Back to Top

Monthly Archives: March 2019

Deraniyagala

දැරණියගල ප්‍රදේශය සදහා අතීතයේදී නම් කිහිපයකින් හැඳින්වූ බවට තොරතුරුවේ. දරණේගල යන්න ලෙසට කඳු මැද ණුවර ලෙසටද එයින් පසුව අද ව්‍යහාර වන දැරණියගල යන්නත් භාවිතයට පත්ව ඇත. දරණුවක් ලෙසට දර්ශනය වන සේ පිහිටි අලංකාර කඳු වලල්ලක් මෙම නගරය වටා පිහිටා තිබීම හේතුවක් වන්නට ඇත. මෙම ගම මැදින් ගලා බස්නා සීතාවක නඳිය පෙර කාලයේ මාගල් ගඟ ලෙසටද පසුව සිතුවක ගඟ ලෙසටද නාම කරනය ව තිබූ බව පිලිගැනේ. අදද මෙම ගම්මානයට මහත් අලංකාරයක් දෙමින් එම ගඟ ගලා බසී. හිතුවක්කාරී බවක දක්වමින් ගලා බසින මෙම ගංඟාවේ රටාව පසුව “සිතුවක” ලෙසට නම් කෙරෙන්නට ඇත. අදටද සුළු කාලයකින් තම ස්වභාවය වෙනස් වන ජල කඳක් ‍රැගෙන ඒම මෙම ස්වභාවයයි. ඓතිහාසිකව සැලකීමේදී ශ්‍රී සුමන සමන් දේවාලයත්, පූරාණ විහාරයත්, ශ්‍රී සුමණාරාම විහාරස්ථානයත් මෙම ප්‍රදේශයේ ප්‍රධාන තැනක් ගනී.දේවන රාජසිංහ සමය දක්වා දිවෙන අතීතයක් මෙම ශ්‍රී සුමණ සමන් දේවාලයට වේ.

Deraniyagala.com

Posted in Deraniyagala, History |

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට…

දිගු සැදැවන් උදාවන කාලය පැමින ඇත. සක්මලුවට ඔබ්බෙන් පිහිටි කුඩා ගල් කුල මතටවී නැගෙන හිර අහස්කුස අදුරින් පිරීයන අයුරු බලා හිදීම අපූරු භවනාවක් වැනිය. කැදලි කරා පියාබා යන නෙක පක්ශීන් ගෙන් ගැවසගත් අහස්කුස ලෝකයේ ජීව චක්‍රය ගැන අපූරු උදාහරනයක් මෙනි. බැදීම් මොනතරම් විසිතුරු ලෙස සංස්කෘතිය විසින් සරසා ඇද්දැයි සිතන විට සිතතුල නැගෙන්නේ මහත්වූ පහන් සංවේගයකි. කදුයායවල් දෙක තුනකට ඔබ්බෙන්වන නගරය මේ මොහොතේ මොනතරම් කාර්යබහුලව ඇතිදැයි සිතේ.
වරක් ජර්මනියේදීහමුවු අපූරු තරුනියක් මතකයට නැගුනේ නිතැතිය.ඇය දර්ශනය ගැන කථිකාචාර්යවරියක් වූවාය. අගේ ප්‍රියතම විනෝදාංශයවූවේ ඇය සතුවූ කුඩා ගිටාරයත් ගෙන අප සේවය කල විශ්වවිද්‍යාලයේ පි‍ටු පසින්වූ කදු මුදුනතට නැග අදුර අපවසා ගන්නා තෙක් සියුම් ස්වර කාංඩයන් වැයීමයි. බොහෝ විට ඇය බි‍තෝවන් වැනි අපූරු නිර්මාන කරුවන්ගේ ස්වර කංඩ ‍තෝරාගන්නට කැමතිවූවාය. ” වෙලවකට මට හිතෙනවා වචන කියන්නේ සංගීතය දෙව්ලොව ඉදන් පොලවට ඇදදමන ‍රැහැනක් වගේද කියලා” කිහිපවරක්ම ඇය එසේ මුමුනනු මට ඇසී තිබිනි. කදු පාමුල පිහිටි මාවත් දිගේ අදුරට කලින් නිවෙස් කරා කලබලයෙන් ඇදෙන මිනිසුන් දෙස බල සිටින්නට ඇය මහත්සේ ප්‍රිය කලය. “වෙලාවකට මට හිතෙනවා මම නතර වෙලවත්දෝ කියලා” ඇය කිහිපවිටක්ම මගෙන් ප්‍රශ්නකලා මතකය.

  • Pubudu Siriwansa
    www.avissawella.com
Posted in Short Notes, Tharu Minisa |

ලෝකය පුරාවට දිගහැරුන මේ අපූරු නිදහස් අවකාශය…………

Wednesday, June 22, 2011
.. හොදයි, මට වැටහෙන විදිහට මම ඒක ගැන මෙහෙම පැහැදිලි කරන්නට උත්සාහා කරන්නම්. වෙබ් එක ඇතුලේ තවමත් ගැවසෙන්නන්ගේ අනන්‍යතාවය ගැන විශාල නිදහසක් ඉතිරිවෙලා තියනවා. අනිත් අතින් කිව්වොත් ඔබ වෙබ් එක ඇතුලේ කරන කියන වැරදි වලට ඔබේ සැබෑ සම්බන්දය සොයන්න තවමත් ලොකු වෙහෙසක් දරන්නට සිදුවෙන එක ඇතුලේ ඔබට නිදහස් ඉඩකඩක් ඉතිරිවෙලා තියනවා. ඔබ ඇතුලේ සැගවිලා ඉන්න පහත් මිනිසා මුදා හරින්නට ඔබ ප්‍රයෝජනයට ගන්නේ මෙම ඉඩ කඩයි. හැබැයි අමතක කරන්න එපා සිදුවීමෙන් සිදුවීමට නිතීය සුරකින්නන්ට සිදුවෙනවා මේ ඉඩකඩ අහුරලා දන්නට.මේ සිදුවීම ගැන මගේ සිතේ ඇදෙන චිත්‍රය පැහැදිලි කලොත්, හරියට බොහොම ප්‍රාතමික මිනිස් ඉතිහාසයේදී අයෙකුට වනාන්තරයතුල නිදහසේ සරන්නට ඉඩ ලැබුනා වගේ.සීමා මායිම් වලින් තොරව.ක්‍රමයෙන් ගෝත්‍ර හරි මොනවාහරි කන්ඩායම් වෙන්නට පටන් ගන්නවාට සමාන්තරවම මේ නිදහසත් අහිමි වෙනවා. හැබැයි දැන් අපි ජීවත් වෙන්නේ දියුනු සමාජයක.ලෝකය පුරාවට දිගහැරුන මේ අපූරු නිදහස් අවකාශය දූෂනය කරන්නන් තමයි වගකියන්න ඔනේ ක්‍රමයෙන් මේක තුල ඉදිවෙන වැට කඩොලු තුලින් අර සොදුරු අවකාශය සීමා වීමට…….

  • Pubudu Siriwansa
Posted in Digital life styles |

දෙවන රාජසිංහ රජතුමන් හට… Deraniyagala

දෙවන රාජසිංහ රජතුමන් හට අපූරු සිහිනයක් පෙනිනි. සුදු හැඳ ගත් සෞම්‍ය වූ අසිරිමත් තැනැත්තෙකු පැමින හොරගස කඩා වැටී ඇති හරස් මග ස්ථානයේ රමණීය කඳු මුදුනක් පෙනෙන්නට සැල්ස්විමයි. පපුදාම ක්‍රියාත්මක වූ රජතුමා දෛවඥයින් කැඳවා විමසීමේදී පැහැදිලි කර සිටින ලද්දේ අන් කවරෙකු නොව මතු ලොව්තුරා බුදු බව පතන උතුම් ශ්‍රී සුමණ සමන් දිව්‍ය රාජයා බවත් පෝන්වා දුන් සුදුසු ස්ථානයේදී උන්වහන්සේ සදහා මනරම් වූ දේවාලයක් තන්වා දීම අවශ්‍ය බවත්ය. අණ බෙර කරුවන් ලවා මෙවන් ස්ථානයක් සදහා තොරතුරු විමසීමට රජු ක්‍රියාකරන ලද අතර දැන ගත් තොරතුරු වලට අනූව මෙම රමණීය ස්ථානය වෙතට පිරිවරින් පැමිනි රජතුමා දේවාලයක් තනවන ලදී. පවතින ව්‍යවජ්හාරයට අනූව ශ්‍රී සුමණ සමන් රජයා හී සැරයක් එවා හොර ගස මගින් ගඟ අවහිර කල බවත් එමගින් වත් හිමි කුමාරයා පලවා හරින ලද බවටත් කියවේ. අදටත් සීතාවක ගඟ ක්ශනිකව වෙනස් වන ස්වභාවයේ වන බව කියවේ. 
මෙයින් පසුව දෙවන රාජසිංහ රජුන්ගේ අන පරිදි රාජකාරී පෙල ගැසුනු බවත් ගම්වර 48ක් නම් කොට ගමවර ලට නියම රාජකාරී පවරන ලදී. එම ඉඩම් භුක්ති විඳිමින් තම රාජකාරී කිරීම ඔවුන්ගේ වගකීම වේ. නොවැම්බර් 4 දරන ආඥාපණත වැඩ ලේඛන පොතෙනි රජතුමාගේ නියමයෙන් ලිඛිත සටහනක් බවට සැලකේ. දෙවණ රාජසිංහ රජතුමන්ගේ අන පරිදි නානුමුර මංගල්යය ඇරබුනු බවට පිලිගැනේ. 1586දී ආරම්භ කරන ලද පෙර හැර සැම වර්ෂයකම ඇසල මාසයේ සුදුසු හෝරා අනූව පවත්වනු ලබයි.ආගම් භේදයකින් තොරව මෙම මංගල්යය පවත්වන බවත් කියවේ. දේවාලයේ වාර්ෂික ඇසල මහා පෙරහැර වසරේ අගෝස්තු මාසයේ 2-8 දා දක්වා පැවැත්වෙන අතර 8 වෙනිදා රාත්‍රියේ අවසාන පෙරහැර වීථි සංචාරය කෙරේ. https://deraniyagala.com

Posted in Deraniyagala, History |

Deraniyagala – වත් හිමි කුමාරයා

මෙම භූමිභාගය පිලිබඳව වන තවත් අතීත පුවතකින් කියවෙන්නේ “ඔල්” නම් ක්‍රිතියානි පූජක වරයෙක් මෙම සීතාවක ගංතෙර වන රමණීය භූමිභාගය වෙත ලොල් වී නවාතැන් ගත් බවත්, කිතු දහම පැතිරවීම සදහා එහි නවතැන් ගත් බවත්ය. එතුමන් දේවස්ථානයක් ඉදිකරගෙන තම කටයුතු කරමින් සිටින අතර තුර ප්‍රදේශයේ වූ වස්තු සම්භාරයක් ‍රැස්කරගත් බවටත් කියවේ. ඒවා තර රන්, රිදී , මුතු මැණික් ද වූ බවට කියවේ. මෙම කාලවකවානුවේදී සබරගමුවෙන් බිහිවූ දාමරික තැනැත්තෙක් තම පිරිස් බලයද යොදවා ඉහත කී වස්තු සම්භාරය පැහැර ගන්නට කටයුතු කල බවත් ඒ සමගම ඔහුව වස්තු හිමි කුමාරයා ලෙසටත් පසුව වත්හිමි කුමාරයා ලෙසටද නම් වෙමින් පසුව රාජ සභාවක් පිහිටවා ගනිමින් කටයුතු කල බව කියවේ. ඔහු එසේ කරන ලද්දේ ප්‍රදේ ශයේ විසූ සාමකාමී බෞද්ධ ජනතාවගේ යහපතට බවට පිලිගැනෙන අතර ඔහු සමග සමීප ඇසුරක් තිබුනු මනා දැනුමකින් හෙබි “දෙරණගල” ගණිතයා නම් දෛවඥයෙකු සිටිබවට කියවේ. තොරතුරු වැඩිදුරටත් පවසන්නේ මෙම ගනිතයා විසින් ප්‍රකාශ කල අනාවැයක් වූ බවත් එය ශක වර්ෂ 1580 වෙසක් පුන් පොහොයදා රජුගේ මාලිගය අසලින් ගලා බස්නා රමණීය නඳිය ප්‍රචණ්ඩත්වයට පත්ව රජුගේ මාලිගය යටවන බවත් මෙයට හේතු වශයෙන් ගනිතයා කියා ඇත්තේ සීතාවක නදිය හරහා බොතොට පිහිටි විශාල වූ හොරගස කඩා වැටී ගඟ උඩුගම් හැරී ඇතිවන ගංවතුරින් මෙම හානිය වන බවයි. උස් බිමක පිහිටි මාලිගය ගංවතුරෙන් යට වන බව ඇසූ වත්හිමි කුමාරයා කෝපට පත්ව එම ප්‍රකාශිත වෙලාවට මෙවැනි දෙයක් සිදුවන තෙක් රාජකීය දෛවඥයා බංඩාරවත්තේ දඩු කඳේ ගැසීමට රජ අන කරල බවත් කියවේ.ගනිතය බැගෑපත් වී බංඩාරවත්ත නම් ස්ථානය පහත් බිමක් බැවින් දඩු කඳේ ගසන්නේ නම් උස් බිමකදී එය කරන ලෙස බැගෑපත් වන ලදී. එය එසේ ඉ‍ටුවිය. උඩහේන් කන්ඳ ප්‍රදේශයේ ඔහුව දඩුවමට පමුනවන ලද බව කියවේ. නියමිත කාලයේදී සැලකර තිබූ අනතුර සිදුවූ අතර රජතුමා රහසින් ජල යාත්‍රාවක් තනා ගෙන තිබූ බවත් එමයාත්‍රාව තන අගැනීම සත්ව හම් ලබා ගත් ප්‍රදේශය “හම්බානාවල” ලෙසට නම් වූ බවත් සටහන් වේ. එම ජල අනතුරින් ගැලවීම සදහා වත්හිමි කුමාරයා රජ බිසවත් සමග පලාදෙනිය ඔය හරහා බේරී ගොස් රාජු ගලට ලගාවන ලදී. මෙම පලා ගිය ඔය අදට පාලාදෙනි ඔය ලෙසට ව්‍යවහාර වන බව කියවේ.අදටත් රාජුගල ලෙසට ව්‍යවහාර වන ප්‍රදේශයක් වේ. 
හැකිතරම් වස්තුවද ‍රැන ගිය මෙම වත් හිමි කුමාරයා එම වස්තුව රාජුරුවාගල පිහිටි වලක තැන්පත් කල බවත් එකැස් පුද්ගලයෙක් බිලීදී බහිරව තනතුරට පත් කල බවත් කිය වෙන අතර පැ‍රැන්නන් පවසන්නේ එම වල ආශ්‍රිතව රත්තරන් ‍තෝඩු දාගත් මාලිවෙකු වර්ෂයකට වරක් එහි දක්නට ලැබෙන බවත් කියවේ. මෙම වල දැක ගන්නට නැවත වරක් එම ස්ථානයට් ගිය විටකදී පොලගෙගු ඔහුට දෂ්ඨ කල බවත් රජතුමා රත්න පුර ප්‍රදේ ශය සේන්දු වූ බවත් සිරුර ප්[උරා තුවාලව සිටි රජතුමා සිටි එම ප්‍රදේශය කෂ්ට පිටිය නැතිනම් කට්ටා පිටිය ලෙසට අදටද නම්ව තිබේ. පැල්මඩුල්ල ලෙසට පසුව නම් වූ පැල්වාඩිය ප්‍රදේශය දක්වා රජු ගිය බවත් එහිදී පැලකදී අසරනව රජ මිය ගිය බවත් කියවේ.