Back to Top

Category: cultural

කථාන්දරයේ ..

ප්‍රසස්ථ මට්ටමක ආවේග ගොනුව ජීවවිද්‍යාත්මක කථාන්දරයේ සංධිස්ථානයයි. ප්‍රසස්ථ මට්ටමක භාව ගොනුව සාමූහික නොහොත් සංස්කෘතික කථාන්දරයේ හරවුම් ලක්ෂයයි. ප්‍රස්ථ මට්ටමක AI හැකියාව ජීවවිද්‍යාත්මක කථාන්දරයේ සමුගැනීමයි.

  • Pubudu Siriwansa
  • #siriwansa
Posted in cultural, New Technology |

ඩිජිටල් ජීවිතය

ජීවිත කරා ඩිජිටල් බව වේගයෙන් සපැමිනෙමින් ඇත.තව දුරටත් ඔබට ඩිජිටල් ජීවිතයට පිවිසෙනවාද නැතිද යන්න තේරීම් අවස්තාවක් ඉතිරිව නැතිවා සේය. එය එක් අතකින් ඔබේ එදිනෙදා ජීවිතයට නව අර්ථයක් ‍රැගෙන විත් ඇත. අනිත් අතින් දෙනෙත් දෙසවන් වල සීමාවන් පෘතුවිතලයෙන් ඔබ්බට පවා ‍රැගෙන ගොස් ඇත. තවත් අතකින් ඔබගේ ලේ ඇට මස් සිතුවිලි වලින් සුසැදි ජීවිතය මතට ඩිජිටල් ජීවිතයක් ‍රැගෙන විත් ඇත. එතැනින්ද නොතැවතී එම ඩිජිටල් ජීවිතය ලොවපුරා අවැසිනම් එවැනි ජීවිත සිය දහස් ගනනක් පුරා සම්බන්ද කරන්නටද කටයුතු කර ඇත. කොටිම පෘතුවි වාසීත්වයක් නිර්මානය කරදී ඇත.
ජීවිතයට එලබෙමින් ඇති ඔබ ඩිජිටල් පුරවැසියෙකි.අන්තර්ජාලය භෞතික පෘතුවිය මතට පෘතුවි ව්‍යාප්ත නව අවකාශයක් නිර්මානය කරදී ඇත.ජාති ආගම් කුල භේදයකින් තොර එම නව ජීවිතය නෙක සීමාවන් තම අනන්‍යතාවය කරගත් බොහෝ ප‍ටු දෘශ්ටීන්ට තම ආධිප්‍යයෙන් බැස යන්නට ආරාධානා කර ඇතුවා සේය.අන්තර්ජාලය නව අනාගත ලෝක ජීවිත ආකෘතියක් නිර්මානය කරදී අවසන්ය. එලබෙමින් ඇති දශකය වන විට යමෙක් තම ඩිජිටල් ජීවිතයෙන් පලායන්නට තීර්නය කිරීම ජීවිතයෙන් පලා යන්නට තීර්නය කරනවාට වඩා වෙනසක් නොවනු ඇත.
ආහර පාන , ජලය , නිවෙස් වැනිවූ මිනිස් මූලික අවශ්‍යතා ලයිස්තුවට අන්තර්ජාලය ප්‍රමුක ඩිජිටල් ජීවිතය සම්බන්දවී අහවරය. දිනෙන් දින ලෝකය පුරාවෙන් අන්තර්ජාලයවෙත එක් රොක්වන සිය දහස් ගනන්ක් වන ඩිජිටල් පුර වැසියන් එයට සාක්ෂි දරමින් සිටී.එය තවදුරටත් ඔබගේ විවේකය සුව පහසු කරවන විනෝදය සපයන මාධ්‍යයක් හෝ සුපෝඛභෝගී පහසුකමක් නොවේ.උදාවන දිනයකදී එය ජලය වායුව වැනි ජීව විද්‍යාත්මක සාධක වලට මදක් ඔබ්බෙන් සිටගන්නා මූලික සාධකයක් වීම වැලක්විය නොහැකි වනු ඇත. – Pubudu Siriwansa

Sri Sudharmarama Pirivena

එකල අවිස්සවේල්ල නගරයට නැතිනම් සීතාවක පෙදෙසෙහි වෙසෙන්නන්ට තම ආගමික වතාවත් වල යෙදෙන්නට විහාරස්ථානයක් නොමැති යුගයක් විය. ප්‍රදේශයේ වූ ප්‍රභූවරුන්ගෙ මූලිකත්වයෙන් ශාන්ත මරියා පල්ලිය අසල ශ්‍රී නිවේසාරාමය නමින් දර්ශනීය කඳු ලැහැබක් පසුබිමව “වස් පොලක්” ලෙසට කුඩා විහාරස්ථානයක් ඇරබෙන ලදී. එම විහාරස්ථානය ඉදිරිපිට වන වෙල්යායේ කිවුල් ‍රැසැති ශිය බුබුලක් වූ බැවින් මෙම විහාරස්ථනයට “කිවුල් පිල්ලේ පන්සල” නමින් ද ප්‍රදේශ වාසීහු හඳුන්වන්නට පටන් ගන්නා ලදී. මෙම් ගොඩ නැගීම අවස්ථා කිහිපයකදීම ජල රකුසාට ගොදුරුවූ බැවින් 1936 වන විට ශ්‍රී නිවේසාරාමය ලෙසට වූ නාමයටද යම් යම් ගැටලු ඇතිවෙන් තිබූ බැවින් ශ්‍රී සුධර්මාරාමය නමින් නව විහාරස්ථානයක් දායක සභාවේ පූර්න අනුමැතියෙන් කටයුතු යෙදිනි.
1965 සැප්තැම්බර් 13 දා මෙම විහාරස්ථානයේ දෙවන පිබිදීම ඇතිවිය. එනම් ස්වාමීන් වහන්සේලා තොලොස් නමකට අත් පොත් කියවීමෙන් මෙහි පරිවේණාස්ථානයක් ආරම්භ කරන්නට කටයුතු කෙරිනි. කනිෂ්ඨ පිරිවනක්ව පැවති එය ඉතා සුලු කාලය කින් මහා පිරිවනක්, විද්‍යාතන පිරිවෙනක් බවට පත් වෙමින් ප්‍රදේශයට මහත් කීර්තියක් මෙන්ම අගමික සමාජීය කේන්ද්‍රස්ථානයක් බවටද පත්විය.

Posted in cultural, Religious, Social |

සමජජාලා පහසුව අර්බුධයක් කරගැනීම….

සිංහල බෞද්ධ ආකෘතිය තුලදී සමාජීය මාධ්‍ය භාවිතාව විදිමත්ව හමුවීම ගමේ පංසලේ බණ මඩුවේදී යැයි හඳුනා ගන්නේ නම්, අද වන විට පැමින ඇති දුර බොහෝය. එය මුද්‍රන හැකියාවෙන් ඉලෙක්ට්‍රොනිකව ශ්‍රව්‍ය ඉම පසුකරමින් ශ්‍රව්‍ය-දෘශ්‍ය බව අධිත්වරනය කර ඇත්තේ වර්චුවල් ඉමක්ද නිර්මාණය කරමිනි. අන්තර්ජාලය මේ ගලායාමට මැදිහත් වන්නේ වඩාත් සංකීර්න ආකාරයකටය. එය රූපවාහිනිය ප්‍රමුක යුගයේ දක්වා වූ සමහර සාම්ප්‍රධායන්ද අභියෝගයට ලක්කර ඇත්තේ සියල්ල කනපිට වනද අයුරිනි. මාධ්‍ය කරුවා හා මාධ්‍ය පරිශීලනය කරන්නාගේ භූමිකාවද මේ නව යුගයේදී උඩු යටිකුරු වෙයි. “සියල්ලෝටම අවශ්‍ය විටකදී මාධ්‍ය කරුවන්ද වීමට හැකි අතර සියල්ලන්ටම පරිශීලකයින් වීමටද අවකශ ගෙනෙයි”.
සමාජජාලා යුගය අර්බුධ රාශියක් නිර්මාණය කර ඇත. මාධ්‍යකරනයට ලයිසනයක් අනවශ්‍ය වීම පමනකින් එය අවසන් වන්නේ නැත.විධිමත් බවේ සිට තමන්ට හුරු අවිධිමත් බව දක්වා වන ඔනෑම වටපිටාවක් නියෝජනය කරමින් හිතුමතේ භාවිතාකරන්නන් හැසිරෙන්නට පටන් ගැනීම සිදුවේ. අවිධිමත් භාෂාවේ සිට චලන සටහන් දක්වා ඔහුට දිගුවන්නට හැක. සාම්ප්‍රධායික සමජ මනස නව තත්වය තුලදී අර්බුධකාරී වන්නේ අසීමිතව විය හැක. විශාල ගැ‍ටුම් , සමාජ පිපිරීම් එය නිර්මාණය කිරීම සුලබ අත්දැකීමක් වෙමින් ඇත.
මේ නව මාධ්‍ය යුගය භාවිතාව තෙයාකාරයකට කොටස් කරගත හැක. විධිමත්ව හෝ අවිධිමත් ආකාරයට තම සැබෑ මතය ඉදිරිපත්කරන්නන් බොහෝය. ඔවුන්ගේ පෞද්ගලික හෝ සමාජීය මට්ටමේ අදහස් උදහස් නිදහසේ මේ අවකාශය වෙත මුදාහරී. මෙය ධනාත්මක කාරනවක් ලෙසට දියුනු සමාජයකදී භාවිතා කරගන්නටද අවස්ථාවක් ලැබෙයි. තවත් කොටසක් පුද්ගල මට්ටමේ සිට කන්ඩායම් මට්ටමින් ව්‍යාධීතත්වයන්ද සමාජ ගත කරන්නට පෙලබේ. සාමන්‍ය සමාජය මත වන සායනික අර්ථ ඉතා පහල වන වන විට පෙරීමකින් තොරව මේවා විටක අකර්ෂනීය බවකින් ගලායන්නට පටන් ගනී. අවසානයේ කොතැනින් හෝ නැංවෙන ගිනි පුළිගුව සමාජ ව්‍යසනයක් නිර්මානය වීම දක්වාම දිගුවෙයි. අවසාන කොටස හුදු අනුකරනයට නැතිනම් මෝස්තරයට පහසුවෙන් පැමිනෙන්නන්ය. ඔවුනට අර්ථ පිලිබඳව එතරම් වැදගත් කමක් නොවන අතර හුදු අනුකරනය ඔස්සේ විටක මහා ව්‍යාධියේ කොටස් කරුවන් වේ.
දියුනු සමාජයකදී නම් සංවේධීව සිටිමින් සමාජය මත අවධිවන නව භාවිතාවන් සමගම හැදෑරීම් කරමින් හානිකර ප්‍රවනතා පාලනයට කටයුතු කරයි.
– Pubudu Siriwansa

අප යුග අන්තරයක් පසුකරමින් සිටින්නෝ වෙමු

එය මදක් වෙහෙසකාරී කාරනාවක් බව සැබෑමුත් කාලය හා දුර සංකල්පයන් තීරනාත්මක නොවන සාධකයක් ලෙස ගනන් ගැනෙන මීලග මිනිස් යුගයේ පෙර ගමන් කරුවන් වීමේ වාසනාව ලද්දෝ වෙමු. ලෝක ව්‍යාප්ත ජාලය මෙම ක්‍රියාවලිය දෙයක් ලෙස හදුනා ගත්විට දී ඇති නාමයවේ. මීට වසර 25කට පමන පෙර “.කොම්” ලෙස ලෝකයේ ප්‍රතම පෞද්ගලික ආයතන අන්තර්ජාලය තුල ස්ථාන ගත වන විට නොසිතූ තරමේ සාර්ථකතවයක් අද වනවිට අත්පත් කරගෙන ඇත. අදවන විට ඩොමේනයන් මිලියන 200 කට වඩා අන්තර්ජාලයතුල ස්ථානගත වීමෙන්ම එය සනාතවේ.
අන්තර්ජාලය සංනිවේදනය උඩු යටිකුරු කර ඇත. පුවත් ප්‍රචාරනය , වෙළද කටයුතු, තම සාම්ප්‍රධායික සීමා ඉක්මවා යන්නේ හදිසියේම ත‍ටු ලැබුනාක් මෙනි. පැරනි සම්ප්‍රධායික පුවත් ගලන වේගය මත තම ස්ථාවරයන් සකසාගෙන සිටි බොහෝ නායකයින් තම පරම හතුරා ලෙස අන්තර්ජාලය දෙස බලන්නට පුරුදු වී ඇත්තේ මේ නිසා විය යුතුය. පසුගිය කාලයතුල ලොව විවිධ දෙසින් වාර්ථා වූ සමාජ සෙලවීම් වලදී සමාජ ජාලා ප්‍රමුඛ භූමිකාවක් නිරූපනය වනු දැකිය හැකි විය.
– Pubudu Siriwansa

“දත්ත මිනිසා” – ප්‍රාදේශීය සංස්කෘතීන් ඉක්මවා යාම –

සරල අවධානය යොමුකර ගන්නා හඩක් සමග ටීටාව පවසා සිටියේ ඉදිරි හෝරාව අවසනයේ ආරම්භක දේශනයට සුදානම්ව සිටිය යුතු බවයි.පාසැල් කාලය නිවෙස් ආදී යන්ගේ තොරතුරු හුවමාරු කරගනිමින් අප සිව්දෙන පසකින් පිහිටි විශාල තුරු ගොමුවක සෙවනේ ඉදිකර තිබූ රවුම් හැඩැති මේසයක් වටා අසුන් ගතිමු.ඉතා කුලුපග අයුරින් අප එකිනෙකා අදහස් හුවමාරු කර ගනිමුන් සිටින අතර තුර එක් වරම ඉන්දියානු මිතුරිය අපූරු සමාජ පරිනාමයක් දෙසට අප අවධානය යොමු කලාය.”දන්නවද, මගේ සීයා නිතරම කියන කාරනයක් තමා මිනිහෙක් හදුනා ගන්න දවස් ගනනාවක් වත් යනවායි කියන එක.ඒක සමහර විට අපේ අතීතයෙන් පැවත ගෙන එනස්වභාවයක් වෙන්නට ඇති. ආගන්තුකයෙක් ඉදිරියේ මුලින්ම පරිස්සම් සහගතව හැසිරීම තමයි හරි කියලා එයා තාමත් කියන්නේ.ටීටාව සමාජ භාවිතාවට එන්නට පටන් ගත්කාලේ එයට විරුද්දව සටන් කරපු පරපුරේ කෙනෙක් එයා. අපේ ගෙදර ඔක්කෝම ඉන්න දවස් වල හැන්දෑවේ තේ එක අපි බොන්නේ ගෙවත්තේ තියෙන මෙසේ වටේ ඉදගෙන.දවසක් අපේ තාත්තා කිව්වා, සංස්කෘතිය , සම්ප්‍රධාය වගේ කඩතුරාවලින් වහගෙන අත් හැරිය යුතු ගොඩක් මිනිස් ස්වභාවයන් ‍රැක ගන්නට උත්සාහ කිරීම තේරුමක් නැති වැඩක් කියලා.එයා කියනවා ටීටාව සමග අපි පෘතුවි වැසියන් වීම වලක්වන්නට උත්සාහ නොකල යුතු බව.එදා එයා අපිට පැහැදිලි කරලා දුන්නා ටීටාව හරිම අපක්ශපාතී විදිහට විවිධ සංස්කෘතීන් හරහා යමින් මිනිසාගේ කායික හා මානසික යහපැවැත්ම පෘතුවි තලයේ යහ පැවැත්ම මුල්ම ප්‍රමිතිය ලෙස සලකමින් තම සයිබර් මිනිස් අවකාශය නිර්මානය කර ගෙන තියෙන ආකරය.සීයට කොයි තරම් තරහ ගියාද කියනව නම් එයා නැගිට්ටේ අපේ තේ මේසෙත් පෙරලා ගෙන….” අප සියල්ලන්ට සිනාව වලකා ගත නොහැකි විය.
Pubudu Siriwansa

දියුනු ජීවිත ආකෘති නිර්මාණය නොවීම සමග..

දියුනු ජීවිත ආකෘති නිර්මාණය නොවීම සමග නෙක දියුනු සම්පත් පහසුකම් වලින් ජීවිතය අවට වෙළඳපොල වසාගැනීම අවසානයේ නිර්මාණය කරන්නේ ජීවිත ව්‍යසනයක් පමනකි. කායික මනසික නිසි පෝෂනයෙන් පිරිපුන් ළඳරුවා ගේ සිට සුරක්ෂිත සැහැල්ලු මහළු වියක් දක්වා තම රට වැසියෙකුට උරුමවන ක්‍රමවේදයක් දක්වා වන ජීවිත අවකාශයක් වෙනුවට පෙර පාසැලේ සිට කර්යාලය වැඩ විම දක්වා නිරුවත් තරගයක් පමනක් පවතින සමාජ අවකාශයක සිට ලෝකයේ උතුම්ම රටේ සිට ලෝකයේ උතුම්ම දහම වැනි ව්‍යාජයන්ගෙන් ජීවිතය රවටා ගන්නට බලකිරීමත් උරුමය වීම රට වැසියන් ලෙසට අපගේ අසමත්කම මනාව පෙන්වයි. සිමෙන්ති, කොන්ක්‍රීට්වල සිට ඉලෙක්ට්‍රොනික ලෙසට දක්වා ලෝකයේ අති නවීන සියලු පහසුකම් සමග කොපිකල නොහැකිජීවිත ආකෘති, නැතිනම් කොපිකරන්නට උත්සාහ කරන හැම විටම විකෘතියක් පමනක් නිර්මාණය වන නමුත් එකතුව නිර්මාණය කරගන්නට තරම් පුද්ගල හා සමාජීය මානසික සාමයක් උරුම නොවන අප, අවුලෙන් සතු‍ටු වීමේ බිහිසුනු ගැටලුවේ ගොදුරුව ඇති බව තේරුම් ගන්නට තවත් කල් අවශ්‍යවේවිද? “බිහිසුනු යුරෝපියන්, අරගලවාදී විමුක්තිකමීන්, ජාතිවාදී ත්‍රස්ථවාදීන්” ලෙසට අත්විඳි, විඳවන ජීවිත අවකාශ නිර්මාණය කරන්නන් ගෙන් ඔබ්බට වන ජීවිත ආකෘති නිර්මාණය කරගන්නට අපට අනවශ්‍යද නැතිනම් නොහැකිද යන්න විමසන්නට වත් අප සමත්ව තිබේද???
Pubudu Siriwansa
Singularity.Vision

එකවර සිනාසෙමින්, හඬන මනසක් ඔබේ පරිකල්පනයට හමුනොනද භෞතිකව අප පසුකරමින් සිටී.

අධිරාජ්‍යවාදීන්ට නතුවීමේ හැරවුම, “සිංහල බෞද්ධ” අනන්‍යතාවයට සිදුකල සංශෝධනය නැවත කවරදාකවත් අපට අත්පත්කර ගන්නට නොහැකිවූවාම පමනක් නොව සාපේශව ප්‍රායෝගික නොවීමේ ගැටලුවද අමතක කල නොහැකිය. ඔවුන් විසින් විටින් විට අපගේ අනන්‍යතාවය මත සිදුකල ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පොලාපැනීම් විනිවිද ගොස් නැවත ඒ වටිනාකම් දකින්නට නොහැකි තරමේ දිලිසුමක්ව සටහන් ව හමාරය. සමහර විටක අප හිතනා තරමේ හුදකලා දූපතක්ම නොවීමද ඇත්තකි. කොටින්ම එය සංකීර්නයකි.
බොහෝ අයට වඩා අප වේගයෙන් යාවත්කාලීන වීම මෙන්ම බොහෝ අයට වටා අප පරිධිය කෙරවලේ සටහන් වන අනන්‍යතාවයක් වීමද එක වර සිදුවෙයි. එය මහත් වේදනාකාරී මෙන්ම ව්‍යාකූලබවක් නිර්මාණය කරවන්නකි. සරලව තේරුම් ගන්නේ නම් අවශ්‍ය අවමතරමේ දැනුමක්වත් නොලබාම වේගයෙන් ශ්‍රේණියෙන් ශ්‍රේණියෙනියට ඉහල දමනවා වැනි යමකි. එකවර සිනාසෙමින්, හඬන මනසක් ඔබේ පරිකල්පනයට හමුනොනද භෞතිකව අප පසුකරමින් සිටී.
Pubudu Siriwansa

පෙරහැර ආරම්භ කිරීමේ චාරිත්‍ර වාරිත්‍ර

දුරුතු පොහෝදින පස්වරුවේ විහාර මළුවේ පෙරහැර පෙලගස්වන අතර පෙරහැර සංවිධායක කමි‍ටුවට වාර්ථාකරන නර්ථන කංඩායම් තමන්ට අදාල ස්ථානය වෙත ගමන් කල යුතුය. පෙරහැරේ ප්‍රධාන කාර්යයන් ඉ‍ටුකරන අලි ඇතුන් හා මහා සංඝරත්නය, බස්නායක නිලමේ, කරල් නෙලන කුමරු හා සෙසු ප්‍රභූවරු විහාර ආලින්දයට ‍රැස් වෙති. පෙරහැරේ තේවා භාර වාදන ශිල්පීන් හා වෙස් නැ‍ටුම් ශිල්පීන්ගේ ස්තෝත්‍ර ගායනාවලින් පසු පෙරහැර කරඪුව හා පිරුවානා පොත්වහන්සේ රන්සිවි ගෙයි තැන්පත්කරන අතර මහා සංඝරත්නය පිරිස පංචශීලයෙහි පිහිටවා සෙත් පිරිත් දේශනා කර පිරිත් පැන් ඉසීමෙන් පසු ශුබ නැකත්වෙලාවට පෙර හැර වීථි සංචාරය ආරම්භ කරයි. පෙර හැර පිටත්වීම ජනතාවට දැනුම් දෙන්නේ රජතුමා පරිත්‍යාගකල කුඩා කාලතුවක්කු වෙඩිමුරයෙනි.
පොත පත ඇසුරෙනි