Digital ආකාරයේ මුදල් භාවිතාව පිලිබඳව (cryptocurrency) නෙක මතයන් ඇත. කෙසේ වෙතත් අනාගත ලොකයේදී වඩාත් ප්‍රායෝගික හා විශ්ව ගුනයකින් යුත් ගනුදෙනු සදහා සාර්ථක විකල්පයක් ලෙසට මෙම භාවිතාව දෙසට තවමත් ඇත්තේ වැඩි බලාපොරොත්තුවකි. ක්‍රමයෙන් භාවිතාවට පැමිනෙමින් ඇති Bitcoin වෙතට වාර්ථාවූ වැඩිම වටිනාකම මේ වන සටහන් වෙමින් ඇත. එනම් ඩොලර් 2000ක වටිනා කමකි. 2013 දී ඩොලර් 1000ක් ලෙසට මිලව තිබූ මෙහි වටිනා කම ගැටලු කිහිපයක් මධ්‍යයේ මෙම අත්පත්කර ගැනීම වෙතට පැමින තිබෙනවා. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට ලොව පුරා ඩොලර් 3292ක වටිනාකමක් මෙම cryptocurrency ඔස්සේ සිදු වෙමින් පවතින බවයි. ඔවුන් වැඩි දුරටත් යෝජනා කරමින් සිටින්නේ නුදුරු අනාගතයේදීම “ජාතික මුදල්” පද්ධතීන් වෙතට අභියෝගකරන්නට සමත් වනු ඇති බවට අනුමාන කල හැකි වෙමින් ඇති බවයි. Bitcoin යනු cryptocurrencies සදහා වන ඉදිරියෙන්ම වන විසදුම වන අතර Ripple හා Ethereum ආදිය සමග සැලකීමේදී ලොවපුරා විශාල භාවිතාවකට සාර්ථක ව්කල්පයක් වන්නට cryptocurrencies වෙතට මහත් අවකාශයක් නිර්මාණය වෙමින් ඇත.
-Digilk.com