ESET හි හදාරන්නන් පිරිසක් පෙන්වා දෙන්නේ Google Play store වල වන Cowboy Adventure title ආකාරයේ Android game එකක් ඔස්සේ භාවිතාකරන්නන්ගේ Facebook credentials මෙන්ම friends lists වෙතට පිවිස ඒවා අවභවිතාවේ යෙදෙන්නට කරටයුතු කරන බව තමන් හඳුන අගෙන ඇති බවකි. වැඩි දුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ million ගනනක බාගතකිරීම් සහිත මෙම හානිකරය Facebook තොරතුරු ඔස්සේ අනෙකුත් භාවිතාකරන්නන් වෙතට පැතිරයාමේ හැකියාවකින්ද යුත්ත බවකි. ක්‍රිඩාව අතරතුර පැමිනෙන ව්‍යාජ Facebook login screen ඔස්සේ භාවිතාකරන්නාගේ තොරතුරු ලබා ගන්නට කටයුතු කරන අතර භාවිතාකරන්නා එම තොරතුරු ලබා දුනහොත් දුරස්ථ සර්වරයක් වෙතට HTTPS connection ඔසේ එම තොරතුරු ලබා දීමට කටයුතු කරන බවට පැහැදිලි කෙරෙනවා. මේ ආකාරයටම හානිකර යක් ලෙසට හඳුනා ගෙන ඇති Jump Chess නම් ඇන්ඩ්‍රොයිඩ් app එකද geolocation ඔස්සේ භාවිතාකරන්නාගේ තොරතුරු ලබා ගන්නට කටයුතු කරන බවට හෙලිවිමෙන් අනතුරුව Play Store වෙතින් ඒවා ඉවත්කරන්නට කටයුතු කර ඇති මුත් දැනට සිදුව ඇති බාගතකර ගැනීම් පිලිබදව අවධාරනය කර සිටිනවා.  – Pubudu Siriwansa