සීතාවක සිවු රඟ හමුදාවට අලි ඇතුන් විශාල පිරිසක් විය. මුල්ලේරියා මහ සටනේදී සීතාවක විරිඳු දක්ෂයා නම් ඇතා කොඩියක් ගත් බවද, ගෙන සටන් පෙරමුනේ සිටි බවද , “වෙරාවනයා” නැමති ඇතා පලිහක් සහ දම් වැලක් ගෙන සතුරන් නැසූ බවද පැවසේ.
මහනුවර, ජයවීර රජ “වේරවන” ඇතුලු ඇතුන් කිහිපදෙනෙක් මයාදුන්න රජතුමාට පරිත්‍යාග කර එතුමාට යටත් වූ බව දැක්වේ.
සීතාවක රජයයෙන් පසු මේ ප්‍රදේශය සන්චාරය කල විදේශිකයෝ මෙහි අලි ඇතුන් හයදාහක් පමන සිටින බව සදහන් කර ඇත. 1870 ශ්‍රීලංකාව පැමිනි වික්ටෝරියා මහ ‍රැජිනගේ දෙවන පුත් ඇඩින්බරෝ හි ආදිපදතුමා වෙනු වෙන් ලබුගම් කන්දේ දී ඇත්ගාලක් පැවැත්වීමෙන් පෙනෙන්නේ මෙහි බොහෝ අලි ඇතුන් සිටි බවය. 1784 තල්දූව කැළනි වැලි ක්‍රීඩා සමාජය ආරම්භ කරන අවස්ථාවේ පිට්ටනිය සකස් කිරීමට වල් අලි ලැග්ග දියවලක් ගොඩ කිරීමට සිදුවූ බව පැවසේ. උඩුවිල කුඹුරපොල ප්‍රදේශයේ ඇති “අලිකඩුල්ල” නැමති ස්ථානයෙන් ඇතුන් ගමන් කල බවද කියවේ. ශ්‍රී සුධර්මාරාමය අවට පිහිටි ප්‍රදේශයද අලි ඇතුන් ගේ වාසභූමියක්ව තිබෙන්නට ඇත. විශාල ගස් උඩ නැගී තම හේන් පාලු කරන අලින්ට වදහිංසා කිරීම පැරන්නන්ගේ සිරිත වූ බවද අසන්නට ලැබේ.1887 සීතාවක ඔය හරහා මහපාලම වැටීමෙන් ගමනා ගමනය දියුනු වූ නිසා අලි ඇතුන් ක්ෂේමභූමිය කරා යන්නට ඇත.
1900න් පසු පලාත ප්‍රසිද්ධ වූවේ හීලෑ ඇතුන් නිසාය. බොහෝ සැඩ පරුෂ හීලෑ ඇතුන් මේ යුගයේ මෙහි සිටියේය. බොරලුගොඩ සෙල්ලා, හොඬ කොටා, කන්නන්ගර ඇතා, තිඹිරිපොලයා, පුෂ්ප උයනා, කොර අලියා, දල කොටා, කන් කොටා, කන් බොක්කා, පලාවලයා සහ බෙලිගම්මනයා. චීර ප්‍රසිද්ධියට පත්වූ අලි ඇතුන්ය. බෙලිගම්මනයා මෙයිනුත් ප්‍රථාපවත් අලියාය. එවකට සිටි හීලෑ අලින්ගෙන් උස මහතින් වැඩිම සතා බෙලිගම්මනයා බවට ප්‍රකටය. “කම්මුල තෙමුන” විට හෙවත් මද කිපුන විට කොපමන ඇත් ගොව්වන් සිටියත් මෙම ඇතා මෙල්ල කිරීමටාපහසු බවටයි කියවෙන්නේ. වරක් මද කිපුන මේ අලියා ගැටහැති ඔය දිගේ ගැටහැත්ත සිට සීතාවකට දුව විත් තිබේ. එසේ සීතාවක ගංමෝදරට පැමින ආපසු දුව ගොස් ඇත. එක් මහලු බිහිරි මරක්කල ජාතිකයෙක් මේ අවස්ථාවේ ඇලේ මාලු අල්ලමින් සිටියේලු. කරකියා ගත හැකි යමක් නැතිවූ මහල්ලා තමා මාලු අල්ලමින් සිටි විශාල වට්ටියෙන්  මුහුන වසා ගත්තේ ලු. අලියා ඔහු අසලින් දිවගියේ මහල්ලාගේ ඇගේ ගෑවී නොගෑවී ය. නමුත් අලිආ ගෙන් ඔහුට කරදරයක් නොවිනි.

  • පොත පත ඇසුරෙනි.