Category Archives: Religious

අවිස්සාවෙල්ල ශ්‍රී මුත්තුමාරි අම්මන් කොවිළේ වාර්ෂික වේල් උත්සවය.

අවිස්සාවෙල්ල කුඩගම පාරේ පිහිටි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවය මෙවරද 2017.07.23 දින කප් සි‍ටුවීමේ හා පහන් පූජාව සමග ආරම්භ වී 2017.07.27 දින වෛරවර් පූජාව පවත්වා අවසන් කරන්නට නියමිතය. ප්‍රදේශවාසී මෙන්ම රට වාසී බොහෝ දෙනෙකුගේ ගෞරවයට පත්‍රවන ශ්‍රී පාත්තිනි මෑනියන්ගේ ආශිර්වාදය පතා කෙරෙන මේ මහා උත්සවයේ වේල් රථය වීදී සැරීම 2017.07.25 රාත්‍රියේ සිදු වන්නට නියමිත අතර පුරා දින පහක් තිස්සේ කෙරෙන මේ උත්සවය සදහා ප්‍රදේශවාසී රටවාසී සියල්ලන්ටම කෙරෙන ආරාධනාවයි මේ.

පත්තිනි දෙවියෝ

පත්තිනි දෙවියෝ සීතාවක හා කෑගල්ල දිස්ත්‍රික්කයේ පුරා ජනප්‍රිය දේව වන්දනාවකි. ඉන්දියාවේ දේවත්වයට පත්ව පුද පූජා ලැබූ දේවතාවයකි.ගජබා රජතුමා ඉන්දියාවට ගොස් (ක්‍රි.ව. 112-134) කාලයේ ලංකාවෙන් ගෙන ගිය සිරකරුවන් 12000 හා තවත් ද්‍රවිඩ සිරකරුවන් පිරිසක්ද පත්තිනි සලඹද ‍රැගෙන ආවේය. නැව කුනා‍ටුවකට ගසා ගෙන විත් කැළණි ගන්ග අසබඩ වර්ථමාන නවගමුව පත්තිනි දේවාලය පිහිටි ස්ථානයේ නතර වූ බව සදහන්ය. නාගයන් පත්තිනි සළඹ ‍රැකවල් කල හෙයින් නවගමුවේ පත්තිනි දේවාලය ඉදිකල බව ජනප්‍රවාදයකි.
මතු බුදුවන පත්තිනි දෙවියෝ ලෙඩ දුක් අධ්‍යාපන කටයුතු ‍රැකී රක්ෂා හා වෙළඳ ව්‍යාපාර කටයුතු කුඩා දරුවන්, ගැබිනි මව් වරුන්ට මෙන්ම විවාහය වැනි කටයුතු වලදීද මවක මෙන්ම් පිහිට වන බවත් පිලි ගැනේ. නවගමුව පත්ත්නි දේවාලය මායාදුන්නේ රජතුමා ප්‍රතිසංස්කරනය කල අතර රාජසිංහ රජතුමා පත්තිනි දේව වන්දනාව ට විශාල අනුග්‍රහයක් දැක්වූ රජතුමෙක්ද වේ. මැදගොඩ දේවාලය සම්බන්ද අත්දැකීම මෙයට හේතුවන්නට ඇත. පිටිහුම දේවාලයේ කපුමහත්තයා සතුව ඇති දේවපත්තිනි නම් පුස්කොල පොතෙහි රාජසිංහ රජතුමා කරවූ පත්තිනි දේවාල 48ක් පිලිබඳ විස්තර සදහන්ය, ප්‍රධාන දේවාලයන්ර රනින් කල සළඹ පූජා කර ඇති බව සදහන්ය. මැදගොඩ, කබලුමුල්ල, මියනවිට, සෙලෙම්බුව, අමිතිරිගල, උඩුව, කපුගම්මන, අමනාවල, අරුත්ගම්මන, තඹදිය, තියබරාහේන, පැලැල්ලේගම, ගම්බල හේන මෙම දේවාල අතරින් ප්‍රධානය.

Ganegoda Devalaya

ගනේගොඩ දෙවියෝ

ගනේගොඩ දෙවියෝ සීතාවක කේන්ද්‍ර කරගත් තුන්කෝරළය හා සියනෑ කොරලයේ වන්දනාවට ලක්වන ප්‍රාදේශීය දෙවි කෙනෙකි. ජනප්‍රවාදයට අනූව ගනේගොඩ නමින් දේවත්වයට පත් වූවේ සීතාවක අසහාය රණ ශූරයා වූ ටිකිරි බංඩාර රාජසිංහ රජතුමාය. ගනේගොඩ දෙවියන්ගේ උප්පත්ති කථාව  ” ගනේගොඩ පුවත” හා ” ගනේ යාදින්න” මගින් විස්තර වේ. ගනේ ගොඩ දෙවියෝ මුලින් යක්ෂයෙකි. මෙම යක්ෂයා කෝට්ටේ රජතුමා වූ බුවනෙකබා රජතුමාගේ දේවියට ආවේශ විය. කොතරම් ප්‍රථිකාර කලද සුව නොවීය.  භික්ෂූන් වහන්සේ නමක් පිරිත් කියා පිරිත් නූල් බැඳ දේවිය සුවපත් කලේය. ඉන් පසු යක්ෂයා සීතාවක මයාදුන්නේ රජ දේවියට ආවේශ විය. ඇයටද බුවනෙකබා රජදේවිය සුවපත්කල භික්ෂූන් වහන්සේ පැමින පිරිත් කියා පිරිත් නූල් බැඳ සුවපත් කලේය.
යක්ෂයා භික්ෂූන් වහන්සේලා කෙරෙහි වෛර බැඳ ගත්තේය. දු‍ටු දු‍ටු තැන සංඝයා වහන්සේලා විනාශ කරන බවට දිවුරුවේය. රජදේවිය සුවපත් වුවත් යක්ෂයා බිසවගේ කුසයේ පිලිසිඳ ගත්තේය. යක්ෂ මායම නිසාම කුඩා අවදියේ පටන්ම ටිකිරි කුමරු සතුව අසහාය බලයක් හිමිවිය. රාජත්වයට පත්වූ පසි භික්ෂූන් වහන්සේලාට හිංසා පීඩා කල බවත් මරනින් මතු දේවත්වයට පත්විය. මාපිටිගම, අටලුගම හා මංගෙදර මුල්ලේ කෝවිල අසල හිඳ තම බලය පෙන්වා පුදපඩුරු  ලැබූ බව කියවේ. මීරිගම ගනේගොඩ බොකලගම විහාරයේ පිහිටි ගනේගොඩ දේවාලය ගනේ ගොඩ දෙවියන් ජීවමානව වැඩ වාසය කරන බවත් කෙම්මුර දිනවලදී විහාරය අසල ඇති ඉඹුල්ගසේ සිට දේවත එලියක් විහාරයට වැඩම කරන බවත් ප්‍රදේශවාසීන් පවසති. රාජසිංහ රජතුමා කුඩාකල මෙම ප්‍රදේශයේ වාසය කල බවත් ගනේගොඩ විහාරයට ගම් බිම් පූජා කලබවත් එනිසා එතුමා දේවත්වයාට් පැමින මෙම ප්‍රදේශයට වැඩිය බව විස්වාසයක් පවතී. මැදගොඩ සිද්ධ, ගනේඩොඩ දොලහ පත්තිනි දේවාලයේද කබුලුමුල්ල පත්තිනි දේවාලයේද ගනේගොඩ දෙවියන් වෙනුවෙන් පුදපූජාවන් පවත්වන අතර දේව යාතිකාවේ පලමුව ගනේගොඩ දෙවියන් සිහිපත් කර පිංදීම කරනු ලැබේ.

පත්තිනි දෙවියෝ…..

පත්තිනි දෙවියෝ සීතාවක හා කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ජනප්‍රිය දේව වන්දනාවකි. ඉන්දියාවේ දේවත්වයට පත්ව පුද පූජා ලැබූ දේවතාවියකි. ගජබා රජතුමා ඉන්දියාවට ගොස් (ක්‍රි.ව. 112-134) කාලයේ ලංකාවෙන් ගෙන ගිය සිරකරුවන් 12000 හා තවත් ද්‍රවිඩ සිරකරුවන් පිරිසක්ද පත්තිනි සලඹ ද ‍රැගෙන ආවේය. නැව කුනා‍ටුවකින් ගසාගෙන විත් කැළණි ගඟ අසබඩ වර්ථමාන නව ගමුව පත්තිනි දේවාලය පිහිටි ඉස්ථානයේ නැවතින. නාගයන් පත්තිනි සළඹ ‍රැලවල් කල හෙයින් නවගමුවේ පත්තිනි දේවාලය ඉදිකල බව ජනප්‍රවාදයයි.
මතු බුදු බව පතන පත්තිනි දෙවියෝ ලෙඩ දුක් අධ්‍යාපන කටයුතු ‍රැකී රක්ෂා හා වෙළඳ ව්‍යාපාර – ගැබිනි මව්වරුන් හා කුඩා දරුවන් විවාහය ආදී කටයුතු වලදී මවක මෙන් පිහිට වන්නීය. නවගමුව පත්තිනි දේවාලය මායාදුන්නේ රජතුමා ප්‍රථිසංස්කරනය කල අතර රාජසිංහ රජතුමා පත්තිනි දේව වන්දනාව විශාල අනුග්‍රහයක් දැක්වූ රජතුමෙකි. මැදගොඩ දේවාලය සම්බන්ද අද්දැකීම මෙයට හේතුවන්නට ඇත. පිටිහුම දේවාලයේ කපුමහත්මා සතුව ඇති දේවනීතිය නම් පුස්කොල පොතෙහි රාජ සිංහ රජතුමා කරවූ පත්තිනි දේවාල 48ක් පිලිබඳ විස්තර සඳහන්ය. ප්‍රධාන දේවාලයන්ට රනින් කල සළඹ පුජා කර ඇත. මැදගොඩ, කබුලුමුල්ල, මියනවිට, සොලොම්බුව, අමුතිරිගල, උඩුව, හපුගම්මන, අමනාවල, අරුක්ගම්මන, තඹදිය, දියබරාහේන, තැලැල්ලේගම, ගම්බලහේන මෙම දේවාල අතරින් ප්‍රධානය.

සීතාවක රාජධානියේ අතීත කතාවේ කතරගම දෙවියන් පිලිබදව වන…

        සීතාවක රාජධානියේ අතීත කතාවේ කතරගම දෙවියන් පිලිබදව වන සඳහන් කිහිපයකි. ඒ අතර වන ජනංප්‍රවාදයක් වන්නේ රණකාමී මායාදුන්නේ රජතුමාට යුද්ධය සදහා දක්ශ පුත් කුමරෙකු නැතිවීමේ සොවින් මිදීම සදහා පීටට ආ බවක් සදහන් වන එකකි. පෘතුගීසීන් සමග වූ යුද්ධකින් පැරදුනු රජතුමා පලායමින් සිටි අවස්ථාවාක්දී කතරගමට ද ගියබවත් එහිදී කතරගම දේවාලයටද පිවිසී ශක්තිමත් පුත් කුමරෙකු පතා දෙවියන් හට කන්නලව් කල බවත් මයාදුන්නේ දේවිය තම දිගු වරලස කපා ඉන් දේවාල භූමිය ඇමදිමින් කල කල ප්‍රාර්ථානව පළ ගන්වමින් එදින රාත්‍රියේ සිහිනෙන් පෙනී සිටි කතරගම දෙවියන් රණකමී පුත් කුමරෙකුගේ උපත දන්වා සිටි බවත් සඳහන් වේ.ටිකිරි බන්ඩාර නොහොත් පලමු රාජසිංහ රජතුමා උපන් මොහොතේ කොළඹ කො‍ටුවේ පවුරු ඉරිතලා ගිය බවත් එම කුමරුන්ට තම යුධ අවස්ථාවලදී කතරගම දෙවිදුන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබුනු බවටත් එම ඉතිහාසයෙන් කියවෙන පිලිගැනීමක් වේ.රාජසිංහ රජතුමන්ගේ අනුග්‍රාහය ලබූ දේවාල අතර සොරගුනේ, අම්මඩුව, නිවිතගල හා බමුනුගම (කෑගල්ල) යන කතරගම දේවාල වන බවද සදහන්ය. මහසෙන් රජතුමා කතරගම මූලිකව තම රාජධානිය පවත්වා ගෙන යාමෙනනතුරුව මරනින් පසුව දේවත්වයට පත්වූ බවත් දු‍ටු ගැමුනු රජතුමා වෙතට යුධකටයුතු වලදී කතරගම දෙවියන් සහය දුන් බවටත් ජයංග්‍රහනයන් අවසානයේ එම රජතුමන් කතරගම දෙවාලය කල බවටත් අතීත සටහන් පවසයි.

සීතාවක යුගයේ දේව ඇදහිලි..

     නොපෙනෙන බලවේගයන් වෙතට විස්වාසය තැබීම මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම පැවතෙන්නකි. විද්‍යාත්මක ඇසකින් විමසීමේදී ලැබෙන අර්ථ පමනක් නොව සංස්කෘතික වටිනාකම් පිලිබදව විමසීමේදී මේවා ජනජීවිතය වෙතට කිදා බැස සිදුකරමින් සිටිනා සේවය කිසි විටකත් මග නොහැරිය හැකි තරමේ බවට කිසිදු සැකයක් නැත. ඔනෑම සංස්කෘතියකදී සිදුවූවාසේම  ලාංකික ඉතිහාස කථාවේදීද මේවා බහුලව හමුවේ. සීතාවක යුගය සැලකීමේදීද හමුවන දේව ඇදහිලි පිලිබදව හදාරන්නන් සටහන් තබන්නට අමතක කොට නැත. මෙසේ සීතාවක යුගයේදී හමුවන ප්‍රධාන දෙවි දේවතාවන් අතර
කතරගම දෙවියෝ,
සමන් දෙවියෝ,
පත්තිනි දෙවියෝ,
ගනේගොඩ දෙවියෝ,
රන්වල දෙවියෝ,
                 පිලිබදව තොරතුරු කැපී පෙනෙන බව ඔවුන් පෙන්වා දෙයි.

Sri Sumana Saman Devalaya

        හදාරන්නන් පෙන්වා දෙන්නේ සමන්දේවාලයේ දියුනුතම යුගය ලෙසට සීතාවක සමය ගත හැකි බවයි. ධම්මාලංකාර හිමියන් සමග එකතුව රාජසිංහ රජතුමන් දෙල්ගමුවෙන් දළඳා සමිඳුන්ව සමන් වෙහෙරට වැඩමවා උත්කර්ෂවත් පෙරහැර 11ක් කරවූ බව සඳහන්වේ. එපමනක් නොව සමන් වෙහෙර අංගසම්පූර්න විහාර සංකීරනයක්, නින්දගම් රාශියක්, දළ ඇතෙක්, දෙවියන් වැඩම වීමට රථයක් පමනක් නොව අනුරාධපුරයෙන් ගෙන්වාගත් බෝ පැල හතරක් රෝපනය කරවන්නටද කටයුතු කල බව පැවසේ.රත්නපුර පානදුර මාර්ගයේ කිලෝමීටර 3ක් පමන ගිය පසු හමුවන දෙවැනි පැරකුම්බා රජතුමන් විසින් ක්‍රි.ව. 1258 මෙම ස්ථානය ආර්ය කාමදේව ඇමතිවරයා ලවා කරවූ බවටයි පිලි ගැන්නේ. සමන් දේවාලය, සමන් වෙහෙර මෙන්ම සබරගමු වෙහෙර ලෙසටද නම් වන මෙම ස්ථානය කෝට්ටේ හතරවන පැරකුම්බා රජතුමන් විසින් තුන්මහල් ලෙසට නිමවා විහාරංග සම්පූරන කරන ලැදැයි සටහන් වන අතර රාජසිංහ රජතුමන්ගේ අභාවයෙන් අනතුරුව කඩා වැදුනු පෘතුගීසීහු සමන් වෙහෙර විනාශ කොට බුද්ධ ප්‍රථිමා දේව ප්‍රථිමා හා සෙල්ලිපි ඇතුලු විශාල පූජා බාන්ඩ ප්‍රමානයක් කලු ගගට ඇද දැමූ අතර තම බල කො‍ටුවක් ඉදිකරන්නට මෙම භූමිය යොදා ගත් බවට තොරතුරු පැවසේ.පසුව දෙවන රාජසිංහ රජතුමා එම බල කො‍ටුව විනාශ කොට වර්ථමානයේ වන දේවාලය නිමවූ බවටයි පිලි ගැන්නේ.

Nawagamuwa Pattini Devalaya

       අවිස්සාවෙල්ලේ සිට කොලඹ දෙසට වන පැරනි මාර්ගය ඔස්සේ ගමන් කරන්නෙකුට හමුවන නවගමුව විහාරය හා පත්තිනි දේවාලය හමුවේ. නවගමුව නාමය නිර්මානය වන්නේ නා ගස් බහුලව වූ නිසා බවටයි පිලි ගැන්න්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ අනුරාධපුරවරයේ රජකම් කල ගජබා රජතුමා 24000ක් වන සෙබලුන් ‍රැගෙන සොලී රට සිට නැවත පැමිනීමේදී පත්තිනි සලඹද සහිත නැව කුනා‍ටුවකට හසුවූ බවත් එය කැලනි ගන ඔස්සේ නවගමුව ප්‍රදේශයට පැමිනි බවත් ගංඉවුරේ නවාතැන් ගත් ස්ථානයෙන් නැවත එම සලඹ ගත නොහැකි වන සේ නාගයන් විසින් ආරක්ශා කරන්නට වූ නිසා එම සලම තැන්පත්කර මෙම දෙවාලය කල බවටත් සදහන්වේ. පසුව සීතාවක රජ දවස නවගමුව විහාරය හා දේවාලය දියුනු කරන්නට කටයුතු කල බවත් පැමිනුන ආක්‍රමනික පෘතුගීසි, ලන්දේසි මෙන්ම ඉංග්‍රීසීන් විටින් විට මෙහි වූ වස්තුව කොල්ලකමින් පුද බිම විනාශ කල බවත්ක්‍රි.ව. 1964දී කල ඉදිකිරීම වර්ථමානය දක්වා වන බවත් පිලි ගැනෙන අතර දෛනිකව දස දහසක් බැති මතුන් වෙතට මහත් සේවයක් සලසන මෙම දේවාලය වෙතට ලෙඩරෝග , දරුවන් ගැන වන ගැටලු ආදී දහසක් ගැටලු වලදී පිහිට ලබා ගන්නා බවටයි දැක්වේ.

St. Mary’s Church Avissawella

        හදාරන්නන් පෙන්වා දෙන්නේ කිතුදහම සීතාවකපුරය මත ස්ථාවර වීම සීතාවක මායා දුන්නේ රජු සමය දක්වා දිවෙන බවකි. සීතාවක රාජසිංහ රජතුමන් පානදුර, ගොරකන, සරක්කාමුල්ල වැනි ප්‍රදේශයන් ගෙන් ගෙන්වා ගත මුර සෙබලුන් පිරිසක් ගුරුගල්ල ප්‍රදේශයේ රදවා සිටි බවත් එම කඳුරුවල සිටි පියතුමන්ලාගේ ආභාශයෙන් ගුරුගල්ල වාසීහු කිතු දහම වැලද ගත් බවත් පෙන්වාදේ. අදද මේ පිරිසගෙන් පැවත එන්නන් කැළණි ග‍ඟෙන් එගොඩ තරාල ප්‍රදේශයේ වන බවට ඔවුන් පෙන්වා දේ.1656 වන විට ලංකාව ආක්‍රමනය කරන ලද ලංදේසීහු පෘතුගීසීන් පලවා හැරීම හා ක‍තෝලික දෙව්මැදුරු විනාශකරමින් අදහන්නන් මරණීය දන්ඩනයට නියම කරන්නට වූ විට මුහුදු බඩ ප්‍රදේශවල සිටි කිතුනුවන් ක්‍රමයෙන් රට අභයන්තරයට පැමිනෙන්නට පටන් ගැනීමත් එ සදහා බහුලව භාවිතාවූ අවිස්සාවේල්ල හරහා කන්ද උඩරටට වූ මාර්ගය භාවිතාවූ බවටත් පිලි ගැනෙන අතර එසේ පැමිනි පිරිස අතරින් කොටසක් සීතාවක රාජධානියේ නතර වන්නට පටන් ගත් බවත්, සිහල රජවරුන්ගෙන් මොවුන් වෙතට සහනශීලී පිලිවෙතක් පලවීම මෙයට වඩාත් හේතුවක් වූ බවටත් ඔවුන් පෙන්වා දේ.1692දී සිතාවක ප්‍රදේශයට පැමිනි ජුසේවාස් පියතුමා මෙම අදහන්නන් සදහා වඩාත් උත්තේජකයක් වූ බවටත් ඔවුන් පැහැදිලි කර සිටී.
ඉන් පසුව 1806 දී පමන ‍තෝමස් මෙට්ලන්ඩ් ආන්ඩුකාරතුමා ක‍තෝලික ආගමට එරෙහිව වූ සියලු බාදක ඉවත්කරන්නට කටයුතු කරන ලද අතර 18 වන සියවස මුල් භාගය වන විට අවිස්සාවේල්ල ආශ්‍රිතව මීසමක් පිහිටවන්නටද කටයුතු කරන ලද බවට පිලි ගැනේ. 1863 වන විට අවිස්සවේල්ල මීසම මූලිකව ප්‍රධාන දෙව්මැදුරක් තනා ධර්ම ප්‍රචාරක කටයුතු සදහා ක්‍රමවත් අඩිතාලමක් දමුනු බවටත් කියවෙන අතර 1890 දශකය අවසන් වන විට බුරුතවලින් නිමවන ලද අඩි 4.5ක දේවමාතා ප්‍රථිමාවක් සවිකල බවටත් එය වර්ථමාන දේවස්ථානය ස්ථානය වනතෙක් පැවති බවටත් තොරතුරු කියවේ. 1912දී පමන නැවත අවිස්සවේල්ල නමින් මීසමක් ස්ථාපනය කල අතර සී.එම් කර්බෝ පියතුමන් (1912-1914) මෙහි සේවයට එක්වූ පලමු පියතුමන් ලෙසට ලේඛනගතව ඇත.

ගනේගොඩ දෙවියෝ…

       දේවත්වයේ ලා සැලකෙන තවත් ප්‍රාදේශීය දෙවිවරයෙක් ලෙසට ගනේගොඩ දෙවියෝ සැලකේ. තුන් කෝරලය හා සියනෑකෝරලය ප්‍රමුකව සීතාවක යුගය හා බැදෙන මෙම දේවත්වය සදහා වරම් ලබන්නේ සීතාවක අසහාය රණ ශූරයා වූ ටිකිරි බංඩාර රාජසිංහ බවටයි ජනංප්‍රවාද පැහැදිලි කරන්නේ. මෙම දේවත්ව උපත විස්තර කෙරෙන කථාන්දරය  “ගනේගොඩ පුවත” හා “ගනේගොඩ යාදින්න” ලෙසට ගැනේ. මුලින්ම මෙම දේවත්වය යක්ෂයෙකු බවත් කෝට්ටේ බුවනෙකබා රජතුමාගේ දේවියට ආවේශ වූ බවටත් කිය වෙන අතර නෙක ආකාරයේ ප්‍රතිකාර කලද සුව නොවන අතර භික්ශූන්වහන්සේ නමක් පිරිත් කියා නූල් බැඳ සුවපත්කල බවටත් එම ඉතිහාස පුවත් පැහැදිලි කරයි. අනතුරුව මෙම යක්ෂයා සීතාවක මායාදුන්නේ රජ දේවියට වැසුනු බවත් පෙර කී ස්වාමීන්වහන්සේම ඉදිරිපත්ව සුව කල බවටත් විස්තරවේ.
මෙයින් අනතුරුව මෙම යක්ෂයා භික්ෂූන්වහන්සේලා කෙරෙහි වෛර බැදගත් බවත් දු‍ටු දු‍ටු තැන සංඝයාවහන්සේලා විනාශ කිරීමට දිවුරා සිටි බවත් රජ බිසව සුවපත් වූ නමුත් ඇගේ කුසයෙහි පිලිසිඳ ගත් බවටත් විස්තර වේ. මෙම යක්ශ මායම නිසාම ටිකිරි කුමරු කුඩා කල සිටම අසහාය බලයකින් යුත් බවත් කලකි9න් රාජ්‍යත්වයට පත්වූ පසුව භික්ෂූන් වහන්සේලාට පිඩා කරන්නට පටන් ගත් බවටත් පිලි ගැනේ. නතුරුව රජතුමාගේ මරණෙන් පසුව දේවත්වයට පත්වූ අතර මාපිටිය, අටලුගම හා ම්ංගෙදර මුල්ලේ ප්‍රදේශවලදී තම බලය පෙන්වූ බවටත් විස්තරවේ. මීරිගම, ගනේගොඩ බොකලගම පිහිටි ගනේගොඩ දේවාලයේ මෙතුමන් වැඩ සිටිබවත් කෙම්මුර දිනවලදී විහාරය අසල ඇති ඉඹුල් ගසේ සිට දේවතා එලියක් ලෙසට විහාරයට වැඩම කරන බව එම ප්‍රදේශවාසීන්ගේ විස්වාසයකි. රජතුමා කුඩාකල මෙම ප්‍රදේශයේ වෙසෙන්නට ඇති බවත් ගණේගොඩ විහාරයට දේපොල පූජාකරන්නට ඇති බවත් අනතුරුව මරනින්  පසුව  දේවත්වයට පත්ව මෙම දෙවාලයට වඩින්නට ඇති බවත් වැඩි දුරටත් විස්වාසය වේ.