Back to Top

Monthly Archives: June 2017

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (8)

රාජසිංහ රජුගේ කකුලේ උණ ක‍ටුව ඇනුනේ පෙතංගොඩ උයනේදීය. රජු සීතාවකට කැඳවා නොගෙන පෙතංගොඩ උයනේ සිටම වෙදකම් කිරීමට සැලසුම් කිරීමද සැකයට තුඩු දෙන්නකි. මේ අවස්ථාවේ ඔහු පුත් රාජසූරිය කුමාරයා සිටියේ එල්ලාවලයි. රණ ශූරිය, දොඩම්පේ ගනිතයා ගේ දුව සමග අනියම් සම්බන්දයක් පවත්වා ගෙන යාම නිසා ඔහුත් දෝම්පේ ගනිතයාත් අතර හිතවත් කමක් තිබෙන දොඩම්පේ ගනිතයා යන්ත්‍ර-මන්ත්‍ර – හඳි හූනියම් ගැන හසල දැනුමක් හා පලපුරුද්දක් තිබූ අයෙකි. රජුට වෙදකම් කීරීමට ඉදිරිපත් වූයේ දොඩම්පේ ගනිතයාය. රාජසූරියා කූමාරයගේ උපදෙස් පිට රජුට විෂ බඳින ලද බව “… දොඩම්පේ ගනිතයා හූනියම්කර විෂ බැඳවීය. රාජ සූරිය අදහසින් විනකර වීය.දැනගත යුතුයි.” යන රාජාවලි පාථයෙන් පැහැදිලි වේ. මේ නිසා රාජසූරිය කුමාරයා පියා මරවන ලද බව සිතා ගැනීම වඩාත් යෝග්‍ය බව පෙනේ.
එක්වන රාජසිංහගේ මරණයෙන් පසු සීතාවක රාජ්‍යයට කිසිවෙක් පත්වූ බවක් චූල වංශය නොකියයි. ක්වේරෝස් ගේ වාර්ථාවලද නොදැක්වේ. උතුරේ සහ බටහිර ඉතා සුලු කොටසක් හැර ඉතිරි ප්‍රදේශයේ ප්‍රධාන පාලකයා බවට පත්ව් අසිටි රජෙකුගේ මරනයෙන් පසු, එහි රජකමට කිසිවෙකු පත්නූනා යැයි කිසි සේත් සිතිය නොහැකිය. මැති ඇමති වරු සේනාධිනායකයන් හා විශාල හමුදාවක් සිටි සීතාවක රාජ්‍යයේ අග රජු මියගිය පසු ඒ තනතුරට පත්කිරීමට කිසිවෙක් ඉදිරි පත් නුවුවානම් එය පුදුමයට කරුනක් විය යුතුය. ඒ නිසා චූල වංශයේ විස්තර සදහන් බොවුවත් කෙනෙක් පත්වන්නට ඇත. මේ අඩුව රාජාවලියෙන් හා පෘතුගීසී ලේඛකයන්ගේ වාර්ථා වලින් පිරිමැසේ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (9)

එක්වන රාජසිංහයන්ගේ මරණයෙන් පසු රාජසූරිය කුමාරයා සීතාවක රජකමට පත්විය. ඉන් පසු එල්ලාවල උන් රාජසූරිය කුමාරයින්ට රාජ්‍ය බාරකරවා සිංහසනා ප්‍රාප්ත කලහ. යන පාථය විනා රාජසූරිය කගේ කවුදැයි රාජාවලිය නොදක්වයි. ඔහු රාජසිංහ රජුගේ වැඩි මහල් පුත්‍රයා බව කූ‍තෝ දක්ව ඈත. රාජසූරිය, එකවන රාජසිංහ රජුගේ මුනුපුරෙකු බව වැලන්ටයින් සදහන් කරයි. රාජසිංහ රජුට බිසෝවරුන් කිහිපදෙනෙකු සිටි බවත්, රාජ්‍යයට හිමි කුමාරයා කලින් මරවන ලද බවත් සදහන් කරන ක්වේරෝස් වාර්ථාව මෙහිදී වඩාත් වැදගත් වෙයි. මේ අනූඋව රාජසූර්ය ප්‍රධාන බිසවගේ පුත්‍රයා නොවන බවට සැකයක් මතුවෙයි. මොහුගේ මරනයද ඉතා රහසිගත අන්දමින් සිදුවීමද මේ සැකයට හේතුවේ. රාජසූරිය කුමරු රජු බවට පත්වූ පසුද දොඩම්පේ ගනිතයාගේ දුව සමහ පැවත්වූ අනියම් සම්බන්දය නතර කලේ නැත. සම්බන්දය වඩාත් ඉතිර තත්ව්යට පත්කිරීම සදහා කටයුතු කල රාජසූරිය කුමරු ඇය සීතාවකට කැදවා ගෙන වුත් මානියම්ගම එක්තරා ස්ථානයක රඳවා හැමදාම රාත්‍රී එතැනට යමට පුරුද්දක් කරගෙන සිටියේය. දොඩම්පේ ගනිතයාගේ හා රාජසූරිය අතර සම්බන්දය නිසා රාජ්‍ය බලදරයා බවට පත්ව සිටි මාන්නප්පෙරුම මොහොට්ටිගේ සහය රාජසූරියට නොලබෙන්නට ඇත. මේ වන විට මායාදුන්නේ රජුගේ දියනිය වූ බිසෝ අදහසින් රාජ්‍ය ලබා ගැනීමට කුමන්ත්‍රනයක් කලාය. ඇය කලින් වීදියේ බන්ඩාරට විවාහ කරදෙනු ලැබ සිටියාය. වීදීයේ බණ්ඩාර කල අතවර නිසා මායාදුන්නේ රජුගේ නියමය පරිදි රාජසිංහ කුමරු එවකට වීදියේ බණ්ඩාර සිටි පෑලෑඳ නුවරට පහර දී බිසෝ අදහසින් හා ඇගේ බාල දියනියත් අල්ලා ගෙන සීතාවකට කැ‍ටුව ආවේය. ඉන් පසු ඇය මත්ත්මගොඩ පදිංචියට ගියාය. මේ අවදියේදී ඇය වෙනත් අයෙකු හා නැවත විවාහ සිටින්නට ඇත.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (10)

සීතාවක සේනාව රාජසූරිය කුමරුගේ අකටයුතු බිසෝ අදහසින්ම දන්වා යැවූ පසු, කඳුරගස් කපොල්ලේ උන් මාන්නප්පෙරුම මොහොට්ටාලට පනිවිඬ යවා ගෙන්වා මෙයට සුදුසු පිලියමක් යොදන ලෙසට දන්වා සිටියාය. මාන්නන්ප්පෙරුම් මොහොට්ටාල රාජසූරිය කුමරුදොඩම්පේ ගනිතයාගේ දුව උන් වාඩියට රාත්‍රියේ ගිය පසු පහර දී කුමාරය මරන ලදී. ඉන් පසු සීතාවක රජ බවට පත්වූවේ බිසෝ අදහසින්ගේ පස් හැවරිදි කුමාරයාය. මේ කුඩා කුමාරයා රාජ්‍ය උරුමයේ තබා බිසෝ අදහසින් හා මාන්නප්පෙරුම මොහොට්ටාල රාජය පාලනය කල බව සිතා ගත හැකිය. මේ සිද්ධිය හා සසධන විට රාජසූරිය කුමාරයා මැරවීමට බිසෝ අදහසින් හා මාන්නප්පෙරුම මොහොට්ටාල කුමන්ත්‍රනයක් කල බව සැලකීම වඩාත් යුත්ති සහගතය. මේ කුමාරයාගේ නම හෝ පියා හෝ ගැන යමක් රාජාවලියේ සදහන් නොවේ. මේ සිද්ධිය කූ‍තෝ ක්වේරෝස් යන දෙදෙනා ගේම වාර්ථාවල දැක්වේ. එහෙත් නම සදහන් වන්නේ ක්වේරෝස් ගේ වාර්ථාවේ පමනී. ක්වේරෝස් මේ කුමාරයාගේ නම “නිකපිටිය අදහසින්” ලෙස වාර්ථා කරයි. අද හසින් යනු කුමාරයා කුමාරිය යන දෙකටම භාවිතාකල පොදු වචනයක් වූවෙන් ඔහුගේ නම නිකපිටිය කුමාරයා, නිකපිටිය බණ්ඩාර විය.
බිසෝ අදහසින් හා මාන්නප්පෙරුමමොහොට්ටාලගේ කුමන්ත්‍රනය මෙතැනින් කෙරවල නොවීය. රාජ්‍ය නිලධරයෝ ඔහු කෙරෙහි විරුද්ධ වූහ. උපහාසාත්මක කවි පද බැඳ සීතවක වීදි වල මහ ජනයා ලවා කියවූහ. මෙයින් මහජනයාට මුහුන දීමට නොහැකි වූ මොහොට්ටාල මොරවත්තට ගොස් සිටියහ. බිසෝ අදහසින් පනිවිඬයක් යවා නැවතත් සීතාවකට ගෙන්වා ගත් මනම්පේරි මොහොට්ටාලට පෙර සේම උපහාසාත්මක ගායනා වලට මුහුන දිමට සිදුවූ නිසා තද බල ලෙස කනස්සල්ලට පත්විය. සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධයත්, අපහාසත් විඳ දරාගත් නොහැකි වූ මාන්නන්ප්පෙරුම මොහොට්ටාලගිරාඉඹුලේ කො‍ටුඅට ගොස් අඟුලග නැගී රහසේම කඩුදෙවොල රග්ගහ වහ්තට පැමින එතැනින් කොළඹට වෙස්වලාගෙන ගොස් ධර්මපාල රජු හමුවිය. ධර්මපල රජුද “ජයවීර බණ්ඩාර” යන පටබැඳි නාමය දී තමාගේ සේනාවට සම්බන්ද කර ගත්හ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (11)

ධර්මපාල රජුට හා පෘතුගීසීන්ට සීතාවක යටත් කර ගැනීමට බලවත් ආශාවක් තිබුනත් එයට එකම බාදාව වූවේ එකවන රාජසිංහ රජුගේ හා මන්නප්පෙරුම මොහොට්ටිගේ යුධ උපංක්‍රමයන්ය. රාජසිංහ රජු නැති නිසා මාන්නප්පෙරුම මොහොට්ටාල තම පක්ෂයට පත්ව ඇති නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ ධර්මපාල රජු කොට්ටේ හා ප්‍රතිකාල් සේනව සමග ජයවීර බණ්ඩාරගේ නායකතයෙන් යුතු හමුදාවක් සීතාවකට එවීය. මාස තුනක් පමන සුළු කාලයකදී සීතාවක ආක්‍රමනය කල හමුදාව ගෝනියක සැගවී ඇතින්නක පිට නැගී පලා ගිය බිසෝ අදහසින් දෙනවකගේ අල්ලාගෙන සීතාවක ගෙන ආවේය. බිසෝ අදහසින් මෙහිදී මරනයට පත් වූ අතර කුමාරයා පෘතුගීසී හමුදාව බාරයට පත්විය. ඉන්පසු සීතාව රාජ්‍යය ධර්මපාල රජුගේ බලයට යටත් විය.
පස් හැවැරිඳි වයසේ සිටි නිකපිටිය බණ්ඩාර නම් මේ කුමාරයා පෘතුගීසීන්ගේ භාරයට පත්වූ බව රාජාවලි කතෲ ස්ථිරවම කියයි. කොළඹ කො‍ටුවට ගෙන ගිය නිකපිටිය බණ්ඩාර පෘතුගාලයට යවනු ලැබීය. ක්‍රි.ව. 1608 දී පෘතුගාලයේ කොයින්බ්‍රා නගරයේදී මේ කුමාරයා කළුරිය කලේය. ක්‍රි.ව 1521 දී ප්‍රාදේශීය රාජයයල් වශයෙන් ආරම්භ වූ සීතාව්කා රාජ්‍යය වර්ෂ 71ක් පමන කාලයකදී ප්‍රබල රජයයක් බවට පත්විය. ක්‍රි.ව. 1557 දී කෝට්ටේ ධර්ර්මපාල රජ තුමාකිතු සමය වැලඳ ගැනීම නිසා එකම ප්‍රබල රජ්‍ය සීතාවක බවට පත්විය. දලඳා වහන්සේගේ අයිතිය සීතාවකට අයත් වීම නිසා ලාංකා රජ්‍යයේ උරුමය සීතාවකට හිමිවිය. එකවන රාජසිංහ රජුගේ රණ ශූරත්වයත් යුධ උපංක්‍රමත් නිසා උතුරේ හා බටහිර වෙරලේ ඉතා සුළු කොටසක් හැර මුළු දිවයිනෙ ප්‍රාධන රාජ්‍ය බවට පත්වීමට හැකිවිය. එසේම රාජසිංහ රජුගේ මරණයෙන් පසු තුන් අවුරුද්දක් පමන වූ සුලු කාලයකදී එහි සම්පූර්න පරිහනියද සිදුවිය.
එක්වන රාජසිංහ රජු නිර්භීත රණ ශූරයෙක්ද, අපකීර්තිමත් පුද්ගලයෙක්ද වූයේ අවුරුදු දොලහේ කාලයේ සිට වර්ධනය වූ රාජසිංහ රජුගේ ‍ටුද්ධ දක්ශතාවය පැලැඳ නුවරින් හා මුඩකොන්ඩ පොල නුවරින් වීදියේ බන්ඩර පලවා හැරීම, 1561 දී මුල්ලේරියා සටනින් පෘතුගීසීන් පරාජය කිරීම , 1564- 1579 , 1580 යන වර්ෂවලදී කොළඹ කො‍ටුව වටලෑම යන සටන් වලදී වඩාත් ප්‍රසිද්ධියට පත්විය. ලංකවේ පමනක් නොව යුරෝපයේද ඔහුගේ දක්ශතාවය පැතිර ගියේය. ඔහු වහා කිපෙන සුළු පුද්ගලයෙක් විය. කෝපාවිෂ්ඨ වූ විට නීතියක් හෝ යුත්තියක් නොසැලකුවේය. සිව සමය වැලඳ ගත්තේය. වීර සුන්දර බණ්ඩාර උපයෙන් මැරවීය. කුඩා කල සිට තමා හා එකට සටන් කල වික්‍රමසිංහ මුදලි වස දෙවා මැරුවේය. ප්‍රීතූ ඝාතක නමක්ද පට බැඳුනි.මේ නිසා එක්වන රාජසිංහ රජු අපකීර්තිමත් පුද්ගලයෙක්ද විය. එම නිසාම පලවා හැර සිරිලක එක්සේසත් කිරීමට ඔහු තුල තිබූ උතුම් අදහස මල්පල ගැන්වීමට අවස්ථාව නැතිවී ගියේය. සීතාවක රාජ්‍යය අවුරුදු 70කින් පමන අවසන් වීම නිසා එහි තොරතුරු විමසා බැලීමට තරම් ප්‍රමනවත් නටඹුන් ගොඩ නැගිලි සංක්‍යාවක් නැත. ලිපි ලේඛන, ශීලා ලේඛන නැත. ප්‍රමානවත් සාහිත්‍ය කෘතීන් නැත. සීතාවක රාජධානිය තුල ක්‍රමානුකූල පුරාවිද්‍යත්මක කැනීම් තවම කර නැත.ඒ නිසා ජනශෘතියේ නොනැනසී පවත්නා යම් යම් ඉස්ථාන හා සිද්ධීන් විමසා බැලීමෙන් රාජාවලිය වැනි පොත් පත් වලින්ද යුරෝපීය ලේඛක යන්ගේ වාර්ථාවලින්ද සොයා ගත හැකි තොරතුරු ‍රැසක් මතුකර ගත හැකිය.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

ඔබ විසල් පුරයක පුරවැසියෙකු වී හමාරය…

සමහර විටක ඔබ අන්තර්ජාලය මතට පිවිසෙන්නේ දවසේ පුවත් කිහිපයක් කියවා ගන්නට නැතිනම් ෆේස්බුක් වෙතට ගොඩවී හිතවතෙකු හිතවතියක හමුවන්නට පමනක් විය හැක.ලොව පුරා විසිරුනු සර්වරයන් විශාල ප්‍රමානයක ඔබගේ දෛනික මෙන්ම වෘතිමය ජීවිතය සරසාලන්නට බලාපොරොත්තුවෙන් වන අපමනක් කරුනු කාරනා ඔබ එනතෙක් බලාසිටින බව ඔබ නොදන්නවාද විය හැක.සමාන්‍ය සමාජයේදී වන්නාක් මෙන් ‍රැවටිලි කාරයන් නැතිනම් සමාජ දූෂකයින් එහිද වන බැවින් ඔවුනට විවර වීමට ඇති බියෙන් ඒ අපමනක් වටිනා අවකාශය මගහැර සිටින්න තීර්නය කර සිටිනවාද විය හැකියි.
ඔබ නොදැන සිටියද ඔබ විසල් පුරයක පුරවැසියෙකු වී හමාරය. ගැබුරු සයුරට අහස සිබින ගිරිදුර්ග වලින් තව දුරටත් සීමා නොවන විසල් අවකාශයක පුරවැසියෙකි. කාලය හා දුර යන සාදක මත පාලනය නොවන අපූර්ව පුරයක වැසියෙකි. අතිශය පූජනීය දෑ මතද වසුරු සලන මිනිසුන්ගෙන් කවදාත් සමාජය සමන්විතය. එවන්නන්ට බියෙන් ඔබ සමාජයෙන් සැගව සිටින්නට නොහැකි බව දන්නා සේම මෙම විශල් අවකාශයෙන් සැගව සිටින්නට තැත් දැරීම මහත් විසුලු කාරනාවකි. තවමත් සැබෑ අනන්‍යතාවය අත්‍යාවශ්‍ය නොවීම කාරනාවක් කර ගනිමින් අඩු තරමින් ව්‍යාජ ප්‍රොෆයිලයකින් වත් එය දූෂනය නොකරන්නෙක් නම් සැගව සිටින්නට ඇති හැකියාව ඔස්සේ තවකෙකු තලා පෙලන්නට තැත් දරන ගෝත්‍රික මනසක් නොදරන්නෙක් නම් ඔබ එන තෙක් හෙට දිනයේ මේ අපුර්ව සමාජ අවකාශය බලා සිටින බව අමතක නොකරන්න.
– Pubudu Siriwansa

 

Posted in Tech | Leave a reply

“පරිගණක පුවත්” -e සඟරාවේ- පලමු පෙර කලපය – පැරනි නිකුතුවකි –

පසුවදන…..
අප තොරතුරු යුගයේ පුරවැසියන් වන්නෙමු. මිහිතල මත මිනිස් වර්ගයා පසු කල නෙක යුග අතර අපූරුතම යුගය එය යැයි උපකල්පනය කල හැකි තරමේ වර්නවත් බවත් මිනිස් ජීවිත වලට එය ගෙන විත් ඇත. බොහෝ විෂයන් මෙන් නොව කෙටි කාල පරාසයකදී වේගවත් වර්ධනයක් සමග එය තව තවත් මිනිස් ජීවිත වල විනිවිද යමින් ඇත.හෙට දිනයේදී එය හුදු වෙනම උපාංගයක සිට දෛනික ජීවිතයේ ස්පර්ශවන බොහෝ උපාංගවල මතුපිට තලයට එකතු වෙනු ඇත. කොල අතු කිහිපයකින් විලි වසා ගන්නට පුරුව සිටි මිනිසාට වියාගත් රෙදි කැබැල්ලකින් විලිවසාගන්නට සිදුවන විට දැනෙන්නට ඇති ආකාරයේ නුහුරක් සමහර විටකදී කෙනෙකුට දැනෙනවා විය හැක.
එය හුදු තාක්ශනයකි. භාවිතාකරන්නා එය යොදා ගන්නා ආකාරය අනූව එය තමන්ට දැනෙන ආකාරය තීර්නය වනවා ඇත. විටක එය ඔනෑවට වඩා තමන් නිරවරනය කරනාවා යැයි කෙනෙකුට දැනෙන්නට පුලුවන. තවත් විටක වඩාත් පහසුවෙන් අනෙකාගේ ජීවිතයට අනවසරයේන් එබී බලන්නට එය පහසුවක් ලෙස දැනෙනවා විය හැක.නොගැලපෙන ජීවීන් වඳවීම ස්වභාවයේ නීතියකි.ඉහත කී දෙකොටසම පෙර කී තොරතුරු යුගයේ රීතින්න්ට අනුගත වීම හෝ සමුගෙනයාම අනිවාර්යක් වනු ඇත.

වඩාත් සාර්ථක සටහන් පෙලක් සමග උදාවන සඳුදා දිනයේ අප හමු වෙමු!!!!

https://docs.google.com/file/d/0B3GVZV_G6GcvTXBLeVI0eFN2WUE/edit?usp=sharing

Posted in Tech | Leave a reply

පියාබන කාරය නිකුතුවට සූදානම්!!!!

2017-06-20 / 10.24 AM LK – හැකිලිය හැකි පියාපත් සහිත 105mph දක්වා වේගයක් දරන පියාඹන වාහනය £437,000 / $599,000 ක මිලකට ඔක්තෝබරය වන විට සූදානම් බවටයි නිවේදනය වෙන්නේ. නිෂ්පාදකයින් පවසන්නේ 3,500 metres උසකින් ධාවනයට සූදානම් මෙහි පුද්ගලයින් දෙදෙනෙකුට ගමන් ගත හැකි බවයි. Netherlands මූලික සමාගමක නිර්මාණය වන මෙම වාහනය එහි පලමු හිමිකරුවන් වෙතට 2018 අවසානයේ භාරදීමට සූදානම් බවටයි නිවේදනය වෙන්නේ. AFP නම් එම නිෂ්පාදනය ආයතනය පවසන්නේ වසර 100ක් පුරාවට පැවති මිනිස් සිහිනයක් වෙතට සාර්ථකව පිවිසෙන්නට තමන් සමත්ව ඇති බව වබ අතර 2019 වසරේදි මෙම ආකාරයේ වාහන 50-100 අතර ප්‍රමානයක් නිකුත්කරන්නට සූදනම් බවත් 2020දී තරමක නිෂ්පාදන නිකුතුවකට සූදානම් වෙමින් සිටින බවකි. මෙම පලමු නිකුතුව වන Pal-V Liberty වලින් පසුව තරමක මිල අඩු Pal-V Liberty Sport සංස්කරනය £262,000 / $335,000 ක මිලකට සැලසුම් වෙමින් ඇති බවටත් පවසා සිටිනවා.

Posted in Tech | Leave a reply

Android 2.1 හා පහල සංස්කරන සදහා “Android Market app” සහය අවසන්

2017-06-21 / 6.07 AM – Google පවසන්නේ තමන් Android 2.1 හා ඉන් පෙර සංස්කරන වෙතට Android Market app සහය දැක්වීම මෙම 30 දායින් අවසන් කරන්නට තීර්නය කර ඇති බවකි. තාක්ෂනික හේතුන් මත ගැනෙන මෙම තීර්නයට දැනට මෙම සංස්කරනය භාවිතාකරන්නන් ඉතා සුලු ප්‍රමානයක් එනම් 0.1% කට අඩු ප්‍රමානයකට බලපනු ඇති බවයි. Cupcake නැතිනම් Donut වැනි සංස්කරන කෙරෙහිද මෙම තත්වය බලපානු ඇති අතර 2.3.x Gingerbread නැතිනම් 3.x Honeycomb වැනි මීට පසු සංස්කරන වෙතට Google සහය දැනමත් අත්හැර ඇතත් Play Store වෙතින් ඇප් ලබා ගැන්නට හැකිව තිබේ.

Posted in Tech | Leave a reply

You Tube වෙතට මාසික පැමිනීම බිලියන 1.5 ඉක්මවයි….

ජනංප්‍රියතම වීඩියෝ අඩවිය වන You Tube පිලිබඳව අදහස් දක්වන Susan Wojcicki පවසන්නේ මේ වන විට Mobile අකාරයට පමනක් වුවත් මාසිකව බිලියන 1.5 පමන භාවිතා කරන්නන් පිරිසක් දැනට සිටින බවයි. දෛනිකව සැලකිමේදී හෝරාවකට වඩා තම අඩවියේ ‍රැදෙන්නට මෙම භාවිතාකරන්නන් පෙලබෙමින් ඇති බවත් ප්‍රකශ වෙනවා. සංක්‍යාත්මකව සැලකීමේදී ලොවපුරා වෙසෙන්නන්ගෙන් පස්දෙනෙක්ගෙන් එක් අයෙක් තමන් වෙතට පැමිනෙන බවටයි මෙම සංක්‍යා හෙලිකෙරෙන්නේ. වැඩි දුරටත් කියවෙන්නේ තම app හා desktop සංස්කරනයන්ගේ වැඩි දියුනු කිරීම් රාශියක් සිදුවෙමින් පවතින බවයි. නරබන තිරයේ ස්වභාවය අනූව නම්‍ය ක්‍රියාකාරීත්වය ඉදිරියේ වඩාත් දියුනු වෙමින් තිබෙන බවටත් මෙහිදී පැහැදිලි කරමින් සිටිනවා. එසේම නව format එකක් ලෙසට VR180 සම්බන්ද කැමරා දියුනු කිරීමටද කටයුතු සිදුවෙමින් තිබෙනවා.

Posted in Tech | Leave a reply

ආරක්ෂාව පතා රංවල දෙවියන්ට කෙරෙන ආයචනයයි ඒ….

සීතාවක පහල ප්‍රදේශයේ කැළණි ගඟ දෙපස රන්වල දෙවියන් පිදීමද ප්‍රචලිතය. ප්‍රදේශයේ කාටත් හිතවාදීව ජීවත් වූ මෙහු මියයාමෙන් පසු දේවත්වයෙ පිදුම් ලබයි. කොළඹ අවිස්සවෙල්ල මහ මග හිඟුරල අඹ ගස ලග මේ දෙවියන් වෙනු වෙන් පඬුරු ඔප්පු කෙරේ. ගඟ දෙපස මිනිසුන් දෙවියන්ට උපහර වශයෙන් පුහුල් පහන් දල්වති. විශේෂයෙන් ගඟ දිගේ ලී පහුරු ගෙන යන අයට මේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන බව විස්වාස කෙරේ. කෑගල්ලේ රංවල ධාන්‍ය ගබඩාවක් රකිමින් සිටි අස්වන් රාලහි රන්කිරිරාල දෙවන රාජසිංහ රජුගේ උදහසට ලක්වූවෙන් පැන විත් කැළණි ගඟ දිගේ පහලට පහුරු දෙකක් පැදගෙන ගියහ. දංගල්ල හරියේදී ගඟ වැල්ලේ සිටි සූරූපියක් දැක ඇය හා හාද වී අස්වන්රාල පවුල් දිවිය ඇරබීය. රන්කිරිරාල නොනවතී පහලටම ගියේය. ගමේ අය හා හොඳින් හිතවත් වූ අස්වන් රාලට හිඟුරල ප්‍රදේශයේ වාස භූමිය විය. දැහැමි අස්වන්රාල මියගිය පසු දේවත්වයට පත්විය. රණවල දෙවියන්ගේ අවතාරය හිසේතලප්පාවක් බැඳ සුදු ඇද ගත් ආරෝහ පරිනාහ පුද්ගලයෙකි. අගුලකින් ගඟ පහලට යන මේ අවතාරය ඇතැම් අය දැක ඇතැයි ගැමියෝ කියති. රන්වල පෙදෙසේ නයි ගලත් කපුගොඩ පල්ලිය වත්ත තො‍ටුපොලත් මල්වානේ රාසපාන තො‍ටුපලත් දෙවියන්ගේ ඇල්ම බැල්ම වැඩි තැන්ය.
” කැළණි ගංගාවට, රංවං අඟුලට , ලෙනවර රජ මහ විහාරයට, නයිගල වලට, පල්ලිය වත්ත තො‍ටුපලට රස්ස පාන ගලට අරක්ගෙන වැඩ වදාරනවා සත්‍ය වාදී නම්, හිඟුරල අඹ ගසට දිවැස්ලා කැළණි දෙගම්බඩ කෙත්වතු බව භෝග ආරක්ෂා කරත්වා සත්තවාදී සැබෑ නම් රංවල දෙවිහාමුදුවන් වහන්සේ මේ නර පනුවන් නමින් ධන ධාන්‍ය කැවිලි පෙවිලි පුද පඬුරු භාරගෙන දුක් කරදරයක් අතුරු ආන්තරාවක් නැතිව කරන ගොවිතැන් දිවුනු පමුනු කර ‍රැක දෙන්නට ඔබ වහන්සේ වරම් දෙන්නට අවසර.” ආරක්ෂාව පතා රංවල දෙවියන්ට කෙරෙන ආයචනයයි ඒ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

බලියාග, තොවිල් ආදිය බෞද්ධ මුහුනුවරකින් කිරීමට…..

බලියාග, තොවිල් ආදිය බෞද්ධ මුහුනුවරකින් කිරීමට තොටගමුවේ හිමිත් වීදාගම හිමිත් උපදෙස් දුන්හ. අසු ගැබ, දිය කොරහ, මහ නිලඟරාස්සය, දශා ක්‍රෝධය, විස්කම් බලිය, සෙනසුරු ඒරාෂ්ටකය ආදී බලියාග පවත්වා අවසන ආඝෝර නවනාථ, සංජීවනී, මෝර්තුංජය වැනි යන්ත්‍ර පැලඳීම මෑතක් වන තුරුම මේ සමාජයේ මුල් බැසගෙන තිබුනි. ජෝතියරත්න ගනිත දොඩම්පේ ගනිත ආදීහු එදා රජුත් ඇසුරුකල නැකැත්ද දතුවෝය. මේ යන්ත්‍ර මන්ත්‍ර විධි කෙරෙහි මහායාන බල පෑම ඇති සේ පෙනේ. වානිජ සමාජ ක්‍රමය මගින් පැරණි ග්‍රාමීය සමාජ ක්‍රමයේ ජිවන සුවඳ මැකී යමින් පවතී. මිනිසුනට අපලකල යකුන් අතර රීරියකා(ලේ) මහසෝනා(සෙම) හා කළු යකා (වාතය) මුල් තැන ගනී. ඔවුන් සතු‍ටු කර සෙත සැලසීම සදහා තොවිල් කිරිනි. දෙවියන් සතු‍ටු කිරීමට ගම්මඩු, දෙවොල් මඬු, දානේ මඬු, පහන් මඬු, පුනා මඩු ආදිය නැටූහ. කිහි‍රැලි උපුල් වන්, සමන් බොක්සැල්, විභීෂණ කන්ඳ කුමාර ශ්‍රී ලංකාව භාර ප්‍රධාන දෙවි වරුන්ය. ගම්භාර සූනියම් දේවතාවන් ප්‍රදේශයේ තවමත් පිදෙන දෙවියෙකි. නවගමුව වැනි හැම දෙවොල් බිමක්ම වාගේ එකම දෙවියෙකු සදහා පමනක් නොව ප්‍රධාන දෙවිවරුන් හැම දෙන සදහාම කැපවී ඇත.
අ‍ටුළුගමට නුදුරු දේවාල කන්දේ මංගෙදර පැරණි පත්තිනි දෙවොලක් විය. ක්‍රි.ව. 1582 දී එය කබුළුමුල්ලේ අද පවත්නා ස්ථානයට ගෙන ගියේ රාජසිංහ එකවන රජුගේ උපදෙස් ඇතිවය. මැදගොඩ පත්තිනි දේවාලයද මේ අවධියේම නැවත ආරම්භ වූවකි. රජතුමා ගගදිගේ දේව අඟුලෙන් පෙතන්ගොඩට යමින් සිටියේය. මැදගොඩ පැරණි දෙවොල් බිම අසල දී අඟුල ඉබේම නැවතුනි. අඟුල පදිමින් සිටි මාලමීගොල්ල නැමැත්තා දියට බැස බෑලූ නමුත් කිසිම හේතුවක් නොපෙනුනි. මේ දේව හාස්කමක් හැටියට සැලකූ රජතුමා තව දුරටත් විඅම්සා බලන විට පත්තිනි දෙවොල සොයාගන්නට හැකිව ඇත. දේවාලය යලි ගොඩ නගන්නට තීරනය කල විට අඟුල ඉබේම ගග ඉහලට ගමන් කොට මාදෙයියා ගල නම් ගල මත නැවතුනි. ඊට පසුව සතිටට පත් රජතුමා මැදගොඩ පත්තිනි දේවාලය අළුතින් කරවූ බව කියවේ.
ගනේගොඩ දෙවියන්ද සීතාවක පෙදෙස් තෙද බල පාන අයෙකි. මේ අනෙකෙකු නොව සීතාවක රාජසිංහ රජතුමාය. භික්ෂූන් (ගණයන්) බෙලි කපා ගොඩ කල බැවින් ගනේගොඩ වී ඇත. මැදගොඩ, කබුළුමුල්ල පත්තිනි දේවාල වල පූජා පැවත්වීමේදී සිද්ධ ගනේගොඩ දෙවිහාමුදුරුවනට මුල්තැන ලැබේ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

තල්දූව දූපත්වලින් සෑදුනු ගමකි…

තල්දූව දූපත්වලින් සෑදුනු ගමකි. ගැටහැති ඔයත් සීතාවක නදියත් එකවන මේ පෙදෙස නිතර ගංවතුරට යටවේ. සීතාවක නඳියට වඩා ප්‍රබලව ගැටහැති ඔය ගෑලූ ඈත අවදියක ගැටහැති ඔයේ ගෙන ආ මැනික් ඉල්ලම්ස් සහිත අවසාධිත තැන්පත් වී පහල තල්දූවට මැණික් පහල වන්නට ඇත. ගුරුපස්ගොඩට ඉහලදී සීතාවක නඳිය දෙපස මැණික් ඉල්ලම් නැත. එසේ නම් ගැටහැති ඔය ඈත අවදියකදී කෝවිල් බිමද පසුකොට උතුරුට ගලාවිත් ගුරුපස්ගොඩ හරියේදී හැරී තල්දූවේ උස්බිම් වටකරමින් ගලා යන්නට ඇතැයි සිතමි.
තල්ශූවේ පිහිටි දූපත් කවරේදැයි විමසා බලමු. භෛරව කෝවිළ පිහිටි බිම එකකි. අද සෝමාරාමය පවතින බිමත් මළුව පිටවත්තත් තවත් දූපතකි. ගණ පංතියද මීගහගොඩැල්ලද දූපත්ය. තල්දූව නගරය පිහි‍ටුයේ අංගම්පිටිය ගොඩ වත්තේයය. එද යුධ සරඹ දැක්වූයේ මෙහිවිය හැකිය. පැරණි මුස්ලිම් වෛද්‍ය පරම්පරවේ ඉඩමද ගොඩවත්තකි. රාජසේකර දූවේගොඩ රණසිංහ මුදියන්සේ වූ මුස්ලිම් වෛද්‍ය පරපුරට අයත් දූවේගොඩ වත්ත මිස අන්තැනක් නොවේ. තල්දූවෙන් ඇපලපිටිය ගුරුගල්ල පාර ආශ්‍රිතව ගොස් යාලේගම නාපාවල, කපුවැල්ල, දයිගල හරහා රුවන්වැල්ලට පැරණි මාවත වැටී තිබුනි. තල්දූව වෙළඳ පොලට වම් පසින් ගණ පංතියේ එදා භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නට ඇත. තැපැල් කාර්යාලය අසල වලැවත්ත ප්‍රභූවරයෙකුගේ වලව්වක් තිබුනු බිමයි. මුස්ලිම් පල්ලිය පිහිටි බිම කුස්සිය මුල්ල වත්තයි.
තල්දූව පසුකර මද දුරක් ගියවිට දකුනු පස පෙදෙස කිරිඅම්මල කන්දයි. වම් පසින් ගොලෑබොක්කයි. වීරසුන්දර බණ්ඩාරට වලගම වට්ටාරම දෙන ව්‍යාජයෙන් සීතාවකට ගෙන්වා ගොලෑබොක්කේ බොරුවලක දමා මැරවූ බව ජනවහරයි. තව ටික දුරක් යන විට වැලිවිටියයි. උඩරටින් පැරදී ආපසු එන රාජසිංහ රජුට පෙතන්ගොඩ උයනේදී උණ ක‍ටුවක් ඇනී අසාධ්‍ය විය. කරවනැල්ල හරහා සීතාවකට එන විට කරවනැල්ලේදී කොරවුනු බව කියවේ. (රජු කොරවුනු ඇල්ල) කරව නැල්ල වූබව් අගමියෝ කියති. ආපසු කැළණි ගඟ දිගේම පහල අඟුලෙන් විත් යලි සීතාවක නඳිය දිගේ ඉහල එමින් සිටියදී කිකිලි බිත්තර වැල්ලේදී රජු මියගියේය. ගඟේ සිට ඇලමගක් දිගේ අඟුල පිටින්ම රාජදේහය පාකර ගෙන විත් දෝනාවක් තුලට දමා අවසන් කටයුතු කල බව ගැමියන්ගේ විශ්වාසයයි. මේ සොහොන් බිම අදද වැලිවිටිය හරියේ හොයා ගෙන ඇත. රාදේහයට අත තැබීමට සුදුසු රාජකීයයෙකු නොසිටියෙන් මෙසේ අප්‍රසිද්ධව අවසන් කටයුතු නිමකල බව කියැවේ.
ආඬිගුරුවරුන් ගඟ හරස් කර පස්ගොඩ ගුරුපස් ගොඩ විය හැකිය. මේ හරියේ ගඟට සමාන්තරව ගොඩ කල වැටියක ලක්ෂන ගං ඉවුර දිගේ පෙනේ. ගංවතුර ගැලූ විට ගග මෙතැනින් හැරී ගැටහැතිඔයේ එන ජලයත් සමග තල්දූව නගරය මැදින් ගොස් ගොලෑබොක්කේදී නැවත ගගට එක්වෙයි. මෙසේ අවිස්සවෙල්ල, මානියම්ගම , තල්දූව , මාදොල යන ගම් එදා සීතාවක නගරයට ඇතුලත්ව තිබුනු බව පැහැදිලි වේ. තැලුම්පිටිය දිවුරුම්පිටිය වැනි ගම්වලදී වැරදිකරුවනට දඩුවම් පැමින වූ බවද විශ්වාස කෙරේ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply