Category Archives: Politics

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි.

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි. එක් අතකින් සියල්ලන්ම මාධ්‍යවේදීන්ද වන තරම, තවත් දෙසකින් සියල්ලෝම පාහේ මධ්‍ය රූකඩ බවට පත්වීමද මේ යුගයේ ස්වභාවය වී ඇත. මාධ්‍ය අවකාශයන් ඔබගේ හඳවත මෙන්ම මනසද ඔබගෙන් ගලවාගෙන ගොස් අති අතර ඔබගේ සිතුවිලි රටා මෙන්ම හැඟීම් රටා ඔවුන් විසින් යෝජනා කරමින් සිටී. ඒ අකාරයෙන් සැලකීමේදී තත්වය වඩාත් සරලව ඇත. විවිධ රූපවාහිනී චැනල මෙන්ම වෙබ් අවකාශ ඔස්සේ ඔබට වඩාත් සුව ගෙන දෙන අවකාශයකට ඇතුලු වන්නට අවස්ථාව දී ඇති අතර එලබෙන යුගයේදී ඔබගේ ප්‍රියතම වීරයා තව දුරටත් වීරයෙකු සේම පවත්වාගෙන යනවාද, නැතිනම් නව වීරයෙකු අතින් “රීප්ලේස්” වනවාද යන්නද තොරා ගැනීමේ අවස්ථාව ද සූදානම් බවටයි විවරනය කරමින් සිටින්නේ. ඔබගේ ගම්මානය හා ලෝකය අතර පරතරය ශ්‍රව්‍ය දෘශ්‍ය දෙයාකාරයට පනක් නොව එලබෙන දශක දෙක තුන අවසන් වන විට වර්චුවල් ස්පර්ශීය ආකාරයටද ඔබේ ආලින්ඳයට ගෙනැවිත් දෙන බව පොරොන්දු වෙමින් තිබේ.
යෝජනා වන්නේ ඔබ සැබෑවටම විවරව ඇත්තේ පෘතුවි වැසියෙකුගේ භෞතිකයට මුත් අවශ්‍ය නම් වර්චුවල් ආකාරයේ ප්‍රදේශීය සංස්කෘතික දේශපාලනික ආර්ථික අර්ථවල ජීවත්වන්නට කිසිදු බාදාවක් නැති බවය. ඔවුන් පැහැදිලි කරන්නේ සමකාලීන බොහෝ නායකයින් මේ බව දන්නා මුත් පහසු පාලනයක් සදහා පාලිතයන්ව මේ වර්චුවල් අවකාශයේ රඳවා තබන්නට කටයුතු කරන්නට කැමති වන බවකි. සායනික අර්ථවලින් සැලකීමේදී මේ දෙබිඩි බව නඩත්තුව වඩ වඩාත් මනස විසුරුවන ගැටලුවක් ලෙසට පැමිනීම නොවැලැක්විය හැකි අතර යෝජනාවන වඩාත් අතාර්කික විසදුම වන්නේ තව තවත් වර්චුවල් වන ලෙසය. නිර්මාණය වන මේ “කැමැත්තෙන් මිය යෑමේ” ගැටළුව ඉදිරි කාලයේ හමුවන ප්‍රධානතම අභියෝගයක් වනු ඇත.
– Pubudu Siriwansa

දේශපාලනය විශාලතම සාමූහික ක්‍රියාව වේ.

දේශපාලනය විශාලතම සාමූහික ක්‍රියාව වේ. ඔබ මා එකග වුනද නොවුනද උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා ලේඛන ගත වීමේ සිටම මේ සාමුහික ක්‍රියාවේ සමාජිකයන් වේ. එසේම මෙම ක්‍රියාවලිය ස්තිථිකද නොවේ. ක්ශනික කාලගුන වෙනසක සිට සංස්කෘතික, ඓතිහාසික පසුබිම දක්වාම වන නෙක සාධකයන් මත වරනැගෙන සංකීර්න ක්‍රියාවලියකද වේ. තවත් අතකින් පුද්ගල මට්ටමේ සිට රටවල් ආකාර දක්වාම මෙම ක්‍රියාන්විතයන් හුදකලාද නොවේ. තවදුරටත් “රට” ලෙසට අර්ථ දැක්වෙන සීමාව ලොව වැසියන් කිසිවෙකුත් පාලනය වන සරල සීමාවද නොවීම මේ යුගයේදී පරම සත්‍යයකි. අවශ්‍යනම් මේ සත්‍යයයන් අමතක කර කටයුතු කල හැකි මුත් ඒවා අප වෙත බලපෑම නම් මග නොහැරෙනු ඇත.
අප භෞතිකව යාවත්කාලීන වන වේගය හා සැසදීමේදී සංස්කෘතිකව යාවත්කාලීන වේගය බොහෝ විට ශූන්‍යයට ආසන්නව නිතරම පවත්වාගෙන යාමට කැමතිව ඇතුවා සේය. ඉදහිටක මේ සංවෘත ස්වභාවයට ලිහිලක් ලෝකය දෙසින් පැමිනෙන්නේ වඩාත් දියුනු, කාර්යක්ශම, සාධාරන දේ සමග නොව වඩාත් ආවේග බහුල ප්‍රාථමික ස්වභාවයේ ඒවාට වීම සුලබව අප අත්විඳින්නෙමු. නිරෝගී ජීවිත අවකාශයක් නිර්මාණය වන්නට ජාතිය, ආගම වැනි සාධක පරම අවශ්‍යතාවයක් වුවද, අදක්ශ දේශපාලනික හා අර්ථික ව්‍යාපෘති සදහා උත්තේජක ලෙසට භාවිතාවීම රට, ජාතිය, ආගම විනාශ වීමේ ක්‍රියාවලියට සාර්ථකම දායකත්වය වේ.
– Pubudu Siriwansa

” ධනය ගැන මෙන්ම දේශපාලණය ගැනද “භීතික” සමාජයක් “ 2

සමාජවාදය, ධනවාදය වැනි න්‍යායය අද වන කොට භාවිතා කරන්නට ඇති උපකරන මිසක පූජනීය කාරනා නොවෙයි. මම හිතනවා ඔනෑම සාර්ථක රකදී මේවා අවස්ථානකූලව ප්‍රායෝගිකව භාවිතා වෙනවා. නමුත් ලංකාවේදී තවමත් මෙවා දෙස බලන්නේ පූජනීය ලෙසටයි. ඉතින් ඒවා භාවිතාකරනවා වෙනුවට ඒවාට රටවැසියන්ව පාලනය කරන්නට ඉඩ හරිනවා. අවසානය බොහෝ විට හරිම ශෝචනීයයි. ඒවා යේ භාවිතාවේ ඇති දුර්වලකම විසින් නැවත නැවතත් රට ආර්ථෛක, දේශපාලනිකව පමන්ක් නොව සංස්කෘතිකවත් එකතැන කැරකෙන බවට පත්කරලා. ඉතින් කලකට වරක් නෙක මුහුනු වරින් එන සමූල ඝාතනය වැනි ම්ලේඡ්චත්වයන් රටේ නිවාර්ය ඉරනම බවට පත්වේලා.
ලංකාව කියන්නේ වැඩවසම් මාදිලියෙන් අනතුරුව යටත්විජිත බලහත්කාර සංශෝදන වලින් තෙම්පරාදු වුන රටක්. අපි ක්‍රමානුකූල ලෙසට සලකන එකම ක්‍රමයකින් වත් අත්පත් කරගත් හෝ සාර්ථකව ඇතුලු වුන දේශපාලනයක් නැහැ. ගෝත්‍රික ඇර්ථවල සිට අතිශය දියුනු ලිබරල් දක්වා සියළු දේශපාලනික “මෝස්තර” භාවිතාකරමින් සිටිනවා. හැබැයි කාගෙන් හරි විමසුවොත් උත්තර ලැබෙන්නේ ඒවායේ න්‍යායාචාර්ය වරුන්ටත් යලිත් ඉගන ගන්නට වෙන තරම් සංකීර්න අර්ථ්වලින්. ඒත් ප්‍රායෝගිකව අමාරුවෙන් සවිංඥානිකව නඩත්තු කරගෙන සිටින වටිනාකම් චුට්ටි නින්දකින් පවා කැඩී සැබෑ නොදියුනු අර්ථවලට යැවෙන්නේ ක්ශනයකින්. කොටින්ම අපිට දියුනු දේශපාලනය යනු “මෝස්තරයක්” පමනයි.
– Pubudu Siriwansa

” ධනය ගැන මෙන්ම දේශපාලණය ගැනද “භීතික” සමාජයක් “

බොහෝ විට වඩාත් පීඩිත කම්කරුවා හා එම පීඩිත බවේ සාර්ථකම පොදුගුනාකාරය හමුවෙන්නේ හා ප්‍රායෝගික වන්නේ රුසියාව වැනි රටවලින් විය හැකියි. අනෙකුත් බොහෝ මතවාදී ආනනනයන් සේම ලංකාවට සමාජවාදය නොගැලපෙන්නේ, එය ඉල්ලා සිටින සධකයන් මෙහි නොවීම නිසා විය නොහැකිද? තම අධ්‍යාපනික හෝ වෙනත් සංචාරත් සමග මේවා මෙහාට උස්සන් ආ මහත්වරුන්ට අවසානයේ සිදුවෙනවා මේවා ලාංකික සැබෑ සමාජය තුල සාර්ථකව වරනගාගන්නට බැරි වෙනකොට වෙනත් එලියේ වන යක්ෂයන් ගැන කථාකර හෝ “බලහත්කාර වර නගා ගැනීමකට යන්න”. අවසානයේ ලංකව තුල අනෙකුත් බොහෝ ආනයනයන් සේම මාක්ස්වාදයත් ලංකාවේදී “වාතයක්” වෙනවා සේම කෘතිමව එය වරනග ගන්නට භාවිතා කල යක්ෂ, භූත භීතිකාවන් විසින් ලාංකීය ජන මනස තුල ගැබුරු තුවාල සටහන් කරනවා. අවසානයේ හික්මවා ගත යුතු ධනය ගැන මෙන්ම දේශපාලණය ගැනද “භීතික” සමාජයක් පමනක් ඉතිරිවෙනවා.
– Pubudu Siriwansa

රජයේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය

රජයේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (25 ) සිදු කෙරිණි. නව කැබිනට් සංශෝධනය ජනාධිපති මාධ්‍ය ඒකකයේ ට්විටර් (twitter/PMDNews ) අඩවිය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීතිය හා සාමය අමාත්‍ය ධූරය දී තිබේ.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය කබීර් හෂීම් මහතා- උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය

රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා- තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අමාත්‍ය රවින්ද්‍ර සමරවික්‍රම මහතා -වනජීවී හ තිරසර සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා – ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය

අමාත්‍ය සාගල රත්නායක මහතා – තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා- බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී. අලවතුවල මහතා – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා- ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස පත්වීම් සිදු කර තිබේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවයේ සිදුවන ඇමැති සංශෝධන සති දෙකකින් සිදුකරන බව පැවසේ.

රට අසරණ වීම….

රටක පලනය රජෙකුගෙන් රජයකට මාරුවීම ප්‍රායෝගික කියවීමකදී වසඟයෙන් තර්කයට මරුවීම ලෙසට වටහා ගත හැක. මෙවන් පරිවර්ථනයකින් අනතුරුව තව දුරටත් පුරවැසියෙකුට පෙරදී මෙන් වඩාත් වසඟකරවන ආමන්ත්‍රනයේ සිට සංකේතීය ගරුබුහුමන් දක්වා අවකාශය අනවශ්‍ය වීම පෙර කී පරිවර්ථනයේ සාර්ථක බව පෙන්වන්නකි. ගරුකල මුත් එය වසඟය දක්වා දිගුවීම නව ප්‍රසූතිය පෙකිනි වැල ද සමග ජීවත් වන්නට උත්සාහ කිරීම වැන්නකි. යටත්විජිතකරනයේ සංස්කරනයෙන් පසුව සමහර රටවල් නව සංස්කරනය සමග සිටින්නද, තව ත් රටවල් වැඩි පැවැත්මේ කොටසක් ලෙසට පෙර සංස්කරනයට ආපසු යන්නටත් සමත් වූ අතර අප අසමබර ද්වීකරනයක සිරකරුවන් ව සිටින බව පැහැදිලිය, භෞතිකව අපගේ මංමාවත් වලින් බරකරත්තය ඉවත්කර දියුනු නවීන වාහන වලට යාමට හැකි වුවද මානසික තලයේදී දියුනු නව සම්ප්‍රධායන් වෙතට සාර්ථකව පිවිසෙන්නට හෝ සෙසු නවීන වටපීටාව හා සැසදෙන විකල්ප නිර්මාණය කරගන්නට අසමත්ව සිටිමු. රටවැසියාගේ සිට රටේ නායකත්ව්ය දක්වාම මේ අර්බුදයෙන් පීඩවට පත්ව සිටීම අප පැහැදිලි කරගත යුතු කාරනාවකි.
– Pubudu Siriwansa

එක් අතකින් තත්වය පැහැදිලි වන්නේ දේශපලනය මිය යමින් තිබෙන බවකි.

එක් අතකින් තත්වය පැහැදිලි වන්නේ දේශපලනය මිය යමින් තිබෙන බවකි. සාම්ප්‍රධායික දේශපාලන මනස තව දුරටත් වලංගු නොවන යථර්තය කෙමෙන් ස්ථාවර වෙමින් ඇති අතර, නව වාතාවරනය මත හොඳින් ගැලෙපෙන්නට නොහැකි වන මිනිස් පරිසරයන් සමහර විටක ලැගුම් ගන්නේ ඉතා යල් පැන ගිය ආගමික ස්වභාවයට වැඩියෙන් මිත්‍රවන පරිසරයන් මත වීම වේදනාකාරී අත්දැකීමකි. “ඔබේ පසිඳුරන් අප අප්ඩේට් කරමින් සිටී.” පැමිනෙන යුගය කෑගසා කියන පනිවිඩය එය බව හදාරන්නන් බොහොමයකගේ මතය වෙමින් ඇත. ඔබ සහ ඔබගේ වර්චුවල් “ඔබ” අතර පරතරය සාධාරන සීමව ඉක්මවීම පුද්ගල මට්ටමින් මෙන්ම සමාජ මට්ටමින්ද දරුනු වේදනාවක් නිර්මාණය කරමින් සිටී. අද ලෝකයේ මධ්‍ය ලක්ෂය තමන් යැයි විස්වාශ කරමින් සිටි ඇමරිකානු “මෑත දේශපාලන සමාජ අත්දැකීම” පවා මේ බවට සාක්ෂි පවසයි.
සමහර විටකදි අපගේ ඇල්ගෝරිතමයන් අපගේ පාලනයෙන් ගිලිහෙන්නේ තාක්ෂනිකම පමන් නොවීම ප්‍රධාන පෙලේ තොරතුරු සේවා ආයතන පවා පිලිගනිමින් තිබේ. ඔවුන්ගේ ඇගෝරිතමයන් ගේ හැසිරීම් පිලිබඳව කරන පසු කියවීම් වලදී ඔවුන් ඉතා අසරන වීම් ද කෙමෙන් බහුල වෙමින් ඇත. සමහර විටක ඒවා ඉතා තාර්කික ආකෘතියක් මත ඉදිවන අද්භූත කාරන ලෙසට පමනක් නම් කර බැහැර වන්නට හදාරන්නන් පෙලබවනු දැකිය හැක.
– Pubudu Siriwansa

නව මැතිවරණ සංස්කෘතියකට රට පිවිසෙමින් තිබෙන බවට….

සියලුම මාධ්‍යයන් පාහේ වාර්ථාකරන්නේ අද දින ශ්‍රීලාංකාව පුරා පැවැත්වෙන ඡන්ඳය සාමකාමී බවක් ගෙන ඇති බවටයි. 2018 පලාත්පාලන ඡන්ඳය ලංකාවේ මැතිවරන ඉතිහාසයේ ඓතිහාසික සටහනක් වනු ඇත්තේ නිවැරදි විනයකින්, ඉතා අවම පරිසර හා සමාජ මනසට වන හානි මට්ටමකින් පවත්වා ගන්නට ලක් රජය සමත්වීම බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. රට පුරාම සැලකීමේදී වූවද ඉතාම අවම මට්ටම කින් ගැටලු වාර්ථාවූ මැතිවරනයක් ලෙසට මෙන්ම කාන්තාවන්ට නිසි නියෝජනයකට අවස්ථාව සලසන, කොට්ඨාශ මට්ටමින් මෙන්ම අනුපාත මට්ටමින් නියෝජිතයන් කැඳවන, සමකාමී ඡන්ඳ සංස්කෘතියක් කරා රට යොමුකරවන අවස්ථාවක් බවට හැම දෙසින්ම පෙන්නුම් කරමින් සිටිනවා.

“දත්ත මිනිසා” – ප්‍රාදේශීය සංස්කෘතීන් ඉක්මවා යාම –

සරල අවධානය යොමුකර ගන්නා හඩක් සමග ටීටාව පවසා සිටියේ ඉදිරි හෝරාව අවසනයේ ආරම්භක දේශනයට සුදානම්ව සිටිය යුතු බවයි.පාසැල් කාලය නිවෙස් ආදී යන්ගේ තොරතුරු හුවමාරු කරගනිමින් අප සිව්දෙන පසකින් පිහිටි විශාල තුරු ගොමුවක සෙවනේ ඉදිකර තිබූ රවුම් හැඩැති මේසයක් වටා අසුන් ගතිමු.ඉතා කුලුපග අයුරින් අප එකිනෙකා අදහස් හුවමාරු කර ගනිමුන් සිටින අතර තුර එක් වරම ඉන්දියානු මිතුරිය අපූරු සමාජ පරිනාමයක් දෙසට අප අවධානය යොමු කලාය.”දන්නවද, මගේ සීයා නිතරම කියන කාරනයක් තමා මිනිහෙක් හදුනා ගන්න දවස් ගනනාවක් වත් යනවායි කියන එක.ඒක සමහර විට අපේ අතීතයෙන් පැවත ගෙන එනස්වභාවයක් වෙන්නට ඇති. ආගන්තුකයෙක් ඉදිරියේ මුලින්ම පරිස්සම් සහගතව හැසිරීම තමයි හරි කියලා එයා තාමත් කියන්නේ.ටීටාව සමාජ භාවිතාවට එන්නට පටන් ගත්කාලේ එයට විරුද්දව සටන් කරපු පරපුරේ කෙනෙක් එයා. අපේ ගෙදර ඔක්කෝම ඉන්න දවස් වල හැන්දෑවේ තේ එක අපි බොන්නේ ගෙවත්තේ තියෙන මෙසේ වටේ ඉදගෙන.දවසක් අපේ තාත්තා කිව්වා, සංස්කෘතිය , සම්ප්‍රධාය වගේ කඩතුරාවලින් වහගෙන අත් හැරිය යුතු ගොඩක් මිනිස් ස්වභාවයන් ‍රැක ගන්නට උත්සාහ කිරීම තේරුමක් නැති වැඩක් කියලා.එයා කියනවා ටීටාව සමග අපි පෘතුවි වැසියන් වීම වලක්වන්නට උත්සාහ නොකල යුතු බව.එදා එයා අපිට පැහැදිලි කරලා දුන්නා ටීටාව හරිම අපක්ශපාතී විදිහට විවිධ සංස්කෘතීන් හරහා යමින් මිනිසාගේ කායික හා මානසික යහපැවැත්ම පෘතුවි තලයේ යහ පැවැත්ම මුල්ම ප්‍රමිතිය ලෙස සලකමින් තම සයිබර් මිනිස් අවකාශය නිර්මානය කර ගෙන තියෙන ආකරය.සීයට කොයි තරම් තරහ ගියාද කියනව නම් එයා නැගිට්ටේ අපේ තේ මේසෙත් පෙරලා ගෙන….” අප සියල්ලන්ට සිනාව වලකා ගත නොහැකි විය.
Pubudu Siriwansa

හුඳු ව්‍යාපාරික දක්ෂතාවයම රටක් පාලනය සදහා දායක වීමට සැහේද..

ව්‍යාපාරිකයෙක් හුඳු ව්‍යාපාරික දක්ෂතාවයම රටක් පාලනය සදහා දායක වීමට සැහේද යන්නද වැදගත් ගැටලුවක් වෙමින් තිබේ. නැතිනම් රටක් පාලනය වීම යනු ව්‍යාපාරික මධ්‍යස්ථානයකට වඩා සංකීර්න හුඳු වෙළඳ අර්ථවලට නොසැසදෙන සංස්කෘතික හා දේශපලනික අර්ථද කැටිව එන්නක් බව වටහා ගන්නට සිදුවේ.ඒවා ප්‍රායෝගික වූවද නොවුනද ලංකව වැනි සංස්කෘතික අර්ථ තවමත් නාමිකව හෝ ප්‍රබලවන රටකදී මේ බව වඩාත් වැදගත් වේ. අනිත් දෙසින් සැලකීමේදී මුහුකුරා ගිය දේශපාලන අර්ථ හිඟ රටකදී තත්වය වඩත් භ්‍යානක වේ. වෙළඳපොල, රාජ්‍ය යාන්ත්‍රන, සංස්කෘතික වටිනාකම් ආදිය කිසිදු විනයකින් තොරව එකි නෙක මත පොලාපනින්නට පටන් ගැනීම එහි වන ජීවිත මත නිර්මාණය කරන්නේ මහත් ව්‍යසනයකි. තාක්ශනික අර්ථ යනු කෙසේ හෝ ආර්ථික ඉලක්ක වෙත ගලපාගන්න විවෘත වන අවකාශයක් නොවේ. අවසානයේ නිර්මාණය වන්නේ සංකීර්න අවභාවිතාවකි. රටක් ලෙසට වඩාත් ලිහිල් ලෙසට හා නිරෝගීයව නව ලෝකය වෙතට විවෘත වීම වෙනුවට සගවන විකෘතිය සිත්සේ ඔඩුදුවන්නට අවස්තාව දීමකි.
Pubudu Siriwansa