Category Archives: Gems

පොලෝ මහී කාන්තාවගේ පිහිටෙන්…

නක්ෂත්‍රය දේවකථා සහ ජනශෘති මගින් හෙලිවන අන්දමට මහ පොලොව වු කලී නිකම්ම නිකම් මහ පොලොව නොවේ. එය මහි කාන්තාවය. මැණික් සම්පත අරබයා මහී කාන්තාවට ගුරු හරුකම් දෙන්නේ මංගර දෙවිහාමුදුරුවන්ය. රත්න පුරයේ බලංගොඩ රජවක ප්‍රදේශයේහි ඉදිවුනු දෙව්ලක වැඩ වෙසෙමින් උන් වහන්සේ මැණික් අඩවියෙහි ජනී ජනයාට මැණික් සම්පත උදා කර දෙන්නේය. මංගර දෙවි හමුදුරුවන් ප්‍රකටව සිටින්නේද මැණික් සම්පතට අධිපති දෙවියන් වශයෙනි. මැණික් පතල් කරුවනළුත් පතලක් ඇරභීමට පෙර අතුව මංගර දෙවියන්ට පුද පූජා පවත්වන්නේ එබැවිනි. මැණික් අඩවියෙහි එන ජන වස්වශය අනූව මහපොලව යට පිහිටි සකල විද වස්තු සම්පත්වලට අධිපතියා භෛරවයාය. භූමිදේවතාවා වශයෙන්ද ප්‍රකටව සිටින්නේය. පොලව යට ඇති සියලුම වස්තූන් වලට ‍රැකවරනය සලසයි. මැණික් සම්පත් ලබා ගැනීමට නම් භෛරවයා සතු‍ටු කොට ඔහුගේ අවසරය ඇතිව පතක් කැපිය යුතු බව මැණික් අඩවියෙහි ඇදහීමයි. මැණික් කල පසුව ඒයින් මැණි නොලැබෙන තත්වයක් ඇති වුවහොත් භෛරව පූජාවක් පවත්වන්නේ එබැවිනි. සමහ පතල් පොලක දින් දිගටම මැණික් නොලැබෙන්නේ නම් භෛරවපූජාවක් පැවැත්වීමද සිරිතකි. දේවකථාව්ල එන හැටියට භෛරව වූ කලී ඊශ්වර දෙවියන්ගේ කාර්ය මංඩලයේ උසස් නිලධාරියෙකි. ඔහුගේ කාරිය මහපොලව තුල ඇති වස්තු සම්පත් බලා ගැනීමයි. භෛරවගේ කාර්ය මංඩලයේ ප්‍රධානියා නාග භෛරවය. නයි පෙණ හතක් සහිතව පෙනී සිටින ඔහුට ආතාල , වේතාල සහ පාතාල යනුවෙන් සහයකයින් පිරිසක්ද සිටිති. මේ තුන් දෙනා යටතේ අට දිසාවන්ට අධිපති අට්ඨභෛරවයන්ද, ශෛල බහිරවයන්ද, රත්න භෛරව, ජලභෛරව ආදී වශයෙන් පොලොවේ ඇති වස්තු සම්පත් බාරගෙන සිටින සහයක භෛරවයෝද සිටිති. මැණික් පතලයකටභෛරව පීජ්හවක් තබන්නේ මේ සියලු දෙනාම සිහිකරගෙනය.
භෛරව පූජාව පැවත්වෙන්නේ මැණික් පතල් කපන්නට යන ඉඩමේ ‍තෝරා ගත් ස්ථානයකය. රාත්‍රී කාලයෙහි බොහෝම හොර රහසේ කෙරෙන මෙම පූජාව බොහෝම අපූරු එකකි. ඉඩම වටා සිව් කොන පහන් පැල් දල්වා පලමු බුදුන්ද දෙවනුව සතර වරම් දෙවියන්ද වැඳ පූජාවේ වැඩ පටන් හැනීම කපු මහත්වරුන්ගේ සිරිතයි. භෛරව පූජාව සදහා අඩි හයක් පමන දිගට, ට්‍රියනක් පමන පලලට රියනක් පමන ගැබුරට වලක් හාර ගත යුතුය. එහි එළූ නෙලුම් කොල හතක් මත පූජා භන්ඩ තැන්පත් කරනු ලැබේ. එක් වර්ගයකින් හත බැගින් පලතුරු වර්ග හතලිස් නමයක්ද එක්වර්ගයකින් හත බැගින් කැවිලි වර්ග 49ක් ද මල්වර්ග හතකින් මල්ද බුලත් කොල හතලිස් නමයක්ද තැබිලි සහ පොල් ගෙඩි එක්වර්ගයකි හත බැගින්ද කඩල හබලපෙති කජු කිතුල් හකුරුද රන් රිදී සහ කාසී ආදී පුද පඬුරුද මෙසේ නෙළුම් කොල මත තැන්පත්කර පූජා භාන්ඩ අතර වේ. එහිදී තෙල් වර්ග හතකින් පහන් දැල්වීමද සිරිතයි. ස්තෝත්‍ර ආදී මතුරා මේ පූජාව භෛරවයාට කැප කෙරෙන්නේ හරියටම අළුයම 2.02 ට ය. එය භෛරව්යාගේ වෙලාව බව කියති. පතල් කැපීම පටන් ගන්නට පෙර දිමයේ තොර ගත් භූමියට ‍රැස්වන පතල් කරුවෝද ලයිසන් කාරයා හස හවුල් කාරයෝද එහි සිව්කොන පහන් දල්වා බුදුන් වැඳ සුමන සමන් මංගර කතරගම විෂ්නු පත්තිනි ආදී දෙවි දේවතාවුන් වහන්සේලාටද පුද පූජා පවහ්වති. පසු දින උදයේ සුබ හෝරාවෙන් පතලේ කැපීම ඇරඹේ. එද උදේට කිරිබත් කැවිලි පෙවිලි සංග්‍රහයක්ද පැවත්වීම සිරිතයි.
– පොත පත ඇසුරෙනි

දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් අවසර ගැනීම…

මැණික් ඉල්ලම් පිහිටන්නේ කුමන මදිලියේ ඉඩම් වලද? යන්න පතල් කරුවෝ මැනවින් දනිති. ගංඟා, මිටියාවත්, කඳු වැටි අතර පිහිටි වගුරු බිම් සහිත තැනිතලා කුඹුරු යායක් ආදී බොහෝ තැන්වල මැණික් පිහිටන බව ඔවුහු අදහති.
ඉඩම් තොරා ගත්තද පතල් කැපිල්ල හිතුමනාපේට කරන්නට බැරිය. ඒ සදහා මැනික් අධිකාරියට ඇප මුදල් බැඳ පතල් ලයිසන් එකක් හෙවත් මැණික් පතල් කැනීමේ බලපත්‍රයක් ලබ ගත යුතුය. මෙම කටයුත්ත කරන්නේ පතකේ අයිතිකාරයා වශයෙන් සැලකිය හැකි ලයිසන් කාරයා විසිනි.
ලයිසන් කාරයා වූ කලී මැණික් අඩවියේ බොහෝම අපූරු චරිතයකි. පතල් කැපීම සදහා සුදුසු ඉඩමක් සොයන්නේ ඔහුය. ඉඩමේ අයිතිකරුවනට කථාකර ඔවුන්ගේ කැමැත්ත ලිකිතව ගෙන පතල් කැනීමේ බලපත්‍රය ලබා ගන්නේද ඔහුය. පතලක් කැපීම බොහෝ සේ මුදල් වැය වෙන කාර්යයකි. ඒ නිසා වියදැම් දැරීම පිනිස හවුල් කරුවන්ද සොයා ගත යුතුය. මීට අමතරව වතුර ඉසීමේ යන්ත්‍ර හිමි, මෝල් කාරයෙක්ද , පතල් මුක්කු හෙවත් රබර් ලී කොට ගැනීම සදහා ලි කාරයෙක්ද සොයා ගත යුතුය.
ඊට අමතරව හවුල් කාරයන් සමග කථාකර පතල් බාස් කෙනෙක් ඇතුලු වැඩ කරන පිරිසද සොයා ගත යුතුය. මේ සියල්ලම කර දෙන්නේ ලයිසන් කාරයාටය. ඉතා කෙටියෙන් කියනවානම් මැණික් පතලක් එහි මුල සිට අවසානය දක්වාම සංවිධානය කර ‍රැක බලා ගන්නේ ඔහුය.
මැණික් පතලයකින් ලැබෙන ආදායම වන්නේ එයින් ලැබෙන මැණික් ගල් අලවිකරලබා ගන්නා මුදල් සම්පතයි. එම ආදායම මැණික් අඩව්යට ආවේනික සම්මත පිලිවෙලකට ඉඩම් හිමියන් ලයිසන් කාරයන්හවුල් කරුවන් සහ පතල් කරුවන තර බෙදි යන්නේය.
එබැවින් කිසිදු සාම්ප්‍රධායික මැණික් පතලක පතල් කරුවන් මිස කුලී කාරයන් නැත. පතල් කරුවන් කරුකාරයන් ලෙසට ද හැදින්වේ.
මැණික් පතලක වැඩ ආරම්භ කෙරෙන්නේ සුබ නැකතල්කට අනූවය. ඊට පෙර පතලකට සම්බන්ද ලයිසන්කාරයා, හවුල් කරුවන් ආදී සියලු දෙනාම එක්ව පතලය වෙනු වෙන් දෙවි දේවතාවුන්ටත් බාර හාර වෙති. පුද පූජා පවත්වති. පතලය නිරුපද්‍රිතව කරගෙන යාමටත් එයින් ප්‍රමානවත් තරම් මැණික් සම්පත් උදාකර ගැනීමටත් උන්වහන්සේලාගේ පිහිට පැතීම ඒවයෙහි අරමුනයි.
මෙහිදී කතරගෙම දෙවියන්ටත්, අධිපති සුමන සමන් දෙවියන්ටත් භාරහාර වීමටත් ඔවූහු අමතක නොකරති. රත්නපුරයේ පිහිටිසබරගමු මහ සමන් දේවාලයට ගොස් ප්‍රථමයෙන්ම බුදුන් වැද ඊලගට දෙවියන් උදෙසා පුද පූජා පැවත්වීම සිරිතයි. මැණික් පතලයකට අදාලව සැම වැඩක්ම පාහේ කෙරෙනුයේ බුදුන්ගේ සරනින් සමන්දෙවි හාමුදුරු හාමුදුවන්ගේ පිහිටින් යන ආශිර්වාදාත්මක කියමන තොල් මතුරමිනි.
මේවා හැර තවත් ප්‍රධාන පුද සිරිත් දෙකක් පැවත් වීමටද මැණික් අඩවියේ හවුල් කාරයෝ අමතක නොකරති. ඒ යින් එකක් වන්නේ මණික් සම්පතට අධිපතියැයි සැලකෙන මංගර දෙවියන්ට පුද පුජා පැවත්වීමය. අනෙක පොලොව යට වස්තුවට අධිපති යැයි සැලකෙන භූමිදේවතාවක් හෙවත් භෛරවයාට පුද පූජා පැවත්වීමය.
– පොත පත ඇසුරෙනි

විවිධ පතල් ප්‍රමානවල්….

මැනික් පතල් කර්මාන්තයෙහි සියලුම කටයුතු කෙරෙන්නේ පැරනි ගනන් මිමි අනූවය. එනම් රියන් ගනනටය. රියනක් යනු අගල් 18කි. ඒ අනූව මැණික් මතුවන අඩවියෙහි පතල් වර්ග කිහිපයක්ම තිබේ.
මැණික් පතලයක සම්මත පලල රියන් හතරකි. එනම් හතර රියනකි. මේ කාරනාව කවුරු කවුරුත් දන්නා බැවින් දෝ පතල් ගැන කථාකරන විට ඒවායේ පලල ගැන නොකියති. පතල් හඳුන්වන්නේ එහි දිග මෙන්ම මෙතැකැයි කීමෙනි.
හතර රිය පතල්-
මෙහි තේරුම පතලේ දිගත් පලලත් හතර රියනක් වන බවය. ගැඹුරින් අඩි හතලිහ පනහ ඉක්මවන මැණික් පතල් සදහා භාවිතා කෙරෙන්නේ මේ සයිස් එකය. එවන් ගැබුරු පතල් වල දෝනා ද යති. දෝනා යන විට පතල් බිත්ති සවිමත්ව තීය යුතු බැවින් මේඅසේ හතර රියන් පතල් හාරති.
අට රියන් පතල්-
මැණික් මතුවන අඩවියෙහි ජනප්‍රියතම පතල් Size එක වන්නේ අට රියන් පතල්ය. මෙහි තේරුම වන්නේ එම පතලය හතර රියනක් පලල, අට රියනක් දිග එකක් බවයි. පතලේ හරි මැදින් මැද මුක්කු ගසා තට්‍ටු ගසන නිසා අට රියන් පතලයක කො‍ටු දෙකක් දැකිය හැකිය. පතල් කරුවන් හත් අට දෙනාට හොඳට ඉඩකඩ ඇතිව වැඩ කල හැකි බැවින් අට රියන් වලවල් බොහොම ජනප්‍රියය. එසේම බොහොම ගැබුරු පතල් කපන්නේද අට රියන් වලවල් වශයෙනි.
දිගින් රියන් 10,12 සහ 20ට පතල් කපන්නේ මැණික් ඉල්ලම වැඩිම නත් ගැබුරු නැති ස්ථාන වල පතක් කැපීමේදීය. ලොකු පතල් කපා එකවර මැණික් ඉල්ලම් වැඩි ප්‍රමානයක් ගොඩ ගැනීම මෙබඳු විශාල පතල් කැපීමේ අරමුනයි.
මීට අමතරව හයරියන් පතල්, දහ අට රියන් ආදී වශයෙන්ද පතක් කපති. පතලකට නැකතකට වැඩ අල්ලන්නේද තමන් හාරන පතලය කුමන ප්‍රමානයට කපනවාද යන කාරනය බේරුම් කරගෙනය.
– පොත පත ඇසුරෙනි

මුල්ල හරෝන අඬුව ගේන්න ගිහින්…

මැණික් පතලක වැඩට ගන්නා ආයුධ සහ උපකරනද ගනනාවකි. ඒවා බොහෝ විට මැණික් අඩවියටම ආවේනිකය. පතල් උදැල්ල සහ ඉල්ලම් කූර ඉන් ප්‍රධානය.
පතල් උදැල්ලේ මිට කෙටිය. එහෙත් බාස් උදැල්ල ඊට වෙනස් ය. එහි මිට රියනකට වඩා දිග නැත. වැඩ කිරීමෙන්ම පයටම ගෙවුනු උදලු තලයක් ඊට සවිකර තිබේ. පතලේ බාස්ට පමනක් පැවරෙන සීග්‍ර වැඩ හෙවත් බොහොම ප්‍රවේශමෙන් කල්පනාවෙන් කල යුතු වැඩ සදහා ඔහු මෙම උදැල්ල භාවිතා කරයි. ඇතැම් කලබල අවස්ථාවක කෝ බාසා කොහාට උනාද? යනු වෙන් සොයන්නේ බාස් උදැල්ල මිස පතලේ බාස් උන්නැහේව නොවේ.
ඉල්ලම් කූර සහ කම්මිලි කූර මැණික් පතල් වැඩට නැතුවම බෙරි උපකරන දෙකකි.
ඉල්ලම් කූර කුඩා ගල් ඉන්නක් බඳුය. එහි දිග අඩි තුනක් පමන වේ. එක් පැත්තක් තියුනු උලක් ලෙසද අනික් පැත්ත පැතැලි පෙත්තක් වශයෙන්ද තනා ඈති ඉල්ලම් කූර භාවිතකරන්නේ ඉල්ලම් කැඩීමටය. ඊට අමතරව පතලේ බිත්ති සමතලාව සකස් කර ගැනීමටද ඉල්ලම් කූර භාවිතා කෙරේ.
කම්බිලි කූරද අපූරු උපකරනයකි. දිගිම් අඩි 12ක් වන එය අතේ ඇගිල්ලක් තරම් මහත යකඩ කූරකි. එහි එක් පැත්තක තියුනු උලකි. අනෙක් පැත්තේ යකඩය නමා වලල්ලක් සදා තිබේ. එයින් අල්ලා පොලොව යටට ඇන මැණික් ඉල්ලම් ඇති නැති බව සොයා ගැනීම කම්ම්ලි කූරෙහි රාජකාරියයි.
ඉල්ලම් කූර ඇතැමුන්ට යකඩය. එය ගෙවී කෙටි උන විට යකඩ කොටේය. ඉල්ලම් කූරක් නැති ගෙයක් දොරක් මැනික් අඩවියේ නැත. ලන්ඩේ යනු පතල වලදී පොලොව විඳීම සදහා භාවිතාකරන විශාල ප්‍රමනයේ ගල් ඉන්නකි.
කුඩා ප්‍රමානයේ වේවැල් කූඩ ඉනි බස්සන අත කොලුව වැනි උපකරනද මැණික් පතල් වැඩට ඇතිවම බැරිය.
නවකයන් වැඩ කරන පතල් වල භාවිතාවන තවත් උඅපකරනයක් වේ. ඒ මුල්ල හරවන අඬුවයි. පලපුරුදු පතල් කරුවෝ ඒහා පතලට ගිහින් මුල්ල හරවන අඬුව අරන් වරෙන් යැයි නවක පතල් කරුවන් එහා පතලට යවති. අපේ එකත් එකා පතලට ගෙනිච්චා යයි කියා ඒ පතලේ අය නවකයා අනික් පතලට යවති. ඒ පතලේදී ඔහුට ලැබෙන්නේ එවැනිම පිලිතුරකි. පතල් පොලේ සෑම පතලකටම ගියත් නවකයාට මුල්ල හරවන අඬුවක්නම් ලැබෙන්නේ නැත. මෙය විහිලුවක් මිස එබඳු අඩුවක් නැති බව නවකයාට වැටහෙන්නේ පතල් පොල වටේටම ගිය පසුව ය.
මැණික් පතල් වල ඇති තවත් ජනප්‍රිය විහිලුවක් වන්නේ තෙත්තියන් ඉල්ලාගෙන එන්නට පතලෙන් පතලට යැවීමය. කොතෙක් ගියද ඔහුට කිසිදු පතලෞයකින් තෙත්තියන් නොලැබේ.
තත්තියන් ඉල්ලන ඇතැමෙකුට ඇතැම් වැඩි හිටියෙකුගෙන් ලැබ්න්නේ තමුසෙට පයිත්තියන්ද වැනි ක‍ටුක පිලිතුරකි.
තත්තියන් තියනවා යැයි කියන්නේ කපන කොටන ආයුධවලට මුවහත තැබීමටය. එසේ වුවත් පතල් පොලවල් ආශ්‍රිතව මේ වචනය වෙනත් ගුප්ත අසැබි අරුත්ද පට බැඳ ගෙන තිබේ.
– පොත පත ඇසුරෙනි

නන්තිරම හා කුමතේරුවා

පතල් තිහ – හතලිහක් කෑපූ පතල් පොලක නන්තිරම ගැන නිතර නිතර කියැවේ. පතලක දී හරා ගත්ත නොහැකිව ඉතිරිවන ඉල්ලම් නත්තිරම්ය. පොලවේ මතුපිට ස්වරූපය කොතරම් වෙනස් වුවද එසේ ඉල්ලම් ඉතිරි වූ – නත්තිරම් පතල් කරුවන්ට කිසිසේත්ම අමතක නොවේ. යම් පතලයක හතර පැත්තේම පතල් හතරක ඉඩ ප්‍රමානය එම පතලයට අයිතිය. එය නත්තිරම් හතර නමින් හැඳින්වේ. වසර 25- 30 තරම් පැරණි නත්තිරම් සොයා යන උදවියද හිඟ නැත. නත්තිරම කපනවා , නන්තිරමට වල දැම්මා යනු වෙන් ඒ ගැන විස්තර කෙරේ. අනුන්ගේ නත්තිරමක් කැපීම නීති විරෝධීය. එවන් අවස්ථවලදී නන්තිරම තහනම් කරවීමට පුළුවන.
පතල් පොලක් බලා කියා ගැනීමට පත්කල තැනැත්තෙක්ද වෙයි. හේ කුමතේරුවාය. අද කුමතේරුකාරයෝ වෙනු වට සිටින්නෝ මැණේජර්ලාය. ඔහුගේ රාජකාරිය වන්නේ පතල් වල ඉල්ලම් ගැනීම ගැරීම වැනි කටයුතු ගැන විපරමින් සිටීමයි. එසේ නොකලහොත් කොයි මොහොතක හෝ වටිනා ගලක් බකයා ගහ ගැනීමට හෙවත් සොරකම් කර ගැනීමට ඉඩ ඇත. මේ කටයුත්ත ජනවහරේ එන්නේ කුමතේරු කරනවා, කුමතේරුවට එනවා යනුවෙනි.
මිනිහා දැන් අහවල් මුදලිගේ පතල් මැනේජර ආදි වශයෙන් ඇතමුන් කියන්නේ කුමතේරුකාරයන් ගැනය.
සැම ඉඩමකම මැනික් ඉල්ලම් නැත. මැණික් ඉල්ලම් ඇති ඉඩම් මැණික් ඉඩම්ය. ඇතැම් මැණික් ඉඩම්වල ඉල්ලම ඇත්තේ පොලව මතුපිට කුනු පස් තට්‍ටුවක් සමගය. ඒවා ගොඩ ඉල්ලම්ය. ඇතැමුන්ට උඩ ඉල්ලම්ය. යට ඉල්ලමාඩි 10 -20 සහ ඊටත් වඩා ගැබුරින් පිහිටයි.
– පොත පත ඇසුරෙනි

මුක්කරු පතල්

රත්නපුරයේ සමහරු උදය වරුවේ රබර් කිරි පැපීම බඳු වෙනත් ජීවන උපායකද යෙදෙති. සවස් වරුවට පතල් කපති. ඒවා වරු පතල් බව ජනවහරේ කියවේ.
ගොඩ බිම පමනක් නොව ගංඟා ඇල දොල පතුලේදී මැණික් ඉල්ලම් පිහිටයි. ඒවා ගරන්නේ විශාල උදලු තලයක් දිගු රිටක අමුනා ගඟ මැඳ ඇදී මෙනි. ඒ කාරිය කරන්නේ ඇදුං උදැල්ලෙනි. මේ පතල් විවාහාරයෙහි එන්නේ ඇදුම් පතල් යනුවෙනි. ඇදුම් පතල් වල වැඩ කරන අය ඔලුගංතොටට නුදුරු වලවේ ගඟද නිවිතිගල පිහිටි කරවිට ගඟ සහ නිරිඇලි ගඟේද කුරුවිට ගඟේද ඉඩෝර සමයට කළු ගඟේද ඇදුම් පතල් දැකිය හැකිය.
මැණික් මතුවන අඩවියෙහි වහරට අනූව පතලක් යනු මැණික් සහිත පස් ස්ථරය හෙවත් ඉල්ලම ගොඩ ගැනීම සදහා කනින වලකි. පතල් කැපීම යනු වෙන් ජනවහරෙහි එන්නේද මෙබඳුම කැනීම් ය. මැණික් පතලක් කැනීම වූ කලී මැණික් අඩවියට අනන්‍ය වූ ක්‍රම ශිල්පයද තාක්ෂණ ඥාණයද සංස්කෘතික අංගද සහිත පොඳු ජන කර්මාන්තයකි.
මැණික් පතල් ගැන කථා කරනවිට මුක්කරු පතල් ද අමතක කරන්නට බැරිය. මීට වසර සිය ගනනකට පෙර මැණික් ගැරීමට පැමිනි මුස්ලිම්වරු මුක්කරු යනු වෙන් හැඳින් වෙති. ඔවුන්පතල් කැපූ ස්ථාන මුක්කු පතල්ය. ඔවුන් ගැරු ස්ථාන මක්කරු ගරාපු තැන්ය. එවන් ස්ථාන හඳුනාගන්නේ එම ඉල්ලම සමග ඇති කොරොස් කැබලි වලනි. මුක්කරු මැනික් ගැරුවේ කොරස් වලන් බව ප්‍රකටය. එම ඉල්ලම් සමග හමු වන කොරොස් කැබලි මුක්කරු කොරොස් කෑලිය. මුක්කරු ගැරූ තැනක ගැරීම වාසිය. ඒ තැන්වල ආර්නූල් වෛරෝඩි යන මැණික් වැඩි පුර ලැබේ. අර්නූල් නම් මැණික කට නූල් හයකි.
වෛරෝඩියේ දිලිසෙන නූලකි. මේ ගල්වල පනුවන් සිටිති ඇදහූ මුක්කරු ඒවා ගැරූ තැන්වලම දමා යන්නට ගියහ.
මුක්කරු ගැරූ ඇතැම් තැනක් මුක්කරු ගොඩනැගිල්ලක් වශයෙන්ද ජනවහරේ එයි. යම්කිසි තැනක පතල් කපන්නට එන්නැයි අසල්වැසියෙකුට ඇරයුම් කරන ගැමියෙක් ඔහුගේ කනට ලංවී රහසින් මෙන් මෙසේද කියයි. එතන මුක්කරු ගොඩනැගිල්ලක්. මුක්කරු ගොඩැල්වල මැණික් ගරන්නට කවුරුත් බොහොම කැමතිය.
– පොත පත ඇසුරෙනි

දුවන පතල් සහ නහින පතල්

මැණික් ගැරීම පිනිස දුර බැහැර ගොසින් එන අය නිතරම පාහේ කරදර ගැන කථා වෙති. එහෙ කරදරද? කරදර නැද්ද? යනුවෙන් විමසා බලති. මාතලේ දිස්ත්‍රික්කයට අයත් ඇලහැර සහ කළු ගඟ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ඔක්කම් පිටිය නක්කල වැනි කැලෑ බද්දර ප්‍රදේශවල පතල් කපන්නේ අනවසරයෙනි. ජනතාව ඒවා හඳුන්වන්නේ හොර පතල් යනුවෙනි. බලධාරීන්ගේ අවසරය සහිතව කෙරෙන පතල් ලයිසන් පතල්ය. හොර පතල් වටලා අනවසර ගැරුම්කරුවන් අත්වඩංගුවට ගැනීම පොලිස්සියේ රාජකරියයි. මේ නිසා පොලිස්සියන් පනින වාරයක් වාරයක් පාසාම දුව දුවා වැඩ කිරීමට ඔවුන්ට සිදුවේ. ඒවා දුවන පතල් යැනුවෙන් උපහාසාත්මකව හඳුන්වති.
පොලිස්සිය පමනක් නොව මැණික් අධිකාරියේ නිලධරීන්ද හොර පතල් අල්ලන්නට යති. එවිට සැගවී සිටින ඔත්තුකරු හූ කියති හූ හඬ ඇසුනු විගස අතට අසුවුනු කුමක් හෝ පතල් ආයුධයක් හෝ උපකරනයක් ‍රැගෙන පැන දිවීම හොර පතල් වල සම්ප්‍රධායයි. දැන්නම් ඒවා කෙරෙන්නේ ජංගම දුරකථනවල සහයෙනි. හොර පතල් සොයා මැණික් අධිකාරියෙන් හෝ පොලිස්සියේන් පැනිල්ල ජනවහරට එක් වී ඇත්තේ කරදර යනු වෙනි.
ජනවහරේ එන හැටියට මැණික් පතල් වර්ගද කිහිපයක් වේ. එතරම් ගැබුරට නොවිහිදෙන පතල් ගොඩ පතල්ය. තට්‍ටු හතලිය පනහක් සවිකර ගැබුරට හාරන පතල් ගැබුරු පතල්ය. ඇතැම් ගැබුරු පතලයක දෝනා හෙවත් පොලව යටින් දිවෙන උමංද කපති. එවිට ඒවා දෝනා පතල්ය. රත්නපුර දිසාවේ පැල්මඩුල්ල කුරුවිට නිවිතිගල පානගම දෑල ගලතුරේ සහ හතර භාගේ යන ප්‍රදේශ කවදත් ගැබුරු පතල් වලට ප්‍රසිද්ධය.
පතලක් ගැබුරින් වැඩි වන විට එහි කනින පස් මතුපිටට ගෙන ඒම සදහා දබරයක්(කප්පියේ මූලධරමය පදනම් වූ) සවි කෙරේ එවිට ඒවා දබර පතල්ය. පොලව යට වැලි අදික පතල්, වැලි පතල්ය. හාරා වසා දැමූ පැරනි පතල් පුහු පතල්ය. පතලක් කැපීමේදී ඊට පලපුරුදු පත කරුවන් හය දෙනෙකු අවශ්‍යය. එසේ නැතුව නුපුරුදු කරයන් සමග පතල්කපන්නට බැරිය. ඒසේ වු විට අනික් අයට වැඩි පුර වෙහෙසෙන්නට සිදුවේ. එවිට නහින පතල් කියා කියති.
ඇතැම්හු වතුර අඩු නොගැබුරු ස්ථාවල සම්මත දිග – පලලින් තොරව පතස් හාරති. පතස්ය කියන්නේ මහා පරිමාන වලවල් සේ කනින පතල් වලටය. දෙදෙහස් පහ වසරේදී බැකෝ යන්ත්‍රද යොදා ගනිමින් හැටන්, බගවන්තලාවේ පතස් කැනීම මහත් ආන්දෝලනයකටද තුඩු දුන්නේය.
– පොත පත ඇසුරෙනි.

මැණික්කාරයෝ….

මැණික් කැට මතුවන අඩවියේ ජන බසට, ජන වහරට අනූව , රත්නපුරයේ වෙසෙන වැඩි දෙනා මැණික් කාරයෝය. ඔවුනට වාසනාව ගෙන දෙන්නේ ගල් වලිනි. ගල් යනු නැණික් ය. ඒවායින් ධනය ලැබ සරුසාර වන්නෝ බොහෝය. එබැවින් මැණික්කාරයෙන් වූ කලී ලක් කරයන්ය. ගල් හෙවත් මැණික් ගල් ගැරීමට නම් පතල් කපන්නට ඔනෑය. පතලක් කපනවා යන්නෙහි තේරුම මැණික් මතුවන භූමියක පතලක් කනිනව යන්නය. ඒ කාරිය කරන්නේ පතකාරයන්ය. ඔවූහු පතල් කපා ගල් ගරති. මැණික් මුදලාලිලා හෙවත් මැණික් කාරයන් පැමින ඒවා මිළඳී ගනිති. ඔවුනට ගල හොඳට වැදුනහොත් පතල් කාරයාගේ ලක් එකය. මැණික් මතුවන අඩවියේ ගමකට ගිය විට හරි අපූරු කථා අසන්නට ලැබේ.
ඇතැම් හු පතල් කපති. සමහරු පතල් යති. තවකෙක් ගරන්නට ගොසිනි. මොකද මේ දවස්වල? යැයි විමසූ විට පතල් යනව අයනුවෙන් පිලිතුරු දෙති. මේ වචන සියල්ලෙන්ම විස්තර කෙරෙන්නේ මැණික් මතුවන අඩවියේ ජීවනෝපායයි. එනම් මැණික් ගැරීමේ කර්මාන්තයෙහි නියැලී සිටීමයි.
පතල් යාම හෙවත් මැණික් ගැරීම වූකලී රත්නපුරය ප්‍රමුක මැණික් මතුවන අඩවියේ ප්‍රධානතම සහ පැරනි තම කර්මාන්තයයි.
මැණික් ලැබීම වාසනාවන්ත වුවද පතල් කැපීම නම් ඉතාමත් දුක් බර රස්සාවකි. ඒ නිසා පතල් නිතරම බරපතල්ය. කොයි හැටි වෙතත් යමක් කමක් හදා ගන්නට නම් ගල් කෑල්ලක් සොයන්නටම ඔනෑය. හොඳ ගල් හම්බවන තැන් වල මිනිසුන් දාහ හමාර වැටී වැඩ කරන්නේ ඒ නිසාය.
ඉස්සර රත්නපුරයේ විසුවෝ මැණික් ගරන්නට ඇලහර ගියහ. අප කුඩා වුන් සන්දියේ බොහෝ දෙනා කථාකලේද ඇලහැර යාම ගැනය. ඇලහැර ගියෝත් ඉතින් ගල් කෑල්ලක් ගරා ගෙන එන්නට පුලුවනි. ඔවූහ ඇදවූහ.
මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාවුලට නුදුරු ඇලහැර අඹන්ගඟ ආශ්‍රිතවත් මාතලේ කළු ගඟ ආශ්‍රිතවත් පැතිර ගිය භූමි භාගයකි. ඒය හොඳට ගල් හම්බවෙන ප්‍රදේශයක්ද වේ. ඇලහැර යාමෙන් හොඳට වාසි වුන අය බොහෝය. කොතැනින් හමු උනත් ගල් බලන්නේ උඩට අල්ලා හිරු එලියට හසු කිරීමෙනි. එහෙත් උඩ බලන්නටවත් දලං කෑල්ලක් නොලැබ ආපසු ගමට ආ අයද එකල වූහ. දලං කෑලි කියන්නේ බොහෝම කුඩා මැණික් වලටය. නිතර නිතර ගල් හම්ම්බ වන අය චාන්ස් කාරයන් හෙවත් වාසනාවන්තයන්ය. ඔවුන්ට කොතන ගියත් චාන්ස්ය.
ලගපත තැනක පැතල් කෑපීම පතල් යනවා කියා හැදින් වුවද ඇලහැර වැනි දුර බැහැරක යාම ජනවහරට එකතු වූවේ ගරන්නට යනවා යනුවෙනි. අපේ මනුස්සයත් ගරන්නට ගිහින් එකල කාන්තාවෝ කීහ. මෙසේ දුර බැහැරක ගරන්නට යන පිරිස නඩයකි. නඩක් සංවිධානය කරන්නේ වියදම් කාරයෙකි. වියදම්කාරයා යැයි කියන්නේ මුලුනඩයටම මුදල් වියදම් කරන පුද්ගලයාටය. ගැරුම් උපකරනද සමග නියමිත ස්ථානයක ලගා වන නඩය මුලින්ම කරන්නේ වාඩියක් ගැහීම හෙවත් නෑවතීම පිනිස තාවකාලික මඩුවක් තනා ගැනීමටය. එය නැවතුම් වාඩිය යැයි ඔවුන්ගේ අහර පිනිස වාඩි බත් වඩි හොද්දත් ඉදීන්නේ එහිදීය. ඉයුම් පිහුම් කටයුතුද දිනකට එකා බැගින් මුලු නඩයටයම බෙදී යයි.
මෙසේ ටික කලක් ගත කරන විට වාසි හෙවත් මැනික් ලැබෙන්නේත් නැත. ඒ මදිවාට වියදම් හෙවත් හාල් පහේද ඉවර වේ. එවිට නඩයේ දෙතුන් දෙනෙක් වියදම් ගෙන යන්නට හෙවත් මුදල් ටිකක් ගෙන යන්නට ආපසු ගමට එති. මැණික් ගරන්නට දුර බැහැර ගිය අය අපසු ගමට එන්නේ බොහෝ විට වාසිඋනාමය. එනම් වටිනා මැණික් ගල් ලැබුනාමය. එබැවින් ගමට එන ගැරුම් කාරයන් දකින සමහරු කොමද වාසි වෙලා වගේ යනු වෙන් විමසති. තවම කිසිදු වාසියක් නැති බැවින් ඒ ප්‍රෂ්නයට පිලිතුරු ලැබෙන්නේ නැහැ තාම ඒ හැටි වාසියක් නෑ. මේ වියදම් ගෙනියන්න ආවා යනුවෙනි.
– පොත පත ඇසුරෙනි.

ලොව හෙල්ලූ අපේ මැණික් -4-

අලි කකුලක් තරම් මහත අඩි දෙකක් පමන උස “අඹතේස්ත” වර්ගයේ මැනික් ගෙඩියක් සිය සින්ම දැක බලා ගන්නට 2006 වසරේ ජූලි 21 දා රත්නපුරයට පැමිනි බොහෝ දෙනෙකුට හැකි විනි. ඒ මැනික් කර්මාන්ත ක්ෂේත්‍රයේ නව නිපැයුම් කරුවෙකු වූ රත්නපුරේ ව්‍යාපාරික මහතෙකුගේ මිනිපුර මැණික් ලිත දොරට වැඩුමේ උත්සවය පැවති අවස්ථාවේය. එම උත්ස්වය රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ ශ්‍රවනාගාරයෙහි පැවත් විනි. මෙහිදී එම ව්‍යාපාරිකයා හා මිතිරන් සංවිධානය කල මැණික් ප්‍රදර්ශනයට අලිකකුලක් බඳු මැණික් ගෙඩියක්ද ඉදිරිපත් කර තිබුනි.
එහි පිට පැත්ත හරියටම අලිකකුලක් මෙන් කලු පාටය. ඇතුලත නලයක් මෙන් කුහරයකි. ඒ මිනිස් අතක් රිංගවිය හැකි තරම් විශාලය. කුහරයෙහි ඇතුළු පැත්තෙහි විවිධ හැඩැති ලාදම් පාට අඹතේස්ත ගල් දහස් ගනනකි. මේ මැණික් ගෙඩිය එසවීමට නම් දෙදෙනෙකු වත් අවශ්‍යය. එය ඒ තරම්ම බරය. ජ්‍යොතිෂ්‍යය අනූව බැලුව හොත් පෙබරවාරි මාසයේ උපන් අය පැලඳිය යුත්තේ අඹතේස්ත මැණික් ය.
අලිකකුලක් බඳු මැණික් ගෙඩියද සමග ගෙවුඩ වර්ගයේ මැණික් සම්භාරයක් ඇතුලත් තවත් මැණික් ගෙඩියක්ද විය. සිමෙන්තිකොට්ට භාගයක් තරම් විශාල එය එසේවීමට දෙදෙනෙකු ඔනෑය. මේ මැණික් ගෙඩිය මේ දැනුත් පුලුස්සා විකිනිය හැකි සජීවී ගෙවුඩ මැණික් වලින්ද, කොට්ටර ගෙවුඩ (අඩක් මිය ගිය ගල්) සහ කට්ට ගෙවුඩ (මියගිය ගල්) රාශිය කින්ද සමන්විතය. සජීවී ගෙවුඩ මේ දැනුත් විකුනා රුපියල් කෝටිගනනක් ඉපයිය හැකිය.
මේක පිහිටල තිබුනේ වැල්ලවායේ මැණික් ඉල්ලමක කලු ගලක් ඇතුලෙයි. ගල් පිටතට ගන්නා විට ටිකක් කැඩී ඇති අතර ගෙවුඩ මැණික් ගෙඩිය වාහන යන එන පාරකට ගෙන එන්නට දවස් දෙක තුනක්ම ගිය බවටයි එහි හිමිකරු පවසා තිබුනේ.
ලොව වසර මිලියන ගනනක් පැරනි වතුර බුබුලක් සහිත පලිඟු වර්ගයේ මැණික් ගලක්ද එහි විය. අර්තාපල් ගෙඩියක් තරම් විශාල මැණික් ගල ඇතුලේ ඇති වතුර එහා මෙහා සෙලවනුද පෙනේ.
මෙබදු ඉතා දුර්ලභ ගනයේ මැණික් ගල් විශාල සක්‍යාවක් පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ එකතු අතර දකින්නට පුලුවන.
හිටපු බස්නායක නිලමේ කෙනෙකු පැවසූ කථාවකට අනූව වන ජනප්‍රවාදයකින් කියවුනේ මෙතෙක් ලොව සොයගත් ලොකුම පුෂ්පරාග මැණික අලුත් නුවරින් හමුවූ බවත් ය. එහිදී කියවෙන්නේ 1960 වසරේ දිනක අළුත් නුවර කතරගම දේවාලයට නුදුරුව තොටපල්ල වෙල්යාය නැමති කුඹුරක කැපූ පතලයකින් රාත්තල් හතක් හෙවත් කිලෝ ග්‍රැම් තුනකුත් ගෑම් 40ක් බරති පුෂ්පරාග මැණිකක් හමුවී ඇති බවය. රාත්තල් හතයක් යනු කැරට් 15200 කි.
– පොත පත ඇසුරෙනි.

ලොව හෙල්ලූ අපේ මැණික් -3-

ශ්‍රීලංකාවේ සාඩම්බරය මැනික හමුවීමට දෙසතියකට පමන පෙර රත්නපුරයේ එක්තරා ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 3.5ක් ගෙවා නිල් මැණිකක් මිළට ගත්තේය. පසු ඔහු එය රුපියල් කෝටි 4 කට විකුනුවේය.
පත්මරාග වූ කලී ඉතාමත් දුර්ලභ මිල අධික මැණිකකි. ඇහැලියගොඩ මතිවරන කොට්ඨාසයේ නැදුරන සහ එල්ලාවල විශාල ප්‍රමානයේ පද්මරාග ලැබෙන ප්‍රදේශලෙස ප්‍රකටව තිබේ. 1997 වසරේ නැදුරනින් හමුවූ පද්මරාග මැණිකක් රුපියල් ලක්ෂ 70 කට අලවි කෙරිනි.
මේ කාලයේදීම රත්නපුරයට නුදුරු වෙසෙන මැණික් ව්‍යාපාරිකයෙක් කැරට් 85ක් බර ගෙවුඩ මැණිකක් පිලිස්සුවේය. ගැනිම් මිල රුපියල් ලක්ෂ 50ක් වූ එය පිලිස්සීමෙන් පසුව සුන්දර නිල්මැනිකක් බවට පත්විය. මේ නිල් මැණික අයිරිෂ් ජාතින මැණික් වෙලෙන්දෙක් රුපියල් ලක්ෂ 80 කට මිලඳී ගත්තේය. එකල පැල්මැඩුල්ලෙන් හමුවූ “සිල්කි ගෙවුඩ” මැණිකක් රුපියල් ලක්ෂ 140 කටද ඊට වඩා කුඩා සිල්කි ගෙවුඩයක් රුපියල් ලක්ෂ 88 කටද අලවි කෙරිනි. කහවත්තේ නීලගම විශාල ප්‍රමානයේ ගෙවුඩ මැණික් හමුවන ප්‍රදේශයකි. 1990 දශකයේදී නීලගමින් හමුවූ විශාල ප්‍රමනයේ ගෙවුඩ මැණික් අතර රුපියල් ලක්ෂ 600 කට අලවි කෙරුනු ගෙවුඩ මැණිකක්ද, තායිලන්ත ජාතික මැණික් ව්‍යාපාරිකයෙකු රුපියල් කෝටි 91 එකකට මිලදී ගෙවුඩ මැනිකක්ද ප්‍රකටව ඇත. පුෂ්පරාග බහුලවම ලැබෙන්නේ බලංගොඩ ප්‍රදේශයෙනි.

මැණික් ගෙඩි සහ අලි කකුල්-
රත්නපුරයේ මැණික් පතල් වල ඉල්ලම් වලවල් ද ඇත. ඉල්ලම් වලක් යනු මැනික් ඉල්ලම් වලක ආකාරයෙන් පිරී ඇති ස්ථානයකි. ඉල්ලම් වලවල්වල වටිනා මැණික් හමුවන බවට ඇත්තේ ලොකු විස්වාශයකි. ඉල්ලම් වලවල් වල වැඩිපුරම හමු වන්නේ ඇත් අඩි ඉල්ලම්ය. ඇත් අඩි ඉල්ලම වූ කලී ඉල්ලම් පස් ස්ථරයේ ඇතැකුගේ පා සටහන් ආකාරයට ඇති ඉල්ලම් වලවල්ය.
ඉල්ලම් වලවල් පමනක් නොව මැණික් ගෙඩිද මිණිකැට මතුවන අඩවියේදී හමුවේ. මැණික් ගෙඩි යනු මැනික් ගල් විශාල සංක්‍යාවක් එකට ඇලී ගෙඩියක් මෙන් පිහිටා තිබීමයි. කිලෝ ග්‍රෑම් 43.3ක් බ‍රැති කොරන්ඩම් ක්‍රිස්ටල් වර්ගයට අයත් මැණික් ගෙඩියක් කහවත්ත ප්‍රදේශයේ ඉහල පෙලේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව ඇත. කහවත්ත ප්‍රදේශයේ පතලකින් හමුවූ මැණි ගෙඩියෙහි ගෙවුඩ සහ නිල් මැණික් සම්භාරයක්ම ඇති බවට ප්‍රකටය. කොහෙත්ම මිලක් නියම කරන්නට වත් බැරි මැණික් ගෙඩිය අලවි නිකරන බවද දැනගන්නට ඇත.
මෙබඳු විශාල ප්‍රමානයේ මැණික් ගල් අලවි කෙරෙන්නේද ඒවා පිට රටට යවන්නේද ඉතාමත් හොර රහසේය. එබැවින් විශාල ප්‍රමානයේ මැණික් ගල් පිලිබඳ තොරතුරු පිටතට කාන්දු නොවන තරම්ය.
– පොත පත ඇසුරෙනි.