අගනුවර මුල්කරගෙන සිංහල සාහිත්‍ය යුගවලට බෙදීම මෙරට සම්ප්‍රධායක් බවට පත්ව තිබේ. ඒ අනූව සීතවක රාජධානිය මුල්කරගෙන සාහිත්‍ය යුගයක් නම් කිරීමට බොහෝ දෙනෙක් කැමැත්ත දක්වති. එසේ වුවද සීතාවක යුගයට අයත් පොත් සංක්‍යාව ඉතාමත් ටික බව – පොත් පහකට පමනක් සීමාවී ඇති බව කිව යුතුය. මේ ග්‍රන්ථ පහම එකම කතුවරයෙකුගේ වීම තවත් විශේෂ සිද්ධියකි. මේකාලයේදී රචනා කරන ලද වික්‍රමසිංහ අධිකාරම් වර්ණනාව හා මුක්කර හටන නම් තවත් පොත් දෙකක් ගැනද වාර්ථාවේ. ලංකා ඉතිහාසයෙහි ඉතාම කෙටි වූ සීතාවක රාජධානි කාලයෙහි (ක්‍රි.ව. 1521- 1592) කරන ලද මේ පොත් හැර වෙනත් සහිත්‍ය රචනයක් ගැන අසන්නට නැත. භික්ෂූන්වහන්සේලා නොපෙනෙන ලංකා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව සීතාවක රාජධානි සමයයි. සිංහල සාහිත්‍ය වංශයේ අන්ධකාර යුගය ලෙසින් හැඳින්වෙන මේ යුගයේ සාහිත්‍ය ගැන විමසාබැලීමට ප්‍රථම කෝට්ටේ කාලයේ අවසාන භාගයේ රටේ තිබූ අධ්‍යාපන තත්වය හා රටේ ජීවත්ව සිටි විද්වතුන්ගේ සංක්‍යාවද ගැන සලකා බැලිය යුතුය.
කෝට්ටේ රාජ්‍ය සමය සිංහල භාෂාවත්, සාහිත්‍යයත් ඉතා දියුනු තත්වයකට පත්ව තිබූ යුගයකි. දිවයින පුරා විසිරී ගිය පිරිවෙන් රාශියක් තිබූ අතර ඒවායින් ගිහි පැවදි පඬිවරු විශාල සංක්‍යාවක් බිහි වූහ. තොටගමුවේ විජයබා, වීදාගම ශ්‍රී සනානන්ද, පැපිලියානේ සුනේත්‍රාදේවී , කෑරගල පත්මාවතී , දෙවිනුවර තිලක, එරබත්ගොඩ ධර්මරාජ පඤචමූල, උස්සහපිටියේ මහ පියා , සප්ත රතන පතිරාජ හා කැලණියේ ගතරා වැනි පිරිවෙන් රාශියක් ලක්දිව අස්සක් මුල්ලක් නෑර ඉදිවී තිබුනි. රටේ අධ්‍යාපනයේ කේද්‍රස්ථනය වූ මේ පිරිවෙන් වල සංවිධානයත් ඉගැන්වූ භාෂාවන් හා ශිල්ප ශාත්‍රත් ගිරා සංදේශයේ තොටගමුවේ විජයබා පිරිවෙන් වර්ණනාවෙන් හා හංස සංදේශයේ කෑරගල පත්මාවතී පිරිවෙන් වර්ණනාවෙන් වටහා ගත හැකිය. මේ පිරිවෙන්වල සිංහල , පාලි හා සංස්කෘත භාෂා ඉගැන්විනි. හයවන ශ්‍රී පරාක්‍රමභාහු රජතුමා ආරම්භ කල සාසනික සේවාව නිසා උභයවාසද ආයතනද සඝරජ පදවියද නොනැසී පැවතුනි. අෂ්ඨායතන අතර උතුරු මුල හා මහනෙත් පාමුල පමනක් මේකාලයේදී කැපී පෙනුනි. උතුරුමුල ග්‍රාමවාසයටත් මහනෙත් පාමුල ආරන්‍ය වාසයටත් අයත්වූ අතර ශ්‍රී රාහුල මාහිමියන් හා මෛත්‍රිය හිමියන් නිසා මහනෙත්බ් පාමුල ආයතන හා ශ්‍රී ඝනානන්දන පිරිවෙනද ශේශ දේශාන්තරයන්හි ප්‍රසිද්ධියට පත් වූහ. සයවන බුවනෙකභාහු රජු දවස බුරුමයෙන්ද පැමින මහන උපසම්පදාව ලබා ගැනීමය්ට තරම් ප්‍රසිද්ධියක් දේශාන්තරයෙහි පැතිර තිබිනි. කෝට්ටේ අගනුවර හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගොඩ නැගී තිබුන පිරිවෙන් හා විහාරයන්ද ඒවායේ වැඩ සිටි බහුශෘත පැවිදි පඬිවරුන්ද පිලිබඳ මනා විස්තරයක් ඒ කාලයේ රචිත සංදේශවලින් දැක හැකිය. මෙසේ දියුනුව තිබූ ශාසනය හා සාහිත්‍යය සීතාවක යුගයත් සමග අන්තිම පහත් අඩිය දක්වා පිරිහි ගියේ කෙසේදැයි සලකා බැලීම සීතාවක යුගයේ සාහිත්‍ය ගැන සලකා බැලීමට ප්‍රථම අත්‍යාවශ්‍යයෙන්ම කලයුත්තකි.
– පොත පත ඇසුරෙනි