අන්තරජාලය මත Flash ප්ලේයරය සටහන් වන්නේ ඉතා සුවිශේෂී ආකාරයටය. එක් දිගු යුගයක වඩාත් අවදානය සටහන් කරගන්න සමත් වීමක් ලෙසිනි. එසේ මුත් ක්‍රමයෙන් කාලයත් සමග එය සදහා වූ ගැටලු සහගත බව වඩාත් සංකීර්න වෙන්නට විය. බහුල භාවිතාව නිසාම පහර දෙන්නන්ගේද වඩාත් අවධානය ලබ ගන්නට සමත් විය. කාලයෙන් කාලයට එහි වූ නෙක දුර්වලතා ඔස්සේ භවිතාකරන්නා හට නෙක ගැටලු ගෙනෙන්නටද එය භාවිතා විය. කෙසේ නමුත් කාලයත් සමග තවත් විසඳුම් පැමිනෙන්නට විය. HTML5 නැතිනම් WebGL වැනි විකල්ප අඩු වැඩි ලෙසට Flash සදහා විකල්ප බවට පත්වන්නට විය. මේ වන විට Adobe පවසන්නේ 2020 වන විට සම්පූර්නයෙන් Flash සදහා සහය අවසන් කර දමන්නට තමන් සූදානම් වෙමින් සිටින බවයි. එතෙක් පමනක් තමන් මෙම මෘදුකාංගය සදහා security patches සමග අනෙකුත් දියුනු කිරීම් සදහා කටයුතු කරන බවටයි පවසන්නේ.