Back to Top

Author Archives: admin

About admin

Siriwansa is the founder of Avissawella.com, pariganakaya.com, seethawakapura.com and works with happy companies to execute thoughtful brand strategy and friendly design across various platforms. He is a Website designer, developer, Writer and tutor in Avissawella, Sri Lanka.

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (9)

එක්වන රාජසිංහයන්ගේ මරණයෙන් පසු රාජසූරිය කුමාරයා සීතාවක රජකමට පත්විය. ඉන් පසු එල්ලාවල උන් රාජසූරිය කුමාරයින්ට රාජ්‍ය බාරකරවා සිංහසනා ප්‍රාප්ත කලහ. යන පාථය විනා රාජසූරිය කගේ කවුදැයි රාජාවලිය නොදක්වයි. ඔහු රාජසිංහ රජුගේ වැඩි මහල් පුත්‍රයා බව කූ‍තෝ දක්ව ඈත. රාජසූරිය, එකවන රාජසිංහ රජුගේ මුනුපුරෙකු බව වැලන්ටයින් සදහන් කරයි. රාජසිංහ රජුට බිසෝවරුන් කිහිපදෙනෙකු සිටි බවත්, රාජ්‍යයට හිමි කුමාරයා කලින් මරවන ලද බවත් සදහන් කරන ක්වේරෝස් වාර්ථාව මෙහිදී වඩාත් වැදගත් වෙයි. මේ අනූඋව රාජසූර්ය ප්‍රධාන බිසවගේ පුත්‍රයා නොවන බවට සැකයක් මතුවෙයි. මොහුගේ මරනයද ඉතා රහසිගත අන්දමින් සිදුවීමද මේ සැකයට හේතුවේ. රාජසූරිය කුමරු රජු බවට පත්වූ පසුද දොඩම්පේ ගනිතයාගේ දුව සමහ පැවත්වූ අනියම් සම්බන්දය නතර කලේ නැත. සම්බන්දය වඩාත් ඉතිර තත්ව්යට පත්කිරීම සදහා කටයුතු කල රාජසූරිය කුමරු ඇය සීතාවකට කැදවා ගෙන වුත් මානියම්ගම එක්තරා ස්ථානයක රඳවා හැමදාම රාත්‍රී එතැනට යමට පුරුද්දක් කරගෙන සිටියේය. දොඩම්පේ ගනිතයාගේ හා රාජසූරිය අතර සම්බන්දය නිසා රාජ්‍ය බලදරයා බවට පත්ව සිටි මාන්නප්පෙරුම මොහොට්ටිගේ සහය රාජසූරියට නොලබෙන්නට ඇත. මේ වන විට මායාදුන්නේ රජුගේ දියනිය වූ බිසෝ අදහසින් රාජ්‍ය ලබා ගැනීමට කුමන්ත්‍රනයක් කලාය. ඇය කලින් වීදියේ බන්ඩාරට විවාහ කරදෙනු ලැබ සිටියාය. වීදීයේ බණ්ඩාර කල අතවර නිසා මායාදුන්නේ රජුගේ නියමය පරිදි රාජසිංහ කුමරු එවකට වීදියේ බණ්ඩාර සිටි පෑලෑඳ නුවරට පහර දී බිසෝ අදහසින් හා ඇගේ බාල දියනියත් අල්ලා ගෙන සීතාවකට කැ‍ටුව ආවේය. ඉන් පසු ඇය මත්ත්මගොඩ පදිංචියට ගියාය. මේ අවදියේදී ඇය වෙනත් අයෙකු හා නැවත විවාහ සිටින්නට ඇත.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (10)

සීතාවක සේනාව රාජසූරිය කුමරුගේ අකටයුතු බිසෝ අදහසින්ම දන්වා යැවූ පසු, කඳුරගස් කපොල්ලේ උන් මාන්නප්පෙරුම මොහොට්ටාලට පනිවිඬ යවා ගෙන්වා මෙයට සුදුසු පිලියමක් යොදන ලෙසට දන්වා සිටියාය. මාන්නන්ප්පෙරුම් මොහොට්ටාල රාජසූරිය කුමරුදොඩම්පේ ගනිතයාගේ දුව උන් වාඩියට රාත්‍රියේ ගිය පසු පහර දී කුමාරය මරන ලදී. ඉන් පසු සීතාවක රජ බවට පත්වූවේ බිසෝ අදහසින්ගේ පස් හැවරිදි කුමාරයාය. මේ කුඩා කුමාරයා රාජ්‍ය උරුමයේ තබා බිසෝ අදහසින් හා මාන්නප්පෙරුම මොහොට්ටාල රාජය පාලනය කල බව සිතා ගත හැකිය. මේ සිද්ධිය හා සසධන විට රාජසූරිය කුමාරයා මැරවීමට බිසෝ අදහසින් හා මාන්නප්පෙරුම මොහොට්ටාල කුමන්ත්‍රනයක් කල බව සැලකීම වඩාත් යුත්ති සහගතය. මේ කුමාරයාගේ නම හෝ පියා හෝ ගැන යමක් රාජාවලියේ සදහන් නොවේ. මේ සිද්ධිය කූ‍තෝ ක්වේරෝස් යන දෙදෙනා ගේම වාර්ථාවල දැක්වේ. එහෙත් නම සදහන් වන්නේ ක්වේරෝස් ගේ වාර්ථාවේ පමනී. ක්වේරෝස් මේ කුමාරයාගේ නම “නිකපිටිය අදහසින්” ලෙස වාර්ථා කරයි. අද හසින් යනු කුමාරයා කුමාරිය යන දෙකටම භාවිතාකල පොදු වචනයක් වූවෙන් ඔහුගේ නම නිකපිටිය කුමාරයා, නිකපිටිය බණ්ඩාර විය.
බිසෝ අදහසින් හා මාන්නප්පෙරුමමොහොට්ටාලගේ කුමන්ත්‍රනය මෙතැනින් කෙරවල නොවීය. රාජ්‍ය නිලධරයෝ ඔහු කෙරෙහි විරුද්ධ වූහ. උපහාසාත්මක කවි පද බැඳ සීතවක වීදි වල මහ ජනයා ලවා කියවූහ. මෙයින් මහජනයාට මුහුන දීමට නොහැකි වූ මොහොට්ටාල මොරවත්තට ගොස් සිටියහ. බිසෝ අදහසින් පනිවිඬයක් යවා නැවතත් සීතාවකට ගෙන්වා ගත් මනම්පේරි මොහොට්ටාලට පෙර සේම උපහාසාත්මක ගායනා වලට මුහුන දිමට සිදුවූ නිසා තද බල ලෙස කනස්සල්ලට පත්විය. සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධයත්, අපහාසත් විඳ දරාගත් නොහැකි වූ මාන්නන්ප්පෙරුම මොහොට්ටාලගිරාඉඹුලේ කො‍ටුඅට ගොස් අඟුලග නැගී රහසේම කඩුදෙවොල රග්ගහ වහ්තට පැමින එතැනින් කොළඹට වෙස්වලාගෙන ගොස් ධර්මපාල රජු හමුවිය. ධර්මපල රජුද “ජයවීර බණ්ඩාර” යන පටබැඳි නාමය දී තමාගේ සේනාවට සම්බන්ද කර ගත්හ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (11)

ධර්මපාල රජුට හා පෘතුගීසීන්ට සීතාවක යටත් කර ගැනීමට බලවත් ආශාවක් තිබුනත් එයට එකම බාදාව වූවේ එකවන රාජසිංහ රජුගේ හා මන්නප්පෙරුම මොහොට්ටිගේ යුධ උපංක්‍රමයන්ය. රාජසිංහ රජු නැති නිසා මාන්නප්පෙරුම මොහොට්ටාල තම පක්ෂයට පත්ව ඇති නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ ධර්මපාල රජු කොට්ටේ හා ප්‍රතිකාල් සේනව සමග ජයවීර බණ්ඩාරගේ නායකතයෙන් යුතු හමුදාවක් සීතාවකට එවීය. මාස තුනක් පමන සුළු කාලයකදී සීතාවක ආක්‍රමනය කල හමුදාව ගෝනියක සැගවී ඇතින්නක පිට නැගී පලා ගිය බිසෝ අදහසින් දෙනවකගේ අල්ලාගෙන සීතාවක ගෙන ආවේය. බිසෝ අදහසින් මෙහිදී මරනයට පත් වූ අතර කුමාරයා පෘතුගීසී හමුදාව බාරයට පත්විය. ඉන්පසු සීතාව රාජ්‍යය ධර්මපාල රජුගේ බලයට යටත් විය.
පස් හැවැරිඳි වයසේ සිටි නිකපිටිය බණ්ඩාර නම් මේ කුමාරයා පෘතුගීසීන්ගේ භාරයට පත්වූ බව රාජාවලි කතෲ ස්ථිරවම කියයි. කොළඹ කො‍ටුවට ගෙන ගිය නිකපිටිය බණ්ඩාර පෘතුගාලයට යවනු ලැබීය. ක්‍රි.ව. 1608 දී පෘතුගාලයේ කොයින්බ්‍රා නගරයේදී මේ කුමාරයා කළුරිය කලේය. ක්‍රි.ව 1521 දී ප්‍රාදේශීය රාජයයල් වශයෙන් ආරම්භ වූ සීතාව්කා රාජ්‍යය වර්ෂ 71ක් පමන කාලයකදී ප්‍රබල රජයයක් බවට පත්විය. ක්‍රි.ව. 1557 දී කෝට්ටේ ධර්ර්මපාල රජ තුමාකිතු සමය වැලඳ ගැනීම නිසා එකම ප්‍රබල රජ්‍ය සීතාවක බවට පත්විය. දලඳා වහන්සේගේ අයිතිය සීතාවකට අයත් වීම නිසා ලාංකා රජ්‍යයේ උරුමය සීතාවකට හිමිවිය. එකවන රාජසිංහ රජුගේ රණ ශූරත්වයත් යුධ උපංක්‍රමත් නිසා උතුරේ හා බටහිර වෙරලේ ඉතා සුළු කොටසක් හැර මුළු දිවයිනෙ ප්‍රාධන රාජ්‍ය බවට පත්වීමට හැකිවිය. එසේම රාජසිංහ රජුගේ මරණයෙන් පසු තුන් අවුරුද්දක් පමන වූ සුලු කාලයකදී එහි සම්පූර්න පරිහනියද සිදුවිය.
එක්වන රාජසිංහ රජු නිර්භීත රණ ශූරයෙක්ද, අපකීර්තිමත් පුද්ගලයෙක්ද වූයේ අවුරුදු දොලහේ කාලයේ සිට වර්ධනය වූ රාජසිංහ රජුගේ ‍ටුද්ධ දක්ශතාවය පැලැඳ නුවරින් හා මුඩකොන්ඩ පොල නුවරින් වීදියේ බන්ඩර පලවා හැරීම, 1561 දී මුල්ලේරියා සටනින් පෘතුගීසීන් පරාජය කිරීම , 1564- 1579 , 1580 යන වර්ෂවලදී කොළඹ කො‍ටුව වටලෑම යන සටන් වලදී වඩාත් ප්‍රසිද්ධියට පත්විය. ලංකවේ පමනක් නොව යුරෝපයේද ඔහුගේ දක්ශතාවය පැතිර ගියේය. ඔහු වහා කිපෙන සුළු පුද්ගලයෙක් විය. කෝපාවිෂ්ඨ වූ විට නීතියක් හෝ යුත්තියක් නොසැලකුවේය. සිව සමය වැලඳ ගත්තේය. වීර සුන්දර බණ්ඩාර උපයෙන් මැරවීය. කුඩා කල සිට තමා හා එකට සටන් කල වික්‍රමසිංහ මුදලි වස දෙවා මැරුවේය. ප්‍රීතූ ඝාතක නමක්ද පට බැඳුනි.මේ නිසා එක්වන රාජසිංහ රජු අපකීර්තිමත් පුද්ගලයෙක්ද විය. එම නිසාම පලවා හැර සිරිලක එක්සේසත් කිරීමට ඔහු තුල තිබූ උතුම් අදහස මල්පල ගැන්වීමට අවස්ථාව නැතිවී ගියේය. සීතාවක රාජ්‍යය අවුරුදු 70කින් පමන අවසන් වීම නිසා එහි තොරතුරු විමසා බැලීමට තරම් ප්‍රමනවත් නටඹුන් ගොඩ නැගිලි සංක්‍යාවක් නැත. ලිපි ලේඛන, ශීලා ලේඛන නැත. ප්‍රමානවත් සාහිත්‍ය කෘතීන් නැත. සීතාවක රාජධානිය තුල ක්‍රමානුකූල පුරාවිද්‍යත්මක කැනීම් තවම කර නැත.ඒ නිසා ජනශෘතියේ නොනැනසී පවත්නා යම් යම් ඉස්ථාන හා සිද්ධීන් විමසා බැලීමෙන් රාජාවලිය වැනි පොත් පත් වලින්ද යුරෝපීය ලේඛක යන්ගේ වාර්ථාවලින්ද සොයා ගත හැකි තොරතුරු ‍රැසක් මතුකර ගත හැකිය.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

තිස් තුන්වන කොටස

ටිබෙටියානු මිතුරා මද විරාමයක් අනතුරුව පැහැදිලි යෝජනාවක් කරන්නට උත්සාහ කලහ. “මම හිතන්නේ ඔබ යෝජනා කරන්නේ වසර සිය දහස් ගනනක් පැරනි අපේ සංස්කෘතික ආකෘතිය තවදුරටත් ප්‍රායෝගික නැති බව වෙන්නට ඔනෑ. වඩාත් පැහැදිලිව කිව්වොත් ජීවවිද්‍යාත්මක හා ප්‍රාතමික සංස්කෘතීන් මුලික ආකෘතියක සිට අපට අවශ්‍ය වෙලා තිබෙනවා වඩාත් සංකීර්න දියුනු ආකෘතියක් කරා යන්නට. කොටින්ම කිව්වොත් වඩාත් දියුනු මානසික තලයක සිට ක්‍රියාත්මක වන අවට ලෝකය මීට වඩා සාර්ථකව පාලනය කරන මිනිසෙක් නිර්මාණය කර ගන්නට.” ඔහුගේ විමසිලිමත් බැල්ම අපගේ දෙබස දිගේ වඩාත් ගැබුරට යන්නට මට ආරාධනවක් සේය. “මමත් හිතනවා., මට මතකයි වරක් අපේ හැදෑරුම් ආයතනයට පැමිනි සංචාරක දෙශකයෙකු මතුකල අපූරු අදහසක්. ඔහු කියනවා පාලනය කිරීම ඔස්සේ පරිසරයෙන් අපට එන බොහෝ ගැටලු වලට පලමු හේතුව තමයිලු ඒව හරිම ප්‍රාතමික විදිහට පාලනය කරන්නට උත්සාහ කිරීම. මම හිතනවා මේ ගැමියෝ වගේ විය යුතුයි කියලා. ඔවුන් පරිසරය සමග ගැටෙනවා වෙනුවට සහයෝගයෙන් කටයුතු කරනවා. හරියට පෘතුවි ජීවදාමයේ ඉහලින්ම සිටින ජීවියා තමා උනාට ඒ ගැන වැඩිය ආඩම්බර නොවෙනවා වගේ ස්වභාවයක් ඔවුන් තුල තිබෙනවා. ඇත්තෙන්ම ඔවුනුත් තම පරිසරය වෙනස් කරනවා තමයි. හැබැයි හරිම සංයමයකින්. එරෙහිව නොවෙයි සහයෝගයෙන්. හරියටම කිව්වොත් ගැමියා කියන වචනයට පවා නව අර්ථයක් ඔවුන් ඇසුරේදී අපට අලුතින් සොයා ගන්නට සිදුවෙනවා”. අප සටහන වඩාත් අර්ථවත් තලයකට කැඳවන්නට අවශ්‍ය ප්‍රධාන කරුනු බොහොමයක් ‍රැස්ව ඇති බව පැහැදිලිය. ඇයගේ අපූර්ව සහයෝගය උනන්දුව සමග යලිත් උද්‍යානය, නගර කෙරවලේ වන කඳුමුදුනත, අවන්හල වැනි මිත්‍ර පරිසරයන් වඩාත් නිර්මාණශීලීව මේ සටහන් තබ අවසන් කරන්නට අපට සහය වනු ඇත. (68)
හිරු දවස ඇරබෙනවාත් සමග ආශ්‍රම ප්‍රධාන දොර‍ටුව පසුකරලන්නට හැකි විය. ප්‍රමානවත් වේගයක් රඳවාගන්නට හැකි වුවහොත් රාත්‍රිය සමග අඩුම තරමින් අවසාන ගම්මානයේ කදුමුදුනත පසුකරන්නට හැකි වනු ඇත. ගම්මානයේ රත්‍රිය ගතකරන්නට හෝ ගැම්වැසියෙකුගේ සහය ඇතිව ආපසු ආශ්‍රම භූමියට නැවත පැමිනීම එතරම් අපහසුවක් නොවනු ඇත. ප්‍රානවත් උදෑසන ප්‍රබෝධය හාත්පස පිරී ඉතිරී ඇතුවා සේය. ක්‍රමයෙන් වැඩිවන සියත් නාදය ගමන් වෙහෙස නිවාලන්නට ඔසුවක මෙනි. තම වගා බිම් කරා එන ගැමියන් එකිනෙකා හමුවීම සිත හුදකල බවින් මුදවන්නට වදනක දෙකක කුඩා දෙබස මහත් සහයකි.
” මා කෙටි කාලයකට හැදෑරීම් ආයතනය වෙතට ගොස් සිටී. එලබෙන කෙටි කාලයකින් නැවත අප නගරය වෙතට පැමිනෙන්නට සැලසුම්ව ඇත. මා ඉතා කැමැහ්තෙන් අප නැවත හමුව වෙතට බලාපොරොත්තු තබා සිටිමි. ඔබ යොමුලර තිබූ බොහෝ කරුනු පිලිබදව ආයතනයේදී කරුනු ‍රැස්කරගන්නට කටයුතු කරමින් සිටිමි. ඔබ ආශ්‍රමයෙන් පිටත්වූ වහාම මාවෙතට පනිවිඬයක් තබන්නට අමතක නොකරන්න”. බලපොරොත්තු වූ පරිදිම මහත් ධනාත්මක ප්‍රථිචාරයක් ඇය වෙතින් පැමින තිබේ. මදපමනක හෝ දෙගිඩියා මනස විසින් අඩපනකොට තිබූ උනන්දුව ක්ශනිකින් දැල්වූවා සේ දැනිනි. අවශ්‍ය වන පොත්පත් කිහිපයක් හා සටහන් කොල ආදී අඩුපාඩුකම් කිහිපයක් නගරයේ පොත්හල් වෙතින් මිලදී ගත් මා ලහි ලහියේ අදුරට පෙර ආශ්‍රම භූමිය වෙතට එන අටියෙන් ආපසු ගමන් ඇරබුවෙමි. දැල්වෙන බලාපොරොත්තු විසින් ජීවිතය අවධිකරවන ආකාරය පුදුමාකාරය. “ජීවිතයට නිරන්තරයෙන් බලාපොරොත්තු නොපැමිනීම තරම් භ්‍යානක අතරමංවීමක් තවත් නැත” වරක් අප අධ්‍යාන ආයතනයේ ‍රැඟ දැක්වූ අපූර්ව වේදිකා නාට්‍යයක තේමා සටහනක් සිතට පැමිනියේ නිතැතින්ය. බලපොරොත්තුවත් බව හා බලාපොරොත්තු අහිමිවීම අතර ජීවිතය දෝලනයවීම අතර මනා නාට්‍ය රසයකින් ප්‍රේක්ශක මනස රසවත් කරන්නට එම නිර්මානයට හැකිවිය.(69) Pubudu Siriwansa

හයවන සටහන..

මෙහි ස්වභාවය එලෙසය. පැමිනෙන ආගන්තුකයෙකුට එක්වරම ආශ්‍රමයේ කුටියකට යාමට අවස්තාව නැත. එය බල කිරීමක් නොව ආරාධනයකි. ගබඩාකරු එඋඅ පැහැදිලි කර දෙන්නේ ආශ්‍රමයේ රිද්මයට සුසර වන්නට අවශ්‍ය කාලය ලෙසටය. ලොකු ස්වමීන් වහන්සේවද වරක් දෙවරක් හමුවීමෙන් අනතුරුව ආශ්‍රමයේ ගැලපෙන කුටියකට ආරාධනාවක් ලැබීම සාමන්‍ය සිරිතය. වරක් මේ ස්වභාවය පැහැදිලි කරන ලෙසට අධ්‍යාන ආයතනයකදී හමුවූ මිතුරෙකු කල ඉල්ලීම මම මෙසේ පැහැදිලි කලෙමි. “ඒක හරියට වෙනම මෙහෙයුම් පද්ධයක් වෙතට පිවිසෙනවා වගේ වැඩක්. ඇයි ඉතින් මෙහෙයුම් පද්ධතිය වෙනස් කරන්නෙ නැතිව ඇප් එකක් වගෙ වුනොත්? තොරතුරු තාක්ශනය පිලිබදව වියත් ඔහු මගෙන් ප්‍රශ්න කොට සිටියාය. බැහැ…. දත්ත ගන්නා ස්වරූපයේ සිට ඒවා සමග කටයුතු කරන ආකාරය දක්වා සියල්ලම වෙනස්.කොටින්ම වෙනස්, සම්පූර්නයෙන්ම වෙනස්”. කෙනෙකුට මෙම වදන් වැල හාස්‍යයයක් ලෙසටද හැගෙන්නට පුලුවන. උපතින් ක්‍රිස්තියානු මහත්මයෙකු වූ ඔහු හට ඔහු වඩාත් ප්‍රිය කරන විෂය ස්වභාවයක් ඔස්සේ එය පැහැදිලි කිරීම වඩාත් පහසු වෙන්නු ඇති බවක් මම සිතුවෙමි.
මෙතෙක් කල් මා මිහිමත කල ජීවිත සක්මනේදී අපූරුතම දෑ කිහිපයක් හමුවී ඇත්තේය. තොරතුරු තාක්ශනය ඉන් එකකි. මා ජීවිත වරම් ලැබූ කාල වකවානුවෙහි එහි වැසියන්ගේ ජීවිත වඩාත් ප්‍රමෝදයට පත්කල විෂය එය යැයි මම සිතමි. අනෙක නම් සක්මන් මලුවයි. “මම” තුනී කර ගන්නට පමනක් නොව බුද්ධි අවකාශයෙහි නිදහසේ සරන්නටත්, නිර්මාන අවකාශයෙහි අපූරුදෑ සොයා බලා ගන්නටත් එය මහත් සහයක් ගෙනන සුලුය. බොහෝ විට ආගන්තුක අධ්‍යානයකට පැමිනි විගස නෙවාසිකාගාරය ලත් සැනින් සොයා බලන්නේ ඒ අවට ඇති ඔබ මොබ සක්මනට සුදුසු කුඩා බිම් තීරයකි. දේශනයකට පෙර අවසාන සූදානම රැගෙන එන්නේ ඒ මත කෙරෙන සක්මනක් සමගිනි. ආගන්තුක කුටියට ඉදිරියෙන් වන සුදුවැලි වැතිරූ සක්මන් මලුව සුපුරුදු සූදානමින් සිටින්නාක් වැනිය.
එහි කිසිදු වෙනසක් සිදුවී නැතිය. එහෙත් මහත් නැවුම් බවක් එහි ඇත්තේ කෙලෙසද යන්න ගැටලුවකි. සමහර විටක මෙහි වන අපූර්වත්වය මා සම්පූර්නයෙන් අත්පත් කර නැතුවා වීම එයට හේතුවක් වන්නට ඇත. අවට වන රූස්ස ගස් නම් නතර විටිනවා වැනිය. සක්මන් මලුව දෙපසින් වන කුඩා මලින් පිරි ගොමු නම් අතුපතර ලමින් වැඩී ඇත. කුඩා ගමන් මලුව පසක තබා ගබඩා භාරකාරතුමා විසින් පිලියල කොට තිබූ සයනයෙහි වැතිර ගන්නට සිත්විය. මහත් සුරක්ශිත බවක් සිත්පුරා දැනෙන්නට ගනී. යලිත් “ජීවිතය” නම් බර පොදිය පසක තබා ලන්නට අවස්ථාවක් පැමින ඇත. බොහෝ විට හමුවන තේරුම් නොමැති තරගයෙන් පසකට වන්නට අවස්ථාව පැමින ඇත. දිව්‍යවම සැහැල්ලු බවක් සිත්පුරා පැතිරේ.දවසේ වෙහෙස මෙන්ම ලත් සැහැල්ලුව සැහැල්ලු නිදිබර බවකට කැඳවනවා වියයුතුය. – Pubudu Siriwansa

නුදුරේදීම ambulance drone ඔස්සේ ප්‍රථමාධාර ඉක්මනින් එනු ඇත…..

  –  – බොහෝ විට තවමත් විධිමත් රටකදී පවා “හදිස්සි සේවාවක්” යම් ස්ථානයටකට ලගා වීමට විනාඩි 10-15 අතර වෙලාවක් ගන්නා බව සාමාන්‍ය අත්දැකීමකි. මෙම ප්‍රධාන නගරවල පවතින තදබදය මේ සදහා මුල්ම පෙලේ හේතුව ලෙසට සැලකේ. Heart Attack වැනි අවස්ථාවලදී මෙම ප්‍රමාදය රෝගියා වෙතට තීරනාත්මක වන්නේ 6 minutes ඇතුලත වැනි කාලසීමාවක් තුල ප්‍රථමාධාර නොපැමිනීම brain death තත්වයක් ඇතිවීමට බෙහෙවින් ඉඩ තිබෙන නිසාය. මෙම ගැටලුව වෙතට තම අවධානය යොමු කල නෙදර්ලන්ත හදාරන්නන පිරිසක් ගෙනෙන විසදුමක් වන්නේ hexacopter නොහොත් ambulance drone යකි. 60mph වේගයක් ඇතිව අවශ්‍ය ස්ථානය වෙතට පැමිනිය හැකි මෙම droneය අවශ්‍ය මූලික උපකරන වලින් මෙන්ම කැමරාවකින් ඇතුලු අදාල රෝගියා වෙතට සහය දැක්වීමට ඉදිරි පත්වන්නාට අවශ්‍ය උපදෙස් ලබා දීමෙ හැකියාවක් ලබා දෙන පාලක මැදිරියක සිටින වෛද්‍ය සහයකයා සමග හොඳින් සම්බන්දවීමේ හැකියාවෙන් යුත්ත බවටයි පැහැදිලි කෙරෙන්නේ. අවශ්‍ය වන defibrillators වැනි සහයක් පහසුවෙන්ම අදාල රෝගියා වෙතට ලබා දෙන්නට මෙම පහසුකම් සමත්වනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් පවසන්නේ දැනට මූලික පහසුකම් කිහිපයකට පමනක් මෙම ආකරයේ සේවාවක් සමන්විත වන සේ සැලසුම් උවද ඉදිරියේදී oxygenmask, EpiPen, insulin injectors වැනි තවත් පහසුක් වලින් සමන්විතව පැමිනීමේ හැකියාවක්මේවා වෙතට ලැබෙනු ඇති බවය. මෙම ආකාරයේ Drone සේවාවක් සදහා අවශ්‍ය නෛතික අවසරයන් , අඩු නිෂ්පාදන වියදම් වැනි ගැටලු විසදෙමින් දැනට ඇති අතර නුදුරේදීම මෙම පහසුව සාමන්‍ය භාවිතාවට පැමිනෙනු ඇති බවට විස්වාසය පලවෙමින් තිබෙනවා.

silicon transistors වෙනුවට පැමිනෙන්නට ඇති carbon nanotube transistors..

   silicon transistors වෙනුවට විකල්පයක් පිලිබදව අවධානය කාලයක තිස්සේ හදාරන්නන්ගේ ඉලක්කයක්ව තිබිනි. පලවන නවතම වාර්ථාවක් පවසන්නේ carbon nanotubes සමග smartphones, laptops, tablets සහ supercomputers සදහා කොටස් නිපදවා ගන්නට හැකිවා පමනක් නොව වඩාත් කුඩා හා බලයෙන් වැඩි මට්ටමේ සහයක් ඒවා ඔස්සේ ලබාගන්නට හැකි බවටයි ඔවුන් පවසන්නේ. විප්ලවීය වෙනසක් ගෙනෙන්නට සමත් වෙතැයි අනාවැකි පලවෙමින් ඇති මෙම නව භාවිතාව අඩු බල භාවිතයක් සමග අඩුවෙන් නිපැදවෙන තාපය වැනි දැනට භාවිතාවන ට්‍රාන්සිස්ටරයට සාපේක්ෂව වැඩි ලාභදායී බවක් මෙම  carbon nanotubes සමග ලබා ගන්නට හැකිවනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.Stanford University යෙහි විද්වතුන්  පිරිසක් පවසා සිටින්නේ තමන් මේ වන විටත් carbon nanotube transistors පමනක් භාවිතාවන සම්පූර්න ක්‍රියාකාරීත්වයක් ඇති  පරිගණකයක් නිපදවා ඇති බවකි. 20 වන ශත වර්ෂයේ බලගතුම සොයා ගැනීම බවට පිලිගැනෙන transistor නොපැමිනීයානම් තවමත් සර්වරයක් යනු මහල් තුනක ගොඩනැගිල්ලක ප්‍රමානය ගන්නා බවට කෙරෙන උපමාව ඔස්සේ එහි කාර්යක්ශමතාවය පිලිබද මනා වැටහීමක් ලබාගන්නට හැකි වන අතර වෙගවත් පරිගණක උපාංග දියුනුවත් සමග transistor වල හැකියා සීමාවට තාක්ශනය පැමින ඇති බව පසුගිය කාලයේ නිතර අසන්නට සිදුවනු ප්‍රකට පිලිගැනීමක්ව ඇත. එම සීමා ‍රැගෙන එන “Moore’s Law” මගහරින්නට නම් සිලිකන් වෙනුවට වෙනත් විකල්ප භාවිතයක් පිලිබදව දැඩි අවදානයක් ඇතිව තිබිනි.

අසිරිමත් තොරතුරු වසරක් වෙවා….

           Dec 31, 2015 6:46 pm – 2016 වසර Internet of Things (IoT) වසරක ලෙසට නම් කරන්නට හදාරන්නන් කැමතිව සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ ජීවිතය වටා ඇති බොහෝ උපාංග එකි නෙක යාවිමට වඩාත් පොලබවන සුලු වසරක වන්නට එය වඩාත් කැමති වනු ඇති බවයි. තවත් දෙසකින් විග්‍රහ වන්නේ “ජීවිතය වටා වන උපාංග ලෝකයට නව මානයක්” එක්වන වසරක් ලෙසට එය හඳුන්වන්නට හැකි වන බවයි. දැනට මත් ආරම්භව ඇති ස්මාර්ට් ශීතකරනය නැතිනම් ස්මාර්ට් රූපවාහිනියේ සිට නිවසේ විදුලි බල්බය දක්වා නැතිනම් ප්‍රධාන දොර‍ටුවේ අගුල දක්වා බොහෝ තැන් වෙතට සම්බන්දිත බව පැමිනීම ආරම්භ වනු ඇති බවට අනා වැනි පලවන්නේ වඩාත් විස්වාසනීය ආකාරයටය.
අධිවේගී අන්තර්ජාලය 2016 වන විට සාමාන්‍ය භවිතාවක් විමට අවශ්‍ය බව ද පැහැදිලිය. වඩ වඩාත් සංක්‍රියවන භාවිතාකරන්නගේ දෛනික ජීවිතට වටා වන තොරතුරු සංනිවේදන හැකියාවේ අවශ්‍යතාවය තව දුරටත් මන්දගාමී සබදතාවලට සපුරාලිය නොහැකි වනු ඇත. එක් පුද්ගලයෙක් වටා වන උපාංග අවකාශය වැඩි වෙන අතරම එම උපාංග වල වන online ක්‍රියාකාරකම්ද වෙගයෙන් වැඩි වෙමින් ඇත. පැමිනෙන තත්වය “ගිගා බිට්ස්”  සබඳතාවය සුපෝඛභෝගී මට්ටම කරනු ඇත.
ආරක්ශිත තොරතුරු  භාවිතාව 2016 සදහා වඩාත් අවධාරනය වන බවට දැනටමත් තොරතුරු හෙලි වෙමින් තිබේ. උපාංග තුල මෙන්ම උපාංග අතර තොරතුරු සබඳතාවය වඩාත් එන් ක්‍රිප්ට් වීම මෙන්ම උපාංග හා භාවිතාකරන්න අතර වන ආරක්ශිත සබඳතාවයද හිඳු අවසර පද වැනි ප්‍රාථමික ආකාරවල සිට වඩාත් ජීව විද්‍යාත්මක දත්ත දක්වා ඉලක්ක ගතවීම 2016ට ඉලක්ක ගතවෙමින් තිබේ. හදාරන්නන් දැනටමත්  Internet of Things (IoT) අවකාශයේ දී විධිමත් ආරක්ශිත බව අත්‍යාවශ්‍ය බව පැහැදිලි කර ඇත.
intelligence බව 2016දී තොරතුරු ලෝකය මතට පැමිනෙන මීලග ප්‍රධාන ඉලක්කයකි. වඩාත් ස්වාධීනව හැසිරියහැකි මෘදුකාංග මෙන්ම උපාංග පිලිබද බලාපොරොත්තුව 2016 දී වඩාත් කැපී පෙනෙනු ඇත. – Pubudu Siriwansa

Posted in Digital life styles |

2016 හොරතුරු ලෝකයට කොහොමද?

         Dec 26, 2015 1:06 am –  2016 ගැන තොරතුරු ලෝකය තබා ඇත්තේ වඩාත් දිදුලන බලාපොරොත්තු බව කිව යුතුම නොවේ. වේගයෙන් ජීවිත අවකාශයන් වෙතට වන ප්‍රවේශයන් පුලුල් කර ගන්නට තොරතුරු තාක්ශනයට වන අවශ්‍යතාවය වඩාත් වේගවත් වන වසරක් ලෙසට හදාරන්නන් 2016 දැන බලාපොරොත්තු පල කරමින් සිටී. බලාපොරොත්තුවෙමින් ඇති රිනාත්මක කරුනකින් සටහන අරබන්නේ නම් ඔවුන් යෝජනා කරන්නේ විධිමත් අත්හදා බැලීම් නිසි ලෙස නොසපුරන තාක්ශනයන් හා උපාංග භාවිතට පැමිනීම වඩාත් තීව්‍ර කරවන වසරක් ලෙසට 2016 දෙසට පෙර නිගමනයක් තැබිය හැකි බවය. භාවිතාත්මකව මෙන්ම තාක්ශනිකව නෙක ආකාර ගත් අපහසුතා මේ ඔස්සේ බලාපොරොත්තුවන්න සිදුවිය හැකි බවට ඔවුන් පෙන්වාදෙමින් සිටිනවා.
keyboards නැතිනම් යතුරු පුවරුව ක්‍රමයෙන් භවිතයෙන් ඉවතට වන්නට නියමිතය. 2016 තුලදී මේ බව වඩාත් තහවුරු වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. වඩාත් නම්‍ය හා පහසු භාවිතාවක් සදහා මේ බව වැදගත් වනු ඇත. තොරතුරු අවකාශය වෙත්ට තොරතුරු ලබා දීම මෙන්ම ඉන් තොරතුරු ලබා ගැනීම වඩ වඩාත් යාන්ත්‍රික වෙමින් පවතින අතර වඩාත් දියුනු වන සංවේදන තාක්ශනයන් ඔස්සේ තම ස්වාමියා ඉක්මවන නිවැරදි බවක් ඒවා සතුකර ගනිමින් සිටිනු දක්නට ලැබෙනවා.වාචික මෙන්ම අංග චලනයන් වෙතට පැමිනීම වඩාත් සරල වනවා සේම පහසුකරවීම පැමිනෙන උපාංග වෙතට මෙම ප්‍රවනතා ලංකරවන්නට වඩාත් හේතුව වනු ඇත.
Quantum Computer වැනි විකල්ප විකල්ප පරිගණක ආකෘති වඩාත් ස්ථාවර වන්නට 2016 යොදා ගැනෙනු ඇත. තොරතුරු අවකාශය අවට ඇති නෙක ආකාර ගත් සීමා ඉක්මවා යන්නට නම් මේ බව අත්‍යාවශ්‍ය වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. බොහෝ සංකීර්න ගනනයන් අවශ්‍යතාවලට විසඳුම වන්නේ වඩාත් වේගවත් පරිගණක තාක්ශනයන් වෙතට පිවිසීම බවටයි ඔවුන්පෙන්වා දෙන්නේ. විශ්වය දෙසට වන  හැදෑරීම් වලදී මෙන්ම පෘතුවිය තුලට වන හැදෑරිම් බොහොමයක් සීමාකරවමින් සිටින ගනන සීමාවන් ඉක්මවා යාමේ අවශ්‍යතාවය ක්‍රමයෙන් බලවත් වෙමින් පවතිනවා.
Android හා ChromeOS වල ඒකාබද්ධ වීමක් ඔස්සේ සීමිත ජංගම උපාංග අවකශය ඉක්මවමින් LapTop නැතිනම් Desktop අවකාශය දෙසට චලනය වීම පිලිබදව මේ වන විටත් Google වෙතින් ඉගි පලව තිබෙනවා. 2017 ඔවුනගේ ඉලක්ක ගත වසර වුවද 2016 දී සැලකිය යුතු දියුනු කිරීම් බලාපොරොත්‍ටු වෙමින් තිබෙනවා. Apple වල HomeKit නැතිනම් Google වල  Brillo/Weave නැතිනම්Samsung වල  SmartThings වැනි බොහෝ යෝජනාවන් Smart Homes සංකල්පය වඩාත් තහවුරු කරවන ඇති බවට බලාපොරොත්තු පලවෙමින් ඇති අතර  විවෘත මෘදුකාංග AllJoyn යෝජනව Qualcomm ප්‍රධානව පැමිනෙමින් ඇති අතර Sharp, LG, Panasonic හා තවත් නිශ්පාදකයින් මේ සදහා දැනටමත් සහය පලකර තිබෙනවා.
හදාරන්නන් යෝජනා කරන්නේ Semi-autonomous cars භාවිතය දෙසට වන අවධානය 2016දී  වඩාත් තහවුරු වනු ඇති බවයි.multiple cameras, radars හා ultrasonic sensors වැනි ක්‍රමවේදයන් සමග 130km/h හා 200km/h වෙගයන් අත්පත්කර ගැනීම සරල වනු ඇති බවට බලාපොරොත්තු වනවා.
එසේම VR වල දියුනුව පරිගණක ක්‍රීඩා වැනි සීමාවන් ඉක්මවමින් පැමිනීමක් 2016දී බලා පොරොත්තු පලකරවන කාරනාවක් වෙමින් තිබෙනවා. social networking වැනි අවකාශයන් වෙතට මෙවායේ පැමිනීම දැනටමත් Oculus වෙතට Facebook වැනි ආයතනයන් ගෙන් පලව ඇති අවධානයන් ඔස්සේ තහවුරු වෙමින් තිබෙනවා. ස්මාර්ට් දුරකථනය සැලකීමේදී Processors නැතිනම් camera sensors වැනි දියුනු කිරීම මෙන්ම unbreakable screen වැනි තාක්ශනය වේගයෙන් දියුනු වෙමින් ඇති අතර වඩාත් බැටරි ආයුකාලයක් සහිත සිහින් සුපැහැදිලි තිර සහිත දුරකථනයේ පැමිනීම 2016 තුලදී වඩාත් තහවුරු කර දෙනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.
මීට අමතරව Wearable payments වෙතට වඩ වඩාත් ආයතනයන්ගේ අවධානය යොමු වෙමින් ඇති අතර cashless payments සංකල්පය වඩාත් තහවුරු වන වසරක් වනු ඇති බවට 2016 දෙසට වඩාත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. with Apple Pay, Android Pay මෙන්ම Samsung Pay වැනි දියුනු කිරීම් වෙතට 2016 වසරේ තවත් අවධානයන් ලැබෙන්නු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. එසේම 4K screens වල ඇමිනීම භාවිතාකරන්නන් අමානන්දයට පත්කරවනු ඇතිබවට 2016 දෙසට වන බලාපොරොත්තු පලවන අතර වඩාත් යතාර්තී සුපැහැදිලි තිර අවකාශයක් මෙවා ගෙනෙනු ඇති බවට පොරොන්දු වෙමින් තිබෙනවා.

මෙවර Build 2016 සමග….

                Mar 30, 2016 2:16 pm – Windows 10 Redstone builds පිලිබදව වඩාත් නව බලපොරොත්තු පැමිනෙමින් තිබේ.  හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 10 වල  Action Center හා Cortana සමග දියුනු කිරීම් කිහිපයක් බලාපොරොත්තු වෙමින් ඇති බවයි. මෙවර Build 2016 සමග card-like interface ආකාරයක් Action Center සදහා නිවෙදනය වීමක් බලාපොරොත්තු වීම ඒ අතර එකකි.  මොබයිල් හා ඩෙස්ක් ටොප් ආකෘතීන් අතර වඩාත් චලනීය සම්බන්දතාවයක් මෙන්ම app අතරද නිදහස් බොබයිල් හා ඩෙස්ක් ටොප් අතර ගලා යාමට හැකියවක් පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.  Android වලදීට සමාන  extra buttons මෙන්ම interaction models කිහිපයක්ම windows 10 වලට පැමිනීමත් Cortana හා Action Center අතර වඩාත් නම්‍ය අන්‍ය ඔන්‍ය සබඳතාවක්  බලාපොරොත්තු වීමක්ද පල වෙමින් ඇත. notifications වඩාත් කාන්ඩ ගත කරමින් භාවිතාකරන්නා වෙතට පහසු භාවිතාවක් ගෙන එන්නට මෙන්ම තවත් හඳුන්වාදීම් කිහිපයක් සමග මෙවර Build හමුව Windows 10 වල මීලග ප්‍රධාන සංස්කරනය වන Redstone builds පිලිබදව වඩාත් ආකර්ශනීය තොරතුරු වලින් සමන්විත වනු ඇති බවට බලපොරොත්තු වේ. – Pubudu Siriwansa

Posted in Microsoft, Windows 10 |

Microsoft Build 2016 අදට නියමිතය…

              Mar 30, 2016 5:36 am – Microsoft Build Conference යනු වාර්ෂිකව Microsoft වෙතින් සිදුවන ප්‍රධාන ප්‍රධාන හමුවකි. එය අද San Francisco වලදී පැවත්වීමට සූදානම්ව ඇත. ආයතනයේ නවතම තාක්ශනනික භාවිතාවන් හා නිකුත්වීම් පිලිබදව තොරතුරු විමසෙන මෙම හමුවේ මෙවර සිදුවෙනු ඇතැයි බලාපොරොත්තුව ප්‍රධාන තම කාරනා කිහිපයක් පිලිබදව හදාරන්නන් තම මත ඉදිරිපත්කරමින් සිටිනු දක්නට හැක. විශේෂයෙන් Windows 10 වල ප්‍රධාන යාවත්කාලීනයක්ද මෙම වසරට නියමිත ඇති පසුබිමක මෙන්ම එහිම මොබයිල් සංස්කරනය ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති වටපිටාවකදී වැඩි අවධානයක් windows 10 වෙතට යොමුව තිබීම ස්වභාවිකය.
ඔ0වුන් පෙන්වා දෙන්නේ  Windows 10 වල  interactive Live Tiles පිලිබඳව බලාපොරොත්තුව් ඉහලින්ම පවතින්නකි. භාවිතාකරන් සදහා තම notifications වල සිටම ඇප් සමග කටයුතු කරන්නට හැකිවන වඩාත් පහසු භවිතාවක් මෙහිදී පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. බිලියන එකක windows 10 භාවිතාවන උපාංග ඉලක්කයක් නිකුතුවෙන් පලමු වසර තුන තුලදී බලාපොරොත්තුවන Microsoft ආයතනය සුපුරුදු රටාවෙන් මිදී වේගවත් මෙහෙයුම් පද්ධති සංවර්ධන රටාවක් මෙන්ම පෙර සංස්කරන නිකුතුව යෙදිමින් සිටී.
Windows 10 මොබයිල් සංස්කරනය ‍තෝරා ගත් windows දුරකථන මෝස්තර පෙලක් වෙතට පැමිනෙමින් ඇති අතර Surface Phone  එකක නිකුතුවක් පිලිබදවද බලාපොරොත්තු පලවෙමින් තිබේ. 8GB ‍රැම් හැකියාවක් සමග ගිගා බයිට 500ක ගබඩා හැකියාව ‍රැගෙන එනු ඇති බවා තොරතුරුහෙලිවන මෙම නිකුතුව පිලිබන්දවද තොරතුරු බලාපොරොත්තු වීමක් සිදුවෙමින් ඇත.
තොරතුරු ලෝකයේ හෙට දවස දෙසට වන චලනයේ තවත් ප්‍රධාන බලාපොරොත්තුවක් වන virtual භාවිතාව  වන HoloLens සමග සිදුවන නිවේදනයන් පිලිබදවද බලාපොරොත්තු පලවෙමින් ඇති අතර සංවර්ධකයන් සදහා වන Development kits මේ වන විට නිකුතුව ඇති අතර ඔවුන්ගේද දැඩි අවධානයක් පලවෙමින් තිබෙනු දක්නට හැක.  – Pubudu Siriwansa

Posted in Microsoft, Windows 10 |

සීතාවක ඉතිහාසය බොහෝ දුරට විහිදෙන බව….

     සීතාවක අතීතය හදාරන්නන් වෙතට හමුවෙන්නේ  වසර 30000 තරම් දුරක සිට බව ඔවුන්ගේ අදහසය. කුරුවිට බට දොඹලෙනත්, බටතොට ලෙනත්, කිතුල්ගල බෙලි ලෙනත් මෙන්ම කොස්ගම අකරවිට වන අස්මඬල ලෙනත් හදාරන ඔවුන් ඒවායින් හමුවෙන ගල් ආයුධ මෙවලන් හා ඔවුන් ආහාරයට ගත් සත්වකොටස්වල ශේෂයන් හදාරමමින් මේ බව පෙන්වා දෙයි. තවත් විටක සංස්කෘතික සාහිත්‍ය ඉතිහාසය උපුට දමමින් පෙන්වාදෙන්නේ අවිස්සාවෙල්ල තානායම අසල වන සීතා ලෙන වෙතට සීතා දේවිය ‍රැගෙන විත් සගවා තැබීම සදහා භාවිතාකල අතර එම සිදුවීම ඇසුරෙන් මෙම පෙදෙස සීතාවක ලෙසට නම් වෙන්නට පටන් ගත් බවකි. රාමායනයට අනූව ලංකාධිපත් රාවන රජතුමා විසින් එසේ කරන ලද්දේ රාම කුමරු රාවන සොයුරියට කල අවමානයකට පලිගැනීම පිනිස බවටයි කිය වෙන්නේ.
තවත් දෙසකින් කරුනු දක්වන ඔවුන් දෙහිඔවිට තිබිරිපොල ගම්මාවනයේ වන රජ ලෙන හි වන බ්‍රාහමීය අක්ෂර සහිත ශීලා ලේඛන ඇසුරින් පැහැදිලි කරන්නේ ක්‍රි.පූ දෙවන සියවසේ එනම් අනුරාධපුර යුගයේත් ආරම්භක යුගයට වන්නට මෙහි වූ ගම් ප්‍රධානීන් කටාරම් කරවා භික්ෂූන් වෙතට මෙම ලෙන් පුජා කරන්නට කටයුතු කර ඇති බවයි. එසේම ක්‍රි.පූ. 103 ආසන්නයේ විසූ වලගම්බා රජතුමා ආනුරාධපුර සමයේ සිදුවූ ද්‍රවිඩ ආක්‍රමන වලින් සැග වෙන්නට පලා විත්  සල්ගල හකුරුගල මෙන්ම මානියම්ගම ප්‍රදේශවල වන ගල් ලෙන් ඇසුරේ හිඳිමින් සේනාව සංවිධානය කල බවයි.  

Posted in History | Leave a reply