තොරතුරු තක්ෂන ආයතනයන් වෙතට වන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය ඔස්සේ පෘතුවි තලයට සිදුවන හානිය පිලිබදවය. මෙම ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේදී සිදුවන පරිසර හානිය පිලිබදවය. මේ වන විට ඇපල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම ලොවපුරා වන ආයතනයන් ජාලයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්ති වැයෙන් සියයට 93ක්ම renewable energy ආකාරයට ලබා ගනිමින් සිටින බවයි. එනම් solar, wind, geothermal, biogas fuel cells ආදී ආකාර භාවිතාව ඔස්සේ වඩාත් පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වයකට තමන් පිවිස ඇති බවයි. මේ වන ඇපල් ආයතනය පමනක් නොව going green ආකාරය ගන්නා ආයතනයන් වීමට ප්‍රධාන පෙලේ අනෙකුත් තොරතුරු තාක්ෂන ආයතනයන් වන Intel, Google, Microsoft ආයතනයන්ද කටයුතු කරමින් සිටින අතර ඇපල් ආයතනය තම භවිතාවට recycled paper ආකාර යොදාගනිමින් වඩාත් හිතකර පරිසරයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවට පවසා සිටිනවා.