Back to Top

Seethawaka Odyssey

‘Seethawaka Odyssey’ යනු Colombo Fort වල සිට Waga Railway Station දක්වා Saturdays සහ Sundays වලදී ධාවනය වන luxury train service එකකි. එය Kelani Valley (KV) දුම්රියමාර්ගය ඔස්සේ පැමිනෙන්න අතර එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඉලක්ක කරගත් එකක් වන අතර එය මුලදී Sundays වලට පමනක් සීමාවී තිබූ සේවාවකි. මෙය Seethawakapura අසිරිය දැකබලා ගන්නට හා එක් දින සංචාරයක් ඔස්සේ සොබා දහම සමග සතු‍ටුවන්නට හා සැහැල්ලුව සදහා කලබලකාරී කගර වැසියන්ට මහගු අවස්ථාවක් වනු ඇත.

Posted in Nature |

Lenagala Rajamaha Viharaya

අනුරාධපුර මුල් යුගයට අදාලව ඉතිහාස ගතව ඇති වට්ටගාමිණි අභය නැතිනම් වලගම්බාහු රජතුමන්ට ((89-77 BC) සම්බන්දිතව ලියවෙන සීතාවක රාජධානියට අසන්නව පිහිටන අදවන විට පුදබිමක් ලෙසට ගරුබුහුමන් ලබන ස්ථානයකි දැදිගම ලෙනගල රජමහා විහාරය (Lenagala Rajamaha Viharaya in Dedigama). විශාල බ්‍රහමී අක්ෂර 47කින් සමන්විත පලමු අක්ෂර පෙලත් මෙන්ම දෙවන අක්ෂර පෙලකින් සමන්විත සටහනක් මෙම විශාල ගල් ලෙණෙහි ඉහලින් කොටා ඇති අතර මේවා අගල් 7 උස මෙන්ම අගලක් ගැබුරට වන සේ කොටා ඇති බව හදාරන්නන් පෙන්වා දේ. එසේම ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ස්ථානය අවසන් වරට උඩරට රජ දවස විසූ ප්‍රකට Satara Korale Lewke Dissawe විසින් ප්‍රථිසංස්කරනය කරවන ලද බවයි.

KumariElla, kunari ella falls

Kumari Ella Falls

      පුවක්පිටිය නගරයෙන් හැරී තුම්මෝදර මාවත දීගේ කිලෝ මීටර තුනක් පමන යන විට අඹන්ගම ඔය ගල්කුලකින් ඇද හැලෙමින් නිර්මාණය කරන කුමාරි ඇල්ල කොළඹ දිස්ත්‍රික්කයේදී හමුවන විසිතුරුම තවත් ස්වාභාවික සම්පතක් බව හදාරන්නන්ගේ අදහසයි. උසින් අඩි පහලොවක පමන වන මෙම දිය ඇල්ලේ දිය පහර ඇස්වත්තෙදී කැළණි ගඟට එක්වන අතර සීතාවක රාජසිංහ සමයේදී මෙම කුමාරි ඇල්ල ස්ථානය රජ කුමාරියන් දිය කෙලිය සදහා භාවිතාවූ ස්ථානයක් ලෙසට පිලිගැනේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ සීතාවක රාජසිංහ රජිදුන්ගේ දූකුමාරිය නමින් මෙම ඇල්ල නම්වන බවත් පුවක් පිටිය අවට වන Pittukanda හා Dukkalahelena කඳු දෙක ඔස්සේ පැමිනෙන ජල පහර දෙකක් ප්‍රධානව එක්විමෙන් මෙම ඇල්ල නිර්මානය වන බවකි.  මෙතැන් සිට පුවක් පිටිය නගරය ආසන්න වන තෙක්ම ගල් පර අතරින් ඇදහැලෙමින් විසිතුරු රටා මවමින් ගලා බසින මෙම දිය දහර සමග දෙපසින් වන ඉවුරු වල වන මීවන ඇතුලු ශාකයන්ගෙන් ගැවසී ඇති අතර පැමිනෙන්නන් වෙතට වඩාත් නෙත්කලු බවක් ගෙන දේ. නගරය ආසන්නයේ වීම සමග නිතර නරබන්නන්ගෙන් ගැවසගත් ස්ථානයක් ලෙසට මෙම ස්වභාවික ස්ථනය හඳුනවා දිය හැකි අතර නොසැලකිලිමත් නරබන්නන් අතින් නිතර අපවිත්‍රවන තැනක් ලෙසටද හඳුන්වා දෙන්නට සිදුවේ.

Deraniyagala

දැරණියගල ප්‍රදේශය සදහා අතීතයේදී නම් කිහිපයකින් හැඳින්වූ බවට තොරතුරුවේ. දරණේගල යන්න ලෙසට කඳු මැද ණුවර ලෙසටද එයින් පසුව අද ව්‍යහාර වන දැරණියගල යන්නත් භාවිතයට පත්ව ඇත. දරණුවක් ලෙසට දර්ශනය වන සේ පිහිටි අලංකාර කඳු වලල්ලක් මෙම නගරය වටා පිහිටා තිබීම හේතුවක් වන්නට ඇත. මෙම ගම මැදින් ගලා බස්නා සීතාවක නඳිය පෙර කාලයේ මාගල් ගඟ ලෙසටද පසුව සිතුවක ගඟ ලෙසටද නාම කරනය ව තිබූ බව පිලිගැනේ. අදද මෙම ගම්මානයට මහත් අලංකාරයක් දෙමින් එම ගඟ ගලා බසී. හිතුවක්කාරී බවක දක්වමින් ගලා බසින මෙම ගංඟාවේ රටාව පසුව “සිතුවක” ලෙසට නම් කෙරෙන්නට ඇත. අදටද සුළු කාලයකින් තම ස්වභාවය වෙනස් වන ජල කඳක් ‍රැගෙන ඒම මෙම ස්වභාවයයි. ඓතිහාසිකව සැලකීමේදී ශ්‍රී සුමන සමන් දේවාලයත්, පූරාණ විහාරයත්, ශ්‍රී සුමණාරාම විහාරස්ථානයත් මෙම ප්‍රදේශයේ ප්‍රධාන තැනක් ගනී.දේවන රාජසිංහ සමය දක්වා දිවෙන අතීතයක් මෙම ශ්‍රී සුමණ සමන් දේවාලයට වේ.

Deraniyagala.com

Posted in Deraniyagala, History |

Maniyangama Rajamaha Viharaya (Article)

      මානියම්ගම රජමහා විහාරය පිලිබදව වන ඓතිහාසික කථා පුවත ඇරබෙන්නේ අනුරාධපුරයෙහි රජකම් කල වලගම්බා රජු සමයේදීය. එතුමා රාජත්වයට පත්ව නොබෝ කලකින්ම ඇතු වූ ඇබුදකාරී බව සැලවූ දකුනු ඉන්දියාවේ දමිල ආක්‍රමනිකයන් පිරිසක් පැමිනීමත් සමග තම රාජයයෙන් පලා යන වලගම්බා රජතුමා වසර 14ක් තිස්සේ රටේ විවිධ ප්‍රදේශවල සැගවෙමින් තම සේනාව සංවිධානය කිරීම සිදු කලහ. එම කාලය තුල තමන් වෙතට සැගව සිටින්නට සහයවූ ගල් ගුහ බොහොමයක් ආශ්‍රිතව පසුව ලෙන් විහාර බවට පත්කල බව ඉතිහාසයේ සදහන්ය. මානියම්ගම රජමහා විහාරයේද පුවත ඇරබෙන්නේ මේ ආකාරයටය.
මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඉතිහාසය ලියවෙන්නේ ඊටද වඩා පෙර සිට බව හදාරන්නන්ගේ මතයයි.ක්‍රි.පූ.1 කාලයට අයත් තිබිරිපොල රජ ලෙන නම් විශාල ගල් ලෙනෙහි ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි මීට සාක්ෂි සපයයි. එසේම පොලොන්නරු යුගයේදී පලමු විජයබාහු රජුගේ සේනාධිපතිවරයෙක් සේනවක් සමග මානියම්ගම හරහා ගමන් කල බවත් සරුසාර කෙත්වතු යායවල් ව්ලින් මෙම ප්‍රදේශය වැසී තිබුන බවටත් සටහන් හමුවේ.
15 හා 16 සියවස් වන විට වේගයෙන් වලගම්බා රජුගේද සහයෙන් දියුනුව ඇරබෙන මානියම් ගම රජමහා විහාරය තුන්කෝරලයේ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානයක් වූ බවට පිලි ගැනේ. ගිරි, වන ,ජල දුර්ග වලින් ආරක්ෂිත මනියම්ගම ආශ්‍රිතව රාජයක් පිහිටවන්නට විජයබා කොල්ලයෙන් අනතුරුව මාය දුන්නේ කුමරුට ආරාධනා කරන්නටද ඇත්තේ මෙම විහාරය ආශ්‍රිත ස්වමීන්සේලා ව්ය හැකි බවටද උපකල්පනය කල හැක. ක්‍රි.ව. 1521 දී බිහිවූ සීතාවක යුගයේදී 18 රියන් සැතපෙන පිලිමය මෙන්ම වඩු හත් රියන් විෂ්ණු දේව ප්‍රථිමාව ඇතුලු ප්‍රථිමා රාශියක් ආදිය කරවා සිතුවමින් හා කැටයමින් විසිතුරු කරන්නට මෙන්ම ගම් බිම් ‍රැසක් විහාරය වෙතට පූජා කරවන්නට මෙම රාජධානියේ අනුග්‍රහය ලැනෙන්නට ඇත.

Gallery

Map

Seethawaka Wet Zone Botanic Garden

තෙත්කලාපීය පලමු උද්භිත උද්‍යානයක් ලෙසට 2008දී පමන සීතාවක තෙත්කලාපීය උත්භිත උද්‍යානය හෙක්ටයාර 43 නැතිනමක්කර 106ක භූමිභාගයක ස්ථාපනය කිරීම අරබන ලදී. අවිස්සාවෙල්ල කොලඹ මාර්ගයේ පුවක්පිටිය නගර අසන්නයෙන් මෙන්ම කළුඅග්ගල මංසංඳියෙන්ද පිවිස ඉලුක්ඔවිට දෙසට ගමන් කිරීමෙන් මේ අපූර්ව භූමිභාගයට පිවිසෙන්නට හැකිය. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම උද්භිත උද්‍යානය පිහිටවීමේදී වැඩි අවධානයක් යොමුකරන ලද්දේ පහල තෙත් කලාපීය ව තිබෙන වඳවීමේ අනතුරටලක්ව ඇති ශාක ආරක්ශාව සදහා බවයි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අධික ජනගහනය මෙන්ම කාර්මිකකරනයත් සමග 2%ක් තරම් අවම ප්‍රදේශයකට සීමාවී ඇති මෙම වන සම්පත තෙත්කලාපීයව සැලකීමේදී 9.6කට සීමව ඇති බවයි. මීට අමතරව ecotourism වැනි ඉලක්ක මෙන්ම ප්‍රදේශයේ දියුනුවට සහය වීම , ඖෂධීය වටිනාකම් ඇති ශාක කෙරෙහි අවධානය යොමු කිරීම මෙන්ම අධ්‍යාපනික අවස්ථාවන් සැලසීම හා පුහුනු අවස්ථා සැලසීම වැනි ඉලක්ක බොහොමයක් මෙම උද්භිත උද්‍යානය පිහිටවීමේදී අරමුනු කරගන්නා ලද බවයි.

පිවිසුම 

රූ පෙල

Address: Thummodera – Puwakpitiya Road
Hours: Open today · 7:30AM–6PM
Phone: 036 3 79529

Posted in Nature | Leave a reply

Hanwella Fort – හංවැල්ල බලකොටුව ( ගුරුබැවුල බලකො‍ටුව)

        හංවැල්ල නගරයේ තානායම පිහිටි භූමි භාගයේද අතීතයේ බල කො‍ටුවක්ව පැවතුන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.අතීතයේද කොළඹ සිට සීතාවකට එන මාර්ගයත් අනෙක් දෙසින් කැළණි ගඟත් අතර පිහිටි මෙම ස්ථානයට ගුරුබැවුල බලකො‍ටුව ලෙසට භාවිතාවූ බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.මායාදුන්නේ මෙන්ම රාජසිංහ රජවරුන් මෙම ස්ථානයේ සිට පෘතුගීසී විරෝධී අරගල මෙහෙයවන්නට කටයුතු කොට තිබෙන බවට පිලි ගැනේ. රාජ සිංහ රජතුමාගේ අභාවයෙන් අනතුරුව පෘතුගීසීන් විසින් මෙම ස්ථානය අත්පත්කරගන්නට කටයුතු කල බවත් එදිරිල්ලේරාල හා කුරුප්පුආරච්චි වැනි වීරවරයන්ගේ නායකත්වයෙන් එය යලුත් මුදවා ගන්නට කටයුතු කල මුත් පසුව එය ලන්දේසීන් විසින් අත්පත්කර ගත් බවත් සඳහන්වේ. එකල මෙහි ආරක්ශාව වඩාත් තරකරගනු වස් ගොඩබිමින්ද ගැබුරු අගලක් කපා තිබූ බවක් පිලි ගැනේ. අවසානයේ ඉංග්‍රීසීන්ගේද බලකො‍ටුවක් බවට මෙම ස්ථානය පත්ව තිබ ඇති අතර කන්ඳ උඩරට හමුදාවෝ මෙතැනට පහරදීමට පැමිනිමුත් පරාජය වූ බවත් සේනාධිපත් ලෙව්කේ දිශාව මරනයට පත්වූ බවත් ඉතිහාස සටහන් පවසයි.
අනතුරුව උඩරට ආක්‍රමනයට ඉංග්‍රීසීන්ගේ සහයට ඇහැලේපොල අධිකාරම් එක්වූවේද මෙ ස්ථානයේදි බවට පිලි ගැනෙන අතර සිරබාරයට පත් කන්ද උඩරට රජතුමා කොළඹ කරා ‍රැගෙන යාමේදීද මෙම ස්ථානයේ රඳවා සිටින්නට ඇති බවට විස්වාස කෙරේ. අදද මෙම ස්ථානයේ ගල් ආසන, ප්‍රණි ප්‍රකාරයේ කොටස් මෙන්ම දිය අඟලේ සලකුනු දැකිය හැක.
ශ්‍රී ලාංකීය අතිතයේ වැදගත් සිදුවීම් මෙන්ම කැපී පෙනෙන චරිත රාශියකම සබදතා සීතාවක පුරය නොහොත් වර්ථමාන අවිස්සාවේල්ල අවටින් සඳහන් වේ. පොලොන්නරු යුගයේ දිදුලන නාමයක් ලෙසට සටහන් වන මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ උපත සිදුවූවේද අවිස්සාවෙල්ලට නුදුරු දැදිගම කොටවෙහෙර නම් ස්ථානය ආශ්‍රිතව බව පිලිගැනේ. මෙතුමන්ගේ උපත සිහිවීම පිනිස වෙහෙරක්ද ඉදිකල බවට සඳහන් වේ. වරක් මෙතුමාට එරෙහිව ඇතිවූ කැ‍රැල්ලක් මැඬලීම  සදහා මානියම්ගමු රට නොහොත් නියම් ගම් දහසකින් සමන්විත සතර කොන හඳුනා ගැනීම සදහා කනු සතරක් සිටවා ඇති වර්ථමානයේ මානියම්ගම  ප්‍රදේශය හරහා සේනාංකයක් රුහුනට ගිය බවට වන “කඩ ඉම්පොතේ විමර්ශන” නම් ග්‍රන්ථය පෙන්වා දේ.
ක්‍රි.ව. 1521 දී විජයබා කොල්ලය ඇතිවන්නට පෙර සිටම මායා දුන්නේ කුමරු මානියම්ගම රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලා සමග සබදතා පවත්වා ඇති බවත් 1519දී මායා දුන්නේ කුමරා මෙම රජ මහා විහාරයේ බුදු පිලිම හා විෂ්නු දේවරූපය නිමවා සිතුවම්ද කරවා පෙතන්ගොඩ කුබුරු යායද සමග පූජා කල බවට තඹ හස්නක් විහාරයේ වේ.
මීට පෙර ගම්පොල රාජධානිය ලෙසට ගත් පස්වන බුවනෙකභාහු රජතුමාද 1382දී තමන්ට පක්ෂපාතීව සිටි වැල්ලබුරේ ජයසුන්දර මුදලිට පෙතංගොඩ නින්දගම හා සීතාවක මුදලි තනතුර ප්‍රධානය කල බවට වන අතර “ගොවිතැනට සම්බන්ද නිලධාරියා” යන අර්ථය මෙහිදී සීතාවක යන නමට වූ අර්ථය ලෙසට පැවතුන බව හදාරන්නන්ගේ මතයයි.
ක්‍රි.පූ. 103-77 කාලයවූ වලගම්බා රජතුමාද අනුරාධපුරයේ තම රාජධානියට සිදුවූ ද්‍රවිඩ ආක්‍රමනය හමුවේ සල්ගල, හකුරුගල මෙන්ම මානියම්ගම ආශ්‍රිත ගල්ලෙන්වල සිට සේනාව සංවිධානය කරමින් නැවත සතුරා පැරදවීමට ක්‍රියා කල බවද ඉතිහාසය පවසයි.
Posted in History | Leave a reply

Meta ක්‍රමයෙන් encryption වෙතට.

Meta පවසන්නේ තොරා ගත් Messenger conversations සදහා end-to-end encrypted බව භාවිතාවීම සිදුවනු ඇති බවයි. නව features කිහිපයක් එනම් chat themes, custom chat emojis / reactions, group profile photos, link previews, active status, Android bubbles වන අතර testing, මට්ටමින් end-to-end encrypted බව සිදුවන බවත් ඉදිරි මාස කිහිපය තුලදී ලොවපුරා භාවිතාකරන්නන් මිලියන ගනනක් වෙතට එය ක්‍රමයෙන් මුදා හරිනු ඇති බවයි.
Pubudu Siriwansa

Posted in Facebook |

iOS 16.3 නිකුත්වේ.

Apple වෙතින් iOS 16 සඳහා නව feature update එකක් ලෙසට Version 16.3 මේ වන විට නිකුත්ව තිබෙනවා. ආයතනය පවසන්නේ bug fixes කිහිපයක්ම සමග new HomePod සහය, physical FIDO keys(Apple ID) මෙන්ම නව Unity wallpaper ඇතුල නවාංග මෙනම් දියුනු කිරීම් රාශියක් නව නිකුතුව ‍රැගෙන විත් ඇති බවයි. කෙසේ වෙතත් ආයතනය පැහැදිලි කරන්නේ සියළුම අංග සියළුම ප්‍රදේශ මෙනම iPhone සදහා වලංගු නොවිය හැකි බවයි. මෙම නව සංකරණය සදහා Settings > General > Software Update ඔස්සේ පිවිසෙන්නට හැකි වනු ඇත. iOS 16.3 සදහා සහය දක්වන iPhones සංස්කරන පහත දැක්වේ.
iPhone 8 and 8 Plus
iPhone X
iPhone XS, XS Max, and XR
iPhone 11, 11 Pro, and 11 Pro Max
iPhone SE 2020, SE 2022
iPhone 12, 12 mini, 12 Pro, and 12 Pro Max
iPhone 13, 13 mini, 13 Pro, and 13 Pro Max
iPhone 14, 14 Plus, 14 Pro, and 14 Pro Max
Pubudu Siriwansa

Posted in Apple | Tagged |

Cybercriminals අවධානය OneNote වෙතට.

කලක සිට cybercriminals තම හානිකර පතුරවන්නට භාවිතාකල ක්‍රම වේදයක් වූවේ Office applications වල macro feature එක සංක්‍රියකරවා ගැනීමයි. මෙහිදී ඔවුන් කරනු ලැබුවේ Word / Excel වැනි ගොනු වලට malicious macro code එකක් inject කර අදාල ගොනු නියමිත පරිදි සංක්‍රීය කර ගැනීම සදහා macros හැකියාව සංක්‍රියකරව අගෙන ඒ ඔස්සේ අදාල PC එක ආසාධනයට මග පාදා ගැනීමයි. Microsoft සමාගම මේ සදහා ගත් පියවර වූවේ default මට්ටමින් Office වල macros අක්‍රියකර තබන්නට කටයුතු කලහ. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට පහර දෙන්නන් තවත් බහුල භාවිතයක් ඇති app එකක් වන OneNote භාවිතයට කටයුතු කරමින් සිටින බවයි. මෙහිදී ඔවුන් OneNote ගොනුවක් යවනු ලබන්නේ malicious VBS ක්ද සම්බඳ කර වන අතර ගොනුවට ලබා ගන්නා double-clicked එකක් හරහා malware වක් බාගතවී ස්ථාපනයට කටයුතු කරන බවටයි පැහැදිලි කරන්නේ. මෙහිදී භාවිතාකරන්නා වෙතට ලැබෙන “Double click to view file” ආරාධනාව සහිත box එක ඔස්සේ සංක්‍රිය වන්නට පෙර ලැබෙන OneNote වල warning එක නොසකලා හරින්නට බොහෝ භාවිතාකරන්නන් පෙලබෙන බවටයි වාර්ථා වන්නේ. පොදුවේ ලැබෙන උපදෙස වන්නේ unsolicited emails විවෘත නොකරන්නටත් antivirus software ව හොඳ මට්ටමකින් තබා ගන්නටත් කටයුතු කරන ලෙසටයි.
Pubudu Siriwansa

Posted in Malware | Tagged , |

වසර දස දහස් ගනනක් පුරාවට

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත.
– Pubudu Siriwansa

Posted in Uncategorized |

Google ලාගේ Privacy Sandbox project එක app අවකාශය වෙතටත්.

Google ආයතනය මීට පෙර පවසා සිටියේ තමන් Chrome browser ඔස්සේ භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැස් කිරීම සදහා වඩා මධ්‍යස්ථ ස්ථාවරයකට යන්නට සැලසුම් කරන බවකි. Privacy Sandbox project යටතේ කල මෙම ප්‍රකාශයට අනූව භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වයට අවම හානියක් වෙමින් වෙළඳ දැන්වීම් සදහා අවශ්‍ය දත්ත පරිසරය ඔවුන් නිර්මාණය කරන්නට කටයුතු කරන බව පැවසුනි. ඔවුන්ගේ ප්‍රධාන තරගකරුවා වන Apple ද පසුගියදා පවසා සිටියේ තම app developers විසින් ඒවා භාවිතාකරන්නන් tracking වලට පෙර අදාල permission ලබා ගත යුතු බවකි. මේ වන විට Google ද පවසන්නේ පෙර කී තම බ්‍රවුසර සදහා ගත් භාවිතාකරන්නන්ගේ දත්ත සමග කටයුතු කල යුතු ප්‍රමිතීන් තම Apps සදහාද ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවක් වන අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ Meta වැනි ආයතනයන් සලිත කරවන්නට මෙම තීර්ණ බලපාමින් ඇති බවකි.
දැනට සැලසුම්ව ඇති ආකාරය අනූව 2023 වන විට browsing history වැනි දත්ත ඉලක්කවන Third-party cookies වැනි භාවිතාවන් සම්පූර්නයෙන් භාවිතයෙන් ඉවත්කරන්නට Google සුදානම් වෙමින් සිටින අතර දැනට පවතින ads privacy වලින් ඔබ්බට ගොස් නව ප්‍රමිතීන් මත කටයුතු කරන්නට සූදානම් වෙමින් සිටිනවා.
Pubudu Siriwansa

Posted in Google | Tagged , |
× How can I help you?