දැනටමත් Microsoft ආයතනය එලබෙන 24 දාට හමුවක් කැදවා ඇති අතර එහිදී windows වල නව සංස්කරනය පිලිබඳ තොරතුරු මුදා හරිනු ඇති බවට බලා පොරොත්තු වෙනවා. මේ වන විට Microsoft ආයතනය තම windows 10 සදහා සහය කාලය 2025 ඔක්තෝබර 14 දායින් අවසන් වන්නට නියමිත බවට පවසා සිටිනවා. ඒ අනූව windows 10 වල HOME, PRO, ENTERPRISE හා EDUCATION සංස්කරන සදහා එම ආයතනය විසින් නිකුත් කරන ආරක්ශක හා වැඩි දියුනු කිරීම් සහිත යාවත්කාලීන නවතිනු ඇත. 2015 දී Microsoft ආයතනය තම windows 10 හඳුන්වා දෙමින් පවසා සිටියේ windows සදහා වන අවසන් නිකුතුව windows 10 වනු ඇති බවටයි. විචාරනය වන්නේ බොහෝ විට Microsoft ආයතනය වඩාත් නවතම හා නවීන භාවිතාවක් රැගත් නව මෙහෙයුම් පද්ධතියක් සදහා සූදානම් වෙමින් සිටින මුත් windows 10 භාවිතාකරන්නන් සදහා මිත්‍ර ක්‍රම වේදයක් සමග නම්‍ය පිලිවෙලක් අනු ගමනය කරනු ඇති බවයි.
Pubudu Siriwansa
