Back to Top

Category: Ban

ad-blocker මෘදුකාංග වලට Yahoo Mail බාදා…

                      Google Chrome ඔස්සේ Yahoo Mail account වෙතට පිවිසෙන්නට උත්සාහ කල ඇතැමුන් හට තම පරිගණකයේ ස්ථාපිතව ඇති ad-blocker software වන් disable කරන්නට ඉල්ලා සිටින දැන්වීමකට මුහුන දෙන්නට සිදුවිමක් වාර්ථා වෙනවා. එහිදී පැහැදිලි කෙරුනේ Yahoo Mail URL සමග එන “reason=ADBLK_TRAP” පනිවිඬයක් ලෙසට එය දැක්වුනු බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ ක්‍රමයෙන් තම අඩවි වෙතට එන්නන්ගේ පරිගණක වල ස්ථාපනයවී ඇති ad-block මෘදුකාංග නිශ්ක්‍රීය කරන්නට ඉල්ලා සිටින හා බල කෙරෙන අවස්ථා වැඩි වෙමින් ඇති බවකි. වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් අතින් සැලකීමේදී තම අඩවි නඩත්තුව සදහා අවශ්‍ය වන ඉපයීම දක්වා වත් එසේ පවත්වා ගෙන යාමේ අවශ්‍ය තාවය වනවා සේම භාවිතාකරන්නන් අතින් සැලකීමේදී ආක්‍රමනික ලෙසට හැසිරේන දැන්වීම් රටා ඔස්සේ බෙහෙවින් අවහසුතාවයට පත්වීම් පෙන්වා දෙනවා. පසුගිය සැප්තැම්බරයේ You tube වෙතින්ද මෙවැනි අවස්ථාවක් පැමිනුන අතර එහිදී පරිගණකයේ  ad-blocker මෘදුකාංගායක් ස්ථාපිතව තිබෙනුනේ නම් පුර්න දැන්වීමම නරබන්නට සිදුවන අවස්ථාවක් පැමිනුන අතර පසුව එය bug  එකක් ලෙසට හඳුන අගෙන නිවැරදි කරනු ලැබුවා. යාහු මේල් සිදුවීම පිලිබදව අදහස් දක් වන හදාරන්නන් පෙන්වා දෙන්නේ e Mail ගිනුමක් වැනි පෞද්ගලික අවකාශයක් තුලට සේවා සපයන ආයතනයකින් බදාවක් පැමිනීම එතරම් සුබදායී ලෙසට  සැලකිය නො හැකි බවයි. කෙසේ ව්වීතත් යාහු වෙතින් නිවේදය වූවේ මෙම තත්වය අත්හදා බැලීමක් පමනක්  වන බවයි.

Posted in Ban, yahoo |

UK Universities වල exam halls තුල watches තහනම්වේ..

   ගෙවී ගිය වසරේ බලාපොරොත්තුවූ පැමිනීම් අතර Apple Watch සදහා වූවේ ප්‍රධාන බලාපොරොත්තුවකි. එම වසරේදී මෙහි නිවේදනය වීම සිදුවූ අතර මේ ව්න විට Apple ආයතනයේ CEO වරයා එලබෙන අප්‍රේල් වලදී Apple Watch වල වෙළඳ නිකුතුව සිදුවන්නට නියමිත බවට ප්‍රකාශ කර තිබේ. මේ වන විටත් UK වල විශ්වවිද්‍යාල කිහිපයකම exam halls වල watches භාවිතාව තහනම් වෙමින් ඇති බවටයි වාර්ථා කරන්නේ. එම වාර්ථා පැහැදිලි කරන්නේ දැනටමත් smart watches කිහිපයක්ම පැමින ඇතිවා සේම පැමිනෙන Apple Watch සමග බලාපොරොත්තු ඇතිවන අවධානයේ ප්‍රබෝධයත් සමග බහුල භාවිතව මෙම තහනමට වැඩි හේතුවක් වෙමින් ඇති බවකි. සිසුවෙකු විසින් මෙම උපාංගය ඔස්සේ text messages, internet භාවිතාව, notes තබා ගැනීම calculations කිරීමේ හැකියාව වැනි සැබවින්ම ඔහු කරන්නේ කාලය විමසීමද නැතිනම් මෙම ක්‍රියාකාරකමක් දැයි හඳුනා ගැනීම අපහසුවීම සලකා මෙම තීර්නයට පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවත් දෙසකින් යමෙක් භාවිතාකරමින් සිටින්නේ smart Watch එකක් හෝ සාමාන්‍ය එකක් දැයි හඳුනා ගැනීමේ අපහසුව මෙසේ සමස්ථයක් ලෙසට එම තහනම පැමිනෙන්නට හේතුවක් විය හැකි බවටත් හේතු දැක්වෙනවා.

Posted in Apple, Ban, Digital life styles |

china වල අන්තර්ජාලය සදහා සැබෑ අනන්‍යතා අනිවාර්යවේ!!!

   චීනය අන්තර්ජාලය වෙතට දක්වන්නේ අනවශ්‍ය නිරාවරනයක් ගෙනෙන දැඩි පාලනයකට නතුකල යුතු අවකාශයක් ලෙසටය. සමහර විටක තවමත් ඔවුන් සලකනවා ඇත්තේ තම භූමිය වැනි සීමා නැති නම් සංවෘත මතවාදී අවකාශය ‍රැකගත යුතු වැදගත්ම කාරනා හැටියට විය හැක. චීනයෙන් පැමිනෙන නවතම පුවතක් පවසන්නේ internet භාවිතාකරන සියලුම චීන වැසියන් තම සැබෑ නමින් පමනක් පෙනීසිටීම එලබේන මාර්තු පලමුදා සිට අනිවාර්ය වනු ඇති බවයි. නොයෙකුත් ආයතනයන්, ප්‍රකට පුදගලයන් ගේ නම් වලින් වන ව්‍යාජ ගිනුම්ද මෙම පැමිනෙන නීතිය සමග තහනම් වීම සිදු වෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. චීනයේ වන බොහෝ සේවා ආයතනයන් මෙම නව රෙගුලාසි අනූව කටයුතු කරන්නට සූදානම් වන බව පැවසෙන අතර විටින් විට පැමිනෙන නෙක ආකාරගත් දුර්මත, ව්‍යාජ මත ,ව්‍යාජ නියෝජනයන් මේ ඔස්සේ පාලනයට ලක්වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. විචාරකයින් පවසන්නේ මේ ආකාරගත් පාලනයක් වැදගත් වන මුත් තවත් අතකින් සමාජය තුල වන විකල්ප මත වාද මතුපිටට ගෙන එන්නට අන්තර්ජාලය තුලින් සිදුවන සේවය මේ ඔස්සේ වැලකීමද නොසැලකිය හැකි බවකි. දැනට මත් අන්තර්ජාලය මත තම හුදකලා අවකාශයක් නිර්මානය කර ගනිමින් සිටින චීනය මේ ඔස්සෙ තවත් ඉදිරි පියවරකට පිවිස ඇති බවටයි ඔවුන්ගේ මතය වන්නේ.

Posted in Ban, Digital life styles |