Back to Top

Category: Digital life styles

මේ වන විට Windows 11 වලට පැමිනෙන්නට නියමිතව තිබූ ප්‍රධාන යාවත්කාලීනය Moment 4 සැම භාවිතා කරන්නෙකු සදහාම නිකුත්ව තිබේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ 150 කට අධික නව ටූලයන් මෙම නිකුතුවට අඩංගුව පැමිනෙ ඇති බවකි. ඒවා ආතර නව File Explorer, Snipping Tool සහ taskbar වැනි භාවිතාවන් බොහෝ දෙනාගේ අවධානය දිනා ගෙන ඇත. මුලින්ම මෙම සමස්ථ නව ගොනුවම සැප්තැම්බරයේ පැමිනෙන්නට නියමිතව තිබුනද එසේ නොපැමිනියද ක්‍රමයෙන් පසු යාවත්කාලීන සමග හා අතුරු නිකුතූන් ලෙසට මේවා භාවිතාව සදහා මුදා හරින්නට එම ආයතනය කටයුතු කර තිබිනි. Microsoft නිවේදනය කලේ ‘optional non-security preview updates’ ලෙසට දැනට වන සමස්ථ නිකුතුව නොවැම්බර් 14 ට නියමිත ‘Patch Tuesday’ සමග ස්වංක්‍රීය යාවත් කාලීනයක්ව පැමිනෙන බවයි.
මේ වන වොට ලොවපුරා මිලියන 400 ක් පමන windows 11 භාවිතා කරන අතර වසර දෙකක් තුල ලද මෙම ප්‍රගතිය windows 10 සමග සැසදීමේදී වසරක් පමන වැඩි කාලයක් සටහන් කර ඇත. කෙසේ මුත් විශේෂ දෘඩාංග අවශ්‍යතාවය මේ සදහා ප්‍රධාන සාධකයක් වන්නට ඇත. එය සමස්ථ windows භාවිතාවෙන් සියයට 23.64 බවටයි ගනනය වන්නේ.
Pubudu Siriwansa

Google Maps ඔස්සේ Location Sharing කිරීම.

සංකීර්න හා කාර්යබහුල ලෝකය තුල තම සගයෙකුගේ live location එක පහසුවෙන් හුවමාරු කර ගන්නට හැකි වීම ඉතා වැදගත්ය. එසේම යමෙකුගේ අවසරයකින් තොරව Tracking කිරීමද සදාචාර සම්පන්න නොවන කාරනාවක් පමනක් නොව නීතිවීරෝධී දෙයක්ද විය හැක. පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ යමෙකු සමග iPhone / iPad භාවිතාවකන් හා Google Maps සහයෙන් Google Maps location එක බෙදා හදා ගැනිමට ගත යුතු සරල පියවරවල් කිහිපයයි. මෙම ක්‍රියවලිය සදහා පලමුව ඔබ සහ අදාල share කිරීමට බලපොරොත්තු වන අයගේ Google accounts ගූගල් Contacts යටතේ එකි නෙක යාවී තිබීම වැදගත් වේ. අනතුරුව ඔබගේ device එකේ Google Maps විවෘත කර profile picture හරහා Location Sharing තොරා ගැනීමට සිදුවනවා. අනතුරුව Add People ඔස්සේ අදාල අය හෝ අයවලුන් සමග your location කිරීමට බලා පොරොත්තු වන වෙලාව ‍තෝරා ගැනීම හා ඒ අදාල අය හෝ අය වලුන් තොරා ගන්නට කටයුතු කල යුතුයි. අවසානයේ permission ලබා දීමකින් එම ක්‍රියාවලිය අරබන්නට ඔබට හැකි වනු ඇත. යම් හෙයකින් Google account නොමැති අයැක් සදහා නම් ඉහතදී හමුවන Add People ඔස්සේ location link එක iMessage හෝ වෙනත් app එකක් ඔස්සේ බෙදා හදාගන්නට හැකිවනු ඇත. Android සදහාද ඉහත ක්‍රියාවලිය වලංගුවේ.
Pubudu Siriwansa

යුද්ධය හා තාක්ෂණය

යුද්ධය සුන්දර අත්දැකීමක් නොවන බව පැහැදිලිය. කොතැනක කිනම් හේතුවක් මත වුවද එකිනෙකා විනාශකර ගැනීම සමස්ථ මිනිස් කථාන්දරයටම කරන අවමානයකි. තත්වය එසේ වුවද විටින් ටිට තවමත් තැනින් තැන ගැ‍ටුම් ඇතිවීම සිදුවේ. මෑතකාලීන අර්බුධයදක් කෙමෙන් මෝරමින් තිබේ. අද වන විට ඔනෑම ගැටළුවක තීරනාත්මක සාධකයක් නොවන්නට තොරතුරු තාක්ෂණයට තව දුරටත් නොහැකිය. එය එතරම් ජීවිත මට්ටමේ සිට රාජ්‍ය අර්ථ දක්වාම පැතිර සිටී. මේ නිසාම Russian / Ukraine ගැටළුවේදීද නෙක ආකාරයෙන් එය මැදිහත් වන ආකාරය වාර්ථා වෙමින් ඇත. විටක සමහ සේවා ආයතනයන් තම සේවාවන් අඩ්ගාල රටවලට නතරකර දමන බව නිවේදනය කරන්නේ එම සේවා ඔස්සේ තව කෙකුගේ ඉලක්ක පැහැදිලි කරගැනීම සදහා සහය වන නිසාය. තවත් විටක සමහර සේවාවන් නතර කරන බවට නිවේදනය කරන්නේ අනෙකාට එරෙහිව වැරදි මත පතුරන්නට ඒවා භාවිතාකරන නිසා වෙනි. කෙසේ වෙතත් වැදගත්ම සත්‍යයයක් හෙලි වෙමින් ඇත. එලබෙන යුගයේ මිනිස් ගැටළු ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ භාවිතාවන් වෙතට තීරනාත්මක ලෙසටම ඌනනය වෙමින් තිබෙන බවය. අන්තර්ජාලයේ සිට චන්ද්‍රිකාව දක්වා නෙක තාක්ෂණයන් විටින් විට මාතෘකා වෙමින් මිනිස් වර්ගයාට දෙමින් සිටින පණිවිඬය නම් වසර සිය දහසකට පෙර මෙන් එකිනෙකා අතර ගැ‍ටුම කුඩා ප්‍රදේශයකට සීමාවන කුඩා පිරිසකට සීමාවන තීරනාත්මක කාරනාවකට වඩා විටක සමස්ථ මානව වර්ගයාටම බලපාන ක්ෂණික මෙන්ම තීරනාත්මක එකක් වීම දිනෙන් දින පැහැදිලි වෙමින් ඇති බවය. එපමනක් නොව ප්‍රාථමික මිනිසා මෙන් නොව බලසම්පන්න මිනිසා ගැටළු විසදා ගැනීමේදී සිහිබුද්ධියට මීටවඩා ඉඩ දීම වැදගත් වනු ඇති බවය.
Pubudu Siriwansa

LG වෙතින් OLED.EX සූදානම්…

LG පවසන්නේ තමන්ගේ නවතම OLED TV technologyය වන OLED.EX නිකුතුවට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව තාක්ෂණය සමග picture quality ය සියයට 30 කින් (magnifying brightness) ඉහලට ගෙනෙන්නට සමත්ව සිටින බවයි. වඩාත් වේගවත් response time එකක් සමග perfect black සමග නිවැරදිම වර්ණ රටා ගෙනෙන්නට නව නිකුතුව සූදානම් බවයි. එසේම OLED.EX වලදී organic light-emitting diode සමග වඩාත් නිවැරදි මෙන්ම කාර්යක්ෂම picture accuracy එකක් ගෙනෙනු ඇති බවයි. ගෙවී යන වසරේදී ලොවපුරා රූපවාහිණී අලවිය සියයට 12ක පසු බෑමක් දක්නට ලැබුනද OLED සදහ ඓල්ලුම සියයට 70 කින් ඉහල යාමක් දක්නට ලැබුනු බවයි. එසේම ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් කුඩා bezel thickness එකක් සමග තවත් නරබන්නන්ගේ අත්දැකීම අපූරු කරවන තවත් බොහෝ අංගයන් සමග 2022 වල second quarter වලදී නව පැමිනීම දැනට සැලසුම්ව ඇති බවයි.
Pubudu Siriwansa

5G වලින් ආරක්ෂාව අනතුරුදායකය.

5G mobile ගැන ඇත්තේ විවිධ මතය. පැමිනෙන නව තාක්ෂණය දෛනික ජීවිතයේ තොරතුරු භාවිතාව සදහා තීරනාත්මක වෙනසක් යෝජනා කරමින් සිටින අතරම එම තරංග ආශ්‍රිත වන විට සිදුවිය හැකි දරුණු ප්‍රථිපල පිලිබඳවද විශාල කථා බහක් වෙමින් ඇත. සමහර වෙළඳ සමගම් මේ අනතුර සදහා ඉදිරිපත් කර ඇති විසඳුම්ද ඇත. ඒ අතර Necklaces එකක හරහා විය හැකි අනතුරු වලින් “protect” කරන බවට පොරොන්දු වෙමින්ද සිටී. Dutch වල nuclear safety and radiation protection (ANVS) පවසන්නේ මෙම නිෂ්පාදන අතරින් 10ක් සදහා ionising radiation අනතුරු තත්වය තමන් හඳුනා ගෙන ඇති බවකි. ඒ අනූව ඔවුන් උපදෙස් දෙන්නේ දීර්ගකාලීන භාවිතයේදී මේවා අනතුරු දායක විය හැකි බැවින් ඒවායින් ඈත්ව සිටින ලෙසටයි. මේ අතර World Health Organization පවසන්නේ 3G,4G සේම 5G වලින් අනතුරු දායක බවකි දක්නට නොලැබෙන බව හා මෙම තාක්ෂණ අතර එතරම් වෙනසද නොමැති බවකි. ඉහත සදහන් හදුනා ගත් අනතුරු දායක පැලඳුම් අතර sleeping mask, bracelet මෙන්ම necklace වනවා.
Pubudu Siriwansa

Posted in Digital life styles, digitalization | Tagged , , , |

Virtual reality

“වර්චුවල් රියැලිටි’ භාවිතාවේ ආරම්භක යුගය හඳුනාගනු ලැබුවේ මිනිස් වර්ගයාට හමුවූ අපූරුතම උස්තල ගැන්වීමක ලෙසිනි. බොහෝ විෂයන් එය විසින් සීමා රහිත ලෙසට අමානන්දයට පත්කර දමන ලදී. මැද භාගයේදී වෛද්‍යවිද්‍යාව වැනි බොහෝ විෂයන් තුල එය අපමන දිගුවක් ලෙසට ජීවිත වෙතට සේවය කරන ලදී. කෙසේ මුත් අවසාන යුගය හදුන්වා දෙන ලද නාමයම ඔබට එයි කාර්යභාර්ය පැහැදිලි කර දෙනු ඇත. එනම් අවසාන යුගයේ ඒ ශක්‍යතාවයට පට බැදුනු නාමය වූවේ ” මිනිස් වර්ගයාගේ “සිහින අවසන් කරන්නා ” ලෙසටය.
”Tharu Minisa”
– Pubudu Siriwansa

Pariganakaya.com

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත.
– Pubudu Siriwansa

ස්මාර්ට් මොබයිල් උපාංග …

ස්මාර්ට් මොබයිල් උපාංග සදහා ඇත්තේ ඉහලම ඉල්ලුමකි. ඒ නිසාම එහි යම් තැනක් දිනා ගැනීම සදහා තරග කරන්නෝද බොහෝය. ඒසේ වෙන වට එකි නෙක තරග කරුවාගේ අනන්‍යතාවය ඉහලින් තබා ගැනීම සදහා යෝදා ගන්නා උපංක්‍රමද විවිධය. මෙයින් ඉහලින්ම වන්නේ තම උපාංගයේ නිමැවුම මෙන්ම අඩංගු තාක්ෂණයන් ඔස්සේ ඔවුන් තරග කිරීම බව සදහා උදාහරන බොහෝය. සමස්ථ නිමැවුම නැතිනම් උපාංගයේ හැඩය මෙන්ම වර්ණ පිලිබඳව දැඩි අවධානයක් තිබීම දැකිය හැක. ප්‍රීමියම් ලුක් එකක් ලෙසට මේ අංග වල සමස්ථය ගොනුකල හැක. එසේ පමනක් නොව උපාංගයේ බර මෙන්ම අතැගිලි අතරට දැනෙන ආකාරය විචාරය වනු පෙනේ. වැදගත්ම අංගයක් ලෙසට උපකරණයේ තිරයේ ප්‍රමානය, එහි පැහැදිලි බව ඉතා වැදගත් වේ.
දෙවන තලයේදී හොඳ මට්ටමක ප්‍රොසෙසරයක්, චිප් සෙට් එකක් සමග ‍රැම් බලයක්ද ස්ටෝර් හැකියාවක්ද කථා බහට ලක් වේ. උපකරණයේ කැමරාව තවත් ප්‍රදේශයකි. නිශ්චල මෙන්ම වීඩියෝවන් සදහා කැමරාව සූදානම් මට්ටම බොහෝ සේ උපාංග විචාරයේදී ප්‍රධාන තැනක් ගනී. වැඩි සුපැහදිලි කමක් සහිත මෙන්ම වර්ණ සංයුතිය, විෂය වස්තුවල ගැබුර හා පිලිවල මනව ග්‍රහනය කර ගැනීම අවධාණයට ලක්වන තවත් ප්‍රධාන දෑ කිහිපයකි.
මේ සියල්ල අතරින් සැබෑවටම අවධානයට ලක් කල යුත්තේ මිලඳී ගන්නාගේ අවශ්‍යතාවයේ සීමාවය. බොහෝ විට අප මුදල් ගෙවන්නේ අපගේ සැබෑ අවශ්‍යතවයන් සදහා නොව වෙළඳ පොල විසින් නිර්මාණය කර දෙන මෝස්තරයන් සදහා බවද අමතක නොකල යුතුය.
pubudu siriwansa

Lyft වෙතින් එන ebike

Lyft වෙතින් එන ebike නිමැවුම අධිතාක්ෂණික කරනයට කදිම පිලිතුරක ආරම්භය විය හැක. 2020 සිට ඇරබෙන ආයතනයක් ලෙසට තම electronic bike හඳුන්වාදීම සමග කථාබහට ලක්වෙමින් තිබෙන ආයතනයකි මෙය. 500-watt මෝටරයකින් පණ ලබන මෙහි සරල පෙනුම ‍රැක ගනිමින් ෆ්‍රේම් එක තුල මෙම අමතර පහසුකම් සගවන්නට සමත්ව තිබෙනවා. බැටරියේ එක් බල ගැන්වුමකින් සැතපුම් 60 ක භාවිතාවකට සූදානමක් කියවෙන මෙහි LED ring වැනි අමතර උපාංග සමග වැඩි අරක්ශාවක් සහතික කරනවා. LCD screen මෙන්ම speaker එකකින්ද භාවිතකරන්නාගේ පහසුව වැඩිදියුනු කරන මෙහි onboard sensors හරහා ආරක්ශිත සූදානමක් භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට සමත් බවටයි පවසන්නේ. මෙම වසර අවසානය වන විට වෙළඳ පොල වෙතට පැමිනෙන්නට සැලසුම් වන මෙහි අත්හදා බැලෙන මට්ටමේ සංස්කරනයක් එල බෙන සතිය වන විට මුදා හරින්නට එම ආයතනය කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa

HarmonyOS ඉදිරියට…

“Huawei” ආයතනය පවසන්නේ තම HarmonyOS මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් උපාංග ecosystem එක සදහාම සූදානම් බවයි. අද පැවති හමුවකදී ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ තම දියුනු කරන ලද නව සංස්කරනය smartphones, wearables, smart TVs ඇතුළු සමස්ථ ස්මාර්ට් උපාංග අවකාශය සදහා වඩාත් නම්‍යව සුදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ 128KB RAM තරම් සරල මට්ටමකදී පවා භාවිතයට සූදානම් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තම නව මෙහෙයුම් පද්ධති පරිසරයේදී ස්මාර්ට් උපාංග එකිනෙක සම්බන්ද වෙමින් වඩාත් සුමට භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් වැඩි දුරටත් පවසනවා මෙහෙයුම් පද්ධති අනන්‍යතා සීමාවල් හඳුන්වා දෙන ඇප් හරහා ඉක්මවා යන්නට මෙන්ම සාම්ප්‍රධායික උපාංග සීමාව ඉක්මවමින් smart ovens , fridges වනි තලයන් සදහාද සූදානම් බවයි.

Pubudu Siriwansa

අප මිනිස් කථාන්දරයේ ..

අප මිනිස් කථාන්දරයේ තීරනාත්මක යුගයක අප සක්කිෂිකරුවන් වෙන්නෙමු . විශ්වයේ ඔනෑම පෙදෙසක බිහිවන ජීව ගොනුවක එක් තීරනාත්මකම හැරවුමක් අප අත්දකිමින් සිටින්නෝ වෙමු. තම සමකාලීනයන් වෙතින් ස්වාධීන වෙමින් ඉහලට එසවෙන්නට ප්‍රධාන සාධකය වන ලද ” මතක තබා ගැනීම හා ඒවා නැවත සැකසීමේ හැකියාව” අප සාර්ථකව යාන්ත්‍රීක කර දුර හා කාලය සාධකය ඉක්මවමින් අනෙකා සමග බෙදා හදා ගනිමින් සිටින්නෙමු. අපගේ මේ නව ශක්‍යතාවය සමග සමග ලිය වෙන හෙට දවස පිලිබඳව බොහෝ සුබවාදී බලාපොරොත්තු සමග උදාවන හිරු දිනයක් අපගේ සැමදා බලාපොරොත්තුව වේ.
Pubudu Siriwansa

අන්තර්ජාලය මූලික මාධ්‍ය යුගය..

අන්තර්ජාලය මූලික මාධ්‍ය යුගය වඩාත් තිරනාත්මකය. සාම්ප්‍රධායික අත්දැකීම වන එක් දිසාවකට මූලිකව චලනය වන හා සීමිත ප්‍රභූ අනන්‍යතාවයක සිට විශාල බහුතරයක් දෙසට තොරතුරු චලනය වීම වෙනුවට සියල්ලන්ම අසා සිටින්නට වන මෙන්ම සියල්ලන්ටම දෑ කියන්නට සම අයිතිය ලැබෙන යුගයක අත්දැකිම අප පසුකරමින් සිටින්නෙමු. මෙය සාම්ප්‍රධායිකව සැලකීමේදී වඩාත් දියුනු සමාජ භාවිතාවකි.
Pubudu Siriwansa

× How can I help you?