Google පවසන්නේ තම March මසය සදහා වන Android security update මේ වනවිට නිකුත්කර ඇති බවයි. පෙබරවාරි මාසය සදහා සිදුවූ ආරක්ෂක යාවත්කාලීන ගොනුව නිකුත්ව මාසයක් වන දිනටම මෙම නිකුතුව සිදුව ඇති අතර එම ආයතන පවසන්නේ මේ වන විට අනාවරනය වී ඇති සියලුම දුර්වලතාවයන් මේ වන විට ආවරනය වී ඇති බවයි. ආයතනය තම Nexus හා Pixel උපාංග සදහා වන යාවත්කාලීන new factory හා OTA images ලෙසට මේ වන විට නිකුත්කර තිබෙනවා.
ලොව බහුලතම භාවිතාවක් ලබන ජංගම මෙහෙයුම් පද්ධතිය ලෙසට ගැනෙන Android බහුලතම හානිකර මෘදුකාංගවලද ඉලක්කය වෙමින් ඇති අතර විවිධ නිෂ්පාදකයින් ඔස්සේ සිදුවන විවිධ සංස්කරනයන් වීම නිසාම මෙම නිරාවරනය වඩාත් බහුලව ඇති බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. කෙසේ වෙතත් මේ වන විට එම ආයතනය වඩා වේගවත් යාවත්කාලීන් පෙලක් සදහා කටයුතු කරමින් සිටින අතර නිෂ්පාදකයින් සමගද වඩා පහසු හා වේගවත් අරක්ශක යාවත්කාලීන පෙලකට කටයුතු කරමින් සිටිනවා.
