Back to Top

Yearly Archives: 2023

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. “ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි…
“Tharu Minisa”

Seethawaka Odyssey

‘Seethawaka Odyssey’ යනු Colombo Fort වල සිට Waga Railway Station දක්වා Saturdays සහ Sundays වලදී ධාවනය වන luxury train service එකකි. එය Kelani Valley (KV) දුම්රියමාර්ගය ඔස්සේ පැමිනෙන්න අතර එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඉලක්ක කරගත් එකක් වන අතර එය මුලදී Sundays වලට පමනක් සීමාවී තිබූ සේවාවකි. මෙය Seethawakapura අසිරිය දැකබලා ගන්නට හා එක් දින සංචාරයක් ඔස්සේ සොබා දහම සමග සතු‍ටුවන්නට හා සැහැල්ලුව සදහා කලබලකාරී කගර වැසියන්ට මහගු අවස්ථාවක් වනු ඇත.

Posted in Nature |

මේ වන විට Windows 11 වලට පැමිනෙන්නට නියමිතව තිබූ ප්‍රධාන යාවත්කාලීනය Moment 4 සැම භාවිතා කරන්නෙකු සදහාම නිකුත්ව තිබේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ 150 කට අධික නව ටූලයන් මෙම නිකුතුවට අඩංගුව පැමිනෙ ඇති බවකි. ඒවා ආතර නව File Explorer, Snipping Tool සහ taskbar වැනි භාවිතාවන් බොහෝ දෙනාගේ අවධානය දිනා ගෙන ඇත. මුලින්ම මෙම සමස්ථ නව ගොනුවම සැප්තැම්බරයේ පැමිනෙන්නට නියමිතව තිබුනද එසේ නොපැමිනියද ක්‍රමයෙන් පසු යාවත්කාලීන සමග හා අතුරු නිකුතූන් ලෙසට මේවා භාවිතාව සදහා මුදා හරින්නට එම ආයතනය කටයුතු කර තිබිනි. Microsoft නිවේදනය කලේ ‘optional non-security preview updates’ ලෙසට දැනට වන සමස්ථ නිකුතුව නොවැම්බර් 14 ට නියමිත ‘Patch Tuesday’ සමග ස්වංක්‍රීය යාවත් කාලීනයක්ව පැමිනෙන බවයි.
මේ වන වොට ලොවපුරා මිලියන 400 ක් පමන windows 11 භාවිතා කරන අතර වසර දෙකක් තුල ලද මෙම ප්‍රගතිය windows 10 සමග සැසදීමේදී වසරක් පමන වැඩි කාලයක් සටහන් කර ඇත. කෙසේ මුත් විශේෂ දෘඩාංග අවශ්‍යතාවය මේ සදහා ප්‍රධාන සාධකයක් වන්නට ඇත. එය සමස්ථ windows භාවිතාවෙන් සියයට 23.64 බවටයි ගනනය වන්නේ.
Pubudu Siriwansa

Meta ක්‍රමයෙන් encryption වෙතට.

Meta පවසන්නේ තොරා ගත් Messenger conversations සදහා end-to-end encrypted බව භාවිතාවීම සිදුවනු ඇති බවයි. නව features කිහිපයක් එනම් chat themes, custom chat emojis / reactions, group profile photos, link previews, active status, Android bubbles වන අතර testing, මට්ටමින් end-to-end encrypted බව සිදුවන බවත් ඉදිරි මාස කිහිපය තුලදී ලොවපුරා භාවිතාකරන්නන් මිලියන ගනනක් වෙතට එය ක්‍රමයෙන් මුදා හරිනු ඇති බවයි.
Pubudu Siriwansa

Posted in Facebook |

iOS 16.3 නිකුත්වේ.

Apple වෙතින් iOS 16 සඳහා නව feature update එකක් ලෙසට Version 16.3 මේ වන විට නිකුත්ව තිබෙනවා. ආයතනය පවසන්නේ bug fixes කිහිපයක්ම සමග new HomePod සහය, physical FIDO keys(Apple ID) මෙන්ම නව Unity wallpaper ඇතුල නවාංග මෙනම් දියුනු කිරීම් රාශියක් නව නිකුතුව ‍රැගෙන විත් ඇති බවයි. කෙසේ වෙතත් ආයතනය පැහැදිලි කරන්නේ සියළුම අංග සියළුම ප්‍රදේශ මෙනම iPhone සදහා වලංගු නොවිය හැකි බවයි. මෙම නව සංකරණය සදහා Settings > General > Software Update ඔස්සේ පිවිසෙන්නට හැකි වනු ඇත. iOS 16.3 සදහා සහය දක්වන iPhones සංස්කරන පහත දැක්වේ.
iPhone 8 and 8 Plus
iPhone X
iPhone XS, XS Max, and XR
iPhone 11, 11 Pro, and 11 Pro Max
iPhone SE 2020, SE 2022
iPhone 12, 12 mini, 12 Pro, and 12 Pro Max
iPhone 13, 13 mini, 13 Pro, and 13 Pro Max
iPhone 14, 14 Plus, 14 Pro, and 14 Pro Max
Pubudu Siriwansa

Posted in Apple | Tagged |

Cybercriminals අවධානය OneNote වෙතට.

කලක සිට cybercriminals තම හානිකර පතුරවන්නට භාවිතාකල ක්‍රම වේදයක් වූවේ Office applications වල macro feature එක සංක්‍රියකරවා ගැනීමයි. මෙහිදී ඔවුන් කරනු ලැබුවේ Word / Excel වැනි ගොනු වලට malicious macro code එකක් inject කර අදාල ගොනු නියමිත පරිදි සංක්‍රීය කර ගැනීම සදහා macros හැකියාව සංක්‍රියකරව අගෙන ඒ ඔස්සේ අදාල PC එක ආසාධනයට මග පාදා ගැනීමයි. Microsoft සමාගම මේ සදහා ගත් පියවර වූවේ default මට්ටමින් Office වල macros අක්‍රියකර තබන්නට කටයුතු කලහ. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට පහර දෙන්නන් තවත් බහුල භාවිතයක් ඇති app එකක් වන OneNote භාවිතයට කටයුතු කරමින් සිටින බවයි. මෙහිදී ඔවුන් OneNote ගොනුවක් යවනු ලබන්නේ malicious VBS ක්ද සම්බඳ කර වන අතර ගොනුවට ලබා ගන්නා double-clicked එකක් හරහා malware වක් බාගතවී ස්ථාපනයට කටයුතු කරන බවටයි පැහැදිලි කරන්නේ. මෙහිදී භාවිතාකරන්නා වෙතට ලැබෙන “Double click to view file” ආරාධනාව සහිත box එක ඔස්සේ සංක්‍රිය වන්නට පෙර ලැබෙන OneNote වල warning එක නොසකලා හරින්නට බොහෝ භාවිතාකරන්නන් පෙලබෙන බවටයි වාර්ථා වන්නේ. පොදුවේ ලැබෙන උපදෙස වන්නේ unsolicited emails විවෘත නොකරන්නටත් antivirus software ව හොඳ මට්ටමකින් තබා ගන්නටත් කටයුතු කරන ලෙසටයි.
Pubudu Siriwansa

Posted in Malware | Tagged , |

වසර දස දහස් ගනනක් පුරාවට

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත.
– Pubudu Siriwansa

Posted in Uncategorized |
× How can I help you?