Category Archives: Nature

සීතාවක අවට වන ඓතිහාසික වටිනා කමින් යුත් සෞන්දර්යාත්මක ස්ථාන…

1. හංවැල්ල ඓතිහාසික දිය අගල – හංවැල්ල
2. ලෙනවර රජ මහා විහාරය – සාලාව
3. ලෙව්කේ මැතිඳු පිලිරුව – වනහාගොඩ
4. රන්මුදු ඇල්ල -තුම්මෝදර
5. හඬා වැටෙන ඇල්ල – තුම්මොදර
6 එළුවාගල කන්ද – පල්ලේවාසල
7. කොඩිකන්ද
8. විජේසුන්දර වලව්ව – කොස්ගල
9. බොරළුගොඩ වලව්ව බොරළුගොඩ
10 පොන්නම්බලම් වලව්ව -සිරිනිවාස වත්ත
11. ලන්සියාගල කන්ද – දිග්දෙනිය
12. අයර්වත්තේ ගල්ලෙන් බංගලව
13. උඩගම් කන්ද
14. උඩගම ජලාශය
15 මඩකඩ ඇඳවල දොල
16 ලබුගම් කන්ද
17. බිසව් නාපු දොල
18 කිරිමැට්ට කන්ද

ලෙනවර රජ මහා විහාරය අකරවිට

අවිස්සාවෙල්ල කොලඹ මර්ගයේ කොස්ගම-ශලාව යුධ හමුදා කඳවුර අසලින් වන අකරවිට අර්ගයේ කොලෝ මීටර දෙකක් පමන ගිය විට හමුවන සුන්දර කඳුගැටයක් මත මෙම විහාරය පිහිටා ඇත. විශාල ධර්ම ශාලාවක් අසලින් වැටී ඇති පියගැට සියයක පෙලක් ඔස්සේ ඉහලට ගිය විට විහාර මළුවට පීඉසෙන්නට හැකිය. එසේ විහාර මළුවට පිවිසීමේදී මෑතක දී ඉදිකරන ලද වාහල්කඩින්ද විහාරස්ථානයේ විසිතුරු බව තවද වැඩිකරන අතර හමුවන බෝධිමළුවේ ඔබ්බෙන් වන නයි පෙනයක හැඩය ගත් විශාල ගල් ලෙනක විහාරය ඉදිකරා එත. මෙම ලෙනෙහි කටාරම්ද කොටා තිබෙනු දැකිය හැකිය.
විහාර ගෙය තුල රියන් 10 ක පමන සැතපෙන පිලිමයකි. එම පිලිමයෙහි හිස පැත්තෙන් අඩි දහයක පමන හිටි පිලිමයක්ද වේ. පාමුල දෙසින්ද අඩි හයක පමන සමධි බුද්ධ ප්‍රතිමාවක්ද වේ. මීට අමතරව විෂ්නු ප්‍රතිමවක්ද වේ. බුදුන් වහන්සේ දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩම කිරීමද නෙලා ඇත. ප්‍රතිසංස්කරනය කර ඇති මුත් නුවර යුගයේ ලක්ෂන දැකිය හැකි බවට හදාරන්නන් මේවා පැහැදිලි කරයි. බිත්ති මත මහරහතන් වහන්සේලාගේ සිතුවම් ඇඳ වියත අලංකාර මෝස්තරවලින් හැඩ කොට ඇත. විහාරගෙය කෙලවර පංචමහ දේවාලද ඉදිකර ඇත. ඝංථාකර අඩි 30 පමන උසැති චෛත්‍ය මෙම බිමෙහි වන සුන්දරත්වය තවත් වැඩිකරවන සුලුය.
විකාර ගෙය අසලින් ඉහලට නැගීමේදි අතීත භික්ෂූන් වහන්සේලා පරිහරනය කල කටාරම් කෙටූ හා කටාරම් නොකෙටූ ගල් ලෙන් හමුවන අතර එම ගල් ත්ලාව මත ස්වාභාවිකව නිමවූ පොකුනු පහක් පමන දැකිය හැකිය. ප්‍රමානයෙන් විශාල නොවුනද මෙම පොකුනු එකිනෙක උමං මගින් සම්බන්ද කර ඇති ගැබුරින් වැඩි ඒවා හැටියට හදාරන්නන් පෙන්වා දෙනා අතර ඔවුන් පෙන්වාදෙන්නේ පායන කාල වලදී වුවත් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය ජලය ලබා දෙන්නට මෙවා උපකර වෙන්නට ඇති බවයි. මෙම ගල්තලාවේ මුදුනත හේවිසිගල ලෙසට නම් වන අතර විහාරයේ ආගමික වතාවත් වලදී ගල මුදුනේ සිට හේවිසි වැයීමේදී හේවාගම් කෝරලයේ මෙන්ම සියනෑ කෝරලයේ ආවරනය වන විශාල ප්‍රමානයකට තේවා හඬ ඇසෙන්නට ඇති බවට උපකල්පනය කල හැක. හදාරන්නන් වැඩි දුරටත් පවසන්නේ මෙම ලෙන් විහාරය අනුරාධපුර යුගයේ වලගම්බා රජ දවස දක්වා ඉතිහාසයක් ඇති බවට මතවාද පවතින මුත් ඒවා සදහා පැහැදිලි ශාක්ෂි නොමැති බවයි. කෝට්ටේ, සීතාවක මෙන්ම නුවර යුගවලදී මෙම පුන්‍ය භූමිය හොඳ දියුනු තතය තිබෙන්නට ඇති බවටයි විස්වාසය වන්නේ,
මෙම විහාරස්ථානය අසලම ලෙනදොර ඇත්ගාලද පිහිටා ඇති අතර ගලර්වතය ස්වාභාවිකවම දෙපලුව එක් දෙසකින් පහසුවෙන් අලියෙකුට රොංගායමය හැකිවන ලෙසට හා අනෙක් කෙරවලීදී කො‍ටුවන ස්වභාවයක් ගන්න බව දැකිය හැකිය. අතීඉතයේ සිටම අලි ඇතුන් මෙම ගාලට කො‍ටුකර ගත් බවට. ජනංප්‍රවද පවතින අතර සීතාවක ඇත් හමුදාවට අවශ්‍ය අලි ඇතුන් මෙම ස්ථානයෙන්ද අල්ලා ගන්නට ඇත.

ආරාධනාකන්ද හා පැනිවරකාව ( Aradhana Kanda )

අවිස්සාවේල්ලේ සිට රත්නපුර දෙසට යන විට අවිස්සාවේල්ල පොලිස් ස්ථානය අසලින් වැටී ඇති මාවතක් යොමුවන්නේ ආරාධනා කන්ද නම් කුඩා කඳු ගැටයක් වෙතටයි. හදාරන්නන් පවසන්නේ අතීතයේ මෙම පෙදෙසේයි බෞද්ධ ආරාමයක්, ගැබුරු ළිඳක් හා ශෛලමය ඔරුවක් මෙම පෙදෙසෙහි තිබී ඇති බවයි. වරක් මේ අවට ගෙපලක් කැපී මේදී හමුවූ බුදු පිලිම කිහිපයක් දැදිගම කෞතුකාගාරයේ තැන්පත්ව තිබෙනවා. මෙම ස්ථානයේ අදද බෝධීන්වහන්සේ නමක් ආරෝපනය කර අදද ප්‍රදේශවාසීහු ආගමික වතාවත් කරන බවට දැකිය හැකියි.
මෙම ආරාධනා කන්ඳට මදක් දුරින් වන ගැටහැති ඇල ආසන්නයෙන් වැටී තිබූ සබරගමුව මාර්ගයට දෙපසින් වන කොස් ගස් අතරින් තවමත් දක්නට ලැබෙන අති රසැති පැනි වරකා ගසක් පිලිබදවද සටහන් වෙනවා. රජමාලිගාව සදහාද වරාකා ලබා ගන්නට මෙම ගස භාවිතාව ඇති බවටයි විස්වාශය වන්නේ. සාමන්‍ය උසෙන් යුත් බෙන සහිත පැරනි මෙම වරකා ගස තවමත් හොඳින් පවතිබ බවටත් එය ආරක්ශා කර ගත යුතු බවටත් හදාරන්නන් පෙන්වා දෙනවා.

පෙතන්ගොඩ උයන…

කන්ද උඩරට මාර්ගයේ අගුරුවැල්ල නගරයට ආසන්නව ප්තන්ගොඩ උයන පිහිටා ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ අතීතයෙදී අක්කර ගනනවක් පුරා තුරුලතාවන්, මල්ගොමු වලින් ගැවස ගත් දියදහරින් අලංකාර වූ බිම්පෙදෙසක් ලෙසට මේ ඉඩකඩ පවතින්නට ඇති බවය. අද කුඩා සීමාවක් ගෙන ඇති මෙම ප්‍රදේශය අතීතයේදී කුඩා වැව කින්ද අලංකාරව තිබුනු බවටයි විස්වාසය වන්නේ. එදා බලන සටනින් පැරදි පලා එමින් සිටි රාජසිංහ රජතුමාට මාරාන්තික ආකාරයේ තුවාලයක් ලැබුවේ මෙම උයනේදී බවටයි පිලිගැනෙන්නේ.
රුසුරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උන ක‍ටුව පතුලේ ඇනුනාය
එක්ව සිටි සැවොම වටවී මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුනාය
ජන කවිය එදා සිදුවූ මෙම පුවත විස්තර කරන ප්‍රකට භාවිතවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ රාජසිංහ රජතුමන්ගේ මෙම හදිස්සි අභාවය පිලිබදව ප්‍රබල ජනප්‍රවද 3ක් දක්නට හැකි බවකි.

1) අදද පෙතන්ගොඩ උයනේ දැකිය හැකි ක‍ටු උන පඳුරු විශේෂයෙ වන තියුනු ක‍ටුවක් ඇනීමෙන් ඇතිවූ තුවාලයත් ඒ මතට දෙඩම්පේ ගනිතයාගේ හූනුයම් කර විෂ බැඳිම් නිසාත් මෙම මරනය සිදු වෙන්නට ඇති බවය. පොකුරු වශයෙන් වන මෙම විෂ උනක‍ටු සහිත පඳුර අදද ආරක්ශා කර තිබෙනු මෙහි යන එන අයෙකුට දැකිය හැකිය.

2) තවත් යෝජානාවකට අනූව පැහැදිලි කරන්නේ එදා රජතුමන් මෙම පෙතන්ගොඩ උයනේ කටූ උන පදුර ආසන්නයේ සිටින කල රාජසූරිය කුමාරයන්ගේ හිතවතුන් තුවාලයක් සිදුකල බවත් පේදුරු සිඥෝ ප්‍රධාන කුමන්ත්‍රන කරුවන් විසින් අස් බෙටි, ඇත් බෙටි, ගව බෙටි තල තෙලි කකාරා තුවාලයට දැමූ බවත් ඉන් රජතුමන්ට පිටගැස්ම රෝගය ඇතිවී මරනයට පත්වූ බවත්ය. සීතාවක රාජසිංහ රාජ්ජ කාලය කතුවරයා මෙන්ම ශෛලේන්ද්‍රසිංහ වෙදරාල ලිපියකින් මේ බව තහවුරු වන බවට ඔවුන් පෙන්වා දේ.

3) තවත් ජනප්‍රවාදයකට අනූව මෙම සිදුවීම පැහැදිලි කරන්නේ මෙසේය. මෙම උනක‍ටු පඳුරු ප්‍රදේශය නාගයන්ගෙන්ද බහුල ව තිබූ අතර පැමිනි රාජ සිංහ රජතුමන්ගේ පාදයකට දෂ්ට කරන ලද්දේ එවන් විෂකුරු සර්පයෙකු බවත් පැමින සිටි පරිවාර වෛද්‍යවරුන් විසින් මෙතුමන් බේරා ගැනීමට උත්සාහ කලද අසමත්වූ බවත්ය. අනතුරුව මහනුවර ප්‍රදේශයේ වන දක්ෂ සර්ප වෛද්‍යවරයෙක් කැඳවා ගෙන එන්නට දූතයන් යැවූ මුත් ඔහු එන විට රජතුමන් මිය ගොස්ව තිබූ බවත්ය. නුවර වෙද ගෙදර පෙතන්ගොඩ යුයනට පැමිනියේ මෙලෙස බවටත් එම මතය පෙන්වා දෙන හදාරන්නන් යොජනා කර සිටිනවා.

යකහ‍ටුවාකන්ඳ, කොබෝතුරාව හා තුන්කෝරලේ කොඩිය.

හදාරන්නන් පෙන්වා දෙන්නේ මානියම්ගම කඳු වැටියේ උසම ස්ථානය අඩි 1410ක් පමන බවය. ජනංප්‍රවාදවල අනූව රාවණා රජුගේ යුධසෙනවියෙකුගේ දේහයක් කොබෝතුරා කන්දේ සඟවා ගල් කුලකින් වසා දැමු බවට පැවසේ. එම දේහය සහිත ගල් පර්වතය යකහ‍ටුවාව වූවා වෙන්නට පුලුවන. තවත් විටකදි යක්+හතුව යකහ‍ටුව වූ බවකි. මෙම කඳු මුදුනට සතර දිශාවම හොඳින් නිරීක්ෂනය කල හැකිවීම නිසාම රජ දවස ප්‍රධාන නිරීක්ෂන මුර පොලක් ලෙසට භාවිතා වූ බවට පිලිගැනේ. යකහ‍ටුවාව ආසන්නයේම වන අනෙකුත් පර්වත පංතිය කොබෝතුරාව වේ. මෙම කොබෝතුරාව සම්බන්ද පැවතෙන එක් රසවත් ජන කථාවකට අනූව මෙසේ කියවේ.යකහ‍ටුව මුරපොලේ සිට රජවාසල වෙතට එන සෙබලෙකුට කඳු පාමුලදී හිස සුන් විශාල මාලුවෙකුගේ සිරුරක් හමුව එය මාලිගෙය වෙතට ගෙන ආ බවත් හා දින කිහිපයක්ම මෙම සිදුවීම එලෙසම සිදුවූ බවත්, මෙසේ මාළුවෙකුගේ සිරුරක් කඳු පාමුලට වැටෙන ආකාරය සොයන්නට සෙබලුන් යොදවන්නට රාජ සිංහ රජතුමා කටයුතු කල අතර ඔවුන් නිරීක්ශනය කර ඇත්තේ කොබෝතුරා ගල් බෙනයක වන විශාල ලිහිනියෙකු මුහුදෙන් විශාල මාලුන් ‍රැගෙන විත් හිස කොටස පැටවුන්ට දී ඉතිරිය පහලට දමන බවකි. මේ බව දැන ගත් රජතුමාගේ අන පරිදි එම ලිහිනි පැටවෙකු අල්ලගෙන රජවාසලේ ඇති කරන්නට වූ අතර, එම ලිහිනි පැටවා රජතුමන් සමග ගමන් කරන්නට පුරුදු වූ බවත් වරක් මෙසේ යන එන අතර දු‍ටු මුවෙකුට පහර දීමට කටයුතු කිරීමේදී එක් පාදයක් මුවා මතත් අනෙක් පාදය ගසකත් ‍රැඳ වූ විට එම කුරුල්ලා දෙපලුව ගිය බවත් කියවේ. මෙම සිදුවීමෙන් කනගා‍ටුවට පත්වන රජතුමන්ගේ අනින් අටලුගම්- පනාවල් හා දෙහිගම්පල් කෝරල තුන සදහ වන කොඩියේ ලිහිණි රුව අයත් භේරුන්ඩ කොඩිය නම් කල බවත් කියවේ.

සීතවක ඇත් පරපුර….

සීතාවක සිවු රඟ හමුදාවට අලි ඇතුන් විශාල පිරිසක් විය. මුල්ලේරියා මහ සටනේදී සීතාවක විරිඳු දක්ෂයා නම් ඇතා කොඩියක් ගත් බවද, ගෙන සටන් පෙරමුනේ සිටි බවද , “වෙරාවනයා” නැමති ඇතා පලිහක් සහ දම් වැලක් ගෙන සතුරන් නැසූ බවද පැවසේ.
මහනුවර, ජයවීර රජ “වේරවන” ඇතුලු ඇතුන් කිහිපදෙනෙක් මයාදුන්න රජතුමාට පරිත්‍යාග කර එතුමාට යටත් වූ බව දැක්වේ.
සීතාවක රජයයෙන් පසු මේ ප්‍රදේශය සන්චාරය කල විදේශිකයෝ මෙහි අලි ඇතුන් හයදාහක් පමන සිටින බව සදහන් කර ඇත. 1870 ශ්‍රීලංකාව පැමිනි වික්ටෝරියා මහ ‍රැජිනගේ දෙවන පුත් ඇඩින්බරෝ හි ආදිපදතුමා වෙනු වෙන් ලබුගම් කන්දේ දී ඇත්ගාලක් පැවැත්වීමෙන් පෙනෙන්නේ මෙහි බොහෝ අලි ඇතුන් සිටි බවය. 1784 තල්දූව කැළනි වැලි ක්‍රීඩා සමාජය ආරම්භ කරන අවස්ථාවේ පිට්ටනිය සකස් කිරීමට වල් අලි ලැග්ග දියවලක් ගොඩ කිරීමට සිදුවූ බව පැවසේ. උඩුවිල කුඹුරපොල ප්‍රදේශයේ ඇති “අලිකඩුල්ල” නැමති ස්ථානයෙන් ඇතුන් ගමන් කල බවද කියවේ. ශ්‍රී සුධර්මාරාමය අවට පිහිටි ප්‍රදේශයද අලි ඇතුන් ගේ වාසභූමියක්ව තිබෙන්නට ඇත. විශාල ගස් උඩ නැගී තම හේන් පාලු කරන අලින්ට වදහිංසා කිරීම පැරන්නන්ගේ සිරිත වූ බවද අසන්නට ලැබේ.1887 සීතාවක ඔය හරහා මහපාලම වැටීමෙන් ගමනා ගමනය දියුනු වූ නිසා අලි ඇතුන් ක්ෂේමභූමිය කරා යන්නට ඇත.
1900න් පසු පලාත ප්‍රසිද්ධ වූවේ හීලෑ ඇතුන් නිසාය. බොහෝ සැඩ පරුෂ හීලෑ ඇතුන් මේ යුගයේ මෙහි සිටියේය. බොරලුගොඩ සෙල්ලා, හොඬ කොටා, කන්නන්ගර ඇතා, තිඹිරිපොලයා, පුෂ්ප උයනා, කොර අලියා, දල කොටා, කන් කොටා, කන් බොක්කා, පලාවලයා සහ බෙලිගම්මනයා. චීර ප්‍රසිද්ධියට පත්වූ අලි ඇතුන්ය. බෙලිගම්මනයා මෙයිනුත් ප්‍රථාපවත් අලියාය. එවකට සිටි හීලෑ අලින්ගෙන් උස මහතින් වැඩිම සතා බෙලිගම්මනයා බවට ප්‍රකටය. “කම්මුල තෙමුන” විට හෙවත් මද කිපුන විට කොපමන ඇත් ගොව්වන් සිටියත් මෙම ඇතා මෙල්ල කිරීමටාපහසු බවටයි කියවෙන්නේ. වරක් මද කිපුන මේ අලියා ගැටහැති ඔය දිගේ ගැටහැත්ත සිට සීතාවකට දුව විත් තිබේ. එසේ සීතාවක ගංමෝදරට පැමින ආපසු දුව ගොස් ඇත. එක් මහලු බිහිරි මරක්කල ජාතිකයෙක් මේ අවස්ථාවේ ඇලේ මාලු අල්ලමින් සිටියේලු. කරකියා ගත හැකි යමක් නැතිවූ මහල්ලා තමා මාලු අල්ලමින් සිටි විශාල වට්ටියෙන්  මුහුන වසා ගත්තේ ලු. අලියා ඔහු අසලින් දිවගියේ මහල්ලාගේ ඇගේ ගෑවී නොගෑවී ය. නමුත් අලිආ ගෙන් ඔහුට කරදරයක් නොවිනි.

  • පොත පත ඇසුරෙනි.

Seethawaka Wet Zone Botanic Gardens

තෙත්කලාපීය පලමු උද්භිත උද්‍යානයක් ලෙසට 2008දී පමන සීතාවක තෙත්කලාපීය උත්භිත උද්‍යානය හෙක්ටයාර 43 නැතිනමක්කර 106ක භූමිභාගයක ස්ථාපනය කිරීම අරබන ලදී. අවිස්සාවෙල්ල කොලඹ මාර්ගයේ පුවක්පිටිය නගර අසන්නයෙන් මෙන්ම කළුඅග්ගල මංසංඳියෙන්ද පිවිස ඉලුක් -ඔවිට දෙසට ගමන් කිරීමෙන් මේ අපූර්ව භූමිභාගයට පිවිසෙන්නට හැකිය. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම උද්භිත උද්‍යානය පිහිටවීමේදී වැඩි අවධානයක්  යොමුකරන ලද්දේ පහල තෙත් කලාපීය ව තිබෙන  වඳවීමේ අනතුරටලක්ව ඇති ශාක ආරක්ශාව සදහා බවයි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අධික ජනගහනය මෙන්ම කාර්මිකකරනයත් සමග 2%ක් තරම් අවම ප්‍රදේශයකට සීමාවී ඇති මෙම වන සම්පත තෙත්කලාපීයව සැලකීමේදී 9.6කට සීමව ඇති බවයි. මීට අමතරව ecotourism වැනි ඉලක්ක මෙන්ම ප්‍රදේශයේ දියුනුවට සහය වීම , ඖෂධීය වටිනාකම් ඇති ශාක කෙරෙහි අවධානය යොමු කිරීම මෙන්ම අධ්‍යාපනික අවස්ථාවන් සැලසීම හා පුහුනු අවස්ථා සැලසීම වැනි ඉලක්ක බොහොමයක් මෙම උද්භිත උද්‍යානය පිහිටවීමේදී අරමුනු කරගන්නා ලද බවයි.

Address: Thummodera – Puwakpitiya Road
Hours: Open today · 7:30AM–6PM
Phone: 036 3 795295

Olu Ella (Waterfall) – Yatiyanthota

        යටියන්තොට ප්‍රදේශයේ ආසන්නව පිහිටි මස්කාන්ත දිය ඇල්ලක් ලෙසට ඔලු ඇල්ල නම් කල හැක. ප්‍රදේශීය ITN රූපවාහිනී කුලුනක් පිහිටි වේවැල්වත්තට ආසන්නව පිහිටි මෙම දිය ඇල්ල විසිරුනු ස්වභාවයකින් ඇද හැලෙන නිසාම හා පිරිසිදු ජලධාරාව මවන සුදෝසුදු වර්ණය නිසාම මෙම නම ලබන්නට ඇති බවටයි පැවසෙන්නේ. ඉතා දරුනු වියලි කාලවලදී පවා අකංඩව ඇද හැලෙන්නට සමත් මෙම ඔලු ඇල්ල වෙතට යටියන්තොර සිට පෙලෙම්පිටිය මාර්ගය ඔස්සේ පැමින 16 වන සැතපුම් කනුව ආසන්නයේදී පිවිසෙන්නට හැක.

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද?

     “ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද? සමහර විට ඔහුට නැතිනම් ඇයට පවා නැවතත් තම ජීවිතකාලයතුලදී කවරදාකවත් ඇතුලු විය නොහැකි මානසික අවකාශයකට ඇතුලුවීමද? ආශ්‍රම භූමියේ බටහිර බෑවුම පහලට වන්නට පැතිර ඇති තන බිම් කරා ගවයන් ‍රැගෙන එන ගම්වාසීන අතර සිටින අයෙකු සමහර දිනවල තම වස්දඬුව හඩවන නාදය මගේ කුටියෙහි බටහිර දෙසටවන්නට පිහිටි කවුලුවෙන් හොදින් ඇසෙන්නට පටන් ගනී. සීමිත ස්වර සමූහයක් අපූරුවට සංයෝජනය කරමින් ඔහු මනස පතුලටම ආමන්ත්‍රනය කරන්නාක්සේ දැනේ. බොහෝ විට ගබඩා භාරකරු හරහා ඔහු නිහඩකිරීමට ඉල්ලීමක් කල හැකිවනු ඇත. නමුත් තව අතකින් බලන විට මිහිරි හඩ නගන අපමනක්වූ සියතුන් ඔහුට නිහඩ කරන්නට නොහැකි වනු ඇත. කන්කලුව හඩ නගන සියතොන් හා වස්දඩු හඩ අතර පරතරය තේරුම් ගත නොහැකි තරම් නම් කලබල වන්නට තරම් කාරනාවක් මට නම් නොපෙනේ.”

Kumari Ella

         පුවක්පිටිය නගරයෙන් හැරී තුම්මෝදර මාවත දීගේ කිලෝ මීටර තුනක් පමන යන විට අඹන්ගම ඔය ගල්කුලකින් ඇද හැලෙමින් නිර්මාණය කරන කුමාරි ඇල්ල කොළඹ දිස්ත්‍රික්කයේදී හමුවන විසිතුරුම තවත් ස්වාභාවික සම්පතක් බව හදාරන්නන්ගේ අදහසයි. උසින් අඩි පහලොවක පමන වන මෙම දිය ඇල්ලේ දිය පහර ඇස්වත්තෙදී කැළණි ගඟට එක්වන අතර සීතාවක රාජසිංහ සමයේදී මෙම කුමාරි ඇල්ල ස්ථානය රජ කුමාරියන් දිය කෙලිය සදහා භාවිතාවූ ස්ථානයක් ලෙසට පිලිගැනේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ සීතාවක රාජසිංහ රජිදුන්ගේ දූකුමාරිය නමින් මෙම ඇල්ල නම්වන බවත් පුවක් පිටිය අවට වන Pittukanda හා Dukkalahelena කඳු දෙක ඔස්සේ පැමිනෙන ජල පහර දෙකක් ප්‍රධානව එක්විමෙන් මෙම ඇල්ල නිර්මානය වන බවකි.  මෙතැන් සිට පුවක් පිටිය නගරය ආසන්න වන තෙක්ම ගල් පර අතරින් ඇදහැලෙමින් විසිතුරු රටා මවමින් ගලා බසින මෙම දිය දහර සමග දෙපසින් වන ඉවුරු වල වන මීවන ඇතුලු ශාකයන්ගෙන් ගැවසී ඇති අතර පැමිනෙන්නන් වෙතට වඩාත් නෙත්කලු බවක් ගෙන දේ. නගරය ආසන්නයේ වීම සමග නිතර නරබන්නන්ගෙන් ගැවසගත් ස්ථානයක් ලෙසට මෙම ස්වභාවික ස්ථනය හඳුනවා දිය හැකි අතර නොසැලකිලිමත් නරබන්නන් අතින් නිතර අපවිත්‍රවන තැනක් ලෙසටද හඳුන්වා දෙන්නට සිදුවේ