Back to Top

Monthly Archives: October 2020

Stay at Home

මිනිස් කථාන්දරයේ තවත් සංකීර්නතම යුගයක් පසුකරමින් සිටින සාමාජිකයින් කොටසක් බවට අප පත්ව ඇත. තම දිගු වංශ කථාවේ ඉතා ඈතින් හමුවන අභියෝගයක් ජයගැනීම සදහා ඔවුන් සතු අපූර්ව ජීවවිද්‍යාත්මක මෙන්ම සංස්කෘතික කුසලතා ඉල්ලා සිටින සමයක අප සිටින්නෙමු. මිහිමත ජීව කථාන්දරයේ අතීතය හා සැසදීමේදී මීට වඩා අපමනක් අභියෝග ජයගත් අප මේ අත්දැකීම මනාව කලමනාකරණය කරගනිමින් හෙට දිනට දෙසට තම ජීව සටහන ගෙන යන්නට ඔවුන් සමත් වනු ඇත. ඔවුන් සතු ජීවවිදයාත්මක හැකියා වන් මෙන්ම සංස්කෘතික නවතාවයන් ‍රැසක් මේ නව අභියෝගය යෝජනා කර ඇතුවාසේම හෙට දිනයේදී තවත් අත්පත් කරගනිමින් අප ඉදිරියට යනු ඇත. සැම බිඳ බැටීමක්ම ඔවුන් වෙත සහතික කර ඇති යෝජනා දෙකකි. එනම් ආපස්සට යාම හෝ වඩාත් පිරිපුන් නව ආරම්භයක් සදහා අවස්ථාවක් ලෙසට ඒවා වනු ඇත. විවාදයකින් තොරවම දෙවන ආකාරයේ නව හෙට දවසක් සදහා අප සූදානම් විය යුතුව ඇතියි මම සිතමි.

– Pubudu Siriwansa

Microsoft වෙතින් සමස්ථ Flash භාවිතාව ඉවත්කීරීම ඇරබේ.

කලකට ඉහතදී පැලෑෂ් ප්ලේයරය යනු අන්තර්ජාල භාවිතාවේ වර්ණවත්ම අත්දැකීමක්ව පැවතුනි. ක්‍රමයෙන් වැඩි අවධානයට වෙතට වන ඉරණම මේ භාවිතාව වෙතටද පැමිනුනි. එනම් අනවසර පිවිසෙන්නන්ගේ අවධානය වැඩිපුර ලබා ගන්නට මෙම භවිතාවට සිදුවිනි. ක්‍රමයෙන් අන්තර්ජාල තුල බහුල හානිකර අත්දැකීම් කැඳවනක් බවට පැලෑෂ් පත්වුනු අතර ක්‍රමයෙන් මෙහි භාවිතාව අවමවන්නට පටන් ගති. බ්‍රවුසරවල සිට මෙහෙයුම් පද්ධති දක්වාම මෙම අහිතකර බව පි‍ටුදකින්නට විටින් විට තාවකාලික පියවර ගත් අතර මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතන නිවේදනය කරන්නේ තම සමස්ථ මෙහෙයුම් පද්ධති වපසරියෙන්ම Adobe Flash Playerය ඉවත් කිරීම සදහා මේ වන විට තොරාගත හැකි යවත්කාලීනයක් (optional update) නිකුත් කර ඇති බවකි.

  • Pubudu Siriwansa
#siriwansa
Posted in Microsoft, Windows, Windows 10 |

Artificial intelligence

එලබෙන දිනයකදී ඔබගේ හොඳම මිතුරා ඔබගේ භාවමය තේරීමක් නොවන්නට කටයුතු සිදුවෙන් ඇත. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ වටා ඉදිවෙමින් ඇති “කෘතීම බුද්ධි” අවකාශය එය ඉටුකරනු ඇත.මේ ගැන ඔබට විස්සෝප වන්නට ඔබට අවස්ථාවක් නොලැබෙන්නේ එම තේරීම වඩාත් සාර්ථක එකක් වීමට වඩාත් ඉඩ අති නිසාය.

Pubudu Siriwansa

#siriwansa

විෂය පතය..

ඇත්තෙන්ම තවදුරටත් තොරතුරු තාක්ෂණයේ විෂය පතය හුඳු තාක්ෂණික කාරනාවක්ම නොවේ. එය ක්‍රමයෙන් සංස්කෘතියක් බවට පත්වෙමි තිබේ. විනය වැදගත් වෙන්නේ එබැවිනි.

  • Pubudu Stiwansa
  • #siriwansa

කථාන්දරයේ ..

ප්‍රසස්ථ මට්ටමක ආවේග ගොනුව ජීවවිද්‍යාත්මක කථාන්දරයේ සංධිස්ථානයයි. ප්‍රසස්ථ මට්ටමක භාව ගොනුව සාමූහික නොහොත් සංස්කෘතික කථාන්දරයේ හරවුම් ලක්ෂයයි. ප්‍රස්ථ මට්ටමක AI හැකියාව ජීවවිද්‍යාත්මක කථාන්දරයේ සමුගැනීමයි.

  • Pubudu Siriwansa
  • #siriwansa
Posted in cultural, New Technology |