IBM හා Swiss Federal Institute of Technology (EPFL) වල හදාරන්නන් පිරිසක් පවසන්නේ තමන් data-storing mechanism එකක් අත්පත්කර ගනිමින් සිටින බවයි. ඔවු පවසන්නේ තමන් එක atom එකක Bits එකක දත්ත රදවන වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් දියුනු කරමින් සිටින බවයි. වෙගවත් වෙමින් ඇති තොරතුරු තාක්ෂනය සැලකීමේදී දත්ත ‍රැදවීම නැතිනම් ගබඩා කිරීමද වැදගත්ම අංගයක් වෙමින් ඇති අතර වඩාත් කාර්යක්ෂම අවකාශයක් මේ සදහා සොයා ගැනීමේ උත්සාහය නිරන්තරයෙන් කෙරෙමින් තිබෙන්නෙකි.
මෙම හදාරන්නන් පවසන්නේ තරමක් දුර්ලභ ලෝහයක් වන Holmium භාවිතාකරමින් 5 Kelvin තරම් අඩු උෂ්නත්වයක් යටතේ microscope තත්වයන් යටතේ මෙම දත්ත කියවන්නට තමන් සමත්ව ඇති බවයි. මේ හා සමාන තාක්ශනයන් මේ වන විටත් තවත් ආයතනයන් විසින්ද අත්පත්කර ගෙන ඇති අතර පසුගියද කියවුනේ DNS යොදාගෙනද දත්ත විශාල පරිමානයෙන් ‍රැදවීමේ හැකියාවක් මේ වන විට අත්පත් කරගනිමින් සිටින බවයි.