Back to Top

Author Archives: admin

About admin

Siriwansa is the founder of Avissawella.com, pariganakaya.com, seethawakapura.com and works with happy companies to execute thoughtful brand strategy and friendly design across various platforms. He is a Website designer, developer, Writer and tutor in Avissawella, Sri Lanka.

Google Maps ඔස්සේ Location Sharing කිරීම.

සංකීර්න හා කාර්යබහුල ලෝකය තුල තම සගයෙකුගේ live location එක පහසුවෙන් හුවමාරු කර ගන්නට හැකි වීම ඉතා වැදගත්ය. එසේම යමෙකුගේ අවසරයකින් තොරව Tracking කිරීමද සදාචාර සම්පන්න නොවන කාරනාවක් පමනක් නොව නීතිවීරෝධී දෙයක්ද විය හැක. පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ යමෙකු සමග iPhone / iPad භාවිතාවකන් හා Google Maps සහයෙන් Google Maps location එක බෙදා හදා ගැනිමට ගත යුතු සරල පියවරවල් කිහිපයයි. මෙම ක්‍රියවලිය සදහා පලමුව ඔබ සහ අදාල share කිරීමට බලපොරොත්තු වන අයගේ Google accounts ගූගල් Contacts යටතේ එකි නෙක යාවී තිබීම වැදගත් වේ. අනතුරුව ඔබගේ device එකේ Google Maps විවෘත කර profile picture හරහා Location Sharing තොරා ගැනීමට සිදුවනවා. අනතුරුව Add People ඔස්සේ අදාල අය හෝ අයවලුන් සමග your location කිරීමට බලා පොරොත්තු වන වෙලාව ‍තෝරා ගැනීම හා ඒ අදාල අය හෝ අය වලුන් තොරා ගන්නට කටයුතු කල යුතුයි. අවසානයේ permission ලබා දීමකින් එම ක්‍රියාවලිය අරබන්නට ඔබට හැකි වනු ඇත. යම් හෙයකින් Google account නොමැති අයැක් සදහා නම් ඉහතදී හමුවන Add People ඔස්සේ location link එක iMessage හෝ වෙනත් app එකක් ඔස්සේ බෙදා හදාගන්නට හැකිවනු ඇත. Android සදහාද ඉහත ක්‍රියාවලිය වලංගුවේ.
Pubudu Siriwansa

යුද්ධය හා තාක්ෂණය

යුද්ධය සුන්දර අත්දැකීමක් නොවන බව පැහැදිලිය. කොතැනක කිනම් හේතුවක් මත වුවද එකිනෙකා විනාශකර ගැනීම සමස්ථ මිනිස් කථාන්දරයටම කරන අවමානයකි. තත්වය එසේ වුවද විටින් ටිට තවමත් තැනින් තැන ගැ‍ටුම් ඇතිවීම සිදුවේ. මෑතකාලීන අර්බුධයදක් කෙමෙන් මෝරමින් තිබේ. අද වන විට ඔනෑම ගැටළුවක තීරනාත්මක සාධකයක් නොවන්නට තොරතුරු තාක්ෂණයට තව දුරටත් නොහැකිය. එය එතරම් ජීවිත මට්ටමේ සිට රාජ්‍ය අර්ථ දක්වාම පැතිර සිටී. මේ නිසාම Russian / Ukraine ගැටළුවේදීද නෙක ආකාරයෙන් එය මැදිහත් වන ආකාරය වාර්ථා වෙමින් ඇත. විටක සමහ සේවා ආයතනයන් තම සේවාවන් අඩ්ගාල රටවලට නතරකර දමන බව නිවේදනය කරන්නේ එම සේවා ඔස්සේ තව කෙකුගේ ඉලක්ක පැහැදිලි කරගැනීම සදහා සහය වන නිසාය. තවත් විටක සමහර සේවාවන් නතර කරන බවට නිවේදනය කරන්නේ අනෙකාට එරෙහිව වැරදි මත පතුරන්නට ඒවා භාවිතාකරන නිසා වෙනි. කෙසේ වෙතත් වැදගත්ම සත්‍යයයක් හෙලි වෙමින් ඇත. එලබෙන යුගයේ මිනිස් ගැටළු ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ භාවිතාවන් වෙතට තීරනාත්මක ලෙසටම ඌනනය වෙමින් තිබෙන බවය. අන්තර්ජාලයේ සිට චන්ද්‍රිකාව දක්වා නෙක තාක්ෂණයන් විටින් විට මාතෘකා වෙමින් මිනිස් වර්ගයාට දෙමින් සිටින පණිවිඬය නම් වසර සිය දහසකට පෙර මෙන් එකිනෙකා අතර ගැ‍ටුම කුඩා ප්‍රදේශයකට සීමාවන කුඩා පිරිසකට සීමාවන තීරනාත්මක කාරනාවකට වඩා විටක සමස්ථ මානව වර්ගයාටම බලපාන ක්ෂණික මෙන්ම තීරනාත්මක එකක් වීම දිනෙන් දින පැහැදිලි වෙමින් ඇති බවය. එපමනක් නොව ප්‍රාථමික මිනිසා මෙන් නොව බලසම්පන්න මිනිසා ගැටළු විසදා ගැනීමේදී සිහිබුද්ධියට මීටවඩා ඉඩ දීම වැදගත් වනු ඇති බවය.
Pubudu Siriwansa

Samsung වෙතින් නව monitors තුනක් …

Samsung ආයතනය CES 2022 සදහා තම නිපැයුම් ලෙසට නව monitors 3 ක් පිලිබඳව මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒවා නම් Odyssey Neo G8, Smart Monitor M8, සහ High Resolution Monitor S8 ලෙසන නම් වන අතර අවසාන මොඩලය 27” හා 32” ලෙසට පැමිනෙන බව පවසා සිටිනවා.
Odyssey Neo G8 පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ 32” 1000R curved display / 4K resolution (3,840 x 2,160) ලෙසට වන අතර Smart Monitor M8 පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ 32” display / ultra-slim thickness of 11.4 mm. ලෙසටයි. මෙම උපාංග පරිගණක සමග භාවිතාවකරවා සේම සංයුත්තව පැමිනෙන Smart TV හා productivity apps භාවිතාව මෙන්ම movable magnetic SlimFit Cam සමග VoIP භාවිතාවටද සූදානම් බව කියවෙනවා.
අවසානයේ Samsung High Resolution Monitor S8 ගැන පැවසෙන්නේ creators හා designers ලා ඉලක්ක වන එකක් බවයි. කාර්යාල පරිසරයකට වඩාත් උචිත මෙය ලොව පලමු Underwriter Laboratories-verified Glare Free monitor එකක් ලෙසට නම් වන අතර පරිසරයට වඩා උචිත කරගත හැකි නම්‍යතා රාශියක් මෙම මොඩලය සමග වන බවට ප්‍රකාශ වනවා.
Pubudu Siriwansa

පසු කොරෝනා යුගය …

පසු කොරෝනා යුගය කෙබඳු වේවිද? ක්‍රමයෙන් මතවාදී කරලිය ආක්‍රමනය කරමින් ඇති නවතම සංවාදයව ඇත. පොඳුවේ ගත් කල පෙර කොරෝනා සමයේදී ලොව තුල භාවිතාවූ ජීවිත ආකෘති නැවත හමු නොවන ලෙසට වෙනස්කම් වලට භාජනය වී හමාර බව එම හදාරන්නන්ගේ මතය වෙමින් තිබේ. “සමහර සාම්ප්‍රධායික සංස්කෘතික අර්ථ මේ වන විට ජීවිත භාවිතාවලින් ගිලිහී ගොස් ඇති ආකාරය හරිම පුදුම සහගතයි. ඒත් ඒක එහෙම වෙලා තියෙනවා”. ඔවුන් තත්වය පැහැදිලි කරමින් සිටිනවා. “ඒක පුද්ගල්ක අර්ථ වල සිට සමස්ථ රාජ්‍ය අර්ථ දක්වාම විනිද යනවා දකින්නට පුලුවන්” ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරනවා. තවමත් හෙට දවස ගැන විස්වාසනීය අර්ථයකට යන්න කාලය ඉක්මන් වැඩියි. කිසියම් උකටලි බවක් එක්ක කාරනා වෙනස් වෙමින් තිබෙනවා. ඔවුන් විචාරන මනස එලස් විවෘතව තබන්නට උත්සාහ කරමින් සිටිනවා.
Pubudu Siriwansa

2021 දී TikTok පලමු වෙබ් අඩවිය වේ.

Cloudflare පසුගියදා පවසා සිටියේ තම වාර්ථා අනූව 2021 වසර සදහා වඩාත් භාවිතාවක් ගන්නා ඩොමේනය වන්නේ TikTok බවයි. TikTok යනු video ඉලක්කගත social media වෙබ් අඩවියක් වන අතර එය Chinese company යක් වන ByteDance යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙම ඉහලට පැමිනීම ඔවුන් වාර්ථාකරන්නේ February 17, 2021 දින දවසේ බහුල භාවිතාව වූ මෙම අඩවිය මාර්තු මැයි වන විට ක්‍රමයෙන් ස්ථාවර වූ බවත් Aug. 10 වාන් විට යලිත් පෙන්වූ ඉහල ප්‍රවනතාවය October , November වන විට ස්ථාවරම වූ බවයි. එම නව පෙල ගැස්ම තුල Facebook දෙවන ස්ථානයේ සිට තුන්වන ස්ථානයටත් Microsoft හතර වැනි තැනටත් Apple පස්වන තැනටත් පත් මෙන්ම පිලිවලින් Amazon හා Netflix මීලග ස්ථානයන්ටත් පත්ව සිටින බව ප්‍රකාශ වනවා. එසේම 2021 වසරේ ජනංප්‍රියතම වෙබ් අඩවි පෙලෙහි YouTube අට වන තැනටත් Twitte අඩවිය නමවන තැනටත් WhatsApp දසවන තැනටත් පත්වන අතර Instagram අඩවිය Top 10 අතරින් ගිලිහ තිබෙන බවටයි පැවසෙන්නේ. කෙසේ වෙතත් Cloudfare ට අනූව තවමත් TikTok වැඩිම traffic එකක් ලැබුවද ලොව වැඩිම භාවිතාකරන්නන් සිටින වෙබ් අඩවිය වන්නේ Facebook වන බවයි.
Pubudu Siriwansa

Posted in Social Networks, web site | Tagged |

Hybrid workplace

කොරෝනාව විසින් සංශෝධනය කරන ලද නව ලෝකයේ හැඩය වෙනස් බව හදාරන්නන්ගේ පැසසුමට ලක්වන ලක්ෂණවලින්ද පිරී නැතුවාම නොවේ. Hybrid workplace මේ අතර වැඩිම අවධානයක් දිනා ගන්නා බව පෙනෙන්නට ඇත. පසුගිය දෑවසර තුල මේ සදහා නෙක ආකාරවලින් නව අවකාශ බිහිවෙමින් පහසුකම් සලසමින් තිබේ. බොහෝ විධිමත් සමාජ යාන්ත්‍රන සදහා වැදගත් වන workflow, project planning, හා communication වැනි තීරනාත්මක ක්‍රියාකාරකම් සදහා පැමින ඇති සහය ටූලයන් විසින් සාර්ථකව පැරණි සාම්ප්‍රධායික අවකාශ වල තැන අත්පත්කරගනිමින් සිටින බව හැම අතින්ම දැකිය හැකිය.
තවත් අතකින් තත්වය පැහැදිලි කෙරෙන්නේ “office-centric” වල සිට “human-centric” දක්වා තත්වය වෙනස් වෙමින් වීම ලෙසටය. ලොව පුරා වන නව වැඩ කරන රටා පිලිබඳ හදෑරීම් පවසමින් සිටින්නේ බොහෝ අවස්ථාවලදී තත්වය ධනාත්මක බවයි. නැතිනම් වර්ධනාත්මක බවයි. ඔවුන් පෙනවා දෙන්නේ නව ආකෘතිය වඩාත් මිනිස් සංක්‍යතාවයක් නිදහස් කරවන්නට සමත්ව තිබෙන බවයි. සාර්ථක අසාර්ථක අවස්තා හදාරන ඔවුන් බොහෝ දෙනා පවසන්නේ කෙසේ වෙතත් දෑ වසරකට පෙර අත්විඳි සමාජ ආකෘති ගොහොමයක් නැවත නොපැමිනෙන බවට සහතික බවයි.
Pubudu Siriwansa

LG වෙතින් OLED.EX සූදානම්…

LG පවසන්නේ තමන්ගේ නවතම OLED TV technologyය වන OLED.EX නිකුතුවට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව තාක්ෂණය සමග picture quality ය සියයට 30 කින් (magnifying brightness) ඉහලට ගෙනෙන්නට සමත්ව සිටින බවයි. වඩාත් වේගවත් response time එකක් සමග perfect black සමග නිවැරදිම වර්ණ රටා ගෙනෙන්නට නව නිකුතුව සූදානම් බවයි. එසේම OLED.EX වලදී organic light-emitting diode සමග වඩාත් නිවැරදි මෙන්ම කාර්යක්ෂම picture accuracy එකක් ගෙනෙනු ඇති බවයි. ගෙවී යන වසරේදී ලොවපුරා රූපවාහිණී අලවිය සියයට 12ක පසු බෑමක් දක්නට ලැබුනද OLED සදහ ඓල්ලුම සියයට 70 කින් ඉහල යාමක් දක්නට ලැබුනු බවයි. එසේම ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් කුඩා bezel thickness එකක් සමග තවත් නරබන්නන්ගේ අත්දැකීම අපූරු කරවන තවත් බොහෝ අංගයන් සමග 2022 වල second quarter වලදී නව පැමිනීම දැනට සැලසුම්ව ඇති බවයි.
Pubudu Siriwansa

5G වලින් ආරක්ෂාව අනතුරුදායකය.

5G mobile ගැන ඇත්තේ විවිධ මතය. පැමිනෙන නව තාක්ෂණය දෛනික ජීවිතයේ තොරතුරු භාවිතාව සදහා තීරනාත්මක වෙනසක් යෝජනා කරමින් සිටින අතරම එම තරංග ආශ්‍රිත වන විට සිදුවිය හැකි දරුණු ප්‍රථිපල පිලිබඳවද විශාල කථා බහක් වෙමින් ඇත. සමහර වෙළඳ සමගම් මේ අනතුර සදහා ඉදිරිපත් කර ඇති විසඳුම්ද ඇත. ඒ අතර Necklaces එකක හරහා විය හැකි අනතුරු වලින් “protect” කරන බවට පොරොන්දු වෙමින්ද සිටී. Dutch වල nuclear safety and radiation protection (ANVS) පවසන්නේ මෙම නිෂ්පාදන අතරින් 10ක් සදහා ionising radiation අනතුරු තත්වය තමන් හඳුනා ගෙන ඇති බවකි. ඒ අනූව ඔවුන් උපදෙස් දෙන්නේ දීර්ගකාලීන භාවිතයේදී මේවා අනතුරු දායක විය හැකි බැවින් ඒවායින් ඈත්ව සිටින ලෙසටයි. මේ අතර World Health Organization පවසන්නේ 3G,4G සේම 5G වලින් අනතුරු දායක බවකි දක්නට නොලැබෙන බව හා මෙම තාක්ෂණ අතර එතරම් වෙනසද නොමැති බවකි. ඉහත සදහන් හදුනා ගත් අනතුරු දායක පැලඳුම් අතර sleeping mask, bracelet මෙන්ම necklace වනවා.
Pubudu Siriwansa

Posted in Digital life styles, digitalization | Tagged , , , |

හකුරුගල රජමහා විහාරය ( Hakurugala Rajamaha Viharaya )

හකුරුගල විහාරස්ථානය වලගම්බා රජ දවස දක්වා දිවෙන අතිතයක සටහන් වලින් ගැවස ගත් ඓතිහාසික මෙන්ම ආගමික පමනක්ම නොව ස්වාභාවික වටිනාකම් වලින් පුරුනු පුද බිමකි. මෙහි එක් කෙරවලකින් ගලා බසින දියදහර මේ පුදබිම වෙත ගෙනෙන්නේ මනහර විසිතුරු බවකි. සමහර හදාරන්නන්හට අනූව මෙහි ජලය වඩාත් ඛනිජ බවින් වැඩි ඒවා බවටද මතයක් වේ. විහාරස්ථානයට පසුබිමෙන් වන විශාල ගල් කුළු වලින් ගැවසගත් කඳුයාය සොබා දහමේ අපූරු බව මෙන්ම ඓතිහාසිකව රජදවස නෙක සිදුවීම් රාශියක නෑකම් ඇති බව කියවෙන ජනංප්‍රවාද රාශියකි. ගලින් නිමැවුනු පොකුනක් මෙන්ම බිසෝ පැන්න ගල ලෙසට නම් වන ස්ථාන ඒ අතර වේ,
කටාරම් කෙටූ ගල්ලෙන තුලවන විහාරස්ථානයේ 18 රියන් සැතපෙන බුදු පිලිමයක් මෙන්ම විහාරයේ බිත්ති අලංකාර සිතුවම් වලින් මෙන්ම තවත් අංග රාශියකින් සමන්විතය. හදාරන්නන්ට අනූව වලගම්බා රජ දවසින් පසුව 1811 දී මත්තමගොඩ දිසාව විසින් මෙම ස්ථානය ප්‍රථිසංස්කරනය කල බවක් කියවේ, එසේම මෙම අපූරුනාමය ගැන කියවෙන කථාවකට අනූව ප්‍රදේශයේ දරුවන්ට අකුරුකරවන්නට මූලික වූ විහාරයක්වූ නිසා මෙම නම ලද බවටද කියවේ.

අන්තර්ජාල ආකෘතියේ වෙනසක අවශ්‍යතාවය.

Facebook සේවාව පසුගියදා කෙටි වේලාවකට බිඳ වැටිනි. Mark Zuckerberg මේ පිලිබඳව තම Facebook ගිනුමේ සටහනක් තබන්නට කටයුතු කර තිබිනි. ලොව පුරා භාවිතාකරන්නන් ආසන්නව 827,000 පිරිසක් මේ සදහා තම ප්‍රථිචාර දක්වා තිබිනි. ඒවා අතර Namibia භාවිතාකරන්නෙකුගේ සටහනක් වූ ” මම දුරකථනය අලුත්වැඩියා කරන්නෙකු කරා ගෙන යන්නට කටයුතු කලා” වැන්නක සිට Italian භාවිතා කරන්නෙකුගේ අදහසක් වූ “හරිම අවාසනාවන්තයි, මට පවුලේ උදවිය සමග සම්බඳ වන්නට විදිහක් නැහැ” දක්වා විවිධ වූ බවක් ගනු ලැබිනි. තවත් අදහස් අතර “සිතාගත නොහැකි අත්දැකීමක්ය” යන්නේ සිට “සිදුවූ හානියට වන්දියක් ලැබිය යුතුයි” වැන්නන් දක්වා නෙක ආකාර ගත් බවටයි සටහන් වූයේ.
සමස්තයක් ලෙසට හැගෙමින් තිබෙන කාරනය වන්නේ ජාලගත වීම ක්‍රමයෙන් තොරාගත හැකි විකල්පයක සිට තීරනාත්මක ජිවිත මධ්‍ය ලක්ෂයක් වෙමින් තිබීමය. නෙක සේවාවන් අතර බිඳිය නොහැකි යැපීම් සිදුවෙමින් තිබීමය. උදාහරනයක් ලෙසට Facebook ඔස්සේ sign-in වීම තවත් සේවා වන් ‍රැසකට පිවිසුම් දොර‍ටුවක් වීම වැනි සරල තැනක සිට ඉහලට වන යැපීම් භාවිතාවක් නිර්මාණය වෙමින් තිබීමය. බොහෝ විට පසුගිය කාලයේ අප අත්විඳි Facebook මෙන්ම Gmail වැනි සේවාවල් වල බිඳ වැටීම් සමාජය මත කල සලකුනට විසඳුම අන්තර්ජාලයේ ආකෘතියේ වෙනස් කම් සදහා ආරම්භයක්ද වියහැක.
Pubudu Siriwansa

Posted in Facebook, internet |

Facebook වෙතින් Metaverse

Facebook පවසන්නේ තව දුරටත් තම භාවිතාකරන්නන් virtual කර දැමීම තම මීලග ඉලක්කය බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ඒ ඔස්සේ තම භාවිතාකරන්නන් ගේ සංනිවේදන පරාසය. වැඩ කරන ආකාර පරාසය මෙන්ම ක්‍රීඩා කරන පරාසය දක්වාම නව වපසරියක් විවෘත කරන්නට තමන් සූදානම් බව මෙන්ම මේ වන විට තම ආයතනය ප්‍රමුකතාවේ තිබෙන ව්‍යාපෘතියක් ලෙසට metaverse ඉදිරියට ගෙන යමින් සිටින බවයි. ඉදිරි දශකය දෙක දක්වා ඉදිරියට යන්නට නියමිතව සැලසුම් වන මෙම ව්‍යාපෘතිය සදහා දැනටමත් 10000 ආසන්න පිරිසකගේ දායකත්ව ලබා ගන්නට නියමිත ඇති බවට පැවසෙනවා.
Pubudu Siriwansa

සමාජ ජාලා මීට වඩා හිතකර විය යුතු බවට…

අන්තර්ජාලය තව දුරටත් තේරීම් අවස්ථාවක් නොවේ. එය ක්‍රමයෙන් අනිවාර්ය වෙමින් ඇත්තකි. ඒ නිසාම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ පැමිනිය හැකි යහපත් බව මෙන්ම අයහපත් බව තීරනාත්මක සාධකයක්ව තිබේ. සමාජජාල භාවිතය මෙහිදී වඩාත් කැපී පෙනේ. හදාරන්නන් පවසන්නේ ඒවායේ තාක්ෂණික පසුබිමේ සිට නිර්මාණය වෙමින් ඇති සංස්කෘතික පසුබිම දක්වා අපමන අවකාශයක් සවිංඥානිකව මෙන්ම අවිංඥානිකව අපට බලපාමින් ඇති බවකි. මෙම අවකාශ අතරින් Facebook සමාජජාලය කැපී පෙනේ. Instagram ඇතුලු ඔවුනගේ සමස්ථ සේවා අවකාශය පිලිබඳවම පසුගිය කාලයේ කථාබහට ලක්විය. මේ වන විට එම ආයතනය විශේෂයෙන් teenagers ලාගේ mental health ඉලක්කවන අංග කිහිපයක් තම සේවාවන් සමග සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින බව කියවෙනවා. එම නවාංග අතරට “reputational reviews.” මෙන්ම “Instagram Kids” වැනි අංග කිහිපයක් ගැනම කථාබහ වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa

× How can I help you?