Category Archives: Ayurveda

පාරම්පරික වෛද්‍ය කර්මයේ ප්‍රත්‍යක්ෂ බව.

මෙවර අප MMM Irshad වෛද්‍යතුමන් හමුවන්නේ තවත් තරමක සංකීර්න ගැටලුවක් විමසන්නටය. එනම් දේශීය වෛද්‍ය කර්මය සමග සමහරුන්ගේ සිතට පැමිනෙන බවට නිතර පැවසෙන නිරෝගී බව සදහා වැඩිකාලයක් ගත වන බවට වන අදහස පිලිබඳව විමසන්නටය. එතුමන්ගේ පිලිතුර වූවේ “මා පෙර දීර්ග ලිපි පෙලෙහි සඳහන් කලාක් මෙන් ආයුර්වේදයේදී අප අවධානය යොමුකරන්නේ සමස්ථ රෝගියා වෙතටයි. නිරෝගීකම පැමිනිය යුත්තේ සමස්ථ පුද්ගලයාට මිස එක් කොටසකට නොවෙයි. අනිත් අතින් අප මේ සදහා භාවිතාකරන්නේ අප ජීවිත අවට වන ස්වභාවික ඖෂධ පැලෑටිමයි. ඒ නිසාම රෝගියාට පැමිනිය හැකි අතුරු ආබාධ අවමයි. මේ දෙ ආකාරයට සැලකුවාම ඔබට වැටහේවී සමහර විට තරමක කල් ගත වීමක් සමග උවත් ලැබෙන නිරෝගී බවේ සුරක්ෂිත බව. අනික් වැදගත්ම කාරනය තමයි පාරම්පරික වෛද්‍යවරයෙකු ලෙසට අප පරම්පරාව සතු වෛද්‍ය ක්‍රමවේද වසර සිය ගනනක් තිස්සේ මගේ මුතුන් මිත්තන් රාශියක් අතින් ප්‍රත්‍යක්ෂ වූ ඒවායි. අනිත් කාරනය තමයි අපේ පරම්පරාව වසර සියගනනක් පුරා එකම ස්ථානයක් ආශ්‍රිතව මේ වෛද්‍යකර්මයේ යෙදිමින් සිටීම. පරම්පරා ගනනාවක් තිස්සේ අපගේ සේවය ලබමින් සිටින විශාල සංක්‍යාවක් මේ ප්‍රදේශය අවට මෙන්ම රටපුරා පමනක් නොව ලොව පුරා සිටිනවා. ඔවුන්ගෙන් විමසුවහොත් පවසාවි අපගේ වෛද්‍ය ක්‍රමවේදවල වන ප්‍රත්‍යක්ෂ බව”

MMM IRSHAD වෛද්‍යතුමන් සමග වන පලමු සටහන….

කාර්ය බහුල පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙසට ප්‍රකට MMM Irshad මහතා සිකුරාදා හා පෝය දිනයන්හි හවස වරුවේ හැරෙන්නට සතියේ සෑම දිනකදීම තල්දූවේ පිහිටි එතුමන්ගේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී හමු විය හැක. සුපුරුදු කාර්ය බහුලත්වය අතරතුර හමුවන අඩ හෝරාවක් අප එතුමන්ගේ ලබා ගත්තේ අප වෙබ් අඩවිය වෙනුවෙන් කුඩා හෝ සටහනක් සදහා තොරතුරු ලබා ගැනිමේ අරමුනින්ය. අප එතුමන්ට යොමුකලේද තරමක් විවාද කාරී විමසීමකි. එනම් “වෛද්‍යතුමනි අපට පැහැදිලි කරන්න හැකිද පාරම්පරික වෛද්‍ය වරයෙකු ලෙසට ප්‍රකට ඔබතුමන් වෙතට රෝගියෙකු යොමුවන්නට පෙර සැලකිය යුතු ප්‍රධානතම සාධකය?. ” වඩාත් පැහැදිලි කරමින් මා විමසා සිටියේ.. ” බොහෝ බටහිර මෙන්ම දේශීය වෛද්‍යවරුන් සමග සැලකීමේදී පාරම්පරික වෛද්‍ය වරයෙකු ලෙසට ඔබගේ වෛද්‍ය කර්මය සතු සුවිශේෂී බව අපට පැහැදිලි කල හැකිද?”

දශක ගනනාවක් පුරා දිවෙන එතුමන්ගේ අත්දැකීම් මෙන්ම පරම්පරා ගනනාවක් අතීතයට දිවෙන එතුමන්ලාගේ වෛදය පරම්පරාවේ ශික්ශනය ප්‍රකට කරවමින් ලැබුනු එතුමගේ පිලිතුර මහත් සරලය. ” ඔබ, ඔබ පෙලෙමින් සිටින රෝගීත්වය මෙන්ම මා නියම කරන ඖෂධ සදහා යොද ගන්නා ස්වභාව දහමේ කොටස් යන සියල්ලම පෙරකී අකාරයට වසර සිය ගනනක් පුරාම සමීප දේයි. ඔබ මෙන්ම ඔබ පෙලෙන අපහසුතාවය පමනක් නොව මා නියම කරන ඖෂධ මේ සියල්ල එකි නෙකින් වියුත්ත ඒවා නොවෙයි. ඒ ආකාරයෙන් සැලකීමේදී මම, ඔබ හා ඔබගේ අපහසුතාවය මෙන්ම නියම කරන ඖෂධ අතර ඇත්තේ මහත් පැහැදිලි නොගැලපීම් අතිශය අවම සබඳතාවයක්”. පිලිතුර පැහැදිලිය. එතුමන්ලාගේ වෛද්‍ය පරම්පරාවේ නියමයන්ට අනූව අදද සියලු ඖෂධ මෙහිදීම පිලියෙල වන අතර ඒ සදහා වෛද්‍යතුමගේද අනිවාර්ය මැදිහත් වීම නිරන්තරයෙන් සිදුවේ.”රාජකීය වෛද්‍ය” ගරු සම්මානයෙන් පිදුම් ලබමින් ඇරබෙන, අදද ඓතිහාසික සීතාවක යුගයේ සිටම පැවත එන භූමිභාගයකදී තම සේවාව ලබා දෙමින් සිටින එතුමන්ගෙන් ගෙන් සුවය ලැබූ දස දහස් ගනනක් මේ ප්‍රදේශයේ මෙන්ම ලංකාව පුරාම පමනක් නොව ලොවපුරාම වෙසෙති.

නිරෝගී දිවියකට….

නිරෝගී ජීවිතය හා දිගුකල් ජීවිතය කාගේත් පැතුමය, බලපොරොත්තුවය. හදාරන්නන් පොදුවේ පවසන්නේ දුම්බීම, මත්පැන් මෙන්ම එලවළු මෙන්ම පලතුරු අඩු භාවිතාව බොහෝ විට නිරෝගී බවින් ඉවතට ජීවිතය ගෙනයන්නට බහුල හේතූන්ය. වැඩි දුරටත් කරුනු ඉදිරිපත්කරන ඔවුන් පෙන්වා දෙන්නේ නිරෝගී හා වැඩිවියේ සිටින ජපන් ජාතිකයින් තම කුස ආහාර ගැනීමේදී 80%ක් හිස්ව තබා ගන්නට වග බලා ගන්නා බවකි. අඩු කැලරි ප්‍රමානයක දී අඩුවෙන් නිපදවන T3 නම් thyroid hormone ය වයස්ගත වීමේ ක්‍රියාවලිය අඩුවේගයකට ගෙනෙන බවය.
තවත් විටකදී ඔවුන් උපදෙස් දෙන්නේ දෛනිකව රූපවාහිනිය ඉදිරිපිට ගත කරන වෙලාව දෙපැය ඉක්මවනවා නම් කල්පනකාරි වන ලෙසටය. 2010 කල හැදෑරිමක් ඇසුරින් ඔවුන් යෝජනා කරන්නේ පැය දෙකකට වඩා රූපවාහිනිය ඇසුරෙහි දෛනිකව කාලය ගත කරනපිරිස් හා අඩුවෙන් ගතකරන පිරිස් අතර නිරෝගීතාවයෙහි කැපී පෙනෙන වෙනසක් දකින්නට හැකිවූ බවය.
සමාජශීලී පසුබිමක් ඇති සත්වයෙකු ලෙසට පිලිගැනෙන මිනිස් ජීවිතයෙන් සමාජ ඇසුර ඈත්වීමද ඔවුන්ගේ සෞක්‍ය ජීවිතය වෙතට කරන්නට හැකි බල පෑම ඉහල බවට පිලිගැනෙනවා. නෑදෑ හිතවතුන් ගෙන් හුදකලාව ගෙවෙන ජීවිතය වඩාත් ඉක්මනින් පිරිහෙන සෞක්‍ය තත්වයන්ට අත වනන බවටයි එම හදාරන්නන් යෝජනා කරන්නේ.
අඩුම තරමින් දිනකට පැය භාගයක සැහැල්ලු ඇවිදිමක් ජීවිතයේ පුරුද්දක් කර ගැනීම ගැන අදහස් දක්වන ඔවුන් පෙන්වා දෙන්නේ. කායික මානසික නිරෝගීතාවයට දෛනිකව එක්කර ගත හැකි සරලතම හා පහසුතම පුරුද්දක් වුවත් එයින් පුද්ගලයාට ලැනෙන සහනය සැලකීමේදී විශාල බවටයි පෙන්වා දෙන්නේ. නිදහස් පරිසරයකදී මදවේගී දෛනික සක්මනක් සදහා වෙලාව ලබා ගන්නට සමත්වීම බොහෝ කායික මානසික ව්‍යාකූලතාවයන් සදහා දොරගුලක් වනු ඇති බවට සහතික වන්නට ඔවුන් කැමති වනවා.
– උපදෙස් MMM IRSHAD වෛද්‍යතුමන්ගෙනි.

ස්ත්‍රී රෝග

පුරාතන පින්වත් සෘෂිවරයානන් වහන්සේ විසින් රචන කරන ලද රචක සංහිතාව මිනිස් ජීවිත සහ උප්පත්තිය ගැන කියන දෙයක් තිබේද? ඒ වාජීකරන. වාජීකරනයේ අවශ්‍යතාව වෘෂ්‍ය ස්ත්‍රිය, හර්ෂය, හර්ෂය ඇතිවීමට හේතු යන කරුනුයි.
වාජීකරනය අවශ්‍ය වනුයේ මෛඨුන කාරයයටයි. ඒය මෙම ආකාරයට පැහැදිලි කර තිබේ. ආත්මවත් පුද්ගලයා නිතර වජීකරන ද්‍රවයයක් සේවනය කල යුතුය. ධර්මය , අර්ථය, ප්‍රීතිය, යසස වාජීකරනයට අයත් වෙයි. එය වාජීකරනය මූලික කරගෙන තිබේ. මෙම වාජීකරනයම දරු සම්පත්කට හේතු වෙයි.
එහි ගුනයෝ දරුවන්ගේ ඇසුරටද යයි. ඒ අනූව අවබෝධකරගත යුතු කරුන වනුයේ ධර්මනුකූලව දිවිපෙවෙතක් ගත කිරීම, වැල‍ඳෙන රෝගයන්ට නිවැරදි ඖෂධ ගැනීම., වාජීකරන ප්‍රථිකාර ලබා ගැනීමයි. කාන්තාවන්ට වැලදෙන සෙවන ප්‍රදාරය හෙවත් කාන්තාවන්ගේ ඇඟ උනුකරවා යෑම රෝගයේදී සිදි වනුයේ කුමක්ද?
මෙම පීඩාකාරී රෝගයේ අවාමානය ලක්ෂන පලමුව දැනගත යුතුයි. රෝගල වැලදුනු කල්හි එම කාන්තාවගේ යෝනි මාර්ගයෙන් අස්වාභාවික ශ්‍රාව්‍යයක් වහනය වේ. මේ සමගම නාන ප්‍රකාර සර්වාගිංක රෝග ලක්ෂන බොහෝ පහල වෙයි. ඒ යටතේ පිටවන ශ්‍රාව්‍ය කිරි මෙන් වෙයි. තවත් විටක බිත්ත්‍ර සාරු මෙන් වෙයි. ඇතැම් විටක කැඳ දියර මෙන් වේ. බොහෝ අවස්ථාවල කසවන් පැහැයක් ගනු ලබයි. මේ යටතේ දුගදක් ගමයි. රෝගය වැලදුනු විට සිරුර දුබල වෙයි. එසේ වූ විට පිටවන ශ්‍රව්‍යය අධික වෙයි.
ඇග උනුකරවා යාමේ රෝගය කාන්තාවන්ගේ වයස අනූව වේල‍ඳෙන රෝගයක් නොවේ. එය වයස් භේදයකින් තොරව පොදුවේ කන්තාවට වැල‍ඳෙයි. වැඩිහිටි කන්තාවන්, අපරිනත වයසෙහි පසුවන බාලිකාවන්, මෙම රෝගයට ගොදුරු වෙයි. රෝගය ඇතිවීමට එකි නෙකට වෙනස් බොහෝ හේතූන් බලපායි. මෙම හේතූන්ගෙන් එකක් වනුයේ රක්ත හීනතාව සහ කල් පවතින මලබද්ධයයි.
අපරිනත බාලිකාවන් සම්බන්දව මෙම රෝගය වැලදීමේ හේතු මෙසේ දක්වා තිබේ. ඒ යටතේ යෝනි ද්වාරයේ ප්‍රදාහය, යෝනි මද්‍යයෙහි හෝ පිටත යම් යම් ද්‍රව්‍යයක් තිබීම හෝ ප්‍රවේශවීම, අපිරිසිදු කම අස්වාභාවිකලිංගික ක්‍රියා, ක්‍රිමි රෝග සහ ජීවානු සංක්‍රමනය.
වැඩිහිටියන්ට රෝගය වැලදීමට හේතු මේවායි. ගබ්සකිරීම්, අඩුවයසින් විවාහ වීම, උපත්පාලන ඖෂධ ශරීර ගතවීම, ඔසප්කාලය තුල සිදුවන්නාවූ අධික සංසර්ගය .
ඇග උනුකරවා යාමේ රෝගය පිලිබඳව ස්‍රිෂිවර මතය මෙසේයි.
යෝනිද්වාරයේ හේතූන් නිසා කාන්තාවන්ට සෙවන ප්‍රදරය හෙවත් ඇග උනු කරව යාමේ රෝගය ඇති වෙයි.
ඇග උනු කරවා යාමේ රෝගය ගැන ආයුර්වේදය අවිවාහක බාලිකවන් සම්බන්දයෙන්ද දක්වා තිබේ. ඒ මේ ආකාරයටයි.
උෂ්නාධිකබව, ලේ අඩුකම , විෂ බීජ ආක්‍රමනයකිරීම,
විවහක ස්ත්‍රීන් සම්බන්දයෙන් දැක් වෙනුයේ මෙසේයි. ළඟ ලඟ දරු උපත් ඇතිවීම හේතුවෙන් ගර්භාශාය පීඩාවට පත්වීම. අධික මෛථුන සේවනය. ගබ්සාකර ගැනීම. සැල ඖෂධ වර්ග ඇතුලු කිරීම, ගර්භාෂය දුර්වලවීම.
කාන්තාවන්ගේ ඇඟ උනු කරවා යාමේ රෝග ලක්ෂන ආයුර්වේදයේ දක්වා තිබෙනුයේ මෙම ආකාරයටයි.
ක්ලාන්තර ඇති වෙයි. මන්දාග්නිය ඇති වෙයි. බඩ පුරවා දමයි. යටි බඩ කොරවෙයි. ශරීරයේ ගුරුභාවය ඇති වෙයි. තුනටියේ ශූල්‍ය ඇති වෙයි. අත්පාවල ශූල්‍ය වැඩේ.අක්ෂිය වටේ කළුවන් පැහැයක්ල් ගනී. පපුවේ ගැස්ම වේගවත් වේ. දිනෙන් දින ශරීරය කෘෂවේ.
ඇග උනුකරවා යැමේ රෝගය වැලඳුනු කාන්තාවන්ගේ පලමු කොට වහනය වන ශ්‍රාව්‍ය සුදු පැහැති උවත් කල් ගත ව්නා විට කහ පාටටත්, දුබුරු පැහැයටත් හැරේ. මෙම ශ්‍රාව්‍යය වැගිරෙන විට ශුල්‍යයක් නොදැනේ. මිත්‍ර දාහය අධ්හිකවේ. නින්දද අධික වේ. මුඛය වියලේ.
මෙම රෝගයේ සුවිශේෂී අවස්ථාවන් දෙකක් තිබේ.. ඉන් එක් අවස්ථාවක් වනුයේ ගැබ්ගත් ජ්කාලය තුල ඇතැම් කාන්තාවන්ට මෙම රෝගය වැලදුනද, දරු ප්‍රසූතියත් සමග එම රෝගය සුවවන බවයි. නමුත් අවිවාහක කාන්තාවන් ප්‍රථිකාර නොගෙන සිටියද රෝගය සුවවෙයි. නමුත් නැවතත් රෝගය වැල‍ඳෙයි.
ඇග උනු කරවා යාමේ රෝගය වැලඳුනු කල්හි ලැජ්ජාවට පත්වී රෝගය සගවා ගෙන සිටිම තුල කාන්තාවන් තමන්ට සංසාර පිනකින් උරුමව තිබෙන උතුම් මව්පදවිය අහිමි කර ගැනීම මෙම රෝගයේ වඩාත්ම ඛේදජනක අවස්ථාවයි. මෙම ඛේද ජනක අවස්ථාව තවත් දුක්බර වනුයේ තම වර්ගයා බෝකිරිමේ කාර්යයට කාන්තාවට දායක වීමට හිමිකමක් නොලැබී යාමයි.
ඇඟ උනුකරවා යාමේ රෝගයට ප්‍රථිකර කිරීමට පෙර මෘදු විරේචනයක් කලයුතුයි. ඒ සදහා සුදුසු ඖෂධ වර්ග ආයුර්වේදයේ දක්වා තිබේ. එම ඖෂධ කිහිපයක් මෙසේයි.
සඳුන්, සේපාලිකා මල්, ඉරමුසු, රනවරා, හාතාවාරිය සැවැන්දරා, වැල්මී , නාමල් රේනු , මෝරු .
සුදුසු ආහාර වර්ග මෙසේයි. අළුකෙසේල්, පුහුල්, දියලබු, මුරුංගා, ප‍තෝල , බන්ඩක්කා, කිටි බාර්ලි, කුකුල් මස්.
නොසුදුසු ආහාර මේවායි. අඹ, අන්නාසි, දෙල්, බෙලි, හරක් මස්. ඇග උනු කරවා යාමේ රෝගයේදී යෝනිය සේදීම සදහා වන සුදුසු ඖෂධීය කොල වර්ග ‍රැසක්ද දක්වා තිබේ. මෙහිදී මෙම ඖෂධීය කොල සෝදා පිරිසිදුකර යම් පමනකට තම්බා ගත යුතුයි.

DR MMM IRSHAD

ස්ත්‍රීන් හා වාජීකරනය ගැන සෘෂිවරුන් කියපු දේවල් (2)

වාජීකරනයට මූලිකවන කරුනු දෙකක් මෙසේ දැක්වේ. එනම් ධර්මානුකූල දිවිපෙවෙතක් ගත කල යුතු බවයි. දෙවනුව රසායන වාජීකරනය ලබා ගත යුතු බවයි. කාන්තාව මනුෂ්‍යයන්ගේ උපත සදහා වන තිඹිරි ගෙයයි. එම තිඹිරිගෙය සදහා මූලික සුදුසු කම් කිහිපයක් තිබේ. ඒ ගැබක් දැරීමට කන්තාව සුදුසු වීම., ගැබ ආරක්ශා කිරීමට නිරෝගී වීම. ගැබ දැරීමට ශක්තිමත් වීම. නිරෝගී දරු උපතකට සුදුසුකම් සහිත වීම. කන්තාව ගෙන් උපත ලබන නව ජාතකයාට ඉදිරි පරම්පරාව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුදෑ ලබ දීමයන කරුනුයි. ශරීරයට එලබෙන්නා වූ අට අනූවක් ලෙඩ රෝගා අතරින් ප්‍රවේශම්වීම කිසි කලෙක ලෙහෙසි පහසු නොවේ.
කාන්තාවට උරුම ගති ලක්ෂන දෙකක් තිබේ. ඒ රහස් සැඟවීම සහ ලැජ්ජාශීලී බවයි. කාන්තාව ලැජ්ජාශීලී වීම නිසාම බොහෝ දේ සගවයි. ඒ සගවන බොහෝ දේ අතර එක් ප්‍රධාන දෙයක් තිබේ. එම ප්‍රධාන දෙයට කියන නමක් තිබේ. ඒ රෝගයයි.
කාන්තාවන් සදහා වෙන් වූ බොහෝ රෝග තිබේ. කාන්තා රෝග නමින් වෙනම පරිච්චේදයක් ආයුර්වේදයේ සදහන්ව තිබේ. එම හැඳින්වීම තුල එක විශේෂිත රෝගයක් දක්වා තිබේ. ඒ සෙවන ප්‍රදරය නම් විශේෂී රොගයයි. නො එසේනම් කාන්තාවගේ ඇග උනුකරවා යාමේ රෝගයයි.
ඇග උනුකවරා යාම යනු තවදුරටත් ලැජ්ජාශීලීව සැගවිය යුතු රෝගයක් නොවෙන බව කිව යුතුයි. ඒ අනූව මෙම කියමන ආරම්භ කල යුතු වනුයේ කොතැනකින්ද? ඒ සදහා ද එක් කිලයක් තිබේ. එම නිලය අතිවිශේෂ වනුයේ නිලය නිවැරදිව හඳුනාගෙන හෝ හදුනා නොගෙන ප්‍රථිකාර නොකර සිටීමෙන් ඇතිවන ආබාදයන් සැලකිල්ලට ගනු ලැබූ විටයි. එම නිලය මෙසේයි.
කාන්තාවට මෙම රෝගය වැලදුණු කල්හි තව දුරටත් ප්‍රථිකාර නොගෙන ලැජ්ජාශීලීව සගවා සිටීමෙන් පසුකලක ශරීරයේ නහර දුර්වල වෙයි. ඒ සමගම ක්ශනික මුර්ජාවද ඇති වෙයි. මෙම රෝග කාරක තත්වයන්ගේ බරපතල කාරනය වනුයේ එම රෝග තත්වය යටතේ කාන්තාවන්ට දරු ගැබක් නොපිහිටීමයි.එනම් ගැබ් නොගැනීමයි.
මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුතු කාරනයක් තිබේ. එනම් යම් හෙයකින් යම් කාන්තාවකට ලැජ්ජාව නිසා මුලු ගැන්වී සීටීම තුලින් ගැබ් ගැනීමට ඇති හැකියාව අහිමිවීම තුල අතිවන ලැජ්ජාව රෝගය සඟවා ලග කරගනු ලබන ලැජ්ජාවට වඩා වෙනස් වනුයේ කෙලෙසින්ද යන්නයි. එම වෙනස තුල ඇතිවන ලැජ්ජාව ගැබ් නොගැනීමෙන් ඇතිවන ලැජ්ජාවට වඩා වටිනා කමක් ගෙන දෙනවාද? ගෙන නොදෙනවාද?

DR MMM IRSHAD

ස්ත්‍රීන් හා වාජීකරනය ගැන සෘෂිවරුන් කියපු දේවල්

ආයුර්වේදයේ රහස් තිබේ. ඒ පුරාන සෘෂිවරුන් දායාද කලවූ රහස් සමූහයයි. සෘෂිවරුන්ගේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ද්‍රව්‍ය ගුන විඥානය ආයුර් වේදයේ ගැබ් වෙයි. එම රස ගැබ් කලාවූ ආයුර්වේදයේ කාය චිකිත්සාව සුවිශේෂවේ. අද දවසේ පංචකර්ම චිකිත්සාව වනුයේ එයයි. පංචකර්ම චිකිත්සාවේ පූරෝගාමීන් වනුයේ චරක, සුශ්‍රැත, අෂ්ටාඔගාහෘද, ගාර් ඔග්වර්, භාව ප්‍රකාශනම් සෘෂිවරු මූලික ග්‍රන්තයි.
ආයුර්වේදයේ කියනුයේ නිරෝගීතාව පවත්වාගෙන යාමටත් ආරක්ෂාකර ගැනීමටත් සමත්වීම දීර්ඝායුෂ විඳීමක් බවයි. මෙයට රසායන, වාජීකරන, ප්‍රථිකාර අවශ්‍ය බවයි.
රසායනය යනු රස+අයන බවයි.
ආයුර්වේදය මෙම රස පිලිබඳ මෙසේ හඳුවයි. ආහාරයක් ගත් පසු දිරවා පෝෂනය දක්වා ගෙන යන පදාර්ථයයි. නො එසේනම් ආරම්භක ධාතුවයි. අයන ලෙසින් දක්වා තිබෙනුයේ ඒම ආරම්භක ධාතුව ගෙන යනු ලබන මාර්ගය පිලිබඳවයි. නො ඒසේනම් ස්‍රෝ‍තෝ මාරගයයි. රස ආදී ධාතූන් ගෙන යන මාර්ගයයි.
රසායනකාර්ය නිසි පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය වනුයේ රසායන ද්‍රව්‍යයයි. එම ද්‍රව්‍ය ඖෂධවන විට එය රසායන ඖෂධ යන නම ගනු ලබයි. මේ වාජීකරනයේ මූලික පදනමයි.
වාජීකරනය අවශ්‍යවනුයේ ශරීරයටයි. වාජීකරනයෙන් කෙරෙන්නාවූ දෙයක් තිබේ. ඒ මෛථුන කාරයයි. මෛථුන කාර්ය මැනවින් පවතා ගැනීමටයි. මැනවින් ඉ‍ටුකිරීමටද යෝදා ගනු ලබන ඖෂධ හඳුන්වනුයේ වාජීකරන ඖෂධ ලෙසිනුයි. මෙහිදී ගනු ලබන රසායන ඖෂධයන්හි රසායන ගුන ප්‍රධානව වාජීකරනය ගුනද වේ. වාජිකරන ඖෂධවල එම ගුන ප්‍රධානව රසායන ගුනද තිබේ. මේය කියනුයේ රසායනයෙන් තොර වාජීකරනයක් නොමැති බවයි. සෘෂිවරුන් රචිත ආයුර්වේද ග්‍රන්ත ස්ත්‍රිය සහ වාජීකරනය පිලිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබේ. එහි ලොව අතිවිශිෂ්ට වාජීකරනය ස්ත්‍රිය බව දක්වයි. මේ චරක සංහිතාව එය කියන ආකාරයයි.
අධික හර්ෂය උපදවාලන ස්ත්‍රිය තරම් ශ්‍රේෂ්ඨ වන වෙනත් වාජීකරන ඖෂධයක් ලොවෙහි තවත් නැත්තේය. ස්ත්‍රියගේ රූපාදී වෙන් වෙන්ව ගත්කල ඉන්ද්‍රියාර්ථ පවා අතිශයින්ම ප්‍රීතයුත් පාදකය, එසේ කළද, රූප රස ගන්ධ ස්පර්ශ ශබ්ද යන සියල්ලම සාමූහිකව ව්‍යස්ථිකව පවත්නා ස්ත්‍රී ශරීරය ප්‍රීතිකරනයයි. කුමට කියම්ද? ඉන්ද්‍රියාර්ථ යන්ගේ සම්මේලනය ස්ත්‍රිය කෙරෙහි මිස අන් තැනක සිදු නොවේ. යම් ඉන්ද්‍රියාර්ථයක් අධිකව ප්‍රිය උපදවන්නේද එයම ස්ත්‍රිය ඇසුරු කොට ඇත.
මනරූ සපුවෙන් යුත්ත උවද , යෞවනයෙහි සිටියා වුවද , යහපත් ලලනා ලක්ෂනයන්ගෙන් හෙබියා වුවද , අවනත වන්න වුවද, රතී ශාස්ත්‍ර විෂයෙහි නිපන වුවද , ස්ත්‍රිය අති ශ්‍රේෂ්ඨ වජීකරනයයි දත යුතුය.
හර්ෂය මහත් වූ හේතු සමුදායකින් පිරී තිබෙයි. එය ඇති වීමට හේතු මෙසේයි. මේ සෘෂිවර ආයුර්වේද ග්‍රන්ත දක්වා ලන මතයයි. මහත්වූ මීමැස්සන් හැසුරෙන්නා වූ පියුම් සහිත ජලාශයන්ද, සමන්, මහනෙල් ආදි මල්වලින් සුවදවත් වූ සිසිල් කාමර ඇති ගෘහද, පෙන නගින ගංඟාවෝද, නිල්වන් සමතලා පර්වතයෝද, නිල්වූ වලාකුළුවල උදාවද චන්ද්‍රොදය ඇති රාත්‍රියද, පියුම් විල් හි සුවඳ ගෙන යන සුඛ ස්පර්ශ ඇති වායුවද රතී භෝගයට උපයෝගී වන රාත්‍රියද, මව් පිය වැඩිහිටි යන මොවුන් ගෙන් විරල වූ ගෘහයන්ද , සැල දෙන සහයොකයෝද, කොවුල් නදින් නාදිත නනා විධි මල් සහිත ලිය ගොමුවලින් ශෝභමාන වූ සිත් පිනවන අන්ත පාන ඇති ගඳබුවන්ගේ හඬ පැතිරෙන , සුවද මල් දම් ඇති උපවනයෝද, නිරුපද්‍රිත වූ විපුල සත්ව ගුන ඇති මන සඳ සථල කර්මයන් ඇති බව නවීන කාම ලාභිෂශයන් හා ස්ත්‍රී යන මොවූහුද, ලොව් අමිනිසුන් පිලිබඳ ආත්මජ කන්දර්පයාගේ ආශ්‍රයෝයි. නවීන වයස හා උපත්මද කාලය හෙවත් වසන්ත කාලය හා මිනිසුන්ගේ හර්ෂයට උත්තම උපත්ති ස්ථාන යුගලයයි කියවේ.

DR MMM IRSHAD

නිරෝගී දරුවෙකුට ආයුර්වේදයෙන්….

ආයුර්වේදය අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස රත කෂාය , අරිෂ්ට , ආසව, පැණි, ගුලි, කල්ක නිර්දේශ කරයි. මෙහිද අවස්ථාව්න් දෙකක් තිබේ. එනම් ප්‍රථිකාර අවස්ථාවන් දෙකක් ලෙසටයි. එය පදනම් වනුයේ මෙම කරුනු මතයි. දරුවන් පොදුවේ හඳුන්වනු ලබනුයේ බාලයන් ලෙසටයි. මෙම බාලයන් ප්‍රථිකාරයේදී වර්ග දෙකකට බෙදේ. ඒ වැඩුනු බාලයන් සහ නොවැඩුනු බාලයන් ලෙසටයි. වැඩුනු බාලයන් සදහා ප්‍රථිකාර කිරීම මෙම ආකාරයයි.
පලමුව දිය යුත්තේ විරේචනයයි. එම විරේචනය පැහැදිලිවම මෘදුවියයුතුයි. මෙය වැඩුනු බාලයන්ට අවස්ථානු කූලව කලයුතු විරේචනයක් වේ. විරේචනය දීමෙන් පසු වෙනත් ආයුර්වේද ඖෂධ සමගින් දෙසඳුන් කල්කය නියමිත මාත්‍රාවෙන් දිය යුතුයි. රත කෂාය දිය යුතු වනුයේ මෙයින් පසුවයි.
වැඩුනු බාලයන්ට දෙන රත කෂාය සදහා ඖෂධ රාශියක් ගනු ලබයි. එම ඖෂද වලට අරළු, රත් හඳුන්, රත්මල්, වදමල් කකුලු, ලුනුවිල දඬු අයත් වෙයි. උන සහිත රතගායට ප්‍රථිකාර කිරීමේදී එයට වෙනම ඖෂධ වට්ටෝරුවක් භාවිතයට ගැනේ. එම ඖෂධවලට රත් හඳුන්, සුදු හඳුන්, ඉරමුසු, රතුලූනු, රත්මල්, වැල්මී , වදමල් සැවැන්දරා , ගිතෙල්, පත්පාඩගම්, දෙසඳුන් කල්කය යොදා ගනී. ජීවක කල්කයද මේ සදහා නිර්දේශිතයි.
අරිෂ්ට ආසව ලෙස යොද අගැනෙන ඖෂධ කිහිපයක් රතගායේදී තිබේ. ඒ ඛදිරාෂ්ටය, නිම්බාරිෂ්ටය, ත්‍රිපලාරිෂ්ටය, අරවින්දා සවය, ශාරිවාද්‍යාසවය අරිෂ්ට වර්ගයි. මෙම අරිෂ්ටවර්ගවලට අමතරව වාසක පැණි ලිනුවිල පැණි, රත්මල් පැණි, බ්‍රාහ්මපැනිද ආයුර්වේද ප්‍රථිකාර වලදී නිර්දේෂිතයි.
රතගායේදී දක්නට ලැබෙන විශේෂිත රෝග අවස්ථාව වනුයේ සම මත රත බිබිලි අධිකව තිබිමයි. මේ සදහා ප්‍රථිකාර ලෙස යොදා ගැනෙනු යේ රත්මල් කොළ, ගෙන්දගම් කුඩු, මදටිය කොළ, පොතු , දෙහි යුෂ, වදමල්, පොල්පලා, රත්මල් ඖෂධ වර්ගයි. රත කල්කය ආයුර්වෙද ඖෂධ හතකින් සමන්විතයි. මෙම ඖෂධවලට කොල්ලු, දෙහි යුෂ, වද කහ, සහිඳ ලුනු, වැල්මී, රත්හඳුන්, සුදු හඳුන් ඇතුලත් වෙයි. රතගාය රෝගය සදහා යොදනු ලබන ඖෂධවලින් සකසනු ලබන රත කල්කය දෙසඳුන් කල්කය සහ කොත්තමල්ලි කල්කය ලෙසින්ද හදුන්වනු ලබයි
රතකල්කය දීමේදී විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කරුනක් තිබේ, ඒ මාත්‍රාවයි. දරුවාගේ වයස දින, සති, මාස අනූව එම මාත්‍රාවන් වෙනස් වෙයි.
ආයුර්වේද ඖෂධ භාවිතයේදී අනුපාන ඉතා වැදගත් වෙයි. රතකල්කයට අනුපාන ලෙස ප්‍රධානවම යොදා ගැනෙනුයේ මව් කිරියි. මව් කිරි වලට අමතරව පත්පාඩ ගම්, රත්මල් පොට්‍ටු, කොත්තමල්ලි, පොකුරු වදමල් යොදා සකස්කල අනුපානද ඉතා සුදුසුයි
රතකල්කය ලබා දීමේදී ආයුර්වේදය එය නොදොය යුතු අවස්ථා කිහිපයක් දක්වයි. ඒ යටතේ නොමේරූ උපත් බර අඩු දරුවන්ට, කිසියම් රෝගයකින් පෙලෙන දරුවන්ට, අධික ලෙස මල බද්දය සහිත දරුවන්ට අධික කෘශ දරුවන්ට නිතර නිතර බඩ බුරුලට යන දරුවන්ට රත කල්කය නොදිය යුතුය.
රතකල්කයේ ඖෂධ හත යටතේ එන ගුන මෙසේයි. දෙහි යුෂ විසබීජ නසයි. සුදු හඳුන් රක්තය පිරිසිදු කරයි. ජ්වර සමනය කරයි. රත් පිත් නසයි. පනු රෝග නවතයි. දාහය නිවාලයි. වැල්මී විස නාශයක්යක් ලෙස ක්‍රියා කරයි. දැවිල්ල , ඉදිමුම නසාලයි. මෘදු විරේචන ගුනයෙන් ලේ පිරිසිඳු කරවා ලයි. සමේ කැසීම් වැනි රෝග සමනය කරයි. සහිඳ ලුණු මෘදු විරේචන ගුනයෙන් පොහොසත් වෙයි. තුන් දොස් නසයි. වා පිත් සෙම් නම් දෝෂ සමනය කරයි. කොල්ලු අග්නි වඩවයි. විස බීජ නසාලයි. උදරාබාද වලක්වයි. රත් හඳුන් ලේ ගෙඩි ඉදිමුම් හි බාහිර අලේපයක් ලෙස ක්‍රියාකරයි. රක්තය පිරිසිඳු කරයි. රත් පිත්, සෙම් රෝග නසයි. සෙම් පිත් දෝෂ සමනය කර දමයි.
ගර්භනී සමය තුල මවට ආරක්ශාවීම සදහා ආයුර්වේද ඖෂදයන්ද නියමකර තිබේ. පමන දැන සුදුසු මාත්‍රාවෙන් ගත යුතු එම ඖෂධ ලෙස රසකිඳ, නෙල්ලි ,සර්වවිෂාදී තෛලයෙන් දශමූල, ඝෘත , ෂට්ථල සෘත, බ්‍රහ්ම සෘත, පංචතික්ක, ඝෘත ඖෂදයන් දක්වා තිබේ.
විශ්වයේ ස්වභාදහම ආයුර්වේදය , දේශීය වෙදකම හැම විටම යම් දෙයක් ප්‍රාර්ථනා කරයි. එම ප්‍රාර්ථනාව වනුයේ නිරෝගී දරු ගැබක් දැරීමට සහ නිරෝගී දරුවෙකු බිහිකිරීමට සුදුසු පවිත්‍ර නිරෝගී මව් කුසක් තිබීමයි. එබැවින් හැම කාන්තාවක්ම දරු උපතකට මව් කුස නිවැරදි සහ යෝග්‍ය වන ලෙස තබා ගැනීම වැදගත් වේ. එය එසේ නොවන අවස්ථාවන් හිදී ආයුර්වේද නියමයන් අනූව වස විස රසායනික ද්‍රව්‍ය රහිත ආයුර්වේද ඖෂධ ලබා ගැනීම කරනුයේ නම් එය සොබාදහමට මනාව ගැලපෙන ජීවිතයකට උරුම හිමිකම් කියනු ලබයි.

DR.MMM IRSHAD

ගැබිනි අම්මා වැරදි විදිහට කෑවොත් කුසේ ඉන්න දරුවාට වන විපත් (2)

දරුවගේ රතගායට හේතු දෙකක් බලපායි. ඉන් පලමු හේතුව වනුයේ මවගේ වරදයි. දෙවන හේතුව වනුයේද මව ගේ වරදක්ම වේ. පලමු වරද වනුයේ මවගේ නිවැරදි නොවන හේතු සමුහයයි. මේ එම හේතුයි. ගර්භනී මව මෙම ආහාර නොගත යුතුය. එනම් අමිල රස ආහාර ගැනීමෙන් වැලකීම. ලවන රස ආහාර නොගැනීම. ක‍ටුක රස ආහාර ප්‍රතික්ෂේප කිරීම. තීක්ෂන , උෂ්න, විදාහී ගුනයෙන් උතු ආහාර ගර්භනී සමයේ සහ දරුවාට මව් කිරි දෙන කාලයේදී නොගෙන සිටීමට අන්නාසි නොකෑ යුතුයි. තක්කාලි භාවිතය නොකල යුතුයි. ලුනු දෙහි අබ ගැට අච්චාරු වර්ග රඹුටන් ආහාරයට ගැනීමෙන් ඉවත් විය යුතුයි. ලුනු අධික ආහාර, දැල්ලන්, ඉස්සන්, කකෞලුවන්, බලමාළු, විනා කිරි, දෙල්,මුරුංගා අහාර වේලට එකතු කර නොගත යුතුයි. රසායනික පොහොර යෙදී විසරසායනික වර්ග යොදන ලද, කෘමිනාශක වල්පැල නාශක යෙදූ එලවළු පලතුරු වර්ග කෑමෙන් ඈත් විය යුතුයි.
වර්ණ යෙදූ ආහාර බීම, කෘතීම රසකාරක යෙදූ ආහාර , බීම , කෝලා වර්ග පානය දුම් පානය මත් පැන් ගැනීම මත් ද්‍රව්‍ය වලට පෙලඹීම නොකල යුතුයි.
අනික් වැදගත් හේතූන් වනුයේ මේවායි. නොදරිය යුතු වේග දරා සිටීම නොකල යුතුයි. එනම් මලපහ බර දැනුනු විගස මල පහ පිට කල යුතුය. මුත්‍රා බර දැනූනු විගස මුත්‍රා බැහැර කල යුතුය. කැස්ස ආවිට එය පිටකල යුතුය. කිවිසීම , අධෝවාතය තදකර ගෙන නොසිටිය යුතුය. කල්පනා කිරීමෙන් වැලකිය යුතුය. ඊර්ෂා නොකල යුතුය. ක්‍රෝධය , වෛරය සිතින් ඉවත්කල යුතුයි. ශඕක නොවිය යුතුයි. බිය, සන්තාපය, කාමාශාව නැතිකර ගත යුතුය. විශේෂම කාරනය වනුයේ ආහාර ගත් විගස නිදා නොගැනීමයි. කුසගින්නේ සිටීම, පමනට වඩා වෙහෙසීම, ගර්භනී කාලයේ අධික ලිංගික ක්‍රියාවන්හි යෙදීමෙන් වැලකිය යුතුයි.
ගර්භනීකාලය තුල මව උණ රෝගයෙන් පෙලේ නම්, කල් ගතවූ තුවාල සහිත නම් , අම්ල , පිත්ත ආබාධ තත්වයට පත්වෙයි නම් , රක්ත පිත, වාත රක්ත, සමේ රෝග වලින් පෙලේ නමාසාත්මික තාවන්ට පත්වෙයි නම්, අධික රස්නයෙන් යුතු වේ නම් එය දරුවා රෝගී කරවිමට තරම් බලවත් වැදගත් වරදක් වෙයි.
මේ මවගේ දෙවැනි වරදයි. එම වරද යටතේ දූෂිතවූ මව් කිරි දරුවාට ලබා දීම පලමු වරදයි. දරුවා අපවිත්‍රව තැබීම නොහොත් අපිරිසිදුව තැබීම දෙවන වරදයි. දරුවාට විවෘතව වන බාහිර පරිසරයෙන් දරුවා හැකි පමනින් ආරක්ශා නොකිරීම තෙවැනි වරදයි. එනම් උෂ්න ශීත වැනි පරිසර තත්වයන් තුලින් දරුවාට උපංද්‍රව ඇතිවීමට ඇති ඉඩකඩ අහුරා නොදැමීමයි.
රතගාය සෑදුනු දරුවෙකුට වඩාත් සුදුසුම ඖෂධ වර්ග ආයුර්ව්වේදයේ දැක්වෙයි. එකහි ප්‍රථිකාර අවස්ථා දෙකක් දක්වෙයි. ඉන් එක් ප්‍රථිකාර අවස්ථාවක් වනුයේ ශරීර අභන්තරයට දෙනු ලබන ඖෂධයි. අනෙක් ප්‍රථිකාර වර්ගය වනුයේ ශරීරයේ බාහිරින් යොදන ප්‍රථිකාරයි.

ගැබිනි අම්මා වැරදි විදිහට කෑවොත් කුසේ ඉන්න දරුවාට වන විපත්

ගැනීමෙන් මුදක් වියදම් වී, ශරීරය ලෙඩවී, ජීවිතය කෙටි වී දුකට, ජරවට පත්වී ආයුෂ කෙටිවන බව සිතට ගත යුතුයි.
ආහාර නිසාම ජීවත්වන, ආහාර නිසාම මරනයට පත්වන මිනිස් ජීවිතය උපත අරඹනුයේ මව් කුසින්මයි. මෙය ඉතා වැදගත් සත්‍යයක් පහදා දෙයි. එනම් , මිනිස් ජීවිත වලට උපත ලබා දෙන මව්කුස සියලු ලෙඩ රෝගවලින් වෙන් විය යුතු බවයි. එනම් වා, පිත්, සෙම් නම් ත්‍රිදෝෂයන්ගෙන් දුරු විය යුතු බවයි. මව් කුස ලෙඩ නොවී පවත්වා ගැනුමට නම් ආයුර්වේදය නියමයන් දෙකක් දක්වයි. ඉන් එක් නියමයක් වනුයේ “ගර්භනී පරිචාර්යා” යන්නයි. අනික් නියමය වනුයේ “ගභෝපචාරා විධි” යන්නයි. මෙම නියමයන් පිලි පැදීමෙන් මව් කුසට වන හානිවලින් නිදහස් වීමට හැකියී. එම නිදහස් වීම අර්ථවත් කරනුයේ ගර්භයේ නිවැරදි යහ පැවත්මයි. එනම් ගර්භයේන් උපදින නව ජාතයන්ගේ ආරක්ෂාවයි. අලුත උපන් බිලිඳාගේ යහපත් පැවත්මයි. යම් ගර්භයක මෙම යහ පැවත්ම නොපවතින්නේද සෘෂිවර වෙද පුස්ථක ගර්භයට වන හානි පිලිබඳ මෙසේ දක්වයි.
ගර්භය වූ කලී මවගේ සැලකීම , නොසැලකීම මත වැද්දා ගන්නා වූ හෝ වරද්දා නොගන්නා වූ මිනිස් ජිවිතයක ඇරඹුමයි. ගැබ් ගත් මවක් ගර්භනී කාලය තුල ගනු ලබන ආහාර පානත්, පවත්වන්නා වූ ඇවතුම්, පැවතුම් සමූහයත් එම වරද හෝ නිවැරදි බව තීරනය කරයි. නිවැරදි නොවන්නා වූ වැරදි තීරනය හානි ගෙන දෙනුයේ කලලයේ වර්ධනයට සහ නිරෝගී බවටයි.
එන හානී මෙසේයි. ගර්භනී මවගේ රස ධාතූන් දුෂනය වෙයි. රක්ත ධාතූන්ද දූෂනය වෙයි. දූෂනය වූ රස රක්ත ධාතූන්ද කලලය පෝෂනය කරයි. මෙමගින් කලලයේ රස, රක්ත ධාතූන්ද දූෂනය වේ. එයින් හට ගනුයේ රෝගාබාධයි. හට ගන්නා වූ එම රෝගාබාද විවිධ වෙයි. ඒ නව ජාතකයාගේ නිරෝගී කම පරදන රෝගීකමේ පලමු ඇරඹුමයි. එනම් මවගේ කුස තුල සිටින දරුවාට මව ලබා දෙන්නා වූ ලපමු දායාදය වන ලෙඩ රෝග සමූහයයි.
පලමු ලෙඩ රෝග ලබා දීමෙන් පසු මව දෙවනි වරටත් දරුවාට ලෙඩ රෝග ලබා දෙයි. ඒ දරුවා ඉපැදුනු පසුවයි. එනම් ළඳරුවාටයි. ඒ මේ ආකාරයටයි.
දරුවෙකු බිහිකල මවක් පිලිපැදිය යුතු විධි නියමයන් ‍රැසක් තිබේ. ඒ සුතිකෝපචාර විධි නියමයනුයි. මෙම නියමයන් නොපැලි පැදීමෙන් මවගේ කිරි දූෂන ය වේ. දුෂනය වූ මව් කිරි පානය කරන දරුවා ගොදරු වනුයේ රක්ත දූෂිත රෝගයන්ටයි.
දස මසක් කුස හොවා මවගේ පනටත් වඩා ආදරෙන් ‍රැක බලා ගන්නා දරුවාගේ රක්තය දූෂනය කරන වැරදි විහරන පිලි පදින මව ලබා දෙන ලෙඩ රෝගය රතගායයි. රත ගාය යනු රත්තය දූෂනය වීම හේතුවෙන් සමෙහි ඇතිවන රතු පැල්ලම් හෝ රතු පැහැ රෝගාබධ බිබිලි සමූහයයි.
මවගේ කැමැත්තෙන් දරුවාට ලබා දෙන රතගාය ළඳරුවාගේ සමෙහි ඇති කරන රතු පැහැති ලප හෝ බිබිලි දාහයෙන් පුරවා ලයි. දරුවාගේ ශරීරයේ යම් යම් ස්ථාන ඉදිමුම කට ලක් කරයි. මල බද්ධය වඩවා ලයි. දියරමය මල පිට කරවයි. ශරීරය මඳ රස්නයකින් තබයි. දිවේ අක්කාරම් බඳී. කුද්දටි මතුකරවයි. රාත්‍රියට මද වශයෙන් කැස්ස ඇතිකරවයි. ම්ව්කිරි පානය කිරීම ප්‍රතික්ෂේප කරයි. ආහාර නොගනී. කලබල කරයි. නොසැන්සුන් වෙයි.

Dr. MMM Irshad

Hereditary Ayurveda

අයුර්වේදය හා ආහාර

සෘෂිවරයන් පින්වන්තයි. පින්වත් සෘෂිවරයන් දායක කලාවූ පූරාන වෙද පුස්ථක දයාවන්තයි. එම පුස්ථක ජීවිතයට වටිනා පාඩම් කියා දෙයි. එම පාඩම් වූ කලී විධිමත් මහා විශ්වයේ විධිමත් අධ්‍යාපනයයි. විධිමත් අධ්‍යාපනය වෙන්වනුයේ අවිධිමත් මිනිසාටයි. අවිධිමත් මිනිසා මෙමගින් උගත යුතු කරුනු බෝවෙයි.ඒ ඉගැනීම වහ වහා ඇරබිය යුතුයි. එයද ඇරබිය යුතුවනුයේ හෝඩියෙනුයි. මේ ජීවිතය පිලිබඳ වන හෝඩි පොතේ පලමු පි‍ටුවේ අකුරු වලින් නිර්මිතවචන සමූහයයි.
ජීවිතය වූ කලී හුස්ම ගැනීමෙන් ඇරබෙන්නාවූ ප්‍රානයත්, නාඩි ගැස්මෙන් ඇරබෙන්නාවූ ක්‍රියා කාරීතය සමගින් සොබා දහම නිර්මානය කලවූ ස්වාභාවික යන්ත්‍රයයි. පනනල ගැස්සෙන්නා වූ එම යන්ත්‍රයට වගකීම් සහතිකයක් ලබාදෙන්නා වූ වගකීම් කාලය තුල නිවැරදි ක්‍රියාත්මක තත්වයෙන් පැවතීමට නම් ඉන්දන අවශ්‍ය වෙයි. එම ඉන්දන ගැන සෘෂිවර රචකයන් සහ සෘෂිවර වාග්භටයන් කියන්නේ මෙසේයි.
ආහාර සැහැල්ලු සහ බර ආහාර වශයෙන් කොටස් දෙකක් වේ. මෙම දෙවර්ගයේම ආහාර ද්‍රව්‍ය මාත්‍රා අපේක්ෂිතයි. සැහැල්ලු අහාර ද්‍රව්‍ය වායු අග්නි ගුනයෙන් ප්‍රධනයි. ගුරු ආහාර ද්‍රව්‍ය ප්‍රකෘතියෙන් , පෘතුවි , ජලගුන ප්‍රධානයි. සැහැල්ලු ආහාර ද්‍රව්‍ය ඒයටම අයත් ගුනයෙන් අග්නිය උත්තේජනය කරවයි. බඩගිනි වඩවයි. එම ද්‍රව්‍යම අධික මාත්‍රාවලින් වුව ගැනීමෙන් ඇතිකරන දෝෂ අල්පයි.
බර ආහාර ද්‍රව්‍ය එයට අයත් ගුනයෙන් අග්නිය උත්තේජනය නොකරයි. එයට හේතුවනුයේ අග්නියට අයත් ගුනයන්ට විපරිත දෝෂ තිබීමයි. නමුදු අධිකව ගැනීමෙන් බහු දෝෂ ඇතිකරවයි. එමගින් උපද්‍රව බොහෝ හට ගනී.
බර ආහාර ගන්නා අය ව්‍යායාම කිරීමෙන් අග්නිය බලවත් කරයි. ගුරු ආහාර හෝ අල්ප අහාර අධිකව ගන්නා අයට අල්ප හෝ අධික උපංද්‍රව අතිවෙයි. මේ හේතුව කිය්නුයේ අග්නියේ තරමට ආහර ගත යුතු බවයි.
අග්නිය යනු බඩගින්නයි. බඩගින්න සහ බඩගින්න නිවා ගැනීම සදහා වූ සක්දෙවිඳු උගැන්මෙන් සෘෂිවර චරක සහ වාග්භට යන්ට උගැන්වූ නියමය මෙසේයි.
බඩගින්නේ තරමට මාත්‍රාවත්, අහාරයත් ගත යුතුයි. නිශ්චය වශයෙන් මාත්‍රාවක්, ආහාර යත් ගැනීමෙන් මිනිසාගේ ශක්තිය මූලය වූ අග්නියට බදා නොපැමිනෙයි. ප්‍රකෘතිය ආරක්ශ අකරයි. බින්න දැල්වේ. ආහාර විපාකයට පත්වෙයි. ප්‍රෝෂනය ලබා දෙයි. ඒය හිමිකර දෙනුයේ බල, වර්න, රූප එක්කලාවූ පූර්න ආයුෂ ප්‍රමානයයි