රාජසිංහයෝ වනගත ගරිල්ලා සටන් ක්‍රම උද්ධෝපක්‍රමයක් කරගෙන ඇත. ක්‍රි.ව. 1559 දී “ජෝර්ජ් බැරෝෂ්” නම් පරංගි නායකයෙක් හට පිරිස් සමග සීතාවක ප්‍රහාරයට යද්දී රාසිං හමුදාවෝ ඔවුන්ව අඹතලේදී වටකළෝය. වන ගත කුඹුරු, ඔවිටි, කැලෑව මැද පරංගි සිය වෙඩි බලය නිමවන තුරු වෙඩි තැබූහ. සැගවුන සිංහල හමුදාවෝ එකවර කඩා පැන වටකර පරංගීන් මරා දැමූහ. එකල තක්ශණයට අනූව රාජසිංහ රජු ඉංජිනේරු හමුදාවක් නිර්මාණය කොට මහා කාලතුවක්කු, පරංගි ගිනි අවි ඇසුරෙන් ගිනි අවිද වාත්තු කළ කාලතුවක්කු ද සාදා ප්‍රහාර එල්ල කිරීමේ උපංක්‍රමය භාවිතාකර ඇත. 7500ක ලස්කිරිඤ්ඤ සිංහල කුලී හමුදාවක් ” අල්බරාදාව” නම් සන්නාහ සන්නද්ධ රථයක් යුධ බිමට ඇදගෙන යයි. මෙය බැලූ බැල්මට මහා කන්දකි. ඒ තුළ සන්නද්ධ භට පිරිස්ය. විශාල කාලතුවක්කුය. දුනු හී හමුදාවෝය. කුන්තානි- යගදා- කඬු- කෙටේරි ගත් පිරිස්ය. ක්ෂනයකින් සතුරන් මැදට කඩා පැන මරා දැමීම තවත් උපංක්‍රමයකි. අසරු සේනාවක් තිබී ඇත. මේ සදහා අශ්වයින් ඉන්දියාවෙන් හා පර්සියාවෙන් ගෙන්වා සුවිශේෂ යුධ පුහුනුවක් ලබාදී ඇත. උන් පිට නැග ගත් සිංහල භට පිරිස් මහා දූවිලි කඳු අවුස්සා ගෙන විත් සටන් බිමට කඩා වැටී ක්ෂණික පහරදීම් සිදුකිරීම වෙනත් යුධ උපංක්‍රමයකි. පුහුණු කරන ලද ඇත් සේනාව සුවිශේෂ උපංක්‍රමයකි. මුන්ගේ දළ වලට ලෝහ කොපු දමා ඇත. ඉන් ඇන සතුරන් මරා දමයි. දැව කඳන් ඇද ගෙන ගොස් පරංගි පවුරට විශාල දොරවල් වලට පහර දෙයි. දම් වැල් යොදා ගෙන විශාල යගදා ඇද ගෙන ගොස් පහර දෙයි. පලිස්කාරයන්- අතැරුවන්-කෝරළවරුන් සතුරන් මැදට පන්නවා පහරදීම් කිරීම් සියුම් උපංක්‍රමයකි. එකවර සතුරා වැටලීම හා පහර දීම මුහුණට මුහුණලා සටන් කිරීම තවත් උපංක්‍රමයකි. රජු එක එල්ලේම සටන් වදින අතර සතුරා කඩුගා දැමීම ක්‍රියාන්විත උපංක්‍රමයකි. මුල්ලේරියා සටනේදී ඒ රාජසිංහයන් “ගෝපාල” නම් අසෙකු පිට නැග මුවහත් දැති සහිත ලොකු කඩු දෙකක් දෑතින් ගෙන වටේට වේගයෙන් කරකවමින් පහර පිට පහර දෙමින් එක් අසෙකු පිට සිට අනෙක් අසුගේ පිටට පනිමින් විඳුලි වේගයෙන් ක්‍රියාත්මක වී පහර දීම වෙනත් උපංක්‍රමයකි. ගැල් ගවයන් 4000 යුධ බිමට යවා යුධ පිටිය අවුල් කරවයි. සතුරා අන්ද මන්ද කරවයි. මෙය සුවිශේෂී උපංක්‍රමයකි. කොලොම්තොට අවරණය වනසේ තරාල-කනම්පැල්ල-අකරවිට- ගිරාඉඹුල-ගුරුබෑවුල ආශ්‍රිතව වටේට කඳුවුරු ඉදිකොට කුඩා භට පිරිස් ලවා විටින් විට පහරදීම් තවත් උපංක්‍රමයකි. චතුරාංගනී සේනාව යොදවා යුද්ධ පිටියේදී සතුරා මුලා කර පහර දීම, වටලා පහරදීම තවත් උපංක්‍රමයකි. සුදලිය-මරුවල්ලිය යන ගුරු කුල දෙක ඇසුරු කොට ශක්තිමත් පුරුෂනයට ගුස්ති සටන් ක්‍රම පුරුදු කලෝය. කාය ශක්තිය යොදවා සතුරා මරා දැමීම ඒ උපංක්‍රමයයි
අංගම් යනු- : නිරායුධ සතුරාට සටනේදී නිල වලට පහරදී මරා දැමීමේ උපංක්‍රමයයි.
ඉලංගම් යනු-: කඩු, කිනිසි, හෙල්ල, කෙටේරි දුනු ඊතල උපයෝගී කරගෙන සතුරා මරා දැමීමේ උපංක්‍රමයයි. මායා ඉලංගම් යනු-: මන්තර, බන්ධන, මායා ගුප්ත විද්‍යා ආධාරයෙන් සතුරා මරා දැමීමේ උපංක්‍රමයයි.
රාසිං හමුදාවේ ඉහළ නිල හොබවන අයද සටනට යද්දී ඔවුනට ආරක්ෂාව සැපයීමට ප්‍රභූ ආරක්ශක සේවාවක් පවත්වා ඇත. මෙම අයද මුහුණු මුහුණලා සටන් කරන නිසා උපංක්‍රමශීලිව ඔවුනද රැකීම උපංක්‍රමයකි. “විරුඳු පුස්සයා- පෙරවනායගම්” ඇත් යුගල හස්ති වියරු කොට යුධ බිම දෙවනත් කරවීම තවත් උපංක්‍රමයකි. යුධ උපංක්‍රමයක් ලෙසට රහස් තොරතුරු පණිවිඩ වාර්ථා ලබා ගැනීමේ අමුතු උපංක්‍රමයක් භාවිතා කර ඇත. මෝදර සිට රක්ගහවත්ත දක්වා කැළණි ගග දිගේ කණු සිටුවා දිය යටින් හා උඩින් කම්බි ඇද ඒවා කණුවලට සම්බන්ද කොට සංඤා ලබා ගැනීමට ක්‍රියා කර ඇත. පටිගත කිරීමේ යන්ත්‍ර වැනි කොටස් වලින් රහස් කට හඬවල් ශ්‍රවණය කර ඇත. යම් උපකරණ භාවිතයක් සිදුකර ඇත. යුධ රහස් ලබා ගැනීමේ උපංක්‍රමයයි මේ. ක්‍රියාත්මක තත්වයේ නාවික හමුදාවක් පවත්වා ඇත. මුහුදු සටන් ක්‍රම භාවිතා කරමින් දියේ ප්‍රහාර එල්ල කිරීමෙන් උපංක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කොට ඇත. සියලුම යුධ උපංක්‍රම සංක්ෂිප්තයක් ලෙස මෙම ලෙඛනයේ ඉදිරිපත් කළ හැක. සෙබලු 50000 , කුලීකරුවන් 60000-ඇතුන්2200- ලෝකඩ කාලතුවක්කු 150- කුන්තානි 2000-උදලු 6000 ලෝකරුවන් 400- රෝද නමයේ සන්නද්ධ රථ 5 – අල්බරාදා 2- බලකොටු දැව- යුධ නැව් 4 යාත්‍රා 65 සීතාවක හැම බිම් අඟලක්ම රාජසිංහ රුධිරයෙන් දෝවනය වී ඇත.රණකාමී දහදිය මුසුව ඇත.
රුදුරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණ කටුව පතුලේ ඇනුනාය
එක්ව සිටි සැවොම වටවී මතුලාය
රාජ සිංහ දෙවි නාමය මැකුනාය
Thilakarathna Watawala