිද්ධියට පත් බයිලා පොදු ජනයා අතර වඩාත් ප්‍රසිද්ධියට පත්විය. රෝස නොනගේ හා ජැන්ඩි සිංඤෝගේ කපිරිඤ්ඤා , සුමිහිරි බයිලා ” ආය කපිරිඤ්ඤා හෙවත් තරුන ‍රැවටිල්ල” ඒඑනි පොදු ජනයා අතර වඩාත් ප්‍රසිද්ධියට පත් බයිලා විශේෂය අප අතරට එක් වූයේ සීතාවක යුගයේ සිටය.
බයිලා ගීත ගැන නොදන්නා අයෙක් අද වන විට නැති තරම් ඒවා ජනංප්‍රියව පවතී. මහත් ජනප්‍රියත්වයට පත්ව ඇති මේ බයිලා මුලදී විද්වතුන් විසින් දනෙන් පහලලා සලකනු ලැබූවත් අදී උගත් නූගත් දෙපක්ෂයේම සැලකිල්ලට ලක් වෙමින් පවතී. මේ වායේ ඇති වටිනාකම මහජනතාවට අවබෝධකර දීම සදහා රූපවාහිනිය හා ගුවන්විඳුලිය ද අවධානය යොමුකරන ලදී.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

පනස් පස්වන කොටස

“පැමිනෙන්නේ වියතුන් වඩාත් අසරන වන කාර්තුවයි”. අහබු ලෙසට නගර ශාලාවේ සංවිධානය කර තිබූ අපූරු කථිකාවකට සහභාගී වන්නට අවස්ථාවක් ලැබිනි. එහි ප්‍රධාන මාතෘකව ලෙසට නම් කොට තිබුනේ එලෙසටය. තොරතුරු තාක්ෂනයේ වේගවත් අත්පත් කර ගැනීම් සමග සිදුවෙමින් ඇති විපර්යාස මෙන්ම අන්තර්ජාල භාවිතාව ලොවපුරා සිදුකරමින් ඇති බුද්ධි ප්‍රබෝධයක් පිලිබඳවද මෙහිදි මනාව විමසා බලන්නට කටයුතු කෙරිනි. “මිනිස් කථාන්දරයේ කිසිදාක අත්නොවිඳි ලෙසට ඔබ නිදහස් වෙමින් තිබේ”. ආර්ථිකව, දේශපාලනිකව සිදු වන ප්‍රබෝධය තව දුරටත් සමාජ අර්ථයෙන්ම පමනක් නොව පුද්ගල අර්ථයෙන්ද වඩාත් විමසෙමින් තිබීම දේශපාලන ආධිපතයයෙන් මැඩලෙමින් ඇති රටවල් කිහිපයකදී හැරෙන්නට හා කන්ඩායම් ගත විමුක්තියේ පරනතම සංස්කරනය ඔස්සේම සොයමින් සිටින කන්ඩයම් අතරේදී හැරෙන්නට ඉතා වේගයෙන් සිදුවෙමින් ඇති බව එම දේශකයින්ගේ අතින් වඩාත් අවධාරනයෙන් සනි‍ටුහන් වූ කරුනක් විය.
තොරතුරු අවකාශය ඉල්ලා සිටින විවෘත බව මැඩලන සමජ අවකාශයන් පිලිබදවද නෙක මත පල වනු දැකිය හැකි විය. “විවෘත බවට බිය වීම මෙන්ම විවෘත බව ඔස්සේ පැමින මිනිසුන්ගේ සිතුම් පැතුම් අවකාශය පුලුල් විමට දක්වන රෝධකය මෙන්ම වඩාත් සාර්ථක විකල්ප නිර්මානය කරන්නට දක්ෂ වනවාට වඩා “දොර වසා” තැබීමට දක්වන කැමැත්ත ඔස්සේ මිනිස් වර්ගයා සීමා කරවන්නට හා ඒ ඔස්සේ පාලනය කරවන්නට වන කැමැත්ත වඩාත් හාස්‍ය මෙන්ම දෘඩ ලෙසට විවේචනය කරන්නටද ඔවුනට අවශ්‍යව තිබිනි.ආයතන ගත දැනුම් පද්ධති වලට වන අනන්‍යතාවය ඉතා වේගයෙන් ගිලිහෙමින් පැවතීම මෙන්ම විවෘත සමජ අවකාශවලදී කවරදාත් අත්නොවිඳි තරම් මෙම දැනුම් පද්ධතිවල වන ආයතනික ගත අනන්‍යතා නොසලකා හරින්නට හැකිවීමට වන නොරිස්සුමද සංවාදයට භාජනය විය.
පුරා හෝරා හතරක ප්‍රබෝධජනක සංවාදය අවසානයේ නගර ශාලවෙන් පිටතට පැමිනි විට බොහෝ දෙනා තුලින් ලත් බුද්ධි ප්‍රබෝදයත් කායික මනසික වෙහෙසත් අතර වන මිශ්‍රිත බවක් දැකින්නට හැකි විය. “බොහෝ කලකට පසු මගේ විමසුම් මනස දරුනු ලෙස අවදිකරවන්නට ඔබලාට හැකි විය. ඒ පිලිබඳව මගේ ස්තුතිය” මෙම සම්ත්‍රනයට අදාල සමාජජාලා පි‍ටුවේ වූ එක් අයෙකුගේ මතයක් බොහෝ දෙනාගේ අනුමැතියට ලක්ව තිබුනි.
-siriwansa

කපිරිඤ්ඤා ගීත ඇසුරින් “බයිලා” නැමති ගී වෙසෙස ආරම්භ විය

ජාතියක් තවත් බලවත් ජාතියකට කලක් යටත්ව සිටීමෙන් බලවත් ජාතියේ සංස්කෘතික අංගයන්ට දුබල ජාතිය පුරුදු වීම ස්වභාවිකය. මුලදී බටහිර මුහුදු තීරයේද පසුව කෝට්ටේ රජ්‍යයේ හා සීතාවක තුලද පෘතුගීසි බලය පැතිර යාම නිසා සිංහලයන් දුබල ජාතියක් බවට පත්විය. පාලන බලය අවියක් කොට ක්‍රිස්තියානි ධර්මය හා පරංගි සිරිත් විරිත් බලයෙන් කාවැද්දීමට පෘතුගීසී පාලකයන් කටයුතු කිරීම නිසා ඔවුන් අනුගමනය කිරීමට සිංහලයන්ට සිදු විය. විශේෂයෙන් පලක පක්ෂය අනුගමනය කිරීමට මුලින්ම ඉදිරිපත්වූවෝ ඔවුන් යටතේ නිලතල ලද්දෝය. මෙසේ ද්‍රවිඩ, පෘතුගීසී ලන්දේසි හා ඉංග්‍රීසි වැනි ජාතිකයන්ගෙන් පලපුරුදු වූ සෂ්ංස්කෘතික අංගයන් අප අතර ප්‍රචලිතවී අපේම සංස්කෘතික අංගයන් බවට පත්වෙමින් පවතී. පෘතුගීසී හු ඔවුන්ගේ ප්‍රීති උත්සව අවස්ථාවන්හිදී කපිරිඤ්ඤානම් ගී වෙසෙසක් ගායනා කලෝය. සුරාවෙන් මත්ව සුන්දරියකගේ අත ගෙන කපිරිඤ්ඤා ගීතයක් අනූව නැටීම මේ උත්සව වල විශේෂ අංගයක් විය. පෘතුගීසීන් ගේ මේ කපිරිඤ්ඤා ගීත ඇසුරින් “බයිලා” නැමති ගී වෙසෙස ආරම්භ විය.
සීතාව්ක රාජ්‍ය සමයෙන් ආරම්භ වූ මේ බයිලා නම් ගී විශේෂය අපේ උගතුන්ට රුචි දෙයක් නොවීය. ඔවුන් ඒවා ඉතා පහත් කොට සැලකූහ. එහෙත් ජන කවියා ඒවා සාදරයෙන් පිලිගත්තේය. ජනසංනීවේදන මාර්ගයක් වශයෙන්ද රටේ එදිනෙදා සිදුවන දේ පොදු ජනයාට කියා දෙන මාර්ගයක් වශයෙන්ද ඒවා වැඩි දියුනු කලේය. අද එය හුදු විනෝදාස්වදය සදහාම භාවිතාවන්නක් ලෙසින් නොව ආගමික කථා, සුචරිත උපාදේශ ආදීය පැවසීමේ මාධ්‍යක් බවට පත්ව තිබේ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක යුගයේ රබන් විරිඳු

රබන් විරිඳු කීමද සීතාවක යුගයේ කෑපී පෙනෙන ලක්ෂනයකි. ආරම්භයේදී රබන් ගසා විරිඳු කියා ජීවන උපාය සලසා ගැනුම දුප්පත් ජනතා සතුවූවකි. එහෙත් ඒ නිසාම විරිඳු සාහිත්‍යයක් ගොඩ නැගුනද ඒවා මතකයට පමනක් සීමා විය. කාලයාගේ ඇවෑමෙන් ඒවා අභාවයට ගියේය. සීතාවක කාලයේ මේවා බොහෝ සෙයින් ප්‍රචලිතව තිබූ බවත් පසුකාලයේදී විරිඳු සාහිත්‍යයට පදනම වැ‍ටුනේත් සීතවක යුගයේදි බවත් කිව යුතුය.
සීතාවක එකවන් රාජසිංහ රජු විරුඳුකාරයෙකු ලෙස කටයුතු කල අවස්ථා අසන්නට ලැබේ. කෝට්ටේ රාජ්‍යතුලත් කොලඹ පරංගි කඳවුර තුලත් ඔත්තු බැලීම සදහා රාජසිංහ රජු රබන් සෙල්ලම් කාරයෙකු ලෙස වෙස්වලාගෙන ගිය ගමන් ගැන විස්තර අදත් මහජනයා තුල කථා බහට ලක්ව පවතී. එහෙත් රාජසිංහ රජ ගායනා කල විරිඳු අද අප අතරට පත්ව නැත. රාසිං දිවියන් රබන් සෙල්ලං කාරයෙකු ලෙස පරංගි කඳවුරේ ගයන ලදැයි සැලකෙන එක් විරිඳුවක් ගැන ජනංප්‍රවදයේ පවතියි.
දියයට තිබූ කඩුව සේම මතුවට පවතිඤ්ඤ යි
නයට ගුරුලිඳු විලසට සතුරට මුන දෙඤ්ඤ යි
ඇතාට සිහනඳය ලෙසට රබාන හඬවඤ්ඤ යි
රබන් දෙකක් ගෙන දෑතට සිරිලක වටලඤ්ඤ යි
විරිඳුවක් ගයා රබාන හඬවා පොදු ජනයාට විනෝදයක් දැනුමක් ලබා දුන් විරිඳුව අරම්භයේදී ජීවිකාව වෘතියක් විය. පසුකාලයේදී අවවාද ලබා දීමට ඉ.ඓතිහාසික ප්‍රවෘති විස්තර කිරීමට , ජනකථා හා ආගමික කථා පැවසුමට මේ විරිඳු උපයෝගී ගැනීම නිසා විරිඳු සාහිත්‍යයක් ගොඩ නැගුනි.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

‘Wannacry’ හානිකරය වඩාත් ඉදිරියට…

ලොවපුරා දැඩි අවධානයක් ලබ ගෙන ඇති ransomware ආකාරයේ හානිකරයේ පැතිරීම වඩාත් දරුනු බවක් ගෙන ඇති බවට පෙනෙන්නට තිබෙනවා. නවතම් වාර්ථා පවසන්නේ ආසාධිත පරිගණක ප්‍රමානය 57000 සිට 200000 දක්වා වැඩිව ඇති බවයි. වඩාත්ම හානිකර බවක් පෙන්වමින් සිටින ‘Wannacry’ නම් ආසාධකයා ද පහර දෙන්නන් අතින් වඩාත් ශූක්ෂම කරමින් සිටින බවට පෙනෙන්නට ඇති අතර Microsoft ආයතනයද මීට එරෙහිව කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා පලවන්නේ. පසුගිය මාර්තුවේ දි එම ආයතනය විසින් නිකුත් කරන ලද පිලිසකරය ලබා ගෙන ආරක්ෂිත වන ලෙසට උපදෙස් දෙනවා සේම දැනට පසු සේවාව නොසපයන Windows XP, Windows 8, මෙන්ම Windows Server 2003 ආදී පද්ධති සදහාද යාවත්කාලීන නිකුත් කරන්නට කටයුතු කරමි සිටින  බවටයි නිවේදනය කරන්නේ. හදාරන්නන් විසින් ආසාධිතය සංක්‍රිය වනවාත් සමග හැඳින ගත හැකි ආකාරය ඇතිලු විසඳුම් යෝජනා කරමින් සිටින අතර  හානිකරයද වඩ වඩාත් ශූක්ෂම කරමින් ඉදිරියට ගෙන යන්නට පහර දෙන්නන්ගේද අවධානය යොමෞකර ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. පොදුවේ භාවිතාකරන්නන් වෙතට පැවසෙන පනිවිඬය වන්නේ  antivirus හා anti-malware මෘදුකාංග හොදින් යාවත්කාලීනව තබා ගන්නා ලෙසත් ප්‍රධාන මෙහෙයුම් පද්ධතියද නවතම යාවත්කාලීන වලින් අරක්ශිත කර ගන්නා ලෙසට හා සැක සහිත Link සංක්‍රියකරන්නට පෙර කිහිපවරක්ම  අවධානය යොමුකරන ලෙසටත්ය.

Posted in Tech | Leave a reply

පනස් හතරවන කොටස

” මිනිස් ජීවිත හා නිරෝගීතාවය අතර සීමාව නෙක ඖෂද හා තාක්ෂනික උපකරන බවට පත්වෙමින් වෙළඳ ආධිපත්‍ය විසින් වේගයෙන් ඩැහැගනිමින් ඇති බව හදාරන්නන්ගේ දැඩි අවධානය දිනා ගන්නා කාරනාවක් බවට පත් වෙමින් තිබෙනවා. අත්පත්කරගනිමින් සිටින දියුනුවත්, එම දියුනුව වෙළඳතාම කරනය විසින් භ්‍යානක ලෙසට තරගකාරීව අත්පත් කර ගැනීමත්, ඒවා පාලනයට ජාත්‍යන්තර මෙන්ම රාජ්‍ය මට්ටමින් පැමිනිය යුතු පාලනයන්, නීතීන් , රීතීන් මන්දගාමී වීම සංකීර්න ගැටලු මතුකරමින් තිබෙනවා. නිරෝගීබව අර්ථ දැක්වීම, ලොසින්ජරයක් අර්ථ දක්වන්නට වැනි සරල මට්ටමක වෙළඳ අර්ථයකින් පාලනය නොවිය යුතුයි.

කාබන් ගැටලුව වැනි සමස්ථ මිනිස් ශිස්ඨාචාරයම පාලනය කරන ගැටලුවක් බවට හඳුනා ගනිමින් පාලනය නොපැමිනීම තවත් ආපසු හැරවිය නොහැකි අභියෝගයක් වේවි”. ඇය වඩ වඩාත් විෂයේ භාහිර සීමාවේ ගැටලු ඉස්මතු කරමින් සිටී. ලැබෙන සෑම ඊමේලයකම අඩංගුවන්නේ “ගනු දෙනු” කලාව ජාතික , ජාත්‍යයන්තර සීමාවන් පමනක් නොව මිනිස්, සත්ව නැතිනම් ජීවවිද්‍යාත්මක සීමාවන් ද පසුකරමින් නිදැල්ලේ හැසිරෙන්නට පටන් ගෙන ඇති බවකි. ඇය වැඩි දුරටත් යෝජනා කරන්නේ ” ඔබ කියනා ආශ්‍රමයට ඔබ්බෙන් වන හුදකලා ගැමි යන්ගේ සංස්කෘතික රටාවල මේ සදහා පරිසරයට බැඳුන, සරල පිලිතුරු රටාවන් තවමත් භාවිතාකරමින් සිටිනවා විය යුතුයි. දියුනු මට්ටමේ යැයි අප සලකන බොහෝ දැනුම් භාවිතාවන් දීර්ඝකාලීනව සිදුකරමින් සිටින වෙනස් කම් ගැන නැතිනම් හානීන් ගැන අප ඇති තරමට අසංවේධී වී සිටීම අපේ හැදෑරීම් වලට ඉතා වැදගත් නව දිශාවක් වේවි. සමහර පර්යේක්ෂන වාර්ථා වෙළඳ ආයතනයන්ගේ ආධිපත්‍ය යටතේ කොතරම් සූක්ෂම ලෙසට සඟවමින් සිටිනවාද දැන ගැනීම ඔබව පුදුමටය පත්කරාවි.” ඇයගේ හැදෑරුම් නිවාඩුවේ අවසාන දින කිහිපයවන විට දෛනිකව ඊමේල කිහිපය බැගින් තොරතුරු හා උපුටන එවන්නට වෙන්කර තිබිනි. අමහර කාරනා පිලිබඳව වැඩිදුර තොරතුරු අන්තර්ජාලය ඇසුරින් සකස් කරන්නට පවරා තිබීම ද තරමක සහනයක් විය.
– siriwansa

සීතාවක යුගයේ සාහිත්‍යයේ විශේෂාංග – 6 –

සීතාවක රජවරුන්ගේ මාලිගාව පිහිටියේ මනියම්ගම ගම්මායිම කෙරවලය. මානියම්ගම රජමහ විහාරය ඈත අතීතයේ සිට පැවත එන්නකි. මහ නුවර රාජ්‍ය සමයේ මේ විහාරයේ අධිපතිධූරය දැරුවේ ධම්ම දස්සි හිමියන්ය. උන්වහන්සේ ආදරයෙන් හදා වඩා ගත් ගෝලනමක් විය මේ ගෝල හිමියන් සිවුරු හැරගිය විට නැවතත් කැඳවා ගෙන වුත් මහණ කරනු ලැබීය. තුන් වෙනි වතාවේත් සිවුරු හැර ගිය පසු නැවත පැමිනියේ නැත. මේ ශෝකයට හා කලකිරීමට පත් දම්මිදස්සී හිමියෝ පහත සදහන් කවි දෙක කියමින් ශෝකය තූනී කරගත්හ.
සිතාගෙන උනිමි පසුව වෙයි නිවන
පතාගෙන ජාති මම ලැබූ පුත් රුවන
ඇතා නොවෙයි කේසර සිංහා රජු න
පුතා මගේ නැති වුනි රති ගඟේ පැන

දෙවතාවක් පැවිදි කෙරුවයි නිවන් පතා
නවතා ගන්ට බැරි විය ඔහුගේ විපතා
මෙවතා වෙහි මට නොකියා ගියයි පුතා
දේවතා බණ්ඩාර බලයෙන් වරෙන් පුතා
(රංගේගම ගමගේ මොහොට්ටි හාමිගේ මතකයෙනි)

මානියම්ගම නැගෙනහිර මායිම සීමාවන්නේ යකහ‍ටුවාව කඳු වැටියෙනි. මේ කඳු වැටියේ දකුනු කෙරවල ඔරුකන්ඳ නමින් හැඳින්වේ. 1930 මැයි මස හය වැනි දිනය වන විට දින කිහිපයක සිට ඇහහැලුන ධාරානිපාත වර්ෂාව උච්චතම අවස්ථාවට පැමින තිබුනි. එදින සවස හතර පමන වන විට ඔරුකඳ පාමුල පදිංචිකරුවෝ අනියත බියකින් සැලුනාහ. රාත්‍රී ආහාරය පිනිස අවශ්‍ය දේ කටයුතු ගෘහනියන් ඉකමන් කල අතර පිරිමි පක්ෂය හරකුන් දීගලි කිරීම මල් කැපීම ආදියෙහි නියුත්ත වූහ. අනතර්ක සේයාවක් ඉව වැ‍ටුන පල්ලේ කන්දේලාගේ සලොන්චියා මල් කැපීම සදහා කන්ද උඩට නැග්ගා පමනි මුලු පෙදෙසම දෙවනත් කරමින් හෙන හඬක් වැනි භයංකර හඬකුත් සමග ඔරුකන්දේ අඩි පන්සීයක් පමන කොටසක් ගස් ගල් සහිතව පහතට ඇඳ හැලෙන්නට විය. කඳු පාමුල ගෙවල් යට විය. ඒවායේ වූවන්ට කුමක් වූවාදැයි අදවන තුරුත් දැන ගන්නට නැත. අමුනක පමන වූ කුඹුරක් ඒ අසලින් ගලා ගිය රිටිගහ ඇලත් නායෙන් යට විය. ඔරුකඳ මුදුනේ විශාල රුකත්තන ගසකි. මේ වෘක්ෂයට අධිගෘහිත දේවතාවෙක් වසතීයී විස්වාසයක් පවතී. කෙම්මුර දිනවල දේවතා එලියක් මේ ගසට පැමිනෙනවාත් ගසින් ඉවත්ව යනවාත් ඇසින් දු‍ටුවෝයැයි කියන අය බොහෝය.
– පොත පත ඇසුරෙනි

Posted in Health | Leave a reply

රටවල් 70 පුරා වන පරිගණක 57000ක් ආසාධිත කරමින්…

ප්‍රධාන පෙලේ ආරක්ෂක මෘදුකාංග සමාගම් කිහිපයක් ම නිවේදනය කර සිටින්නේ Wannacry/Wanna/Wcry ලෙසට නම් වන ransomware ආකාරයේ හානිකර මෘදුකාංගයක් ලොව පුරා පරිගණක වෙතට පැතිරෙමින් ඇති බවය. Avast හා Kaspersky ආයතනයන්ගේ ගනනයන්ට අනූව දල ලොව පුරා පරිගණක දල වශයෙන් 57000ක් පමන මේ වන විට ආසාධිත ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ලොව පුරා universities, telecommunications, utility services, banks, හා hospital වැනි ආයතනයන් ‍රැසක් මේ වන විට ආසාධිත තත්වයෙන් බිඳ වැටී ඇති බවකි. රටවල් ලෙසට සැලකීමේදී UK, Turkey, France, Spain හා US වැනි රටවල් වලට ගැටලුව තදින් බලපාමින් ඇති අතර සමස්ථ ආසාධිත බවින් 70%ක් පමන Russia දෙසින් වාර්ථ වන බවටයි හෙලි වන්නේ. Windows devices ඉලක්ක වන මෙම හානිකරය සදහා පසුගිය මාර්තු මාසයේදී Microsoft ආයතනය යවත්කාලීන නිකුත් කලද අදාල යාවත්කාලීන ලබ නොගත් පසිගණක වෙතට පහසෙන් අනතුර විවෘතව ඇති බවටයි සැලකෙන්නේ.
හානිකරයේ අභ්‍යන්තරය තවමත් අපැහැදිලි අතර වඩාත් භ්‍යානකම කාරනය වන්නේ worm ආකාරයේ හානිකරයක් බැවින් භාවිතාකරන්නන්ගේ අවම මැදිහත් වීමක් මත පවා එහි ව්‍යාප්තිය පහසුවෙන් සිදු වීමය. සමහර හැදෑරුම් වාර්ථා පවසන්නේ පසුගිය කාලයේ පැමිනි NSA පහරදීම් සදහා භාවිතාවූ හානිකරයේ සම්බන්දයක් පිලිබඳව හොඩුවාවන් ලබමින් සිටින බවයි. දැනටමත් අනාරක්ෂිත භාවිතාකරන්නන් සදහා ලබ දෙන උපදෙස වන්නේ email ඔස්සේ ලැබෙන සබඳතා සංක්‍රියකිරීමේදී කල්පනාකාරී වන ලෙසටයි.
– www.DigiLK.com

Posted in Tech | Leave a reply

සීතාවක යුගයේ සාහිත්‍යයේ විශේෂාංග – 5 –

මායාදුන්නේ සහ රාජසිංහ යන රජවරු ඔවුන්ගේ මුලු රාජ්‍ය කාලයේදී යුද්ධ කටයුතු සදහාම කාලය ගතකල හෙයින් සාමකාමී පාලන අවධියක් ගත කිරීමට වාසනාව නොලද්දෝය. පැරණි රජවරුන් මෙන් අභිෂේක මංගල්‍ය පවත්වා සේවක පිරිසට තාන්න මාන්න දීමට තරම් සුදුසු වාතාවරනයක් කිසිදාක උදා නොවුනි. මෙනිසා මේකාලයේදී ප්‍රධානය කරන ලද රාජ්‍ය දීමනා හදිස්සියේ කරන ලද ඒවා විය. සමහර විටක පුකොලයක සටහන් කරන ලද ලියවිල්ලකින් හෝ කට වචනයෙන් හෝ මේ ප්‍රධාන කරන ලද නිසා පසු කාලයේදී ඒවායේ මුල් පිටපත් සපයා ගැනීමට අපහසු විය. මෙවැනි ප්‍රධානයන් බොහොමයක් සම්බන්දයෙන් අපට අසන්නට ලැබෙන්නේ ජනවහර ඇසුරෙනි. වීදියේ බංඩාර උඩරට රජුගේ ආධාර ඇතිව සතර කෝරලයේ කැරළි ඇති කල අවස්ථාවේ ඒ මැඬ පැවත්වීමට යවන ලද සීතාවක සේනාවේ නායකත්ව්ය දරන ලද්දේ ලාබල වියේ සිටි ටිකිරි රජ්ජුරු බන්ඩරය. මේ අවස්ථාවේ සතර කොරලයේ ජනතාවගෙන් ලැබුන සහයෝගයට පැහැදුන මායාදුන්නේ රජු “අතිවිශ්වාස ජයවර්ධන සතර කෝරලය” යන නාමය ප්‍රධානය කරන ලදී. මේම ප්‍රධානය සම්බන්දව සතර කෝරලයේ විත්ති පොත් බොහොමයක සහහන් වේ. මේ පොත් බොහොමයක සතර කෝරලයට මාන්න පසක් ලැබුනු බව
මේලකුනු වලට මැදිරට පෙර නන් කලේ
අතිවිශ්වාස ජයවද්දන නම පත ලේ
පසක් මාන ලක් දස්කම් පා එක ලේ
පසක් අතුරු රට ඇති සතර කෝර ලේ
යන ලෙසින් පැවසේ. මේ මාන්න අතරින්, රතු කොඩිය හෙවත් සවරං කොඩිය “කප්පා ගොඩ මුදියන්සේ” විසින් මිනීමරු කිඹුලෙකු මෙල්ල කිරීම නිසාද, දවුණ්ඩය කොඩිය අළුත් නුවර අ‍ටුගෙදර නිළමේ නම් යුධ සෙබලා විසින්ද, පච්චලාසය “හිඟුලේ” විසූ යුධ ශූරයෙකු විසින්ද පලමු වැනි රාජසිංහ රජුගෙන් ලබන ලද නම්බුනාමයන්ය.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

තොරතුරු තාක්ෂණය ඉල්ලා සිටින්නේ…

තොරතුරු තාක්ෂණය  ඉල්ලා සිටින්නේ වඩාත් වෙනස් ආකාරයක ආර්ථික, දේශපාලනික, සමාජීය මෙන්ම අවසාන ලෙස සංස්කෘතික රටාවකි. එය ප්‍රථම වතාවට මෙතෙක් මිනිස් වර්ගයා පාලනය කල ප්‍රධාන සාධකයන් දෙකක් වූ දුර සහ කාලය ඉක්මවා අවසන්ය. එය හුදු තවත් තාක්ෂණයක් ලෙසට පමනක් සීමා නොවන මහා ශක්‍යතාවයකින් යුත්ත බව යුගයක් තම නමින් නම් කරවා ගන්නට සමත් වීමෙන්ම ඔප්පුවේ. එය තවදුරටත් වෙනම උපාංගයක් ලෙසට නොව දෛනික ජීවිතය වටා ඇති බොහෝ උපකරනටන්ට සංයුත්තව පැමිනෙන වෙනම උපකරනයක ස්වභාවයෙන් හැකියාවක් ස්වභාවය දක්වා වෙගයෙන් විස්ථාපනය වෙමින් පවතියී.

Posted in Tech | Leave a reply

පනස් තුන්වන කොටස

හදිස්සියේම පැමිනි දෙමසක අධ්‍යයේන නිවාඩුව ඇයව දුරින්වන හැදෑරුම් ආයතනය වෙතට කැඳවා තිබිනි. වටිනා හැදෑරුම් අවස්ථාවක් වූ එය මග හැරීම කිසිසේත්ම යුතු නොවන බව මගේද යෝජනාව විය. අසීරුවෙන් කැඳවා ගත් ආත්ම ශක්තියකින් කෙටිකලකට වුවත් සමු දුන්නද හුදකලා බව නැවත ජීවිතය වසා ගන්න ගත වූවේ දින දෙක තුනකි. නගර උද්‍යානය, නගර කෙරවල කඳු පෙල පමනක් නොව කිසි දිනක දෙපා ගමනට හමු නොවූ නගරය ආසන්න ගොවිපොලවල් අතරින් දිවෙන නව මාවත් දවසේ ඉතිරිවන කාලය ගෙවා දමන්නට මහත් සහයක් ගෙනැවිත් තිබිනි. දෙවන මාසය වන විට තත්වය වඩාත් බෑරෑරුම්ව දැනෙන්නට විය. උදෑසනට යෙදෙන දේශන කටයුතු වලින් අනතුරුව ජනශූන්‍ය මාවත් ඔස්සේ ඔබ මොබ ඇවිඳ යාම තව දුරටත් උත්තේජනීය නොවෙන බව හැගෙන්නට විය. “වඩාත් තැන්පත් ජීවිත ආකෘතිවලින් බහුල නගරයක අතරමංවීම ගැන මා සතු‍ටු වෙමි. නැතිනම් දරුනු හුදකලාව විසින් ජීවිතය කෙබඳු දිසාවකට ගෙන යන්නට ඉඩ ඇත්දැයි සිතා ගත නොහැකි තරම්ය” වරක් ඇය වෙතට Email සටහනක තැබුවා මතකය. වෛද්‍ය විද්‍යාවේ නවතම අත්පත්කර ගත් දැනුම් අවකශ කිහිපයක් සමග වූ එම කාලය පිලිබඳව බලාපොරොත්තු බව දනවන ඇයගේ පිලිතුරු සටහන්ද ගෙවෙන කාලයේ වන බරපතල බව මදක් හෝ අඩපන කර දමන්නට සමත් බවක් ගෙනැවිත් තිබිනි. ” සමහර නවතම හෑදෑරීම් අවකාශ සාම්ප්‍රධායික දැනුම් පද්ධති වෙතට කරමින් තිබෙන්නේ බරපතල වෙනස්කම් පිලිබඳව යෝජනා බවයි මගේ වැටහීම. සමහර විටක ඉක්මනින්ම සමහර සම්ප්‍රධායන් වෙතට සමුගන්නට සිදුවන තරමේ නිගමනයන් ඒවා ගෙනෙමින් තිබෙනවා” ප්‍රොබෝධාත්මකව මා තබන්නට ඇය හැම විටම උත්සාහ ගෙන තිබිනි.
– siriwansa

× How can I help you?