Category Archives: History

මෙසේ සිංහල රජවංශයේ තවත් මිණිපහනක් නිවී ගියේය

රාජසිංහ රජතුමා පසුබැස්ම පෘතුගීසීන් ලැබූ විශාල ජයංග්‍රහනයකි. තාන්ගේ භට පිරිස් සිය ගනනක් මිය ගියත් ඔවූහු කනගා‍ටුවට පත් නොවී උත්සව පැවැත්වූහ. රාජසිංහ රජු කොළඹ කො‍ටුව ආක්‍රමනය කරන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පිනිස කන්ද උඩරට පාලකයා සීතාවක රාජධානිය නැවතත් ආක්‍රමනය කලේය. කොළඹ කො‍ටුව අත හැර සිය හමුදා නැවත ත් සීතවකට යැවීමට මේ නිසා රජතුමාට සිදුවිය. මේ අවස්ථාවේ කන්ද උඩරට පාලකයා තම භට පිරිස් ආපසු කැඳව අගත්තේය. මේභාරදූර අවස්ථාවේදී මෙසේ සීතාවක ආක්‍රමනය කිරීමට කඳ උඩරට පාලකයා පෙලබුනේ පෘතුගීසීන්ගේ ඉල්ලීම උඩ දැයි පැහැදිලි නැත. රාජසිංහ රජතුමාගේ භට පිරිස හා මුදලි වරුන්ද මේ වන විට මහත් වෙහෙසට පත්ව සිටියහ. තම පියාගේ කාලයේ සිට එනම් කුඩා කුමාර කල සිටම ප්ර්තුගීසීන් පරාජය කිරීමට තිබූ බලාපොරොත්තු මේ අන්දමින් ව්‍යාර්ථ වී ගියේය. ටික දිනක් මහන්සි හැර කඳ උඩරට පාලක කරලියැද්දේගේ භාටයින් සමග සටන් කොට ඔවුන් මහා පරාජයකට පත්කර දමා කරලියැද්දේ බණ්ඩාරයන්ද බලයෙන් පලවා හැර නැවත ත් සීතාවක ආපසු එන ගමනේදී රජතුමාගේ පාපතුලෙහි උණ පතුරක් ඇනුන බව කියවේ. මෙම උණ ක‍ටුව රජතුමා මැරීම සදහාම කරන ලද උපංක්‍රමයක ප්‍රථිපලයක්ද යන්න පිලිබඳ ඉස්තිර නිගමනයක් නැත. එහෙත් එයට ප්‍රථිකාර කිරීම රජු විසින් ප්‍රතික්ෂේප කරන ලදී රජතුමා සීතාවකට ගෙන ඒම සදහා විශේෂ අඟුලක් රාජපුරුෂයින් විසින් යොද අගැනින. කැළණි ගඟ දිගේම මේ රාජකීය යානය ගඟ පහලට පැමිනියහ. රජතුමා දුර්මුඛව බර සිතුවිල්ලකට පත්ව සිටියේය. කිසිවෙකු සමග කථා නොකලේය. කැළණි නඳිය දිගේ පැමිනි අඟුල සීතාවක ගඟට පිවිසියේය. එහෙත් සීතාවක තම මාලිගයට පැමිනීමට ප්‍රථම එතුමා අභාවප්‍රාප්ත විය. අධික ලේ ගැලීම නිසා මෙය සිදුවූ බව කියැවේ. එතුමා අන්තිම හුස්ම හෙලීමට ප්‍රථම අන්තිම වචන තම ආරක්ෂකයින් වෙත පැවසූ බව කියැවේ. “මගේ පින් ගෙවී ගොස් අවසානය” යනුවෙනි.මෙසේ සිංහල රජවංශයේ තවත් මිණිපහනක් නිවී ගියේය. එහෙත් එතුමාගේ නම සිංහල පවතින තාක් අමරණිය වේ.එතුමා දේවත්වයෙන් අදත් ගැමියන් විසින් ගනේගොඩ දෙවියන් වශයෙන් සිහිපත් කරනු ලැබේ.
-පොත පත ඇසුරිනි

ඔහුට අවශ්‍ය වුයේ හැකිතාක් වස්තුව එකතු කොට ආපසු පසු බැසීමටය..

සීතාවක ගග අසබඩ ගොඩ නගා තිබූ සීතාවක රාජධානිය කාලයේ හැටියට විශාල රාජධනියක් විය. සීතාවක ගඟත්, ගැටහැත්තේ ඇලත් අතර රාජමලිගය පිහිටා තිබුනි. මෙම මාලිගයට ගොඩ වීම සදහා විශාල පඩිපෙලක් පිහිටා තිබුනි. මලිගයේ හතර පැත්තෙන්ම දොර‍ටු පිහිටා තිබුනි. සතුරු ආක්‍රමන වැලක්වීම පිනිස පවුරක්ද ඇත. සීතාවක ගග තරනය කර මාලිගයට එලවරම පිවිසීමට අපහසු නිසා ගඟ පිහිටීම ස්වභාවික ආරක්ෂාවක් විය. මාලිගය අසලින්ම “බැ‍රැන්ඩි” කෝවිල පිහිටා තිබුනි. මෙම භෛරව කෝවිල ඉතාමත් අලංකාර සිත්ගත් සිද්ධස්ථානයකි. අලංකාර කැටයම් වලින් හෙබි කුළුනු කනු මෙන්ම දොරජනෙල් මෙහි පිහිටියේය. නොයෙක් ලෝහ වර්ගී වලින් සැදුම්ලත් දේව පිලිම සිය ගනනකි. භෛරව දෙවියා නිධාන ආරක්ෂා කරන දෙවියෙකි. මේ නිසාම දෙවොලතුල මහත් ධනස්කඳයක් ඇතැයි නොරෙඤ්ඤෝගේ විස්වාසයයි. සීතාවක මාලිගය සහ දෙවොල මිඳ දමමින් සැගවුනු ඉසුරු සෙවීමට ප්‍රථිරාජවරයා වහාම යුහුසුළු විය.
ඔහුට අවශ්‍ය වුයේ හැකිතාක් වස්තුව එකතු කොට ආපසු නොපමාව කෝට්ටේ වෙත පසු බැසීමටය. මේ මංකොල්ලයෙන් පසු කෝට්ටේ වෙත පැමිනි මේ සාහසිකයා තමාගේ තත්වයද අමතක කරමින් සාමාන්‍ය වැසියන් පැලැඳ සිටි හවඩි, කූරු, කරාබු, මාල, සුර , දරුවන් කරේ ශමා සිටි පංචායුධ මාල පවා උදුරා ගැනීමට පෘතුගීසී හමුදා භටයිනට අවසර දුනි. මේ සාහසික ක්‍රියාව වීදීය බංඩාර විසින් තරයේ හෙලා දකින් ලදී. මෙ අසමග පෘතුගීසීන් සහ ඔවුන්ට ගැතිකම් කල සිංහල නිලධාරීන් ගෙන් තමාට පහර එල්ල්වේයැයි සිතූ වීදීය බංඩාර තම සගයන් සමග රජවාසල හැරදමා පලා ගියහ. මින් පසු පෘතුගීසීන්ගේ ගැත්තෙකු වන සෙම්බප් පෙරුමාල්, දර්මපාල කුමාරයාගේ ආරක්ෂකයා වශයෙන් පත්කරන ලදී. පසුව සෙම්බප් පෙරුමාල්ගෙන් විශාල වන්දියක් ඉල්ලා ඔහු ප්‍රාන ඇපකරුවෙකු වශයෙන් ප්‍රථිරාජයා විසින් තබා ගන්නා ලදී. මෙයින් කොටසක් දුන් පෙරුමාල් අන්තිමේදී තම කරේ තිබූ රන් මාලය ප්‍රථිරාජවරයාට දී බෙරුනේය.තවත් එකතුකර ගැනීමට දෙයක් නැති නිසා මේ දූෂිත ප්‍රථිරාජ තෙම ඉන්දියාව බලා මින් පසු පිටත් විය. ඔහුගේ පිටත් වීමෙන් පසු වීදීය බංඩාර කෝට්ටේ වෙත ආපසු පැමින තම බලය ස්ථාවර තත්වයට නැවත පත්කර ගත්තේය. මාලිගයේ නවතා සිටි පෘතුගීසීන් මරාදමා කෝට්ටේ රාජධානිය තුල සිටි මිෂනරිවරුන්ද පන්නා දමන ලදී. ක්‍රිස්තියානිය පැතිරවීමද ඔහු විසින් තහනම් කරන ලදී. මෙතෙක් පෘතුගීසීන් සහ රාජමාලිගාව අතර තිබූ හොඳ හිත මේ නිසා නැති විය. නොරොඤ්ඤාගේ පහත්ක්‍රියා කලාපය පසුව පෘතුගාලයේ රජුගේ විවේචනයට පවා ලක්වූ බව සඳහන් වේ.
– පොත පත ඇසුරෙනි

නොරොඤ්ක්ඤා වයිස් රෝයි වරයා….

ධර්මපාල කුමාරයා බුවනෙකබාහුගෙන් පසු කෝට්ටේ රජ කමට පත්විය. වීදියේ බංඩාර ඔහුගේ කුසා කාලය ඉක්ම යන තුරු රාජ්‍ය ආරක්ෂකයා වශයෙන් පත්විනි. මේ සිදුවීමෙන් පසු නොරොඤ්ක්ඤා වයිස් රෝයි වරයා පෘතිගීසී සේනාංකයක්ද සමග නැවත ත් කොළඹට පැමිනියේය. මේ තරම් විශාල නැව් සමූහයක් කොලොම්තොටට පැමිනීම කාගේත් විමසිල්ලට හේතු විය. කොළඹට පැමිනි ඔහු වහාම කෝට්ටේ රජවාසල වෙත ගියේය. මාලිගයේ සිටි සෑම රාජ පුරුෂයෙක්ම ඔහු විසින් අත්වඩංගුවට ගන්නා ලදී. ඔහුට අවශ්‍යවූවේ බුවනෙකබාහුගේ වස්තුව සඟවා තිබූ ස්ථානය දැනගැනීමටය. මේ සදහා සිරභාරයට ගත් අයට සියලු වද හිංසා පමුනුවන ලදී. මේ සැහීමකට පත් නොවූ මේ සාහසිකයා විසින් රජමාලිගයෙහි තිබුනු සියලුම භාණ්ඩ එලියට ඇද දමන ලදී. තමාට වටීනා යැයි සිතූ සියල්ල ඔහු ගත්තේය. රජතුමාගේ පිත්තල පඩික්කමද නොරොඤ්ඤාගේ කොල්ල කන ලද වස්තුවට එකතු විය. මින් පසු මායාදුන්නේටද පාඩම් ඉගැන්වීම සදහා බට පිරිසක් සමග ඔහු සීතාවක දෙසට ගමන් ගත්හ. මෙය දු‍ටු මායාදුන්නේ කදුරට ප්‍රදේශයට පසු බැස්සේය. මෙසේ පසුබැස ගත් මායාදුන්නේ පෘතුගීසී වයිස්-රෝයි වරයා වෙතට ලිපියක්ද මාලිගයේ තබා ගියේය. එහි මෙසේ සදහන් විය.
” විශාල පෘතුගීසී සේනාවක් හා සිංහලයින්ට එකට ජීවත්වීමට සීතාවක රාජධානිය ඉඩ මද බැවින් අපි කඳ උඩරටට යන්නෙමු. ඔබට වස්තුව අවශ්‍ය නම් එය ප්‍රධානය කිරීමට මා සොයා කන්ද උඩරටට එන්න. ඔබට සැහෙන වස්තුවක් මම පිලියෙල කර තබමි.”
– පොත පත ඇසුරෙනි

පරංගියා ගාලු ගියා…

1505 වන විට ලංකාවේ පාලනය කොටස් තුනකට බෙදී තිබුනි. අටවැනි වීරපරාක්‍රමභාහු කෝට්ටේද, වික්‍රමබාහු උඩරටද පරරාජසේකරන් යාපනයද පාලනය කරමින් සිටියහ. මේ අතර චීනයෙන් වටිනා බඩු තොගයක් ‍රැගත් මුස්ලිම් නැව් කන්ඩායමක් ගමන් කරන බවත් පෘතුගීසීන් දැක පුරුදු මග නොගොස් මාලදිවයින අසලින් ගමන් ගත් බවත් සැලවීමෙන් ලොරෙන්සෝද අල්මේදා නැව් හමුදාවක් ‍රැගෙන කොච්චිනයෙන් පිටත් වී මුස්ලිම් නැව් අල්ලා ගැනීම පිනිස මාලදිවයිනට නුදුරින් සැරි සැරීය. හදිස්සියේ ඇති වූ කුනා‍ටුවක් නිසා ඔහුගේ නැව් අලුත් දිවයිනකට ගසාගෙන ගියේය. ඒ දිවයින නම් ලංකාවයි. ශ්‍රීලංකාව සෞභ්‍යයෙන් හා සෞදර්යයෙන් යුත් රටක් බවත් අසා ඇති පෘතුගීසීන්ට පලමු වරට මේ රට දැක ගන්නට ලැබුනේ ඒ අවස්ථාවේ ඔවුන් එදා පැමිනියේ ගාලුවරායටය. දිවයිනේ අගනුවර ඒ කිට්‍ටුව ඇති මටහිර වෙරලේ කොලොම්තොට අසල පිහිටි බව ලොරෙන්සෝට දැනගන්නට ලැබුනි. මේ ලොරෙන්සෝ නැමැත්තා ඉන්දියාවේ ප්‍රථම පෘතිගීසී තානාපතියාගේ පුතාය. ලංකාවේ වෙළඳාමේ කොටස් කරුවෙකු වීමට තම පියා කැමැත්තෙන් සිටි බව දන්නා ලොරෙන්සෝ සිංහල රජු හමුවී කථාකිරීමට කොළඹට වාර්ථා කලේය.
– පොත පත ඇසුරෙනි

සීතාවක හා බැඳුනු වැදගත් ස්ථාන 2

11. දිවුරුම්පිටිය
වැරදිකරුවන් දිවුරූ ස්ථානය සේ සැලකේ.

12. තැලුම්පිටිය
වැරදිකරුවන්ට දඩුවම් දුන් ස්ථානය සේ සැලකේ.

13. ගැටහැත්ත
සබරගමුව සීතාවක මාර්ගයේ විත් සීතාවකට ඇතුල්වන මුලපොලයි. එහි හමුදාවක් විය. එක්තරා ජනකථාවක් අනූව යකැදුරෙකු යක්ෂනියක් බන්ධනය කර ඇත්තේද මෙහිදීය. මන්ත්‍ර උසුරු වමින් ගැට හැත්තෑවක් සම්පූර්න වූ තැනයි.

14. අටළුගම
ධාන්‍ය අ‍ටු තිබුනු ගබඩා ගමක් විය හැකියි. මෙහිදීද බෝරුප්පාවක් යට පිරිත් කියමින් සිටි භින්ෂූ පිරිසකට රාජසිංහ රජු දඩුවම් කල බව ගනේගොඩ පුවතේ සදහන්ය.

15. මාගම්මන
ගජබා අවධියේ සිටි නීලයෝධයාගේ ගමයි. මහා ගම්මානයකි.

16. පෙතන්ගොඩ
ගුරුගොඩ ඔය අසල පිහිටි මේ ගමේ උයනක් විය්. එහිදී රාජසිංහ රජුට උන ක‍ටුවක් ඇනී ඔත්පලවිය. කටූනපඳුරු දෙකක් අදත් එහි ඇත.

17. දුම්බුකඩුව
සීතාවක ගඟ කැළණි නඳියට එක්වන තැනයි. බිම්කඩ තුනක් වෙන්වන තුන්+භූ+ගඩ දුම්බුකඩුව වන්නට ඇත.

18. කුරුපැත්ත
පුරානයේදී ඇතුන් සිටි කැලෑවක් (බැද්දක්) විය හැකියි. කූරුබැද්ද කුරුපැත්ත වන්නට ඇත.

19. හකුරුගල
මෙහි පැරණි විහාරයක් ඇතත් ඒ ගැන දන්නා තොරතුරු ඉතාම අඩුය. රජු පැරදුනු කල බිසෝවරු මේ ගල පල්ලට පැන්න බව ජනකථාවේ එයි.

20. කන්නත්තොට
මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ගමකි. ගුරුගොඩ ඔය හරහා භින්ෂූන් ඒ මේ අත ගිය තො‍ටුපලකි. ගණ තොට මුස්ලිම්වරුන්ට උච්චාරනය වන්නේ කන්නත්තොට වශයෙනි.
– පොත පත ඇසුරෙනි

සීතාවක හා බැඳුනු වැදගත් ස්ථාන 1

1. සීතාවක
සීතා නඳිය කැළණි ගඟට වැටෙන්නට පෙර තැනි බිමක් ඔස්සේ වක්‍රාකර මගක ගලා බසී., එම පෙදෙස සීතාවකයි. දකුනු ඉන්දියාවේ කේරල පෙදෙසේ සීතා කෙෂ්ත්‍රම සමග සීතාවක සසඳා බැලීම කල හැකිය. 16 වැනි සියවසට පෙර සීතාවක නාමය සඳහන්ව ඇති බවක් නොපෙනේ.

2. මායාදුනු පුර
ප්‍රදේශයේ පැරනි නාමයයි. මහයා කෙනෙකු උපන් ගම විය හැකිය. මානියම්ගම තිඹිරිපොල වැනි ගම් හා සම්බන්ඳයි. 4 වැනි පැරකුම් රජු කල මයාදුනු පුරයෙහි උපුල්වන් දෙවොලක් ගොනැගුනු බව සදහන් වේ.

3. මානියම්ගම
මහයා වැනි ප්‍රභූවරයෙකුට දුන් නින්දගමකි. මායදුන්න රාජසිංහ දෙරජුන් විසූ මාලිගය පිහිටියේ මේ ගමේය. මහ පැරකුම් අවධියේ සිට ප්‍රසිද්ධ ග්‍රාමයකි. මානියම්ගම රජමහ විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර දිවයිනේ ප්‍රසිද්ධය.

4. තල්දූව
මහනුවර විෂ්නු දේවාලය සතු ගමකි. තෙල්දූව, තල්දුව වූ බව පිලිගැනේ. දේවාලයට පොල්තෙල් හා කොප්පරා සැපයූ ගමක් සේ ප්‍රසිද්ධය. භෛරව කෝවිල පිහිටියේද මේ ගමේය.

5. අවිස්සාවේල්ල
මේ නම පිලිබඳ මතබේද ඇත. යුරෝපීය, පාලන කාලයේදී මේ නම භාවිතයටැන්නට ඇත. වසුවිල, අවසුවිල වී අවසුවෙල වී පසුව අවිස්සාවෙල්ල වූ බව සිතිය හැකිය.

6. මාපිටිගම
වැද්ඳාවල මාපිටිගම බෝරුප්පාවක් යටදී රාජසිංහ රජු (ගනේගොඩ දෙවි) බන්දනය කිරීම පිනිස පිරිත් දෙසමින් සිටි භික්ෂු පිරිසක් රජුගේ දඩුවම් වලට ලක් වූ බව ගනේගොඩ පුවතේ සදහන් වේ.

7. මැදගොඩ
රාජසිංහ රජු ගොඩ නැගූ සිද්ධ පත්තිනි දේවාලයයි. මෙහිදී ගනේගොඩ දෙවියන්ද පුදනු ලැබේ.

8. කබුළුමුල්ල
රාජසිංහ රජු ගොඩනැගූ සිද්ධපත්තිනි දෙවාලයයි. මෙහිදීද ගනේගොඩ දෙවියන් පුදනු ලැබේ.

9. දැරනියගල
දෙරණ+ඉහ+ගල දරුනියගල වන්නට ඇත. කෝට්ටේ රජු පරංගීන් සමග විත් සීතාවකට පහර දුන් අවස්ථාවලදී මායාඩුනු රජු දැරනියගලට ගොස් සැගවී සිටිබව අසන්නට ලැබේ. දැරනියගල මහසමන් දේවාලයද එම පෙරහරද දිවයිනේ ප්‍රසිද්ධය.

10 තිඹිරිපොල
ප්‍රභූවරුන්ගේ තිඹිරි ගෙයක් මෙහි වීලු. තිරඹිරිපල බන්ඩාර නමින් සහෝදරයෙක් ටිකිරි බංඩාර රාජසිංහට සිටියේයැයි ප්‍රසුඉද්ධය. ගඟ ඉවුරේ පිහිටි රම්පත ගල මත පාසටහනක් වේ. ගඟින් එගොඩ රජලෙන පිහිටා ඇත.

– පොත පත ඇසුරෙනි

රාම සීතා කථාව

කෝශලයේ අග නුවර වූ අයෝඳ්‍යාවේ දස රථ නමින් රජෙක් විය. ඔහුගේ බිසෝවරු තිදෙනෙකුට දරු සිව් දෙනෙක් වූහ. වැඩිමලා රාම නම් වී, මිථිලා වේ. ජනක රජුගේ දියනිය සීතා රාමාගේ බිරිය වූවාය. දසරථගෙන් පසු රජකම හිමිවිය යුතුව තිබුනේ රාමයන්ටය. එහෙත් කෛකේසි බිසව ගේ ඉල්ලීම පිට ඇය පුත් භාරතට රජකම දීමට දසරථ රජුට සිදුවිය. එබැවින් රාමට වසර දාහතරකින් පසුව ආපසු පැමින රජකම ලබ ගැනීමේ තීරනය මත රාම සීතා හා ලක්ෂමණ සමග වන ගත විය. දසරථ රජු මිය ගිය පසු භාරථ රාම සොයා ගොස් රජකම භාරගන්නා ලෙස කල ඉල්ලීම රාම ප්‍රතික්ෂේප කලේය. පියා නියම කලවසර 14 ගෙවීමට පෙර රජකම භාර ගැනීම තම පියාට අකීකරු වීමක් සේ රාම සැලකීය. රාම වෙනු වට ඔහුගේ මිරිවැඩි සඟල සිහසුනේ තබා රජය කරගෙන යාමට භාරත තීර්නය කලේය.
රාවනා සොයුරිය වූ සුපර්ණිකා රාමගේ සිත් දිනා ගැනීමට උත්සාහ කලාය. ලක්ෂ්මනගේ කඩු පහරින් සුපර්ණිකා විරූප වූවාය. මේ හේතුවෙන් පලිගැනීමක් වශයෙන් සීතාව තමන් සතු කර ගැනීමට රාම සිදුවේය. රන්වන් මුවැකු දු‍ටු සීතාගේ අවධනය ඒ කෙරෙහි ඇදී ගියේය. මුවා අල්ලා දෙන ලෙස සීතාව රාමයන් අයදීය. සීතා ලක්ෂ්මනගේ ආරක්ශාවට භාරකොට රාම මුවා පසු පස ගියේය. රාම උදවු ඉල්ලා හඩන ගඩක් ඇසිනි. සීතා ඉල්ලීම අනූව ලක්ෂ්මන සීතා වටා ආරක්ෂක කවයක් ඇඳ එයින් පිටතට නෝන ලෙස දන්වා රාම සොයා ගියේය. එවිටම රාවනා පෙනී සිට සීතාව පැහැර ගෙන ලංකාවට පැමිනියේය. රාමලෂ්මන සමග සීතාව සොයා දකුනු දෙසට පැමිනියේය. ශ්‍රීම නැමති වානර රජු රාමගේ උදව්වට සෙන්පති හනුමාන් එවීය. හනුමාන් ඉන්දීය සයුර හරහා බඳින ලද මාර්ගයක් ඔස්සේ ලංකාව පැමින රාවනා උද්‍යානයේ අසෝක ගසක් යට සොවින් සිටි සීතාවන්ට තම කැ‍ටුව යාමට රාම එන බව දන්වා ආපසු ගියේය.
රාමලක්ෂ්මන හා හනුමන් ගේ වානට්‍ර හමුදාව සමග ලක්දිවට පැමින රාවන යන්හා යුධ වැදුනි. රාවනගේ බාල සොයුරු විභීෂන සීතාව ආපසු දෙන ලෙස් ඉල්ලීය. රාවනා එම අදසට විරුද්ධව විභීෂන එලවා දැමීය. එබැවින් විභීෂන රාමට උදවු දුන්නේය.
රාවන පුත් ඉන්ද්‍රජිත් ද සටනට පැමිනියේය. ලක්ෂ්මනගේ හී පහරින් ඉන්ද්‍රජිත් මිය ගියේය. රවනා ලක්ෂ්මනට විද්දේය. හනුමා හිමාලයේ ඖෂධ පැල ගෙනැවිත් ලක්ෂ්මනට ජීවය දුන්නේය අවසානයේදී රාම රාවනා සීතාව ආපසු ලබා ගත්තේය. විභීෂනට ලක් රජය පවරා සියල්ලෝම ආපසු ගියහ. සීතාවගේ පතිවත පිලිබඳව රාමාට සැලයක් ඇති විය. සීතාව දල්වන ලද ගින්නක් මත වැතිර ඇගේ පිරිසිදු බව ඔප්පුකලය. අග්නි දෙවියා සීතාවගේ පිරිසිදු භාවය පවසා සීතාව ගිනි ගොඩින් ගෙන රාමාට දුනි. භාරත විසින් පිලිගැනු ලැබූ රාම කෝශලයේ රජ විය.
දකුනු ඉන්දියාවේ කෙරල ප්‍රදේශයේ “සීතාකෙෂ්ත්‍රම්” නමින් දේවාලයක් ඇති බවත් ඊට නුදුරු සබරි මල නම් තැනක “ශ්‍රී රාම පදම්” නමින් හැඳින් වෙන පාසටහන් දෙකක් ඇති බවත් විද්වතෙක් මත පලකර ඇත.
රාවනා නැමති නියගෙන් සීතා නැමති කෙෂ්ත්‍රය “කෙත්බිම” විනාශ වන්නට තිබුනි.එහෙත් රාම නැමති මේඝය හනුමන් නැමති වලවන් සමග පැමින ශෂ්‍ය කෙෂ්ත්‍රය නිදහස් කර ගති.
– පොත පත ඇසුරෙනි

ටිකිරි කුමරු

ටිකිරි කුමරු කුඩා කල සිටම යුධ ශිල්පයෙහි දක්ශයෙක් විය. රණශූර අස්වාරෝහකයෙක් විය සියලුම යුද්ධවලින් ජයංග්‍රහනයම ලබා ගත්තේය. ඒ නිසා මායාදුන්නේ පිය රජු කුමරුම බොහෝ සෙයින් ඇළුම් කලේය. තමා ජීවත්ව සිටියදීම රාජ්‍යය විචාරීමත්, සියළුම බලතලත් යුධකටයුතු කුමරුට පවරා තිබුනි. අපක්ෂපාත ඉතිහාස පුවතක් සේ ගතගැකි එකම ග්‍රන්තය වූ රාජාවලියේ ඔය චෝදනා කිසිවක් සදහන් නොවේ. උඩරට දී කරල්ලියැද්දේ හා කල යුද්ධයෙන් ජයගෙන පැමිනි ටිකිරි කුමරු කෙරෙහි පැහැදුනු පිය රජු ටිකිරි කුමරුට බල සෙනග හා යුධ කටයුතුද පවරා දුන් අන්දම රාජවලියේ මෙසේ විස්තර කරයි.
” මායාදුන්නේ රජ්ජුරුවෝ තමාගේ ශ්‍රී රාජසිංහ කුමාරයන්ට තමාගේ ආඥාපනතට පවතින හැටියට පවතින්න මහා සේනාවටත් රට වත් අවසර දුන්නාහ. එසේ අවසර ලැබෙ ගෙන කුමාරයා පියමහ රජානන් සිත් ලෙසට විසුවාහ. ”
ටිකිරි කුමරුගේ සොහෝයුරු තිඹිරිපොල කුමරුට රජකම පැවරීමයි භික්ෂූන්වහන්සේලාගේ අපේක්ෂාව වූවේ. එහෙත් මයාදුන්නේ ගෙන් ඊට ඉඩ නොලද විට කුමන්ත්‍රන ඇති විය. තැනින් තැන පිරිත් පල වලදී භික්ෂූන් ‍රැස්ව කතිකා කරන්නට ඇත. කුමරු අල්ලා මරවන්නට පවා අවස්ථා සොයන්නට ඇත. යකුන් අල්ලා බන්දනය කරන්නට සැරසුනේත් එය රජුට සැලවී එතැනට පැමින භික්ෂූන් ඝාතනය කිරීමට යොමු වුනේත් මේ හේතුව නිසා නොවිය හැකිද? ගනේගොඩ දෙවි දු‍ටු විට භික්ෂූන් බියවී අවසිහියෙන් පැමින වලට පැන්න බවට ජනවහර එක් වී ඇත.
ගනේගොඩ යාදින්නේ එන විස්තර විමසිය යුත්තකි. රජු මරන්නට කල වැයමක් ව්‍යාර්තවීමෙන් පසු තව දුරටත් ජීවත් වන විට දේවත් වයෙන් සැලකුවා වන්නට බැරිද?
– පොත පත ඇසුරෙනි

පැවති සාර ධර්ම ක්‍රමයෙන් අභාවයට යමින් නිසරු සංකර…….

තල්දූව, කඹුරපොල වැනි දේවාල ගම් වලින් දේවාලයේ සියළුම කාර්යයන් ඉ‍ටුකිරීම ඉඩම් බුත්ති වින්ද අය දේවාලය වෙනුවෙන් නියමිත කාර්යයක නිරත වූහ. මුත්තෙට්‍ටුව රාජකාරී කටයුතු සදහා විධානේට නියමිත කුඹුරයි. ලේකමලෑ වත්ත, රදාතොටේ ඉඩම, ආචාරිගේ වත්ත, නැකැතියෑ කුඹුර, බඩ හැලැයෑ කුඹුර ආදිය ඒ ඒ කාර්යන් සදහා පැවරී තිබුනි.අද මේ රාජකාරී වෙනු වෙන් දේවාලය බදු මුදල් අයකරගනු ලැබේ. කඹුරාපොල කර්මාන්ත කරුවන්ගේ ගමක් වන්නට ඇත. කෝරලේ ඉඩම් නමින් වූ සමහර ඉඩම් දේවාලයට නොව කෝරලයට අයිති වූ ඒවාය.
සාම්ප්‍රධායිකව කීරුන වී වගාව විශේෂ චාරිත්‍ර වාරිත්‍ර විධිවලටම යටත්ව සිදු විය. සී සෑමට අවශ්‍ය ගව සම්පත ගමෙන් සොයා ගතහැකි විය. සියළුම වැඩ අත්තම් ක්‍රමයට කෙරුනි. අස්වනු සරු කිරීමට අද මෙන් රසායන විධි භාවිතා නොවීය. ඒ සදහා විශේෂ කෙම් විධි අනුගමනය කෙරිනි. අස්වනු සරු වූවේ දෙවියන් යකුන් සරුවූ තරමටයි. අධික තෘෂ්නාව ඒ නිසා අඩු විය. ගොයම් කැපීම කුඹුර නෙලීම සී සෑම , මැඬවීම ආදී සියළු කටයුතු වලදී මෙහි ගී ගැයීම විඩාව අමතක කිරීමට හේතු විය. කයිබත කුඹුරට නැතිවම බැරි අංගයක් විය. ගෙවිලිය කුඹුරට ගෙන ආ ඇඹුල වේල හැම දෙනාම සතුටින් අනුභව කලහ. අස්වනු කෙරෙහි තෘෂ්නාව අඩු වූ නිසාම ඔවූහු ලද පමනින් සතු‍ටු වූහ. අස්වනු අඩු වීම හෝ වැඩි වීම දෙවියන්ගේ කැමැත්ත අනුවම සිදුවන බව විශ්වාස කලහ. එබැවින් දෙවියන් යකුන් සතු‍ටු කිරීමට අවශ්‍ය අපිලිවෙත් පිරූහ. පරිභෝජනයට වඩා වැඩි පුරම නිෂ්පාදනය වූ ගම්මිරිස්, පුවක් , කුරුඳු වැනි දෑ මුස්ලිම් වෙලෙන්ඳන්ට විකුනා ඒ වෙනු වට ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගත් බව පෙනේ. සිංහලයන් හා මුස්ලිම්වරුන් සංස්කෘතීන් දෙකකට අයත් වුවත් ආරවුල් පැන නොනැගුනි. දෙගොල්ල අතර වැඩී ගිය සමගි දම ප්‍රකශවන නොයෙකුත් ගැමි කතන්දර ගෙතුනි.
ගමනා ගමන වාර්ග දියුනු තත්වයක තිබුනු බවක් නොපෙනේ. එහෙත් සීතාවක සිට ගැට හැත්ත දක්වා පලල් මාවතක් තිබුනු බව පෙනේ. එම මවත සබරගමුව දක්වාව විහිදී තිබුනි. උඩරටට ප්‍රධාන මාවත වැටී තිබුනේ තල්දූව, ඇපලපිටිය, යාලේගම, දයිගල හරහා රුවන්වැල්ල වැටෙන සේය. අ‍ටුළුගම හරහාද සමාන්‍ය මාර්ගයක් තිබී ඇත. හංවැල්ල හරහා කොළඹට ප්‍රධාන මාවතක් තිබෙන්නට හැකිය. සීතාවක නදියත් කැළණි නදියත් දිගේ ඔරු, පාරු අඟුල් වලින් ගමන් යාම සිරිතක්ව තිබුනි. රාජසිංහ රජතුමා නිතර පෙතංගොඩ උයනට ගමන් ගත්තේ ගඟ දිගේ දේව අඟුලෙනි. අවසන් ගියේද අඟුලෙන්ය.
මැණික් සෙවීම බොහෝ කාලයක සිට රත්නපුර දිසවට අයත් ප්‍රදේෂයේ ප්‍රචලිතව පැවතුන අතර ඇත් දත් සැපයීමද ප්‍රදේශයේ ජනංප්‍රිය විය.
යුරෝපියන් අනූව සිතන්නට හා ජීවත්වන්න පුරුදු වෙමින් ඔවුන්ගේ නම් ගම් පවා භාවිතාකරමින් ආගමද වෙනස් කර සංකර සමාජයත් ගොඩ නැගෙන්නට ආරම්භ වුනේ ධර්මපාල . රජු දොන් ජුවන් නමින් බෞතීස්ම ලබා එම ආගම වැලඳ ගෙන පෘතුගීසීන්ගේ ගැත්තෙකු බව පත්වීමෙන් අනතුරුය. පැරනි කෘෂිකාර්මික ගැමි සමාජයේ පැවති සාර ධර්ම ක්‍රමයෙන් අභාවයට යමින් නිසරු සංකර රටාවක අනූව දිවි ගෙවන්නට පුරුදුවී සිටිමු.
– පොත පත ඇසුරෙනි

සීතාවක යුගයේ කෘෂිකාර්මික ගැමි ආර්ථිකය

පැරණි සීතාවක ප්‍රදේශයේ ආර්ථිකය ගොඩ නැගී තිබුනේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය පදනම් කරගෙනය. වසර පුරාම වර්Sගා පතනයක් ලැබෙන බැවින් වැසි ජලයෙන් වී ගොවිතැන් කිරීම ප්‍රධාන තැනක් ගනී. එදා පැවති වැඩ වසම් ක්‍රමයට ගැමියෝ පුරුදුව සිටියහ. මානියම්ගම මහයාට දුන් නියම් ගමයි. මානියම්ගම මහා ගම්මානයකි. අටළුගම, කනංගම, දෙබෑගම , යෝගම, යාලේගම, කොස්ගම, රංගේගම වැනි ග්‍රාමනාමයන් කුඩා ජනපද හැදින් විනි. ක්‍රි.පූ. අවධියේ සිටිඅ ගම්නායකයා “ගමික” නම් විය. රජලෙන ලිපිය දිවුරුම්පිටිය, දෙහිගහපිටිය, තලාවිටිය, දෙහිඔවිට, පුවක්පිටිය, ඇපලපිටිය, වැලිවිටිය, තැලුම්පිටිය වැනි තැනි බිම් ‍රැසක්ද සීතාවක වටා වේ.
එදා නිවර්තන කලාපීය වනාතර වලින් වැසී පැවතුනු කඳු මුදුන් අධිරාජ්‍යවාධීන් පුරුදු කල ආර්ථික වගාවක් වූ රබර් නිසා අස්වාභාවික ස්වරූපයක් ගති. මේ නිසාම සොදාපාලුවට යටත්වූ සියලුම කඳු මත කලුගල් මතුවී ඇත. දියකඳුරු දෙපස තැනි බිම් වල ගංවතුරින් ගෙන ආ දියලු පස් තන්පත් වූ සරු බිම් වී වගාවට යොදා ගෙන ඇත. කුඹුරු වලට ඉහල බිමේ මිනිසුන් පදිංචි වී සිටි ගම්ගොඩවල එදි නෙදා ජීවිතයට්ට අවශ්‍ය වූ ඖෂධ පවා ගමෙන් ලබ ගන්නට හැකි විය. ඔවුන්ගේ ස්වයංපෝෂනයට වනයද බොහෝ දුරට ඉවහල් විය. ඇතැම් විට ගැමියෝ හෙල් බෑවුම් එලිපෙහෙලි කර හේන් කොටා ඇල් වී කුරක්කක්න් වැනි දෑ වැවූහ. පන්විලේ හේන වී දාච්ච හේන ඔලිඇද්දපු හේන වැනි හේන් නාමයන් හැදින් වෙන ඉඩම් හෙල් බෑවුම් වල ඇත. එදි නෙදා ජීවිත යාපනයට අදාල සියලුම දේ ගමෙන්ම නිපදවා ගෙන ඇත. රෙදි පිලි, ලුනු වැනි දේ පිටින් ලබා ගන්නට ඇත.
– පොත පත ඇසුරෙනි