Android O මීලග Android පැමිනීම ගැන භාවිතාකරන්නන් අතර ඇත්තේ මහත් අවධානයකි. එසේම මේ වන විටත් I/O 2017 developer conference වලදී තමන්ගේ මීලග මොබයිල් මෙහෙය්යුම් පද්ධතිය පිලිබඳව විවිධ බලාපොරොත්තු පලකොට ඇති අතර ඒවා අතර නවාංග කිහිපයක පැමිනීම වැඩි දෙනෙකුගේ සිත් ගෙන ඇති අංගයකි. පලවෙමින් ඇති නවතම තොරතුරු හෙලි කරන්නේ ‘Copy Less’ අංගය සමග භාවිතාකරන්නෙකුට පහසුවෙන් සටහනක් කොපිකිරීමදී පහසු කරවන්නට නියමිත අතර, තවත් අංගයකට අනූව hyperlinks කොපිකිරීමේදී වඩත් පහසු කරවන අංගයක දියුනුකීර්ම් වන බවටයි පැහැදිලි කරන්නේ. උදාහරනයක් ලෙසට SMS වල වන සබඳතාවයක් අවදිකිරීමේදී පහසුවෙන් Google Map වැනි ස්ථානයක විවෘත විමක් පහසු කර දෙන දියුනු කිරීමක් ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් භාවිතාකරන්න වෙතට වඩාත් සිත්ගන්නා ආකාරයේ ඉදිරිපත්කිරීමක් ලෙසට පෙන්වාදෙන්නේ Android O වලට පැමිනෙන්නට නියමිත onscreen gestures හැකියාවයි. ඇන්ඩ්‍රොයින් උපකරනයේ “C” අකුර swipe කිරීමකදී බාවිතාකරන්නා හට පහසුවෙන් recent contacts. වැනි තොරතුරු ලබා ගැනීමේ හැකියාව පෙන්ව දෙමින් තිබෙනවා. May 17 දිනට නියමිත මෙම හමුවේදී මේ හැරෙන්නට තවත් බොහෝ තොරතුරු පැමිනෙනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තු වෙන්නේ.