2018 වසර වෙතට එලබෙන්නට ලාංකික අපට ඇත්තේ හෝරා කිහිපයක පමාවක් පමනී. සැබෑ ලාංකික අනන්‍යතාවය ප්‍රකට කරමින් 2018 වෙතට අපූරු පිලිගැනීමේ මතයක් සමාජ ගත කරමින් සිටී. එනම් 2018 නව වසර වෙනුවෙන් කිරි ඉතිරීමේ සිට සුදානම් වීම දක්වාම අසුබ බවකි. ඔනෑම සමජයක අසුබ මනස් වල සිට රෝගී ස්වභාවයේ මනස් තිබීම සාමාන්‍ය කාරනාවකි. එසේ මුත් රෝගී මනසවල් වලට තම රෝගී බව සමාජ ස්වභාවයක් කරන්නට නම් ක්‍රමවත් සමජ වලදී අපහසුය. අප වැනි සමාජ අවකාශ වලදී එසේ නොවේ. ඔනෑම රෝගියෙකුට තම රෝගී බව සමාජ මෝස්තරයක් කරන්නට ඉතා පහසුය. එවා වෙතට වන ආකර්ෂනීය බවද මෙහිදි ඉතා ඉහලය. සාර්ථක සමාජ වලදී නව වසරකට පිවිසීම ධනාත්මක ආරම්භයක් ලෙසට සලකමින් සැමරීම් වලට සූදානම් වෙද්දී අප සුපුරුදු රෝගී බව මුල් කරගන්නා අසුබ මානසික රාමුවට ගොනුවෙමින් විඳවන තවත් වසරකට විංඥානිකව මෙන්ම අවිංඥානිකව පෙල ගැසෙමින් සිටී.
Pubudu Siriwansa
