Back to Top

Category: Smart Devices

LG වෙතින් OLED.EX සූදානම්…

LG පවසන්නේ තමන්ගේ නවතම OLED TV technologyය වන OLED.EX නිකුතුවට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව තාක්ෂණය සමග picture quality ය සියයට 30 කින් (magnifying brightness) ඉහලට ගෙනෙන්නට සමත්ව සිටින බවයි. වඩාත් වේගවත් response time එකක් සමග perfect black සමග නිවැරදිම වර්ණ රටා ගෙනෙන්නට නව නිකුතුව සූදානම් බවයි. එසේම OLED.EX වලදී organic light-emitting diode සමග වඩාත් නිවැරදි මෙන්ම කාර්යක්ෂම picture accuracy එකක් ගෙනෙනු ඇති බවයි. ගෙවී යන වසරේදී ලොවපුරා රූපවාහිණී අලවිය සියයට 12ක පසු බෑමක් දක්නට ලැබුනද OLED සදහ ඓල්ලුම සියයට 70 කින් ඉහල යාමක් දක්නට ලැබුනු බවයි. එසේම ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් කුඩා bezel thickness එකක් සමග තවත් නරබන්නන්ගේ අත්දැකීම අපූරු කරවන තවත් බොහෝ අංගයන් සමග 2022 වල second quarter වලදී නව පැමිනීම දැනට සැලසුම්ව ඇති බවයි.
Pubudu Siriwansa

Facebook Smartwatch

නොනිල තොරතුරු පවසන්නේ ෆේස්බුක් ආයතනය “ස්මාර්ට් ඔරලෝසුවක්” සදහා කටයුතු කරමින් සිටින බවකි. ස්ථීර පෙර කැමරාවක් මෙන්ම වෙන් කල හැකි පසු කැමරාවක්ද සහිත මෙහි Android සංස්කරනයකින් ක්‍රියාත්මක වන අතර 1080p බලැති පසු කැමරාව auto-focus හැකියාවෙන් යුත් සෞක්‍ය හා සම්බන්ධිත පහසුකම් ගෙනෙන තෙවන පාර්ෂවයේ ඇප් සමගද කටයුතු කරන මෙය ඩොලර් 400 පමන මිළ වෙනු ඇති බවටත් එලබේ 2022 වන විට නිකුත් වන්නට ඉඩ ඇති බවටත් බලාපොරොත්තු වනවා. LTE connectivity සහිත නිසා ස්වධීනව ක්‍රියාත්මක වන මෙය Facebook සමග කටයුතු කිරීමේ සහය උපාංගයක් ලෙසට කටයුතු කරනු ඇති.
pubudu siriwansa

HarmonyOS ඉදිරියට…

“Huawei” ආයතනය පවසන්නේ තම HarmonyOS මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් උපාංග ecosystem එක සදහාම සූදානම් බවයි. අද පැවති හමුවකදී ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ තම දියුනු කරන ලද නව සංස්කරනය smartphones, wearables, smart TVs ඇතුළු සමස්ථ ස්මාර්ට් උපාංග අවකාශය සදහා වඩාත් නම්‍යව සුදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ 128KB RAM තරම් සරල මට්ටමකදී පවා භාවිතයට සූදානම් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තම නව මෙහෙයුම් පද්ධති පරිසරයේදී ස්මාර්ට් උපාංග එකිනෙක සම්බන්ද වෙමින් වඩාත් සුමට භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් වැඩි දුරටත් පවසනවා මෙහෙයුම් පද්ධති අනන්‍යතා සීමාවල් හඳුන්වා දෙන ඇප් හරහා ඉක්මවා යන්නට මෙන්ම සාම්ප්‍රධායික උපාංග සීමාව ඉක්මවමින් smart ovens , fridges වනි තලයන් සදහාද සූදානම් බවයි.

Pubudu Siriwansa

Samsung Galaxy A12

Samsung Galaxy A12 වෙළඳපොල වෙතට පිවිසෙන නවතම අඩුවියදම් දුරකථනයකි. හදාරන්නන් පැහැදිලි කරන්නේ පෙර පැවති අඩුවියදම් නිකුතූන් සමග සැසදීමේදී මෙහි නිමැවුම අතින් සැලකියයුතු දියුනු කිරීම් වූවද විශේෂයෙන්ම ඩිස්ප්ලේ වල අඩු තක්ක්ෂණික නිමැවුම සතු‍ටු විය නොහැකි මට්ටමක වන බවයි. කෙසේ මුත් මෙහි මිළ ගනන් සමග සැසදීමේදී ඔබගේ බලාපොරොත්තුවලට යම් සාධාරණ මට්ටමක දුරකථනයක් ලෙසට මෙම Samsung Galaxy A12 දුරකථ්යනය නම් කරන්නට ඔවුන් කැමති වනු පෙනේ.
මෙම දුරකථනයේ තාක්ෂණික විශේෂතා පහත දැක්වේ.

NETWORK Technology
GSM / HSPA / LTE
LAUNCH Announced 2021, February 05
Status Available. Released 2021, March 18
BODY Dimensions 164 x 75.9 x 9.7 mm (6.46 x 2.99 x 0.38 in)
Weight 221 g (7.80 oz)
Build Glass front, plastic back, plastic frame
SIM Dual SIM (Nano-SIM, dual stand-by)
DISPLAY Type PLS IPS, 90Hz
Size 6.5 inches, 102.0 cm2 (~81.9% screen-to-body ratio)
Resolution 720 x 1600 pixels, 20:9 ratio (~270 ppi density)
PLATFORM OS Android 11, One UI 3.1
Chipset Exynos 850 (8nm)
CPU Octa-core (4×2.0 GHz Cortex-A55 & 4×2.0 GHz Cortex-A55)
GPU Mali-G52
MEMORY Card slot microSDXC (dedicated slot)
Internal 64GB 4GB RAM, 128GB 6GB RAM
eMMC 5.1
MAIN CAMERA Quad 48 MP, f/2.0, (wide), 1/2.0″, 0.8µm, PDAF
5 MP, f/2.2, 123˚ (ultrawide)
2 MP, f/2.4, (macro)
2 MP, f/2.4, (depth)
Features LED flash, panorama, HDR
Video 1080p@30fps
SELFIE CAMERA Single 8 MP, f/2.2, (wide)
Features HDR
Video 1080p@30fps
SOUND Loudspeaker Yes
3.5mm jack Yes
COMMS WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi Direct, hotspot
Bluetooth 5.0, A2DP, LE
GPS Yes, with A-GPS, GLONASS, GALILEO, BDS
NFC No
Radio Unspecified
USB USB Type-C 2.0
FEATURES Sensors Fingerprint (side-mounted), accelerometer, proximity
BATTERY Type Li-Po 6000 mAh, non-removable
Charging Fast charging 15W
MISC Colors Attractive Black, Elegant Blue, Trendy Emerald Green
Models SM-M127F, SM-M127F/DS, SM-F127G, SM-F127G/DS
SAR 1.19 W/kg (head)
SAR EU 0.54 W/kg (head) 1.39 W/kg (body)

Posted in Smart Devices, Smart Phone |

දැනුම තවදුරටත් අගමික නොවීම …

දැනුම තවදුරටත් අගමික නොවීම නැතිනම් ගෞරවනීය නොවීම එසේත් නැතිනම් බියජනක නොවීම සේම ජීවිත පාලකනොවීමද එලබෙමින් ඇති සත්‍යයකි. මිනිස් කථාන්දරයේ මීලග හැරවුම ලෙසට සටහන් වෙමින් ඇති බුද්ධිමත් යාන්ත්‍රික බව සිරුර තුලට, සිරුර මතුපිටට පමනක් නොව ජීවිතය අවට වසා ගැනීම ඇරබීමත් සමග ක්‍රමයෙන් මිනිසා මත තවමත් වලංගු පාලක ධූරයෙන් ජීවවිද්‍යාත්මක සාධකය තක්ෂනික සාධකය සමග සම තත්වයට පැමිනීම සිදුවේ. මිනිස් වර්ගයා තම ශක්ති ප්‍රභවයන් ලෙසට වඩාත් පිරිසුදු මූලයන් දෙසට දැන් දැන් අවධානය යොමුකරමින් සිටින අතර තම අනාගත ජිවිත සාධකය අකංඩව ගලායන්නට නම් තම පරිසරය සමග අදට වඩා පුලුල් එකගතාවයක් අනිවාර්ය බවට එකග වෙමින් සිටී. – Pubudu Siriwansa

OnePlus 2 පෙරනිකුතු වෙන්කරගැනීම් මිලියන 2 ඉක්මවයි!!!

        OnePlus One යනු 2014 වසරේදී මහත් අවධානයක් දිනා ගත් නිකුතුවක් වූවාය. සාම්ප්‍රධායික වෙලඳ නාමයන් ඉක්මවමින් වේගයෙන් ඉදිරියට පැමිනි මෙම දුරකතනය මිලියන ගනනාවක ලොවපුරා අලවියක් ලබා ගන්නට සමත්විය. තරමක වෙනස් ආකාරයක් ගත් එම අලව් ක්‍රමවේදය තුලදී භාවිතාකරන්නාගෙන් භාවිතාකරන්නාහට වන ආරාධනා ක්‍රමවේදයක් ඔස්සේ සිදු විය. මින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ OnePlus 2 නිකුතුවකට තමන් සූදානම් බවකි.  එම නිකුතුව පිලිබද නිල නිවේදනයෙන් දෙසතියක් ගත වෙද්දී පැමිනෙන නවතම වාර්ථා පවසන්නේ ඒ සදහා ලොවපුරා භාවිතයට බලාපොරොත්තු වෙන්නන් මිලියන දෙකකට අදික වෙන්කර ගැනීම් දැනටමත් සිදුව ඇති බවකි. ඔවුනගේ “new and improved” invite system එකක් ඔස්සේ සිදුවන මෙම ප්‍රචාරනය අතරතුර එම ආයතනය නිවේදනය කරන්නේ තමන් මෙම වසරතුල  තම උපාංග මිලියන තුනත් පහත් අතර ප්‍රමානයක් අලවියට බලාපොරොත්තුවන බවකි. එසේම මේ වන විට ඔවුන් වඩාත් වෙනස් ආකාරයේ භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් තවත් උපංගයක් නිර්මානය සදහා කටයුතු කරමින් සිටින බවට නිවේදනය කර තිබෙනවා.
OnePlus 2 වැඩි දියුනු කිරීම් කිහිපයක්ම සහිතව සූදානම් වෙමින් ඇති අතර පැමිනෙන පහසුකම් සමග සැලකීමේදී වඩාත් සධාරන මිලකට උපරිම පහසුකම් සහිත දුරකථනයක් ලබා ගැනීමේ හැකියාව භාවිතාකරන්නන් වෙතට ගෙනෙන බවටයි පිලි ගැන්නෙන්නේ. නව නිකුතුව (OnePlus 2) එලබෙන අගෝස්තු 11 සිට ක්‍රමයෙන් සිදුවීමට නියමිත බවටයි දැනට බලාපොරොත්තුව වන්නේ.

Windows 10 සමග සංයුත්ත වන Robot Operating System (ROS1) එකක්…

Microsoft සමාගම පවසන්නේ තමන් Robot Operating System (ROS1) එකක් පිලිබඳව මේ වන විටත් කටයුතු කරමින් සිටින බවකි. Windows 10 සමග වන මෙම හැකියාව තම තවත් දියුනු කිරීම් වන computer vision, Windows Machine Learning, Azure Cognitive Services වැනි හැකියාවන් සමග කටයුතු කරන සංකීර්න මට්ටමේ හැකියවන්ගෙන් යුතු රොබෝ භාවිතාවක් නිර්මාණයට සුදුසු මට්ටමක වන බවයි.
එලබෙන යුගයේදී වඩාත් තම ජීවිතය අවට දෑ ස්වංක්‍රීය වන්නට නියමිත පරිසරයකදී එම ආයතනය තම මෘදුකාංග සීමාවෙන් මිදී ඉදිරියට පැමිනෙනට කටයුතු කරමින් සිටින අතර ROSCon 2018 වලදී පැහැදිලි කර සිටින්නේ industrial, commercial, educational වැනි බොහෝ අවකාශයන් සදහා නව පියවර මහත් සහයක් ගෙනෙනු ඇති බවයි.   – Pubudu Siriwansa

පූර්න බලැති Mobile PC එක 2017 දී…

     Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු ඇති බවටයි. මේ බව පැහැදිලි කරමින් එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ gigabit LTE connectivity, advanced multimedia support, machine learning මෙන්ම superior hardware security features සමග  thin, fan-less designs හා long battery life වැනි පෙරලිකාර මට්ටමේ ගුනාංග රාශියකින් සමන්විතව මෙම පැමිනීම සිදුවනු ඇති බවයි. Microaoft සමාගමද පවසන්නේ මෙම නව Qualcomm Snapdragon සමග -x86 Win32-සමග  universal Windows apps,  Adobe Photoshop, Microsoft Office මෙන්ම ජනංප්‍රිය Windows games ආදිය ධාවනයට නව අවකාශය සූදානම්ව සිටිනු ඇති බවය. වැඩි දුරටත් Microsoft පවසන්නේ ප්‍රථම වරට මොබයිල් Pc එකක් සමග apps, peripherals හා enterprise capabilities  සමන්විතව අත්විඳීමේ හැකියාව 2017 දෙවන භාගයේදී පමන ලැබෙනු ඇති බවය.  – Pubudu Siriwansa

Google වල self-driving cars අනතුරක…

               Google වෙතින් සාර්තකව අත්හදා බැලෙමින් ඇති  Google’s self-driving cars ව්‍යාපෘතියේ තවත් මාර්ග අනතුරක් පසුගිය පෙබරවාරි 14 වාර්ථා වූවා.එනම් Mountain View වල Google’s headquarters අසලින් වාර්තා වුනු මෙම අනතුර සිදුවන මොහොත පිලිබදව පැහැදිලි කරමින් පවසන්නේ පැයට සැතපුම් දෙකක වේගයක තම සිටින විට එම බස් රථය පැයට සැතපුම් 15ක වේගයක් දරමින් සිටියමුත් මාර්ගයේ ඇති තරම් ඉඩ නිබූ බැවින් මෝටර් ට්‍රථයේ පාලනය සියතට ගන්නට තම ක්‍රියා නොකල බවයි. “සාමාන්‍ය පරිදි බස් රථයේ වේගය අඩු කොට හෝ නතර කර ඉඩ දිමට තිබුනු නමුත් එසේ නොකිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවූවා” ඔහු තම අත්දැකීම් විස්තර කොට සිටියා. හදාරන්නන් පෙන්වා දෙන්නේ මීට පෙරද කිහිප වතාවක් අනතුරු අවථා මෙම වාර්ථා වෙමින් ඇති මුත් ඒ හැම විටකම පාහේ දෙවාන් පාර්ශවයේ දුර්වලතාවයක් ඔස්සේ එම අනතුරු සිදුව ඇති බවයි. මෘදුකාංග ක්‍රියාකාරීත්වයේ දුර්වලතා නැවත නැවත සකසමින් අත්හදා බැලීම් සිදුවන අතර විටක සාමාන්‍යයෙන් මාර්ගයේ  බලාපොරොත්තු නොවන අහඹුතා හේතුවෙන් සිදුවිය හැකි වරදවා වටහා ගැනීම් නිවරදි කරන්නට එම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා.

Posted in Google, Smart Devices |

Samsung වෙතින් 256GB flash storage chip..

             Samsung ආයතන  මේ වන විට 256GB ආකාරයේ flash storage chip පත් වෙළඳ පොල නිකුතුවකට සූදානම් වන්නට තීර්නය කර ඇති බවටයි පවසා සිටින්නේ. V-NAND technology පදනම්ව වන මෙම නිෂ්පාදනය Universal Flash Storage (UFS) 2.0 ප්‍රමිතිය සහිතව පැමිනෙන්නට සැලසුම් වන අතර එය  SATA SSDs වලට වඩා දෙගුනයක වේගයක් ‍රැගෙන එනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එය කියවීමේදී  850MB/s දක්වා වේගයක්ද ලිවීමේදී 260MB/s ක වේගයක්ද ‍රැගෙන එනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ input/output operations per second (IOPS) හැකියාව 45,000 හා 40,000 ලෙසට  reading හා writing  වලදී තබා ගන්නට මෙම නිකුතුව සමත්වනු ඇති බවයි. සරල උදා හරනයකින් පවසන්නේ නම්  USB 3.0 සමග  5GB ගිනුවක් තප්පර 12කදී පමන හුවමාරු කරන්නට මෙම නව පැමිනීම සමත්වනු ඇති බවකි.වෙගයෙන් වැඩි වන හා සංකීර්න වන මොබයිල් භාවිතාව ඉල්ල සිටින වැඩි තොරතුරු ගබඩා හැකියාවක් මෙම නව විසඳුම ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.

පලමු Google car සම්බන්ද මිනිස් අනතුර….

    රියදුරන් රහිත කාරයක් මාවතට ගෙනෙන Google car ව්‍යාපෘතියේ පලමු මිනිස් අනතුර පසුගියදා වාර්ථා වනු ලැබුවා. මෙම සම්පූර්න අත්හදා බැලීම් කාලය තුලදී අනතුරු 14 වාර්ථාවී තිබෙනවා. 20109 දී ඇරබෙන මෙම වයාපෘතියේදී සිදුවූ එම අනතුරු වලින් 10ක්ම මිනිස් රියදුරන් ඔස්සේ සිදුවූ ඒවා බවටයි වාර්ථා වෙන්නේ. July 1 දා Mountain View වලදී මෙම අනතුර වාර්තා වන අතර ආයතනයේ සේවකයින් තිදෙනෙකු රෝහල වෙතට ගෙනයනු ලැබූ අතර අනතුරට සම්බන්දිත අනෙක් රථයේ රියදුරුද සුලු අපහසුතාවයන් සදහා රෝහල් ගතකර ඇති බවටයි වාර්ථා වන්නේ. වාහන පාලක එලි පුවරුවක් අබියසදී පැයට සැතපුම් 15ක වේගයයක් දරමින් තිබූ රිය පෙලක අවසන් ගූගල් රථය වෙතට පැයට සැතපුම් 17ක වේගයෙන් පැමිනි රථයක් ගැටීමෙන් මෙම අනතුර වූ බවට පැහැදිලි කෙරෙන ලද අතර රිය අනතුරෙහි සම්පූර්න වගකීම එම පසු පසින් පැමිනි රියදුරුගේ වන බවටයි වාර්ථා වන්නේ.මේ වන විට ගූගල් ආයතනය තම රථ ආකෘති 20කින් පමන අත්හදා බැලීම් සිදුකරමින් සිටින අතර සමස්ථ වාර්ථා වලට අනූව වඩාත් ආරක්ශිත මෙම කාර්යක්ෂම සේවාවක් සදහා තම අත්හදා බැලීම සාර්ථක බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Posted in Google, Smart Devices |

“Aria” ඔස්සේ Wear devices පහසුවෙන් හසුරවමු!!!

    දෛනික ජීවිතය මතට පැමිනෙන දත්ත උපාංග සදහා වන ගැටලු අතර එය සමග අන්තර්ක්‍රියාකරන්නට වන සීමා ප්‍රධාන තැනක් ගනී. සරලව ගැටලුව පහදන්නේ නම් Apple Watch නැතිනම් Android Wear වල වන කුඩා මුහුනත සමග ස්පර්ෂය ඔස්සේ ලබා දෙන්නට හැකිවන විධාන ප්‍රමානය ඉතා සීමිත මෙන්ම අපහසු වීම කැපී පෙනෙයි. “Aria” යනු මේ සදහා පැමින ඇති විසදුමකි. උපාංගයේ band එකට සවිවන මෙම උපාංගය ඔස්සේ එයට gestures ආකාරයට ප්‍රදාන විධාන පහක් ලබා දෙන්නට හැකි වන අතර එය 20ක් දක්වා වර්ධනය කර ගන්නට හැකි වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් වෙළඳ පොලට පැමින නැති මෙම උපංගය සංස්කරන දෙකකින් වන බවට තොරතුරු පැවසෙන අතර එකක් Bluetooth හැකියාව ඔස්සේ ප්‍රධාන උපාංගයට සම්බන්ද වන බවට පැහැදිලි කෙරෙනවා. Pebble Time සදහා සූදානම් වන අනෙක් සංස්කරනය ප්‍රධාන උපාංගයට සම්බද වන නිසා බ්ලු‍ටුත් හැකියාව හෝ අමතර බැටරි හැකියාව අනවශ්‍ය වනු ඇති බවටයි විස්තර වන්නේ.