පරිගණකයේ දෘඩතැටිය(Hard Disk) පිරී යන්නේ ඔබගේ දැනුවත්ව සිදුකරනු ලබන ගොනු හුවමාරු වලින්ම පමනක්ම නොවේ. ඔබ විසින් කරනු ලබන බොහෝ ක්‍රියාවන් සමග තාවකාලික ගොනු(temporary files) , cache , cookies , Internet history , junk ආදී වන නෙක ආකාරගත් ගොනු වර්ග වලින් එය සිදුවේ. මේවයින් සමහරක් ගොනු වර්ග ඔබට ඉවත්කිරීමට මෙහෙයුම් පද්ධතිය විසින්ම ලබා දෙන Tool වලට හැකි වන නමුත් සමහර විටක එම ගොනු සැගව ඇති ස්ථාන සොයා ගන්නට පවා අපහසු විය හැක. තවත් විටක පැහැදිලි අවබෝධයකින් තොරව ඒවා මකාදමන්නට කටයුතු කිරීම අමතර ගැටලු ගෙනෙන්නට හේතුවක්ද විය හැක. BleachBit නම් මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ මෙවැනි අවස්ථාවල් වලදීය. Linux හා Windows මෙහෙයුම් පද්ධති සමග ක්‍රියාත්මක වීමට සූදානම්ව පැමින ඇති මෙම මෘදුකාංගය Firefox, Internet Explorer, Adobe Flash, Google Chrome, Opera ඇතුලු applications 90ක් සමග නිර්මානය වන එවන් ගොනු මකා දමන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවද මෙම මෘදුකාංගය සමග එන shredding files වැන්නක් ඔස්සේ recovery කරන්නට නොහැකිවන ආකාරයට ගොනු මකා දැමීම සිදුකරන්නටද හැකි වන බවටද පැවසෙනවා. නොමිළේ භාවිතා කල හැකි ආකාරයට එන විවෘත මෘදුකාංගයක් වන මෙහි නවතම සංස්කරනය පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ පිවිසෙන ඔබටද පහසුවෙන් ලබා ගන්නට හැකි වනු ඇත.
http://bleachbit.sourceforge.net/download/file?file=BleachBit-1.6-setup.exe