Android යනු බහුලතම භාවිතාවක් දිනාගෙන ඇති Mobile අකාරයේ මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලි ගැනේ. මේ වන විට Google ආයතනයේ අයිතිය යටතේ පවතින අතර එක්තරා සීමාවකට යටත්ව customizable නිදහස සමග ඔවුන් එහි නවසංස්කරන දියුනු කර නිකුත්කිරීම කරගෙන යමින් පවතින මෙහෙයුම් පද්ධතියකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට ලොව පුරා මෙම මෙහෙයුම් පද්ධතියේ අනු සංස්කරන දහසකට වඩා ඇති බවකි. මෙම බහුල බාවිතය මෙන්ම විවෘත බව නිසාම මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට හානිකර මෘදුකාංග වලින් ඇති බලපෑමද විශාලය. ලොව භාවිතාවන මොබයිල් මෙහෙයුම් පද්ධති ඉලක්ක කරගෙන වන හානිකරයන් ගෙන් බහුතරයක්ම Android වෙතට වන්නේ මේ නිසා විය හැක.
Google ආයතන මෑතකදී නිවේදනය කර සිටියේ Android සදහා වන තම නිල නිකුතුව -Nexus family of devices- සදහා මාසික ආරක්ශක යාවත්කාලීන නිකුතුවක් සදහා තමන් සූදානම් වන බවකි. හදාරන්නන් පසුගිය කාලයේ පෙන්වා දෙම්න් සිටියේ MMS message වැනි සරල ආකාරයක් ඔස්සේ මෙන්ම video embedded in a specially constructed web page ඔස්සේ පහසුවෙන් Android වෙතට හාකරවීමේ හැකියාව පවතින බවය. විශාල සංස්කරන ප්‍රමානයක් විවිද ආයතනයන් යටතේ ඇති මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට පැමිනෙන නව සංස්කරන මෙන්ම යාවත්කාලීනයන් සියලුම Android භාවිතාකරන්නන් වෙතට පැමිනෙන්නට ගතවන කාලය සැලකීමේදී මෙසේ මාසුකව පැමිනෙන ආරක්ශක යාවත්කාලීන නියමු=ඉත පරිදි ලබාදීම දැනට වන ක්‍රමවේද ඔස්සේ අභියෝගයක් වනු ඇති බවට අනුමාන කලද ක්‍රමයෙන් Android ආශ්‍රිත නියැයුම් සදහා තම සංස්කරනය කල Android භාවිතාකරන ආයතනයන්ද මෙම වේගවත් යවත්කාලීනයන් තම උපාංග භාවිතාකරන්නන් සදහා නිවැරදිව ලබාදීමට අවශ්‍ය ක්‍රම වේද ඉක්මනින් සකස්කරන්නට සිදුවනු ඇති බවට හදාරන්නන් පෙන්වා දෙමින් සිටිනවා.
