Monthly Archives: August 2017

නගරයේ ගොඩනැගිලි පුරා යන විඳුලි සෝපානය….

ජර්මානු ආයතනයක් පවසන්නේ නගරය පුරා විසිරී ඇති ගොඩනැගිලි අතරින් ගමන් කරමින් ඒවායේ නෙක කටයුතු සදහා භාවිතාකරන්නන් සදහා අඩු බල වැයකින් ගමන් පහසුව සැලසිය හැකි විදුලි සෝපාන වල පැමිනීමකට තමන් කටයුතු කරමින් සිටින බවකි. Thyssenkrupp නම් ආයතනයක් මෙසේ යෝජන කරමින් පැහැදිලි කරන්නේ දැනට භාවිතාවන වසර 160ක් පමන පැරනි ඉහල පහල පමනක් ගමන් කරන elevator system වෙනු වට මෙම MULTI system ඔස්සේ linear motor technology ආකරයට magnetic levitation trains ස්වභාවයේ භාවිතාවක් ගෙනෙනු ඇති බවකි. මෙම ශතවර්ෂය අවසන් වන විට ලොව ජන ගහනයෙන් 70% පමන නාගරික උස ගොඩ නැගිලි කරා සංක්‍රමනය වීමත් සමග මෙවෑනි භාවිතාවක් අත්‍යාවශ්‍ය වනු ඇති බවයි. දැනට භාවිතාවන 300 Kg වෙනුවට 50Kg බරකින් වන සැහැල්ලු නිමැවුම අඩු බල වැයකින් කාර්යක්ෂමව නගර වැසියන් ව උස් ගොඩ නැගිලි අතරවන ගමනා ගමනයට සහය වනු ඇති බවටයි බලා පොරොත්තුව වන්නේ.

ඉක්බිතිව අප බුද්ධියේ ‍තෝතැන්නට පිවිසුනෙමු (දත්ත මිනිසා)……..

තවත් මද වෙලාවක්ගත වෙන විට අප විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ ප්‍රධාන පිවිසුමවෙත ලගා විනි.අප බස් රථයේ වූ සහය නිලධාරිනිය දන්වා සිටියේ බීටව පැලද ගන්නා ලෙසත් බීටාව විසින් ලබා දෙන ශ්‍රව්‍ය උපදෙස් කෙරෙහි නිතරම අවධානයෙන් සිටින ලෙසත් අවට පරිසරයේ වන යම් යම් දැ විසින් බීටාව සමග එක්ව ලබ දෙන උපදෙස් පිලිබදවද කල්පනාකාරී වන ලෙසත්ය. අවසානයේ බස් රථයේ ප්‍රධානදොර‍ටුව අසලදී සියල්ලන්ටම සුබපතුම් පතමින් ඇය අපගෙන් සමුගත්තාය.
ජීවිතයේ ප්‍රථම වරට නිදහස් බුද්ධි අවකාශයේ දොරකඩට පැමින සිටින්නෙමි. සිත මහත් සතුටින් පිරී යන්නාසේ හැගන්නට විය. පාසැල්වියේදී බිද්ධි පරිනාමය විෂය යටතේ හැදැරූ දශක කිහිපයකට පෙර උසස් අධ්‍යපනය යනු ආඩම්බරය සදහා , උසස් ‍රැකියාවක් සදහා , කැපී පෙනීම සදහා වැනි ප්‍රාථමික කාරනා සදහා විනැයි කාරනය හදිස්සියේ මතක්වීමෙන් සිත තුල මද කනගා‍ටුවක් ඇතිවූයේ එවැනි දීර්ග කාලයක් පෘතුවි තලය මත බුද්ධි ගමන අවගමනය නොවුනේනම් මේ වන විට මිනිස් වර්ගයා මීට වඩා තෙගුනයක පමන ඉදිරියකින් සිටින්නට හැකිවනු ඇති බවට ඊලග පරිච්චේදය තුල විස්තරකර තිබූ බැවිනි. බස් රථ දොර‍ටුවෙන් බසිනවාත් සමග අමතර වෑයමනින් තොරව අප 50 කට ආසන්න පිරිස දෙදෙනා බැගින් වූ පෙලක ප්‍රධාන දොර‍ටුව දෙසට ගමන් කරන්නට වුනි.
මද කදුගැටයක් මත පිහිටි විශාල තැනිතලාවක් මත එය පිහිටා ඇත.සමාන්තර දුරකින් පිහිටි ඉම සලකුනු හැරෙන්නට වෙනත් කිසිදු බාදකයකින් එම භූමිය සෙසු ලෝකයෙන් වෙන්කර නොතිබුනාය. ඝන දැවයෙන් නිමකරන ලද ඉන්දියානු සාම්ප්‍රධායික තොරණකින් පිවිසුම් ස්ථානය පමනක් වෙන්කර දක්වා තිබිනි. එහි ඉහලින්ම මෙම ආයතනයේ නිලනාමයට යටින් භාවිත නාමය සදහන්ව තිබුනේ “බුද්ධියේ ‍තෝතැන්න” ලෙසය. එතැන් සිට මීටර සියයක් පමන වන තෙක් පිහිටා ඇත්තේ විශාල අර්ධ කවාකාර වීදුරු කුටියකි. පෙරකී පිවිසුම් දැව දොර‍ටුවත් එම වීදුරු කුටියත් අතර වන හිඩසෙහි දෙපසම පිහිටි විශාල දැන්වීම් පුවරුවල මෙසේ සටහන්ව තිබිනි.” ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. ඔබ පිවිසෙමින් සිටින්නේ පෘතුවි බුද්ධි ආකෘතියේ දෙවන තලයටයි.ඔබගේ පිවිසුම මෙවැනි උදාහරනයකින් පහදා දෙන්නට මම කැමැත්තෙමි.එනම් ඔබගේ පෘතුවි සංචාරය රසවත් කෑම වේලක් නම් හුදෙක් රසවිදින්නන්ගේ තත්වයේ සිට එහි “රෙසිපිය” හදාරන්නන්ගේ තත්වයට ඔබ පත්වෙමින් සිටී. කෙටි කලකින් “එය ” වඩාත් රසවත් හා ගුනවත් බව සදහා සංසෝදනය කරන්නෝ බවට ඔබලා පත්වීම මගේ ආදරනීය පැතුමයි. සැ.යු. ඔබේ ටිටාව නිවැරදිව පැලදගන්න. සම්පූර්නයෙන් සංක්‍රීයව තබා ගන්න. ස්තුතියි. මම ටීටා”
– Pubudu Siriwansa

තරු මිනිසා -පෙරවදනක්

“තරු මිනිසා” සටහන් වන්නේ කලබල කාරීත්වයෙන් බොහෝ ඈත ලෝකයේ කෙරවලක බඳු විසල් කදු වලල්ලකින් වටවුනු උස් කදු යායක නැගෙනහිර බෑවුමේ, දියුනු සමාජ දැනුමෙන් නම් කිසිදිනක පහදා ගත නොහැකි අපූරු ගතු පැවතුම් ඇති මිනිසුන්ගෙන් ගැවසගත් ගම්මානයට මායිම්ව පිහිටි මදක් හුරුපුරුදු දහම් මනසක් ඇත්තෙකුට හැර “මෝස්තරක් ලෙස හෝ සියලු විකල්ප අවසන් කල වෙන කලහැකි කිසිවක් නොමැති නිසා දහම් මනස සොයන” අයෙකුට නම් මුල් දින දෙක තුන ඉක්මවන විට ස්වංතීර්නය මතම මෙතනින් පලා යන්නට සිත්වන තරමේ සියුම් දහම් රිද්මයක් ගැවසගත් ආශ්‍රම භූමියක සිට බව සටහන් කල යුතුය.
මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි. මහා ධනවතුන් බුද්ධිමතුන් තමුන් වටකොටගෙන සිටි බොහෝ සැපසම්පත්යැයි අනුන් විස්වාසකරන ඒ නිසාම තමනුත් විස්වාසකරන්නට පුරුදුව සිටි බැදීම් ඇලීම් අත්හැර දැමීමයි. ආශ්‍රමයට එනවිට මහත් බරකින් අඩියතැබූ , බරපතල මුහුනු වරවල් කෙමෙන් වියකී, සරල බව සැහැල්ලුව ජීවිතවලට ඇතුලු වී ‍රැස්කරන ජීවිතයෙන් අත්හරින ජීවිතය තුල ලබන අපමනවු සැහැල්ලුව සහනය මනාව මෙහිදී දැකිය හැකියී.
මේ මනරම් පරිසරයේ සිට ගැබුරු ගුප්ත වනාන්තරය අභ්‍යන්තරයේ සැගවගත් බොහෝ දේ මට ඔබට කීමට හැකිවනු ඇත. යහපත් ගම් වාසීන්ගේ සිට ආශ්‍රමයේ වෙසෙන සිල් ඇත්තන් ගැන පමනක් නොව ඈත ගැබුරු වනගැහැබෙන් ඉදහිටක මෙහි එන උසස් සිල් ඇත්තන් ගැන පවා මට ඔබට සටහන් කල හැක. නගර මධ්‍යයේ පිහිටි දහම පැහැදිලි කරගන්නට උදව්වන ස්ථානවල සිට ලොකය පුරා පිහිටි විවිධ ආශ්‍රම වලට සපේක්ශව මෙහි සැගව ඇති අපූර්ව බොහෝ දේමට පැහැදිලි කල හැකිවනු ඇත. මට පැහැදිලි කල නොහැකි එකම දෙය නම් මම කවුද යන්න පමනි. මෙතැන ඇති අවටීනම කාරනාව එය යැයි මම සිතමි.  – Pubudu Siriwansa

කන්ද උඩරට බල ප්‍රදේශයට අයත්ව තිබුනු කඩ ඉම පසුකර ඉංග්‍රීසීන්ගේ පිලිසරන පතා අවිස්සාවේල්ලට පැමිනුනි.

ඇහැලේපොල ඉංග්‍රීසීන්ට එක් වෙයි. ඇහැලේ පොල සබරගමුවේ සිටින අවධියේදී ඉංග්‍රීසීන් සමග රහස් සසුන් පත් ගනු දෙනු කලේ එක්නැලිගොඩ මොහොට්ටාලගේ මාර්ගයෙනි. ඊට අමතරව දැනට රටේ මතුවෙමින් පවතින රාජය විරෝධී කැරළි වර්ධනය කිරීමට ඉංග්‍රීසී ආන්ඩුවේ සහයෝගය ලබා දෙන මෙන්ද ඔහු ජෝන් ඩොයිල්ගෙන් අයැදීය.
එම ඉල්ලීම ගැන සලකා බැලූ දුරදක්නා නුවනින් හෙබි ඩොයිලි මහ අධිකාරමගෙන් විමසා සිටියේ එසේ කලහොත් මහණුවර ජීවත්ව සිටින මහ අධිකාරම ගේ පවුල මුලුමනින්ම අත හැර දැමීමට හැකිදැයි යන්නයි. ඩොයිලි එසේ විමසුවේ ඔහුගේ අබුදරුවන්ට කිසියම් විපතක් වෙනු ඇතැයි යන්න සැලකිල්ලට ගනිමිනි. එහෙත් මහ අධිකරම එම වැදගත් ප්‍රෂ්නයට කිසිත් සැලකිල්ලක් නොදැක්වීය.
ඒ සමග රජුට එරෙහිව දරුනු කැ‍රැල්ලක් සබරගමු ප්‍රදේශය පුරා පැතිර ගියේය. පිලිමතලව්වේගේ අභාවයෙන් පසු රජු මදක් හෝ සිතට සහනයක් ලැබී තිබුනු නමුදු ඇහැලේ පොල මහ අධිකාරම නිසා නැවතත් තමා අදුරු අගාදයකට ඇද වැටෙන්නට යන වග රජුට වැටහින. ඔහතු කැරලි කරුවනුත් අත්වඩංගුවට ගෙන වහාම මනුවර ගෙන ඒමේ වගකීම පැවරුනේ මොල්ලිගොඩටය.
කලදු‍ටු කල වල ඉහ ගැනීමේ අවස්ථාවේ උදා කරගත් මොල්ලිගොඩ අධිකාරම විසින් සතර කෝරලයෙන් සේනාවක් ගෙන ගොස් ඉතා දරුනු අන්දමින් එම කැ‍රැල්ල මැඬ පැවත්වා කැරළි නායකයින් මහනුවරට ගෙන එන ලදී මේ අසරන වූ ඇහැලේපොල තම පනනල ‍රැක ගැනීමේ අදිටනින් ක්‍රි.ව. 1814 සැප්තැම්බර මස 24 වන දින කන්ද උඩරට බල ප්‍රදේශයට අයත්ව තිබුනු කඩ ඉම පසුකර ඉංග්‍රීසීන්ගේ පිලිසරන පතා අවිස්සාවේල්ලට පැමිනුනි. ජෝන්ඩොයිලි ඔහුමහත් හරසරින් පිලිගත්තේය. එහිදී ඔවූහු උඩරට රාජ්‍යයේ පවතින දේශපාලන තත්වය පිලිබඳව දෙපැයක් පමන සාකච්චා කලහ.
-පොත පත ඇසුරිනි

දෝන කැතරිනා

උඩරට පාලනය කල කරලියැද්දේ බංඩාරගේ දියනිය, ඇය රාජසිංහ රජු කන්ඳ උඩරට රාජධනිය ආක්‍රමනය කල අවස්ථාවේ තම පියා සමග තිරිකුනා මලයට පැමිනියහ. එතැනින් ඇයත් තම පියාත් ගෝවේ පෘතුගීසීන්ගේ ‍රැක වරනය පතා ඉන්දියාවට ගියහ. එහිදී ක්‍රිස්තියානි ආගම පිලිගත් ඇය කුල කාන්තාවක් වශයෙන් සැදී වැඩී පසුව දෝනකැතරිනා යන නමින් ප්‍රසිද්ධ විය. ඒ නම පෘතුගාලයේ ‍රැජිනගෙ නමයි. මීට කලින්ද පෘතුගීසීහු කන්ද උඩරට තමන්ට අවනත වූ පාලකයෙක් රජකරවීමට ප්‍රයත්නයක් ගත්හ. ඒ මෙසේය. කරලියැද්දේ බංඩාරට ඥාති පුත්‍රයෙකු වූ යමසිංහ බන්ඩාර මේ සදහා ඔවූහු තොරා ගත්හ. යම සිංහ බංඩාර ක්‍රිතියානිය වැලඳ ගෙන දොන් පිලිප් වශයෙන් හැඳින් වින. ඔහුද ගෝවේ පෘතුගීසීන් යටතේ සිටි කෙනෙකි. මේ තැනත්තා පෘතුගීසීන් විසින් සිංහල බටයන්ද කැටිව කන්ඳ උඩරට පාලනය කල නමුත් වැඩි කලක් යන්නට ප්‍රතම ඔහු මියගියේය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔහුගේම ආරක්ශක භටයෙකු වශයෙන් සිටි කොනොප්පු බංඩාර නැමති සිංහල වීර පුරුෂයෙක් පසුව කන්ද උඩරට බලය අල්ලාගෙන විමලධර්ම සූරිය නමින් රජ විය. බලපොරොත්තු නොවූ මේ සිද්ධියෙන් බලවත් කෝපයට පත් පෘතුගීසීහු ඔහු “කන්ද උඩරට ද්‍රෝහියා” වශයෙන් හැඳින් වූහ.
මේ “කන්ඳ උඩරට ද්‍රෝහියා” හෙවත් කොනප්පු බංඩාර ලංකා ඉතිහාසයේ වීරයින් අතර ගෞරවනීය තැනක් හිමිකරගත් අද්භූත පුද්ගලයෙකි. ඔහු කරලියැද්දේ බංඩාරගේ හිතවත්ම වීර පුරුෂයෙක් විය. රාජසිංහ රජු සමගද සටන් වැදුන වීර පුරුෂයෙකි. එහෙත් පසුව ඔහුද කරලියැද්දේ බංඩාරයන් සමග ගෝවේ නුවර ගොස් පෘතුගීසීන් සමග කලක් ජීවත් විය. එහිදී ඔහු යුධ ශිල්පය හොඳින් ඉගන ගති. හැඩි දැඩි දේහයකින් යුතු වූ නිසා ශරීර ශක්තියෙන්ද අසම සම විය. වරෙක් අති දක්ෂ පෘතුගීසි විරුවෙක් සමග ද්වන්ද සටනකින් ජය ගෙන පෘතුගීසීන් ගේ ගෞරවයට භාජනය වී “දොන් ජෝන් ඔෆ් ඔසිට්‍රියා” යන නම්බුනාමය ද ලබ සිටියේය.
-පොත පත ඇසුරිනි