Back to Top

Author Archives: admin

About admin

Siriwansa is the founder of Avissawella.com, pariganakaya.com, seethawakapura.com and works with happy companies to execute thoughtful brand strategy and friendly design across various platforms. He is a Website designer, developer, Writer and tutor in Avissawella, Sri Lanka.

ඔබේ ආදරනීය පරිගනකය

    ස්ථාපනය සදහා මෘදුකාංග තොරා ගැනීමද වැදගත් පියවරක් වනු ඇත. විටක තම භාවිතාවට අදාල නොවන තරමේ බ‍රැති මෘදුකාංග ස්ථාපිත කර ගැනීමෙන් තම පරිගණකයේ වේගය අඩාල කර ගැනීම මෙන්ම සිරවීම් වැනි අවස්ථාවලට මුහුන දෙන භාවිතාකරන්නාන් දැකීම එතරම් විරලතම නොවේ. ඔවුන් බොහෝ විට තම පරිගණකය සදහා අවශ්‍ය මෘදුකාංග තොරා ගන්නේ තම අවශ්‍යතාවයන්ට අනූව වනවාට වඩා සාමාන්‍ය සම්මතයන්ට එකගව වේ. උදා හරනයක් ලෙසට ඉදහිට imageයක සරල සංස්කරනයක් කරගන්නට පමනක් මිලාධික ඡයරූ සංස්කරන මෘදුකාංගයක අයතා සංක්‍රියකිරීමක් වන සංස්කරනයකට පෙලබෙති. නමුත් ඔවුනට වඩා හිතකර සරල මෙන්ම නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයක් යොදා ගැනීමෙන් තම පරිගණකයට අනවශ්‍ය බරතැදි ධාවනයක් පමනක් නොව විටක පෙර කී අනියම් සංක්‍රිය කර ගැනීමට යොදා ගන්නා මෘදුකාංග හරහා හානිකරයන් කැදවා ගැනීමද සිදුකරනු දැකිය හැක. තවත් විටක පිරිසුදු මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් පමනක් නොව හොඳම මට්ටමේ ආරක්ෂක මෘදුකාංග කට්ටලයක්ද ස්ථාපනය කර ගන්නා තවත් අයෙක් පෙර කී ආකාරයේ සරල අවශ්‍යතාවයක් සදාහා අනවශ්‍ය මට්ටමේ මෘදුකාංග ස්ථාපනයට කටයුතු කොට කලකදී හානිකර ජාලයන්ට (Botnet) ගොදුරුවූ පරිගණකයක හිමිකරුවෙකුව සිටිනු දැකිය හැකිවීම එතරම්ම විරල අත්දැකීමක් නොවේ.
ක්‍රමයෙන් භාවිතය වැඩි වීම මෙන්ම භාවිතවන පරිසරයන් වැඩි වීම වැනි නෙන කාරනා සමග මෘදුකාංග පරිසරයද වේගයෙන් චලනය වන භාවිතාවක්ව පැමින ඇත. මෙහෙයුම් පද්ධති සංස්කරන වල සිට සියලු මෘදුකාංග භාවිතාවන් වෙගයෙන් වෙන්වීමේ පරිසරය නිර්මානය වන්නේ හුදු වෙළඳ උපංක්‍රමයක් ලෙසට පමනකැයි සලකා නව සංස්කරන වෙතට නොපැමිනීම විටක ගැටලු ඇතිකරනු සුලු විය හැක. වේගයෙන් දියුනු වන දෘඩාංග මෙන්ම මෘදුකාංග පරිසරයන් මෙම දියුනු කිරීම් ඉල්ලා සිටීම මේ වන විට බහුල අත්දැකීමකි. විටක ඒවායෙන් අලුතින් හඳුනාගන්නා දුර්වලතා පිලිසකර කරන්නට මෙන්ම නව මෘදුකාංග පරිසරයන්ට ගැලපෙන්නට නව තාක්ශනයන් සමග ගැලෙපෙන සංස්කරන පැමිනීම වැදගත් වේ. උදාහරනයක ලෙසට බ්‍රවුසර සංස්කරන සැලකීමේදී සමහර මෙහෙයුම් පද්ධති සංස්කරනයන් ගෙන පසුව පැමිනෙන නව ඒවාට සහය නොදක්වනු දැකිය හැක. බොහෝ විට මෙසේ වන්නේ එම මෘදුකාංග නිර්මානය වන පදනම් මට්ටමේ සිටම එම හිතකරබව නව තාක්ශනික පරිසරයට නොගැලපෙන නිසාය. මෙවැනි බ්‍රවුසර සංස්කරනයක් සමග අන්තර්ජාලයට පිවිසීම පහසුවෙන් හානිකරයන් කැදවා ගැනීම , වේගය අඩුවීම , නව තාක්ශන අංගයන් ක්‍රියාත්මක නොවීම වැනි නෙක ආකාරයේ ගැටලු ගෙනෙනු ඇත.

තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන්….

  තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන් බව අපි තෙරුම් ගත යුත්තක්. ගත වෙමින් යන කාලය තොරතුරු අවකාශය විෂය මූලික බවේ අවසානයත් පුද්ගල මූලික බවේ මැදභාගයත්ත්  බවයි ලෙසට හදාරන්නන් හදුනාගන්නේ. ලාංකික බවිතාව ඇතුලේ Social Network විසුලු සහගත ස්වභාවයකට වඩා යමක් නොවන්නට බැරිවීම ඔස්සේ නොසලකා හැරියද තොරතුරු තාක්ශන අවකාශයේ දී මිනිස්  භාවිතාව විනිවිදයාමේදී තීරනාත්මක එකක් ලෙසටයි සටහන් වන්නේ. ඔවුනට සිදු වෙනවා සඳහන් කරන්නට “privacy as a ‘social norm’ නැතිනම් privacy is dead. වැනි අදහස්. මේක විටක වඩාත් යතාර්තයට සමීපවීමක් වෙන්නත් පුලුවන් මොකද සමහර වෙලාවට අපි දකිනව privacy කියලා ‍රැකගෙන ඉන්න මාරාන්තික තරමේ විසිතුරු කඩතුරාවට ඔබ්බෙන් තියෙන්නේ මාර හිස් කමක් කියලා. කාලයකට ඉස්සල්ලා මේවාට බර පතල අර්ත තිබුනා. ඒත් දැන් නැහැ. හැබැයි විවෘතවීමට පුදුම අකමැතියි. අපි මේ ස්වභාවය අසභ්‍යත්වය නැතිනම් සභ්‍ය නොවෙන  බව , සමාජීයව හානි කරබව  වගේ වැදගත් වන සාධක සමගත් පටලවා නොගත යුතුයි.
                                         තාක්ශනික අර්තයකින් මෙම අවකාශයට විද්වත් පාලනයක් තිබුනට ඒ මත ඉදිවන අවකාශය පාලන වන්නේ වෙළඳ අවශ්‍යතාමතයි.  නීතිය මැදිහත් නොවනවා නොවේ ඒ සීමා ඉක්මයෑම් පාලනය කරන්නට මිසක මූලික ගමන් මග සටහන් කරන්නට නොවෙයි. එලබෙන යුගයේදී Digital Assistant වැනි භාවිතාවන් නැවත තත්වය වඩාත් පෞද්ගලික කරන්නට පටන් ගනීවි. සරලව තත්වය තේරුන් ගන්නට උදාහරනයක් ගෙනාවොත් මුල්ම යුගයේ වැඩියෙන් පිරිස් යන එන තැන්වලට වෙළඳ දැන්වීම් ආවා , පසුව ඒ ඒ තැන්වල පවතින මාතෘකා වලට වෙළඳ දැන්වීම් ආවා, දැන් පුද්ගල රුචි අරුචි කම් හදාරමින් වෙළඳ දැන්වීම් එනවා , අනාගතයේ පෞදලික රුචි අරුචිකම් අවධිවන මොහොතවල් තොරා බේරාගෙන වෙළඳ දැන්වීම් පැමිනීම සිදුවේවි.

තොරතුරු තාක්ශනයේ මහිමය නව ලෝක රටාවකට ඇරයුම් කරමින් සිටිනවා…

   ….එලබෙන අනාගතය ගමන් කරන්නේ නව දිසාවකට බවටයි හදාරන්නන් නැවත නැවතත් පැහැදිලි කරන්නේ. තොරතුරු තාක්ශනයට හැකි වෙනවා නව ලෝක රටවක් ගොඩ නගන්නට. පෙර තොරතුරු යුගයේදී මුහුද, කඳු සිකර හඳුනාගනු ලැබුවේ තරනය කල නොහැකි නැතිනම් සාමන්‍ය ජීවිතය පාලනය කරවන විශේෂ අවස්ථාවන් හා උපංක්‍රම ඔස්සේ පමනක් ජය ගතහැකි බාදක ලෙසටයි. තොරතුරු තාක්ශනයට හැකි වනවා මේ සීමාවන් දෛනික ජීවිතයේදී තව දුරටත් වලංගු නොවන බවට සාදධනය කර සිටින්න. අපි දන්නවා ද්විමානීයව එන සුපැහැදිලි දසුන්ද සමග දුරබැහැරක වෙසේන් හිතවතෙකු සමග සජීවීව සංවාදයක යෙදීම අදවන විට සරල අත්දැකීමක් බව. Bitcoin වැනි පූර්න ඩිජිටල් මුදල් ක්‍රම රජයන් හා දේශපාලනික සීමාවන් වලින් තොරව ණාබ්ඩ හා සේවා හුවමාරුව විශ්ව සම්මතයයකට ගෙනෙමින් තිබෙනවා.
  තොරතුරු යුගයේ යොවුන් වියේදී ක්‍රමයෙන් තොරතුරු උපාංගයට වන බැදීම ලිහිල්කර දමන්නට අවශ්‍යව ඇති බවටයි දක්නට ලැබෙන්නේ. windows 8 සමග Microsoft ආයතනය පැවසුවේ “ඔබගේ මෙහෙයුම් පද්ධති අනන්‍යතාවය ” ඔවුන්නගේ ක්ලවුඩ් හැකියාව ඔස්සේ හබා එන බවටයි. පැමිනෙන්නට නියමිත ඩිජිටල් සහයකයා තත්වය තවත් සරල කරමින් පලඳින මට්ටමේ සරල උපකරනයක් සමග ශ්‍රව්‍ය බව ප්‍රමුක සබඳතාවයක් ඔස්සේ ඔබ සමග එනු ඇති බවට මේ වන විටත් පැහැදිලි කරමින් සිටිනවා.  Apple ආයතනය තම ස්මාර්ට් පලඳින ඔරලෝසුව ගෙනෙන්නේ වඩාත් නව අත්දැකීමක් වන බවට පවසමින් සූදානම් වන ලෙසට මේ වන විටත් ඉගිකොට තිබෙනවා.
                             ලෝක මට්ටමේ බුද්ධිමතෙකු දක්වා සිටින්නේ ඇසේ පලඳින සියුම් කාචයක් අන්තර්ජාලය පමනක් නොව බොහෝ සංකීර්න පරිගණක භාවිතාවන් සරල ලෙසට ජීවිතය මතට ගෙනෙනට සූදානම් වෙමින් ඇති බවයි. ඔහු යෝජනාකර සිටින්නේ පුද්ගලයකුගේ තොරතුරු ජීවිතය ඇසක පලඳින සියුම් කාචයක් බවට පත්වීම තොරතුරු යුගයේ තවත් එක් පරිච්චේදයක් වනු ඇති බවටයි. පරිගණකයේ තීරනාත්මක සිලිකන් සීමාව ඉක්මවා යාම සමග මිනිස් කථාන්දරය නැවත ලිවීමක් වනු ඇති බවට ඔහු නවැකි පවසා සිටිනවා.

Windows 10 වල Desktop වලට එන Live Tiles ???

   Windows 10 වල Consumer Preview එකක පැමිනීමක් බොහෝ දෙනාගේ බලපොරොත්තුවකි. හදාරන්නන් දැනට යෝජනා කර සිටින්නේ එලබෙන වසරේ මුල් භාගය තුල මෙහි පැමිනීමකට වැඩි ඉඩක් පවතින බවකි. Technical Preview සමග enterprise මට්ටමේ windows ගෙනෙන වඩාත් හිතැති පරිසරය භාවිතාකරන්නනතුල වඩාත් තහවුරු කරන්නට Microsoft ආයතනය කටයුතු කරමින් සිටින අතර consumer version සමග දැනට නොපැමින ඇති new start screen, මෙන්ම Continuum වල සම්පූර්න සංස්කරනයක් මෙන්ම Desktop වෙතට පැමිනෙන Cortrana හැකියාව පිලිබදව විස්වාසය පලවෙමින් තිබෙනවා. හදාරන්නන් යෝජනා කරන්නේ Live Tiles වල Desktop වෙතට පැමිනීම දැනට ආසන්නව හදුනා ගත හැකි අත්දැකීමක් වන්නේ widgets වල ක්‍රියාකාරීත්වයට බවයි. වඩාත් සරල පෙනුමක් සමග එන Internet Explorer 12 මෙන්ම වඩාත් දියුනු කරන ලද Notification Center වල පැමිනීමද ඔවුන් විස්තර කරමින් සිටිනවා. අවසාන වශයෙන් ඔවුන් යෝජන කරන්නේ මෙම අංගයන් පිලිබදව මුල් පැහැදිලිවීම් එලබෙන ජනවාරියේ සිදුවන්නට ද ඉඩ ඇති මුත් Windows 10 වල බීටා සංස්කරනයක් නම් එලබෙන වසරේ BUILD 2015 වලදී පමන පැමිනෙනු ඇති බවකි.

ඉදිරියේදී Firefox බ්‍රවුසරයේ default සෙයුම් යාන්ත්‍රනය Yahoo වනු ඇත..

  Mozilla තම Firefox බ්‍රවුසරයේ default ආකාරයේ සෙයුම් යාන්ත්‍රනය ලෙසට 2004 සිට යොදා ගනු ලැබුවේ Google සෙයුම් යාන්ත්‍රනය වන අතර ඒසදහා Mozilla වෙතට වාර්ෂිකව ගූගල් වෙතින් ඩොලර් මිලියන 300 දක්වා ඉහල ගෙවීමක් ලබන ලදී. නමුත් Mozilla ආයතනය පවසන්නේ එලබෙන දෙසැම්බරයේ සිට තම Firefox බ්‍රවුසරයේ default engine ලෙසට ඉදිරි වසර පහ සදහා Yahoo සමග එකගතාවයකට පැමින ඇති බවකි. එසේම Yahoo ආයතනය ‘Do Not Track’ පහසුව සදහා එකග වී ඇති බවටත් පවසා සිටිනවා. සාමාන්‍යයෙන් වසරකට බිලියන 100කට වඩා Firefox සොවුම් අන්තර්ජාලයට එකවන අතර මෙම එකග වීම Yahoo වෙතට පමනක් නොව Bing සදහාද වැදගත් පියවරක් වනු ඇති බවයි. Yahoo තම කීර්තිමත් අතීතයෙන් අනතුරුව Bing සමග එකගතාවයෙන් පවත්වාගෙන යන සේවාවක් ලෙසට ක්‍රියාත්මක වෙමින් පවතී. චීනය මෙන්ම රුසියාව සදහා Firefox සදහා default search providers ලෙසට Bindu හා Yandex පවතිනු ඇති බවට ප්‍රකාශ වනවා. වැඩි දුරටත් පැවසෙන්නේ භාවිතාකරන්නාහට අවශ්‍ය නම් නැවත Google වෙතට පිවිසීමේ හැකියාව ඉදිරියේදීද ලැබෙනු ඇති බවකි.

Posted in Browser | Leave a reply

ව්‍යාජ tech support ආයතනයන් පාලනයට පියවර…..

  තොරතුරු ලෝකය මත පවතින ප්‍රධාන ආකාරයේ ආයතනයන් හෝ සේවාවන් වර්ග දෙකක් වේ. එක් කොටසක් යහපත් හා වගකීමක් ඇති නෛතිකව ක්‍රියාත්මක වන ආයතනයන් වන අතර අනෙක් කොටස නෛතික නොවන අයහපත් අරමුනින් ක්‍රියාත්මක වෙමින් සිටින දෑ වේ. නමුත් තවත් වැදගත් කොටසක් මග හැරෙමින් ඇත. එනම් අවස්ථානුකූලව මේ ස්වරූපයන් අතර දෝලනය වන ඒවාය. ඒවායේදී මූලිකව නෛතික පදනමක් මත ක්‍රියාත්මක වුවද අවස්ථානුකූලව තම ගනුදෙනුකරුවන් හට නියමිත සේවාව නොසපයන පමනක් නොව අපහැදිලි මට්ටමින් සද්භාවයෙන් ක්‍රියා නොකරන අවස්ථා බහුල ආයතනයන් වේ. මේවා අතර වන සමහර මෘදුකාංග ආයතනයන් වේ. ඒවා භාවිතාකරන්නා හට වඩාත් නිවැරදි පරිගනකයක් ක්‍රියාතමකව තබා ගන්නට සහය වන මෘදුකාංග තමන් සපයන බවට නිවේදනය කර තිබුනද භාවිතාවේදී තම වගකීම් පැහැර හැරීම් මෙන්ම තම ගනුදෙනුකරුවා වාංචනිකව ‍රැවටීම් සිදුවන බවට අතීතපුරා විටින් විට තොරතුරු වාර්ථා වී තිබිනි. FTC සහ the state of Florida වෙතින් පැවසෙන්නේ මෙසේ ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යාජ මෘදුකාංග හා වාංචනිකව මගහරින සහය සපයන සේවා ආයතනයන් ට එරෙහිව තමන් කටයුතු කරන්නට තීරනය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඩොලර් මිලියන 150කට අධික ප්‍රමානයක් උපයමින් සිටින මෙම ව්‍යාජ ආයතනයන් තාවකාලිකව වසාදමන්නට අවශ්‍ය නෛතික ක්‍රියාවලිය තමන් අරබමින් සිටින බවත් මෙවැනි ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය නීතියේ පාලනයට යටත්ව තබන්නට තමන් ක්‍රියාත්මක වන බවත්ය.

Samsung වෙතින් පූර්න නම්‍ය තිර දුරකතනය 2015 අග එනවා…

  Samsung ආයතන මේ වන විට ස්තීරවම පවසා සිටින්නේ 2015 අවසානය වන විට සම්පූර්නයෙන්ම නම්‍ය (flexible) displays සහිත දුරකථනය පැමිනෙන්නට නියමිත බවකි. මෙම ආයතනය මීට දෑ වසරකට පෙර මෙහි prototype දැක්මක් ඉදිරිපත්කර තිබුනද තවමත් වෙළඳ පොල වෙතට නිකුත්කර ඇත්තේ සුලු නම්‍ය බවක් සහිත තිර සමග එන දුරකථනයක් පමනී. අයතනයේ විධායකයෙකු පැහැදිලි කර සිටින්නේ එලබෙන වසර අවසානය වන විට තම ආයතනයට 30,000 – 40,000 [units per month] නිෂ්පාදනය හැකියාවකට යාමට හැකිවනු ඇති බවය. ලොව වෙලඳ පොල සමග සසදත්දී මෙම ප්‍රමානය ඉතා සුලු මට්ටමක වන අතර හදාරන්නන් යෝජන කරන්නේ ආයතනය වඩාත් සුපරික්ෂාකාරීව මෙම වෙළඳ පොල වෙතට පිවිසෙන්නට කටයුතු කරමින් සිටිනවා විය යුතු බවකි. එ එසේම තම ආයතනය මෙම AMOLED පැනලයේ නිෂ්පාදන වියදම අවම කරන්නට කටයුතු කරමින් සිටින බවටත් පැහැදිලි කරනු ලැබු බවටත් වාර්ථාවනවා.

Whatsapp වෙතට end to end ආකාරයට encryption පැමිනේ…..

  NSA සිදුවීම තොරතුරු ලෝකය මතට අවධියක් ගෙනෙන්නට කටයුතු කෙරෙනි. Edward Snowden ගේ හෙලිදරව්වක මූලිකව ඇරබුනු මෙම සිද්ධිය තොරතුරු ලොකයේ ප්‍රථම අනවසරව දත්ත ‍රැස්කීර්ම මත පදනම් නොවූවද එය බොහෝ දෙනාගේ අවධානය ලබා ගන්නට සමත්විය. තොරතුරු තාක්ෂනයට සම්බන්ද ප්‍රධාන පෙලේ ආයතනයන් සියල්ලම තම සේවාවල් ඔස්සේ ගමන් කෙරෙන භාවිතාකරන්නන්ගේ දත්ත ගොනු වල ආරක්ශාව පිලිබදව වඩාත් විමසිලිමත් වීම ඇරබිනි. රාජ්‍ය ආරක්ශාව, අපරාධකරුවන්ගේ සැලසුම් ආදිය සැලකිලිමත්වීම වැනි කාරනා ඔස්සේ පැමිනි පිලිගත යුතු කාරනාද සමග අනවශ්‍ය ලෙසට භාවිතාකරන්නන්ගේ තොරතුරු ‍රැස්කිරීමට විරෝධයද දෙපසින් නැගෙන්නට විය.
තොරතුරු වැඩියෙන් encryptionව තබා ගැනීම පිලිබදව එක් සාර්ථක විසඳුමක් ලෙසට හදාරන්නන් යෝජන කරන්නට වූ අතර මේ පිලිබදව බොහෝ ආයතනයන්ගේ අවධානය ලබා ගත් බවක්ද පෙනිනි. මේ අතර Facebook ආයතනය නිවේදනය කරන්නේ තමන් මෑතකදී මිලදී ගත් Whatsapp ඔස්සේ හුවමාරුවන සියලු messages, end to end ආකරයට encryptionව තබන්නට අවශ්‍ය කටයුතු Open Whisper Systems සමග කරමින් සිටින බවකි. ඒ අනූව දත්ත servers අතර online ආකාරයට ගමන්කරද්දී සේම devices වල ගබඩාව පවතින අතර තුරදීද මෙම encryption පැවතීම සිදුවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

Posted in Privacy | Tagged | Leave a reply

Google සමස්ථ ආයතනයක් ලෙසටද චලනය වෙමින් සිටී….

  Google තොරතුරු ලෝකය මත විසල් අනන්‍යතාවයකි. නෙක ආකරය ගත් සේවාවන් රාශියක් වෙබ් අවකාශයට ගෙනෙන වෙළඳ නාමයකි. සෙයුම් යාන්තරනයකි , ඊමේල් සේවාවකි , මොබයිල් මෙහෙයුම් පද්ධතියක් ගෙනෙන්නෙකි , බ්ලොග් අවකාශ සේවාවක් ලබාදෙන්නෙකි , තොරතුරු භාවිතාව සාම්ප්‍රධායික රාමුවෙන් ඔබ්බට ගෙනයන්නට සමත් දත්ත උපාංග නිෂ්පාදනයට එලබ සිටිනෙකි. මෙකී නොකී නෙක ආකාරයේ සේවාවන් හා උපකරන රාශියකින් ලොව දත්ත භාවිතාවේ ප්‍රමුකතම නමක් දිනා ගත් ආයතනයකි. මේ සියලු සේවාවන් සැලකීමේදී ඒවාවට වන විකල්පද බොහෝය. Google+ සමජ ජාලාව සැලකීමේදී විකල්ප සමාජ ජාලා ඇතුවා මෙන්ම ඊමේල් සේවාව සැලකීමෙදීද විකල්ප ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ මේ සියල්ල අතරින් Google සෙයුම් යන්ත්‍රය සැලකීමේදී එයට ඇති විකල්ප සේවාවන්ට අහලකටවත් පැමිනිය නොහැකි ස්ථාවරයක් , දායකත්වයක් ලොවට ලබා දෙමින් සිටින බවයි. වෙබ් භාවිතාවේ මූලිකතම අවශ්‍යතාවයක් සලසන සෙයුම් යන්ත්‍ර භාවිතාවේ මෙම යෝධයාගේ මොහොතක නොපැමිනීම සමස්ථයටම දැනෙන්නක් වීම මේ වන විට බිහිවෙමින් පවතින්නකි.
සෙයුම් යාන්ත්‍රනය සමග ක්‍රියාත්මක වෙමින් ලාබ ලබා දෙන යාන්ත්‍රනය දැන්වීම් පලකිරීමය. Google වල ක්‍රියාත්මක වන මෙම යාන්ත්‍රනය උපයන ධනය නොවන්නට එහි අත්හදා බැලීමේ මට්ටමින් පැවතෙන බොහෝ අංශ මේ වන විටත් වසා දමා අවසානය. බොහෝ ආයතනයන් මිලදී ගනිමින් තම මූලික සෙයුම් යාන්ත්‍රනයට අඩු වැඩි ලෙසට සම්බන්දව ඒවායේ තාක්ශනයන් දියුනු කිරීම ඔවුනගේ ප්‍රධානතම චලනයකි. විටක මොබයිල් ආයතනයක් වන් විට තව විටක කෘතීම බුද්ධිය(AI) සම්බන්ද තාක්ශනික ආයතනයක් මිලදී ගනී. තවත් විටක project x වැනි ව්‍යාපෘති ඔස්සේ විද්‍යා ප්‍රබන්ධ හා සැබෑ ලෝකය යාවන උපාංග පිලිබදව අත්හදා බැලීම් වලට පිවිසෙන්නට ඔවුන් කටයුතු කරයි.
හදාරන්නන් පවසන්නේ අනාගත Google ආයතනය වෙබ් ආශ්‍රිත සේවාවන් රාශියක් ලබාදෙන ආයතනයක් වීම දෙසට ගමන් කරන බවයි. Google Glass , Google car , Robots මේවායින් සමහරකි. සමහරුන් අර්ථ දක්වන්නේ ඔවුන් සතු සෙයුම් යන්ත්‍ර දත්ත භාවිතාව හුදු වෙබ් සෙයුම් යන්තරයක් ලෙසට පමනක් නොව දෛනික ජීවිතයේ වැදගත් වන උපංග ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ගෙන එන්නට එම ආයතනය කටයුතු කරමින් සිටින බවකි.

Posted in Google | Leave a reply

Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක්…

   වෙළඳ පොල තුලදී ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් තොරාගන්නට යාමේදී හමුව ගැටලු අතර iOS ද නැතිනම් Android ද යන්න සුලබව හමුවන ගැටලුවකි. මිළ පිලිබදව සාධකය නොසලකමින් උපාංගයේ භාවිතාවන මෙහෙයුම් පද්ධතිය පිලිබදව විමසන විටදී වැදගත්විය හැකි කාරනා කිහිපයක් සලකා බලන්නට මෙම සටහනේදී උත්සාහ කරමු. 2007දී iPhone එක සමග හදුනවා දුන් iOS මෙහෙයුම් පද්ධතිය මේ වන විට Apple ආයතනයේ iPod , iPhone , iPad පමනක් නොව Apple TV සමගද භාවිතයට පැමින ඇත. දෘශ්‍යව මෙන්ම ක්‍රියාකාරකම් අතින්ද වන දියුනු කිරීම් රාශියක් සමග සිත්ගනා සුලු iOS 7 සංස්කරනය මේ වන විට භාවිතාවේ ඇති නවතම සංස්කරනය වේ.
Linux මත පදනම්ව නිර්මානය වන Android මෙහෙයුම් පද්ධතිය Google යටතේ සංවර්ධනය වෙමින් ලොව වැඩිම භාවිතයක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට ඇති අතර නොමිලේ භාවිතාකල හැකි වඩාත් විවෘත ආකාරයේ මොබයිල් මෙහෙයුම් පද්ධතියක්ව එය පැමින ඇත. Android 4.4 නැතිනම් Kit-Kat එහි නවතම සංස්කරනය නම් වන අතර Samsung , HTC වැනි මොබයිල් දුරකථන සමාගම් බොහොමයක් තම නිෂ්පාදන සදහ මෙම මෙහෙයුම් පද්ධතිය යොදා ගනිමින් සිටී.
සාමන්‍ය භාවිතාවේදී iOS සරල පහසු භාවිතාවකට සූදානම් මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනෙන අතර වැඩි තාක්ශනික දැනුමකින් තොර භාවිතා කරන්නන් සදහා උවත් අපහසුවකින් තොරව භාවිතාකිරීමේ හැකියාව එහි කැපී පෙනෙන ලක්ෂනයකි. Android සැලකීමේදී සාමාන්‍ය මට්ටමේ භාවිතාකරන්නන් සදහාද මිත්‍රබව නොවඩුව පැවතුනද සමහර සැකසුම් සදහා වඩාත් දැනුමැති භාවිතාකරන්නෙකු අවශ්‍යවීම දැකිය හැකි බව පිලිගැනීමකි. මෙම මෙහෙයුම් පද්ධතීන් දෙක සදහාම මූලික මෙහෙයුම් පද්ධතිය සමග එන පහසුකම් වලට අමතරව හැකියවන් එකතුකර ගැනීමේදී අදාල app store වෙතට පිවිසෙන්නට වන අතර ඒවායේදී මිලදී ගත යුතු හා නොමිළේ වන app ලබා ගැනීම ඔස්සේ දුරකථනයේ මෘදු හැකියාව වඩාත් දියුනු කර ගැනීමෙ අහැකියාව භාවිතාකරන්නා හට ලැබේ. සමස්තයක් ලෙසට සැලකිමේදී මෙම මෙහෙයුම් පද්ධති දෙකම icon මූලිකව ක්‍රියාත්මක වන touch මිත්‍ර මුහුනතකින් සමන්විතව පැමින ඇත. මෙම මොබයිල් මෙහෙයුම් පද්ධති දෙක සමගම මූලික මට්ටමේ භාවිතාවන් පැමින ඇති අතර සමහර විටක පමනක් ඒ දෙකෙහි වෙනස් ආකාරයේ පහසුකම් හැකිය. screencast වැනි පහසුවක් සදහා Android වලදී USB කේබලය පමනක් සෑහුනද iOS වලදී Adaptors දෘඩාංගයක් අවශ්‍යවීම වැනි සමහර අවශ්‍යතාවයන් සදහා වෙනස්කම් දැකිය හැකිය. තවත් විටක iOS වලදී offline ආකාරයේ Command ලබාදෙන්නට හැකි වුනද Android වලදී අන්තර්ජාල සබදතාවය අවශ්‍යවීම දැකිය හැකිය. තවද Kit-Kat වලදී Hangouts වැනි භාවිතාව්කදී Google ගිනුම් සමගද ක්‍රියාත්මක වීමේදී අනවශ්‍ය ප්‍රමානයට පෞද්ගලික තොරතුරු හෙලිවන බවට වන චෝදනාව වන නමුත් iOS වලදී එවැන්නක් සිදුනොවන ප්‍රාථමික ආකාරයේ Messaging හැකියාවක් ලැබ්නු ඇත. smartphone භාවිතාවේදී Email සදහා වැඩි අවධානයක් ඇති අතර මෙම මෙහෙයුම් පද්ධති දෙක තුලම කැපී පෙනෙන ආකාරයේ වෙනස්කම් දක්නට නොවුනද iOS වලදී auto-fill හැකියාව වැඩි පහසුවක් ගෙනෙනු දැකිය හැකිය එසේම එහි වන unified mailbox සමග වඩාත් පහසු ඉමේල් භවිතාවක් ලැබෙනු ඇත
ආරක්ශිත බව සැලකීමේදී Android වල වන open බව හානිකරන්නන්ගේ වැඩි අවධානයක් ලබන්නට අවස්ථාවක් වී ඇති අතර බාහිර app ස්ථාපනයට iOS වල වන අපහසු වාතාවරනය වැඩි ආරක්ශක බවක් ගෙනෙනු දැකිය හැක. සරලව පිලිගැනීම වන Android සදහා security app එකක අත්‍යවශ්‍ය බව iOS සදහා එතරම් තදින්ම නොවීමට පෙර කී හේතූන්වල අමතරව Android වල බහුල භාවිතාවද හේතුවකි. Apple ආයතනය තම app store වලට පැමිනෙන app සදහා තරමක දැඩි පිරිස්සුමකින් අනතුරුව අවසර ලබාදෙන මුත් පිලිගැනීම වන්නේ Android වලදී එතරම්ම සැලකිලි මත් නොවන බවකි. මෙහෙයුම් පද්ධති දෙක සදහාම මේ වන විට උපාංග අස්ථානගත වීමකදී ඒවා නැවත සොයා ගන්නට සහයවන app පහසුවක් ලැබී ඇත.
දෘඩාංග මට්ටම සැලකීමේදී iOS වල වැඩි සහයක් ලැබෙන්නේ අභ්‍යන්තර කොටස් එකිනෙක වඩාත් සුමටව ක්‍රියත්මක වන සේ නීමවා තිබීම ලෙසට සැලකෙන අතර Android වලදී විවිධා නිෂ්පාදකයන් ඔස්සේ පැමිනෙන විට සමහර විටකදී ඔවුනගේ අභිමතය අනූව මුල් මෙහෙයුම් පද්ධතිය සංස්කරනයවීම වැනි තත්වයන් ඔස්සේ මෙහෙයුම් පද්ධතියේ ඒකමිතික බව සැලකීමේදී iOS ඉදිරියෙන් සිටිනු දැකිය හැකිය. උදාහරනයක් ලෙසට iOS සදහා එන නව සංස්කරනයක් පෙර දුරකථන සදහාද පහසුවෙන් වලංගුවන අතර Android වලදී විවිධ නිෂ්පාදකයින්ගේ අතර මැදිවීම්ද අවශ්‍ය නිසා කල්ගතවනු දැකිය හැකිය. මේ බව පැහැදිලි කෙරෙන හොඳම උදාහරනය වන්නේ මේ වන විට iOS උපාංග අතරින් සියයට 80ක් එහි නවතම සංස්කරනය භාවිතාවන මුත් Android සැලකීමේදී තවමත් එම උපාංගවලින් සියයට 5ක් පමනක් එහි නවතම සංස්කරනය වන Kit-Kat භාවිතාකරමින් සිටීමය.

Posted in iOS | Leave a reply
× How can I help you?