Back to Top

Category: Apple

iOS 16.3 නිකුත්වේ.

Apple වෙතින් iOS 16 සඳහා නව feature update එකක් ලෙසට Version 16.3 මේ වන විට නිකුත්ව තිබෙනවා. ආයතනය පවසන්නේ bug fixes කිහිපයක්ම සමග new HomePod සහය, physical FIDO keys(Apple ID) මෙන්ම නව Unity wallpaper ඇතුල නවාංග මෙනම් දියුනු කිරීම් රාශියක් නව නිකුතුව ‍රැගෙන විත් ඇති බවයි. කෙසේ වෙතත් ආයතනය පැහැදිලි කරන්නේ සියළුම අංග සියළුම ප්‍රදේශ මෙනම iPhone සදහා වලංගු නොවිය හැකි බවයි. මෙම නව සංකරණය සදහා Settings > General > Software Update ඔස්සේ පිවිසෙන්නට හැකි වනු ඇත. iOS 16.3 සදහා සහය දක්වන iPhones සංස්කරන පහත දැක්වේ.
iPhone 8 and 8 Plus
iPhone X
iPhone XS, XS Max, and XR
iPhone 11, 11 Pro, and 11 Pro Max
iPhone SE 2020, SE 2022
iPhone 12, 12 mini, 12 Pro, and 12 Pro Max
iPhone 13, 13 mini, 13 Pro, and 13 Pro Max
iPhone 14, 14 Plus, 14 Pro, and 14 Pro Max
Pubudu Siriwansa

Posted in Apple | Tagged |

ස්මාර්ට් මොබයිල් උපාංග …

ස්මාර්ට් මොබයිල් උපාංග සදහා ඇත්තේ ඉහලම ඉල්ලුමකි. ඒ නිසාම එහි යම් තැනක් දිනා ගැනීම සදහා තරග කරන්නෝද බොහෝය. ඒසේ වෙන වට එකි නෙක තරග කරුවාගේ අනන්‍යතාවය ඉහලින් තබා ගැනීම සදහා යෝදා ගන්නා උපංක්‍රමද විවිධය. මෙයින් ඉහලින්ම වන්නේ තම උපාංගයේ නිමැවුම මෙන්ම අඩංගු තාක්ෂණයන් ඔස්සේ ඔවුන් තරග කිරීම බව සදහා උදාහරන බොහෝය. සමස්ථ නිමැවුම නැතිනම් උපාංගයේ හැඩය මෙන්ම වර්ණ පිලිබඳව දැඩි අවධානයක් තිබීම දැකිය හැක. ප්‍රීමියම් ලුක් එකක් ලෙසට මේ අංග වල සමස්ථය ගොනුකල හැක. එසේ පමනක් නොව උපාංගයේ බර මෙන්ම අතැගිලි අතරට දැනෙන ආකාරය විචාරය වනු පෙනේ. වැදගත්ම අංගයක් ලෙසට උපකරණයේ තිරයේ ප්‍රමානය, එහි පැහැදිලි බව ඉතා වැදගත් වේ.
දෙවන තලයේදී හොඳ මට්ටමක ප්‍රොසෙසරයක්, චිප් සෙට් එකක් සමග ‍රැම් බලයක්ද ස්ටෝර් හැකියාවක්ද කථා බහට ලක් වේ. උපකරණයේ කැමරාව තවත් ප්‍රදේශයකි. නිශ්චල මෙන්ම වීඩියෝවන් සදහා කැමරාව සූදානම් මට්ටම බොහෝ සේ උපාංග විචාරයේදී ප්‍රධාන තැනක් ගනී. වැඩි සුපැහදිලි කමක් සහිත මෙන්ම වර්ණ සංයුතිය, විෂය වස්තුවල ගැබුර හා පිලිවල මනව ග්‍රහනය කර ගැනීම අවධාණයට ලක්වන තවත් ප්‍රධාන දෑ කිහිපයකි.
මේ සියල්ල අතරින් සැබෑවටම අවධානයට ලක් කල යුත්තේ මිලඳී ගන්නාගේ අවශ්‍යතාවයේ සීමාවය. බොහෝ විට අප මුදල් ගෙවන්නේ අපගේ සැබෑ අවශ්‍යතවයන් සදහා නොව වෙළඳ පොල විසින් නිර්මාණය කර දෙන මෝස්තරයන් සදහා බවද අමතක නොකල යුතුය.
pubudu siriwansa

අධි මිලැති iPhone 6 ” Goldgenie ” සංස්කරනය $3.5 million වේ!!

   වැඩිම මිලැති iPhone 6 නිකුතුව $3.5 million වටිනාකම කින් යුත්ත බවටයි වාර්ථා වන්නේ. Goldgenie නම් custom-built iPhoneය 24-carat gold, rose gold හෝ platinum ආකාර වලින් තොරා ගත හැකි අතර ඊට අමතරව white diamonds ( pink හා black,) sapphires, corundum, topaz, emeralds, rubies, tourmalines, tanzanite ලෙසටද තෙරිම් අවස්ථා ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව Apple logo ව Swarovski crystals වලින් නිමව ගැනීමේ අවස්ථාවද තොරා ගත හැකි බවටයි පැවසෙන්නේ. මීට අමතරව Gulf Elite නම් iPhone 6 සංස්කරනයක්ද වන අතර Bahrain, Iraq, Kuwait, Oman, Qatar, Saudi Arabia, UAE වැනි රටවල් ඉලක්කව ඒවා නිපදවෙන බවටයි පැහැදිලි වන්නේ. දුරකථනයේ පසු පස භාවිතාකරන්නාගේ නම සටහන් කිරීමේ හැකියවද පවතින අතර මෙම දුරකථනයක් ඇනයුම් කරන්නාගේ නිවසේ ප්‍රධාන දොර‍ටුව වෙතටම luxurious cherry-oak වලින් නිමවන boxe එකක බහා පැමිනෙන බවටයි වාර්ථා වන්නේ.

Posted in Apple, Smart Phone |

Apple වඩාත් පරිසර හිතකාමී වෙමින්…

                 තොරතුරු තක්ෂන ආයතනයන් වෙතට වන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය ඔස්සේ පෘතුවි තලයට සිදුවන හානිය පිලිබදවය. මෙම ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේදී සිදුවන පරිසර හානිය පිලිබදවය. මේ වන විට ඇපල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම ලොවපුරා වන ආයතනයන් ජාලයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්ති වැයෙන් සියයට 93ක්ම renewable energy ආකාරයට ලබා ගනිමින් සිටින බවයි. එනම් solar, wind, geothermal, biogas fuel cells ආදී ආකාර භාවිතාව ඔස්සේ වඩාත් පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වයකට තමන් පිවිස ඇති බවයි. මේ වන ඇපල් ආයතනය පමනක් නොව going green ආකාරය ගන්නා ආයතනයන් වීමට ප්‍රධාන පෙලේ අනෙකුත් තොරතුරු තාක්ෂන ආයතනයන් වන Intel, Google, Microsoft ආයතනයන්ද කටයුතු කරමින් සිටින අතර ඇපල් ආයතනය තම භවිතාවට recycled paper ආකාර යොදාගනිමින් වඩාත් හිතකර පරිසරයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවට පවසා සිටිනවා.

Posted in Apple |

Windows පරිසරයේ QuickTime video player භාවිතයට අනතුරු ඇගවේ…

               ආරක්ශාව සම්බන්දිත ඇමරිකානු  ආයතනයක් නිවේදනය කරන්නේ “Apple Inc’s QuickTime video player ය Windows මෙහෙයුම් පද්ධති පරිසරයකදී භාවිතාවන්නේ නම් වහාම අස්ථාපනයට කටයුතු කරන ලෙසයි. එහිදී පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් Apple ආයතනය මෙම ප්ලේයරයේ windows සදහා වන සංස්කරනය තව දුරටත් නඩත්තු නොකරන බැවින් හා දැනටමත් හඳුනා ගෙන ඇති දුරවලතා කිසිපයක් වාර්ථා වෙමින් ඇති නිසා තව දුරටත් එම මෙහෙයුම් පද්ධති වාතවරනය තුල භාවිතාව අනතුරු දායක යිය හැකි බවයි.  Quick Time 7 ප්ලෙයරය windows අවකාශය සදහා වන සංස්කරනය වන අතර පසුගිය ජනවාරියේ සිට මෙම මෘදුකාංගය සදහා යාවත්කාලීන නිකුත්කිරීම Apple ආයතනය අත්හැර දමා තිබෙනවා. මෙම අනතුරු ඇගවීම Mac computers අවකාශය සදහා වලංගු නොවන අතර Trend Micro වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ තවමත් මෙම දුර්වලතා ඔස්සේ හානිකරයන් ක්‍රියාත්මක වීම් හඳුන අගෙන නැති වුවද ආසන්න තත්වයක පවතින බවකි.

Posted in Apple, Windows |

iPhone SE ඇපල් වෙතින් නිවේදනය විනි.

                පසුගියදා තවත් ඇපල් හමුවක් නිමැවුනි. එහිදී  iPhone SE හා නව  iPad Pro පැමිනීමක් නිවේදනය වූ අතර Apple Watch වල නව පැමිනිමක් පිලිබදව වූ බලාපොරොත්තුව ඉ‍ටු නොවිනි. නමුත් Apple Watch වල මිළ ගනන් නම් $299  වල සිට වන පරිදි පහලට පැමිනෙන බවට නිවේදනය විනි. නමුත් එහිදී bands සදහා නම් නිවේදනය වීමක් සිදුවූ අතර එය “Spring lineup”  ලෙසට නම් කර තිබිනි. iPhone භවිතාවට නව කුඩා ප්‍රමානයේ හඳුන්වාදීමක් ලෙසට පැමිනි  iPhone SE නිකුතුව අඟල් 4 ප්‍රමානයේ නිමැවුමක් වුව්ද ප්‍රකාශ වූවේ භාවිතය අතින් බලසම්පන්න නිමැවුමක් වන බවයි.  A9 chip පතකින් සමන්විතව 12 මෙගා පික්සල් කැමරා හැකියාවක් එය හ්ගෙනැවිත් ඇති අතර 4K videos මට්ටමේ සහය ගෙනෙන බවට නිවේදනය විනි. Retina display වඩා ආකර්ශනීය තිර හැකියාවත් සමග හුරු බුහුටි භාවිතාවක් දෛනික ජීවිතයට එය ගෙනෙනු ඇති බවටයි විචාරනය වන්නේ. මීට අමතරව iCloud Photo Library සහය fingertip ආරක්ශිත බව සමග Apple Pay හැකියාව එය ගෙනැවිත් තිබීම වඩාත් ආකර්ශනීය වනු ඇති බවට පොරොන්දු පලවිනි. iOS 9 නව මෙහෙයුම් පද්ධති සහය සමග පැමිනෙන මෙම දුරකථනය වඩාත් වේගවත් LTE හා Wi‑Fi සහය ගෙනැවිත් ඇති බවට ප්‍රකාශ විනි.

Posted in Apple |

Apple ද තම platforms අනන්‍යතාවයෙන් පිටතට….

                 සමස්ථ තොරතුරු තාක්ශන අවකාශයේ ආකෘතිය සැලකිය යුතු ලෙසට නැවත විමසීම සියලු දිශාවන්ගෙන් පැමිනෙමින් තිබේ. Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති මූලික වෙලඳ පොලෙන් තීරනාත්මක වෙනත් දිශාවකට වන දිගුවක් ලබ ගන්නට කටයුතු කල අතර මේ වන විටසැලකිය යුතු සාර්ථක බවක් ඉන් අත්පත්කර ගනිමින් සිටින බවට සාධනය වෙමින් තිබේ. Apple හි  CEO වරයා වන Tim Cook මහතා තම සේවක හමුවක්  “town hall” වල දී පවත්වමින් පවසා සිටින්නේද iPhone මූලික වෙළඳ පොල වෙතින් විස්ථාපනයක් ලබන්නට කාලය එලබ ඇති බවකි. අට වසරක තම ප්‍රධාන උපාංගය මූලික ව සිදුවන වෙලඳ අවකාශය තවදුරටත් බලාපොරොත්තු තැබීම වෙනුවට අනෙකුත්  platforms දෙසට වන දියුනු කිරීම් කෙරෙහි වැඩි අවධානය යොදන්නට තීරනය කර ඇති බව පවසන්නට කටයුතු කෙරෙනි.  Apple Music සේවාව Android සමග මිතුරුකරවීම ,  iTunes සමග Windows යාවීම වැනි ඉදිරි අනගත සැලසුම් රාශියකට ඉගිකරන බවක්  මෙහිදී කැපී පෙනිනි.
සමස්ථයක් ලෙසට සැලකීමේදී ප්‍රධන පෙලේ ආයතනයන් වන Microsoft, Google ඇතුලු තොරතුරු ලෝකයේ යෝධයන් තව දුරටත් තම අනනය platforms වලින් මිදී විවෘත අවකාශයකට පැමිනීම භවිතාකරන්නන් හට වඩාත් සිත්ගන්නා සුලු නිදහසක් ලැබෙන බවට අනුමාන කල හැකිවා මෙන්ම වඩාත් හොඳ සේවාවක් සදහාද එය මනා සහයක් වනු ඇති බවට බලපොරොත්තු තැබිය හැක.

Posted in Apple |

Apple Music භාවිතාව ඉහලට…

       තව දුරටත් අන්තර්ජාලය දෑ download කරන්නට ඉඩසලසන යුගය පසුකර ක්‍රමයෙන්  streaming යුගය වෙතට පිවිසෙමින් ඇති බව සනාත කරවන පුවතක් apple වෙතින් වාර්ථා වෙමින් තිබෙනවා. පසුගිය වසරේ ජූනි මාසයේ ආරම්භකරන ලද Apple Music වෙතට මුදල්ගෙවා සේවාව ලබන මට්ටමේ 10 million subscribers ප්‍රමනයක් එකව ඇති බවටයි පැහැදිලි කරන්නේ. දියත්කර මාස හයකට ආසන්න කාලයකදී මෙම අවධානය දිනා ගන්නට ඔවුන් සමත්වූ අතර Spotify වෙතට මෙම සංක්‍යාව ආසන්න කරන්නට වසර කිහිපයක් ගතවූ බවටයි වාර්ථා වෙන්නේ. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ download ප්‍රියතාවය මීට සාපේක්ෂව වේගයෙන් පහල බසිමින් තිබෙන බවයි. සමස්ථයක් ලෙසට සැලකීමේදී music consumption වලදී streaming ආකාරය වේගයෙන් ඉහල යමින් ඇති අතර Spotify හා Apple Music  මේවා අතර ඉහලින්ම වන app ලෙසට පිලිගැනෙනවා.

Posted in Apple, Digital life styles |

iPhone 6S හා iPhone 6S Plus නිවේදනය වේ….

     Apple ආයතනය මේ වන විට iPhone 6S හා iPhone 6S Plus නිල ලෙසට නිවේදනය කොට ඇත. ඊයේ සිදුවූ මෙම නිකුතුවේ වන ප්‍රධානතම සිත්ගන්නා සුලු අංගයක් වන්නේ එය multi-touch gesture technology එනම් ‘3D Touch’ display එකකින් සමන්විතව පැමින තිබීමය. 2007 වන විට ඇපල් ආයතනය තම iPhone සමග Multi touch මුලින්ම ගෙනෙන ලද අතර අදව විට එය ජංගම දුරකථන අතර අනිවාර්ය අංගයක් තරමට ප්‍රචලිතව භාවිතාවේ. එම භාවිතාවට නව මානයක් ගෙනෙන ‘Peek’ හා’Pop’ හැසිරවීම සමග iOS 9 භාවිතාකරන්නගේ තිරය සමග කටයුතු කිරීම වඩාත් පහසු නව ආරක් ‍රැගෙන විත් තිබේ. මෙහිදී භාවිතාකරන්නා app ක්‍රියාකාරකමක් විවෘත කරන ආකාරය හා එය සමග අන්තර්ක්‍රියා කරන ආකාරය වඩා පහසු සරල කර තිබේ.
ඔවුන්ගේ ‘Force Touch’ technology සමග තිරය මතට යෙදෙන පීඩනය අනූව ලැබෙන වැඩි ක්‍රියාකාරකමක් ගෙනවිත් ඇති අතර උදාහරන ලෙසට පෙන්වා දෙන්නේ long press එකක් සමග අදාල app එක සමග වන අනු ක්‍රියාකාරකම් වලට shortcuts ලැබෙන අතර deep මෙහෙය වීමක් සමග එවායේ වන specific features වෙතට ඉක්මන් පිවිසීමක් ලබා ගත හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පවසන්නේ app සංවර්ධකයින් සදහා මෙම නව gestures හා pressure inputs සමග තම app සදහා වඩාත් පහසු හැසිරවීම් එක් කරන්නට හැකි වන බවයි. එසේම නව දුරකතනය සමග පැමිනෙන iSight camera ඔස්සේ 12-megapixel sensor හැකියාව නිසා 4K resolution වීඩියෝවන් හා panoramic images වඩාත් පුලුල් ආකාරයකට ලබා ගන්නට හැකි වනු ඇති බවකි.

Posted in Apple, iOS, Phone |

Windows 10 සදහා Mac ද සූදානම්ය…

    Microsoft ලොව බහුල Pc මෙහෙයුම් පද්ධතිය බව දිනා ගන්නා විට තවමත් ලොව විධිමත් පරිගණක භාවිතය දිනා ගන්නට Apple සමත්ව ඇත. එසේමුත් පැමිනෙමින් ඇති භාවිතාකරන්නන්ගේ බහුල හා නිරන්තර භාවිතාව හමුවේ මේවාට තව දුරටත් වෙන්ව සිටින්නට නොහැකි වීම පැහැදිලිය. Apple ආයතනය මෙම අභියෝගයට මුහුන දෙන්නේ තම Mac පරිගණක තුලට සංයුත්තව පැමිනෙන Boot Camp software සමග  dual-boot හැකියාව ලබා දීම තුලිනි. මේ වන විට ඇපල් ආයතනය නිල ලෙසට windows 10 භාවිතාවට සූදානම් බව නිවේදනය කර සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ අවශ්‍ය drivers මේ වන විට සූදානම් බවයි. මෙම භාවිතාව සදහා  Windows 10 ISO ගොනුවක් හා key අවශ්‍ය වන අතර යන්ත්‍රයේ Fusion drive වන විට spinning platters මත ස්ථාපනය සිදුවනු ඇති බවට පැහැදිලි කෙරෙනවා. Boot Camp 6 සමග පැමිනෙන සහය සමග windows 10 සදහා USB 3, USB-C, Thunderbolt, SD/SDXC, හා Superdrive වන බවටද විස්තර වනවා.
හදාරන්නන් පවසන්නේ භාවිතාකරන්නන් මෙම තේරීමට යායුත්තේ තමන් game හෝ intensive application භාවිතාවක් සදහා windows 10 අවශ්‍ය  වන අවස්ථාවලදී වන විට සරල අවශ්‍යතා වලදී  Parallels හෝ VMware භාවිතාවකට පිවිසීම වඩාත් සුදුසු වනු ඇති බවටයි.

Posted in Apple, Windows 10 |

Apple Watch සදහා එන wiPowerBand

   Apple Watch යනු පලඳින අකාරයේ නැතිනම් wearable ආකාරයේ උපාංග අතර වඩාත් අවදානය දිනාගත් උපාංගය ලෙසට පිලිගැනේ. වඩාත් සුමට හා පහසු ආකාරයට තොරතුරු අවකාශය භාවිතාවට ඉඩසලසන අනගත තොරතුරු උපාංග පිලිබදව හදාරන්නන් මේ බව සඳහන් කර සිටිනවා. මෙම Apple උපාංගය විචාරනය වන්නේ ස්ටීව් ජොබ්ස් ගෙන් පසුව ඇපල් ආයතනය ගෙන ආ වඩාත් නිර්මාණශීලී උපාංගය ලෙසටය. කෙසේ නමුත් මෙම උපාංගය පිලිබදව වන ප්‍රධානතම ගැටලුව වූවේ එහි battery lifeය කෙටිවිමය. Apple ආයතනය wiPowerBand හඳුනවා දෙමින් මේ සදහා සැලකිය යුතු විසදුමක් ‍රැගෙන එනන් බවටයි පවසා සිටින්නේ. polymer, soft silicone හා rubber skin සමන්විතව නිමවන මෙහි 250mAh batteryයකින් සමන්විත වන අතර එය Lightning cable එකක ඔස්සේ බල ගන්වන්නට හැකිවනවා. මෙම සහයකය 4mm ඝනැති හා 20 grams බැ‍රැතිව නිමවා තිබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. 38mm හා 42mm ප්‍රමාන දෙකෙන් පැමිනෙන මෙම නිකුතුව ඩොලර් 99ක් මිලැතිව එලබෙන May/June වලදී වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වනේ.

“Spring Forward” නිමාවිනි!!

  ඇපල් ආයතනයේ “Spring Forward” පසුගියදා පවත්වත්වන්නට කටයුතු කරනු ලැබුවා. ගෙවීගිය වසරේ සිටම බොහෝ දෙනාගේ අවධානය ලබා සිටි Apple Watch පිලිබදව තොරතුරු එහි මිළ ගනන්ද ඇතුලුව ප්‍රකාශයට පත්වූ අතර Apple TV වල මිළ ඩොලර් 69 දක්වා පහතට ගෙන ඒම පෙර සංස්ක්‍රන හා සැසඳීමේදී 24%ක සිහින් නිමාවක් ගෙනෙන MacBook වල නව සංස්කරනය හඳුන්වා දීම මෙන්ම නව app හඳුන්වාදීමක්ද එහිදී පැහැදිලි කෙරුනා. Apple Watch සමග හුදු කාලය ප්‍රකාශ වීම හැරෙන විට iPhone සමග වඩාත් නම්‍යව කටයුතු කරන්නට හැකියාව එනම් පැමිනෙන ඇමතුමක් සදහා පිලිතුරු දීමේ හැකියාව ඇතුලු පනිවිඬ යැවීමේ හැකියාව, පහසුවෙන් නැවත බල ගැනිවීමේ හැකියාව, සෞක්‍ය තොරතුරු සමග කටයුතු කිරීමේදී නව app සමග භාවිතකරන්නා හට විවෘතවන නව අවස්ථා ආදී තොරතුරු ‍රැසක් එහිදී හෙලි Apple Watch සමග garage door විවෘතකිරීමක් සජීවිව ගෙනෙමින් උපාංගයේ හැකියා වපසරිය වඩාත් නව මංපෙත් ඔස්සේ දිග හැරෙමින් තිබෙන බවට අනාගත දැක්මක් පැහැදිලි කරන්නට ආයතනය සමත්වූවා. මිල ගනන් සැලකීමේදී භාවිතාකරන්නාගේ කැමැත්ත අනූව විශාල වපසරියක තේරීම් අවස්ථා දැක්වෙන අතර 38- හෝ 42 mm ලෙසට මුහුනතේ ප්‍රමානය අනූව $349 – $399 දක්වාද , Band එකෙහි නිමැවුම අනූව $549 හා $1,099 වැනි තොරා ගැනීමේ හැකියාවන් වන බවටයි තොරතුරු වැඩි දුරටත් පලවන්නේ. එක බල ගැන්වුමකින් පැය 18ක භාවිතකාලයක් පිලිබදව සඳහන් කරන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවා.
MacBook Air හා iPad Air උපාංග අතරට පැමිනෙන 12-inch MacBook පිලිබදවද තොරතුරු හෙලිවූ අතර එහි වන USB Type-C technology ඔස්සේ එක සබඳතාවයක් ඔස්සේ charges, connects to HDMI හා USB සම්බන්ද වීමේ හැකියාව පැහැදිලි කිරීම සිත්ගත් අංගයක් වූවා. සියට 30ක බල පිරිමැසුමක් ‍රැගෙන එන Display((2304 x 1440- පික්සල) ව සමග වන මෙම උපාංගය සමග එක් බල ගැන්වුමකින් පැය10ක වීඩියෝවන් නැරබීමේ හැකියාව මෙන්ම පැය 9ක බ්‍රවුසර හැකියාවක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. 8GB of RAM හා 256GB SSD සිට ඉහලට සමන්විතව පැමිනෙන මෙහි මිළ ගනන් $1,299 සිට ඉහලට බවට පැවසෙනවා.HBO සමගද සම්බන්දවන Apple TV වල මිළ ගනන් පහල දැමීමද මෙහිදී ප්‍රකාශ වනු ලැබුවා.

Posted in Apple |